Pages

Sunday, December 22, 2013

බිංදුගේ කතාව



මගේ මතකයේ විදිහට ඒ 99 හෝ 2000,බිංදුලාගේ පවුල පිටින් අපේ ගමට පදිංචියට ආවා,බිංදුවට එතකොට වයස 17,18විතර මම හිතන්නේ,ඌ තමා පවුලේ වැඩිමලා දෙවෙනියා රතු,ඌට 16ක් විතර ඌ ස්කෝලෙ යනවා,බාලයා නංගි කෙනෙක්,ඒකි මගේ වයසෙම කෙල්ල,බිංදුවලාගේ නෑයෙක් හරහා තමා කුළියට අපේ ගමට ආවේ,කොහෙන් ආවද කියලා අදටත් අපි දන්නේ නෑ,දැන් උන් අපේ ගමේ ස්ථීර පදිංචිකාරයෝ.ඒ කාලේ උන්ගේ තාත්තා වැඩ කලේ කොළබ රජයේ ඔ‍ෆිස් එකක,අහිංසක මනුස්සයෙක්,හැබැයි වැඩ ඇරිලා කෝච්චියෙන් එන්නේ බහින ස්ටේශන් එකේ ඉදන් සියලුම කසිප්පු පොට් වල නවත්තලා,,ගෙදරට එද්දි නාග සලං,නිවාඩු දවසට පොර ගෙදරින් එලියට එනවා වත් මම දැකලා නෑ.
මේ කස්ටිය ගමට ඇවිත් දවස් දෙක තුනකින්ම උන්ගේ නෑදෑ කොල්ලා එක්ක අපේ ගමේ කොල්ලෝ සෙට් එක එක්ක එකතු උනා,
එතකොට මම වැඩි වයසක් නෑ,,ලොකු කොල්ලෝ සෙල්ලම් කර කර බලන් ඉන්නවා මිසක්,,ක්‍රිකට් ගහනකොට ඈතට යන බෝල අහුලන්නයි,ඈතට යන වොලිබෝල් අහුලන්නයි,,,අපේ ගමේ උන්ට අත්පුඩි ගහන්නයි තමා අපේ රාජකාරිය උනේ,බිංදුවා ආවට ඌ කවදාවත් සෙල්ලම් කලෙත් නෑ,කොල්ලෝ එක්ක කතා කලෙත් නෑ,හිනා උනා විතරයි,රතුවා නම් අපේ ගමේ සෙට් එකටම ගැලපෙන එකෙක් උනා.

