Pages

Sunday, December 30, 2012

දික්කසාදය රන්විමනක් කර ගත් ගෑණු

මුලින්ම කියන්නම් ඔන්න මේ පෝස්ට් එක බලන ගෑල්ළමෝ එහෙම මේවගේ කරන්න එපා ඔන්න. එක්කෝ සල්ලිකාරයන්ට කලත් අපි වගේ අසරණයන්ට නම් කරන්න එපා,එහෙනම් මුලින්ම කියන්නම් ඇයි මම මේ වගේ දෙයක් ලියන්න හිතුවේ කියලා.
පහු ගිය දිනක ඉතාලියේ පුවත් වල අපූරු පුවතක් ගියා ඒකත් ඉතින් අර ගෑණු හින්දම විහින් නැහෙන හිටපු අගමැති බෙරලුස්කෝනියා ගැනම තමා,බෙරාට මේ සැරේ උනේ දෙවෙනි ගෑණිගේ දික්කසාද නඩත්තු කේස් එක. මේ බෙරාගේ නිවුස් එකත් එක්ක ලෝකේ සල්ලිකාරයෝ දික්කසාද කරපු ගැණුන්ට ගෙවන නඩත්තු ලිස්ට් එකකුත් දාලා තිබුනා ඒක දැකපු මට කලන්තයක් වගේ ආපු නිසා බ්ලොග් එකට දාලා උබලවත් කලන්තේ හදවන්න හිතුනා.එහෙනම් අපි යමු ලිස්ට් එක බලන්න

1.හිටපු ඉතාලි අගමැති සිලිවියෝ බෙරලුස්කෝනි සහ දෙවෙනි දික්කසාද බිරිය වෙරෝනිකා ලාරියෝ.
 වෙරෝනිකාගේ නඩත්තුවට බෙරා දිනකට ගෙවන ගාන යූරෝ 100000 කි. (මෙච්චර ගානක් මොනා නඩත්තු කරන්න වැය වෙනවද මන්දා)


2 .ලෝක ධනවතුන්ගේ ලිස්ට් එකේ මුල් පෙලේ ඉන්නා රූබර්ට් මර්ඩොක් සහ දෙවනි දික්කසාද බිරිය වෙන්ඩි ඩෙන්ග්.
වෙන්ඩිගේ නඩත්තුවට රූබර්ට් නාකියට ගෙවන්න සිදු උනාලු  ඩොලර් 1700000000
 3. පෝමියුලා  ධාවන තරග අධ්යක්ශක සහ ලෝක ධනවතුන්ගේ ලිස්ට් එකේ ඉන්න බර්නි එක්ලෙස්ටෝන් සහ ස්ලාවිකා එක්ලෙස්ටෝන්
බර්නිට ගෙවන්න උනාලු ඩොලර් 1200000000 මුදලක්,,අපෝ මේ යකාට මේ ගැණිගේ උසටද කොහෙද මේ තරම් මුදලක් ගෙවලා තියෙන්නේ.

4. අංක 1 ගොල්ප් ක්‍රීඩක ටයිගර් වූඩ්ස් සහ එලින් නෝර්ඩග්‍රේන්, ගොල්ප් ගහලා ලෝක ධනවතුන්ගේ ලිස්ට් එකට ගිය ටයිගර්ට දික්කසාදයෙන් එලින්ට ගෙවන්න උනාලු ඩොලර් 750000000 මුදලක්, හයියෝ සල්ලි


5. ලෝක ප්‍රසිද්ධ සිනමා අධ්යක්ශක ස්ටීවන් ස්පීල්බර්ග් සහ ඇමී ලිරින්ග් ගේ දික්කසාදෙන් ස්පීල්බර්ග්ට ගෙවන්න උනාලු ගැණිගේ නඩත්තුවට ඩොලර් 100000000 මුදලක් අයියෝ ජුරාසික් පාර්ක් සල්ලි


6.සිනමා නලු හැරිසන් පෝර්ඩ් සහ අයියෝ පොරට ගැණු 2ක්ට ගෙවන්න වෙලා දැනට 3 ගැණි එක්ක නම් ඉන්නවලු.
  පළමු බිරිය මේරි මාර්ක්වර්ඩ් ට ගෙවන්න උනාලු ඩොලර් 95000000
දෙවෙනි බිරිය මෙලිස්සා මැතිශන් ට ගෙවන්න උනාලු 85000000,ශා පොඩි ඉතුරුවක් හිටලා දෙවෙනි පාර
7. ලෝක ප්‍රසිද්ධ ඉතාලි ඔපෙරා ගායක ලුසියානෝ පවරොත්ති සහ පළමු බිරිය අදුවා වෙරෝනි
 පොරත් විවාහ 2ක් ගිරිය පැලෙනකන්  කෑ ගහලා පොරටත් සැහෙන්න ගෙවන්න වෙලා දික්කසාදෙට, පස්සේ ඉතින් තරුන කෙල්ලෙක් එක්ක විවාහ වෙලා ඒකට වෙන්න ඇති අච්චර ගෙවුවේ. පොර ගෙවලා පවුම් මිලියන 80ක්.






8.අපේ ගමේ ගඩොල් පෝරණු රැකියාව කරන උපාලි දික්කසාදෙන් එයාගේ පවුලට රුපියල් 2000 ගෙවනවා,,අනේ උන් දෙන්නා කාගෙද කීමකට රෑවටිලා දික්කසාදෙට ගිහින් දෙන්නා රෑට අඩියක් ගහලා ගහ මරා ගත්තට හොදට හිටි ජෝඩුව.

තව ලිස්ට් එකක් තිබුනා මේ හොදටම ඈති මෙන්න මෙහෙම තමා ලෝකේ ඉන්න සල්ලි කාරයන්ගේ ජීවිත ගෙවෙන්නේ,,සල්ලි නෑති අපේ ජීවිත මොන තරම් සුන්දරද?












Tuesday, December 25, 2012

සුභ නත්තලක් වේවා!!!

තවත් නත්තලක් ආවා,,,කාලේ යන ඉක්මන හිතා ගන්න බෑ,,,මේ සැරේ ඉතාලියට නම් සරුවට නත්තල පේන්න නෑ, ආර්ථික අපහසුතා රටට සෑහෙන්න බලපාලා තියන නිසා වෙන්න ඇති ගෙවල් වලට සීමා උනු නත්තලක් මේ සැරේ මම දකින්නේ..
ඉතින් මගේ බ්ලොග් එකට එන සියල්ලන්ටම ලැබුවාවූ නත්තල සතුටින් සාමයෙන් පිරි සුභම සුභ නත්තලක් වේවා!!!

Sunday, December 16, 2012

මහා අකුසල් 7






මහත්මා ගාන්ධි තුමා ගැන මෙතන විස්තරයක් කරන්න දෙයක් නෑ මොකද එතුමාව අපි කවුරුත් දන්න නිසා,අද අහම්බෙන් එතුමා ගැන ඉතාලි බසින් ලිය උනු පොතක් මගේ ඇහැට ගැටුනා,,ඒ පොතේ තිබුනා  ගාන්ධි තුමා කියපු ලෝකේ මිනිස්සු කරන ලොකුම පාප 7 කියලා දෙයක්, ඒ පාප 7 මම මගේ බ්ලොග් එකේ ලියන්න හිතුවා,මේවා ඒ කාලෙටත් අදටත් හෙටටත් හැමදාටම ගැලපෙන දෙයක්,,පොඩි දෙයක් උනාට ලොකු දෙයක් කියන්න හදනවා මේ පුංචි දේ  අතරේ...


1. ප්‍රතිපත්තියක් නොමැති දේශපාලනය
2. ශ්‍රමය යෙදවීමකින් තොරව රැස් කළ ධනය
3. සිත් පිත් නැති විනෝදය
4. හික්මීමක් නොමැති දැනුවත්කම
5. සදාචාරයක් නොමැති වෙළඳාම
6. දයාවක් නොමැති විද්‍යාව
7. පරිත්‍යාගයක් නොමැති වන්දනාව


ඔයාලා මේක මීට ඉස්සල්ලා දැකලා ඇති ඒත් යම් කෙනෙක් ඉන්නවා නම් මේක නොදැකපු ඒ අයට මේක ලොකු දෙයක් වෙයි කියලා හිතුනු නිසා බ්ලොග් එකට ලියන්න හිතුවේ.. මේ මාසේ මගේ බ්ලොග් පෝස්ට් ගාන වැඩි වෙලා නේ හොදටෝම....
                

Wednesday, December 12, 2012

12-12-12

12 පේලියක් එක්ක අද විශේස දවසක් වගේම මගේ ජීවිතෙත් අද විශේස දවසක් වෙලා,,අද මගේ 27 වන උපන්දිනේ,අමතක නොවන දවසක වැ‍ටුන නිසා බ්ලොග් එකේ මොනා හරි කොටන්න හිතුවා,,කවදා හරි බ්ලොග් නැතුව යනකන් මේක තියේවි නේ, අද දවස මතක් කරන්න පුලුවන් වේවි අනාගතේ දවසක බ්ලොග් එක බලලා.
පහු ගිය උපන්දිනේ ගත කලේ ලොකු බලාපොරොත්තු එක්ක වෙන රටක,,ඒත් ඒ බලාපොරොත්තු ඉ‍ටු කර ගන්න බැරි උනා, පස්සේ ‍රැකියා ප්‍රශ්න එක්ක සැහෙන්න ගැටෙන්න උනා,,ඒ එක්කම ලංකාවට ගියා ඕනා දෙයක් වෙන්න කියලා වෙනසකටත් එක්ක,,කොහොම හරි ආයේ ඇවිත් ටික දවසකින්ම ආයේ ට්‍රැක් එකට වැ‍ටුනා, දැන් නම් ප්‍රශ්න අඩු වෙලා උපන්දිනේ ලැබුවා,
අවුරුද්දත් ඉවර වේගෙන යනවා බලමු ලබන වසර කොහොමද කියලා,,,ඔන්න 21 ලෝකේ විනාශ උනොත් ඉතින් සොරිම තමා උඩදී හමු වෙමු ආයෙත් කට්ටියම, එහෙ ගිහින් බ්ලොග් ලියන එක අමතක කරන්නේ නෑ  කීයටවත්.ලෝක විනාශ උනොත් මගේ බ්ලොග් එකේ ලියන අවසන් ලිපිය වේවි මේක.
ආයේ නත්තලත් එක්ක හමු වෙමු,සියල්ලන්ටම ජය වේවා!!!

Sunday, December 9, 2012

කැලෑ පත්තර...


අපේ ගම්වල ඉස්සර තිබුනු ප්‍රබලතම පුවත් මාධය තමා කැලෑ පත්තර කියන්නේ,පුවත් කිවුවට ඒවගෙන් එන්නෙම අරූ අරකි එක්ක ගියා අරකි අරූ එක්ක අර කැලේ උන්නා,අන්න අරූගේ ගැණි අරූ එක්ක සෙට් වෙලා  අන්න රෑ අරකිගේ මිනිහට දෙන්නවම අතටම අහු වෙලා වගේ බලද්දී කටත් ඇරගෙන බලන්න පුලුවන්  ඒවා, අද කාලේ කැලෑ පත්තර බෝක්කු වල, ලයිට් කණු වල කඩ පිල් වල දකින්න ලැබෙන්නම නෑ,, ඉස්සර නම් මාසෙකට සැරයක් වගේ අලුත්ම හොට් හොට් නිවුස් එකක් එක්ක කැලෑ පත්තරයක අලුත් කලාපයක් එලියට එනවා.
කැලෑ පත්තරයක් සකසන්නත් ,ඒවා බෙදා හරින්නත් සෑහෙන මහන්සියක් ගන්න ඕනා. බෙදා හැරීම පොඩ්ඩ එහා මෙහා උනොත් බඩුම තමා මොකද අතුරේ යනවා වගේ වැඩක්,,පවුල් කැඩිලා , ලොකු වලි එහෙම ගිහින් නවතින්න ඉඩ වැඩී.
හරි මොකෝ මට මේ එක පාරටම කැලෑ පත්තර මතක් උනේ, කියන්න අප්‍රමාන සං‍තෝසයක් ආවා මේ ලගදී, විශ්වාස කරන්න ඉතාලියේ කැලෑ පත්තරයක් දකින්න ලැබුනා සුද්ධ  සිංහලෙන්ම ලිය උනු, එතන තිබුනු ඒවා ලියන්න බෑ මෙතන,හීනියට කියන්නම් එතනත් තිබුනේ අර පදුරු කේස් එකක් ,,ආ නෑ නෑ ඉතාලියේ කොහෙද පදුරු,,හොද කාමරේක වෙන්න ඇති, ,ආරංචියේ හැටියට ලංකාවේ අය ගැවසෙන තැන් කීපයකම මේ කැලෑ පත්තරේ තිබුනලු,,ඒ කියන්නේ දුරකතන සේවා සපයන තැන්,කැම බඩු කඩ වගේ තැන්වල,,ඉතාලි කාරයන්ට සිංහල නොතේරෙන නිසා හොදා නැත්නම් උනුත් මේ කැලෑ පත්තර වලට ඇබ්බැහි වෙනවා, කොච්චර උනත් අපේ මිනිස්සු හරි හොදයි නැතී වේගෙන යන දෙයක් ‍රැකගන්න දන්නවා හොදට,,අපේ ගම් වල නැත්තටම නැති උනු කැලෑ පත්තරේ  ඉතාලියට ගෙනාවා ඒක මොන තරම් ලොකු දෙයක්ද?
ආයේ කැලැ පත්තර ගැන කතා කරමු,,ඇත්තටම මේක ගම්වලින් නැත්තටම නැති උනේ මොකෝ,,ගස් ගල්,බෝක්කු වල ඇලවුනු කැලෑ පත්තරේ අද කොහෙද? කස්ටියක් කියනවා ඒක ජාලයේ තියනවලු,,ඒකත් ඇත්ත, දැන් තියන තරමක් කැලෑ පත්තර සයිට් වැහි වැහැලා,,, කැලෑ පත්තර බ්ලොග් එහෙමත් තියනවද දන්නේ නෑ,මම නම් දන්නේ නැ ඕවා,මේ ලගදී පාර්ලිමේන්තුවෙත් අර අගවිනිසුරු නෝනට කැලැ පත්තරයක් ලිය උනාලු , ඒ කියන්නේ අද කැලෑ පත්තරේ තියෙන්නේ පොඩි මිනිස්සු ලග නෙමේ පාර්ලිමේන්තුවේ,,අන්තර්ජාලේ වගේ තැන් වල.
කැලෑ පත්තර නිර්මානාත්මකව නිර්මානය කරපු අයව හොයන්න ඕනා මේක ආයෙත් ඉස්සරහට ගන්න,,අපේ ගමේ උන්නු එකෙක් නම් ඒ කාලෙම මාට්‍ටු උනා,,මූ කතා කරනකොට නිතරම එක වචනයක් කියන්න පුරුදුව උන්නා,,මුගේ අවාසනාවට ඒ වචනේ කැලෑ පත්තර දෙක තුනකටම දැම්මා,,නිකන්ම බඩු මාට්‍ටු, පොර සැහෙන දක්ශව උන්නා,,රචනා විදිහට,,කවි විදිහට පවා කැලැ පත්තර එලියට දැම්මා,,,එක එක චරිත ආදේශ කරලා ලිවුවා,,,ඒ කාලේ ගිය ටෙලි නාටක වලින් අර ගත්තු චරිත ගමේ උන්නු චරිත වලට ආදේශ කලා,,,ලගදී ඉතාලියේ දැකපු කැලෑ පත්තරෙත් සෑහෙන්න ඒ ගානට තිබුනා.
කොහොම හරි මේ කැල පත්තර ආයෙත් ගස් ගල් බෝක්කු වලට ගන්න උත්සහ කරන්න ඕනා කැලැ පත්තර රචකයන්ව දිරිමත් කරන්න ඕනා,,උපහාර පුදන්න ඕනා,, ඉතාලිය වගේ රටකට කැල පත්තර ගෙනාපු පොරව හොයලා උපහාර පුදන්න ඕනා,,ඉතාලියෙන් බෙරලුස්කෝනි ගැන වත් ලියලා උගේ දක්ශතා ඉතාලි කාරයන්ට පෙන්නපන් කියන්න ඕනා,,මොකෝ බෙරා නාකියා පොඩි කෙල්ලෝ එක්කම නේ ඉන්නේ.. හොදට ලියන්න පුලුවන් වෙයි ඌ ගැන. හ එහෙනම් අර බ්ලොග් කැලෑ පත්තර කාරයෝ ආයෙත් පටන් ගනිල්ලකෝ ඒ කැලෑ පත්තර බ්ලොග්,,එහෙනම් මම ගියා,,ආයේ ලෝක විනාසෙට ඉස්සල්ලා පෝස්ට් එකක් ලියන්න එන්නම්.

Saturday, October 27, 2012

අලුත් අත්දැකීම් රාශියක් සමගින්....

