Pages

Thursday, April 28, 2011

ඒකි ගියා මල්ලි....

මල්ලි මම සේරම දින්නා කියලා හිතුවට අන්තිමට ලොකුම දේකින් ආයෙත් පැරදුනා..මම 10 වසරට වෙනකන් විතරයි ඉස්කෝලේ ගියේ,,,ගෙදර තිබුන බර මට කරගහන්න උනා.ඉස්කෝලෙන් නැවතිලා මම මේසන් බාස් කෙනෙක්ට අත්වැඩ දෙන්න ගියේ,,ඒ වෙද්දී මගේ තාත්තගේ රස්සව උනෙත් මේසන් වැඩේ,,එයා හොද බාස් කෙනෙක් ඒ හැකියාව මටත් ඔහොම්ම පිහිටලා තිබුනා...මාස 6ක් වෙද්දී මමත් මේසන් හැන්ද අතට ගත්තා. බාස් කෙනෙක් නොවුනත් මේසන් හැන්ද මට ඉක්මනින්ම හුරු උනා.මම ගොඩක් මහන්සියෙන් වැඩ කලා පවුලේ තාත්තයි මමයි වැඩ කලේ කොහොමහරි ලොකු සල්ලියක් නැති උනත් අපිට කාලා බීලා ඉන්න ඇති උනා,පොඩියට ගේත් හදාගත්තා.අවුරුදු 18 වෙද්දී මම චැලියක් ගත්තා සල්ලි එකතු කරලා පොඩි සල්ලියක් පොතේ දාගෙන හිටියේ ඒ වෙද්දි,ඔහොම ඉද්දී තමා ඒකාලේ බෝට්‍ටුවෙන් ඉතාලි එන වැඩේ නැගලා ගියේ,අපේ ලොකු බාස් බෝට්‍ටුවෙන් ඉතාලි යන්න සෙට් කරගෙන මටත් කතා කලා,ඇත්තටම අපේ පැත්තේ ගොඩක් උන් ඒ වෙද්දී ඉතාලි ගිහින් ඇවිත් ගෙවල්,වාහන එහෙම අරගෙන ජයටම හිටියා,ඉතින් මල්ලි මටත් ඒ ආසව තිබුනා,මටත් ඕනා උනා දියුනුවෙන්න,කොහොමහරි ගමනට ලක්ශ තුනහමාරක් ඕනා කලා,,මට පුලුවන් උනා ලක්ශ එකහමාරක් සෙට් කර ගන්න,,ඉතුරු හරිය ගේ උගස් තියල හොයාගෙන තම මල්ලි මම ඉතාලි ආවේ.
මල්ලි මම ආපු දා ඉදන් ගොඩක් මහන්සිවෙලා වැඩ කලා,කොහොමහරි ටික දවසකින්ම මම ලංකාවේ කරපු මේසන් වැඩේම මෙහෙත් සෙට් උනා..අත් උදවු දෙන වැඩෙන් තමා මෙහෙත් මම ආයෙත් පටන් ගත්තේ,,ඒත් හොද ගෙවීමක් කලා,,ටික දවසකින්ම මට මෙහෙත් බාස් වැඩේම ලැබුනා.කොහොමහරි අවුරුද්දක් යද්දී මම සේරම ණය ඉවර කලා..මම නාස්ති නොකර හොදට හම්බ කලා මල්ලි,,කොල්ලෝ මෙහෙ සල්ලි හම්බකරලා පිස්සු නටද්දී මම නිවාඩු දවසට ගෙදර..මට ඕනා උනේ කොහොම හරි දියුනුවෙන්න,
මම දුප්පත්කම හින්දා ඉස්කෝලෙන් ගමෙන් ඕනා තරම් අපහස විදලා තියනව,මට ඒකාලේ ඉස්කෝලේ යන්න සපත්තු දෙකක් වත් තිබුනේ නැ,,ඉගෙන ගන්න ලොකු දක්ශකමක් තිබුනෙත් නැ,,කොහොම හරි ඉස්කෝලේ ගමන නැවතුනා..ඉතින් මට ඕනා උනේ සල්ලි එකතු කරලා ගමේ අනිත් සල්ලිකාරයෝ වගේ ඉන්න.
