Pages

Friday, December 31, 2010

වසරක අවසානය


සියලුම දෙනාට සුභම සුබ නව වසරක් පතනවා,මට නම් දැන් වසර 3 විතර ඉදන් සුභ වසරවල් නෙමෙ තිබුනේ වෙන්න තිබුන සේරම දේවල් උනා,,,මට දරා ගන්න අමාරු මාගේ ලගම නෑදෑයන් 3 ක් අප අතරින් වෙන්ව යාම එක්කෙනෙක් මගේ ආදරනීය ආච්චි, අනිත් දෙදෙනාම ජීවිතය පටන් ගන්න තැනදිම ජීවිතයට සමුදුන්නා, මාගේ ලගම හිතවතෙක් අවුරුදු 26 වගේ ජීවිතය පටන් ගැනීමේදිම,එයා අපෙන් වෙන් වුනේ මේ වසර මුලදී,අනිත් එක්කෙනා මාගේ හොදම යාලුවද උන මාගේ සොහොයුරා,වසර 23 වගේ පොඩි වයසකදිම මීට මාස 3 ඉස්සල්ලා, දැන් වසර 3 ඉදන් මම ලංකාවට ගියේ විනෝදවෙන්න නෙමේ, ඉහත හේතු හින්ද..
බලමු ලබන නව වසර මේ කරදර වලින් මිදෙන නව වසරක් වේවි කියල මට හිතෙනවා..
එහෙනම් සියලු දෙනාටම සියලුසිතුම් පැතුම් ඉ‍ටු වෙන සුභ නව වසරක් වේවා කියල පතනවා!!!.

Sunday, December 19, 2010

සැබෑ ආදරය...



මට මේ වීඩියෝව හම්බුනා අන්තර්ජාලයේ සරිසරන වෙලාවේ..සමහරවිට ඔයාලත් දැකලා ඇති..හරිම සංවේදී වීඩියෝවක්.ඇත්තටම මෙහෙම මිනිස්සුන්ව හොයාගන්න ගොඩක් අමාරු වෙයි මේ කාලෙදි..ඒත් නැතුවමත් නෙමේ.ආදරයට මෙහම දේවල් කරන මිනිස්සු මම දැකලා තියනවා...ඒ වගේම ඊට වඩා මේකෙ අනිත් පැත්ත කරන අය ඕනා තරම්..ඔයාලටත් ඇති මේ වගේ අත්දැකීම්.

Thursday, December 9, 2010

පුතාගෙන් පියාට පිහි පාරක්...

කාලෙකින් ආයෙත් බ්ලොග් එකට ආවා,ලියන්න හිතුනේ නම් අමිහිරි කතාවක්,ඉතාලියේ සිටින ලාංකික පවුලක සිදු උන...මේ කතාව මට වැදගත් උනේ මේ පවුල මගේ ගමේම සිටි පවුලක් නිසා...මේ පවුලේ ළමයි 2 ජීවත් උනේ එයාලගෙ මවගේ දෙමවුපියන් සමග මොකද තාත්තා,අම්මා ඉතාලියේ ජීවත් උන නිසා.මේ පිරිමි ළමයා දැන් වසර 2 ට පෙර ඉතාලියට එනවා සා/පෙ කරල ඉවර වෙලා දෙමවුපියන් සමග නැවතීමට.
මම ලංකාවේ සිටිනා කාලෙදි මේ ළමයි පොඩි ළමයි.ඒ උනාට එයාලට මාපිය ‍රැකවරන නොමැති නිසා ගොඩක් නිදහස්ව තමා ජීවත් උනේ,අනිත් එක මාපියන් ඉතාලියේ නිසා මේ අයගේ අතේ පොඩි කාලෙ ඉදලම මුදල් ගැවසුනා..ඉතින් ඒ ළමයි තමන්ගේ ආච්චි,සීයා එක්ක ජීවත් උනේ එයාලට ඕනා විදිහට..
අවාසනාවන්ත කතාව උනේ,දැනට සති 2 ට උඩදි මේ කොල්ලා තමන්ගේ තාත්තට පිහියකින් ඇනලා, පසුපසින් ඇනලා වැ‍ටුනට පස්සේ තවත් පිහි පාරවල් කීපයක් එල්ල කරලා,වාසනාවකට ජීවිත හානියක් නොවී දින 10ක් පමන දැඩි සත්කාරක ඒකකයේ ප්‍රති කාර ලබලා පියාගේ ජීවිතය බේරෙනවා..
නොයෙක් නොයෙක් කට කතා එනවා කොල්ල පිහියෙන් ඇන්නේ මේකයි,අරකයි කියලා,ඒත් තමන් ජාතක කරපු පියාට පිහියකින් අනින්න තරම් දරුනු වීම ගැනයි සිතා බැලිය යුත්තේ..
මේවට මාපියන් වගකිව යුතු වෙනවා මා සිතන විදිහට,මොකද මේ ළමයි පොඩි කාලෙ ඉදලා ජීවත් උනේ ඒ ළමයින්ට ඕනා විදිහට ,මාපියන් විදෙස්ගත වෙලා ඒ දරුවන්ට මාපිය ආදරය නොලබීම මත ඒ දරුවන් නිකන්ම දරුනු වෙනවා.අවසානෙදි සිදු උනේ මුදල් හම්බ කලාට තමන්ගේම පුතාගෙන් පිහි පාරක් කන්න.ඉදිරියටත් ප්‍රශ්න ගනනාවක් එක්ක...

Wednesday, August 4, 2010

සුපිරි තරුව

සුපිරි තරු තරගයක් ගැන තමා මේ ලියන්න යන්නේ,හැබැයි ලංකාවේ නම් නෙමේ ඉතාලියේ කරපු එකක් ශ්‍රි ලංකික අයට,දැන් ලාංකිකයො ලක්ශ 3 කිට්‍ටු වෙන්න ඉන්නවලු නේ ඉතාලියේ,ඉතින් මෙහෙත් ලංකාවේ තියන දේවලින් නැති දෙයක් නෑ,ඔහොම යද්දී තමා අර ඉතාලියේ ඉදලා රටවල් 150 පේන්න කරන චන්ද්‍රිකා නාලිකාවේ මාධ්ය අනුග්‍රහයෙන් මිලාන් පැත්තේ පොරකගේ අදහසක් අනුව සිරසෙන් සුරේන්ද්‍රලා ජනප්‍රිය උන කාලේ ඔන්න ඉතාලියේ ඉන්න ලාංකික අයටත් සුපිරි තරු තරගයක් සංවිධානය කෙරුවේ,මාස ගානක් තිස්සේ අර නාලිකාවෙන් මාර ප්‍රසිද්දියක් දුන්නා වැඩේට,පලමු තෑග්ග යූරෝ 10000 හෝ ඒ වටිනාකමට තියන ටොයෝටා විට්ස් වර්ගයේ කාරෙකක්, දෙවන තෑග්ග යුරෝ 5000, තෙවන යුරෝ 3000, පස්සේ 10 දක්වා යුරෝ 1000 ගානේ සෙල්ලම් නෑ නේ තෑගි...
මේ ගැන ලියන්න ගත්තේ මගේ යාලුවෙකුත් මේකට ගියා,අර නාලිකාවෙන්ම කියනව අයදුම්පත් ඉදිරිපත් කරන්න කියලා,අයදුම්පත් නගරවල තියන ලාංකිකයන්ගේ වෙළදසැල්වලට එවලා තිබුනා,ඔන්න මගේ යාලුවට සුපිරි තරුවක් වෙන්න ආසාවක් ඇවිල්ලා ගියා අයදුම්පතක් ගන්න,මළා අයදුම්පතක් යුරෝ 30,මොනා කරන්නද ආසවනේ මු 30 දීලා ගත්තා එකක්, ඔන්න ඒක යවලා මාස 3 ට විතර පස්සේ අර නාලිකාවෙන්ම කියනව තරගය ඉතාලියේ ප්‍රදාන නගර 5 පටන් ගන්නවා කියලා මූලික වට,අපි ඉන්න පැත්තකින් තමා පටන් ගත්තේ,ඔන්න අපේ යාලුවත් ගියා ,නගරෙකින් ‍තෝරගන්නේ 10 යි,ඉතින් මේ පටන් ගත්තු නගරේ දවස් 5 විතර කරලා 10 ‍තෝර ගත්තා,ආ කියන්න අමතක උනා නේ මේකට විනිශ්චයට ආවේ විශාරද ඩබ්.ඩී ආරියසිංහ,තව 2ක් හිටියා ඉතාලියෙන් ඇහිද ගත්තු,ඔන්න අපේ යාලුවත් තේරුනා 10 අතරට, 10 ‍තෝරන්න 150 විතර කට්ටිය ඇවිල්ලා තිබුනා,ඒ තරග අර නාලිකාවේ විකාශනය කෙරුවා,ඒ තරග වල ඩිවීඩී විකුනුවා තරගකරුවන්ට යුරෝ10 ගානේ...
ඔන්න මේ වගේ තව නගර 3 ක මෙ විදිහට මාස ගානක් කෙරුවා තරග, ඒව අර නාලිකාවේ විකාශනය කෙරුවා.දෙවන, තෙවන නගර වල සෙනග වැඩී කියලා 10 නෙමේ ඊට වැඩි ගානක් ‍තෝර ගත්තා,අර විශාරදත් ඉතින් මේ සේරටම ඉන්නවා.
මේ විදිහට මිලාන් නගරෙට ආවා,එහේ පරන විදිහට ‍තෝරන්නේ නැතුව මිලාන් නගරේ අවසන් තරගේ කියලා,මිලාන් නගරෙන් ආපු අයදුම්පත් වල කට්ටිය එක්ක අර අනිත් නගර වලින් ‍තෝරගත්තු කට්ටියවත් තරගෙට කැදෙවුවා,මේ විදිහට අර වටේ මේ වටේ කියලා හැම ඉරිදම තරග තියනවා, ‍තෝරනවා කපනවා,අපේ යාලුවත් ඉතින් තරගෙට යනවා හැම ඉරිදම පොරට උනේ,අපි ඉන්න නගරේ ඉදලා මිලාන් නගරෙට පැය 16 යනවා,ගුවන් යානයෙන් නම් පැය 2 කිට්‍ටුවෙන්,ඒත් වියදම වැඩී,ඔහොම යද්දී ඉරිදා තරග ඉවර වෙලා දුම්රියෙන් එද්දී සදුදා වෙනවා,යාලුවා වැඩට යන්නේ අගහරුවාදට,ඔහොම යද්දි මූට ජොබ් එක නැති උනා,ඒ උනාට සුපිරි තරු උන අත ඇරියේ නෑ,කොල්ලට හොදට ගායන හැකියාව පිහිටලා තිබුනා,ඒ වෙද්දී කොල්ලට හොද ප්‍රතිචාර තිබුනා,විශාරදතුමා ගෙන් පවා..
ගායන හැකියාවක් තියන ගොඩක් අය හිටියා තරගෙට,ගොඩක් අය හලාවත ඉදලා ජාඇලට යනකන් මුහුදු තීරේ අය තමා හිටියේ මේ කට්ටියට ඇත්තටම ගායන හැකියාව තියනවා,මෙහෙම යදිදි අර්ධ අවසන් පූර්ව තරග ආවා,ඔන්න එතකොට එස්.එම්.එස් ගහන්න පුලුවන් ඉතාලියට විතරක් නෙමේ යුරෝපෙ අනිත් රටවල ඉදලා,මැදපෙරදිග ඉදලා ලංකාවේ ඉදලා,විශේස අංක වගයකුත් දාලා තිබුනා රටරට වලට,ඒවා විකාශනය උනා අර නාලිකාවෙන්,ඔන්න තරගය නැවතුනා මාස 3ට,මාස 3 එස්.එම්.එස් කරන්න පුලුවන්....
ඔන්න අර නාලිකාවෙන් නැවතත් කිවුවා මාස 3ට පස්සේ,අර තරගයේ අවසන් තරගය කියලා,ඔන්න අපේ යාලුවත් ගියා අයෙත්,,,,බලද්දී අවසන් කිවුවට අවසන්ම නෙමේ වෙන මොකද්ද එකක්,අයේ ‍තෝරනව එස්.එම්.එස් වලින්,අවසන් 10 තොරන්න කියලා,තරගකරුවට විතරයි ශාලාවට ඇතුල් වෙන්න පුලුවන්,අනිත් අය ටිකට් අරගෙන යන්න ඕනා,ඔන්න අවසන් තරගේ අයේ ආව,කොහොමද දන්නේ නෑ 10 ජයග්‍රහන කෙරුවා,අපේ යාලුවට පලමු 3න් එකක් ලැබුනා, උගේ හැකියාවනම් හොදටම තිබුනා,මේ අවසන් තරගේ විතරක් අර නාලිකාවෙන් විකාශනය කෙරුවේ නෑ,විශරදත් නෑ, අපේ යාලුවා කුසලානයක් එක්ක,අර ලොකු කාඩ් බෝර්ඩ් මොඩල් චෙක් එකකුත් අරගෙන පහු වෙනිදා ගෙදර ආවා, සල්ලි තරගේ සංවිදායක ගිනුම් දෙන්න දෙන්න ඒකට දන්නම් කිවුවලු,යාලුවගේ ගෙදර ගියවෙලේ දැක්කේ අර චෙක් එක,තාම නම් සල්ලි හම්බුනේ නෑලු, සංවිදායකගේ දුරකතන වැඩකෙරුවෙත් නෑලු එද ඉදලා,කොල්ල හොයල බැලුවලු,මෑන්ට වෙච්ච දෙයක් නෑලු,10න් කාටවත් ජයග්‍රාහී සල්ලි හම්බුනෙත් නෑලු,නාලිකාවත් සද්දයක් නෑලු..........
(ඕනනම් බලන්න වීඩියෝ තියනවා යුටියුබ් හී lincon super star in italy කියලා හොයල බලන්න)

