Pages

Saturday, April 27, 2013

මහලු වියේ අභියෝග..

පහු ගිය 14 වෙනිදට මගේ බ්ලොග් එක පටන් අරගෙන අවුරුදු 3ක් ගෙවුනා,,මේ තාක් කාලයක් අහම්බෙන් හරි මගේ බ්ලොග් එක බලන්න එන අයට ගොඩක් ස්තූතී.
හරි එහෙනම් අද පෝස්ට් එක පටන් ගන්න ගත්තා ඔන්න.මහලු විය,අපි කාටත් ජීවිතය ඉක්මනින් අහවර නොවී ගෙවුනොත් මහලු වියට යන්න වෙනවා.මම මෙතන මහලු විය කියන්නේ අවුරුදු 80න් පස්සේ හරිද? ලංකාවේ අවුරුදු 50 පනිද්දි අපි දැන් නාකි වෙලා කියන උන් එක්ක ඇත්තටම තරහා යනවා.මොනා කරන්නද යුරෝප්  අවුරුදු 80 වයසක  ජෝඩු අත් දෙක පටලගෙන පාරේ ගියාට අපේ අය ඉතින් 40 පැනපු ගමන් දෙන්නා යන්නේ අඩි10ක විතර පරතරයක් තියාගෙන නේ,පොඩ්ඩ පොඩ්ඩ ඔය දුර වැඩි වෙනවා.
හරි මම මේ දවස්වල ‍රැකියාව කරන්නේ වයසක ජෝඩුවක් එක්ක නේ,ඊට අමතරව ලංකාවෙත් වයසක ජෝඩු කීපයක් එක්කත් තවත් රටක වයසක ජෝඩුත් අරගෙන මම පොඩි පරීක්ශනයක් කලා,ඒකෙන් මම හොයා ගත්තු දේවල් තමා මේ කියන්න යන්නේ.
80 පනිනකොට ඇත්තටම ශාරීරික වශයෙනුත් මානසික වශයෙනුත් වැඩියෙන් පීඩා විදින්නේ පිරිමි අය,ඒක මම මේ පරීකශනයේදී දැකපු විශේස දෙයක්. හොදට නිරෝගිව ඉන්න පිරිමින් 80 පනිනකොට එක එක ලෙඩ එනවා ශාරීරික වශයෙන් ගත්තොත් හුස්ම ගැනීමේ අපහසුතා,,ආහාර ජීර්න අපහසුතා,මල පහ කිරීමේ, මුත්‍රා කිරීමේ අපහසුතා,රුධිර පීඩන වෙනස්වීම් බහුලව සිදු වෙන දේවල්, කාන්තාවන්ට මේ දේවල වෙන්නේ නැතුව නෙමේ,,ඒත් මම පරීක්ශනේට ගත්තු වයසක ජෝඩු වල මේ ලෙඩ වැඩියෙන් තිබුනේ පිරිමි අයට,
අනික් පැත්ත මානසික වශයෙන් ගත්තම අයියෝ කියන්න කනගා‍ටුයි ඉතාමත් දුක්බරයි,මේ ජෝඩු කීපයේම පිරිමි සේරමන්ගෙම ඔලුව අවුල් වෙලා,,අඩුම ගානේ අමතක වීමේ රෝගය සියල්ලන්ටම,,,කියපු දේ විනාඩියෙන් අමතක වෙලා යනවා,
මේ සියලුම ජෝඩු විවාහ ජීවිතයේ අර්ධ ශතකය පැනපු අය තවත් කියන්න කනග‍ටුදායක දෙයක් තියනවා,මේ සියලුම පිරිමි මේ වෙනකොට ඉතාමත් දරුණු ලෙස බිරින්දෑගේ ග්‍රහනයට අහු වෙලා ඉන්නේ,කන්න,බොන්න ඇවිදින්න,අදින්න ඕනා බිරින්දෑ කියන විදිහට,,කොටින්ම කියනවා නම් බිරින්දෑවරු නිකන් හිට්ලර් වගේ.මම මගේ පරීක්ශනේ එක නිගමනයක් කියන්නම්,,,මේ පිරිමින්ට මේ කනග‍ටුදායක විපත්තිය වෙලා තියෙන්නේ මම හිතන විදිහට මේ බිරින්දෑවරු සමග අවුරුදු 50ක් එකට ජීවත් වීම,සමහරවිට පිරිමි ඒ කාලේ රජාලා වගේ ඉන්න ඇති ඒකට දැන් බිරින්දෑවරු රිටර්න් එක දෙනවා වගේ.
