Pages

Wednesday, February 8, 2012

ඔන්න මමත් 50 ට ආවා...


ඉදලා ඉදලා මටත් පුලුවන් උනා 50 වෙනි පෝස්ට් එක ලියන්න, අවුරුදු 2010 අප්‍රියෙල් 14 වෙනිදා පටන් ගත්තු ඉබි ගමනින් ආපු මගේ බ්ලොග් ගමන අද 50 පෝස්ට් එකටත් ආවා, මේක ලියන්නත් මාර නෝන්ඩිය ඇයි දෙයියනේ පෝස්ට් 50 ලියා ගන්න ගිය කාලය දිහා බලද්දි, සික් අවුරුදු 2ට ඔන්න මෙන්න,එක අතකින් සතු‍ටුයි මෙච්චර කාලයක් හරි මේ බ්ලොග් අවකාශයේ ‍රැදී ඉන්න පුලුවන් උනා නේ, අදත් මහා ලොකු දෙයක් ලියන්න දෙයක් නෑ ඔන්න.
HI5,TAGGED,එලකිරි,කපුටා චැට් බොක්ස්,පේස්බුක් වලින් ආපු මගේ ඉන්ටර්නෙට් ගමනෙ මේ වෙද්දී බ්ලොග් වල නැවතිලා,ඒ කියන්නේ ජීමේල් වල කිවුවොත් හරි.මේ බ්ලොග් හින්දම අදුන ගත්තු යාලුවො බොහොමයි,මේක හින්දම ජීවිතේ ලොකු විශේස වෙනසකුත් වෙලා මේ වෙද්දී, බ්ලොග් හින්දම පහු ගිය කාලෙම ගූගල් බස් පැද්දා ඒක නම් ලොකු අත්දැකීමක් උනා,මට බ්ලොග් අවකාශයේ මිතුරන් අදුනා ගන්න පුලුවන් උනේ මේ බස් පැදිල්ල තමා, බස් පදින්න ආවත් කාලයක් යනකන් ගොඩක් අය මම බ්ලොග් එකක් ලියනවද කියලවත් දැනගෙන හිටියෙම නැ,එකක් මම කිසිම තැනක මගේ බ්ලොග් එකේ ඇඩ් එකක්වත් දාලා නැති නිසා, කාලෙකට ඉස්සල්ලා මාරයගේ හෝරාව ලියන මාරයියා ගූගල් බස් හරහා තියපු බ්ලොග් පෝස්ට් සතියක් හින්දා ඒ වෙලාවේ ඒකට මාත් පෝස්ට් එකක් ලියලා දුන්නා,,එදා තමා ගොඩක් අය මම බ්ලොග් එකක් කරනවා කියලත් දැන ගත්තේ,පස්සේ මේ ලගදී Il Mondo di Una Povera Pazza ලියන රංගි අක්කා එයාගේ පේස්බුක් පි‍ටුවේ මගේ පෝස්ට් එකක ලින්ක් එක දාලා තිබුනා,ඒ තමා මගේ බ්ලොග් ලින්ක් එක එලියේ තියනවා දැකපු අවස්තා, මේකට හේතුව මම ලියනවට වඩා කියවන්නෙක් වීම කමෙන්ට් නොකලත් මම ගොඩක් බ්ලොග් කියවන කෙනෙක්, 2009 මම ගෙදර විවේක ගත්තු කාලේ අහම්බෙන් මට අහු උනු සිංහල බ්ලොගර්ස් සිංඩිය හින්දා මම බ්ලොග් කියන්නේ මොකද්ද කියලා දැනගත්තා,පස්සේ එතන තිබුනු බ්ලොග් කියවන්න අරගත්තා, ඒ කාලේ තිබුනු බ්ලොග් නම් ගොඩක් මේ වෙද්දි අක්‍රිය වෙලා,ඒ කාලේ බ්ලොග් ලියපු කීප දෙනෙක් නම් බස් වලින් අදුනා ගෙන ඉන්නවා,සික් ඒ කාලේ මම කමෙන්ට් කලෙත් නෑ ඕකුන්ගේ බ්ලොග් වලට මොකද පොඩි බයක් තිබුනා, මම හිතන් හිටියේ උන් ලංකාවේ ඉන්න සුපිරි පරිඝනක වැඩකරුවෝ කියලා,ලොකු පොරවල් කියලා ඔහොම ඉද්දී තමා බ්ලොග් වලින්ම සමහර අය තමන්ගේ පුද්ගලික කතා ලියද්දී ඒවා බලලා පොඩ්ඩක් බය ගියේ කමෙන්ට් කරන්න හිතුවේ,පස්සේ ඉතින් ගූගල් බස් පදින්න ගිහින් තමා මම මහා ලොකු මිනිස්සු කියලා හිතන් හිටිය උනුත් මම වගේම බලු කුක්කෝ ටිකක් කියලා දැනගත්තේ, සික් මම මුන්ටනේ බය වෙලා හිටියේ කියලා හිතුනේ. අද වෙනකොට ඒ මගේ අන්තර්ජාල ගමනේ ලස්සනම කාලය උනු බස් පැදිල්ල නම් ඉවර වෙලා පොඩ්ඩක් ඉතුරු වෙලා ප්ලස් පෑදිල්ල හින්දා, බ්ලොග් කියවිල්ල,ලිවිල්ල විතරක් ඉතුරු වෙලා,පේස්බුක් ඉන්නෙත් ගොඩක්ම මෙතනෛන් අදුන ගත්තු උන් එතනත් ඉන්න නිසාම, එකම දුකක් තියෙන්නේ මෙච්චර කාලයක් මෙතන හිටියට තාමත් මට මේ අදුන ගත්තු එකම කෙනෙක්වවත් මුන ගැහෙන්න බැරි උනා. ඕක තමා මගේ බ්ලොග් ඉතිහාසය සහ වර්තමානය.
නම් වශයෙන් ස්තූතී කරන්න ගියොත් මේ පෝස්ට් එක ලියන්න මට එපා වෙයි ඒක හින්දා මගේ බ්ලොග් එක බලන්න ආපු,කමෙන්ට් කරපු සේරමන්ටම ගොඩක් ස්තූතී, මම මේ වෙලාවේ ස්තූතී කරන්නේ ආයේ 100 පෝස්ට් එක ලියන්න කොච්චර කාලයක් යයිද දන්නේ නෑ,හැබැයි පුලුවන් කාලයක් මම මේ බ්ලොග් අවකාශයේ ‍රැදී ඉන්නවා,දැන් මේක දාලා යන්න බැරි හේතුවකුත් තියන හින්දම, ඉදිරියටත් මම ඔයාලගේ බ්ලොග් පෝස්ට් වලට පුලුවන් පුලුවන් හැටියට කමෙන්ට් කරන්න ඒවි, කමෙන්ට් නොකලත් සිංඩි 3කම තියන බ්ලොග් පෝස්ට් එකක් නෑර මම කියවනවා, කාලයක් මම රෑ වැඩ කරලා ඇවිත් පාන්දර 3,4 වෙනකන් බ්ලොග් කියෝලා තියනවා,එතකොට උදේ ලංකාවේ ගූගල් බස් දවසේ ආරම්භය ගන්න ආපු අය එක්ක චැට් කරලම යන්නත් පුලුවන් උනා. ලස්සන මතකයන් රාශියක් එක් කරපු බ්ලොග් අවකාශයේ තවත් කාලයක් ඔයාලත් එක්ක ‍රැදෙන පොරොන්දුව උඩ,ඔන්න මගේ 50.