කාලෙකින් බ්ලොග් පෝස්ට් එකක් ලියන්න වේලාවක් ආවා... බොහොම අමාරුවෙන් බ්ලොග් පෝස්ට් කියවන්න පොඩි වේලාවක් ආවට මගේ බ්ලොග් එක දිහා බලන්නවත් වෙලාවක් හොයා ගන්න අමාරු උනා, ගොඩක් අයගේ බ්ලොග් පෝස්ට් කියෙවුවට පොඩි කමෙන්ට් එකක්වත් දාන්න බැරි උනා. අම්මේ ගොඩක් දෙනෙක් අහනවා බ්ලොග් එක ලියන්නේ නෑද කියලා,,,සික් බොරුවට කිවුවේ නිකමට එකෙක් ඇහුවෙ නෑ බ්ලොග් එක කෝ කියලවත්...
මුලින්ම මම ලොකු ස්තූතියක් කරන්නත් මේ පෝස්ට් එක යොදා ගන්නවා. ඒ මගේ විනෝදාංශය වෙනුවෙන් මුදල් නෝට්‍ටු කීපයක් ලබා දුන් අසරණයට අසරණයා අප්‍රිකානු රටවල මුදල් නෝට්‍ටු කීපයක් මට ලබා දුන්නා,,අසරණයා ඔයාට ගොඩක් ස්තූතී ඒ කරපු උදවුවට.
හරි එහෙනම් මගේ පෝස්ට් එකට ආයේ, පහු ගිය අප්‍රියෙල් අවසානය,මැයි, ජුනි මුල වෙනකන් මම උන්නේ ලංකාවේ දිග නිවාඩුවක්, කරගෙන හිටි ජොබ් එක අපේ නෑදෑ මාමාකෙනෙක්ට දීලා ලංකාවට වෙලා උන්නේ ආයේ ඇවිත් ජොබ් එකක් හොයනවා කියලා හිතාගෙන, ආයේ ඇවිත් ජූනි ඉදන් ජොබ් හොයන්න ගත්තා,,ඉස්සර ජොබ් වලින් නවතිනවා අලුත් ඒවට යනවා ඒ පුරුද්දට ජොබ් හොයන්න ගත්තට අගෝස්තු වෙනකන් ස්තීර ජොබ් එකක් අහලකවත් නෑ පොඩි පොඩි පාට් ටයිම් කැලිවලින් පොඩි ගානක් හොයා ගත්තට,ස්තීර ජොබ් එකක උවමනාව තදින්ම දැනුනා,ඒ මගේ ‍රැදී සිටීමේ බලපත්‍රයට ‍රැකියා කොන්තරාත්තුවක් උවමනා කරපු නිසා, ඒ වෙද්දි ‍රැකියා කොන්තරාත්තුවක් නැතුව කාලයක්,,මොකද ඉතාලියේ ඉදන් වෙන රටකට පනින්න හදපු වැඩෙත් හබක් වෙලා උන්නේ, ඔහොම ඉද්දි අතේ තියන සල්ලි ටිකත් ඉවර වේගෙන එනවා,,කොහොමත් ලංකාවට ගිහින් ආයේ මෙහෙට එන්නේ අතේ සතේ නැතුව නේ,,පාට් ටයිම් කැලි ටිකෙන් පොඩ්ඩක් ඔලුව උස්සන් උන්නා,,ඒකත් සමර් ඉවර වේගෙන එනකොට එකින් එක අඩු උනා.
ජොබ් හොයන අතරේ ආවා ජොබ් එකක් ගිහින් බලනකොට සීයා කෙනෙක් බලා ගන්න,,ගිහින් කතා කලා මොකටත්,අකමැත්තෙන් ගියේ ඒත් පඩිය එහෙම කතා කරන් එලියට එනකොට පර්ස් එකට අත යනකොට, ඕනා දෙයක් වෙච්චා දෙන් කියලා සීයව බලා ගන්න තීරනේ කලා, ඒත් මුල් මාසයක් ගියේ රෑට විතරයි, මෙච්චර කාලෙකට මම නාකි අයව බලා ගන්න ජොබ් කලේම නෑ,පිගන් හේදිලි,සුද්ද කරන වැඩ කලාට නාකි අයව බලා ගන්න ඒවට ගියේම නෑ,එකක් නාකි අය එක්ක වැඩ කරන එක ලේසි නෑ. ඔහොම මුල් මාසේ ගිහින් අතට පඩිය එනකොට මේකෙම ඉන්නවා කියලා තීරනේ කලා ඒ වෙනකොට ‍රැකියා කොන්තරාත්තුවත් හරි. සීයා ‍රැට කීප වරක්ම නැගිටිනවා තනියම දෙයක් කර ගන්න අමාරුයි මම පස්සෙන්ම ඉන්න ඕනා,තනියම කර ගන්නවා නම් මාව ගනීද වැඩට නෑ නේ, ජොබ් එක ලේසිම නෑ නාකි මිනිස්සු එක්ක වැඩ කරන එක තනිකරම මොළේ කචල් වෙන වැඩක්, කොහොමත් කැත කුණු අත ගන්නත් වෙනවා ගොඩක් දුරට,,බඩේ අවුලක් උනොත් සොරිම තමා,ගොඩක් උත්සහ කරලා ඒකට හිත හදා ගත්තේ දැන් නම් ගොඩක් දුරට හුරු වෙලා,,ග්ලවුස් දාගත්තට ඒක සෑහෙන්න අමාරු වැඩක්.
මොනා නැතත් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා,,මේ වෙනකොට ප්‍රෙශර් බලන්න,උණ බලන්න, ඉන්ජෙක්ශන් විදින්න මෙහෙ විදින්නෙම පස්සට,බෙහෙත් දෙන විදිහ පවා ඉගෙන ගත්තා,,එතකොට නාකි අයට කෑම හදන්න,රෙස්ටුවරන්ට් රෑකියා ඒකට උදව් උනා මට,, සීයගේ දත් නෑ කීපයක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ ඒක නිසා ආහාර හෑපීමට බෑ ආහාර ක්‍රීම් වෙන්න අබරලා දෙන්න වෙලා තියෙන්නේ,,,
මේ නාකි මිනිස්සුන්ගේ ජීවිතේ පුදුමාකාරයි, විශ්ව විද්යාල ආචාර්යවරයෙක් උනු සීයා අද අවලංගු කාසියක් වෙලා, මම විතරයි ප්‍රොෆෙශර් කියලා කතා කරන්න ඉතුරු වෙලා ඉන්නේ ඒ වෙලේට පොරගේ කට කනේ වදින්න හිනාවක් යනවා, සීයගේ ඔලුවේ නහරෙක ලේ කැටියක් හිර වෙලා දැනට හිටි ගමන් මොළේ අවුට් යනවා ඒ වෙලාවට හිනා කාලා මැරෙන වැඩ වෙනවා වගේම,,ජොබ් එක දාලා ගෙදර දුවන්න වෙන වැඩත් වෙනවා, ඒත් ඉතින් යූරෝ මතක් වෙනකොට ආයේ ජොබ් එකේ.
‍රැට විතරක් ගිය මාසෙ කොහොමහරි ඇදගෙන යනකොට සීයව පොඩ්ඩක් ශාරීරිකව දුර්වල උනා ඒ එක්කම මට පුල් ටයිම් එහෙ නතර වෙන්න උනා, ඒ කියන්නේ තනිකර හිරේ යැමක් වගේ, බදාදා සවස,ඉරිදා දවස විතරයි නිවාඩුව,එහෙම ඉන්නකොට වැඩිය වැඩ නම් නෑ ඒ උනාට දවස ගෙවන එක සෑහෙන අමාරුයි වැඩ අඩු නිසාම තවත් අමාරුයි,සීයගේ වැඩෙත් වැඩි පුර නිදන එන,,එයාගේ ජීවිතේ ගෙවන්නේ නිදියන ඇද ,කෑම මේසේ ,කොමඩ් එක විතරයි,කොටින්ම මේ සීයා ජීවත් වෙන්නේ බෙහෙත් වලින්,තමන්ට ලැබෙන පෙන්ශන් එක මෙයාගේ පුතා යොදවන්නේ මෙයාව ජීවත් කරවන්න,,ඇත්තටම ඉතාලි සමාජයේ අඩුයිමේ වගේ පුත්තු. තමන්ගේ දෙමව්පියන්ට මේ තරම් තදින් සලකන පුතෙක් මම දැක්කමයි එයාගේ අධික වැඩ රාජකාරි අස්සේ, සීයගේ පුතාගේ උත්සහය නිසාම මේ සීයා ජීවත් වෙනවා,,ඒකට මමත් සැහෙන සප් එකක් දෙනවා,,මොකද මගේ ‍රැකියාව ‍රැදිලා තියෙන්නේ සීයා ජීවත් වෙනකන් විතරයි,,මොන කට්ටක් කෑවත් මමත් ඉබේම මේ සීයව ජීවත් කරවන්න සප් එක දෙන්න පටන් ගත්තා ඉබේම,
වෙලාවකට මම සීයා කරන කියන ඒවට දරුණු වෙන්න හැදුවට මට කවදාවත් එහෙම වෙන්න බැරි උනා,මේ සීයගේ මොළේ හොදට තියන සුලු කාලෙදි එලියට එන මනුස්සකම ඒවා යට කලා,මහත්මා ගති වලින් පිරුණු සැබෑ මහත්මයෙක් ඇත්තම කිවුවොත්,ඒ වෙලාවට හරිම සුන්දර මිනිහෙක්.
මේ සීයා එක්ක ගෙවන කාලේ වෙලාවකට හරිම නීරස උනත් ලබා ගන්න අත්දැකීම් ගොඩයි, ඉතාලි ජීවිතේ මම ගෙවන අමුතුම කාලයක් වෙලා මේ කාලය,,ඒකට මේ වෙනකොට නම් හුරු වෙලා බලමු ඉදිරියට මොකෝ වෙන්නේ කියලා,,ඒ අතරේ සෑහෙන ගේමක් දෙනවා සීයව ජීවත් කරවන්න,මොකද  සීයගේ ජීවිතේ මත මගේ මේ ‍රැකියාව ‍රැදිලා තියන නිසා,මම මේ තාක් කාලයකට කරපු කිසිම ‍රැකියාවකට අසාධාරනයක් කලේ නෑ ලබපු වැ‍ටුපේ හැටියට උපරිම සේවයක් කලා.එහෙනම් බලමු ආයෙත් බ්ලොග් එක පැත්තේ නිවාඩුවක් ලැබුනු විගස එනවා, ඉන්ටර්නෙට් නැතිව ගෙවන ජීවිතෙත් හරිම නිදහස්.මුලදී සෑහෙන අමාරු උනා ජාලය මතක් වෙනකොට මේ වෙනකොට ඒකත් හරි.එහෙනම් මම ගියා නැවත් හමු වෙමු.

Sunday, August 12, 2012

ඔලිම්පික් ඉවරායි

දවස් 16ක් තිස්සේ ගෙදර දුවන් ආවේ ටීවී එක ලගට කොච්චර උනත් ඔලිම්පික් පටන් ගත්ත දා ඉදලා පුදුම අමාරුවක් තිබුනේ තරග බලන්න දවස අවසානේ පදක්කම් ලිස්ට් එකේ කවුද එකට ඉන්නේ කියලා බලන්න,,ඒ අස්සෙන් මට තවත් ආසාවක් තිබුනා පිට්ටනියේ මිනිස්සු අස්සේ කවුරු හරි අපේ කොඩිය උස්සගෙන ඉන්නවද කියලා බලන්න, සමහර වෙලාවට නම් පිට්ටනියේ එල්ලලා තියන අපේ කොඩිය දැක්කා, නිලූකගේ තරගේ බලන්න බැරි උන නිසා එදා දකින්නත් බැරි උනා, ඒත් එදා කොලුවා තනියම සෙල්ලම් කලේ කියන්නේ හැම කෙනාම, කවුරුත් කෑ ගහන්නවත් උන්නේ නෑලු, ඉදලා ඉදලා අද ඔන්න මැරතන් තරගෙට නම් අපේ කොඩියක් පාරේ අයිනේ කොලුවෙක් උස්සගෙන උන්නා, අපේ රටෙන් කොළුවෙක් මැරතන් තරගෙට උන්නා නේ,,ඒත් බලන් උන්නා දැන් පෙන්නයි දැන් පෙන්නයි කියලා ඒත් ඌව දැක්කෙවත් නෑ, මොනා කරන්නද ඔය එංගලන්තේ ඉන්නවා හැටහුටාමාරක් ලංකාවේ කියාගෙන ඉන්න උන් ඒ එකෙක්ටවත් ඔය පිට්ටනියකට ගිහින් කොඩියක් උස්සන්න බැරි උනා නේ,,අර එල්ටීටී කාරයෝ නම් එලියට වෙලා හරි උන්ගේ ඊළාම් කොඩි උස්ස ගත්තා, අද මැරතන් එකට ඒ බලන්න ආපු කොල්ලා විතරයිද කොහෙද එංගලන්තේ ඉන්න එකම ලාංකිකයා,කොහෙද අර ගිය ලොකු නිලධාරි සෙට් එකත් උන්ගේ ටිකට් විකුනලා උන් සැප ගන්න ඇති එළියට ගිහින්. මේ ලිපිය ලියන්නේ දුකින් ඔලිම්පික් අවසන් කිරීමේ උත්සවය බලන ගමන් එතෙන්ට ක්‍රීඩකයෝ ආවා එතෙන්ටවත් අපේ එකෙක් ආවේ නෑ නේ,ලක්ශයකට වඩා නිකන් කොන්ඩම් බෙදන්න උනාලු ඔලිම්පික් ගම්මානේ ,ඔය ගිය ලොකු සෙට් එකත් ඒවා ප්‍රයෝජනයට ගන්නවා වගේ තාම.
කාලෙකට ඉස්සල්ල සුසන්තිකා,සුගත්,දමයන්ති,ශ්‍රියාණි,රොහාන් ,ප්‍රසන්න සෙට් එක උන්නු කාලේ ඔලිම්පික් වලට ගිහින් පලවෙනි වටෙන් විසි උනේ නෑ සුසන්තිකා පදක්කමක් හරි ගත්තා ඒ කෙල්ලගේ පදක්කමින් පස්සේ ආයේ නම් කවදා දකින්න වෙයිද අපේ රටේ කෙනෙක් පදක්කමක් ගන්නවා, සුගත් 96 ද කොහෙද ඇට්ලන්ටා ඔලිම්පික් එකේ ඇමරිකාවේ සුපිරි වැඩ කාරයෙක්ව පරද්දනවා 400 මීටර් දුවලා,ඒකෙන් පොර සෙමි ගියා,මයිකල් ජොන්සන්වද කොහෙද මුල් වටේකදි පැරද්දුවේ, ඒ කාලේ මොනා උනත් පිට්ටනියේ අපේ රටේ කොඩි තිබුනා මේ සැරේ වගේ නෑ,,සික් ක්‍රිකට්වත් දාපියව්,ඕවර් 20 හරි මේ ඔලිම්පික් වලදි අපිට පදක්කමක් වත් ගන්න.
මට මේ තරග බලනකොට හිතුනා එක එක දේවල්,ඔන්න වෙඩි තියන තරග වලදී හිතුනා ඇයි දෙයියනේ අවුරුදු 30ක් යුද්ධයක් තිබුනු රටක හමුදාවෙන් හරි, කොටින්ගෙන් හරි එකෙක් හොයන්න නෑද ඉලක්කෙට වෙඩිල්ලක් තියා ගන්න පුලුවන්,,මම දැකලා තියනවා පොල් ගෙඩියට ගල් භාගෙන් ගහලා ගෙඩිය වට්ටන උන්,ගහේ යන ලේනට ගල් පටියකින් විදලා ලේනව මරන උන්,එහෙම පොරවල් ඉන්න රටේ අර වගේ ඉලක්කෙට වෙඩිල්ලක් තියන්න එකෙක් නෑද,ඔය පුනුරුත්තාපනය කරන උන්ගේ වැඩකාරයෝ ඇති ඉලක්කේ ගන්න උන්,දෙපැත්තෙම ස්නයිපර් කාරයෝ උන්නා උන්ගෙන් එකෙක් නෑද ඔලිම්පික් වලට අරින්න,ඔන්න දුන්නෙන් විදින තරගේ යනවා,අර මහියංගනේ ඉන්නවා ඇවිදින්න ගත්තු කාලේ ඉදලම දුනු කරේ තියන් ඉන්න උන්,,උන්ගෙන් එකෙක්ව හොයන්න නෑද ඉලක්කෙට දුන්නෙන් තියන තරගෙට,අපෝ ඔය වගේ එක එක විකාර මට මතක් උනේ මේ දවස් 16ම මේ ඔලිම්පික් හින්දා.
ඇමරිකන්කාරයෝ ඔන්න එක උනා, මම උන්නේ චීන්නු එක වෙයි කියලා,කොච්චර උනත් උන් අපේ යාලුවෝ නේ, පොඩි හැපි මෙවුවා එකක් උනා,ඉතාලි කාරයෝ 8 වෙලා පදක්කම් ලිස්ට් එකේ,,කොච්චර උනත් අපි මොනා හරි දෙයක් කර ගන්නේ මුන් හින්දා නේ,මම ඇත්තටම සතු‍ටු උනා මුන් පදක්කමක් ගන්නකොට.ආයේ අවුරුදු 4න් ඔලිම්පික් යනවා බ්‍රසීලයට,දැන් ඉදලම ලැස්ති වෙන්න ඕනා,,බ්‍රසීලය කියන්නේ එංගලන්තේ වගේද,,මම හිතන්නේ ඔලිම්පික් ඉතිහාසේ සෙක්සිම ඔලිම්පික් උලෙළ කරයි උන්,කටත් ඇරගෙන තරග බලන්න වෙයි, අනේ ලබන සැරේවත් අපේ රටෙන් මීට වඩා දෙයක් ලැබේවා කියලා පතනවා,නිලධාරි ලෝඩ් එක ගියත් පදක්කමක් ගත්තොත් ඒක ශේප්,අර කොහෙන්ද අප්‍රිකානු රටකින් ක්‍රීඩකයෝ 2යි ,නිලධාරි 2යි ගියේ උන් දෙන්නම පදක්කම් 2ක් අරන් ගිහින්,අපේ උන්ට දුවන්න බෑ කියමු, කොහොම හරි ඔය හමුදාවෙන් හරි පුනුරුත්තාපන කොටින්ගෙන් හරි ඉලක්කෙට වෙඩි තියන්න පුලුවන් එකෙක් හොයලා හරි බ්‍රසීලයට යවන්න මහින්ද මාමට හිතේවා කියලා මම දැන් ඔලිම්පික් අවසන් උත්සවය බලනවා,,අප්පේ ඒකත් බලන්නම උත්සවයක්,ඒ තරමට ලස්සනයි.(ස්පයිස් කෙල්ලොත් සිංදු කියනවා උන් නාකි වෙන්නේ නෑද මන්දා)

