Pages

Friday, December 31, 2010

වසරක අවසානය


සියලුම දෙනාට සුභම සුබ නව වසරක් පතනවා,මට නම් දැන් වසර 3 විතර ඉදන් සුභ වසරවල් නෙමෙ තිබුනේ වෙන්න තිබුන සේරම දේවල් උනා,,,මට දරා ගන්න අමාරු මාගේ ලගම නෑදෑයන් 3 ක් අප අතරින් වෙන්ව යාම එක්කෙනෙක් මගේ ආදරනීය ආච්චි, අනිත් දෙදෙනාම ජීවිතය පටන් ගන්න තැනදිම ජීවිතයට සමුදුන්නා, මාගේ ලගම හිතවතෙක් අවුරුදු 26 වගේ ජීවිතය පටන් ගැනීමේදිම,එයා අපෙන් වෙන් වුනේ මේ වසර මුලදී,අනිත් එක්කෙනා මාගේ හොදම යාලුවද උන මාගේ සොහොයුරා,වසර 23 වගේ පොඩි වයසකදිම මීට මාස 3 ඉස්සල්ලා, දැන් වසර 3 ඉදන් මම ලංකාවට ගියේ විනෝදවෙන්න නෙමේ, ඉහත හේතු හින්ද..
බලමු ලබන නව වසර මේ කරදර වලින් මිදෙන නව වසරක් වේවි කියල මට හිතෙනවා..
එහෙනම් සියලු දෙනාටම සියලුසිතුම් පැතුම් ඉ‍ටු වෙන සුභ නව වසරක් වේවා කියල පතනවා!!!.

Sunday, December 19, 2010

සැබෑ ආදරය...



මට මේ වීඩියෝව හම්බුනා අන්තර්ජාලයේ සරිසරන වෙලාවේ..සමහරවිට ඔයාලත් දැකලා ඇති..හරිම සංවේදී වීඩියෝවක්.ඇත්තටම මෙහෙම මිනිස්සුන්ව හොයාගන්න ගොඩක් අමාරු වෙයි මේ කාලෙදි..ඒත් නැතුවමත් නෙමේ.ආදරයට මෙහම දේවල් කරන මිනිස්සු මම දැකලා තියනවා...ඒ වගේම ඊට වඩා මේකෙ අනිත් පැත්ත කරන අය ඕනා තරම්..ඔයාලටත් ඇති මේ වගේ අත්දැකීම්.

Thursday, December 9, 2010

පුතාගෙන් පියාට පිහි පාරක්...

කාලෙකින් ආයෙත් බ්ලොග් එකට ආවා,ලියන්න හිතුනේ නම් අමිහිරි කතාවක්,ඉතාලියේ සිටින ලාංකික පවුලක සිදු උන...මේ කතාව මට වැදගත් උනේ මේ පවුල මගේ ගමේම සිටි පවුලක් නිසා...මේ පවුලේ ළමයි 2 ජීවත් උනේ එයාලගෙ මවගේ දෙමවුපියන් සමග මොකද තාත්තා,අම්මා ඉතාලියේ ජීවත් උන නිසා.මේ පිරිමි ළමයා දැන් වසර 2 ට පෙර ඉතාලියට එනවා සා/පෙ කරල ඉවර වෙලා දෙමවුපියන් සමග නැවතීමට.
මම ලංකාවේ සිටිනා කාලෙදි මේ ළමයි පොඩි ළමයි.ඒ උනාට එයාලට මාපිය ‍රැකවරන නොමැති නිසා ගොඩක් නිදහස්ව තමා ජීවත් උනේ,අනිත් එක මාපියන් ඉතාලියේ නිසා මේ අයගේ අතේ පොඩි කාලෙ ඉදලම මුදල් ගැවසුනා..ඉතින් ඒ ළමයි තමන්ගේ ආච්චි,සීයා එක්ක ජීවත් උනේ එයාලට ඕනා විදිහට..
අවාසනාවන්ත කතාව උනේ,දැනට සති 2 ට උඩදි මේ කොල්ලා තමන්ගේ තාත්තට පිහියකින් ඇනලා, පසුපසින් ඇනලා වැ‍ටුනට පස්සේ තවත් පිහි පාරවල් කීපයක් එල්ල කරලා,වාසනාවකට ජීවිත හානියක් නොවී දින 10ක් පමන දැඩි සත්කාරක ඒකකයේ ප්‍රති කාර ලබලා පියාගේ ජීවිතය බේරෙනවා..
නොයෙක් නොයෙක් කට කතා එනවා කොල්ල පිහියෙන් ඇන්නේ මේකයි,අරකයි කියලා,ඒත් තමන් ජාතක කරපු පියාට පිහියකින් අනින්න තරම් දරුනු වීම ගැනයි සිතා බැලිය යුත්තේ..
මේවට මාපියන් වගකිව යුතු වෙනවා මා සිතන විදිහට,මොකද මේ ළමයි පොඩි කාලෙ ඉදලා ජීවත් උනේ ඒ ළමයින්ට ඕනා විදිහට ,මාපියන් විදෙස්ගත වෙලා ඒ දරුවන්ට මාපිය ආදරය නොලබීම මත ඒ දරුවන් නිකන්ම දරුනු වෙනවා.අවසානෙදි සිදු උනේ මුදල් හම්බ කලාට තමන්ගේම පුතාගෙන් පිහි පාරක් කන්න.ඉදිරියටත් ප්‍රශ්න ගනනාවක් එක්ක...