50 comments:

පන්සල් හංදිය said...

බ්ලොග් ලිවිල්ලෙ පටන් ගැන්මේ ඉඳලා ලියලා තියෙන්නෙ, හොඳ විග්‍රහයක්, ඔන්න පනහට මගේ සුබ පැතුම් ......

ChammA said...

මෙයත් පනහට ඇවිත් නේ..ඒ කියන්නේ දෙන්නටම එකට පාටිය ගන්න පුළුවන්...සුභ පැතුම් මචං.. :))

Pradeep Gunarathna said...

අපේ සුභපැතුම්... දිගටම ලියමු...

Sabith said...

සුභම සුභ පැතුම්! ලියන ප්‍රමානය නෙවෙයි කොලිටියයි වැදගත්!

දිනේශ් දීපාල් said...

මගේ උණුසුම් සුභ පැතුම්, ඔබගේ බ්ලොගයේ ඉලක්කම් වලින් පෙන්වන ගණන අඩුවූවත්, නිරතුරුවම සහෝදර බ්ලොගයන්ට කරන දිරිමත් කිරිම තවදුරටත් අගය කරමි. එ‍සේම නිරතුරුවම නැතත් සෑමවිටකම රසවින්දනයක් ලැබිය හැකි ලිපි මෙහි දක්නට ලැබෙන බවද සදහන් කරනු කැමැත්තෙමි. ඉදිරියේදිත් හමුවෙමු...

පිණිබිඳු... said...

ඔන්න මගෙනුත් සුභ පැතුම්..

හිතහොඳ පිස්සා said...

ඔන්න පිස්සත් සුභ පැතුවා ජය වේවා....!!!!!

පූසා said...

සුභපැතුම් මචං!

Observer said...

දිග ගමනකට මගෙනුත් සුභ පැතුම්

Dinesh said...

සුභ පැතුම් යාළුවා... තව ඉස්සරහටත් මේ වගේම ලියන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

මාරයාගේ හෝරාව said...

"මේක හින්දම ජීවිතේ ලොකු විශේස වෙනසකුත් වෙලා මේ වෙද්දී"

හැබෑට..?:P:P:P

කාලේ කොච්චරක්ද..පෝස්ට් කොච්චරක්ද කියලා හිතන්න යන්න ඕන නැහැ ඩිලා...වැදගත්ම දේ තමා අකුරත් හරි ලියන එක..කාටවත් හානියක් වෙන්නේ නැත්තං මොන දෙයක් හරි ලියන එක වැදගත්...මටනං මුලික දේ වෙන්න ඕන ඒ ලිවීම හරහා තමුන්ට සහනයක් ලැබීම..ඊ ළගට අපි ලියන දේකින් කාටම හරි වැඩක් වෙනවනං ඒක අමතර ලාභයක්..උඹට වගේම තමා මාත් හුග දෙනෙක් අදුර ගත්තේ මේ කෙරුවාවෙන් තමා...ඒකම මදෑ බ්ලොග් කෙරුවාව ගැන හිතලා සතුටු වෙන්න...

කොහොමත් මං උඹව දකින්නේ සිංහල බ්ලොග් කියවන්නන් අතරේ ඉන්න හොඳ දිරිමත් කරන්නෙක් හැටියට... ඒ දේ උඹ හොඳටම කරනවා..

විශේෂයෙන්ම මේ වෙනකල් උඹ කාගෙවත් හිත් රිද්දන්න උඹේ බ්ලොග් එකවත්..කමෙන්ට් එකක්වත් යොදාගෙන නැති වීම..ඒ වෙනුවට ලියන කෙනෙක්ව වචනයකින් හරි උස්සලා තියලා දිරිමත් කිරීම උඹ අපූරුවට කරනවා...