Saturday, August 4, 2012

Numismatics සහ මම


ඒ 2010 පේස් බුකියට ඇබ්බැහි වෙලා තිබුනු කාලේ,මම මුදල් නෝට්‍ටු එකතු කරන උන්ව හෙවුවා මට හම්බුනා. Numismatics අපෝ මහා භයානක වචනයක් ඔය වචනෙන් මට සුද්දෙක් දමලා ගැහුවා පේස් බුකියෙදි ඒ ගෲප් එකක්දී හැරුනු තැපෑලෙන්ම ගියා මධුර අයියා ගාවට පොර ඒකට තේරුම දුන්නේ තේරුමක් නාණක ශාස්ත්‍රය.අදටත් මට ඔය සිංහල නමේ තේරුම හම්බුනේ නෑ,පස්සේ එස් අකුර කැපුවා අගට තිබුනු මෙන්න බොලේ ආවා තේරුමක් මම දන්න කාසි විද්යාව, අනික් එක ටංකන විද්යාව, ටංකන දන්නේ නැති උනාට කාසි දන්නවා නේ.එතකොට තමා මට තේරුනේ ලෝකේ මුදල් නෝට්‍ටු එකතු කරන එකට කියන නම.
මම 1998 ඉදන් ලෝකේ රටරට වල මුදල් නෝට්‍ටු එකතු කරන්න ගත්තේ,සෑහෙන එකතුවක් මම ලග තියනවා. ලංකාවෙදි නෑයන්ගෙන් අදුනන අයගෙන් කෙදිරි ගාලා තමා පිටරටක මුදල් නෝට්‍ටුවක් ඉල්ල ගන්නේ,රට ඉදලා ගිය අලුත කෙනෙක්ගෙන් හිමීට වෙලාවක් බලලා අහලා බලනවා එතකොට එයාලා ගැම්මට ඒ නෝට්‍ටු දෙනවා,හැබැයි ගිය අලුත විතරයි එහෙම දෙන්නේ පරන උනාම දෙන්නේ නෑ කීයටවත්. ඔහොම මම හරි ආසාවෙන් ඔය විනෝදාංසෙ කරගෙන ගියා.
2001 අවුරුද්ද මගේ කලෙක්ශන් එකට එල්ල උනු ලොකුම ප්‍රහාරය සාපෙ පංති ගිහින් මොකක් හරි දේකට මගේ එක මුදල් නෝට්‍ටු ඇල්බම් එකක් එදා මම ලග තිබුනා,ඕක ඉල්ල ගත්තා එකෙක් බලන්න,මූ ඒකේ තිබුනු ඩොලර් 20 ට විද්දා, 20 හම්බුනෙත් නෑ ,එදා ඉදන් ඔය ඇල්බම් කිසිම එකෙක්ගේ අතකට නොදෙන ප්‍රතිපත්තියක් තියනවා,පෙන්නුවත් මගේ අතේ තියාගෙන, ස්කෝලේ යන කාලේ ගෙවල් වල තිබුනු සල්ලි කොළ මට විකුනන්න ගෙනාපු උනුත් හිටියා,,ගාන අහන්න එපා මම ඉතින් කස්ටියගෙන් සල්ලි කොළ සාධාරන මිල ගනන් වලට මිලට ගත්තා, ඔය කාලේ ලංකාවේ පරන රුපියලේ,දෙකේ,පහේ කොළ කීපයකුත් හම්බුනා ඔය මගේ ස්කෝලේ යාලුවන්ගෙන්,අපේ මලයෙක් එයාගේ ආච්චි ලග තිබුනු දෙකේ කොළයක් හොරෙන් උස්සලා ගෙනත් දුන්නා ඒ ආච්චි ලග ලංකාවේ පරන සල්ලි කොළ එකතුවක් තියනවා උන්දගෙන් ඒවා ගන්න ක්‍රමයක් නෑ,තාමත් මම ඕකට ඇහැ ගහන් ඉන්නවා.
ඔහොම යනකොට තමා මට ඔය පේස් බුකියේ මුදල් නෝට්‍ටු එකතු කරන්නෝ හමු උනේ, මොනා උනත් ඒ සුදු මහත්තැන්ලා මාත් එක්ක මුදල් නෝට්‍ටු හුවමාරු කිරීම් රාශියක් කරලා තියනවා. මේ ඊයෙත් එක්කෙනෙක් මම යවපු මහින්ද මාමගේ අස්සන තියන කොළ 6ට කොළ 10ක් එවලා, බලන්න කොච්චර හොදද කියලා, එක සැරයක් ආජින්ටිනාවේ ඉන්න මහත්තයෙක් මට එහෙ සල්ලි කොළ රාශියක් එවුවා,මමත් එයාට කොළ රාශියක් යැවුවා , ලංකාව ක්‍රිකට් ලෝක කුසලානය ගත්තට පස්සේ ගහපු 10 සමරු කාසියකුත් දුන්නා,,ඒක ගොඩක් වටිනා කාසියක් කියලා ලියලම යැවුවා.ආ තව ඇමරිකාවේ ඉන්න පිලිප්පීන් ජාතිකයෙක් එයා එක්කත් මම කීප වතාවක්ම මුදල් නෝට්‍ටු හුවමාරු කරලා තියනවා. ඔය විදිහට මුදල් නෝට්‍ටු හුවමාරු කරපු මම එක සැරයක් පකිස්තාන් කාරයෙක්ට අහු උනා, එදා ඉදන් දකුනු ආසියාවේ උන් එක්ක මම වැරදිලාවත් මුදල් නෝට්‍ටු මාරු කිරිල්ල කරන්නෙම නෑ,
කොහොම උනත් මේ මුදල් නෝට්‍ටු එකතු කිරීමෙන් මම ලොකු දැනුමක් ලබා ගත්තා ලෝකේ මුදල් නෝට්‍ටු ගැන,අත් කාචයක් අරගෙන ඔය කොල දිහා බලන් ඉන්න එක මරු වැඩක්,මුදල් නෝට්‍ටු වල රහස් සලකුනු,දිය සලකුනු එහෙම හදුනා ගැනීමේ දැනුමක් නිකන්ම ආවා,දන්නවද ලෝකේ ගොඩක් රටවල කියන්නේ විශයක්.මම හොයලා බලපු විදිහට උපාධි පවා තියනවා.අපේ රටේ නම් පැරනි මුදල් නෝට්‍ටු හොයන්නත් අමාරු වෙලා තියෙන්නේ,ඒත් ඉතාලිය වගේ රටවල පැරනි මුදල් නෝට්‍ටු ඉක්මනින් හොයා ගන්න පුලුවන්,,මම ලග ලංකාවේ පැරණි මුදල් නෝට්‍ටු වලට වඩා පිට රටවල පැරණි මුදල් නෝට්‍ටු තියනවා. ලංකාවේ පැරනි මුදල් නෝට්‍ටු නැති වීමට හේතු හොයා ගන්න අමාරුයි. ලෝකයේ රටවල් කීපයකම කාසි සහ මුදල් නෝට්ටු වලටම වෙන් උනු කෞතුකාගාර පවා තිබෙනවා. ඔගස්ටස් සීසර් පවා මේ විනෝදාංශෙ කලා කියලයි ඉතිහාසය කියන්නේ
.
මුදල් නෝට්‍ටු ගැන බලනකොට හරි විහිලු මුදල් නෝට්‍ටු තියෙන්නේ සිම්බාබ්වේ මම ඒ ගැන මීට ඉස්සල්ලා ලියලා තියනවා මෙන්න. තවත් විශේස දෙයක් අපේ රටෙනුත් දකින්න තියනවා,මම හොයලා බලපු විදිහට ජීවතුන් අතර ඉන්න රාජ්්‍ය නායකයෙක්ගේ මූණ මුදල් නෝට්‍ටු වලට යොදන්නේ නෑ අපේ රටේ නම් ඒක කලා,මීට ඉස්සල්ලා ප්‍රේමේ සීයත් රුපියලකට එයාගේ මූණ ඔබාගෙන තියනවා.ඒ වගේම ඊයේ මට හම්බුනු මොංගෝලියා මුදල් නෝට්‍ටුව ඉතාමත් පොඩී, ඒ වගේ විශේස දේත් මේ මුදල් නෝට්‍ටු වල තියනවා.
අන්තර්ජාතිකව මුදල් නෝට්‍ටු හුවමාරු කරපු මම ඔන්න පොඩි ආරාධනාවක් කරන්නයි යන්නේ,ඔයාලත් මේ විනෝදාංශෙ කරනවා නම් මම කැමති හුවමාරු කරන්න.හොර බෝරු වංචා නෑ ඔන්න මුලින්ම කිවුවා,මේ වැඩේ විහිලුවට ගත්තු එකාලා වගයක් ඉන්නවා උන් දැන් මට අපහස කරලා පහල කමෙන්ට් කරයි ඒවා සතේකට ගනන් ගන්න එපා.වැඩේට කැමති අය ඉන්නවා නම් මට දැනුම් දෙන්න,,ඒ වගේම ඉතින් මට ඔයාලගේ අස්සන දාලා දිනේ දාලා ඔයාලව මතක් වෙන්න වගේ මට මුදල් නෝට්‍ටු එවන්න උනත් පුලුවන්, එහෙම කැමති නම් දුන්නොත් මම බාර ගන්නවා.පොඩි වටිනාකම් ඒවා තමා ලොකු වටිනාකම් ඒවා එපා,අපේ බ්ලොග් ලියන මිතුරෝ ඉන්නවා නේ නොයෙක් නොයෙක් රට වල.ඔන්න කැමති නම් මගේ එකතුව වැඩි කරන්න ඔයාලට පුලුවන්. කැමති නම් මට දැනුම් දෙන්න.එහෙනම් අදට මේ පෝස්ට් එක ඉවරයි.


මේ තියෙන්නේ ඊයේ මට හම්බුනු මුදල් නෝට්ටු කීපය ඇප්ගනිස්තානේ,බංගලිදේස්,බෙලරුසියා,මෝංගෝලියා.

Thursday, July 19, 2012

වාසනාව දොර ඇරලා බලනවා...


ඒ 2002 අවුරුද්ද මට මතක විදිහට ,සාලේ බත් කනවා මහජන සම්පත බලන ගමන්, එක පාරටම කාපු බත් කට හිර උනේ මහජන සම්පතට තෑග්ග ගන්න ආපු පොරව දැකලා,හුටස් ඒ උන්නේ අල්ලපු ගමක තිබුනු කොළනියේ සරත්,නම සරත් උනාට මිනිස්සු සේරම කිවුවේ සරා කියලා අපේ පැත්තේ ගඩොල් පෝරණුවක වැඩ කලේ,සරා තෑග්ග ගන්නකොට මම හිතන්නේ ඒ වෙලේ මිනිහව දන්න අපේ පැතිවල මිනිස්සුන්ගේ හාට් නවතින්න ඇති,මට කාපු බත් කට හිර වෙලා කැස්සකුත් ආවා,මිනිහා සුපිරි තෑග්ග දිනලා මට මතක විදිහට කෝටියක්,පහු වෙනිදා ඉදන් මැටි ගොඩවල් එක්ක ඔට්‍ටු උනු නිකන්ම සරා කෝටි සරා උනා,මිනිහගේ නමට ඉස්සරහින් කෝටි කියන නම වැ‍ටුනා, සතියක් දෙකක් යද්දී සුදු සරමයි සුදු කමිසෙයි අදගත්තු කෝටි සරා හැමතනම යන්න ගත්තා අලුත්ම හොන්ඩා බෙන්ලියක, වෑන් එකක් ගත්තා,ටිපර් එකක් ගත්තා,ලොකු පොල් ඉඩමක් ගත්තා,කෝටි සරා සුදු කමිසේ බොත්තම් භාගයයි දැම්මේ අර හිල් හිල් මේස් බැනියමක් ඇදන් ලොකු චේන් එකක් දාගෙන උන්නේ,කමිසේ සාක්කුවේ 1000 කොළ කීපයක්ම තිබුනා කොයි වෙලෙත්,කෝටි සරා දැන් මුදලාලි කෙනෙක්.
ඔහොම යනකොට කෝටි සරාට යාලුවෝ ගොඩක් සෙට් උනා,මිනිහා හැමදාම චයිනීස් වල බොනවා, ටික දවසක් යනකොට මීගමුවේ පැත්තේ කැරෝකේ වලටත් යන්න ගත්තලු,සල්ලිකාරයා වෙන්න ඉස්සල්ලත් මිනිහා බූරු පොලවල් වල උන්නේ ගඩොල් රස්සාවෙන් හොයපු සල්ලි වලින්,දැන් මිනිහා සුපිරි බූරු පොලවල් වලට යන්න ගත්තා,40 පැනපු පොර උනාට දැන් සල්ලි තියනවා නේ,,මිනිහට හැමතැනම ගැණු ඉන්න ගත්තා,ඉස්සර මැටි නාගෙන උන්නු සරා දිහා බැලුවෙවත් නැති ගෑණු සරාගේ පස්සෙන් දැන් එක දිගට,, මැටි නාගෙන උන්නු සරාගේ ගෑණිත් අලු ගසා දාලා හැඩ වැඩ වෙලා උන්නා,, ඒ වෙනකොට ඉතින් සරාගේ වටේ උන්නු අලුත් යාලුවොත් සරා නැති වෙලාවට ගෙට රිංගුවලු, කෝටි සරා යුවල සුපිරි ජීවිතයක් ගෙනිච්චා තමන්ගේ දරුවනුත් එක්ක, දෙන්න සමගියෙන් සමාදානෙන් සතුටින් දෙන්නගේ ජීවිතේ ගෙනිච්චා,සරාගේ වටේ උන්නු ගැණු කීප දෙනෙක්ම ගෙවල් දොරවල් හදාගෙන තිබුනා ,ඒ වගේම තමා ගෑණිට ලංඋනු මිනිස්සුත් යහමින් සල්ලි කඩාගෙන තිබුනා.
2012 වෙනකොට කෝටි සරා ජෝඩුව ආයේ මැටි ගොඩට වැටිලා, මොකෝ උනේ සරා කියලා අහනකොට ජෝඩුව දෙන උත්තරේ හොද හිනාවක් එහෙම දාලා රුපියල් 10 ක් කරපු කෙළිය ඔය මදෑ කියනවලු, දෙන්නගේ හිතේ කිසිම දුකක් නෑලු දෙන්න සාමයෙන් සමාදානෙන් ආයේ මැටි ගොඩේ.
සිරිපාලත් ඔය අහල පහල ගමක පොඩි ගඩොල් පෝරණුවක් කරගෙන ජීවිතය ගෙනියපු පොරක්,මිනිහගේ ජීවිතේ වෙනස් කලා එක කතරගම ගිය ගමනකින්,ඔය කතරගම ගමනකදී මිනිහට කවුද සාස්තර කාරයෙක් කියලා තියනවා ඔයාට ලගදිම ලොකු ලොතරයි දිණුමක් අත ලග කියලා,අනේ අසරණය ගමට ආපු දා ඉදන්ම ලොතරයි ගන්න ගත්තා පිස්සුවෙන් වගේ,කාලයක් ඔහොම ලොතරයි එක්කම ඔට්‍ටු උනු මිනිහට පොඩියට කරන් ගිය ගඩොල් පෝරණුවත් අතපසු උනා,වැඩි කාලයක් ගියේ නෑ සේරම බංකොලොත් වෙලා මිනිහා මානසික ලෙඩෙක් උනා,පහු ගිය කාලෙම මානසික ලෙඩේට බෙහෙත් ගත්තලු දැන් නම් පොඩියට ආයෙත් ගඩොල් පෝරණුව පටන් අරගෙන.
ඔය ගමක මම දැකපු චරිත දෙකක්, මහා ලොකු දෙයක් නැති උනාට ඒ චරිතත් එක්ක අපිට ඉගෙන ගන්න පාඩම් ගොඩයි කියලා මට හිතුනා.

Wednesday, July 11, 2012

නයෙක් නොවේ...



වසරක් පුරාවට අප දෙසවන් පිනවන්නේ
සැමදා නව මිහිරක් අප වෙතගෙන එන්නේ
බ්ලොග් මිතුරු මිතුරියන් හට ගැලපෙන්නේ
බ්ලොග් සම්මාන උළෙලකටයි සැරසෙන්නේ


වැඩි විස්තර පහතින් දැක්වෙන්නේ
කැමති ලෙසට ඔබ තෝරා ගන්නේ
මිතුරු මිතුරියන් හට පවසමිනේ
අදම ලියාපදිංචිය සඳහා යන්නේ



බස් රේඩියෝ වර්ෂපුර්ණයට සමගාමිව ක්‍රියාත්මක කිරීමට යන බස් රේඩියෝ බ්ලොග්සම්මාන උළෙල සඳහා ඔබත් http://syndi.buzzradio.lk/වෙත පිවිස අදම ලියාපදිංචි වන්න.

අන්තර්ජාල වින්දනීය නිදහසේ පෙරගමන් කරුවෝ අපම වෙන්නෙමු..
අපි බස් රේඩියෝ ශ්‍රී ලංකා.