මම දැන් මේ ජෝඩු කීපයක මම දැකපු දේවල් ලියන්නම්.
1.ඉතාලි ජාතික
ජෝඩුව - මෙතන නම් තනිකර යන්නේ රිටර්න් එක දීමක්,මෙතන සීයගේ ඔලුව සම්පූර්නයෙන්ම අවුල්, තමන්ගේ උපන් දිනේ පවා අමතකයි,,ඉතාමත් දරුනු ලෙස බිරිදගේ ග්‍රහනයේ ඉන්නේ,සීයා අවටියල් චරිතයක් නෙමේ ඒත් පොර පොරගේ පැත්තේ මිනිස්සුන්ට සල්ලි වලින් සෑහෙන්න උදව් කරලා බිරිදට හොරෙන්, ඒකට දැන් රිටර්න් එක දෙනවා ලෙසටම,,කියන්න සතු‍ටු දේ තමා තාමත් මේ මනුස්සයා බිරිදට ආදරේ කරනවා,,අඩුම ගානේ සතියකට සැරයක්වත් කිස් එකක් දෙනවා.ඔලුව අවුල් උනත්.එක ඇදේ තාමත් නිදියන්නේ,පොර ඇදෙන් බැහැලා වැ‍ටුනොත් කියලා පොරව හිර කාරයෙක් වගේ කො‍ටු කරලා ඉන්නේ,,,ඒකට එයා සෑහෙන හිතින් දුක් විදිනවා.
2. ශ්‍රී
ලංකාවේ ජෝඩුව - මෙතන තත්වෙත් ඉතාමත් භයානකයි,බිරින්දෑ සමග දරුවන් 10 දෙනෙක් ජීවත් කරවපු මේ සීයා බිරිදගේ ගෙදර බින්න බැහැපු කෙනෙක්. මහ පොලව එක්ක හැප්පිලා වගාවෙන් ලොකු පවුලක් නඩත්තු කරපු මේ සීයා අද බිරින්දෑ නිසා සැහෙන කට්ටක් කනවා,පොඩි අමතක වීමේ රෝගෙකින් පෙලුනට ලොකු ආබාධා නෑ, දරුවන් 10න් සැහෙන පිරිසක් දැන් ඉන්නේ ඉතාලියේ මේ දරුවන් අම්මට සල්ලි යවනවා,,අම්මා ඒකට සෑහෙන උඩ ගිහින් ඉන්නේ,,,අනික බින්න බැහැපු නිසා සීය නිකන්ම බිර්න්දෑගේ අනසකට යට වෙලා,,අනික දැන් සල්ලිත් නෑ පොඩි ශොට් එකක් දාන්නවත්,,අඩුම ගානේ සුරුට්‍ටුවක් ගන්නවත්,දරුවන් තාත්තගේ අතටත් කීයක් හරි දෙන්න කිවුවට රුපියලක්වත් හම්බු වෙන්නේ නෑ, මේ ලගක ඉදන් ආච්චි සීයට එරෙහිව දැඩි ප්‍රහාරයක් දියත් කලා,,, උබ මගේ ගෙදරින් එලියට බහින්න ඕනා,,උබ මාත් එක්ක එනකොට මොනවත් තිබුනේ නෑ මගේ දේවලින් උබ ජීවත් උනේ,,,දැනුත් උබට සල්ලි නෑ,, ටික දවසකට ඉස්සල්ලා මට ආරංචි උනා සීයා දැන් ඉන්නේ දුවෙක්ගේ ගෙදර,අන්තිමට හිස් අතින් ඇවිත් බින්න බැහැපු සීයට ගෙදරින් එලියට බහින්න උනා.