ටික දවසකින් බිංදුවා සෙල්ලම් කරන්න එන එක නැවතුනා,ඒත් උගෙන් ගමට පොඩි සේවයක් උනා,,ඒ කැඩෙන ඉලෙක්ට්‍රික් බඩු හදලා දෙන එක,ඌ ඒකට දක්ශයා,ඒ එක්කම ඌ ටික දවසකින්ම ජොබ් එකක් හම්බවෙලා උදෙන්ම බසිකලෙන් වැඩට යන්න ගත්තා,රතුවා කියපු විදිහට ඌ අපේ ගමට එන්න ඉස්සල්ලත් ලියවන පට්ටලේක වැඩ කරලා තියනවා,,ඌ ඒකට දක්ශයා කියලා,අර ඉලෙක්ට්‍රික් බඩු හදන එකත් පාට් ටයිම් එකක් විදිහට කෙරුවා,ඒක කලේ රතුවා හරහා,,ඌ තමා ඒක උන්ගේ අයියා ලව්වා කරවලා සල්ලි ගත්තේ,,ගමේ මිනිස්සු බිංදුවව දැක්කේ උදේ පාන්දරයි ආයේ රෑ වෙද්දි ගෙදර එනවයි විතරයි,ඒත් ඌ හිනා උනා විතරයි.
රතුවා කිවුව විදිහට බිංදුවා කියන්නේ එන්ජිමක කොටසක් පෙන්නුවොත් ඉතා ඉක්මනින් ඒක ලියවන්න දක්ශයෙක්,ඒ වගේම ඌ ලගට තකහනියක් මිනිස්සු ආවාලු එන්ජින් කොටස් ලියවන්න,ලියවන පට්ටලේ බිංදුවා නැති දවසට අනෙක් බාස්ලට නොදී මිනිස්සු හැරිලා යන්න තරම් දක්ශ ලියවන පට්ටල් බාස් කෙනෙක් විදිහට පොඩි වයසකදිම බිංදුවා පත්වෙලා ඉදලා තියනවා,ඒ වගේම තමා එතනම තිබුනු ගැරේජ් එක නිසා ඉතා ඉක්මනින් බිංදුවා වාහන එන්ජින් ගැන උනත් ඉතා ඉහළ දැනුමක් අරගෙන තියනවා.
මට මතක විදිහට 2004 බිංදුවා එක පාරටම ගමෙන් අතුරුදන් උනා,මූ ගැන තොරතුරක් නැති නිසාම රතුවගෙන් අහනකොට ඌ බිංදුට උනු දේ කිවුවා කොල්ලෝ එක්ක,බිංදුවට කොහෙන්දෝ මිලිමීටර 9 පිස්තෝලයක කැටලොග් එකක් හම්බවෙලා,මූ මොකද කරන්නේ ලියවන පට්ටලේ උදව්වෙන්,පිස්තොල කීපයක්ම හදලා,ඒවත් විකුනලා,කොහෙදෝ උනු මංකොල්ලෙකදී මේ පිස්තොලයක් මාට්‍ටු වෙලා,භාන්ඩෙ කොහෙන්ද කියන එක හොයන් යද්දි බිංදුවත් දන්නේ නැතුවම පට්ටලේදිම බිංදු මාට්‍ටු,ඒ වෙනකොටත් භාගෙට හදපු බඩු කීපයක් අහු වෙලා,බිංදු අතුරුදන් උනේ හිරේ ගිය නිසා,,මම හිතන්නේ අවුරුදු 7ක් 8කට විතර පොර හිරේ ගියා.
මම පහු ගිය අවුරුද්දේ ලංකාවට යනකොට ඔන්න බිංදුවත් ගෙදර උන්න නිදහස් වෙලා ඇවිත්,,අහලා බලද්දි ඌ ඇවිත් මාස 6ක්7ක් විතර,ඒ පාර ඔන්න බිංදුවා දක්ශ කැටයම්කාරයෙක්,,පොඩි ලී කැල්ලෙන් උනත් යම් නිර්මානයක් කරන්න දක්ශයෙක් වෙලා,,ඒ අතර පොල්ක‍ටු වලින් කරපු නිර්මාන පුදුම ලස්සනක්,ඒවා රතුවා මිනිස්සුන්ට විකුනන්නත් පටන් ගත්තා,ටික දවසකින් බිංදුවා ආයි වාහන ගැරේජ් බාස් කෙනෙක් විදිහට වැඩට ගියා,,ඒ පාර ලියවන පට්ටල් බාස් කෙනෙක් නෙමේ ඩීසල් එන්ජින් බාස් කෙනෙක්,පාට් ටයිම් ජොබ් එක පොල් ක‍ටු වලින් කරන අත්කම් නිර්මාන.මේ දක්ශ නිර්මාණකරුවා ඒ වෙනකොට නරක පුරුද්දකට ඇබ්බැහි වෙලා ඉදලා තියෙන්නේ,,ඒ වෙනකොට බිංදුවා කුඩුකාරයෙක් වෙලා,හිරෙන්ම තමා ඒකට පුරුදු වෙලා තියෙන්නේ,,හිර ගෙදර කුස්සියේ උන්නු බිංදුවා,,කුස්සියේ අහක දාන පොල්ක‍ටු වලින් අත්කම් නිර්මාන කරලා ඒවා විකුනලා තියනවා,ඒ මුදලින්ම හිරගේ තුලදිම මත්කුඩු පාව්ච්චියට පුරුදු වෙලා,
මට ලගදි ආරංචි උනා බිංදුවා යාලුවෝ වගයක් එක්ක කුඩු ගහනකොට පොලිසියට මාට්‍ටු වෙලා,පොර දැන් ආයෙත් හිරේ ගිහින්,කොච්චර කාලයකටද දන්නේ නෑ, සමහර විට ආයෙත් අවුරුදූ 5ක්,6ක් වෙන්න පුලුවන්.
අපේ රටේ හෙරෝයින් කුඩු කිලෝ ගනන් අහු වෙලා ඒවා ගෙන්වන උන් නිදහස් උනාට බිංදුල වගේ උන් මිලිග්‍රෑම් ගානක් අතේ තියන් මාට්‍ටු උනාම අවුරුදු ගනන් ඇතුලේ,අර පිස්තොල මාට්‍ටු උනු වෙලේ බිංදුවලගෙන් අපේ රටට වැඩක් ගන්න පුලුවන් ක්‍රමයක් තිබුනා නම් බිංදු කියන්නේ දක්ශ  නිර්මාණකරුවෙක්, එහෙම නම් කුඩ්ඩෙක් නොවෙන්න තිබුනා,බිංදුව නිසි මගට ගන්න අපේ රටේ හරි හමන් පුනරුත්ථාපනයක් නෑ,හිරේ යන බිංදුලා එළියට එන්නේ ආයෙත් වැරදිකරන්නම බලාගෙන,අපේ රටේ මේ වගේ බිංදුලා කොච්චර ඇතිද,මේ මිනිස්සුන්ට උත්පත්තියෙන් පිහිටලා තියන දක්ශතා උන් එක්කම හිර ගෙවල් ඇතුලෙම කවදා හරි වැලලිලා යාවි,මම හිතන්නේ ආයේ බිංදු එලියට එනකොට ඌට 40 පැනලා තියේවි,ඊලගට ඌ මොනා හිරෙන් පුරුදු වෙලා ඒවිද දන්නේ නෑ.
බිංදුවා අහම්බෙන් හරි බටහිර රටක ඉපදුනා නම් අර වගේ පිස්‍තෝලයක් හදලා අහු උනා නම් බිංදුවා ආයුධ නිශ්පාදානය කරන ඉංජිනේරුවෙක් වෙලා නවතීවි,අවාසනවාකට බිංදුලා ඉපදිලා තියෙන්නේ හරි රටක නෙමේ.

මට බිංදුගේ කතාව මතක් උනේ අසමි දකිමි සොයමි ලියන විචාරක මහතාගේ මේ පෝස්ට් එක නිසා