අහන්න නවතම තොරතුරු - www.buzzradio.lk
බ්ලොග් සම්මාන මිතුරු පිටුව http://www.facebook.com/syndi.buzzradio
බ්ලොග් සම්මාන සින්ඩිකේටරය http://syndi.buzzradio.lk

Monday, July 2, 2012

පෝයදා ආ ගොපළු යකා


පහු ගිය වෙසක් දවස,අවුරුදු 5ට පස්සේ වෙසක් එකට දන්සැල් කන්න ගියා,මරු ට්‍රිප් එක, ලංකාවට ආවහම ගෙදර ඉන්නවට වඩා කරන්නේ ඇවිදින එකනේ,වෙසක් දාත් ලොකු දන්සල් වටයක් ගිහිල්ලා රෑ 12ත් පහු වෙලා ගෙදර එද්දී,වැ‍ටුනා විතරයි නින්දේ,ඒත් උදේ පාන්දරින්ම ගෙදරට ආපු හිතවතෙක්ගෙන් ලැබුනේ නරක ආරංචියක්,ගමේ කෙනෙක් සර්පයෙක් ගහලා කොළබ දැඩි සත්කාර ඒකකයේ. ඒ වෙද්දිත් අපේ සීයගේ සෙට් එකම අපේ ගෙදර ‍රැස් වෙලා උන්නේ, අපේ අවට 60 පැනලා සැදෑ සමය ගෙවන සෙට් එකම සීයගේ ගෙදර තමා සෙට් වෙන්නේ,හැමදාම වගේ මේ සෙට් එක මෙතන සෙට් වෙනවමයි, සීයත් තනියම නේ ඉන්නේ ,එතන උන්නා කියන්නේ රටේ,ගමේ ඉතිහාස කතා ඕනා තරමක් අහන්න ඉන්න පුලුවන්,ඔන්න මෙතන උන්නු සීයගේ යාලුවෝ පටන් ගත්තා, පෝය දවසට සර්පයෙක් ගැහුවා කියන්නේ බේරගන්න බෑ,අනික ගහලා තියෙන්නේ මහ පෝය දවසේ හද පායගෙන එනකොට, ඔය කතාවේ ඇත්ත නැත්ත මම දන්නේ නෑ,එයාලා ඒක ඇත්ත කරන්න උදාහරනත් කිවුවා, වෙසක් ,පොසොන් දවස් වල සර්පයෝ ගහලා අරයා මැරුනා මෙයා මැරුනා කියලා, සමහරවිට මොකක් හරි කේස් එකක් වෙලා සර්ප විශ ශරීරගත වෙන වේගේ වැඩි වෙනවද මන්දා?
ඔන්න හැන්දෑ උනා සෙට් එක ආයේ ‍රැස් වෙලා ඒ වෙද්දී ආරංචිය දරුනුයි,අර මාමා ජීවිතයෙන් සමු අරගෙන,හරි හොද කෙනෙක්,මම දැකපු දා ඉදන් කලේ සත්ව පාලනය තමා තවත් කොහෙද රජයේ තැනක වැඩ කලා,,මම දැක්ක දා ඉදන් පෙන්ශන් ගිහින් සත්තු එක්කම දකින දකින වෙලාවට උන්නේ,,හරක්, එළුවෝ,කුකුල්ලු.ඌරෝ වගේ සත්තු එයාලගේ ගෙදර උන්නා,,පොඩි ගොවිපලක් වගේ,,එදා සර්පයා ගහලා තිබුනෙත් හරක් ලෙහන්න ගිය වෙලේ,සෙනසුරාදා හැන්දැව ගමේ අය පල්ලි යද්දී ඒ මාමා හරක් ලෙහන්න යන ගමන් අපේ සීයා එක්ක කතා කරලත් තිබුනා,, පල්ලිය ගාවම තිබුනු පොඩි පතහක්,,ඒක පොඩි කැලැවක් තිබුනා,ඕකේ තමා එයා හරක් බැදලා තියෙන්නේ,,එක හරකෙක් ලිහලා අනික් දෙන්නව ලිහන්න ගිය වෙලේ තමා උනු දේ වෙලා තියෙන්නේ, අර හරකා වෙනදා පුරුද්දට තනියම ගෙදර ගිහින්, ඒ මාමගේ ගෙදර අය එයා ඇවිත් කියලා බලද්දී එක හරකෙක් විතරක් ගේ පිටි පස්සේ,පස්සේ තමා එයාව හොයන්න අරගෙන තියෙන්නේ, ගෙදරින් ගිහින් පැය දෙකක් විතර,,කොහොම හරි යද්දී එයා ඒ හරක් ලගම වැටිලා ඉදලා,සෑහෙන තරමකට එතන පොඩි පොඩි ගස් කඩා දමලා,ඒ වෙද්දී අශිහියෙන් වගේ ඉදලා තියෙන්නේ කටින් සෙම දාගෙන, කොහොම හරි ස්පිරිතාලෙට ගෙනෙහින් තිබුනා ඒ ගමන්,,එතනින් කොළබ යවලා. ඒ පහු වෙනිදා තමා එයා අවසන් ගමන් ගියේ.
හරි ඔන්න දැන් පහු වෙනිදා උදේම මේ සර්ප කතාව වෙනස් වේගෙන යන්නේ,,ගමේ අලුත් කතාවක් යනවා,සර්පයෙක් ගැහුවා නම් කෝ සර්පයා ගහපු තැන,ඔය පතහේ මීට අවුරුදු ගානකට කලින් තවත් කෙනෙක් හරක් ලිහන්න ගිහින් මැරිලා ඉදලා තියනවා, ඔන්න ඔය කතා අස්සේ ඉස්සරහට එන චරිතයක් තමා ගොපළු යකා,
සීයගේ සෙට් එක දෙකට බෙදෙනවා,,ගමේ තව ආරංචි එනවා මෙතෙන්ට,එක කස්ටියක් සර්පයගේ පැත්තට,අනික් අය ගොපළු යකාගේ පැත්තට,සර්පයා ගැහුවට පස්සේ එයා එතන සර්පයා හොයලා,ඒකයි එතන ගස් කොලන් පොඩි කරලා තිබුනේ,,මොකද ඒ මාමා වයස උනාට ගොඩක් ශක්තිවන්තයි, ඒ සර්ප දස්ථය පැත්තේ ඉන්න අය,නැ ගස් කොලන් කඩලා දාලා එයා ගොපලු යකා එක්ක පොර බදලා,අන්තිමේදී ගොපලු යකාගේ පහරකින් එයාට ඔහොම උනේ,ඒ ගොපලු යකා පැත්තේ කතාව.
කොහොම හරි ඔහොම කතා ගොඩක් අස්සේ වැඩි බර ගොපලු යකාගේ පැත්තට යන්න ගත්තා,ඒකට ලොකුම හේතුවක් උනේ මරණ පරීක්ශන වාර්ථාව නැති කම, ඒ මදිවට සර්පයා ගහපු තැන නෑ, ඒ එක්කම සර්ප කතාව කියන අය කියනවා පොළගා ගහන්නේ තිරස් අතට, නයා වගේ සිරසට නෙමේ,, ගොඩක් සර්පයෝ සිරස් අතට ගහන්නේ එතකොට පාර හිටිනවා,,පොළගට පාර හිටින්නේ නෑ කියලා.
ගොපළු යකා මේ චරිතය හරකුන්ට අධිපති දෙවියෙක් කියලා කියන්නේ,,රන් කෙවිටක් අතින් අරගෙන හරක් පට්ටිවල රාත්‍රියට කිරි දොවන්න එනවා කියලා කියන්නේ ඒ එක්කම අදුර වැටීගෙන එනකොට හරකුන් සිටිනා තැන්වල ගැවසෙනවලු.ඔය මම අපේ සීයලගේ සෙට් එකෙන් අහපු කතා. මේවගේ ඇත්ත නැත්ත මොකද්ද මම දන්නේ නැ,කොහොම හරි එදා අර මාමගේ අවසන් කටයුතු කරපු වෙලේ ඒකට ආපු ගොඩක් අය කතා කලේ ගොපළු යකෙක් ගැන,,එයා වැටිලා හිටිය තැන බලන්න ගිහින් තියන අය ගොඩයි,,ඒත් තවත් කොටසක් මේ පොලගෙක්ගේ විෂ නිසා උනු දෙයක් කියලා කියන්න ගත්තා.කොහොම හරි ඒ ටිකේම ගොපලු යකා ගැන තමා හැම තැනම කථාව, තරුන අය මේක විහිලුවකට ගත්තට වයසක අය මේ කතාව විශ්වාස කලා වගේ මම දැක්කේ,,ඒ මීට අවුරුදු ගානකට ඉස්සල්ලත් මෙවැනිම මරනයක් සිදු වීම,මම ආරන්චි කරලා බලනකොට තාමත් මරණ පරීකශන වාර්ථාව ගෙදර අයට දීලා නෑ,,සර්ප විශක් හදුනා ගන්න ක්‍රම වේදය කොහොම වෙනවද කියලා මම දන්නෙත් නෑ,දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකකින් බලාපොරොත්තු වෙනවා.
ඒ මරණය අමතක වෙනකන් සර්ප විශ වගේම ,ගොපළු යකාගේ ප්‍රාහාරයත් අතර ගමේ මිනිස්සු ඉදී. කොහොමත් මරණ පරීකශන වාර්ථාව එනකන් මේක අභිරහස් මරනයක් විදිහට තියේවි.එකම දේ මේක මිනීමැරුමක් නොවීම.ඒ මිනිමැරුමක කිසිම සලකුනක් නොතිබීම.


(ගොපළු යකා කියන්නේ නම් සුදු ඇදගත් හිස ගවයෙක්ගේ හිස මෙන් තියන පොරක් ලු,,මම දෑකලත් නෑ ,ගොපලු යකෙක් දැකපු කෙනෙක් ඉන්නවදෝ ඔයාලා අතර)

Wednesday, June 20, 2012

ඉදිරි අසුනේ ගැ‍ටුම


කාලෙකින් ආයේ පෝස්ට් එකක්, ලංකාවේ ඉද්දී මොන පෝස්ට් ද,,පහු ගිය සතියේ ආයේ ඉතාලියට ගොඩ බැස්සා.අද පෝස්ට් එක නම් ලංකාවෙදි උනු දෙයක්,
ඔන්න දවසක් මම ඉන්නවා වාහනේට වෙලා වාහන පාක් එකක, පොඩි නින්දකුත් දාගෙන උන්නේ,ඔය මීගමුව ටවුන් එකේ තියන සල්ලි ගෙවන වාහන පාක් එකක්, මගේ වාහනේට අල්ලපු වෑන් එකක් තිබුනා,කවුරුත් නම් උන්නේ නෑ,පොඩ්ඩකින් දොර ඇරලා වහන සද්දයක් ආව ගමන් මට ඇහැරුනා, එතකොට එතන උන්නේ අවුරුදු 35,40 වගේ ජෝඩුවක්,,දෙන්නා වාහනේට නැගලා ටිකක් සද්දෙට කතා කරනවා ඇහුනා, කොහොමත් ඉතින් සද්දෙට කතාවක් ඇහෙනකොට ඒවට ඇහුම්කන්දෙන එක පුරුද්දක් නේ,මගෙත් කන ඒ පැත්තට ගියේ මටත් නොදැනිම, ඒ එක්කම මගේ ඇස් දෙකත් වැහුනේ මම මේ කතාවට ඇහුම්කන් දෙනවා කියලා ඒ ජෝඩුවට තේරුනොත් කතාව නවත්තයි කියන සැකේට,අපරාදෙනේ කම්මැලිකමේ ඉන්නකොට ඔය වගේ චැන්ස් එකක් නැතිකර ගන්න එක.මමත් ඉතින් හිමීට තවත් වීදුරුව පාත් කරගෙන හොදට කනත් එහාට හරෝල තදට ඇස් වහ ගත්තා,,එතන මිනිහා උන්නේ මගේ පැත්තට වෙන්නමයි, ඔන්න ගිය කතාව මට ඇහුනු විදිහට මේකයි.
අයිසේ අම්මා පස්සේ සීට් එකේ තනියම ඉන්නකොට තමුසෙට තිබුනා අම්මා එක්ක පස්සේ සීට් එකට නගින්න,තමුසෙට කොච්චර කිවුවත් වැඩක් නෑ අම්මා වාහනේ යනකොට පස්සේ සීට් එකට නගින්න කියන එක,,තමුසෙට තියෙන්නේ ඉස්සරහා සීට් එකේ යන ලෙඩේමයි, තව පොඩ්ඩෙන් අම්මා එයි නගිනවා අම්මා එක්ක පස්සට.
එතකොටම පටන් ගත්තා ගැණිත්,මට ඕනා සීට් එකෙයි මම යන්නේ කවුරු නැග්ගත් මම යන්නේ මට ඕනා තැන,ඒක වෙනස් කරන්න තමුසෙට බෑ,කවුරු කිවුවත් මම යන්නේ මට ඕනා තැන,ඇයි අම්මා පස්සේ තනියම ගියාට මොකක් වෙනවද?මොකෝ පස්සේ සීට් යන්නේ නෑද එතකොට,
කට වහපන් උබ අම්මා පස්සේ සීට් එකේ යනකොට අම්මා එක්ක පස්සේ සීට් එකෙන් නගින්න ඕනා..
මම මේ සැර බාල කරලා ලිවුවේ ඕනා හරිය විතරයි තව කතා ගියා සෑහෙන්න,ඉස්සරහා සීට් එකට වලියක් ඒක.
මම දකින විදිහට ඇත්තටම ගොඩක් කාන්තාවන්ට තියන ලෙඩක් ඕක ඉස්සරහා සීට් එකේ යන ලෙඩේ,අර පොරගේ අම්මා වෙන්න ඇති පස්සට නගින්න ඇත්තේ,තමන්ගේ අම්මා නිසා අරයටත් පස්සට යන්න කියන්න ඇත්තේ, බොරුවට පස්සේ සීට් එකට යන්නේ නැතුව අර ගෑනු කෙනත් රණ්ඩු කර කර ඉස්සරහා සීට් එකේ, අපූරුවට දෙන්නා පස්සේ උන්නා නම් මිනිහා නිකන්ම ඩ්‍රයිවර් වෙලා අර දෙන්නා නෝනලා වෙනවා නේ.
ඒ අම්මා ඉන්න තැන තාත්තා උන්නා නම් කොහොමද? ඔයිට වඩා දරුණු වෙන්න තිබුනා කේස් එක,තමන්ගේ ළමයිව පිටි පස්සේ දාගෙන දෙන්නා ඉස්සරහා යන එක වෙනම දෙයක්,,එක්කෝ වැඩිහිටි පිරිමියෙක්,වැඩිහිටි කාන්තාවක් එහෙම වාහනේ යන්න ආවා නම් වැඩිහිටි පිරිමියට ඉස්සරහා සීට් එක දෙන එක වැදගත් මම හිතන්නේ,ඒ වගේම වැඩිහිටි කාන්තාවක් වාහනේ යන්න එනවා නම් ඒ කෙනත් එක්ක වාහනේ පිටි පස්සේ සීට් එකේ යන එක වැදගත්,මේ මගේ අදහස මම කිවුවේ,ඔයාලටත් වෙන වෙන අදහස් ඇති. මොකක් උනත් මේ සීට් එකක් නිසා ඒ වගේ තැනක් නොතැනක් නැතුව ජෝඩුවක් රණ්ඩු වෙන එක නම් මහ කැත වැඩක්.

Monday, May 7, 2012

මවුබිමේ සිට

බ්ලොග් එක ආයේ පාලුවට යන්න ගත්තා, ඒකට නම් පැහැදිලි හේතුවක් තියනවා.පිටරටක ඉන්න කෙනෙක්ට මවුබිමට ආවහම මොන බ්ලොග්ද,මමත් පහු ගිය20 වෙනිදා මව්බිමට ගොඩ බැස්සා,,අපේ බ්ලොග් යාලුවෝ නම් ගොඩක් දන්නවා,,මොකද අවුරුදු උත්සවේදී මෙච්චර කාලයක් මම නොදු‍ටු යාලුවෝ ගොඩක් මට මුණගැහුනා නේ,,අවුරුදු උත්සවේ නිසා ගොඩක් සතු‍ටු උනා,,ඒ වැඩේ පිටිපස්සේ හිටිය කට්ටියටම ගොඩක් ස්තූතී.
ඊයේ වෙසක් දවස වෙනකන්ම නොයෙක් නොයෙක් ගමන් වැටිලා මම ගෙදර වැඩිය ‍රැදී සිටියෙම නැති තරම්,, දැනට ගිය ලොකුම ගමන තමා ශ්‍රීපාද චාරිකාව දුම් රියෙන්,,ඒක මරු අත්දැකීමක් උනා,මගේ ජීවිතේ පලවෙනි වතාවට තමා ශ්‍රී පාද ගමනක් ගියේ ඒකත් දුම් රියෙන්,බදුලු කෝච්චියෙන්,හැටන් වලින් බැහැලා,නල්ලතන්නියට බස් එකෙන්,ශ්‍රීපාදේ ලේසියෙන් නැගගන්න පුලුවන් උනත් බැහැ ගන්න නම් ගොඩක් දුක් වින්දා,,ඒ ස්තානය ඒ තරමට පූජනීය උනත් ,මම දකපු දේ තමා එතන මිනිස්සුන්ගෙන් මුදල් කඩා ගන්න තැනක් වෙලා,පිරිත් නූල් විකුනන්නේ මහා අමුතු විදිහකට,,,රුපියල් 100 කොළ වලට විශේස පිරිත් නූලක් බදිනකොට,ආධාර පෙට්ටි වලට මාරු කාසි දමන්න එපා කියලයි කියන්නේ,,සමහරවිට කන්දේ ඉදන් ඕවා උස්සගෙන බහින්න අමාරු නිසා වෙන්න ඇති,,,ඒ වගේ ආධාර එකතු කරන තැන් කීපයක්ම දැක්කා,පිරිත් නූල් විකුනන වැඩක් වගේ එතන කලේ.
පහු ගිය දවස්වල පොඩි පොඩි චාරිකා කීපයකටම පස්සේ(පොඩි චාරිකා ගැන නම් ලියන්නේ නෑමයි අහන්නත් එපා) වෙසක් චාරිකාවක් සෙට් උනා,මාතලේ යාමකට,මාතලේ අලුවිහාරේ එහෙම වැදපුදාගෙන,නකල්ස්,රිවර්ස්ටන් කන්ද තරනයට,,ඒක නම් මරුම ගමනක් උනා.උදේ පාන්දරින්ම ගෙදරින් පිට උනේ,වසර පහකින් තමා වෙසක් එකට මම රටේ උන්නේ,,,ඒ කාලේ එක්ක බලද්දී නම් දන්සල් නම් ගොඩක් අඩුයි, ‍රැ කඩෙන් කන්න උනා ඒ තරමට දන්සල් අඩුයි,,කොහෙ දන්සල් දෙන්නද මේ වගේ කාලෙක,
රිවර්ටන් කන්දේ දවසෙම ගත කලා,,ලස්සන පරිසරයක් තියන එතන අද දකින විදිහට නම් පොලිතින් අරක්කු බෝතල්,ප්ලාස්ටික් දේවල් තැනින් තැන දකින්න හම්බුනා,අපේ කස්ටිය ඒ වගේ තැනක් ‍රැක ගන්න හොදට දන්නවා නේ, එතන හොදට රසවිදලා,කුබුක්කන් ඔයට ආවේ හොදට නාගන්න,,ගිය බදාදා අර ගත්තු ඒවත් ඉවර කරන්න එපැයි,,ඒවත් ඉවර කරගෙන,,එක දෙයක් කියන්නම්ම් වෙරි උනත් අපේ සෙට් එක පොලිතින් උරයක්වත් බිමට නම් දැම්මේ නැ, හිස් බෝතල් ටිකත් ආයේ ගෙදර ගෙනාවා,,ආ කුබුක්කන් ඔය ලග නම් රහසිගතව මත්පැන් විකිනුනා,,අපි ඉතින් වේලාසනම අරගෙන තිබුනු නිසා ඒ වගේ තැනකින් අරගත්තේ නැ, කොච්චර බාර් වැහුවත් ඉතින් කරන්න දෙයක් නැ,, උවමනා මිනිස්සු ලග ඒවට විසදුම් තියනවා,බීම සාධාරණය කරනවා නම් නෙමේ මේ,,ඒත් ඉතින් මේ දේවල් සානුකම්පිතව කල්පනා කරලා මමත් උන් එක්ක සෙට් උනා.
තවත් මාසයක් විතර ‍රැදී සිටින්න බලාපොරොත්තුව ඉන්නේ,,ඉදිරි සැලසුම් ගොඩක් තියනවා,,ආයේ බ්ලොග් එකට එන්න වෙන්නේ රටින් පිට උනාමද මන්දා,,එහෙනම් කස්ටියටම ජය වේවා!!!!