Monday, July 12, 2010

Waka Waka අපේ රටෙන්

ශකීරාගේ Waka Waka ගීතය මේ දවස්වල ලෝකේ පුරා ජනප්‍රිය උන ගීතයක්,ඒකේ වීඩියෝ එකත් සරාගී ශකීරාගේ විස්මිත නර්තනයෙන් තවත් ජනප්‍රිය කම වැඩිකලා,පාපන්දු ලෝක කුසලානය වෙනුවෙන් නිර්මාණය වුන ගීතයක් උනත් මේ ගීතය තවත් කාලයක් යනකන් මිනිසුන් අතරින් ඈත් වෙන එකක් නෑ, මේ ගීතයේ වීඩියෝව අනූකරණය කරමින් නොයෙක් රටවලින් තවත් මේ ගීතයට වීඩියෝ ඉදිරිපත් කරනවා යූටියුබ්,මූණුපොත හරහා නොයෙක් දක්ශතා පෙන්වමින්,ඔන්න මේ විඩියෝව අපේ රටෙන් ඉදිරිපත් කරපු නිර්මාණයක්,අපේ කොල්ලො 3 ගේ වැඩක්,,,ශකීරාගේ වීඩියෝවට හානියක් කරලා නම් පේන්නේ නෑ මට නම් හරිම විනෝදයක් ගෙන දෙන වීඩියෝවක්.......

Saturday, July 3, 2010

විදේශ ගත වුවන්ගේ අඩුවක් පිරිලා...



අපි විදේශයක හිටියට දැන් අපේ රටේ තියන හැම දෙයක්ම මේ රට වල තියනවා නැති දෙයක් නෑ නේ කන්නේ තනිකරම අපේ කෑමමයි, ටීවී බැලුවත් ඉතින් ඉතාලියේ ඉදන් විකාශය කරන රටවල් 150 ට විතර පේනවා කියන සැටලයිට් නාලිකා 2 තියනවා,ඉතින් ලòකාවේ ඉන්නවා වගේ තමා.
මම ටීවී බැලීමට ඇබ්බැහි වෙලා නැතුවට හිටපු ගමන් අර අපේ චැනල් 2 හිතුනම බලනවා දන්න සිòහලෙන් නේ යන්නේ මොනවා උනත්, අපේ රටේ තරමට නැති උනත් නැති කමට හොදට කරගෙන යනවා,එකක් නම් අපේ ස්වාධීන රූපවාහිණිය, රූපවාහිණිය වගේම තමා හැම අතකින්ම පේන්නේ, ලාභ ප්‍රයෝජන ඇති ඉතින්,ඔන්න චැනල් ගැන කතා කරන්න නෙමේ හිතුවේ,මේ චැනල් බලද්දි යන වෙළද දැන්වීම් ගැන,වෙළද දැන්වීම් යන්නේ සුලු ප්‍රමානයක් ල්òකාවේ ගොඩනැගිලි ඉදිකරන සමාගම් වල ඒව,ඒ කියන්නේ පිට රටවල ඉන්න අයගේ නිවාස සෑදීමේ කාර්ය කරල දෙනවා සල්ලි දෙන එක විතරලු කරන්න තියෙන්නේ,ලග කාලෙක ඉදලා මම කියපු විදේශ ගත වුවන්ගේ අඩුවක් වෙලා තිබුන කේන්දර, හදි හූනියම්,කොඩි වින, මන්තර,රෝග සුව කිරීම් කරන අයගේ වෙලද දැන්වීම් යනවා,හැම දෙයක් ම තිබුන එකේ අඩුවක් වෙලා තිබුනේ මේවා විතරයි.
ප්‍රවීන මන්ත්‍රාචාර්ය,දේශබන්දු,විශ්වශක්ති,විශ්වකීර්තී වගේ නම් වලින් තමා මෙයාලා එන්නේ,අනිත් එක එයාලගේ වෙබ් සයිට් පවා තියනවා,ස්කයිප් මාර්ගයෙන්,දුරකතන මාර්ගයෙන් ප්‍රස්න විසදනවා,මොන තරම් දියුනු වෙලාද නේ,සමහර අය ජනාදිපති තුමාගේ නිල ජෝතීශ්්‍ය කරුවන් කියලත් කියනවා,එහෙම තනතුරක් ජනාදිපති ලේකම් කාර්යාලයේ තියනවද කියල දන්න අය කියන්න.
ඔන්න තව කෙනෙකුට ඉතාලියේ ඉන්න අපේ කාන්තාවකට දෙවි කෙනෙක් වරමක් දීල ගිහින් ඒකියන්නේ 33කෝටියෙන් එක්කෙනෙක් ඉතාලිය පැත්තේ රවුමක් දාන්න ඇවිත් ඒ කාන්තාවට වරමක් දීල ගිහින්,එයත් ඉතින් දැන්වීමක් දානව,තව හාමුදුරුවරු කීප දෙනෙක් ගේ දැන්වීම් යනවා,මට තියන ප්‍රස්නේ කොහොමද හුනියමක් කොඩි විනයක් මෙහෙ ගෙදරක වලලන්නේ කියලා,කොන්ක්‍රීට් වල කොහොමද මේවා වලලන්නේ,අනික මිදුලක් වත් නෑ නේ, කොහොම හරි වල දැම්ම කියමුකො,මහල් නිවසක් නම් ඉතින් මහලේ තියන ගෙවල් සේරටම ඉතින් සොරිම තමා. ඔන්න මම කොවුර් මහත්තයා, කාලෝ ඩොක්ටර් වගේ මේවට චැලෙන්ජ් කරන්න නෙමෙ ලිපිය දැම්මේ.
මේ දැන්වීම් වලින් කියනවා එයාලට රෝග සුව කරන්න පුලුවන් කියලා,එයාලට නිකමටවත් මහරගම පිළිකා රෝහල පැත්තේ යන්න හිතෙන්නේ නැත්තේ ඇයි, මහරගම පිළිකා රෝහලෙත්,ආසිරි රෝහලේදිත් මරණයත් එක්ක ඉන්න මිනිසුන් බොහෝ ප්‍රමානයක් මම දැකලා තියනවා දුප්පත්,පොහොසත්,ප්‍රසිද්ද අය මේ තැන් වලදි දැක්කා,ඉතින් රාජ්ය අනුග්‍රහය තියන මේ රෝග සුව කරන්න පුලුවන් කම තියන මේ අය ඉද්දි, උදේ 9 ඉදන් මහරගම සායනයේ ඩොක්ටර් ජයන්ත බලවර්ධන හා ඩොක්ටර් මහේන්ද්‍ර පෙරේරා ලග මරණයෙන් ගැලවෙන්න අයදීම් කරන දහසක් රෝගින්ට සහනයක් වෙන්න ඒ අසලින්ම කාමර්යක් මේ රෝග සුවකරන අයට වෙන් කරල දෙන එක හොද වැඩක් කියල මට හිතෙන්නේ,ඒක ඒ දොස්තරවරුන්ටත් සහනයක් මොකද ඒ අයට විවේකයක් දෙන්න පුලුවන් ටික වෙලාවකට හරි...
ඔන්න ඔහොම තමා මේ වෙළද දැන්වීම් වලින් කියන කතාව මට හිතුන විදිහට ලියලා දැම්මේ,මිනිසුන් මෙයාලා පස්සේ යන හින්දනේ මෙහෙම දැන්වීන්ම් දාන්නේ,සමහර අයව හමුවෙන්න මේ වසරේ වෙලාවක් වෙන් කරන්න බැරි තරමට මෙයාලා කාර්යබහුල වෙලා,එක්කෙනෙක් වෙලාවක් දෙන්න පවා රු.10000 අය කරනවලු,කොහොමද වැඩේ,වෙලාවකට මට හිතෙනව 33කෝටියක් දෙවිවරුන්ගෙන් එක්කෙනෙක් ඉතාලිය පැත්තේ ‍ටුවර් එකක් ආපු වෙලාවක මටත් වරමක් දීල ගියා නම් කියලා.....

