Pages

Wednesday, June 3, 2015

එක්ස්පෝ 2015 සහ අපේ දේශපාලුවෝ



EXPO 2015 ( Universal Exposition) ලෝකෙ ලොකුම වෙළද ප්‍රදර්ශනය තමා මේ,,මේ වසරේ පැවැත් වෙන්නේ ඉතාලියෝ මිලානෝ නගරයේ,,මැයි පලමු වෙනිදා ආරම්භ උනා මේ වසරේ ඔක්තෝම්බර් 31 වෙනිදා අවසන් වෙනවා.මේ වසරේ රටවල් 145 මේ ප්‍රදර්ශනයට සහභාගි වෙලා තියනවා,හෙක්ටයාර් 200 පමන බිමක් ප්‍රදර්ශය සදහා වෙන් වෙලා තියනවා,,ප්‍රදර්ශනය නැරබීමට මිලියන 20 ජනතාවක් අපේක්ශා කරලා තියනවා. Feeding the Planet, Energy for Life තේමාව යටතේ මේ වසරේ ප්‍රදර්ශනය පැවැත් වෙනවා.කොහොමත් සංචාරක,කර්මාන්ත ප්‍රවර්ධනය පවා මේ යටතෙම සිදු වෙනවා.
ඇත්තටම සියලුම කුඩා රටවල් පවා තමන්ට වෙන් උනු බිම්කඩේ තමන්ගේ රටේ සංස්කෘතිය,වගාකටයුතු,සංචාරක කර්මාන්තය යොදාගෙන ලස්සන ගොඩනැගිලි හදලා තියනවා,,මේ යට තියෙන්නේ එහෙම ඉදිරිපත් උනු ගොඩනැගිලි.


ඉතාලිය (මෙය ඉතාලියට අයත් එක ගොඩනැගිල්ලක් පමණි)                                                

රුසියාව

                                                                       
එක්සත් අරාබි එමීරය

                                                   
චීනය

 තායිලන්තය
 වියට්නාමය

 මැලේසියාව

 ඇන්ගෝලාව
 තමන්ගේ රටේ අභිමානය පෙන්වන්න තමන්ගේ සංස්කෘතිය විදහාපාලා ඉහත වගේ සෑම රටක්ම පාහේ මේ අවස්ථාවෙන් මහගු ප්‍රථිපල ලබා ගන්නවා.එයට හොදම උදාහරනයක් නේපාලය,තමන්ට සිදු උනු දරුණු විපත හමුවේ පවා තමන්ට හැකි අයුරින් ඉතා ලස්සනට තමන්ගේ ප්‍රදර්ශන භූමිය සකස් කරලා,විපතට පත් අය වෙනුවෙන් ආධාර වැඩසටහනක් පවා ක්‍රියාත්මක කරනවා.
 අපේ රටටත් ඉතා ලස්සන ගොඩනැගිල්ලක් ඉතාලි රජයේ මුදලින් ඉදිරිපත් කරලා ඉදිකරලා දුන්නා,,අපේ රටේ දියවන්නාවේ ඉන්න බත් කන හරක්ගේ සහ උන්ගේ පස්ස ලෙව කන නිලධාරීන්ගේ කාර්යක්ශමතාවය සහ තැනට සුදුසු නුවන නිසා,එහෙම හම්බුනු ගොඩනැගිල්ල තමා මේ,,,ඔය එක එක ආටෝප මොකටද අඩු වියදමින් ඉතාලිකාරයෝම අපිට මෙහෙම එකක් හදලා දුන්නා නේ..


මේ ඉතා ලස්සන පකිස් පෙට්ටිය හදා දෙන්න මුල් උනු කතාව මිලානෝ නගරයේ වාසය කරන රවී සොයිසා මහත්මයා ඉදිරිපත් කරපු සටහන එයාගේ අවසරයෙන් මගේ පෝස්ට් එකට යොදා ගන්නවා,,ඔයාලත් කියවලා බලන්න.