Friday, April 13, 2012

සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

ලැබුවා වූ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා සියලුම බ්ලොග් හිත මිතුරු මිතුරියන්ට.අවුරුදු සතුටත් එක්කම මට තවත් සතුටක් තියනවා,අද 14 මගේ බ්ලොග් එකේ දෙවෙනි උපන්දිනේ...බ්ලොග් එක පටන් අරගෙන අදට අවුරුදු 2ක් වෙනවා..තාමත් පුංචි දුකක් තියෙන්නේ මේ බ්ලොග් අවකාශයෙන් මට හමු උන එක මිතුරු මිතුරියන් කාවවත් තාම මගේ ඇස් දෙකෙන් බලා ගන්න බැරි උනු එක,,ආ ඒ උනාට ස්කයිප් හරහා දැක්කේ කීප දෙනෙක්වම.
මේ අවුරුද්දත් මට පිටරටකම ගෙවන්න උනා,දැන් අවුරුදු 5කින් අවුරුදු සිරිය මට බලා ගන්න බැරි උනා,අද පිටරටවල ඉන්න අය ඇත්තෙන්ම සතුටින් නෙමේ ඉන්නේ,පිටරටවල ඉන්න අය සාක්ශි දරයි ඒ හැගීම කොහොමද කියලා.මම ක‍තෝලිකයෙක් උනාට, අපි අවුරුදු සැමරුවා,නැකත් ඉ‍ටු නොකලට අපේ ගෙවල් වල කිරිබත් ඉදුනා අවුරුදු දවසේ,ඒ එක්කම අපේ ගෙවල් වලටත් අවුරුදු කෑම පිගාන ආවා,අපෙන් නත්තලට ඒ කෑම පිගාන ගියා ඒ ගෙවල් වලට, ඒත් අද අපි විදේශයක ඉදන් ඒ හැම දෙයක්ම නැවතිලා, ඒත් අපි ඉරිදා අවුරුදු සමරන්නයි ඉන්නේ,අවුරුදු කෑම මේසයක් අපි ලෑස්ති කලා හැම අවුරුද්දෙම ඒ අවුරුදු උත්සවය තිබුනු සතියේ ඉරිදා. ආ තව දෙයක් කියන්න අමතක උනා,22 අපි සයිබර් අවුරුදු උත්සවයෙදී මුණගැහෙමු. ජය වේවා සියල්ලන්ටම.

Tuesday, April 10, 2012

මීගමු - කොළබ පාරේ දණින් වැ‍ටුනු දා

මට දිනය මතක නැති උනත් මේ 2001 අවුරුද්දේ උනු දෙයක්,,ඒක මට අමතක වෙන්නේ නැතිම දෙයක්, කතාවට යමු, ඔන්න මගේ දෙමව්පියෝ ලංකාවට ඇවිත් ආයේ ඉතාලියට එන්න ආවා. එයාලව ගෙනත් දාන්න අම්මගේ මල්ලිලා දෙන්නෙක් ඒ කියන්නේ මගේ මාමලා දෙන්නෙක් ,තව අම්මගේ අක්කගේ පුතා මගේ මල්ලි වෙනවා අපි 4 එයාපෝට් ඇවිල්ලා අම්මලාව බස්සලා ගෙදර යන්නයි හැරුනේ,පාන්දර 4 විතර ඇති එතකොට කොහොම හරි අපිට එයාපෝට් හන්දියට එන්නත් ඉස්සල්ලා ආවා බඩගින්නක් අපි යන්න ඕනා මීගමු පැත්තට උනත් එහෙට නොයා කොළබ පැත්තට ගියා කඩයක් හොයන්, සීදූව හරියෙදී කඩේකුත් හම්බුනා,, උදෙන්ම උණු උණුවෙම මාළු බනිස්,කිබුලා බනිස් කාලා ප්ලේන්ටී බීලා අපි ආපු වාහනේට ආවා, ඒක අර මැස්ඩා බොංගෝ වර්ගයේ වාහනයක්,ලොකු ටයර් දාලා ඒවා එළියට පන්නලා තිබුනේ,ඒකට අමුතුම පෙනුමක් තිබුනා ඒක හින්දා.අපි දැන් ආයේ ගෙදර යන්න පටන් ගත්තා,ඒ කියන්නේ මීගමු පැත්තට.
මට මතක විදිහට එතකොට වෙලාව 5.30 විතර ඔය වෙලාවට වාහනත් නෑ පාරේ, මාමත් එලෝනවා පුදුම වේගෙකින්, ගමන වැඩි කරලා වැඩි දුර යන්න හම්බුනේ නෑ, පස්සෙන් කැබ් එකක් හෝන් ගහනවා ,ලයිට් ගහනවා උන් ඉස්සර කරන්න හැදුවේ, අපේ මාමට ආපු චූන් එකට උන්ට ඉස්සර කරන්න දෙන්නේ නෑ, එයත් වාහනේ තව වේගේ වැඩි කරනවා ,අපිත් හුරේ දානවා, අපිටත් පුල් හැපි ඕවා දකිද්දී, අපිත් පොඩි උන් නේ, කොහොමත් කැබ් කාරයා අපිව ඉස්සර කරන්න හදනවා අපි ඉඩ දෙන්නේ නෑ, ඔහොම ආයේ එයාපෝට් හන්දියත් පහු කරලා පොඩි දුරක් ආවේ,කොහොමත් කැබ් එකක් කියන්නේ හොදට එළවන්න පුලුවන් වාහනයක්, එක පාරටම පස්සෙන් ආපු කැබ් කාරයා අපිව ඉස්සර කරා, ඉස්සර කලා මදිවට පාරේ හරහට හිටින්න නැවැත්තුවා, මාමටත් කරන්න දෙයක් නෑ තද බ්‍රේක් පාරක් ගහලා වාහනේ හිටෙවුවා. ඒ එක්කම කැබ් එකේ පිටිපස්සෙන් එකෙක් බැස්සා තඩි උස මහත පොරක් මට අද වගේ මතකයි මරුමුස් පෙනුමක් තිබුනේ සුදු කමිසයක් ඇදන් හිටියේ, බැහැපියව් ....සිගේ පුතාලා වාහනෙන් කියලා ඉනෙන් පිස්තෝලයක් ඇදලා එළියට ගත්තා, හිංදි පිචර් වල පිස්තෝල දැක්කට එදා තමා මම පලවෙනි වතාවට ලගට පිස්තෝලයක් දැක්කේ,
දැන් වාහනේ හිටිය අපි 4 දෙනා සද්ද නෑ , ඒ වෙද්දී මල්ලියා පාත් වෙලා සීට් එක යට ඌ පොඩි එකානේ,දැන් අර තඩියා අපේ වාහනේ ලග, බැහැපියව් කියලා නේද කිවුවේ පර බල්ලෝ,මගේ දවසම කෑවා උදේ පාන්දරින්ම, පිස්තෝලේ දික් කලා මාමගේ පැත්තට ඒ ගමන්ම, මට චූ යන්න වගේ ආවා පිස්තෝලේ දික් කරනකොට නම්, එතකොටම මාමලා දෙන්න බැස්සා,, මමත් බැස්සා, මලයා සීට් එක යට, ඌව අර තඩියා දැකලා නෑ.
මේකගේ අතේ පිස්‍තෝලේ සිංහල භාශාවේ තියන කුණුහරප සේරම කියලා බනිනවා , තොපි දන්නවද මම කවුද කියලා,මම තමා යකෝ කුරුණෑගල ............... කිවුවා. මට මතක නෑ නම,, පොලිසියේ ලොක්කෙක්, තඩියා වැඩට යනවා උදේ පාන්දරින්ම,පර බල්ලෝ තොපි මගේ දවසම කෑවා කාලකන්නී කියලා, දන ගහපියව් පාරේ කිවුවා, මොනා කරන්නද අරූ කිවුව සැනින්ම අපි 3නා දන ගහලා ඉවරයි,,ඒක මහා මූසල උදැසනක් උනා මගේ ඇහෙන් කදුලු පැන්නා, චූ යන්න වගේ ආවා ඒත් තද කර ගත්තා,,මේකා අපේ ඔලුවට පිස්තොලේ ලං කරනවා අමු කුණුහරපෙන් බනිනවා, වාහනේ එලවන් ආපු මාමට බයිනවා ‍තෝ දැනගන් කවුරුහරි වාහනයක් ඉස්සර කරන්න ඉඩ ඉල්ලන්නේ මොකක් හරි හදිසියකට ඒක හින්දා ඉඩ දීපිය, යකෝ අපි දන්නවද මූ පොලිස් ලොක්කෙක් කියලා,,මූ අපිව දනගස්සෝලා බැන බැන එතන ඉන්නවා,පාරේ මැද්දේ වාහන දෙක,,අනික් වාහන අයින් කරන් ගියා, එතකොටත් පාරේ ටිකක් වාහන අඩුයි,යන වාහන වල උන් ඔලුවල් එලියට දාලා බලනවා නිකන් තොරන් බලනවා වගේ, මගේ ඔලුව කැරකෙනවා මුලු ලෝකෙම ඔලුවට කඩන් වැටිලා වගේ,,ඒ මදිවට දනිස රිදෙනවා දැන් පැයකට විතර ලගයි මේ සිද්දියට,අපි දනිස් රිදෙනකොට පොඩ්ඩක් සැහැල්ලු වෙන්න පාරේ ඉදගන්නවා වගේ වෙනවා දනිස් දෙකෙන්,,එතකොටම අරූ කැ ගහනවා ඔහොමද බල්ලනේ දන ගහන්න කිවුවේ කියලා,,ඇත්තටම මට නම් ඇඩුනා, ඉන්නම බැරි කමට,
ඔන්න දැන් ඉර පායගෙන එනවා, පොඩ්ඩ පොඩ්ඩ පාරේ මිනිස්සු වැඩි වෙනවා, එතකොටම ආපු ත්‍රීවීල් කාරයෙක් එතන හිටෝලා ඔලුව එලියට දාලා මල්ලිලා මොකද්ද කේස් එක කියලා ඇහුවා, තඩියා අපූරුවට කැබ් එකේ ඉදන් ඉන්නවා අපිව දන ගස්සලා,,එතකොටම ආයේ බැහැපු තඩියා ‍තෝ මොකද බල්ලෝ කියලා ඇහුවා පිස්තෝලෙත් එලියට අරගෙන, ත්‍රිවීල් කාරයා ඉගිල්ලුනා. ඔන්න ක‍ටුනායක වෙළද කලාපෙට වැඩට යන ගෑල්ලමයි එලියට බැහැලා එතනින් යනවා පෝලිමට,,ඔච්චර වෙලා දනින් හිටියට ඒ තමා පහු කරපු අමාරුම වෙලාව,,,සේරම බල බල යනවා සමහර අය බලල දුක්මුසු මුහුනෙන් යනවා,,සමහර අයට හිනා යනවා,,,කරන්න දෙයක්ම නැති තැන අපි 3 බිම බලා ගත්තා,,වෙන විසදුමක් තිබුනේ නෑ,කොහොම හරි 7 ලං උනා තඩියා අයේ ආවා ලගට නැගටපියවු කිවුවා,,පස්සේ දිග දෙශනාවක් දුන්නා පාරේ යන විදිහ ගැන කියලා, ආයේ තොපි අහු වෙන්න එපා බල්ලෝ කියලා පොර කැබ් එකට නැගලා ඉගිල්ලුනා, දනිස් දෙක නෑ වගේ ඒ වෙනකොටත් අපි 3 වාහනේ ලගට එද්දී මලයා ඔලුව උස්සල්ලා හිනා උන,,මූ සේරම බලන් ඉදලා තියෙන්නේ,,අපි 3 එක පාරටම බකස් ගාලා හිනා ගියා අරූගේ හිනාවට,නැව ගිලුනත් බෑන් චූන් වර්ගයේ හින්දා අපිට ඒ සිද්දියත් ආතල් දෙයක් උනා,,අපිත් වාහනේට නැගලා ගෙදර යන්න පිටත් උනා.
වාහනේදී අපි පොරොන්දු උනා එකින් එකාට කාටවත්ම කියන්නේ නෑ කියල, ඒත් ගෙදර ගිහින් පැයක් යන්න හම්බුනේ නෑ , අපි 4 කාව හරි දකිද්දී හිනා යනවා,,,කොහොම හරි වැඩි වෙලා ගියේ නෑ මලයා කේස් එක එලියට දාලා,,,අයියෝ අතන වින්ද අපහසේට වඩා අපහසයක් ගෙදරදී වින්දා,,හිනා කාලා මැරුනා,,ඕක මතක් කර කර අදටත් හිනා යනවා, මලයා ඕක පත්තරේ දැම්මා වගේ එලිකලා වටේටම,, ඕකා තමා ඕක මතක් කලේ වැඩිපුර,,අවාසනාවකට ඌ අද අපි අතර නෑ මේ කතාව මතක් කරලා හිනා වෙන්න,,අහිංසකයා අපිව දාලා සදහටම යන්න ගිහින් අවුරුදු 2ක් ලං වීගෙන එනවා,,මේ කතාව මතක් උනෙත් අද උදේ කොල්ලගේ පොටෝ එක දැකලා.කොහොම හරි මේ කතාව මතක් කර කර අදටත් හිනා යනවා,,ඇත්තටම එදා ඒ තඩියා පොලිස් ලොක්කෙක්ම තමා පොර අපිට යන්න ඉස්සල්ලා පොලිස් අයි.ඩි එකක් පෙන්නුවා ලගට නෙමේ ඒත්
, කොහොම හරි අපිට ලොකු පාඩමක් කියා දුන්නා අපිත් පාර අපේ වගේ නේ ගියේ .එදායින් පස්සේ පාරේ පිස්සු නැටුවේ නෑ තාමත්.

Tuesday, March 27, 2012

පාවෙන රුපියල සහ යූරෝ



හෙලෝ අද යූරෝ කීයද?
*172.20 මාත්තයා..
හා..හා පන්සීයේ කොලේට කීයක් දානවද?
*සත පනාක් වැඩියෙන් දාලා දෙන්නම් මාත්තයා
ටූක්...ටූක්....ටූක්
හෙලෝ අද යූරෝ කීයලුද බන්,,,
*175යි ලු බන් පිස්සු නේ
....කනවා තමා අම්මලා 165 ට මාරු කලා බන් ගිය සතියේ....
හෙලෝ පැටියෝ ඔයා අද කතා කලාද ගාන අහන්න,,,
*ඔව් අනේ අද 173.50 ලු, මට අරක මාරු කරන්න හිතෙන්නේ නෑ අනේ තව උඩට ගියොත්,,,
ඔව්,,ඔව් මාරු කරන්න එපා තව ටිකක් බලමු,ඔයා හැමදාම දවසට දෙපාරක්වත් ගාන අහන්න.
හෙලෝ අම්මි ඔයාට මම කිවුවා නේ තව ටිකක් ඉන්න කියලා අපරාදේ මාරු කලේ,,,
*අනේ පුතේ ඔයාමනේ කිවුවේ ගාන බහී මාරු කරන්න කියලා...
පිස්සු,,,මගුලක් කෙරුවා....ටූක්...‍ටුක්...ටූක්
හලෝ මොකද්ද බන් රුපියල පාවෙනවා කියන්නේ..
*මම දන්න ...ත්තක් නෑ බන් ඔය කියන්නේ පත්තරේ ටීවී එකේ,,,ඒත් යූරෝ නම් නගිනවා කෙළවෙන්නම...
හලෝ..උබට ඇහෙනවද? මරු බන් මෙහෙම යූරෝ නැගලා තියනවා නම්.අපිට මොකෝ රුපියල කොහෙ පා උනත්...
*ඒත් එහෙම හොද නෑලු බන් එතකොට රට බංකොලොත් වෙනවලු..
හලෝ මැණිකේ ඔයාට මාව ඇහෙනවද?
*බලන්නකෝ අනේ මම අරක ඊයේ 174ට මාරු කලා,අද 175
මගුල තමුසෙගෙත් පණ්ඩිත කම වැඩීනේ,,,මම කිවුවා....
හලෝ තාත්තා අරක මාරු කරන්න එපා 180 පනී කියලා මිනිස්සු කියන්නේ...
*ඔව් පුතේ ඩොලරුත් 130 පැනලා 150 ට යයි කියන්නේ අවුරුදු වෙද්දී...
හලෝ මොකෝ බන් මෙහෙම යූරෝ වැඩි වෙන්නේ...
*නෙට් එකේ නම් තියෙන්නේ රුපියල පාවෙනවා කියලා බන්...කොහෙ පාවෙනවද මන්දා..පාවෙන තරමට අපිට හොදයි..සික් ,ඕක හැමදාම පාවෙන්නේ නෑනේ......

අම්මි,තාත්තී,බබා.පැටියෝ.රත්තරන් නෝනේ කොහොමද? හොදින් නේද?කෑවද? කියලා අහපු අපි...
අද රුපියල පාවෙලා යූරෝ නැගලා හින්දා ටෙලිපෝං එක ගත්තු ගමන් අහන්නේ රුපියල කීයද කියලා...
රටට රුපියලට මොකක් උනත් මොකෝ අපේ පර්ස් එකට නේ හොද බොරුවට කෑ ගහන උන් නෙමේ නේ අපිට කන්න දෙන්නේ....
අනේ රුපියල තවත් පාවෙයන් පුලුවන් නම් ගුරුත්වාකර්ශනයෙනුත් පිටටම පැනලා පාවෙයන්.....

