Pages

Monday, April 21, 2014

වැඩිම දිවි නසා ගැනීමේ වාර්තාව තාමත් අපටද?


මේ ලිපිය ලංකාවේ සිදු වන සිය දිවි නසා ගැනීම් ගැන නෙමේ,,ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ දිවිනසා ගැනීම් ගැන,අද ඉතාලියේ ලාංකිකයින් ලක්ශ 3ක් විතර වාසය කරනවා,කොහොමත් යම් ‍රැකියා ප්‍රශ්නයක් පොදුවේ ඉතාලිය තුල පවතින බව රහසක් නෙමේ,ඒක දැඩිව ඉතාලියේ සිටින සියලුම ජනතාවට දැනෙන ප්‍රශ්නයක් වෙලා.මිනිස්සු දිවිනසා ගන්නත් පෙලබිලා,ඒ අතරින් අපේ ලාංකිකයින්ගේ දිවිනසා ගැනීමේ ප්‍රමානය ඉතා වැඩි වෙලා තියනවා පහු ගිය වසරේ සිටම,අපි ජාතියක් වශයෙන් කොහොමත් පොඩ්ඩ බැරි වෙද්දී දිවිනසා ගන්නම බලන ජාතියක් නිසා මේ රටේදිත් අර පුරුද්දම ඉස්මතු වෙලා.
පහු ගිය වසරේ ඉදලා මා සිටින නගරයේ පමනක් ලාංකිකයින් 8ක්,9ක් ප්‍රමානයක් දිවි නසා ගත්තා,තමන්ගේ නිවස තුලම එල්ලිලා මැරුනු සිද්දි වාර්තා උනේ.ඒ අතරින් බහුතර ප්‍රමානය පිරිමින්,වයස 17ක විතර ගැණු ළමයෙකුත් ඒ අතර ඉන්නවා.
මේ සිදුවීම් වල පසුබිම බලනකොට ඇත්තටම හිනා යනවා,අනෙක් ජාතීන් දිවිනසා ගන්නෙ බහුතරය අධික ආර්ථික ප්‍රශ්න,‍රැකියා ප්‍රශ්න වලින් හට ගත් අරබුද වගේ ඒවට,ඒත් අපේ අය බහුතරය එල්ලිලා තියෙන්නේ ආදර ප්‍රශ්න සහ සැමියා බිරිද පවුල් ප්‍රශ්න වලට,
මේ අතරින් බහුතරය වයස 40-50 අය වැඩි පුර,ඒ අතරින් පහු ගිය වසරේ තරුනයෙක් එල්ලිලා මැරුනේ තමන්ගේ ලංකාවේ සිටින බිරිද වෙන පිරිමියෙක් සමග ගිහින් කියලා.ඒ තරුනයට වයස 30 ආසන්න කෙනෙක්,ඇත්තටම ගැණි වෙන මිනිහෙක් එක්ක ගියා කියලා දිවිනසා ගන්න ඕනද,වෙන ගැණියෙක් හොයා ගන්නවා මිසක්.