දිරිමත් කරන්නෙක් හැටියට අදුරගත්ත උඹ බ්ලොග් කරුවෙක් හැටියටත් 50ක් ගහනවා කියන්නේ උඹෙන් මේ බ්ලොග් වලට ලැබුන අමතර වාසියක්...ඒක නිකං හරියට මුරලිදරන් ගහන ලකුණු 50ක් වගේ...ඕනම වෙලාවට හිමින් හිමින් හරි නියම දේ කරලා තියෙනවා..අපි ඔහොම යං ඉස්සරහට... උඹ සමහර විට එක මාසෙන් ඉතිරි 50 ගහලා 100 ගැහැවුවත්..තව අවුරුදු 10ක් අරගෙන 100 ගැහැවුවත් ඒක අවුලක් නැහැ..වටිනම දේ තමා උඹ හිමින් හිමින් හරි ලියන එකත්..මේකේ රැඳී ඉඳිමින් අනිත් උන්ව ඇඳගෙන යන එකත්...

හරි ඒවා ඉවරයි..තෝ අර මං මුලින් උපුටා දැක්වලා තියෙන කාරණාවෙදිත් ලිස්සලා ගියා..දැන් මේකෙදිත් ලිස්සලා යන්නද හදන්නේ..දියං කේක්...දැන් කියන්න එපා..මං මෙහෙනේ උඹලා ඔහේනේ කියලා..ඕනකම තියේනං පත්කල නියෝජිතයෙක් හෝ "වරියක්" හරහා හරි උඹට බැරිද ඒක කරවන්න..:D:D:D

Praසන්ன said...

සුබ පැතුම්. ජය වේවා !!!

said...

එල, ඔහොම යන්

දුකා said...

අනේ බන් ඉස්සර නම් එක දිගට පැල් බැඳගෙන බ්ලොග් කියෙව්වා . . කොමෙන්ට් කලා . .

ඒත් මේ ලඟකදී පොඩි ඉගෙනීමේ වැඩකට බැහැලා නිසා ත් ගෙදර උන්දැයි කොල්ලයි ලංකාවේ නිසායි (එයාල එක්ක හැමදාම නිවාඩු වෙලාවට ස්කයිප් එකේ කතා කර කර ඉන්න නිසා) දැන් බ්ලොග් එකක් කියවන්නේ බොහොම අමාරුවෙන් වෙලාව හදාගෙන ඒකත් මාතුර්කාව එහෙම බලලා තමා . .

අනෙක් අය කියෙව්වා නැතා මාරයා කිව්වා වගේ ලියන එකන් තාන්ට දැනෙන සතුට ගැන නම් කතා කරලා වැඩක් නෑ මලේ ..

50ට ජය වේවා . .දිගටම ලියපන් ඈ . .

සහෝධරයා said...

සුභපැතුම් අයියා .. ජයෙන් ජය . . .!! :-)

අනුරාධ said...

සිරාවටම මේ බ්ලොග් අපේ ජීවිත කොයි තරම් වෙනස් කල දෙයක්ද බන්.
විශේෂිත වෙනසට සුභ පැතුම් ආ....
හෙමින් යමන් බන් අවුලක් නෑ. ඒතකොට හති වැටෙන්නෙ නෑ. දිව්වම හති වැටෙනවා. වැඩි දුරක් දුවාගන්න බෑ. උඹ 50ක් උනාට ලිව්වෙ අපේ හිත් වල උඹ ඉන්නෙ 50000ක් ලියපු එකෙක් ගානට.
සුභ පැතුම් ලොක්කා....

..ChAnDiKa.. said...

ජය හෝ!!!

වැප් said...

එළම තමයි ඔහොම යා ංංංංංං

පුංචි කුමාරිහාමි said...

ඔන්න මමත් හදවතින්ම සුභ පතනවා. ලියන පෝස්ට් ගාන නෙමෙයි මම නම් හිතන්නේ වැදගත්.ඒකේ තියෙන දේයි වටින්නේ.. ඔයා හිමින් හිමින් යන ගමන ගොඩක් දුර යන්න ලැබෙයි..එසේම වෙන්න කියලා මම පතනවා...

බුද්ධි said...