ඔය විදිහට කාලේ ගියා අවුරුදු 10ක් ඉතාලියට ඇවිල්ලා,,මම ඒ වෙද්දී තට්‍ටු දෙකේ ගෙයක් හදලා,මල්ලිවයි නංගිවයි මෙහෙට අරගෙන,එයාලවත් පිලිවෙලක් කරලා,මටම කියලා වාහනේකුත් අරගෙන හිටියේ.දැන් ගෙදරින් බර බරේ බදින්න කියලා,මටත් හිතුනා දැන් කාලේ හරි කියලා කසාදයක් කර ගන්න,මමත් ඉතින් කෙල්ලෝ දෙන්නෙක් තුන්දෙනෙක්ම බලන්න ගිය,අනික මට ඕනා උනේ ඉගෙනගත්තු,වැදගත් පවුලක කෙල්ලෙක්,කොහොමහරි කෙල්ලෙක් හම්බුනා ඒකි ලස්සනයි,දෙමවුපියෝ ගුරුවරු,මම ඉතින් ඒකිට කැමති උනා.ලොකු හොයලා බැලීමක් කලෙත් නැ,,ඇත්තටම මම ඒකිට ගොඩක් ආදරේ කලා යෝජනාවකින් ආව උනත්, ඒකිගේ ලොකු වෙනසක් දැක්කෙත් නැ,,ඒකි මටත් ආදරේ කරනවා කියලා හිතුනේ,,මොකද ඒකිත් ලොකු සතුටකින් ඉන්නේ කියලා පෙනුනේ.
කොහොමහරි මම ලොකුවට මගුල් ගෙයක් අරගෙන බැන්දා,,ගමටම මගුල් කියල,මේරියන්ස් බැන්ඩ් එක ආවේ මියුසික් වලට,,මට ඇත්තටම ඕනා උනා ගමටම පේන්න මගුල් ගේ ගන්න,මට පෙන්නන්න ඕනා උනා මට පොඩි කාලේ අපහස කරපු උන්ට පේන්නම ඒවා ලොකුවට කරන්න.
කොහොමහරි වෙඩින්ග් එකෙන් සතියකට පස්සේ මට එන්න ඕනා උනා ආයෙත් මගේ රස්සව බේර ගන්නත් ඕනා නේ,,ඒ වෙද්දි කෙල්ලගේ වීසා එකත් ලැස්ති නැ,,එම්බසියේ හිර වෙලා,මම ඉතින් ඒකිව දාල ආව,,කෙල්ලට වීසා එක අරගෙන එන්න කියල.ඔහොම මාසෙකට පස්සේ කෙල්ලට වීස හම්බෙලා එන්න ලැස්ති උනා,,මම ඇගිලි ගැන ගැන හිටියේ ඒකි එනකන්, ඒකි එනදවසත් ආව,,මම ඉතින් එයාපෝර්ට් ගියා ඒකිව ගන්න,,රෝමෙට ඇවිල්ලා මම ඉන්න සිටි එකට එන්න තවත් ප්ලයිට් එකක් ගන්න ඕනා.මම ඊතින් බලන් ඉන්නවා මේකි එනකන්,,ප්ලයිට් එක ආවත් මේකි නැ ආවේ,,මම දෙලෝ රත්වෙලා හිටියේ,,මම රෝමෙට එන්නම් කිවුවත් මේකි එපා කිවුවා බය වෙන්න එපා මට එන්න පුලුවන් කියලා.ඔහොම හොය හොය ඉද්දී තමා කෝල් එක ආවේ,මේකි කියපි අයියේ මාව හොයන්න එපා මම පරිස්සමින්,,මම ඉස්සල්ල යාලු වෙලා හිටිය කොල්ලා එක්ක ගියා කියලා..මල්ලි ඇත්තටම මට ඒක ඇහුවට පස්සේ කලන්තේට ආවා,,මට විනාඩි 5කට විතර කතා කර ගන්නත් බැරි උනා.මාව පිස්සෙක් වගේ උනා.කොහොමද මල්ලි එහෙම කතාවක් අහන්නේ,,මම මොනතරම් බලාපොරොත්තුවකින්ද හිටියේ,,මම බැන්දට පස්සේ හිතුවේ මම දින්නා කියලා,,මගේ ජීවිතේ සේරම සම්පුර්නයි කියලා හිතුවේ.