අර ගැණු ළමය දිවිනසා ගන්න හේතුව උනේ ආදර සම්බන්දතාවයකදී ගෙදරින් සිදු කරපු විකාර වැඩ වලට,එතනදී ඇත්තටම ඒ ළමයගේ දෙමව්පියන් තරුන දරුවෙක්ගේ ආදර ප්‍රශ්න වලදී බුද්ධිමත්ව හැසිරුනා නම් ඒ දරුවගේ ජීවිතය එසේ නිම නොවෙන්න ඉඩ තිබුනා.
මැදිවයසේ කීප දෙනෙක්ම දිවිනසා ගන්න හේතුව විදිහට උනේ තමන්ගේ බිරිදගේ අනියම් සබදතා,සමහර අවස්තාවලදී වෙන පිරිමින් සමග ඉද්දී අතටම අහු වෙලා ඒවා දරා ගන්න බැරිව දිවිනසා ගත්තු අවස්තා,කොහොමත් මෙහෙට එන බොහෝ මැදිවියේ ජෝඩු මුහුනදෙන ලොකුම ප්‍රශ්නෙ තමා,බිරින්දෑවරුන් ඉතා ඉක්මනින් හැඩ වැඩ වී තරුන වෙලා තරුන කොලුවෙක් සමග සෙට් වීම,,අර සැමියලා ලංකාවෙන් ආපු විදිහටම වැඩ කරගෙන,බයියලා වගේ ඉන්න එක,,ඉතා ඉක්මනින් බිරින්දෑවරුන්ට තමන්ගේ සැමියව එපා වීම,ඒත් ඉතින් මේ සැමියලත් මොකට එල්ලෙනවද මන්දා යන උන්ට යන්න දෙන්නෙ නැතුව.
මේ රටේදී දිවිනසා ගෙන  සිරුරු ලංකාවට යවන්නත් යූරෝ 5000 වගේ ආසන්න මුදලක් වියදම් වෙනවා,ඇත්තටම ඒක ලොකු ප්‍රශ්නයක් එක පැත්තකින්,මොකද සිරුරු ලංකාවට යවන්න සල්ලි හොයන්න ආධාර එකතු කර ගන්නවා,යම් මුදලක් කරිටාස් ආයතනයෙන් දෙනව,ඒත් ලගක ඉදන් කරිටාස් ආයතනයෙන්ම කියලා තියනවා,උබලගේ රටේ මිනිස්සු දිවිනසා ගන්න හැටියට මුදල් දෙන්න විදිහක් නෑ ඒ දෙන මුදල් වලින් කරිටාස් ආයතනයට කන්න නැති මිනිස්සුන්ට සෑහෙන දවසක් කන්න දෙන්න පුලුවන් කියලා.

මේ එල්ලුනු කෙනෙක් එක වතාවක්,එල්ලෙන්න ලියුපු ලියුමත් එක්ක සිරුර යවන්න කියලා යූරෝ 5000 මුදලක් තබලම දිවිනසාගෙන තිබුනා. එක අතකින් මෙහෙම සල්ලි වියදම් කරලා සිරුරු යවන එක මොන මෝඩ වැඩක්ද කියලත් හිතෙනවා,එක්කෝ සිරුරු ආදාහනය කරලා අළු යවන්න ඕනා,
අවසන් වතාවට දිවිනසා ගත්තු පුද්ගලයගේ කතාවත් ගොඩක් අවාසනාවන්තයි,,ලංකාවේ සංචාරක කර්මාන්තයේ යෙදුනු කෙනෙක්,යම් තත්වෙකින් ජීවත් වෙලා තියනවා,ඒත් ණය වෙලා ඉතාලියට ඇවිත් තියනවා,මෙහෙට ආවට පස්සේ හරි හමන් ‍රැකියාවක් සෙට් වෙලත් නෑ,කරපු සුළු ‍රැකියාවෙත් වැ‍ටුප් හරියට ලැබිලා නෑ ,අර ණය ඩබල් වෙලා තියනවා,‍රැකියා ප්‍රශ්නයි,ආර්ථික ප්‍රශ්නයි එක්ක මේ කෙනා ඒ වෙලාව දැඩි පීඩනේකින් ඉදලා තියෙන්නේ,අර ‍රැකියා කරපු ස්ථානෙදිම දිවිනසාගෙන තිබුනා,අවසානෙදී සල්ලි හම්බු කරන්න ඇවිත් සියලුම සේසතම නැති කරගෙන,තමන්ගේ බිරිද දරුවන්වත් අනාථ කරලා ජීවිතයෙනුත් සමු ගත්ත එකයි උනේ.බොහොම අවාසනාවන්ත සිදුවීමක් මේ සිද්ධියත්.
ඇත්තටම කෙනෙක් දිවිනසා ගෙන ප්‍රශ්න ඉවර වෙයි කියලා හිතුවට එයාලා ප්‍රශ්න රාශියක් ඉතුරු කරලයි ජීවිතයෙන් පැනලා යන්නේ.මිනිස්සු තම්න්ගේ ජීව්තේ වටිනාකම තේරුම් අරගෙන මේ වගේ මෝඩ තීරන ගන්න ඉක්මන් වෙන එක කවදා නවතීද,මේ අපේ මිනිස්සුන්ගේ දිවි නසා ගැනීමේ රෙකෝඩ් එක අඩු වේවා කියලා ප්‍රර්ථනයක් එක් කරනවා.