Tuesday, June 22, 2010

සමර් ඇවිල්ලා


ඔන්න ඒරොප්පෙට සමර් ඇවිල්ලා ඒරොප්පේ ලස්සනම කාලය, මුලු ශරීරයම වසාගෙන සීතලේ හිටපු කට්ටිය ඔන්න නොයෙක් නොයෙක් විලාසිතා වලින් සැරසිලා අමුතුම ලෝකයක් මවනවා.ඔන්න මම ඉන්නේ ඉතාලියේ සිසිලි දූපතේ, දූපත් වලට සමර් සිරිය වැඩී,මේ දවස් වල සිසිලි දූපතේ ස්වභාවය අපේ රටට ගොඩක් සමානයි, පාරසරිකව හරිද, මට වැඩට යන්න තියෙන්නෙත් මුහුද අසලින් දිවෙන පාරක් නිසා සමර් සිරිය හොදට දකිනවා, ලòකාවේ ඉද්දි මේ සිරිය බැලුවේ සිරසේ ගිය බේ-වොච් කතාවෙන් නේ මතකයි නේ සුන්දර මියාමි මුහුදු වෙරළේ ඩේවිඩ්(නයිට් රයිඩර්), පැමෙලා රගපාපු කතාව, මේ දවස් වල මෙහෙ මුහුදු වෙරළත් මියාමි වෙරළට ගොඩක් සමානයි,පැමෙලලා ගොඩයි, මුහුදු වෙරළේ අව්ව නානවා, මේ මිනිස්සු කියන විදිහට ශීත කාලයේ ශීතලේට ශරීරයේ ඇට මිදුලු වල ශක්තිය වෙනස් වෙනවලු ඒක නිසා රස්නේ කාලෙට මුහුදට යාමෙන් නැවත යතා තත්වෙට පත් වෙනවලු,තව මාස 3 පමණ මේ සුන්දරත්වය තමා ඉතින්.
ඔන්න අපේ කට්ටියත් ඉතින් මේ දවස් වල මුහුදට යනවා මමත් පහුගිය ඉරිදා ගියා මුහුදට, අපේ රටේ අයයි,පිලිපීන් රටේ අයයි,අපේ ක්‍රමයට ඔබින විදිහට පාලුවට තියන මුහුදු වෙරළක් හොයාගෙන,ඉතාලි අය බොහොම ටිකයි මේ හරියේ ඉන්නෙ,ඉන්න අයත් හිටියේ සීගිරි ළළනාවන් ගේ ක්‍රමයට පාලු හරියනේ, ආසියතිකයෝ උන අපි යන්නේ වෙනින් දේවල් වලට,අපේ කට්ටිය යන්නේ හැලි වළන් අර ගෙන බත් ,හොදි උයාගෙන අරක්කු බෝතල් 10 විතර අරගෙන,මුහුදේ නාන්නද,අරක්කු වලින් නාන්නද හොය ගන්න බෑ,පිලිප්පීන් රටේ උනුත් අපේ අය වගේම තමා අපිට වැඩිය ටිකක් වෙනස් විදිහට එයාලා,එයාලා අපිට වැඩිය ටිකක් පිලිවෙලයි, අපේ අය එතන හිටිය කියලා ඔප්පු කරන්න පුලුවන්, ගෙනියන දේවල් වලින් විසි කරන දේවල් සේරම මුහුදු වෙරලේ විසි කරලා තමා යන්නේ,හිස් බෝතල්, ප්ලාස්ටික් හැමතැනම දාල, ලස්සනට තියන මුහුදු වෙරළ විනාශ කරල තියෙන්නේ, ඒ මදිවට ගල් වලින් ලිප් හදාගෙන බත්, හොදි රත් කරලද, උයාගෙන කාලද දන්නේ නෑ, ඔන්න බලාගෙන ඉන්න බැරි කමට අපි 2,3 එකතු වෙලා පොඩ්ඩක් පිරිසිදු කරලා දැම්මා,එතකොට මේ බලාගෙන ඉන්න වෙනින් කණ්ඩායම් වල කට්ටිය අපිට හිනා වෙනවා, මුන්ව ගොඩ ගන්න බෑ සල්ලි හොයනවා විතරයි,ඉතාලියේ ඉදලත් මුන් පිරිසිදු කම වගේ දේවල් පුරුදු වෙන්නේ නෑ, මොකද්ද හේතුවකට මෙතන තාම ගහ ගත්තේ නෑ,නාන්නනේ යන්නේ ඒක හින්ද වෙන්න ඇති,ඔන්න ඔහොම තමා අපේ කට්ටිය මුහුදු සිරි විදින්නේ.....

Tuesday, June 15, 2010

කාන්තා හින්සනය

ඔන්න කාන්තා හින්සනය ගැන කතාවක් හින්දා තමා ඒ විදිහට නම දුන්නේ,ඊයේ වැඩ ඉවර වෙලා ගෙදර එද්දී පාරෙදී දැකපු සිද්ධියක්, ඔන්න මම දැක්කා ඈතට නිකන් කලබලයක් වගේ දෙයක්, අපේ පුරුද්දක් නේ ඔය වගේ දේවල් වලට හොට දාන එක,ටිකක් පේන දුරට ආවට පස්සේ දැක්කේ මාර වැඩේ අපේ රටේ ජෝඩුවක් වලියක් පාරෙදි, අපේ රටේ ඒ වගේ දේවල් පාරෙදි දැක්කට මෙහේ දැක්කම තමා පුරුද්දටද කොහෙද මෙහේ ඇවිදින් වලි දාගන්නේ පාරෙදී, ඉතාලියට ගිය කලක් කියල හිතුනා,
වලියක් හින්දා මමත් ලගට ගියේ නෑ,අපේ රටේ දෙන්නෙක් හින්දා කියන්න බෑනේ මොකක් හරි හෙනයක් පාත් උනොත් ,අනික මම එයාලව මීට ඉස්සල්ලා දැකලා නෑ,ඔන්න මරු වැඩේ ඊට පස්සේ දැක්කේ ඔන්න අර මනුස්සයා ඒ ගැණු කෙනාට පාරවල් දෙක තුනක් එල්ල කලා වලියේ උච්චතම අවස්තාවට ඇවිල්ලා මම දැකපු විදිහට මිනිහා මැජික් අරිෂ්ථ පාවිච්චි කරලා හිටියේ මොකද හරි කෙලින්ම තමා හිටගෙන හිටියේ හිටපු ගමන් බිම පතිත වෙන්න ගියා,
ඔන්න පොර පහරවල් එල්ල කලාට පස්සේ ඉතාලි මිනිස්සු 2,3 ආවා එතෙන්ට අල්ල ගත්තා අපේ මෑන්ගේ බෙල්ලෙන් මෙහේ කාන්තාවන්ට පාරෙදී හිරි හැර කෙරුවොත් මිනිස්සු ඉක්මනටම ලන් වෙනවා ,වීරයෝ වෙලා කාන්තාව ගෙන් ලකුණු දාගන්න නම් නෙමේ,කාන්තාවට තියන ගරුත්වය නිසා, ගෙවල් ඇතුලේ ඕන දෙයක් උනාට පාරෙදි බෑ, ඒ ටිකට කවුරු හරි පොලිසියට කතා කරලා ඔන්න එනවා බෝම්බයක් පිපුරුනා වගේ සයිරන් ගහගෙන පොලිස් කාර් 3 එක්ක ඇම්බියුලන්ස් එකකුත් මෙහේ පොලිසියට ඉතින් කවුරු හරි නිකන් තොරතුරක් දුන්නොත් අපේ රටේ වගේ නෙමේ කියපු ගමන් අවට තියන පොලිස් කාර් සේරම සිද්ධිය උන තැනට එනවා, ඇම්බියුලන්ස් එකක් ගෙනාවෙ වලියක් හින්දාවෙන්න ඇති, ඔන්න පොලිස් කට්ටිය වට කරගෙන අර ගෑණු කෙනා ලග, අනිත් කට්ටිය මිනිහා ලග,මොනවා කතා කෙරුවද දන්නෙ නෑ,මම ඈතට වෙලා නේ හිටියේ, ඔන්න අර මෑන් ගේ අල්ල ගත්තා බෙල්ලෙන් ඇදගෙන ගියා පොලිස් කාරෙකක් ලගට කාරෙකට නැග්ගුවේ නෑ උස්සලා විසි කෙරුවා, ඊට පස්සේ පොලිස් කාර් යන්න ගියා. මන් හිතන්නේ ඒ කාන්තාවගේ සැමියා අර මෑන්,සමහර විට ඒ මෑන් ට නොමිලේ ගුවන් ටිකට් පතක් හම්බ වෙයිද දන්නේ නෑ යාමට විතරක්,කාන්තාවකට හින්සා කරපු වරදට පාරෙදී,අහලා තියනවා මීට ඉස්සර එහෙම උනාලු එක්කෙනෙකුට, ඒත් ඉතින් අර කාන්තාව නම් අනිවා පොලිසියට ගිහින් අඩලා මිනිහව එලියට ගනී ඒ අපේ රටේ ගෑණුකම හින්දා,අනිත් එක අර මිනිහත් මැජික් අරිෂ්ථ බලේ හිදුනම පොලිසියෙදි හොදටම අඩනව, ඒක සුවර්,මොකද අපේ කට්ටිය මෙහෙ තියන සන්ගීත උත්සව වල අරිශ්ථ බීලා ගහගෙන පොලිසියට ගෙනියන අය ආයෙ බේරිලා එන්නේ දුක කියල හොදටම අඩලා තමා, ඒ වීරයො බලේ හිදුනම බලු කුක්කෝ වෙනවා...
ඒ වගේ අර පොරත් එලියට එයිද නොමිලේ මවු රට බලා යන්න පුලුවන් වෙයිද දන්නේ නෑ,,හෙට අනිද්දට ආරන්චි වෙයි,මොකද මම වගේ තව අපේ කී දෙනෙක් බලන් හිටියද දන්නේ නෑ වැඩේ, මම නම් දැකපු දේ කාටවත් කියන්න ගියේ නෑ 2 , 3 ට විතරයි කියලා දැම්මේ.

Tuesday, June 8, 2010

පාපන්දු උණ



ඔන්න ආයෙත් තව දවස් 3 න් පාපන්දු උණ බෝවෙන්න යන්නේ, අනේ මන්දා අපේ රටෙත් පාපන්දු උණ ගන්න අය ඉන්නව කියලා නම් මම දන්නවා , පහු ගිය ලෝක කුසලනය වෙලාවේ අන්තිම තරගයට ඉතාලියට සහයෝගය දුන්නා නේද අපේ රටේ කට්ටිය, අපේ රටෙත් තරග පෙන්නුවා නේ, පාපන්දුව අධිරාජ්යවාදී ගොඩක් සල්ලි යන කාලේ කන ක්‍රීඩාවක් නිසා අපේ රටේ ප්‍රසිද්ධ උනේ නෑ, අපි තාමත් කිරිකොට් මත්තෙම නැහෙනවා, ‍රැජිණිගේ රටේ උන් අපිට කිරිකොට් බෝ කරලා මේ සැරේ පාපන්දු ලෝක කුසලානය උස්සන්න බලාගෙන දකුණු අප්‍රිකාවට යනවා, ඉතාලි කාරයෙක් දවසක් මට කියනවා ඉන්ග්‍රීසිකාරයෝ උබලට කාලෙ කන ක්‍රීඩාවක් පුරුදු කරලා ගියේ උබලව ක්‍රීඩාවෙනුත් කම්මැලි කරන්නලු,ඉතාලියේ කිරිකොට් ගැන යමක් දන්නේ සුලු ප්‍රමාණයක්, මේ දවස් වල අපේ කට්ටිය ඉතාලි උන්ට කිරිකොට් උගන්නනවා, ටීම් හදාගෙන ඉතාලි නම් දාගත්තට සේරම සෙල්ලම් කරන්නේ අපේ අයම තමා,මෙහේ ආපු ඉන්දියන් කාරයන්ටයි,බන්ගලිදේෂ්කරයන්ටයි,පකිස්තාන්කරයන්ටයි කිරිකොට් පිස්සුව ටිකක් තියන හින්දා උනුත් සෙල්ලම් කරනවා, පාපන්දු උන කියල කිරිකොට් වලට ගියාට සමාවෙන්න පොඩ්ඩක් බැන්නට අපේ රටේ තියන දේ නේ මමත් ක්‍රිකට් ලෝලියෙක්...
මේ සැරෙත් බ්‍රරසීලය, ඉතාලිය, එන්ගලන්තය , ප්‍රන්සය වගේ රටවල් දකුණු අප්‍රිකාවට යන්නේ ලෝක කුසලානය උස්සන්න බලාගෙන, ඉතාලියේ තියන මේ පාපන්දු උණ හිතාගන්න බෑ මුන්ට ජාන වලින්මද කොහෙද මේ ලෙඩේ එන්නේ ඇවිදින්න පටන් ගන්න කාලේ ඉදලම මුන්ට පාපන්දු උණ, බලන බලන පැති වල පොඩි පොඩි පාපන්දු පිටි, ඒ වගේම තමා ඔට්‍ටු අල්ලන තැන්. ආ මම මේ ලිපිය ලියන්නේ තවත් දේකට පාපන්දු උණ තියනව නම් මෙතෙන්ට ගිහින් මේ සැරේ ලෝක කුසලානයට තරග කරන රටවල් වලට ඔට්‍ටු අල්ලන්න සල්ලි වලට නෙමේ ආසාවට, විස්තර සේරම සයිට් එකේම තියනවා මෙන්න තැන
එහෙනම් මේ සැරෙත් අපි පාපන්දු ලෝක කුසලානය බලමු....