ආයේ ගෙදර ඇවිල්ල මම සතියක් විතර බිවුවා,,ඒකිගේන් ආයේ කෝල් එකක් ආවෙත් නැ,පස්සේ ආයේ ඒකි කෝල් කල ඒකි මගෙන් සමාව ඉල්ලුවා,,ඒකි මාව බදින්න ඉස්සල්ල ඒ කොල්ල එක්ක යාලු වෙලා ඉදලා තියෙන්නේ,ඒ කොල්ලට ගෙදරින් කැමති වෙලා නැ,,පස්සේ ඒ කොල්ල ඉතාලි ඇවිත්,හැබැයි කොලේ නැ,,ප්ලැන් කරගෙන ඉදලා තියෙන්නේ කොලේ හදලා කෙල්ලව ගන්න,එහෙම ඉද්දී තම මාව අහු උනේ,,ගෙදරින් බලෙන් වගේ මාව බන්දලා තියෙන්නේ,,මට හිතෙන හැටියට ඒකි ලස්සනටම ප්ලැන් කරලා මාව බැදලා ඉතාලියට එන්න පුලුවන් නේ.අන්තිමට ඒකි ඒකිගේ ආදරේ දින්නා,,මම පැරදුනා.මම ඒකිට සමාව දුන්නා මල්ලි,,මගේ යාලුවෝ සේරම මට බනිනවා,,මම ඒකිට උවමනා කොල ටිකත් යවලා දැම්ම කොලේ වැඩවලට.මම මේ වෙද්දී හිත හදාගෙන ඉන්නේ,,මොනා කරන්නද,,මම සේරම දිනලා අන්තිමට කසාදෙන් පැරදුනා.අන්තිමට ඩිවෝස් එකත් දීලා දැම්ම,,ඒකිට කසදෙට හදලා දුන්න රත්තරන් බඩුවත් ආයේ මම ගත්තේ නැ,,ඒකිට මම ආදරේ කලා,,ඒකි සතුටින් නේ කියලා මම හිත හදා ගත්තා.
මේ මට අහන්න ලැබුන කතාවක්,,කතාව මම කෙටි කරලා ලියලා තියෙන්නේ,,මීට වඩා ගොඩක් දේවල් මට කිවුවා,,,ඒ අයියා සැහෙන උප්දෙස් වගයකුත් කියලා ගියේ,,කතාවෙන්ම ඔයාලට තේරෙනවා ඇති මොනාද උපදෙස් කියලා.....

Sunday, April 10, 2011

මගේ කොම්පියුටර් පන්තිය



කාලෙකින් මට මගේ බ්ලොග් එක මතක් වෙලා පොඩි කතාවක් දාන්න හිතුනා,මොනා කරන්නද මම ලියන්නෙක්ට වඩා හොද කියවන්නෙක්,,,අනික මේ බස් කර්මාන්තේ ඔලුවටම ගහලා නේ,බ්ලොග් ලියන කියෝන අයව කම්මැලි කරලා කියලා හිතෙනවා වෙලාවකට,,ඒත් බස් වැඩෙන් කට්ටියව ගොඩක් ලන් වෙලා.
හරි කතාවට යන්නම්.ඔන්න මම ආයෙත් ඉගෙනීමේ පැත්තට හිත ගිහින් වැඩ කරන ගමන් පොඩි කොම්පියුටර් කෝස් එකක් කරන්න හිතුනා.මම අදුනන ඉතාලි ජාතික ගුරුවරියක්ට මගේ කාරනාව කියලා එයා ගොඩක් සතු‍ටු උනා ඒකට,,ඉතින් එයා මුල ඉදන් කරන කොම්පියුටර් කෝස් එකක් හොයලා දෙන්න පොරොන්දු උනා.ඔන්න පස්සේ එයා මට ඉස්කෝලෙක විස්තර,දින රෙජිස්ටර් වෙන විදිහ කිවුවා,මමත් ඉතින් ඉස්කෝලෙට ගිහින් රෙජිස්ටර් වෙන වැඩේ කලා.එයාලා කිවුවා පටන් ගන්න දිනේ කෝල් කරලා කියන්නම් කියලා.කෝස් එකේ ස්වභාවය උනේ පරිගනක මූලික දැනුම ඒක උපයෝගිකරගෙන ECDL කෝස් එකට යන්න පුලුවන්.මමත් ඉතින් ඒක හින්දා තමා මේක කරන්න හිතුවේ.