සුබ පැතුම් කිව්වා අල්ලපු වැටේ කොලුවට. මොකක් ලැජ්ජයි කිව්වා... විකාර කතා කරන්ඩ එපා! අද මගේ බ්ලොග් එක ලියන්නඩ අරගෙනත් අවුරුදු දෙකක් සම්පුර්ණ වෙනවා. ඒත් තාම පෝස්ට් 100 ක් නෑ....

Gimhani said...

මම අදයි දන්නේ ඔයාගෙ බ්ලොග් එක ගෑන . හරිම සතුටුයි . 50ට ජය පතනවා . ඒවගේම කියන්න ඕන ඔබ බොහොම සොඳුරු හිතවතෙක් නිතර අපිට සයිබරයේ හමු උන . දිගටම ලියන්න .
…ජය වේවා!

සෝරෝ said...

එල කිරි වේවා... ඔන්න මගෙනුත් සුභපැතුම්...

ඇවිද්ද පය ...... said...

මමත් මේ ජනවාරි මාසේ ඉඳලා බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තා. ඔයා මෙතන කියල තියෙන ගොඩක් දේවල් පිළිබඳ අත්දැකීම් ලබා ගන්නත් පුලුවන් උනා. එක වෙලාවක මට හිතුනේ මේ මගේම අත්දැකීම්ම නේද කියලා. ඔය කියනව වගේ නිදි මරාගෙන දුක් විඳලා ලියන බ්ලොග් එකක් කියලවල පුංචි හරි කමෙන්ට් එකක් දාන්න තරම් කියවන අය කාරුණික නැද්ද? කමෙන්ට් දාන්න තේරෙන්නැද්ද ? නැත්නම් මෙවා කියවන්නෙ බ්ලොග් ලියන අයම විතරද ? කියන හතරබීරි ප්‍රශ්නේ මම හිර වෙලා ඉන්නේ. බ්ලොග් කියන එකට මම ආශා නොවෙන්න ප්‍රධාන හේතුව තමයි බ්ලොග් කියන වචනය ගැන මට තියෙන අප්‍රසාදය. මගේ බ්ලොග් එකේ ඒ ගැන ලිපියකුත් මම ලිව්ව. මම හිතන්නේ එක්කෙනෙක් දෙන්නෙක් හරි බලනව නම් අපි ලියන්න ඔනේ. කවදා හරි හැමෝම බලයි. ඔයාගේ 50 වෙනි පොස්ට් එකට මගෙනුත් සුභ පැතුම්. දිගටම ලියන්න.

ඉන්දික උපශාන්ත said...

දවස ගානෙ විකාර ලියන උන්ට වඩ ඉඳල හිටල යමක් ලියන මේ ක්‍රමේ මසුරං...ඔහොම යං!

බට්ටි said...

ඇයි අහල නැද්ද වේගෙන් ගිය හාවා පරාද වෙලා හෙමින් ගිය ඉබ්බා තරගේ දිනුවා කියලා. මාර අයියා බුකියේ දාපු එකක් දැකලා තමයී මේ පැත්තට ආවේ.
දිගු ගමනක් යන්න ශක්තිය ලැබේවා කියලා බට්ටිත් සුභ පතනවා හදවතින්ම.

Bunny said...

අනේ මංදා මං උඹෙ බ්ලොග් එක තියෙනවා දැක්කෙත් අදයි :D

Gimhani said...

කියන්න අමතක උනා ඩිලාන් . මාරයා අය්ය තමයි එන්න පාර කීවේ .

Pasan said...

අඩා.. ඔං මගෙනුත් සුභ පැතුම් ඇ..

ලකී සිරි said...

අදයි මේ පැත්තෙ ආවෙ.පරණ ඒවත් එක්කම කියවන්න ඕන....50 ට සුභ පැතුම්

නිශ් said...

සුභපැතුම් !

ජය වේවා!

ඔහොම යන්

priyantha said...

50ක් මදි.
සිය දහස් ගණනින් ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා..
සුභ පැතුම් ඩිලාන්. ඉදිරියටම යන්න...

නලිනි චන්දිමා said...