Friday, June 4, 2010

මහලු වු ආදරය



මම කාලෙක ඉදන් වැඩ ඉවර වෙලා ගෙදර එද්දී මග තිබෙන පාර්ක් එකක පු‍ටුවක ටික වෙලාවක් වාඩි වෙලා ඉන්න එක පුරුද්දක් වෙලා තියෙන්නේ,හවස් කාලයේ මේ පාර්ක් එකේ ගොඩක් මිනිස්සු ඉන්නවා තරුණ අය,මහලු අය ඒ අතරින් ගොඩක් ඉන්නේ, සේරම ඉන්නේ ආදරවන්තයෝ ඒ කියන්නේ මහලු අය පවා.
මේ මහලු ආදරවන්තයන් දකින විට මට මතක් වෙන්නේ විජය කුමාරතුන්ගයන් ගායනා කෙරූ සැරයැටියෙන් අපි යනෙන තුරා ගීතය ,මම මහලු ආදරවන්තයන් කිවුවට මෙයාලා තරුණ ආදරවන්තයන්ටත් වඩා හරිම ආදරනීය විදිහට ඉන්නේ,අත් පටලවාගෙන යන , තමාගේ සහකරුවාගේ අතේ එල්ලිගෙන යන ආච්චිලා දකින විට ඇත්තටම සිනහවක් යන එක කියන්නත් දෙයක් නෙමේ නේද, මෙයාලා ගොඩක් අය තනිවෙලා ඉන්න අය වෙන්න ඇති,මම ඉතාලියෙ දකින විදිහට ගොඩක් මහලු අය තනි වෙල ඉන්නේ, අපි හිතුවට බටහිරට විවාහය සුලු දෙයක් කියලා මේ මහලු අය දකිද්දි එක 100% ඇත්ත කියලා හිතෙන්නේ නෑ,
අපේ රටේ නම් මහලු ජෝඩුවක් මෙහෙම අත් දෙක අල්ලගෙන ගියොත් මරු මරු කතා කියයි නේද,අර කියනව නේ අපේ රටේ විවාහයෙන් පස්සෙ ටිකෙන් ටික දුරස් වෙනව කියල,හිතින් නෙමේ හරිද, ඒ කියන්නේ අපේ රටේ හැටියට දුරස් වෙන්න වෙනවා නැත් නම් මිනිස්සු මොනවා නොකියාවිද, ඉතින් 50 පැන්නට පස්සෙ දෙන්නා යන්නේ මීටර් 10 විතර පරතරයක් තියාගෙන, ඒත් ගොඩක් අය හිතින් නම් දුරස් වෙන්නේ නෑ ඒක නම් මම හොදටම දන්නවා......

Wednesday, May 26, 2010

සේපාල ඒකනායක



මේ කතාව නම් ටිකක් පරන කතාවක් නේ,මම මේ ගැන ලියන්න හිතුවේ අපේ මාමා ඊයේ මෙයා ගැන කතා උනා ඉතින් මම බ්ලොග් එකට ලියන්න හිතුවා,මම හිතන්නේ ල0කාවෙන් බිහි උන එකම හයිජැකර් එහෙම බලද්දි එයා ඇත්තටම වීරයෙක් ප්ලේන් එකක් උස්සනව කියන්නේ පොඩි වැඩක් නෙමේ නේ,මෙයා ප්ලේන් එක උස්සලා තියෙන්නේ ඉතාලියට පාඩමක් උගන්නන්න, ඒ කාලේ ඉතාලිය හොදට බය වෙන්න ඇති මොකද ඒ කාලේ මුස්ලිම් අන්තවාදී සන්විධාන බටහිර රටවල ගුවන් යානා හයිජැක් කරලා මහ විනාශ කරපු කාලයක්,මෙයාගේ කතාව යන්නේ සේපාල ඉපදිලා තියෙන්නේ 1949 මාතරදී දකුනේ පොරක් කියන්න දෙයක් නෑ යක්කුන්ටත් බය නැති කට්ටියනේ ඉන්නේ.
සේපාල 1972 දී ජර්මනියට යනවා ඒ කාලේ මේ රටවලට යන එක මහ ලොකු දෙයක් නෙමේ ලු එහෙදි තමා සේපාලට ඉතාලි කෙල්ලෙක් සෙට් වෙලා තියෙන්නේ ,පස්සේ එයාලා විවාහ වෙලා ඉතාලියට ඇවිත් තියනවා 1980 දී බිරිදගේ නම Anna Aldrovandi එයාලා ඉදලා තියෙන්නේ ඉතාලියේ මෝදනා කියන නගරේ, එහෙදී පුතෙක් හම්බවෙනවා එයා ප්‍රී ඒකනායක, මේ කාලෙ තමා සේපාලගේ ඉතාලියේ නැවතිමේ බලපත් මොකක් හරි හේතුවකට ඉතාලි පොලිසියෙන් අරගන්නේ පස්සේ සේපාලට ලන්කාවට එන්න වෙනව මේ හේතු හින්දා පස්සේ ලන්කාවේ ඉතාලි එම්බසියෙන් වීසා ඉල්ලනවා ඒත් එතනින් සේපාලට වීසා දෙන්නෙත් නෑ මෙයා ඉතාලියට පාඩමක් උගන්නන්න හිතාගන්නේ එතනින් බිරිද දරුවා ඒ වෙද්දි ඉතාලියේ, වැඩේ පටන් ගන්නේ සේපාල වීසා අරගන්නවා ජපානෙට යන්න ඒ ඉතාලි අලිතාලියා ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් යන්න,ඉන්දියාවෙදි තමා මෙයා ගුවන් යානයට ගොඩ වෙලා තියෙන්නේ,ගුවන් යානය මගීන් 340 එක්ක යන බෝයින්ග් 747 යානයක් ඒ 1982 දී,සේපාල ඉන්නවා සේප් එකේ වෙලාව එනකන් යානය අඩි 35000 මට්ටමට එනකන්,පස්සේ බොරු වයර් කැලි එක්ක බොරු බෝම්බ ඇදුමක් ඇදගෙන යානය එයාගේ යටතට ගන්නවා,යානය බස්සවගන්නව තායිලන්තයට සේපාලගේ ඉල්ලීම බිරිද , දරුවා එක්ක ඩොලර් 300000 ක්,ඉතාලි රජය ඒ ඉල්ලිම ඉ‍ටුකරනවා සේපාල යානය මුදාහරිනවා.
පස්සේ තායිලන්තයේ හිටපු ලන්කාවේ තානාපති සේපාලව ලන්කාවට යවන්න වැඩේ සෙට් කරනවා, ලන්කාවෙදි අත් අඩන්ගුවට අරගන්නවා,මරු වැඩේ කියන්නේ එතකොට අපේ නීති පොතේ ගුවන් යාන උස්සනවට නීතියක් තිබුනේ නැලු ඊට ඉස්සල්ලා කවුරුත් ප්ලේන් උස්සලත් නැ පස්සෙත් උස්සලා නෑ තමා,එතකොට හිටපු ජේ.ආර් මහත්තයා නීතියක් හදල සේපාලව අවු.5 ට හිරේට යවල තියනවා,සේපාලගේ බිරිද දරුවා ආයේ ඉතාලියට ගිහින්,සේපාල පස්සේ ලන්කාවෙදි විවාහ වෙනවා,මේ ලග කාලෙකදි සේපාලගේ දරුවා ප්‍රී එකනායක ලන්කවට ඇවිත් තිබුනා කියලා මම පුවත් පතක දැක්කා,මොනවා උනත් ආදරය වෙනුවෙන් නියම වැඩක් කරපු නියම වීරයෙක් නේද,ඔන්න වීරයෙක් ගේ කතාව....

Sunday, May 23, 2010

බඩ ඇතුලෙන් එලියට ගත් දේ...

මේක ටිකක් විතර හිනා යන කතාවක් මගේ හිතවත් කෙනෙක්ට උන,එයත් ඉන්නෙ ඉතාලියෙම තමා,ඔන්න එයාට ටික කාලෙක ඉදලා බඩේ අමාරුවක් තියනවා මුල් දවස් වල දෙහි බොනවා,ඉගුරු බොනවා වැඩේ හරි ගියේ නෑ පස්සෙ ඉතින් පාමසි වලින් බඩේ අමාරුව කියලා බේත් අරගෙන බොනවා ඒත් හරි ගියෙ නෑ බඩේ අමාරුව දැන් මාස 2 විතර ඇති ලෙඩේට බැරිම තැන ගියා ඉස්පිරිතාලෙට, එතනිනුත් ඉතින් දුන්නා බෙහෙත් ඒ වෙලවට බඩේ අමාරුව හරි යනවා,ආයෙත් දවස් 2,3 අමාරුව ආයෙ එනවා, ආයේ ගියා ඉස්පිරිතාලෙට ඔන්න ඩොක් ලා කියනව බඩ ඇතුල චෙක් කරන්න ඕන කියලා,ඔන්න ඉතින් වෙලාවක් වෙන් කර ගෙන යනවා චෙක් කරන්න,එන්ඩස්කොපි කියනවා අර කොපි කියනවා මේ කොපි කියනවා, කට ඇතුලෙන් කැමරා යවනවා පස්ස පැත්තෙන් කැමරා යවනවා, රිපෝර්ට් වලින් කියනව මොනවත් ලෙඩක් නෑ කියලා.
ඒ උනාට බඩේ අමාරුව හරි යන්නෙත් නෑ,ඔන්න ආයෙත් හිතවත් ඉතාලි කෙනෙක් මෙයාව එක්කගෙන යනවා ඩොක් කෙනෙක් ගාවට මිනිහා ටිකක් වැඩ කාරයෙක්ලු,දැන් මාස 6 විතර මේ බඩේ අමාරුවට,ඔන්න ඒ ඩොක් යවනවා පස්ස පැත්තෙන් කැමරාවක්, ඔන්න වැඩේ අහුවෙනවා ආමාෂය ඇතුලේ පොඩි බ්ලොක් එකක් තියනවලු, ඩොක් තවත් චෙක් කරල කියනවා මොකක් හරි හිර වෙලා තියනවා කියලා,ඩොක් කියනවා ඒක එලියට ගන්න පුලුවන් කියලා ඔපරේට් කරන්නේ නැතුව අලුත් තාක්ෂනයෙන් ඩොක් කටින් බටයක් යවලා හිර වෙලා තියන එක ගන්නවා එලියට,ඩොක් ඒ ගත්තු දේ සුද්ද කරලා ඔලුවේ අතගහ ගන්නවා මොනවද දන්නවද තිබුනේ,,,,ටූත්පික් එකකින් බාගෙකටත් වැඩි කෑල්ලක්,ඩොක් අහනව කොහොමද මේක ගිල්ලෙ කියලා,අපේ එක්කෙනාට මතක නෑ, මෑන්ටත් හොදටම හිනා,ඩොක් ටූත්පික් කෑල්ලත් දීලා ඒකත් අරගෙන ගෙදර එනවා වීරයා වගේ, මේක කියපුවහම අපිටත් බඩ අල්ලගෙන හිනා,දෑන් අපේ එක්කෙනා කල්පනා කරනවා කොහොමද මේක ගියේ කියලා, වැඩේ මතක් වෙනවා, ටූත්පික් ගහන්නෙ කන දේකට බැදපු ඉස්සන්ට නේ, ඒ කියන්නේ පාටි එකකදි තමා මේ වැඩේ වෙලා තියෙන්නේ,අපේ එක්කෙනා ඩ්‍රින්ක් අරගෙන හොද සිහියෙන් කොහොම හරි දෙයකින් ඉස්සව ටූත් පික් එකත් එක්ක ගිලල තියනවා,ඔහොම තමා ටූත්පික් එක බඩට ගිහින් තියෙන්නේ,ඩොක් කියලා තියනවා මේක තව කාලයක් බඩ ඇතුලෙ තිබුනා නම් ලොකු රෝගයකට ආරම්භයක් වෙයි කියලා..
ඔන්න මතක තියාගන්න කන බොන වෙලාවට පරිස්සමින් මේ වගේ අපේ හොද්දට දාන සියබලා ඇට,ලොකු කුරුදු පොතු වගේ දේවල් උනත් බඩට යන්න පුලුවන්....