මේ මාසේ පටන් ගද්දිම වැඩේ පටන් ගත්තා සතියකට පැය 4ක් උනේ,සෙනසුරාදා දවසක,,මමත් ඉතින් උදෙන්ම ගියා ඉස්කෝලෙට,මේ කෝස් එක විවෘත උනේ වැඩකරන අය සදහා විතරයි.ඉතින් මමත් ගිහින් ඉන්නවා පටන් ගන්නකන්, බැලුවා විදේශිකයෝ කවුරුත් ආවෙත් නැ,මම එලියට වෙලා ඉන්නේ,,හැබැයි නාකි මිනිස්සු එකා දෙන්න එනවා,වයස ගිය උන් තමා ආවේ,,මම හිතුවේ ඉතින් මිනිස්සු එක එක දේ වලට මේ තැන් වලට එනවා නේ.මමත් ඇතුලට ගියා ඇතුලෙන් ඇහුවා පන්තිය තියන තැන ,එයාලා කිවුවා පන්තිය පටන් ගන්න යන්නේ ඉක්මනින් යන්න කියලා.මම ගිහින් පන්තියට ඇතුල් වෙන්න යද්දී බැලුවේ ඉන්නේ සේරම වයස උන්,15ක් විතර හිටියා,,මම බැලුවා මේ මොකෝ කියලා ආයෙ හැරුනා එලියට ගියා,මෙහෙම නාකි උන් පන්තියේ මොකද කියලා මම දන්නේ නෑ නේ,එතකොටම තමා ඒකෙ උගන්නන සර් ආවේ,පොර ඇහුවා මොකද කියලා මම කිවුවා මෙහෙම පන්තියට ආවේ කියලා රෙජිස්ටර් කොලේ දුන්න.මාර වැඩේ පොර කිවුවා මේක තමා පන්තිය.මට හීන්දඩිය දාල ගියා යකෝ මේ නාකි සෙට් එක මොන කෙන්ගෙඩියක් කරන්නද අනික කොම්පියුටර්.අනේ මමත් ගිහින් වාඩි උනා,,අල්ලපු එකා හෙන හිනාවක් දැම්මා 70 විතර පොරක්.මුලින් ඉතින් සර්කාරයා කෝස් එකේ හැදින්වීම කරලා එක එකාව අදුන ගන්න නම විස්තර ඇහුවා.බලද්දී මේ කෝස් එක වැඩිහිටි අයට කරන එකක් නේ ඉතින් 18 වැඩි මාවත් මේකට දාලා දැන් මම තමා බාලම එකා.වැඩිමල්ම එකාට 78ක්..මම දැන් කල්පනා කරනවා මොකටද මුන්ට කොම්පියුටර්..ඇයි දෙයියනේ උඩට යන්න වීසා ඇප්ලයි කරලා ඉන්න උන් සේරම..මොකෝ ඒ වීසා වලට මේ සුදුසුකම් ඕනේ නැ නේ,,අනික මෙයාලට ECDL නෙමේ මේකවත් ඉවර කර ගන්න පුලුවන් වෙයිද දන්නේ නැ,,මට පස්සේ ඉන්න අඩුම වයස එකාට 54ක් විතර ගැණු කෙනෙක්,ගෑනුත් ඉන්නවා 5ක් විතර.නාකි උනාට ඉතින් ඉන්න යන්නේ කෙල්ලෝ වගේ තමා.