පණස් වෙනි කඩඉමට සුභ පැතුම්. දිගටම ලියන්න.

මහේෂ් නිශාන්ත said...

සිංහල බ්ලොග් “කළාවක්“ බිහි වනු පිණිස ..තව ලියන්න ...මගේ සුබ පැතුම් ..

හසී said...

සුබ පැතුම් අයියේ.. දිගටම ලියන්න...

දාලා යන්න බැරි හේතුව එහෙම මොකක්ද දන්නේ නෑ නේ..?? අර විශේෂ වෙනස එහෙම??? ;)

සංජු said...

ane menna me hasi baba wenna hadanawa!!! :P

Malliya magen unusum suba pathum oyata.... ikmanata 100 liyanna kiyala suba pathanawa. eth ithin mamath thama 80 hira welaa inne :D

Jayen Jaya hemadaama !!!

ItalyDilan said...

@පංසල් හංදිය,චම්,ප්‍රදීප්,සබිත් -ගොඩක් ස්තූතී සුභපැතුම් වලට

@දිනේශ් දීපාල් -ස්තූතී දිනේශ් අයියේ සත් සමුදුර කියන්නේ මට මග ඇරෙන්නේ නැතො බ්ලොග් එකක්

@පිනිබිදු ,පූසා ,හිත හොද පිස්සා ,ඔබා මාමා -තැන්කෝ වේවා සුභ පැතුම් වලට

ItalyDilan said...

@මාරයා -මගේ බ්ලොග් ගමනේ උබත් පැත්තක ඉන්නවා මාරයියේ,මගේ මේ බ්ලොග් එක පටන් ගන්න ආසාවක් එන්න මාරයාගේ හෝරාව කියවිල්ල ගොඩක් බලපෑවා,ඒ කාලේ ජුං අලයව තාම අමතක වෙන්නේ නෑ,
හික්..හික්...මට කරන්න දෙයක් නැතෝ තාම ඉහලින් අවසරය දෙන්නේ නෑ නේ ඔය වැඩ වලට,අවසරය ආ සැනින් මම එසැනින්

@දිනේශ් - ස්තූතී මචෝ සුභ පැතුමට

@ප්‍රසන්න , මරනේ -ස්තූතී සුභ පැතුම් සදහා

ItalyDilan said...

@දුකා -හික් හික් මෙන්න මාව බය ගන්නලා හිටිය බ්ලොග් ලොක්කෙක් ,අම්මේ බ්ලොග් එකක හැඩ,වැඩ දැක්කේ ඔයාලගේ බ්ලොග් වලින් අයියේ ,ස්තූතී උපදෙස්,සුභ පැතුම් සදහා

@සහෝදරයා ,අනුරාධ ,චන්දික ,වැප් -ස්තූතී යාලුවනේ

@පුංචි කුමාරි හාමි ,ගිම්හානි ,සෝරෝ -ස්තූතී සුභ පැතුම් සදහා

ItalyDilan said...

@බුද්දී -ඔන්න තව එකෙක් මාව ඒ කාලේ බය ගන්නපු,බලද්දී මේකා අල්ලපු ගමක එකෙක් ,කෙහෙල්කොටුව මට අමතක වෙන එකක් නෑ

@ඇවිද්ද පය -ඇත්තටම මචෝ මම ලියන් ගියාට කිසිම වෙලාවක කමෙන්ට්,බලන්න ආවේ කවුද කියන දේ මට වැදගත් උනේ නෑ,මම ආසා උනේ කියවන්න නිසාම

@ඉන්දික අයියා -ඔයාගේ තියරිය නේ ඒකට මාත් කැමතී

ItalyDilan said...

@බට්ටි -ස්තූතී මගේ බ්ලොග් එකට ආවට,ඔව්,,ඔව් ගමන හෙමින් තමා ඉස්සරහටත්

@බනී -අපෝ උබත් ආවද

@ගිම් -ආයෙත් කියනවා ස්තූතී මගේ බ්ලොග් එකට ආවට

@පසන් -තැන්කෝ පසන්

@ලකී -තැන්කෝ සුභපැතුමට සහ බ්ලොග් එකට ආවට

ItalyDilan said...