 'එක්ස්පෝ' ලොව දැවැන්තම වෙළද ප්‍රදර්ශණයයි .........
2015 වසරේ එය පැවැත්වෙන්නේ ඉතාලියේ 'මිලානෝ' නගරයේය ......
යුරෝපයේ වැඩිම ශ්‍රී ලාංකිකයෝ පිරිසක් රැදී සිටින්නේ ඉතාලියේ නිසා .......
බොහෝ දෙනෙකු බොහෝ බලාපොරොත්තු තබාගෙන සිටියේය ....
ව්‍යාපාර කළමණාකරන විෂයක් විදියට හදාරා ඇති නිසා මට බොහෝ පෙනෙන්නට විය .........
මම මේ මහගු අවස්ථාවෙන් රටට බොහෝ දේ ලබා ගත හැකි බව දැක්කේය .......
සැලසුමක් ඇතුව අවතීර්න වූහොත් 2020 දී 'යුරෝපයේ ශ්‍රී ලාංකික වෙළද කේන්ද්‍රය-මිලානෝ' කර හැකි බව අවබෝද විය .........
'යුරෝපා වෙළද පොල අධ්‍යනය කරන්නට විය' ........
'නැව් නො එන හම්බන්තොට හා 'ජෙනොවා වරාය' එකතු කරන හැටි ...... ගුවන් යානා නො එන මත්තල හා 'ලිනාතේ ගුවන්තොටුපල' එකතු කරන හැටි ...... ඒ දෙකට අනුබද්ධව මධ්‍යස්ථානයක් හදන හැටි ....... එතැන් සිට 'යුරෝපයේ' අනෙක් රටවලට ප්‍රති අපනයන කරන හැටි ........ ඒ සදහා ආයෝජකයින් හොයා ගන්නා හැටි ....... සියල්ල සැලසුම් කලේය ....'
'ඉන් පසු මේ සැලසුම් මිලානෝ නගරයේ ඉන්නා රටට ආදරේ කරනා මිනිසුන් කීප දෙනෙකුට පෙන්නුවේය .......'
'ඔවුන් මහත් ඉහලින් අගේ කොට -මල්ලි වැඩේ පටන් ගන්න අපි සහය දෙනවායි මා දිරි ගැන් විය .......'
ඔවුන්ගේ සහයද ඇතිව අපි 'තානාපති' වරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් සංවිධානය කලේ ....... ඒ සදහා බර පැන දැරුවේද අපමය ......
අපි ඉල්ලා සිටියේ මේ ප්‍රදර්ශණයේ ලංකාවෙන් සම්බන්ද වන අය තානාපති කාර්යාලය හා 'මිලානෝ' නගයේ වෙසෙනා කමිටුවක් හදන ලෙසය .....
''ඒ සදහා තානාපති වරයා දැක්වූ ප්‍රතිචාර ....... ජනතා මුදලින් නඩත්තු වෙන එකෙකු තියා ලක් බිමේ 'පෙකනිය' කැපූ කිසිවෙකුගෙන් බලාපොරොත්තු විය නොහැක'' ..........
අපි ආරාධනා කර තිබුනේ ..... 'තානාපති' වරයෙකුටත් වඩා 'බත් කන හරෙකුටය ........ වඩාත් කේදනීය වූයේ ..... ඔහුගේ නුගත්කමට උද්දච්චකමත් වගකීම් විරහිතකමත් ..... රට ගැන හැගීමක් නොමැති බවත් එක්වී තිබීමය .........
මේ 'එක්ස්පෝ' කථාන්දරයේ රටට වසන් කල කොටසක් තිබේ ...... වෙළද ප්‍රදර්ශණ සදහා ආරාධනා ලැබෙන්නේ රටකටය ....... මේ සදහා අපේ රටටද ආරධනා ලැබුනි ...... එහෙත් ඒ සදහා 'යුරෝ ලක්ෂ 4ක්' එනම් රුපියල් ලක්ෂ 600ක් වියදම් කිරීමට එවක රජය අකමැති විය ..... දුකට කාරනය නම් 'රට' වෙනුවෙන් ලක්ෂ 600ක් වියදම් නොකරන රටේ ඉන්දියාවේ නලු නිලියන්ට සම්මාන දෙන්න ලක්ෂ 1800ක් වියදම් කිරීමය ......
රජය ඉදිරිපත් නොවන නිසා එය පෞද්ගලික ආයතනයකට දුන්නේය ...... එය 'හියු ඉන්ටනැෂනල්' නම් විය ..... එහි හිමි කරු දුලාංජලී ප්‍රේමදාසගේ මාමණ්ඩියයි ...... වෙනත් මාර්ග වලින් මා ඔවුන් හා සම්බන්දකම් ගොඩ නගමින් සිටියේය ......
එහෙත් පෙබරවාරි මාසය වන විට ඔවුන් එය අත හැර දැම්මේ 'රටක්' ලෙස ලොවක් ජයගන්නට තිබූ අවස්තාවක් ලක් මවට අහිමි කරමින්ය ........
එදා 'හරකෙක්' වෙනුවට ....... 'මිනිසෙක්' තානාපති ලෙස ඇවිත් සිටියේ නම් ...... මේ 'එක්ස්පෝ' අභියෝග ජය ගැනීමට අපේ ඉල්ලීම වූ කමිටුව පත් කරනු ඇත ..... එසේ වී නම් මිලානො වෙසෙන දැහිතකාමී මිනිසුන් මේ අභියෝග ජය ගැනීමට උදව් කරනු ඇත .......
අපේ රටට මේ අවස්තාව නොවටිනා උනත් ..... ඉතාලියට ලංකාව වටී ..... ඒ නිසා ඉතාලි රජය ඔවුන්ගේ වියදමින් හැදූ ඉතා කුඩා කුටියක් ලබා දුන්නේය .......
දැන් ඒ සදහා මැති ඇමතීන් එයි ..... තානපති කාර්යාලයේ නිලධාරින්ද එයි ..... තවත් රජයේ නිළධාරින්ද එයි ....... මේ සදහා වියදම් දරන්නේ ඉතාලි රජය නොවේ ...... අපිද දායකවූ යහපාලන රජයයි ..... රජයේ මුදල් යනු ජනතා මුදල්ය ........ ඒ නිසා එහි වෙන්නේ කුමක්දැයි කියා දැන ගැනීමේ අයිතියක් රට වැසි සැමට ඇත ........ එසේම ලාංකිකයින්ගේ සම්පත් ඒක රාශී කොට රට වෙනුවෙන් යොදා ගැනීමද පාලක කාගෙ කාගෙත් වග කීමකි ..... එහෙත් මෙයට දායක වී ඇති අයගේ හැසිරීම් ගුප්තය ......... ඒ ඔවුන් කෙලවා ගෙන ඇති නිසාය ......
දැන් අපිට අවශ්‍යව ඇත්තේ කෙලවුනු තැන සෙවීම නොව ....... නැවත නැගී සිටිමටය ...... ඒ නිසා 'සයිබර්' අවකාශයේ දෑ හිතකමී ඔබේ අදහස් යෝජනා ඉදිරිපත් කරන්න .......ඒ මාස 6න් මාසයක් කාදමා ඇතත් තවත් මාස 5ක් ඉතිරිව ඇති නිසා .......
මේ 'රට' 'රට කරවන' උන්ගේ නොව ...... අපගේ බව අපි තේරුම් ගත යුතුය ..... 'රට' කරවන හා කරපු උන් කල හා කරන ජඩකම්, ගොංකම් හා හොරකම් වලට ගෙවන්නේ අපය .......(ස්තූතිය රවී සොයිසා මහතාට)