3.ශ්‍රී
ලංකාවේ ජෝඩුවක්- මෙතනත් සීයගේ ඔලුව සැහෙන්න අප්සට් ගිහින්,,කතා කිරීමේ හැකියාව පවා ගොඩක් දුරට බිද වැටිලා ඒත් ඇවිදිනවා ඇදට වැටිලා නෑ, රියදුරෙක් උනු මේ සීයා අද ඉන්නේ නිරන්තරයෙන්ම බිරිදගේ ‍රැවුම් ගෙරවුම් මැද,කෑවත්,බිව්වත්,ඇවිද්දත් බිරිද ඒකේ වැ‍රැද්දක් හොයලා ගේමට එනවා.
අනික් ජෝඩු වලත් තියෙන්නේ මේ තත්වෙම තමා,ඒක නිසා ලියන්න දෙයක් නෑ.
බලද්දි මොන රටෙත් එකම තත්වේ තියෙන්නේ, මම මෙතන දකින්නේ ඇයි මේ කාන්තාවන්ගේ ඔලුව අවුල් නොවුනේ කියලා,,,ඒකට හේතුවක් මට හොයා ගන්න බැරි උනා,හිතා ගන්නත් බෑ ඒ මොකෝ කියලා.අවුරුදු 50ක් එකට උන්නනේ කොහොම හරි,එක අතකට පිරිමියගේ පාලනයට අහු වෙලා ඉදලා අද ඒකට රිටර්න් එක හම්බෙනවද මන්දා පිරිමින්ට,,ඒත් ඉතින් මේ කාන්තා නිදහස තියන යුරෝපෙ එහෙම උනා කියන්නත් බෑ,,,ලංකාවෙ නම් එහෙම උනා කියමුකෝ,,,නැත්නම් දැන් ආදරේ කරලා ඇති වෙලාද මන්දා,,,මේ ඉතාලි ආච්චි නම් කියන එක කතාවක් තියනවා,,මගේ අම්මා කිවුවා මේ මිනිහා එක්ක යන්න එපා කියලා,,මම ඒක ඇහුවේ නෑ,,,,ඒ කතාවටමට එක පාරටම හිනා ගියා,,ආච්චිට අවුරුදු 53ට පස්සේ මිනිහව එපා වෙලා තියෙන්නේ,,,අර බින්න බැහැපු සීයගේ ආච්චි කියන කතාවක් තියනවා,,අපේ අම්මලා බලෙන් මේ මිනිහව මගේ කරේ එල්ලුවේ,මට හොදට සැපෙන් ජීවත් වෙන්න තිබුනා මේ මිනිහා එක්ක ඇවිත් ඒක මම මගේ ජීවිතේ විනාශ කර ගත්තා,,,මට එතකොට හිතුනේ ආච්චිගේ මොකක් හරි සින්කොන් එකක් තිබිලා තියනවා, ගෙදරින් ඒකට පොල්ල දාලා වගේ.,,අවුරුදු 50ට පස්සේ ඔන්න ඒ ආච්චිගේ කතාව.
කොහොමෙන් කොහොම හරි මම මෙතන කියන්නේ නෑ තනිකඩව ඉන්න එක හොදයි කියලා නම්,,,තනිකඩව ඉදලා 80 පැන්නම විවාහ වෙලා කන කට්ටට වඩා කට්ටක් කන්න වෙනවා,,,ඒක මම දැක්කේ මහලු නිවාසෙකින් ඒ ගැන නම් ලියන්නත් දුකයි.ඒ ගැන ලියන්නේ නෑ පොඩ්ඩක් මහලු නිවාසෙකට ගිහින් බලන්න.
බ්ලොග් එක බලන සියලු දෙනාටම අවුරුදු 50ක විවාහ ජීවිතයක් ප්‍රාර්ථනා කරලා මෙතනින් නවතිනවා,,,සියල්ලන්ටම අවුරුදු 50ක විවාහ ජීවිතයක් ගත කරන්න ලැබේවා!!!