Sunday, May 16, 2010

නොකියා N 96 කතාව

මේ සිද්දිය උනේ මගේ යාලුවෙක්ට, ඉතාලියේ ඉන්න පොරක් තමා ඔන්න දවසක් පොර ඉන්නවා වැඩ ඉවර වෙලා එහෙම පාර අයිනට වෙලා,එතකොට මිනිහා ගාවට ආවා ඉතාලි කොල්ලෙක්,බයික් එකක ආවේ,ඇවිල්ලා අපේ මෑන් ට පෙන්නුවා අලුත් ම නොකියා N96,පෙට්ටියත් එක්කම තමා තිබුනේ, අපේ එකාට කිවුවා පෝන් එක විකුනනවා 100€ කියලා,අපේ එකත් බැලුවා මාර වැඩේ නේ 100€ N96 ක් , ඒ වෙද්දී පෝන් එක 450€ විතර වෙනවා කඩේ, දැන් අපේ එකත් මේ පෝන් එක ගන්න ආසාවක් ආවා මොකද 100€ නේ අලුත්ම පෝන් එක නේ, ඉතාලි කොල්ලත් අපේ එකාව හොදට අන්දවලා පෝන් එකේ වැඩ කෑලි පෙන්නලා, ඔන්න අපේ එකා වැඩේට කැමති උනා, ඒත් ඒ වෙලවේ අපේ එකා ලග සල්ලි තිබුනේ නෑ,පොර ටිකක් ඇබරෙද්දි ඔන්න ඉතාලි කොල්ලා ඇහුවා මොකද්ද කේස් එක කියලා,අපේ එකා කිවුවා මේ වෙලාවේ පර්ස් එකේ සල්ලි නෑ කියලා,ඔන්න ඉතාලි කොල්ලා කියනව හරි උබව ගෙදර එක්කගෙන යන්නම් බයික් එකෙන්ම යමු කියලා,අපේ එකත් N96 සිහියෙන්ම නේ ඉන්නේ,අරූ ගෙදර යන්නත් කැමතී නේ , ඔන්න අපේ එකා අරූ එක්ක ගෙදර ගියා සල්ලි දීලා N96 අරගන්න. පස්සේ ඉතාලි කොල්ලා එලියේ අපේ එකා ගේ ඇතුලට ගියා සල්ලි අරගෙන එන්න, සල්ලි අරගෙන ආවා එලියට කොල්ලට සල්ලි දුන්නා,කොල්ලා පෝන් පෙට්ටිය දුන්නා අරු සු‍ටුස් ගාලා මාරු උනා,අපේ එකත් හරි උජාරුවෙන් ආවා N96 අරගෙන, ඇවිල්ලා පෝන් පෙට්ටිය ඇරලා බැලුව,අපේ එකාගෙ ඇස් උඩ ගියේ එතකොට පෙට්ටිය ඇතුලේ තිබුනේ N96 තරමට කපපු පොඩි කොට කෑල්ලක්,ඉතාලි කොල්ලා අපේ එකා සල්ලි ගේන්න ගිය ටිකට ගේම් දීල, අපේ එකා තාමත් තියාගෙන ඉන්නව කොට කෑල්ල එක්ක කැට්ලොග් පොත්,මතක් වෙන්නලු තියා ගෙන ඉන්නේ,ඒ අපේ එකත් ලෝක ආදා ඌත් අහු උනා නේ.ඒ ටිකේ මු හොදටම චාර්ටර් උනා මේ සිද්දිය හින්දා.

Tuesday, May 11, 2010

15€ මිලදීගත් රු.10



මට පිස්සු විනෝදාන්සයක් තියනවා භාවිතයේ තියන හා භාවිතයේ නොමැති මුදල් නෝට්‍ටු එකතු කරන එක ඉස්කෝලේ යන කාලෙ ඉදන් මට මේ පිස්සුව තියනවා,ලොකු එකතුවක් මම ගාව තියනවා,එක එක රටවල මුදල් නෝට්‍ටු මම ගාව තියනවා,මේ පින්තූරෙ තියන නෝට්‍ටුව මම කාලෙක ඉදන් හොයද්දි මේ ලගදි තමා හොයා ගත්තෙ ඊ-බේ එකෙන් මිලදී ගන්න මට ගියා 15€,මොනා කරන්නද ආසාවට ගත්තා මිසක් වැඩේ පාඩුයි ද කියලත් හිතෙනවා,මොකද මම මීට ඉස්සල්ලා එහෙම මිලදී අරගෙන නෑ,ලන්කවෙදි නම් මිලදීගෙන තියනවා,පුදුම වැඩේ කියන්නේ මේ නෝට්‍ටුවේ අයිතිකාරයා ප්‍රන්ස ජාතිකයෙක්,මම අන්තිම පාර ලන්කාවට ආපු වෙලෙත් මේ නෝට්‍ටුව හෙවුවා,මේ නෝට්‍ටුව එක්ක රු.20, රු.50 ,රු.100 මුදල් නෝට්‍ටු කාණ්ඩයක්ම තියනවා,මම හිතන විදිහට ලන්කාවෙ මුදල් නෝට්‍ටු වල තිබුන ලස්සනම නෝට්‍ටු සෙට් එක,මෑත කාලෙ ඒවා නම් කිසි ලස්සනක් නැ.මගේ විනෝදාන්සයට මම අදුනන ගොඩක් අය මට හිනවෙනවා, මේක හොද විනෝදාන්සයක් මට හිතෙන විදිහට.(පොටෝ එක මම නෙට් එකෙන් අරගත්තේ)

Monday, May 10, 2010

ඉතාලි රජයෙන් අපිටත් බෝනස්...

ඔන්න ලන්කාවෙ ගෑස් මිල,කරන්ට් බිල වැඩි උනා කියලා දැනගත්තහම තමා මට මතක් වෙලා මේ ලිපිය ලියන්න ගත්තේ,ඉතාලි අගමැති සිල්වියෝ බෙරලොස්කෝනි මහත්තයා ඉතාලියේ ඉන්න අඩු ආදායම් ලාභී අයට පහු ගිය වසරේ ඉදන් කරන්ට් බිලට,ගෑස් බිලට බෝනස් එකක් දෙන්න ගත්තා,ඒ කියන්නේ බිල් වලින් 30% වගේ කොටසක් ඉතාලි රජයෙන් ගෙවනවා,මේ වසරටත් පහු ගිය මාර්තු 30 වෙනකන් අයදුම්පත් බාරගත්තා,බෙරලොස්කෝනි මහත්තයා විදේශිකයන්ව අමතක කරලා දැම්මෙ නැ,විදේශිකයන්ටත් එක්ක තමා මේ චාන්ස් එක දුන්නේ,ගොඩාක් විදේශිකයන්ව මේ අටේ අහුවෙන්නේ අඩු ආදායම්ලාභී ගොඩට හින්දා ගොඩක් අයට චාන්ස් එක හම්බ උනා. හැබැයි බෙරලොස්කෝනි මහත්තයව වෙන්නප්පුව පැත්තට ගෙනල්ලා පෙන්නුවොත් මාර ජන්ජාලයක් වෙයි,හදල තියන ගෙවල් ටිකයි,පෝටිකෝවෙ හිටවල තියන වාහන ටිකයි දැකලා,අපි කට්ටියවම ඉතාලියෙන් පිට කරයි ද දන්නෙත් නෑ,...
ආ තව එකක් කියන්න අමතක උනා පහු ගිය වසරේ බෙරලොස්කෝනි මහත්තයා තව බෝනස් එකක් දුන්නා,වයස 3 ට අඩු පොඩ්ඩො ඉන්න අඩු ආධායම්ලාභී පවුල් වලට,සෙල්ලම් නැ දුන්නේ මාසෙට 80€ පුරවපු මාස්ටර් කාඩ් එකක්,දුන්නෙ නම් පොඩි ලමයින්ට උවමනා බඩු ගන්න කියල තමා,සුපර් මාකට් එකෙන් බඩු අරගෙන අර කාඩ් එකෙන් ගෙවන්න තිබුනේ,නියම වැඩේ කියන්නෙ අපෙ ගොඩක් කට්ටිය අර කාඩ් එකෙන්ම ගෙවන්න ලමයින්ගෙ බඩු වලට අමතරව විස්කි බෝතල් පවා අරගෙන යනව මම ඇස් දෙකෙන්ම දැකලා තියනවා,ඒකෙ ගහල තිබුනෙ නැ නේ මොනාද ගන්න පුලුවන් බඩු කියලා නේද,මේ අවුරුද්දෙ නම් ඒ බොනස් එක ආවෙ නැ අපරාදෙ...
ඔන්න ඔහොම ඉතාලියෙන් අපි ගැනත් බලනවා නරක නැ නේ....බෙරලොස්කෝනි මහත්තයට ස්තුති,මිනිහා ඉතින් ලෝකෙ ලොකුම සල්ලි කාරයන්ගෙ ලිස්ට් එකෙ ඉන්න කෙනෙක් ලු නේ,තව වැඩි වැඩියෙන් ලැබේවා!!!

Wednesday, May 5, 2010

ඉතාලි බල්ලා.......