Friday, March 16, 2012

සූදුව




සූදුව කියන්නෙත් අපේ සමාජයේ මුල් බැහැගෙන තියන දෙයක් ,පෝසතා දුප්පතා කියලා නෑ දෙගොල්ලොම මේකට ඇබ්බැහි වෙනවා, සමහරවිට අපි උනත් විහිලුවට හරි මොකක් හරි සූදුවකට ඔට්‍ටුවක් අල්ලලා ඇති මතක් කරලා බලන්න,ලොත‍රැයියත් එක්තරා සූදුවක් නේ. කැසිනෝ, ජැක්පොට් , අශ්ව රේස්,බලු රේස්,ඔ‍ටු රේස්,කුකුල් පොර ,කාර් රේස්, බයික් රේස් වගේම සියලුම ක්‍රීඩා වලට ලෝකේ හැමතැනම ඔට්‍ටු අල්ලනවා.
මම ඉන්න නගරේ හරි ජයට කරගෙන ගියා ලාංකීය ආහාර විකුනන කෑම කඩයක්,කොහොම හරි මෙතෙන්ට මිනිස්සු එනවා වැඩි වෙද්දී මේ කඩේ අයිතිකාරයා ගෙනාවා මේ කඩේට ජැක්පොට් යන්ත්‍ර , මොකද ඉතාලියේ ජැක්පොට් යන්ත්‍ර,ඔට්‍ටු මධ්යස්ථාන බොහොමයි,අපේ පොරත් ඉතින් කෑම කඩේ ලස්සන වෙන්නත් එක්ක පැත්තකින් තිබ්බා ජැක්පොට් මැශින් 2ක්, ඕකට දාන්නේ යුරෝ කාසි, අපේ මිනිස්සුත් ඔතන සෙල්ලම් කරන්න නිකන්ම පුරුදු උනා,අනේ කඩේ අයිතිකාරයත් ඉක්මනින්ම ඕකට පුරුදු උනා,පොර කඩේ ලාච්චුවෙන් මාරු කාසි අරන් ඕකට ඔබනවා,දිනන මගුලක් නෑ, කොහොම හරි ලගදී ආරංචියක් ආවා කඩේ වෙන කාටද විකුනලා කියලා, ගහපු ජැක්පොට් ගැහිල්ලට ඒක එහෙම නොවී බෑ,කඩේට යන යන වෙලාවට රෝල් එකක් ඉල්ලන්න යන්න ඕනා ජැක්පොට් මැශින් ලගට,කොහොමත් මේ වෙද්දී ලාංකිකයෝ ගොඩක් අය, මම ඔය ඔට්‍ටු දාන තැන්වල,ජැක්පොට් මැශින් ලග දැකලා තියනවා නිරන්තරයෙන්ම, ඔය අතර අශ්ව රේස් සහ පුට්බෝල් තරග ඔට්‍ටු බහුතරය,පුට්බෝල් වලට ඔට්‍ටු ඇල්ලීමත් හොද දැනුමක් වගේම නිරන්තරයෙන්ම යුරෝපේ පුට්බෝල් ක්ලබ් වල තොරතුරු ගැන හොද අවධානයෙන් ඉන්න ඕනා.ඇත්තටම මම ඔය පුට්බෝල් ඔට්‍ටු අල්ලන කීපදෙනෙක් එක්ක ඔය ගැන කතා කරලා තියනවා,පිස්සු හැදෙනවා ලංකාවේ පලවෙනි අගමැති කවුද කියලා ඇහුවොත් උන් එකෙක් දන්නේ නෑ කවුද කියලා , ඒ උනාට මැන්චෙස්ටර් යුනයිටඩ්,බාසිලෝනා,ඉන්ටර්,මිලාන් ආසනල්,රෝමා වගේ පුට්බෝල් ක්ලබ් වල ක්‍රීඩකයන්ට වතුර අදින එකාගේ නම් පවා මේ කස්ටිය දන්නවා.
ඔන්න දවසක් මම ඔය අශ්ව රේස් ඔට්‍ටු අල්ලන තැනකින් යද්දී අපේ තාත්තගේ යාලුවෙක්ව හම්බුනා,මාත් ඉතින් කතා කරන්න ඔතන නැවතුනා,පොරත් අශ්වයෝ ඔස්තාර් කෙනෙක්,මාත් එක්ක කතා කරන ගමන් එතන ටීවී එකට ඔලුව දානවා, ඔට්‍ටු අල්ලලා රේස් එක පටන් ගන්නකන් බලන් ඉන්නවා කොහෙද දුවන රේස් එකක් ඔන්ලයින් යන්නයි ලෑස්තිය ඒකට පොර ඔට්‍ටු අල්ලලා,මට පොඩ්ඩක් ඔහොම ඉන්න කියලා පොර ගියා ඇතුලට, මමත් දැක්කා අශ්වයෝ දුවන්න පටන් ගත්තා,මටත් ආසාවක් ඇවිල්ලා මමත් ඕක කටත් ඇරගෙන බලන් හිටියා,,දැන් අර පොර උඩ පනිනවා ,පොරගේ අශ්වයා තමා මේ ඉස්සරහින් දුවන්නේ,කොහොම හරි මිනිහා කට කනේ තියන් එලියට ආවා රේස් එක ඉවර උනාම,තව ටිකකින් රිසල්ට් එනවා,ඔට්‍ටුවෙන් එයාට හම්බෙන ගානත් එක්කම කියලා,,ඔන්න ආයේ ගියා ඇතුලට බලාගෙන එන්නම් කියලා,,ඒ එක්කම ඇහුනා දඩාස් ගාලා කුනු බක්කියක් පෙරලෙනවා, බලද්දී අර පොර කුණු බක්කියට පයින් ගහලා,අනේ මිනිහගේ අශ්වයා දින්නට තරග නීති කඩකරලලු ,අසරනයා දුවද්දී කකුල යන රිද්මය වෙනස් කරලා,ඒ තරගේ කකුල යන රිද්මය වෙනස් කරන්න බෑලු,පොර එනවා අස්පයා මැරිච්ච ජොකියා වගේ මොකද සතියෙම පඩිය එතෙන්ට පූජා කරලා ඒ වෙද්දී පොර ඉදලා තියෙන්නේ.
මේ ඔන්න මම නම් මේ සූදුවට නෑ ඔන්න හරිය,, සමහර දවස් වලට ලොත‍රැයියක් සීරුවට,ලොටෝ එකක් මාක් කලාට වෙන දේවල් වලට නෑ,,හැබැයි මගේ බ්ලොග් එකේ මීට ඉස්සල්ලත් බූරුවා ගැසීම ගැන පෝස්ට් එකක් තියනවා, මම නාපෝලි සංචාරෙකට ගිය වෙලේ එහෙ ලාංකීය කෑම විකුනන කඩේක හරි අපූරු දැන්වීමක් දැක්කා ,අවාසනාවට මට ඒක පොඩි පොටෝ එකක් ගන්න බැරි උනා කඩේ සෙනග හිටිය නිසාත් ඕවා පොටෝ ගන්න ගිහින් ගුටි කන්න වෙයි කියලා ආපු බයට. ' 25 , 26 සහ 1 යන දිනයන්හී මෙම ස්ථානයේ කැටපොලක් පැවැත් වේ.' ඔන්න ඕක තමා කොම්පීතරෙන්ම වැදගත් විදිහට ලියලා ලස්සන බෝඩරයකුත් දාලා හදලා තිබුනු දැන්වීම. දන්නවා නේ ඔට්‍ටුවට කැට ගහන හැටි ඒකත් මරු සෙල්ලම.
අහලා තියනවද ලුණුවිල, පොල් පරීක්ශනාගාරය තියෙන්නේ එහෙ,වෙන්නප්පුව ආසනේ තමා ලුණුවිල කියන ගම,අපේ අල්ලපු ගමක් වෙනව ඕක,,ඔය ගම කාලයක් පොල් පරීක්ශනාගාරයට අමතරව තවත් ප්‍රසිද්ධියක් ගත්තා ලොකු සූදු පොලක් නිසා,එතන බූරුවා ගැසීම සහ කුකුල් පොර තමා තිබුනේ,අනිත් එක රජයේ අනුග්‍රහය ලබපු තැනක් මෙතන,ලොකු සල්ලි කාරයෝ තමා එතන ගැවසුනේ,පෙජරෝ,මොන්ටේරෝ,ප්‍රාඩෝ වගේ ලොකු වාහන තමා ඔතන තිබුනේ,ඔතන වෙනම සල්ලි පොලියට දෙන පොරකුත් හිටියලු,එතනම තමන් එන වාහනේ උගස් තියලා එතනම පැරදීල බස් එකේ ගෙදර ගිය මිනිස්සු ඕනා තරම් ලු.
කුකුල් පොර කියද්දී මතක් උනේ මාත් එක්ක වැඩ කලා පිලිප්පීන් කොල්ලෙක් පොර දවසක් කිවුවා ඒ රටේ කුකුල් පොර නීතිගත ක්‍රීඩාවක්ලු,මට වීඩියෝ වගයකුත් පෙන්නුවා,හයියෝ ක්‍රීඩා ගාර ඇතුලේ ඒවා වෙන්නේ,කුකුල්ලු ලේ පෙරාගෙන මැරිලා වැටෙනවා,කකුල් වල පොඩි පිහි හයි කරලයි ක්‍රීඩාව වෙන්නේ,,මම පොඩි වීඩියෝ එකක් හොයා ගත්තා මෙන්න,,,ඒත් ලේ පෙරාගෙන ඒවා නම් නෑ ඒ වගේ.


කොහොමත් මිනිස්සු මේ දේවල් වලට ගිහින් විහින් විනාශ වෙන එක තමා වෙන්නේ,තමන්ගේ ජීවිතේ පවා විනාශ කර ගත්තු මිනිස්සු ඉන්නවා සූදුව නිසා,ඒ වගේම කෝටිපතියෝ හිගන්නෝ වෙලා තියනවා සූදුවෙන්,,අර සක්විත්තත් සූදුවෙන්ලු නේ ඔය සේරම දේවල් උනේ.ලොත‍රැයියක් ඉදලා හිටලා සීරුවට මම හිතන්නේ ප්‍රශ්නයක් නෑ, ඒත් සූදුවට ඇබ්බැහි වීම කියන්නේ වෙනම හිතලා බලන්න ඕනා දෙයක්. සන්තානං මැණියනේ ඊයේ ලොටෝ වල තෑග්ග යූරෝම 7450000 දල වශයෙන් රුපියල් 150 වැඩි කරලා බලමු හොදයි කොහොමද රුපියල් වලින් කියලා මම නම් දන්නේ නැ ඕක සිංහලෙන් කියන්නවත්. මමත් මාක් කරන්න ඕනා ලබන සතියේ,, මී ඇස් දෙක පල්ලා මගේ බ්ලොග් එක පලෝ කරන සියල්ලන්ටම ඉන්දියාවෙන්ම ආනයනය කරලා මරුතිය බැගින් ලබා දෙනවා මේ ජය මල්ල දිනපු ගමන්.

Saturday, February 25, 2012

ඒක දඩුවමක්ද?


සරත් අයියා යුරෝපෙට ආවේ කොල්ලා කාලේ,ඇවිල්ලා චාටර් කාලා ජොබ් හොයාගෙන යම් ස්ථාවරයක හිටියා,යුරෝපේ කොහොමත් ඒ කාලේ සිංහල තරුන අවිවාහක ගැණු ළමයි ඉදලා නෑ, ඉදලා තියෙන්නේ සිංහලෙන්ම කිවුවොත් ඇන්ටිලා , ඇන්ටිලත් ඉතින් කොල්ලන්ගේ කරේ එල්ලෙන්නමයි බලන් ඉදලා තියෙන්නේ, සරත් අයියටත් ඔහොම ඇන්ටියෙක් සෙට් වෙලා, ඒ වෙනකොට සුද්දෙක් බැදලා පිට රටක පුරවැසිභාවය එහෙම අරගෙන ඉදලා තියෙන්නේ,, කොහොමත් ඒ කාලේ ඔය හික්කඩුව,බේරුවල,මීගමුව වගේ පැති වල හිටිය කෙල්ලෝ,ඇන්ටිලා පස්සේ වහ වැ‍ටුනු යුරෝපේ නාකි අර ගොල්ලන්ව බැදලා තමන්ගේ රටවල් වලට ගේනවා,නිකන්ම පුරවැසිභාවය, සමහරවිට යම් දේපලක් ඉතුරු කරලා මේ සුද්දෝ වලපල්ලට යනවා නැත්නම් අපේ ඈයෝ සුද්දන්ට බූට් එක තියලා මාරු වෙනවලු, ඒත් ලංකාවේ ඒ ප්‍රදේශ වල හිටිය පිරිමින්ට මේ චැන්ස් එක නෑලු , අහම්බෙන් සුද්දියෙක් සෙට් වෙලා ගිහින් පුරවැසිභාවය හම්බුනාට,ගොඩක් ගිය කොල්ලෝ ඉදලා තියෙන්නේ අනවසරයෙන් මේ රටවල, කොහොමහරි සරත් අයියට සෙට් උනු ඇන්ටිගේ සුද්දා ඒ වෙද්දී ඇන්ටිට යම් දේපලක් සල්ලියක් ඉතුරු කරලා වල කජ්ජ ගහලා ,ඉතින් තනියම හිටිය ඇන්ටිට සරත් අයියා සෙට් උනා ,සරත් අයිය මොකද කලේ අර ඇන්ටි එක්ක විවාහ නොවී ලිවින්ග් ‍ටු ගෙදර් ඉන්න ක්‍රමේට ලේසියෙන්ම කොලේ හදාගෙන පුරවැසිභාවයත් අරගත්තා.
සරත් අයියා යම් සල්ලියකුත් හම්බු කරගෙන ලංකාවට ගියා, ගෙදර දෙමව්පියෝ ඉතින් කපුවෙක් ලව්වා යෝජනාවකින් යම් කිසි දෑවැද්දකුත් එක්ක බ්‍රෑන්ඩ් නිව් කෙල්ලෙක් කසාද බැන්දා, කසාදෙන් පස්සේ අලුත් මනමාලිවත් අරගෙන ආයේ යුරෝපෙට එනවා, දෙන්න සතුටින් සමාදානෙන් විවාහ ජීවිතය ගෙනියනවා,පොඩි අවුලකට තියෙන්නේ සරත් අයියා අර ඇන්ටිව බලන්නත් සතියකට වරක් එක ‍රැයක් අර ගෙදරට යැම,මුල් මුල් කාලවල බිරින්දැට බොරු කියලා පැන්නට,ඉක්මනින්ම මෙයාගේ කනට මේ රහස එනවා, කොහොමත් මේවා හොයන කරන අය ලංකාවට වැඩිය මේ රටවල වැඩී කොහොමත්, පස්සේ සරත් අයියගේ පවුලට ළමයි දෙන්නෙකුත් එකතු වෙනවා,අහිංසක ගැණු කෙනෙක් උනු සරත් අයියගේ බිරිද සරත් අයියා සතියකට දවසක් ඇන්ටිගේ ගෙදර යන එක දැනගෙනත් පවුලේ ප්‍රශ්නයක් ඇති නොකරගෙන තමන්ගේ පවුල් ජීවිතය හොදින් ගෙනියනවා.
මේක සරත් අයියා ඉන්න ප්‍රදේශයේ ඉන්න ලංකාවේ අයට රහසක් නෙමේ සරත් අයියත් අර ඇන්ටිගේ ගෙදර යන එක හොරෙන් නෙමේ කලේ ප්‍රසිද්ධියෙම, සරත් අයියට කවුරුත් මේක කටක් ඇරලා නොකියන්න හේතුවක් තිබුනා එකක් මේ යුරෝපේ ගොඩක් ඔය කො‍ටු පනින වැඩේ හොරෙන් කෙරෙනවා ඕනා තරම් අනික සරත් අයියා කියන්නේ ඕනම කෙනෙක්ට අලුත් පරන ජාතිය නෙමේ ලාංකික කමට ඕනම උදව්වක් කරන කෙනෙක් ඒ වගේම ඒ උදව් වලින් සමහර විට හොද පරිප්පු කාපු කෙනෙක්, හරියට මිනිස්සු අදුනනවා ලෝකේ හැම රටකම වගේ ඉන්න දුප්පත් පෝසත් ලාංකිකයන්ව.
ඔහොම කාලේ යද්දී සරත් අයියා පවුල පිටින් ලංකාවට යනවා නත්තල් නිවාඩුවකට, ලංකාවෙදී සරත් අයියගේ ලොකු පුතා අවුරුදු 8යි , අසනීප වෙනවා කොටින්ම උණක් ගැනෙනවා, සතියක් විතර යනවා උණ බහින්නේ නෑ පස්සේ මෙයාල නවලෝක ස්පිරිතාලේ නවත්තනවා,ලංකාවේ මේ කාලේ ඩෙංගු රෝගයත් හැමතැනම නේ මුලදී මෙයාලත් එහෙම හිතනවා, රුධීර පරීකශන රාශියක් කලත් ඩොකාලා එක එක දේවල් කියනවා, මොකද්ද ලෙඩේ කියලා කියන්නේ නෑ, සරත් අයියා අදුනන දොස්තර කෙනෙක් සරත් අයියට කියන්නේ ළමයවත් අරගෙන ඉක්මනින්ම සරත් අයියලා ඉන්න රටට යන්න කියලා,නවලෝකේ දොස්තර කෙනෙක් සරත් අයියට කියනවා පොඩි එකාට ලියුකේමියා තත්වයක් වගේ තියෙන්නේ කියලා, සරත් අයියගේ ඔලුව ගිනි ගන්නේ ඒක අහපුවම,සරත් අයියා කියන්නේ ලංකාවේ සෑහෙන තරමකට ඉගෙන ගත්තු කෙනෙක් එයා මේ රෝග ගැනත් යම් පමනකට දන්නවා, නවලෝකෙන් පොඩ්ඩක් ළමයව දෙන එක පරක්කු කරනවා කොහොමත් ලංකාවේ ගොඩක් පුද්ගලික රෝහල්වල හැටියක් නෙ ඒක,සරත් අයියා මොකද කරන්නේ ඉක්මනින් එයා ටිකට් එක එදාම දාගෙන,එයා හිතවත් ලංකාවේ ඉහළ හමුදා නිලධාරියෙක් ලව්වා ළමයව ස්පිරිතාලෙන් එලියට අරගෙන ගුවන් තො‍ටුපලින් පිටවෙනවා ළමයා රෝගී තත්වයෙන් ඉද්දිම, යම් රෝගී තත්වයක් තියනවා නම් ගුවන් යානා වල මගියෙක්ව ගන්නේ නෑ නේ, කොහොමහරි සරත් අයියලාට කරදරයක් වෙනවා වෙනත් ගුවන් යානාවකට මාරු වීමීදී ළමයගේ රෝගී තත්වය දකින ඒ ගුවන් තො‍ටුපලේ අය මෙයාලව තියා ගන්නවා,එතනින් ඒ රටේ රෝහලකට දානවා ,ඒ රෝහලෙ සතියක් විතර යද්දී කියනවා මේ ළමයට ලියුකේමියා රෝගය තියෙන්නේ කියලා, පස්සේ සරත් අයියල ඉන්න රටේ එයාලගේ ජීවිත රක්ශන නිසා ඒ රටෙන් රෝගීන් ගෙනියන ඇම්බියුලන්ස් ජෙට් යානයක් යොදගෙන සරත් අයියලා පදිංචි රටට එනවා කෙලින්ම යන්නේ රෝහලටමයි ළමයව අරගෙන දැන් ඉතින් රෝගය ස්තීරයි ලියුකේමියාව කියලා, සරත් අයියා හදුනන ලාංකිකයෝ ළමයා වෙනුවෙන් නොයෙක් නොයෙක් ආගමික වතාවත් කරනවා ,උපදෙස් දෙනවා අරක මේක,
ඔය අතරදී සමහර ලාංකිකයෝ පුදුම කතාවක් ප්‍රචාරය කරනවා සරත් අයියගේ ළමයට අරවගේ රෝගයක් ආවේ සරත් අයියා ප්‍රසිද්ධියේ කරපු වැ‍රැද්දට් ,තමන්ගේ බිරිද ඉද්දී වෙනින් ගෑනියෙක් එක්ක තිබ්බ සම්බන්දයට, එයාට පව් සමා කර ගන්න කියනවා එයා ඇත්තටම මානසිකව උනත් ගොඩක් වැටෙනවා මේ නිසාම එයා ඇත්තටම අර අනියම් සම්බන්ධය අත් අරිනවා.
අනේ මන්දා සරත් අයියා ප්‍රසිද්ධියේ කරපු හින්දා ඒක වරදක් උනාද මොකද ඒ වගේ සම්බන්ද කම් මිනිස්සු මොනතරම් හොරෙන් කරනවද,අනික සරත් අයියා කරපු වරදට ඒ ළමයගෙන් දෙවියෝ පලි ගනීද? ඒ අස්සෙන් තව අය කියන්නේ ඒ ළමයා ඉහත ආත්මයක කරපු වරදක් මේ ආත්මෙදී පටිසන් දීලා
කාගෙද වැරද්ද කියලා මට නම් තේරෙන්නේ නැ,, මට නම් තේරෙන්නේ අර පොඩි එකා සෑහෙන්න දුක් විදිනවා ලියුකේමියා රෝගයෙන්....