 මේ වෙද්දී යහපාලන නඩය එක්ස්පෝ බලන්න ඇවිත් බුකියේ සෙල්පි දමමින් සිටී,,ඒත් එකෙක්වත් ඉතාලියෙන් අපිට නොමිලේ දුන්නු පකිස් පෙට්ටිය ඉස්සරහා සිට සෙල්පි නොගනී,අනෙක් රටවල කුටි ඉස්සරහා සිට සෙල්පි දමමින් සිටී,යහපාලකයන්ගෙන්වත් මේ වනතෙක් කිසිම සැලසුමක් පෙනෙන්න නොමැත,උන් සෙල්පි දමන්න විතරක් ජනතා මුදලින් ටුවර් දාගෙන ප්‍රදර්ශනයට පැමිනෙමින් තියනවා,අපිට මේකෙන් ප්‍රයෝජනයක් තියනවද කියලා හිතෙන්නෙ නෑද කොහෙද?ආරම්භක උත්සවයේදී මිලානෝ නගරයේ සිටින අපගේ නැටුම් කණ්ඩායමක් නැටුමක් ඉදිරිපත් කර එයට ඉහල ප්‍රතිචාර ලැබුනා.ඊට අමතරව අපේ රටේ ප්‍රධාන සංචාරක ආයතන කීපයක් මේ කුටියේ සිට ස්ංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් පවත්වාගෙන යනවා,,,එහි යම් මූලිකත්වයක් දමිළ ජාතියෙක් විසින් සිදු කරන්නේ.මේ වගේ අවස්තාවලින් ප්‍රයෝජනයක් නොගන්න මිනිස්සු අපේ රට දියුණු කරාවිද?