Sunday, April 13, 2014

ශත 25 සහ රුපියල




                             (බස් රේඩියෝ සාමාජිකයෙක් ලෙස බස් රේඩියෝව වෙනුවෙන් මෙය එකතු කර ගත්තා)
මුලින්ම ලැබුවා වු සිංහල හින්දු අලුත් අවුරුද්ද සියලුම දෙනාට වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.ඒ එක්කම අද මගේ බ්ලොගේ 4 වෙනි උපන් දිනෙත් වෙනවා,,මෙච්චර කාලයක් නිකමට හරි මගේ බ්ලොගට ගොඩ වුනු සියලු දෙනාට ස්තූතීය පුද කරනවා.
මගේ බ්ලොගට ආපු පරන අය දන්නවා ඇති මට තියනවා විනෝදාංශයක් ලෝකෙ මුදල් නෝට්‍ටු එකතු කිරීම,,ඉතින් ඒ එක්කම ලංකාවෙ මුදල් නෝට්‍ටුත් එකතු කරනවා,ඒ අතරින් මම ආසා කරන දෙයක් තමා අපේ රටේ පැරනි මුදල් නෝට්‍ටු එකතු කිරීම,කොටින්ම යම් යම් අවස්තා වල මුදලට මිලද ගැනීම් පවා කරනවා,යම් මුදල් නෝට්‍ටු විකුනන තැනක් ඇස ගැ‍ටුනොත්.
ලගදී මට අහම්බෙන් අන්තර්ජාලෙන් සහ මුදල් නෝට්‍ටු විකුනන්නෙක්ගෙන් ලංකාවෙ පැරනි මුදල් නෝට්‍ටු 3ක් මිලදී ගන්න පුලුවන් උනා,මේ මුදල් නෝට්‍ටු 3 තිබුනේ ඉතාලි ජාතිකයන් සන්තකයේ,යම් සාධාරන මිලකට මේ නෝට්‍ටු මිලදී ගන්න පුලුවන් උනා.ලංකවෙදිවත් මිලදී ගන්න අමාරු වෙන මුදල් නෝට්‍ටු දෙකක් අහු උනා ඒ 1949 නිකුත් කරපු රුපියලේ සහ සත 25 නෝට්‍ටු දෙක.ඉතින් මේ අවුරුදු දවසේ මම මේ මිලදී ගත්තු මුදල් නෝට්‍ටු 3 මගේ බ්ලොගට දාන්න හිතුවා.මේ තියෙන්නෙ ඒවා


                                      (රුපියලේ ඉදිරිපස ඉන්නෙ 6 ජෝර්ජ් උත්තමයා,48 අපිට නිදහස හම්බුනා කිවුවට 49 ජෝර්ජ් උත්තමයා මුදල් නෝට්ටු වල ඉදලා තියෙන්නෙ)
                                         (පසුපසට නම් ඇත්ගොව්වෙක් එක්ක අලියෙක් ඉන්නවා)

(මේ සත 25 මේකෙත් තියෙන්නෙ ජෝර්ජ් උත්තමයගේ මූනත් තහඩුවම තමා,,මේ නෝට්ටුවේ විශේසත්වය පසු පස නෝට්ටුවේ අxකය පමනයි තියෙන්නේ,සුදු පසුබිමේ)
මේ මුදල් නෝට්ටු දෙකම ඉතාමත් හොද තත්වයේ තියෙනවා,අපේ අයගේ මුදල් පරිහරනය ගැන දුක හිතෙනවා ඒවා විනාශ වෙන හෑටි බලනකොට,,ඒ අතින් යුරෝපා ජාතිකයන්ගේ මුදල් නෝට්ටු පරිහරනය ඉතා සුරක්ශිතයි,නෝට්ටු විනාශවීම ඉතා අවම මට්ටමක තියෙන්නේ,,ඔයාලගෙන් පොඩි ඉල්ලීමක් කරනවා අවසන් වශයෙන්,මුදල් නෝට්ටු පාවිච්චි කරනකොට පරිසමින් නවන්නේ නැතුව පිලිවෙලකට පාවිච්චි කරන්න පුරුදු වෙන්න.

 අවසන් නෝට්ටුව නම් ඔයාලා දැකලා ඇත්හි ගොඩක් අය