Wednesday, February 8, 2012

ඔන්න මමත් 50 ට ආවා...


ඉදලා ඉදලා මටත් පුලුවන් උනා 50 වෙනි පෝස්ට් එක ලියන්න, අවුරුදු 2010 අප්‍රියෙල් 14 වෙනිදා පටන් ගත්තු ඉබි ගමනින් ආපු මගේ බ්ලොග් ගමන අද 50 පෝස්ට් එකටත් ආවා, මේක ලියන්නත් මාර නෝන්ඩිය ඇයි දෙයියනේ පෝස්ට් 50 ලියා ගන්න ගිය කාලය දිහා බලද්දි, සික් අවුරුදු 2ට ඔන්න මෙන්න,එක අතකින් සතු‍ටුයි මෙච්චර කාලයක් හරි මේ බ්ලොග් අවකාශයේ ‍රැදී ඉන්න පුලුවන් උනා නේ, අදත් මහා ලොකු දෙයක් ලියන්න දෙයක් නෑ ඔන්න.
HI5,TAGGED,එලකිරි,කපුටා චැට් බොක්ස්,පේස්බුක් වලින් ආපු මගේ ඉන්ටර්නෙට් ගමනෙ මේ වෙද්දී බ්ලොග් වල නැවතිලා,ඒ කියන්නේ ජීමේල් වල කිවුවොත් හරි.මේ බ්ලොග් හින්දම අදුන ගත්තු යාලුවො බොහොමයි,මේක හින්දම ජීවිතේ ලොකු විශේස වෙනසකුත් වෙලා මේ වෙද්දී, බ්ලොග් හින්දම පහු ගිය කාලෙම ගූගල් බස් පැද්දා ඒක නම් ලොකු අත්දැකීමක් උනා,මට බ්ලොග් අවකාශයේ මිතුරන් අදුනා ගන්න පුලුවන් උනේ මේ බස් පැදිල්ල තමා, බස් පදින්න ආවත් කාලයක් යනකන් ගොඩක් අය මම බ්ලොග් එකක් ලියනවද කියලවත් දැනගෙන හිටියෙම නැ,එකක් මම කිසිම තැනක මගේ බ්ලොග් එකේ ඇඩ් එකක්වත් දාලා නැති නිසා, කාලෙකට ඉස්සල්ලා මාරයගේ හෝරාව ලියන මාරයියා ගූගල් බස් හරහා තියපු බ්ලොග් පෝස්ට් සතියක් හින්දා ඒ වෙලාවේ ඒකට මාත් පෝස්ට් එකක් ලියලා දුන්නා,,එදා තමා ගොඩක් අය මම බ්ලොග් එකක් කරනවා කියලත් දැන ගත්තේ,පස්සේ මේ ලගදී Il Mondo di Una Povera Pazza ලියන රංගි අක්කා එයාගේ පේස්බුක් පි‍ටුවේ මගේ පෝස්ට් එකක ලින්ක් එක දාලා තිබුනා,ඒ තමා මගේ බ්ලොග් ලින්ක් එක එලියේ තියනවා දැකපු අවස්තා, මේකට හේතුව මම ලියනවට වඩා කියවන්නෙක් වීම කමෙන්ට් නොකලත් මම ගොඩක් බ්ලොග් කියවන කෙනෙක්, 2009 මම ගෙදර විවේක ගත්තු කාලේ අහම්බෙන් මට අහු උනු සිංහල බ්ලොගර්ස් සිංඩිය හින්දා මම බ්ලොග් කියන්නේ මොකද්ද කියලා දැනගත්තා,පස්සේ එතන තිබුනු බ්ලොග් කියවන්න අරගත්තා, ඒ කාලේ තිබුනු බ්ලොග් නම් ගොඩක් මේ වෙද්දි අක්‍රිය වෙලා,ඒ කාලේ බ්ලොග් ලියපු කීප දෙනෙක් නම් බස් වලින් අදුනා ගෙන ඉන්නවා,සික් ඒ කාලේ මම කමෙන්ට් කලෙත් නෑ ඕකුන්ගේ බ්ලොග් වලට මොකද පොඩි බයක් තිබුනා, මම හිතන් හිටියේ උන් ලංකාවේ ඉන්න සුපිරි පරිඝනක වැඩකරුවෝ කියලා,ලොකු පොරවල් කියලා ඔහොම ඉද්දී තමා බ්ලොග් වලින්ම සමහර අය තමන්ගේ පුද්ගලික කතා ලියද්දී ඒවා බලලා පොඩ්ඩක් බය ගියේ කමෙන්ට් කරන්න හිතුවේ,පස්සේ ඉතින් ගූගල් බස් පදින්න ගිහින් තමා මම මහා ලොකු මිනිස්සු කියලා හිතන් හිටිය උනුත් මම වගේම බලු කුක්කෝ ටිකක් කියලා දැනගත්තේ, සික් මම මුන්ටනේ බය වෙලා හිටියේ කියලා හිතුනේ. අද වෙනකොට ඒ මගේ අන්තර්ජාල ගමනේ ලස්සනම කාලය උනු බස් පැදිල්ල නම් ඉවර වෙලා පොඩ්ඩක් ඉතුරු වෙලා ප්ලස් පෑදිල්ල හින්දා, බ්ලොග් කියවිල්ල,ලිවිල්ල විතරක් ඉතුරු වෙලා,පේස්බුක් ඉන්නෙත් ගොඩක්ම මෙතනෛන් අදුන ගත්තු උන් එතනත් ඉන්න නිසාම, එකම දුකක් තියෙන්නේ මෙච්චර කාලයක් මෙතන හිටියට තාමත් මට මේ අදුන ගත්තු එකම කෙනෙක්වවත් මුන ගැහෙන්න බැරි උනා. ඕක තමා මගේ බ්ලොග් ඉතිහාසය සහ වර්තමානය.
නම් වශයෙන් ස්තූතී කරන්න ගියොත් මේ පෝස්ට් එක ලියන්න මට එපා වෙයි ඒක හින්දා මගේ බ්ලොග් එක බලන්න ආපු,කමෙන්ට් කරපු සේරමන්ටම ගොඩක් ස්තූතී, මම මේ වෙලාවේ ස්තූතී කරන්නේ ආයේ 100 පෝස්ට් එක ලියන්න කොච්චර කාලයක් යයිද දන්නේ නෑ,හැබැයි පුලුවන් කාලයක් මම මේ බ්ලොග් අවකාශයේ ‍රැදී ඉන්නවා,දැන් මේක දාලා යන්න බැරි හේතුවකුත් තියන හින්දම, ඉදිරියටත් මම ඔයාලගේ බ්ලොග් පෝස්ට් වලට පුලුවන් පුලුවන් හැටියට කමෙන්ට් කරන්න ඒවි, කමෙන්ට් නොකලත් සිංඩි 3කම තියන බ්ලොග් පෝස්ට් එකක් නෑර මම කියවනවා, කාලයක් මම රෑ වැඩ කරලා ඇවිත් පාන්දර 3,4 වෙනකන් බ්ලොග් කියෝලා තියනවා,එතකොට උදේ ලංකාවේ ගූගල් බස් දවසේ ආරම්භය ගන්න ආපු අය එක්ක චැට් කරලම යන්නත් පුලුවන් උනා. ලස්සන මතකයන් රාශියක් එක් කරපු බ්ලොග් අවකාශයේ තවත් කාලයක් ඔයාලත් එක්ක ‍රැදෙන පොරොන්දුව උඩ,ඔන්න මගේ 50.

Wednesday, February 1, 2012

ටොයිලට් පේපර්


කාලෙක ඉදන් වෙලාවෙන් වෙලාවට හිතට මහා කරදරයක් උනු ප්‍රශ්නයක් මම මගේ බ්ලොග් එකට දාන්නයි යන්නේ,හිතේ තද කරන් ඉන්නම හිතෙන්නේ නෑ දැන් නම්. අද උදෙත් ප්‍රශ්නේ ආව හින්දම මේක එලියට දානවා, ඔන්න උදේ මම පොඩි වැඩකට ගියා පොලිසියට, ඒ කියන්නේ ‍රැදී සිටීමේ බලපත් නිකුත් කරන අංශෙට, අප්පේ දිග පෝලිමක් ඔන්න පු‍ටුවක වාඩි වෙලා ඉදගෙන ඉන්නවා දැන්, ඔය වෙද්දී තමා බඩ ඇතුලෙන් මහා පෙරළියක් වෙන්න ගත්තේ, බඩේ පෙරළිය හිමින් හිමින් පස්ස පැත්තට යනවා කියලා දැනෙන්න මහා කාලයක් ගියේ නෑ, හරි දැන් ඉතින් ඔලුව වටේ කරකෝලා බැලුවේ අර WC කියන අකුරු දෙක ගහලා තියෙන්නේ කොහෙද කියලා හොයන්න,මොකද මට දැන් තේරෙනවා තව වැඩි වෙලාවක් නෑ මේ මහා පෙරළිය භූමිකම්පාවකට හැරවෙන්න වැඩි වෙලාවක් නෑ කියලා,ඔන්න එතකොට තමා දැක්කේ අර අකුරු දෙක මිනිහෙකුයි ගැණියෙකුයි ඇදලා තියෙන්නේ, හිත හිත ඉන්න වෙලාවක් නෑ මෙට්‍රෝ කෝච්චියක වේගෙන් මාව ඇදිලා ගියා ඔය දොර ගාවට, ඇතුල් උනා ඒ ඇතුලේ දෙපැත්තට දොරවල් දෙක,එක දොරක මිනිහා ,අනික් දොරේ ගැණි, තව පොඩ්ඩෙන් ඔය දෙකත් මාරු වෙනවා හදිසියට,කොහොම හරි කල්පනාවෙන් හිටිය නිසා හරි දොරට ඇතුල් උනා,එතනත් ඉතින් එකින් එක වහපු පුංචි කාමර නේ,හොද වෙලාවට උදෙන්ම හින්දා මමද කොහෙද අද දවසේ මේකෙ වැඩ පටන් ගත්තේ,හරි ශෝක් එකට තිබුනා මගේම වෙලාවට ,ගිය වේගෙනටම ගිහින් දොර වහගෙන බර හෑල්ලු කර ගත්තා කියමුකෝ ඔන්න එතකොටයි ඔලුවෙ ගින්නක් ආවේ ,හුටස් පිහා ගන්න කොල රෝල විතරයි,අර ටොයිලට් පේපර් කියන්නේ අන්න ඒ රෝල විතරයි, මොනා කරන්නද ඉතින් සුද්දගේ රටේ ඉන්නවා නම් මේ කට්ටත් කන්න එපෑයි,,,මම ඕකට සමහර දවස් වල මගේ බෑග් එකේ තියන වතුර බෝතලේ පාවිච්චියට ගන්නවා,,අද ඒකත් නැ, මූන බෙරි කරගෙන ගත්තා කොල රෝල ඔන්න දැන් පස්ස පිහ දාන මෙහෙයුම පටන් ගත්තා,සුද්දට බැන බැනම,,යකෝ මුන්ට පොඩි ටැප් කැල්ලක් මේකෙන් හයි කරන්න බෑද කිය කිය, ඒකත් කරගෙන ආයේ එලියේ ටැප් එකෙන් පොඩ්ඩක් මූන අත හෝදගෙන,,ඇයි මේ සීත කාලෙත් මට දාඩිය දාලා හිටියේ තිබුනු බරට,ඔන්න ආයේ ඇවිත් ඉද ගත්තා පු‍ටුවෙන්,
ඊලගට මම දන්නවා එක දෙයක් ඔය කොලෙන් පිහ දාගෙන ඉන්න බැරි ලෙඩක් මට මේ අවුරුදු 5 ම තියනවා,,මොකද මම කීප සැරයක්ම කරන්න ආපු වැඩේ දාලා ගෙදර ගිහින් තියනවා, කොහෙදි හරි කොලෙන් පිහ දාපු දවසට, ඒ ලෙඩේ තමා පස්ස පැත්තට ඉදි ක‍ටු වලින් අනිනවා වගේ මහ අමුතුම දෙයක්,, ඒක මොළේට යනකන්ම දැනනවා,එතකොට ඉතින් පු‍ටුවක ඉදගෙන ඉන්නත් බෑ, කියා ගන්න බැරි අමුතුම ලෙඩක් ඒක,, මම ඒක හින්දම වතුර බෝතලේ බෑග් එකේ ගෙනියන එක පුරුද්දක් කරගෙන තියෙන්නේ,,දැන් ඔයාලා හිතයි ඊයා මේකා බොන වතුර එකෙන් නේද මේ කියලා, මොනා කරන්නද හදිසි අවස්තා හැමදාම වෙන්නේ නෑ නේ. ඒක ඒ ඒ වෙලාවට පහසු අයුරින් ඒ වතුර පාවිච්චියට ගන්නවා.
ඇත්තටම මේ කොලෙන් පිහ දාගන්න අත්දැකීම ඔය පිටරට ඉන්න සේරමන්ටම ඇති, නොකීවට ඕකෙන් පිහ දාගෙන ඉන්න අමාරුයි කොහොමත්,අපි ඉතින් පොඩි කාලේ ඉදලම වැඩේ කරගෙන හෝදගන්න පුරුදු උනු ජාතියක්,සමහර ජාතින් ඉන්නවා ලොකු වැඩේට හෝදන්නේ නෑ පොඩි වැඩේ කරලා හෝදනවා, මේක මහ ප්‍රශ්නයක් වෙන වෙලාවක් තියනවා ඒ තමා දිග ගුවන් ගමනකදි, ඒ අත්දැකීම නම් පිටරට ඉන්න සේරම අයට තියනවා,කොහොමද පැය 5,6 යද්දී අනික ශ්‍රී ලංකන් ගුවන් සේවය ගොඩක් යන්නේ කෙලින්ම,මග ගොඩ බැසීම් නෑ, රෝමෙට එන්න පැය 9ක්,10ක් ගත වෙනවා,ඔය වෙලාවට අර වගේ ලොකු බරක් සෙට් උනාම බඩුම තමා,කොහොමත් අර චූටි ටැප් එකෙන් වතුර අරගෙන හෝදන්නද,,අනික මුල් පැය 3,4 ඔය ටොයිලට් හොදට තියනවා ඊට පස්සේ ඉතින් ගන්න දෙයක් නෑ,ඇයි ඉතින් 200ක්,300ක් ඉන්න තැනක ඔය පොඩි කාමර තුන හතර ඇතිද,ඒ මදිවට ඉතින් හෝදන්න නෑ,,අපිට කොහොමත් හෝදන්න ඕනම හින්දා,,මිනිස්සු එක එක විකාර කරන බව පේනවා පොඩ්ඩක් ඕක ඇතුල බලද්දී, මේ ගුවන්තො‍ටුපලවල් වලත් ඇත්තටම තියෙන්නේ වැඩේ කර ගන්න විතරයි, මම ගුවන්තො‍ටුපලවල් කීපයකම සෑහෙන වෙලාවල් ඉදලා තියනවා,,පහු ගිය ටිකෙත් හිටියා අඩු මුදලට ගුවන් ටිකට් පත් අර ගත්තහම ඔහොම ක‍ටු කන්නම වෙනවා නේ, ඉතාලියේ රෝම ගුවන්තො‍ටුපල, ජර්මනියේ මියුනික් ගුවන්තො‍ටුපල, ස්විඩනයේ ස්ටොක් හොල්ම් ගුවන් තො‍ටුපල, මම පහු ගිය ටිකේ කට්ට කාපු තැන්,, කොහොමත් ඉතින් එතකොට අතෙන්ට යන්න වෙනවමයි,,ඔය එක තැනකවත් හෝදන්න තිබුනෙත් නෑ කොල විතරයි, ක‍ටුනායක මතක නෑ මොකද වැඩි වෙලාවක් ඔතන ‍රැදෙන්නේ නෑ එක්කෝ ඉක්මනින් එලියට යනවා නැත්නම් ගෙදරින් එද්දි බරවල් හෑල්ලු කරගෙන නේ එන්නේ.
මේ සුද්දා පස්ස හෝදන්නේ නැත්තේ ඇයි කියන එකත් මට මාරම ප්‍රශ්නයක්,,කාලෙකට ඉස්සර අපේ රටෙත් හේදුවද,නැද්ද මන්දා ,මොකද ඉස්සර ඔය වැඩේට කියන්නේ බැද්දට යනවා නේ , අපේ රටෙත් ඔය වැඩේට බැද්දට ගිහින් මොකක් හරි ස්වභාවික කොල වර්ගයක් පාව්ච්චි කලාද දන්නේ නෑ ,හැබැයි පැරනි නටබුන් වල වැසිකිලි නටබුන් කීපයක්ම මමත් ඇස් දෙකින් දැකලා තියනව අපේ පැරනි නටබුන් අස්සේ, ඒවා දකිද්දී හිතෙනවා බාල්දියක් අරගෙන යන්න ඇති ඒ කාලේ, ඒත් මෑත කාලේ අපේ රටේ ඔය ඈත ගම්වල වැසිකිලි හදලා දීලා තියනවා මිනිස්සුන්ට , බැද්දට යන්න එපා කියලා,, ගොඩක් මිනිස්සු ඒවා ප්‍රයෝජනයට ගත්තේ පොහොර ගබඩාව විදිහටලු, ඔය මිනිස්සු නෙමේ මමත් පොඩි කාලේ අපේ හරිය වැඩිය ජනාකීර්න නෑනේ , ගේ පිටි පස්සේ තිබුනා කඩා වැ‍ටුනු සිමෙන්ති බැම්මක් , ආතල් එකේ පුල් ඒසී පිට ඕක උඩට නැගගෙන තමා වැඩේ කලේ, හැබැයි උදැල්ලක් වතුර බාල්දියක් ගෙනිච්චා,සමහර දවස් වලට ඉතින් උදැල්ල ඕනා උනේ නැ,,බල්ලෝ නම් දුවනවා දැක්කා, ඒ ඉතින් හිච්චී කාලේ කරපු වැඩ නේ...
දැන් දැන් ලංකාවේ සුපර් මාර්කට් වලත් ඔය කොල රෝල් විකුනන්න ඇවිත්,මොකටද මන්දා,අපේ අයත් කොල පුරුද්දට එන්නද මන්දා,සමහරවිට ලස්සනට තියන්නද මන්දා.හිතා ගන්න බෑ,හැබැයි ඉතින් කොලේ රගේ පොඩ්ඩක් ටෙස් කරල බලන්නකෝ අත්දැකීමක් නැති අය....