@නිස් - තැන්කෝ මචෝ

@ප්‍රියා අයියා -යමු යමු ඉස්සරහටම යමු

@නලිනි අක්කා -ස්තූතී අක්කේ සුභ පැතුමට

@මහේශ් -ස්තූතී දිරි ගැන්වීමට

ItalyDilan said...

@හසී -ස්තූතී හසී ,ආ දන්නෙම නෑ නේද

@සංජු අක්කා -බලන්නකෝ හසී බබා නේද අක්කා ,හා හා ඔයත් ඕක නවත්තගෙන ඉන්නේ හොදට ගිය බ්ලොග් එකක්,ලියන්න හරිද ඔයත්,අපි කියවන්න එනවා නේ

Beetle said...

හැමදාම කමෙන්ට් නොකලත් හැමදාම කියෝනවා... සුභපැතුම් ඩිලා... මේකටයි අරකටයි දෙකටම... :)

පිස්සා පලාමල්ල said...

සුබ පැතුම් ඩිලා...

රාජ් said...

කාලයත් එක්ක 50 මදිඋනත් ඕං සුභපැතුව.

Il mondo di una povera pazza said...

ඇත්තටම එදා ඔයාගේ බ්ලොග් එක ලින්ක් කලේ ඒකට කොමන්ට් එකක් දාන්න හිතලාමයි. ඒත් මේ දවස් වල මම ඉන්න අවිවේකි බව එක්ක කිසිම දෙයකට වෙලාවක් ලැබුනේ නෑ. අන්තිම කාලේ මටවත් බ්ලොග් එකක් තියෙනවද කියලාවත් හොයලා බලන්න මට වෙලාවක් තිබ්බේ නෑ. අපි ඉතින් නිවාඩු ගන්නකොට නිවාඩු අරන් වැඩ කරනකොට වැඩම විතරක් උදවියනේ.

ලියන්න දිගටම වෙලා තියෙන විදිහටම. රෙගියුලරි ලියන්න ඕනේ කියලා දෙයක් නෑ නේ. මොකද අපි තරඟෙකට දුවනවා නෙමේනෙ.

ඔබ නොදු‍ටු ලොවක් said...

සුභ පැතුම් !!!!

අසරණයා said...

අදයි මුලින්ම ආවේ.අපු පලවෙනි දවස වාසනාවන්ත ජයග්‍රාහී පොස්ට් එකක් නේ කියන්න ලැබුනේ.හොඳ පොස්ට් වගයකුත් තියෙනවා. ඒ ටිකත් කියවලම එන්නම්.

Chathura Wijekoon|චතුර විජේකෝන් said...

මගේ සුබ පැතුම්.. බලං ගිහාම මගේ වේගෙං ලියන අය තවත් ඉන්නවා.. හරි.. හරි.. ජය වේවා.. දිගටම ලියමු..

සිහින said...

කොහෙන් හරි මේ පෝස්ට් එක මට මිස් වෙලා ඩිලාන් අයියෙ.ඒකට සමා වෙයන්. අද තමයි දැක්කෙ.. මම උඹව අඳුරගත්තෙ බස් රේඩියෝවෙන්.. ඒ කාලෙ නිදිමරාගෙන අපි බස් පැදපු කාලෙ රෑට රේඩියෝව කලේ උඹ. මමත් කාලයක් ගිහින් දැනගත්තෙ ඩිලාන් අයියටත් බ්ලොග් එකක් තියනව කියල. මොනව උනත් හාෆ් සෙන්චරියට සුභ පතනව හදවතින්ම. ලංකාවට ආව වෙලාවක බැහැ දකින්න ආසාවෙන් ඉන්නවා.. ජය වේවා !!!

Post a Comment