ඉතාලියේ ඉන්න බල්ලො ගැන නම් මම ලියන්නම හිතාගෙන හිටියේ,ඒ මොකද මම රටවල් 3 ට ගිහින් තියනවා, ඒ රටවල් 3 න් ඉතාලියෙදි තමා මම දැක්කේ බල්ලන්ගේ තරම,බල්ලන්ට තියන සැපක්,කොල්ලෙක් විදිහට වෙලාවකට මට මේ ඉතාලි බල්ලෝ ගැන මහා ඊරිශියවක් ඇති වෙනවා ඇත්තටම,ඉතාලියෙ ඉන්න අය නම් දන්නව ඇති නේ බල්ලන්ට තියන සැප.
අපේ ගමේ ඉන්න බල්ලෝ අපිට මොන තරම් ගරු කරනවද, උන් කන්නෙත් අපි කාලා ඉතුරු වෙන දේ,රෑට ඩියුටියත් කොහොම හරි පොඩ්ඩක් හරි කරනව නේ,ඒ ටොමියලා,ටාසන් ලා හැමදාම අපි වෙනුවෙන් නැට්ට හරි වැනුවා.ඒකට ඉතාලියෙ ඉන්න බල්ලො මුන් නිකන් හිතාගෙන ඉන්නෙ තාමත් රෝම අධිරාජ්ජයේ ඉන්නවා වගේ ඒ තරමට ඉතාලි බල්ලො උද්දච්ච කමින් පිරිලා,සුපර් මාර්කට් ඇතුලේ බල්ලන්ට වෙනම කෑම, බල්ලන්ට වෙනම ඇදුම් ,කර පටි ,පිගන් කෝප්ප, බලු ගෙවල්,බල්ලන්ට සෙල්ලම් කරන්න සෙල්ලම් බඩු,එහෙම බලද්දි ඉතාලි බල්ලො ගෙනියන්නෙ සුපිරි ජීවිත.
තව එකක් කියන්න ඕනා,මගේ යාලුවෙක් ඉන්නවා එයාට ජොබ් එකක් තියනව බල්ලො 3 දෙනෙක් බලා ගන්න,බල්ලන්ට වෙනම කාර් එකක් තියනවා, වෙනම දොස්තර කෙනෙක් ඉන්නවා,මේ ලගදී බල්ලන්ට නිදියන්න මෙට්ටයක් ගෙනාවලු 2500€ කට,කොහොමද ඒ බලු ජිවිත....
තව යාලුවෙක් කියපු කතාවක් තමා,ඒ යාලුවා ඉතාලි ගෙදරක නැවතිලා වැඩ කරන්නේ දවසක් යාලුවට හොදටම උණ ගැනිලා දවස් 2ක් තිස්සේ උණලු,ඒත් ගෙදර එකෙක් ඇහැක් ඇරලා බලල නෑ, ඒත් ගෙදර බල්ලට උණ ගැනිලා ගෙදර ගෑණි නොකා නොබී හිටියලු බල්ලට උණ හොද වෙනකන් කොහොමද බල්ලගේ තැන...
මම දැකපු දෙයක් තමා ගොඩක් තරුණ කෙල්ලො ලග බල්ලෙක් ඉන්න එක,ඒ බල්ලො ඉන්නෙත් කෙල්ලන්ගෙ කරේ නැගගෙන,කෙල්ල බල්ලගේ මූණ ඉබිනවා,බල්ලා කෙල්ලගෙ මුණ් ලෙව කනවා,හරිම ශෝක් දර්ශන තමා...මේව දකින කොට ඉතින් ඉතාලි බල්ලො එක්ක ඇති වෙන්නෙ මාර තරහවක් තමා ඇත්තටම.
ඉතාලි බල්ලො ගැන ගොඩක් කතා තියනව කියනව නම්,අනිතිමට මම කියන්නම්,මීට අවු.2 විතර ඉස්සල්ලා ආවා ලන්කාවෙන් නලු නිලි සෙට් එකක්,අපිත් ඉතින් එයාල එක්ක කතා කර කර ඉද්දි,මෙතනින් යනවා බල්ලෙක් ව වඩාගෙන ඉතාලි කෙල්ලෙක්,ඒක දැකපු මෙතන හිටපු අපේ ප්‍රසිද්ද නලුවා කියනවා අනේ බන් ලන්කාවේ නලුවෙක් වෙලා ඉපදුනාට වැඩිය හොදයි ඉතාලියෙ බල්ලෙක් වෙල ඉපදෙන එක....

Monday, May 3, 2010

අවුරුදු උත්සවය.....

ඊයේ මෙහෙ අවුරුදු උත්සවය,අවුරුදු උත්සව ගන්නෙ ගිය මාසෙ උනාට,ඊයෙ තමා මෙහෙ උත්සවය ගත්තේ,උත්සවය කෙරුවේ ශ්‍රි ලන්කා සන්ගමයෙන්,ක්‍රීඩා පිටිය හැම වසරකම නගර සභාවෙන් නොමිලේ ලබා දෙනවා,හැම කෙනාම සන්ගමයට බැන බැන හිටියට අවුරුදු උත්සවය බලන්න එනවා හැන්දෑවේ 4 වෙද්දි පිට්ටනිය පිරෙන්න සෙනග,දැන් මම ඉන්න නගරෙත් 1500 විතර සින්හල අය ඉන්නව, කට්ටිය කොහොමත් එන්නෙ හැන්දෑවෙ වෙලා තමා මොකද ඉරිදා දවස නේ,උදේ මමත් නිකමට ගියා උත්සවය පැත්තට,ක්‍රීඩකයො කට්ටියයි,සන්විදානය කරන කට්ටියයි,බලන්න ආපු කට්ටිය 100,150 විතර තමා හිටියේ, කම්මැලි කමේ ඉදලා ටික වෙලවකින් ආයෙත් ගෙදර ගියා ඊට පස්සෙ අපෙ කට්ටිය එක්ක 4 පහු වෙලා තමා ආයෙ බලන්න ආවෙ,එතකොට නම් පිට්ටනිය පිරෙන්න සෙනග.ඒ වෙද්දී තරග ගොඩක් ඉවර වෙලා.
පුන්චි උන්ට තම ගොඩාක් සතු‍ටු මොකද උන් ඉන්නෙ ගෙවල් ඇතුලේ හිරි වෙලා නේ,මෙතෙන්ට ඇවිල්ල පිට්ටනිය පුරා දුවනවා,අනිත් කට්ටිය කොල්ලො ටික මොකද ගෙවල් ඇතුලට වෙල ඉන්න කෙල්ලො ටිකත් මෙතෙන්ට එනව නේ,කෙල්ලො බලන්නත් හොද චාන්ස් එක හින්දා හොදටම ඇදලා මෙතෙන්ට ඇවිල්ලා පිට්ටනිය පුරා ඇවිදිනවා.
පිට්ටනිය වටේට පොඩ්ඩක් ඇහැ යවල බලද්දි දැක්කේ මේ සැරෙත් නියම තරගයක් යනවා, ටීම් 6 විතර වැඩියෙන්ම අරක්කු බෝතල් ඉවර කරන තරගේ තමා ඒ,මම එහෙම කිවුවේ ගිය අවුරුද්දේ උත්සවය ඉවර වෙලා පිට්ටනිය සුද්ද කරද්දී විස්කි බෝතල් 40 විතර හොය ගත්තා කියලා සන්විදානය කරපු කෙනෙක් කිව්වා,හොද තරගයක් නේ එයලාටත් වැඩියෙන්ම බොතල් ඉවර කරපු ටීම් එකට තිලිණයක් දුන්නා නම්.
අපිත් ඉතින් සතුටින් මෙවා බල බලා හිටිය ,මමත් ආසා වෙන් හිටියේ අවුරුදු කුමරි තරගේ බලන්න,නගරේ ඉන්න ලස්සනම සින්හල කෙල්ලව බලන්න ,අනේ ඒක මේ සැරේ තිබුනේ නෑනෙ,මොකද පහු ගිය අවුරුදු උත්සවයෙදි කෙල්ලො 2 ඉදිරිපත් උනේ තරගෙට එක්කෙනෙක් හිටියෙ තුන් කාලෙ ඩෙනිම් කලිසමක් ඇදගෙන,අනිත් කෙනත් ඩෙනිම් කලිසමක් ඇදගෙන,2 ඉදිරිපත් උනෙත් නිවේදකය කට කැඩෙනකන් කියලා කියලා,කවුරු හරි ඉදිරිපත් වෙන්න කියලා,අනිතිමේදි ඉදිරිපත් උන දෙන්නටම ඉදිරිපත් වීමට තැගි දීලා තරගේ නවත්තල දැම්මා.
මේ සැරේ අවුරුදු කුමරිය තේරීම නවත්තල දාලා ඒක හින්ද,අනේ මන්දා ලස්සන ගෑණු ලමයි ගොඩක් හිටියා,එයාලා ඉදිරිපත් වෙන්න බයද,දෙමවුපියො එවන්න බයද කියල නම් මම දන්නෙ නෑ.
ඉතින් මේ සැරේ ජනප්‍රියම ක්‍රීඩාව උනේ කාන්තා කබ ඇදීමේ තරගය,ඒකත් නරක නෑනේ,ඒකට නම් කණ්ඩායම් 6 විතර ඉදිරිපත් උනා,මේ තරගය තිබුනේ අන්තිම අවස්තාවේ,අනිතිමට ජයග්‍රරහණය කලා නියම කණ්ඩායමක් එයලා 10 දෙනාට මම හිතන්නේ කිසිම අපහසුවක් නැතුව කන්ට්‍රේනරයක් උනත් උස්සන්න පුලුවන් කම තිබුනා.
ඔහොම තමා උත්සවය ඉවර උනේ,අලුතින් ආපු ගොඩක් ලන්කවේ අයව හම්බ උනා මෙතනදි,අපෙ ගමේ අය කීප දෙනෙකුත් හමු උනා,එයාලා ලගදි තමා මෙහෙට ඇවිල්ලා තියෙන්නේ,ආරන්චියක් තිබුනා සන්ගීත සන්දර්ශනයක් තියනවා කියලා අවුරුදු උත්සවය ඉවර වෙලා,ඒත් ඒකට අවසරය හමු උනේ නෑලු.ඒකට නම් හේතු ගොඩක් තියනවා,ඉතාලියේ ඉන්න කට්ටිය නම් දන්නවා නේ මොකද අවසර හම්බ වෙන්න නැත්තෙ කියලා.....

Saturday, May 1, 2010

ඉතාලියෙත් සක්විතිලා ඉන්නවා

මට මේ කතාව මතක් උනේ මම ඉගැන්වීමට උපන්නෙමි කියල ලන්කාවටම හොද පාඩමක් උගන්නලා අදටත් කිසිම තොරතුරක් නැතුව අතුරුදන් උන සක්විති සර් ගැන ලියපු ලියුමක කොටසක් මගේ ලග තිබුන ලන්කාවෙන් ගෙනාපු පොතක් අස්සෙ තිබිලා හම්බ උනට පස්සේ.
මම කියන්න යන කතාවත් සක්විති කෙනෙක් ගැන තමා,මේ සක්විති හිටියේ ඉතාලියෙ මම ඉන්න නගරෙම තමා,2005 දී තමා මේ සක්විති මේ නගරෙ හිටපු 75% විතර ලන්කවේ කට්ටියට නියම ගේමක් දීලා පැනල ගියේ,2005 දි තමා මම ඉතාලියට නවතින්න ආවෙත් ඒ දවස් වල මේ සක්විති වැඩේ තමා නගරෙ ඉන්න අපෙ කට්ටිය ගේ කටේම තිබුනේ අඩන, වැලපෙන,ඔවුන්ට හොද වැඩේ කියන අයත් මම දැක්කා.
මේ සක්විති ඒ වෙද්දි පරන කෙනෙක් ඉතාලියෙ මේ නගරෙට.සීට්‍ටු දාන එක, සල්ලි පොලියට දෙන එක තමා මිනිහගෙ බිස්නස් වෙලා තිබුනෙ,මිනිහ ගොඩක් විස්වාශවන්ත විදිහට වැඩේ කර ගෙන ගිහින් තියනව,
සමහර අයගෙන් මිනිහා සල්ලි පොලියට අරගෙන ඒ සල්ලි මිනිහ පොලියට දීල,ඒ කියන්නෙ ගොඩක් කාන්තවො වැඩ කරනව ඉතාලි ගෙවල් වල නැවතිලා, එතනින් ගන්න පඩිය නිකන් තමන් ලග තියා ගෙන ඉන්නෙ මොකටද කියලා අර මිනිහට දෙනව බැන්කුවට දානව වගේ,එතකොට අර මිනිහා පොඩි පොලියක් දෙනවා අර මිනිස්සුන්ට තව නියම සීට්‍ටු වැඩක් කරල තියනව මිනිහා ඒක රත්තරන් සීට්‍ටුවක්, සීට්‍ටුවට ගන්නව 100 දෙනෙක්,සීට්‍ටුව තියෙන්නෙ මාස 16, එක්කෙනෙක් ගෙන් ඒ කාලේ වාරිකය මාසෙට 50€ ,මිනිහගෙ අතට මාසෙට එනවා 5000€, 100 දෙනාගෙ නම් ලියපු රිසිට් පෙට්ටියකින් මිනිහා සීට්‍ටුවට ආපු කෙනෙක් ගේ ලමයෙක් ලවා එක රිසිට් එකක් එලියට ගන්නවා ඒ නම තියන කෙනාට හම්බ වෙනව පවුම් 8 රත්තරන්,ඒ කෙනාගේ සීට්‍ටුව එතනින් ඉවර වෙනව,ඒ කියන්නෙ පලවෙනි වටෙන් එහෙම නම තිබුනොත් ඒ නම තිබුන කෙනාට පවුම් 8 රත්තරන් වලට වියදම් වෙලා තියෙන්නෙ 50€, ඒ වගෙ මාස 16 මේ ලොතරයි ක්‍රමය යනවා මිනිස්සුන්ට රත්තරන් හම්බ වෙනව,16 දෙනා ඉවර උනාම ඉතුරු උන 84 ටම පවුම් 8 රත්තරන් හම්බ වෙනවා,මාර මොලේ ඇති බිස්නස් එක නේද.
මිනිහා මේ බිස්නස් එකත් ජයටම කරගෙන යනවා,මිනිස්සුන්ටත් ඉතින් හරිම ලාභ තියනවා මිනිහා එක්ක බිස්නස් කරද්දි.
ඔන්න මිනිහා අන්තිම ගේමට සෙට් වෙනවා, ගොඩක් කට්ටියගෙන් මිනිහා පොලියට සල්ලි අරගෙන ඒත් මිනිහා පොලියට සල්ලි දෙන එක ටිකක් නවත්තලා,දීල තියෙන්නෙත් පොඩි පොඩි ගනන්,ඒත් මිනිහා මිනිස්සුන්ගෙන් අරගෙන තියනවා ලොකු ගනන් පොලියට මිනිහා ඒ සල්ලි හිර කරගෙන අතින් මිනිස්සුන්ට පොලි දෙනවා,අර රත්තරන් සීට්‍ටුත් 3 විතර අල්ල ගෙන,අර මුල දිනන අයට රත්තරන් දෙන එකත් ටිකක් නවත්තල එක එක බොරු කියලා,මිනිස්සුන්ට මිනිහව හොදටම විශ්වාසයි.
අන්තිම ගේම දෙනව, මිනිහා ඒ වෙද්දි 300000€ අධික මුදලක් එකතු කර ගෙන නගරෙන් මාරු වෙනවා කොහෙද ගියේ කියලා කිසි කෙනෙක් දන්නෙ නෑ, කීප දෙනෙක්ට හාට් ඇටෑක් හැදිලා,එක්කෙනෙක් මිය ගිහින්, සමහර අය අවුරුදු 5,6 හම්භකරපු සල්ලි මිනිහට දීලා,අනේ ඉතින් මිනිහත් සක්විති වගේ අද වෙනකන් තොරතුරක් නෑ.
මිනිස්සු සල්ලි තන්හාවට ගියාම ඔහොම බොරු කාරයන්ට ‍රැව ටෙනව,කොච්චර මෙහෙම සක්විතිලා ගේම් දුන්නත් ටික කාලෙකින් අපෙ සින්හල අයට ඉක්මනින් මේවා අමතක වෙනවා,අයෙත් මෙහෙම බොරු කාරයන්ට අහු වෙනවා.