Thursday, January 26, 2012

මම බෙබෙක් ඩෝ ...



හවසට ගෙදර එන ගමන්,
දෙකක් දාගත්තාම,
මම තමා
ඩෝ චන්ඩියා...

මඟ යන්න පණ නැති උනාට,
හැමෝ එක්කම එල්ලී එල්ලී,
රණ්ඩුවට යන්නේ මම තමා
ඩෝ ...

මහා ලොකු වීරයෙක් කියලා හිතුවාට,
අන්තිමේ කාඩ්බෝඩ් වීරයෙක් වෙන්නෙත්,
මම තමා
ඩෝ .....

පොඩි සිතුවිල්ලක් පහල උනා, අද දැකපු දේකින් දැකපු දේ හිතා ගන්න පුලුවන් නේ....

Friday, January 20, 2012

විපක්ශ නායකතුමා පන්නමු....


පොඩි දේශපාලන ලිපියක් ලියන්න හිතුවා, මහ ලොකු ලිපියක් නෙමේ පොඩිම පොඩිම එකක්,හිතල හිතලා තමා මේක ලියන්න ගියේ, මම නම් නෙමේ මේ විපක්ශ නායකතුමාව පන්නන්නේ හදන්නෙත්,,ඔයාලා කාගෙන්වත් උදව් ඕනෙත් නෑ,අපිට මොකෝ මේ කොහෙවත් ඉන්න විපක්ශ නායකතුමෙක් පන්නන්න,හැබැයි පොරට මහා පරිමාන දූශන චෝදනා,මෙහෙම එකෙක්ව විපක්ශනායක කමට ගැලපෙන්නෙම නෑ,,මම කියන්නෙත් මෙහෙම උන් රටකට ඉද්දී රටක් බංකොලොත් වෙන එක කියන්නත් දෙයක්ද,දූශන,වංචා,කොමිස් ගැහිලි, නීති විරෝධී ක්‍රියා බොහොමයි මේ විපක්ශ නායකතුමාට,ඉතින් මටත් හිතුනේ පොරව පන්නන එක හොදයිමයි කියලා, මේ දවස් වල ටීවී එකේ නිවුස් වලට පෙන්නන්නෙත් පොර ගැනමයි,පොරගේ කාර්යාලය වට කරගෙන මීඩියාකාරයෝ,පොරට එලියට බහින්නවත් දෙන්නේ නැ, උන් වට කරගෙන එක එක ප්‍රශ්න අහනවා,පොරත් ඇඩූ කදුලෙන් උත්තර දෙනවා,බිම බලාගෙන යනවා,,ඔන්න මීඩියාකාරයෝ මිනිස්සුන්ගෙන් අහනවා මේ විපක්ශ නායකතුමා හොදයිද කියලා මිනිස්සුත් කියනවා එපා අපිට මෙයාව විශ්වාස නැ,මෙයාව අයින් කරන්නමයි ඕනා කියලා.
ආ ලොකුම චෝදනා දෙක තමා,
1.තමාගේ නිල රථයෙන් ගෙදරින් පිටත් වී එය මග දමා තමාගේ පුද්ගලික රථයෙන් අදාල ගමන ගොස්,නිල රථයෙන් තමා ගමන ගියේ කියල අදාල ගමනේ වියදම් ගැනීම.
2.නිවසක් අලුතෙන් මිලදීගෙන,විපක්ශ නායක තුමාගේ සහ ඔහුගේ බිරිදගේ නමින්,පස්සෙ බිරිදගේ නම පමනක් යෝදා,රජයෙන් අඩු ආදායම්ලාභී නිවාස දීමනාවක් ලබා ගැනීම.
මේවගේ චෝදනා තියෙද්දී ගෙදර නොයා කොහොමද බලන්න කොච්චර ප්‍රබල චෝදනාද කියලා.
මේ වගේම ඉස්සල්ල විපක්ශ නායක තුමියවත් ගෙදර යැවුවා,චෝදනාව උනේ,තමාගේ කාර එක වැරදි තැන්වල පාක් කරලා,,ඒවට අදාල දඩ මුදල් නොගෙවා පැහැර ඇරීම. ඒක නම් කරන්නම ඕනා උන් මහ ලොක්කෝ කියලා හිතලා වෙන්න ඇති ඕනා ඕනා තැන්වල පාක් කරලා මදිවට දඩ ගෙවලත් නෑ.
මේවට තනි ඇහැට ඇඩෙනවා ඕයි,මොනා කරන්නද වෙන දෙයක් බලන් ඉන්නවා මිසක්, මේ වගේ දූශිතයෝ ඉන්න රටක ඉද්දී රටක් දියුනු වෙයිද,
ඔන්න එක්කෝ කියලම දාන්නම් රට මොකද්ද කියලා,මේ අපේ රට නම් නෙමේ මේ ස්විඩනය කියන රටේ මේ දවස් වල වෙන දෙයක්. විපක්ශ නායකයව ගෙදර යවන්න මිනිස්සු දගලන දැගලිල්ලක්,,පොර හෙට අනිද්දා සේරම අකුලගෙන ගෙදර යන්නයි යන්නේ මේ හින්දා.
ආසියාවේ ආශ්චර්ය කියන අපේ රටෙන්වත් මේ මිනිස්සු හැදෙන්න ඕනා මේ වගේ වැඩ නොකර,රටක් දියුනු කරන්නේ කොහොමද, හොරකම් ,මැරකම් නොකර රටක් පාලනය කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න හොදම රට ශ්‍රී ලංකාවයි කියලා මේ මිනිස්සුන්ට කියලා දෙන්න මම උත්සහ කරන්නේ දැන්.

Sunday, January 15, 2012

ජාතියෙන් මාරු උනු අපේ ළමයි...


ඔන්න මේ අවූරුද්දට ලියන පලවෙනි ලිපිය ලියන්නයි යන්නේ, මේක කතාවකට වඩා මම දැකපු අහපු දේවල් එක්ක මට හිතෙන දේ තමා මෙකේ ලියන්න හිතුවේ,කෙලින්ම මාතෘකාවට එන්නම්, මම ලියන්න යන්නේ මේ රටවල දෙමවුපියන් එක්ක ඇති දැඩි වෙන අපේ රටේ දරුවෝ ගැන,ඒ කියන්නේ හදාගන්න ගෙනාපු ළමයි,ඉතාලියෙට වඩා වැඩි පුර එහෙම ළමයිව මම ස්විඩනයේදි දැක්කා,ඉතාලියෙත් නැතුව නෙමේ,සාපේක්ශව මෙහෙ වැඩී,
හැබැයි ඉතින් ගොඩක් අය අපේ ළමයිව මෙහෙම පිටරටවලට දෙන එකට නම් කැමති නෑ,මේ ලගදිත් මම ලංකාවේ පත්තරේක දැක්කා මොකද්ද නීතියක් ගෙනල්ලා,,ඒ එක්කම තදටම ළමා නිවාස ප්‍රශ්නයකුත් ගියා,අපේ බ්ලොග්කරුවොත් ඔය ගැන නොයෙක් නොයෙක් කතා කිවුවා, බහුතරය කැමති නෑ කොහොමත්, ඒත් ඉතින් මේ ළමයි ගොඩක්ම ළමා නිවාස වල හිටිය අය නැත්නම් කාගෙන් හරි අනාථ උනු මවකගේ දරුවෙක්,සිංහලෙන්ම කිවුවොත් අවජාතක දරුවෙක්, ඇත්තම කිවුවොත් මම නම් කැමති මේ වගේ දරුවන්ව හදාගන්න මෙහෙම දෙන එකට,මොන රටක හරි ඒ ළමයිට දෙමවුපියෙක් ලැබෙනවා නම් එයාලට හොද ආරක්ශාවක් ලැබෙනවා නම් එච්චරයි නේ වෙන්න ඕනා.
ඒත් අපේ මිනිස්සු මේකට ගොඩක්ම කැමති නැත්තේ ඇයි කියන්න මට තේරෙන්නේ නෑ,සමහර අය කියන්නේ ආ ඒ ළමයිව ගෙනියන්නේ ශරීර අවයව ගන්න,ඕනා බූරුවෙක්ට තේරෙනවා ඒ වැඩේ ලේසියකින් කරන්න පුලුවන් දෙයක් නෙමේ කියලා, අනික මම පුද්ගලිකවම දන්නවා මේ ළමයිව ලේසියකින් එහෙම හදාගන්න ඕනා කිවුවට එහෙම ගේන්න බෑ කියලා,ඒකට මේ රටවලින් අවසරේ ගන්න ඕනා මුලින්ම,ඒකත් පොඩි දෙයක් නෙමේ,පස්සේ ලංකාවෙන් ළමයෙක් හම්බුනාට හොරෙන් ගේන්න බෑ කොහොමත් උසාවි මාරගයෙන් ඒක වෙන්නේ,දින කීඉපයක්ම උසාවි වල රස්තියාදු වෙන්න ඕනා, ඒකෙන් පේන්නේ මේ රටවලින් එහෙම ළමයෙක් ගන්න යන්නේ දරුවෙක් ඕනා හින්දමයි කියලා.
ඔය ළමා නිවාස වලට අලුත් නමක් ආවා මේ ළගදි උනු ප්‍රශ්නෙත් එක්කලා ඒක තමා බේබි පාම්,ඒක නිකන් හරියට අර බ්‍රොයිලර් කුකුල්ලු ඇති කරනවා වගේ දෙයක් ඒකෙන් අපේ රටේ මිනිස්සු ඇගෙව්වේ, ළමයි ඇති කරලා රට පටවන්න කියලා,ඕකෙන් ඇත්තටම පොඩියට ආගම් ප්‍රශ්නයක් එලියට දැම්මේ,ඇත්තටම එතනින් උනේ අනාථ උනු අම්මලාව බබාලා හම්බෙනකන් එතන තියන් ඉදලා එයාලට ‍රැකවරනය දුන්නු එක,තාත්තෙක් නැති දරුවෙක් එක්ක ඒ අම්මලාට කීයකටවත් අපේ සමාජේ ජීවත් වෙන්න බෑ, තාත්තෙක් නැති දරුවෙක් ආවේ ඇයි කියන එක වෙනම ප්‍රශ්නයක්, මේ වෙද්දි ළමා නිවාස වල තදබදය ගොඩක් තියනවා,මොකද මම ළමා නිවාස කීපයකටම ගිහින් ඒක ඇස් දෙකෙන් දැක්ක නිසා,ඒක ඇත්තටම ලොකු ප්‍රශ්නයක් අපේ රටේ තියන,මිනිස්සු වැඩිය කතානොකරන ප්‍රශ්නයක්,
සමහරවිට ඒ අම්මලා හිතකින් නෙමේ නේ එහෙම ළමයිව ළමා නිවාසෙකට දෙන්නේ,නැත්නම් එහෙම ලංකාවේ හෝ පිටරටක කෙනෙක්ට හදාගන්න දෙන්නේ, අපේ සමාජේ එහෙම දරුවෙක්ව හදාගන්න බැ කීයකටවත්,නින්දා අපහස ගැන කියන්න දෙයක් නැ නේ,ඒ වගේම ලංකාවේ කවුරුහරි එහෙම දරුවෙක්ව හදා ගත්තත් ඒ ළමයට හරි වෙලාවක් බලල කියන්න බලන් ඉන්නේ උබ හදාගන්න ගත්ත එකෙක්,ඔය ඉන්නේ උබේ අම්මයි තාත්තයි නෙමේ කියලා, ඒ ළමයව කොච්චර හොදට හදාගත්තත් මිනිස්සු බලන්නේ ඒ ළමයට අවජාතකයා කියන නම දෙන්නමයි. අපි උනත් ස්කෝලේ එහෙම ළමයෙක් හිටියත් මූනටම නැති උනාට හොරෙන් වෙන එකෙක්ට හරි කියනවා අරූ බන් හදාගන්න ගත්ත එකෙක් කියලා මට ආරංචි උනා කියලා. ඒකයි අපේ රටේ හැටි.
මේ ළගදී මම අපූරු දෙයක් දැක්කා,එහෙම හදගන්න ගෙනාපු ආබාධිත ගැණු ළමයෙක්.දැන් නම් අවුරුදු 30ක් විතර ඇවිදින්න බැරි කෙනෙක් අත දරුවෙක් විදිහට එයාව ගෙනල්ලා තියෙන්නේ,ලංකාවේ මිනිස්සු එක්ක ආශ්‍රය කරන්න කැමති කියලා එයා එනවා අදුනගන්න, එතන විශේසත්වය ඒ දෙමව්පියෝ මේ දරුවට ඇවිදින්න බැරි බව දැනගෙනමයි ලංකාවෙන් ගෙනල්ල තියෙන්නේ,ඇත්තටම මොන තරම් ලොකු පිනක්ද ඒක,,සමහරවිට ඒ ළමයා මොනතරම් දුක් විදීද ලංකාවේ හිටියා නම ආබාධිතයෙක් විදිහට,ළමා නිවාසෙක ඉදලා තියෙන්නේ,අද එයාටම වෙන් උනු සේවකයෙක් ඉන්නවා,හොදට ඉගෙනගෙන තියනවා, ‍රැකියාවක් කරනවා එහෙම ඉදගෙනත්.
ඔහොම හදාගන්න ගෙනාපු කීප දෙනෙක් ගැනම තොරතුරු මම දන්නවා,කීප දෙනෙක් එක්කම කතා බහ කරලා තියනවා,කොහොමහරි එක්කෙනෙක් මට කිවුවා එයා ගියාලු අම්මව හොයාගෙන,කොහොමහරි හොයලා හොයලා හම්බවෙලා,එත් එයා කියනවා ඒ අම්මා කැමති උනේ නැලු ආයේ එයාගේ දරුවෙක් විදිහට පිලිගන්න,මොකද ඒ වෙද්දි ඒ අම්මා වෙනම පවුල් ජීවිතයක් ගත කරන කෙනෙක්,ඉතින් එයා ආයේ ආවලු ඒ අම්මව අමතකම කරලා,එයා කියන්නේ එයාගේ හදාගත්තු අම්මල ලගටම ආවලු ආයේ යන්නේ නෑලු අර අම්මව බලන්න,හැබැයි එයා හිටිය ළම නිවාසෙට තාමත් උදව් කරනවලු.එයාගේ තාත්තා ගැන නම් කිසිම දෙයක් දන්නේ නෑලු.
කාලෙකට ඉස්සල්ල මරු දෙයක් දැක්ක,ලංකාවෙදිම,කොහොමහරි ඔහොම නිව්න් සහෝදරයෝ දෙන්නෙක්ව හදාගන්න දීලා සුදු ජෝඩුවකට එයාලා නම් ළමා නිවාසෙක නෙමේ හරි දුප්පත් පවුලක ,එයාලට තව සහෝදරයෝ ඉන්නවා ලංකාවේ පවුලේ,ඉති අර සුදු ජෝඩුව හැම අවුරුදු 2ට සැරයක්ම අර ලමයි දෙන්නව අරගෙන ලංකාවට එනවලු,ඒ එද්දි අර පවුලේ අය ඉන්නේ උළු මෝලක වැඩ කරන ගමන්,ඉතින් අර ජෝඩුව මෙයාලට ගෙයක් කුළියට අරගෙන දීල ඒකට උවමනා දේවල් අරන් දීලා ආයේ යනවලු,මේ මිනිස්සු මොකද කරන්නේ අර මිනිස්සු ගිය ගමන් තියන බඩු ටිකෙන් ටික විකුනනව,අන්තිමට ගෙවල් අයිති කාරයට කන් කෙදිරි ගාල අවුරුදු 2ටම දීපු ගෙවල් කුලියත් අරගෙන කොහෙ හරි උළු මෝලකට ආයේ යනවලු,අර සුදු ජෝඩුව ආයේ අවුරුදු 2න් එනවලු,එයලට ළමයිව ගන්න උදව් කරපු කෙනා ලව්ව ආයේ අර පවුලේ අයව හොයාගෙන අර වගේම කරනවලු,ඔහොම කීපසැරයක්ම කරලා බැරිම තැන අර සුදු ජෝඩුව දැන් එන්නෙම නෑලු.
ඇත්තටම මේ වගේ ළමයි ළමා නිවාසෙකට ජීවත් වෙනවට අඩුම ගානේ පිටරටකින් හරි එයාලට දෙමවුපියෝ ලබෙනවා කියන්නේ කොච්චර ලොකු දෙයක්ද,අපිට අපෙ දෙමවුපියෝ නැතුව ගියෝත් කොච්චර දැනෙනවද,එහෙම බලද්දි අර ළමා නිවාස වල ජීවත් වෙන දරුවන්ගේ මානසික මට්ටම කොහොම ඇත්ද. පොඩ්ඩක් හදවතින් අහලා බලන්න ඒ වගේ ළමයිට කොහෙන් හරි අම්මෙක් තාත්තෙක් ලැබෙනවා නම් කොච්චර දෙයක්ද කියලා.
ලස්සන ගීයක් තියනවා සන්ප්ලවර් ගායක නෙල්සන් වාස් ගායනා කරන පොඩ්ඩක් අහලා බලලම යන්න...