මේ නාකි සේරම පෙන්ශන් ගිය උන්,ගෑනුත් එකෙක් දෙන්නෙක් වැඩට යන්නේ නෑ අනිත් උන් පෙන්ශන්.මම විතරයි වැඩට යන එකා..අනිත් මාර වැඩේ කියන්නේ නාකි උන් එසේ මෙසේ උන් නෙමේ ගුරුවරු,ඩොකාලා ,එක එක හොද ජොබ් කරපු උන්,වැඩේ ඉතින් මෙයාලගේ කාලේ මොන කොපියුටර්ද ඒවා නෑ නේ.දැන් පෙන්ශන් ගිහින් ගෙදර ඉද්දී තමා මේවට ආස හිතිලා ඉගෙනගන්න එන්නේ.මොනවා උනත් මම හීනෙකින්වත් හිතුවේ නැති දෙයක් මට උනේ,මොකෝ මම හිතුවද මෙහෙම පෙන්ශන් ගියත් වැඩකාරයෝ එක්ක එකට ඉගෙන ගන්න.සෙල්ලමක් නෙමේ මමත් දැන් හෙන වැඩකාරයෙක්,මගේ අල්ලපු මේසේ ඉන්නේ ඩොකෙක්. මමත් ඉතින් එකෙක් දෙන්නෙක් එක්ක කතා කලා මෙහෙ ඉන්න පෙන්ශන් ගිය කට්ටිය හරි ආසයි එයාලට මහත්මයා කියනවට වඩා,,ඒකාලෙ ජොබ් එකේ විදිහට කතා කරනවට,,ඉතින් දොස්තර,ප්‍රොෆෙශර්,ඒ වගේ කියනවට පුදුම ආසවක්,,මොකද ඒ වගේ ඒ මිනිස්සුන්ට කවුරුත් කියන්නේ නෑ නේ දන්න කෙනෙක් ඇර ඒ නම් කියලා,,මමත් ඉතින් කට්ටියට එහෙම කතා කරන්නේ ,,අනික ඉතින් පට්ට නාකි හින්දා මෙයාලට තේරෙනවත් අඩුයි,ඉතින් දවස් දෙකයි පන්තියට ගියේ මට හෙන තැන.
ඒත් මේ මිනිස්සුන්ගේ උනන්දුව මට හිතා ගන්නවත් බැ.තමන් වයසට ගියත් ඉගෙන ගන්න එක නවත්තලා නෑ ,,ඒ මිනිස්සු හොදටම දන්නවා මේකෙන් එයාලට වැඩක් වෙන එකක් නෑ කියලා,ඒත් පොඩි හරි දැනීමක් අරගන්න තමා එයාලට ඕනා..මොකද කොයිවෙලේක හරි ඒක ප්‍රයෝජනවත් වෙයි සමහරවිට,,අපිටනම් හිතෙන්නේ මේ මිනිස්සුන්ට පිස්සුද කියලා.අපේ රටට මේවා පිස්සු වගේ නේ පේන්නේ,,ඒත් ඉතින් ඉගෙන ගන්න වයසක් ඕනෙ නෑනේ,අපේ රටේ වගේ නම් මෙහෙම නාකි කෙනෙක් මෙහෙම පන්තියකට ගියොත් තරුන අය හිනා වෙයි විහිලු කරයි. අනික අපේ අයට ඉගෙනීම ඕනා වෙන්නේ ටික කාලයයි ඒක නවත්තලා දානවා,මොකද මමත් නවත්තගෙන හිටියේ,ආයේ ආසාව ආවට.මේ දවස් වල විදේශික අයට ඉතාලි උගන්නන පන්ති ගොඩක් තියනවා ඒත් අපේ මිනිස්සු ඒවටවත් යන්නේ නෑ.මොකද සල්ලි පස්සේ විතරනේ,,අනික මගේ පන්තියත් සම්පූර්න නොමිලේ.පොත් වලටවත් මට සල්ලි ගියේ නෑ.මේ නාකි මිනිස්සු එක්ක මම කොම්පියුටර්වලට වඩා ලොකු පාඩම් ඉගෙන ගත්තා මේ දවස් 2ට.තව තව විස්තර එයි ඉස්සරහට මම දෙන්නම්කෝ මගේ පන්තිය ගැන විස්තර.