Tuesday, April 27, 2010

සිසිලි දුපතේ මා‍ෆියා කාරයො...

මම මේ ලිපිය ලියන්නෙ මාගේ ඉතාලි ජාතික යහලුවෙක් මට දුන්න ‍ෆිල්ම් එකක් බලලා ඉවර වෙලා,‍ෆිල්ම් එකේ නම Il capo dei capi(The boss of bosses) සින්හල තේරුම එන්නේ නායකයන්ගෙ නායකයා,මේක ‍ෆිල්ම් එකක් කිවුවට ටීවී එකේ කොටස් 5 ට ගිය රූපවහීනී කතාවක්,මන් නම් දවස් 2 බලලා ඉවර කලා ඒ තරම් රසවත්.
මේකේ කතාව යන්නෙ සිසිලි දිවයිනේ පැලර්මෝ නගරයෙන් පටන් ගත් මුලු ඉතාලිය පුරාද,යුරෝපය,බ්‍රසීලය,ඇමරිකාව දක්වා පැතුරුනු මා‍ෆියාව නමින් හැදින්වු මිනිමරුවන්ගේ කතාවක් අනිත් එක සත්්‍ය කතාවක්.මේ කතාව යන්නෙ සල්වතොරේ රීනා(salvatore Riina) නම් මා‍ෆියා නායකයා ගේ ඇත්ත කතාව,ඉතාලි අය කියන්නෙ රීනා තමා ඉතාලි මා‍ෆියාවෙ මෙතෙක් බිහි උන දරුනුම හා ලොකුම නායකයා කියලා.මිනිහගෙ මා‍ෆියා නම උනේ ටොටො රීනා (Totto Riina).
කතාව හා ටොටෝ ගේ විස්තර ටිකක් කියන්නම්,මා‍ෆියා කියන වචනය දන්නවා උනාට ටොටෝ ගැන දන්නෙ නෑනෙ නේද.
ටොටෝ ඉපදිලා තියෙන්නෙ 1930 පැලර්මෝ නගරයෙ පුන්චි ගමක,කොර්ලියෝනෙ කියන ගමෙ(Corleone)මේ ගමෙන් තමා මා‍ෆියා නායකයො ගොඩක් බිහි වෙලා තියෙන්නෙ ටොටෝ එයාගෙ ගමේ තිබුන පොඩි මා‍ෆියා ටීම් එකකට යන්නෙ වයස 15 විතර එයාගෙ ලගම යාලුවා උන බර්නාර්දො ප්‍රොවන්ෂානෝ(Bernardo Provenzano)කියන යාලුවා එක්ක. මිනිහා ටොටෝ ගෙ දකුනු අත වගෙ තමා ඔන්න ටොටෝ පලමු වෙඩිල්ල පත්තු කරන්නෙ වයස19 එයාගෙ අතින් උන පලවෙනි මිනිමැරුම,මිනිහා හිරේට යනව වසර 6 කට හිරෙන් ඇවිල්ල වෙනින් ටීම් එකකට ගිහින් ඉස්සල්ලා හිටපු ටීම් එකේ බොස් ව මරලා දානව.එතනින් පටන් ගන්න මේ මිනි මැරුම් එයාගෙ යාලුවා බර්නාර්ඩො එක්ක තමා කරන්නෙ බර්නර්ඩො ගෙ මා‍ෆියා නම බින්නු.
1970 වෙද්දී ටොටෝ ගේ ටීම් එක පැලර්මො නගරයේ ප්‍රසිද්ද උන ටීම් එකක් වෙනවා,ඒ වෙනකොට එයලා වෙනින් ටීම් වල ගොඩක් කට්ටියව මරලා දාල,ඊට අමතරව දේශපාලකයන්,විශේශයෙන් සමාජවදී අයව තමා මොවුන්ගේ ඉලක්කය උනේ,තව පොලිස් නිලදාරින්.දැන් ඉතින් ටොටෝ ලොකු ස්තාවරයක ඉන්න බොස් කෙනෙක් මේ වෙද්දි සිසිලි දුපත ලොකෙට හෙරොයින් බෙදන ඉස්තානයක් වෙනවා,මේ වෙද්දි ටොටෝ අනෙක් හෙරොයින් ජාවරම්කරයන්ව හිමින් හිමින් මරල දාලා හෙරොයින් වැඩේ එයාගෙ අතට අර ගන්න පුලුවන් වෙලා තියෙන්නෙ සෑහෙන කොටසක්.අනිත් එක ටොටෝ ගෙ අතින් මෙ වෙද්දි එයාට විරුද්ද උන නඩු කාරයන් එයා ගැන ලියන මාද්යවෙදීන්,උසස් පොලිස් නිලදාරින් පවා මරලා දාලා.
80 දශකය තමා ටොටෝගෙ සුපිරිම කාලය,ඒ කියන්නෙ ටොටෝ මේ වෙද්දි සිසිලි දුපතේ ලොකු මා‍ෆියා නායකයෙක්,80 දශකය අවාසානයෙදි ටොටෝ මුලු ඉතාලියම හොල්ලන මා‍ෆියා සුපර් බොස් කෙනෙක් වෙල ඉවර වෙලා,අනිත් එක එයාට විරුද්ද වෙන අයව ඇමරිකාවෙදි,බ්‍රසීලයේදී පවා මරලා දාන තත්වයක් හදාගෙන, ඒ කියන්නෙ ඔහුට අභියෝග කරන්න වෙන නායකයෙක් ඉතාලියෙ මේ වෙද්දි නෑ,92 දී ටොටෝ අතින් ඝාතනය වෙන්නෙ සිසිලි දුපතේ ප්‍රදාන නීතිපති වරයෙක් උන ජොවන්නි පැල්කෝනේ (Giovanni Falcone) නම් ඉතාලියෙ මිනිස්සු අදටත් මතක් කරන මා‍ෆියා වට විරුද්දව කතා කරපු,එයට විරුද්ද පරීක්සන මෙහෙයවපු මිනිසාව, ඒ ඝාතනය සිදු කලේ කාර් බෝම්බයකින්,ඊට සතියකට පෙර පල්කෝනෙ ගේ සහයකයවද කාර් බෝම්බයකින් ඝාතනය කරන ටොටෝ මුලු ඉතාලියටම හිසරදයක් වී හමාරයි.ටොටෝ තීක්ශන මිනිසෙකු වන්නෙ ඔහු ගැන තොරතුරු කිසිම ලෙසකින් එලියට ඒමට ඉඩ නොදීම,ඔහුගේ පව්ලේ තොරතුරු පවා කිසිම ලෙසකින් එලියට ඇවිත් තිබුනේ නොමැත,ඔහුගේ යාලුවා බින්නු ගෙ පොටෝ එකක් පවා ඉතාලි පොලිසියට හමු වී නොතිබිනි,
92 වසරේ ටොටෝ පොලිසියට කො‍ටු වන්නෙ විශාල මෙහෙයුමකිනි එයට තොරතුරු සපයන්නේ ටොටෝ ගෙ රියදුරෙක් විසිනි,ඒ වන විට ටොටෝ මිලියන ගනනක් හිමි සුපිරි ධනවතෙකි,දරුවන් 4 දෙනෙකුගෙ පියෙකි,ඒ වනවිට ඔහුගෙ මෙහෙයවීමෙන් විශාල මිනිසුන් ප්‍රමානයක් මරා දමාද තිබිනි.ටොටෝගෙ 35 වසරක මා‍ෆියා පාලනය බින්නු අතට පත් වන්නේ බින්නු ටොටෝ ගේ දකුනු අත උන නිසාය.බින්නුගෙ විශේසත්වය බින්නු ගෙ කිසිම තොරතුරක් පොලිසිය හමුවෙ නොති බීම,මේ වනවිට ටොටෝ ගෙ පුතුන් 2 නාද පියගෙ අඩිපාරෙ යමින් මිනිසුන් මරා දැමුවද ඒ 2 පොලිසියට ඉක්මනින්ම කො‍ටු වි හමාර විය.2006 වසරේ බින්නු කො‍ටු වන්නේ විශේස තොරතුරකිනි,බින්නුව හදුනා ගන්නේ ද නවීන තාක්ශනයෙ පිහිටෙනි,වසර 45 බින්නු ගෙ මා‍ෆියව එසේ බිද වැ‍ටුනි.
අවි ගත්තෝ අවියෙන්ම නැසෙති බොරු කරමින් ටොටෝ සහ බින්නු තවමත් ඉතාලි විශේස හිර කුටි වල තවමත් ජීවත් වේ නමුත් කල කම් පලදෙන එක ඇත්ත වී,ටොටෝ වසර 10 පටන් දරුනු රෝගයකින් පීඩා විදී,බින්නු වසර 3 සිට පිලිකා රෝගයකින් දුක් විදී,මේ දෙදෙනා විසින් හා එයාලාගෙ අනු දැනුම මත සිදු කල මිනි මැරුම් ප්‍රමානය ඔවුන් දෙදෙනාවත්,ඉතාලි පොලිසියවත් දන්නේ නොමැත,තරුණ කාලයේ සිට මහලු කාලය දක්වා පොලිසියට වසන් වී සිදු කල දේවල් ඇත්තටම පුදුම සහගතය......
මට මතක් වුයේ අපෙ රටේ ටොටෝ ලා ගැනය,රටේ ප්‍රදාන දේශපලකයන්ගේ සහයෝගයෙන්,ජනාදිපතිවරයාගේ සිට පහල මන්ත්‍රී වරුන් ගේ පුර්ණ සහයෝගයෙන් සෙල්ලම් දැමු සොත්ති උපාලි,බැද්දගාන සන්ජීව,මොර‍ටු සමන්,දම්මික අමරසින්හ,සුරියවැව සුනිල්,ආමි ජිනේ,වම්බොට්ටා,ආණමාලු ඉමිටියාස් යන නම් වලින් සිටි අපරාද කරුවන්ය. කොහොම උනත් ඒ අපරාදකරයන්ට වැඩි කාලයක් සෙල්ලම් කිරීමට හැකි වුයේ නැත.
මම විශ්වාශ කරන දෙයක් නම්,අප මෙලවදී කරන වරදක් මෙලවදීම දඩුවම් ගෙවීමට සිදු වේ........තවත් ඉතුරු වුවොත්,,,,,,,

ටොටෝ රීනා & බින්නු

Monday, April 26, 2010

ඉතාලි බසයේ කතාව

ඔන්න මන් ඉතාලියෙදි,හැමදාම උදේට යන බස් එකෙ දකින,අහන්න ලැබෙන දෙවල් තම මේ,,බස් එකෙන්ම පටන් ගන්නම් කො, මේ බස් එක අපේ බස් වගෙ නම් නෙමෙ
හැමදම උදෙ 7.30 වෙද්දි බස් එක වෙලවට හෝල්ට් එකේ,අපේ ගේ ගාව හෝල්ට් එකෙන් තමා මන් බස් එකට ගොඩ වෙන්නෙ,බස් එකට යටි ගිරියෙන් කෑ ගහන කොන්දෙකුත් නම් නෑ,මෙහෙ කොහොමත් කොන්දො නෑ නෙ,
මේ බස් එකේ හැමදාම යන කට්ටියක් ඉන්නවා එයාලව හැමදාම දකිනව,මමත් ඉතින් දවස් 6 උදේට මේ බස් එකෙන් තමා වැඩට යන්නෙ,ඔන්න මන් කියන්නම් මෙකෙ යන අයගේ විස්තර,රියදුරත් ඉතින් හරිම විනෝද මිනිහා,බස් එකට ගොඩ උන ගමන් මිනිහ සුබ උදෑසනක් කියනවා, සින්දුවෙන්,විහිලුවෙන් තමා මිනිහා ඉන්නෙ, මේ බස් එකේ හැමදාම යනවා නියම පොරක් මිනිහව දකිද්දි මට මතක් වෙන්නෙ අපෙ විමල් වීරවන්ශ මහත්තයව,මොකද මේ මිනිහා බස් එකෙ මිනිස්සුන්ට ඇහෙන්න හයියෙන් සමාජ වාදය තමා කතා කරන්නෙ ,මිනිහට මානසික රෝගයක් තියනවා,ඇමරිකාවටත් පලු යන්න බනිනව,භාශා 5න් විතර කතා කරනවා ඒවා කාටවත් තේරෙන්නෙ නෑ ඔහේ කෑ ගහන එක තමා මිනිහගෙ වැඩේ, කිසි කෙනෙක් මිනිහට හිනා වෙන්නෙ නෑ,මොකද ඉතාලි අය පිස්සු අයට හිනා වෙන්නෙ නැති නිසා,අනිත් අය තමා ඉස්කෝලෙ යන උන් සෙට් එකකුත් යනවා,උන් ගැන නම් කියලා වැඩක් නෑ,ඒ සෙට් එකෙ කෙල්ලො යන්නෙ කොල්ලන්ගෙ කරේ නැගල,පොත් බෑග් තියෙන්නෙ බස් එකේ බිම,අපි නම් මොන තරම් පොත් බෑග් එකට ගරු කලාද නේ,සමහර උන් බස් එකේම ඉදගෙන කිස් කර කර තම යන්නෙ,යුරෝපෙ හැටි නෙ නේද,තව ඉතින් ඉතාලි අය කීප දෙනෙක් යනව වැඩට යන අය,අනිත් අය තමා ලාන්කික 4 ක්,පිලිප්පීන් ජාතිකයන් කීප දෙනෙක්,කොහොමත් මේ කට්ටිය හැමදාම මේ බස් එකේ යනව,මම තම ලන්කාවෙ අයගෙන් වයසින් අඩු කෙනා,අනිත් 4 දෙනාව මන් අදුන ගත්තෙත් මෙ බස් එකෙදිම තමා,මෙයාලා හැමදාම මගෙන් ලන්කාවෙ නියුස් අහනවා,එයලා දන්නව මම නෙට් එකෙන් බලනව කියලා,සුනිල් අන්කල් ඉතින් කාලෙන් කාලෙට,එක එක දේශපාලකයන්ට බනින එක තමා කරන්නෙ,ජනාධිපති වරනය කාලෙ ජෙනරාල් ට පලු යන්න බැන බැන තමා බහිනකන්ම යන්නෙ,පස්සෙ ජනාධිපති තුමාට පලු යන්න බනිනව ජෙනරාල් ව හිර කලා කියලා,අද උදේ බැන්නෙ මර්වින් සිල්ව ට දුන්න ඇමතිකම ගැන කියලා,අනිත් ඇන්ටිලා 3 දෙනාම ජනාධිපති තුමට පුල් භක්තිය තමා, වෙලාවකට මෙයාල මාර වලි යනව,මේ ඇන්ටිල 3 ගෙන් දෙන්නෙකුට මන් කියන්නෙ අක්කෙ කියලා ,අපේ අම්මටත් වඩා වයස උනාට අක්කෙ කියල තමා කියන්නෙ,මුල් දවස් වල ඇන්ටි කියලා යකා නැග්ගා එයාලට,අක්කෙ කියපුහම නිකන්ම සේප් උනා,මේ බස් එකට සමහර දවස් වලට නගින සමහර ලන්කාවෙ අයගෙ හිනාව මුනෙ ගෑවිලාවත් නෑ,අපේ රටේ කෙනෙක් දැකපුවහම පොඩ්ඩක් හිනවෙන්නෙවත් නැත්තෙ මොකද කියල මම නම් දන්නෙ නෑ,මම නම් හැම ලන්කාවෙ කෙනෙක් එක්කම හිනා වෙනවා,ඒත් 90% දෙනා අහක බලාගන්න එක තමා කරන්නෙ,ඒ උනාට පිට රටක ඉද්දි තමන්ගෙ රටේ කෙනෙක් එක්ක හිනා වෙලා වත් යන එක තමා නේද හොද, මේ තමා උදෙට මගේ බස් ගමන....

Thursday, April 22, 2010

ඉසුරු සොයා ඇවිත් අවසන් ගමනේ...

මම මේ ලිපිය ලියන්නෙ ඉතාලියෙ මාසයක් වගේ කාලයකදි,ශ්‍රි ලාන්කික 4 දෙනෙක් ඝාතනය ට ලක් වෙලා පෙට්ටියෙන් ආයෙත් ලන්කාවට ගියා,4 දෙනාම පිහි ඇනුම් වලින් තමා මිය ගිහින් තියෙන්නෙ,මිනි මැරුම් 3 ට වරද කරුවන් උනෙත් ශ්‍රි ලාන්කික අයම තමා,පිරිමි අය 3 දෙනෙකුත්,එක කාන්තවකුත් මෙහෙම අවසන් ගමන් ගියා,එක මරනෙක සැක කරුවන් තාම සොයගෙන නැතිලු, ඒ මරනෙටත් සැක කරන්නෙ ලන්කාවෙ කෙනෙක් අතින්ම උනා කියල තමා,අනේ මන්දා මොන තරම් බලාපොරොත්තු තියා ගෙන මේ රටට එන්න ඇති ද,මොන තරම් අමාරුවකින් එන්න ඇතිද, සමහර විට ලක්ශ ගානක් නය වෙලා ඇති,ඒත් ඒ හැම දෙයක් ම ඉවර වෙලා
පෙට්ටියෙන් ආයෙත් ලන්කාවට යනවා.
මේ මිනිමැරුම් වලට හේතු නම් මන් හරියට දන්නෙ නැ,මිනිස්සු එක එක කතා කියනව,සමහර ඒවට නම් මට පේන හැටියට හේතුව මත්පැන්,ගොඩක් අය තාම තේරුම් අරගෙන නැ ඇයි අපි මේ රටට අවේ කියල,
මේ දෙවලින් වෙන එකම දේ අපේ ලාන්කිකයන් ගැන ඉතාලි අයට තියන විශ්වාශය
නැති වෙල යන එක තමා,මොකද ඉතාලි අය අපේ අය ගැන කතා කරන්නෙ ගොඩක්
පැහැදීමකින් හින්දා,අපි හොද මිනිස්සු කියලා තමා ඒ අය නිතරම කියන්නෙ.

Wednesday, April 21, 2010

ආයුබෝවන්

ඔන්න මමත් අද ඉදන් සින්ඩියට ආවා,සතියක් වගෙ කාලයක් තමා සින්ඩියට එන්න ගියෙ,,,මම තාම බ්ලොග් එක හදලත් සති 2 ට වඩා නෑ,බ්ලොග් එක හදන්න තොරතුරු හොය ගත්තෙ සින්ඩියෙන් ම තමා,පොඩ්ඩ පොඩ්ඩ ඉගෙන ගෙන සින්ඩිය හරියට ක්ලාස් එකක් වගෙ,,,ගොඩක් දන්නෙ නැති දෙවල් ඉගෙන ගන්න පුලුවන්,මමත් මගෙ බ්ලොග් එක හිමින් හිමින් මෙතනින්ම ඉගෙන ගෙන කර ගෙන යන්න තම බලපොරොත්තු වෙන්න,ඔයාල සේරමන්ටම ආයුබෝවන්...

Wednesday, April 14, 2010

බොන්ජෝර්නො



ඉතාලියේ සිට ලියමි,
අද දින මා අලුත් වැඩක් ආරම්භ කලා, අන්තර්ජාල බ්ලොග් එකක් පටන් ගැනීමට කලක සිට සිතුවද එයට අවස්තාවක් ද වේලවක්ද නොමැති විය,දැනුමක්ද නොමැති විය,ඒ ගැන සොයා බැලීමෙන් පසු මම ඒ ගැන තොරතුරු සොයගෙන මේ බ්ලොග් පි‍ටුව ආරම්භ කලෙමි,,,,,
නමුත් දැන් ඇති ගැටලුව මා මේ පි‍ටුවට කුමක් ඇතුලත් කරන්නේද?
එයට පිලිතුරක් ලෙස මා ද මා මෙන් යුරෝ(කලින් මිල්ලෙ) සොයා ඉතාලිය බලා පැමිනි ලාන්කික සන්ක්‍රමනිකයන්ගේ ජීවතය , එදිනෙදා අප ලබන අත්දැකීම් , අසන්නට ලැබෙන කතා ඉදිරිපත් කිරීමට සිතුවා, ඉතින් අද සිට මා ඒ දේවල් මාගේ බ්ලොග් පි‍ටුවට ඇතුල් කරන්නම්.....
මා මෙහී ලිවීමට බලාපොරොත්තු වන්නෙ ගොඩක්ම මට අසන්නට ලැබුන කතාය...ඉතින් මේ බ්ලොග් පි‍ටුව ඉදිරියට ගෙන යාමට අවසර...