පහු ගිය 14 වෙනිදට මගේ බ්ලොග් එක පටන් අරගෙන අවුරුදු 3ක් ගෙවුනා,,මේ තාක් කාලයක් අහම්බෙන් හරි මගේ බ්ලොග් එක බලන්න එන අයට ගොඩක් ස්තූතී.
හරි එහෙනම් අද පෝස්ට් එක පටන් ගන්න ගත්තා ඔන්න.මහලු විය,අපි කාටත් ජීවිතය ඉක්මනින් අහවර නොවී ගෙවුනොත් මහලු වියට යන්න වෙනවා.මම මෙතන මහලු විය කියන්නේ අවුරුදු 80න් පස්සේ හරිද? ලංකාවේ අවුරුදු 50 පනිද්දි අපි දැන් නාකි වෙලා කියන උන් එක්ක ඇත්තටම තරහා යනවා.මොනා කරන්නද යුරෝප් අවුරුදු 80 වයසක ජෝඩු අත් දෙක පටලගෙන පාරේ ගියාට අපේ අය ඉතින් 40 පැනපු ගමන් දෙන්නා යන්නේ අඩි10ක විතර පරතරයක් තියාගෙන නේ,පොඩ්ඩ පොඩ්ඩ ඔය දුර වැඩි වෙනවා.
හරි මම මේ දවස්වල රැකියාව කරන්නේ වයසක ජෝඩුවක් එක්ක නේ,ඊට අමතරව ලංකාවෙත් වයසක ජෝඩු කීපයක් එක්කත් තවත් රටක වයසක ජෝඩුත් අරගෙන මම පොඩි පරීක්ශනයක් කලා,ඒකෙන් මම හොයා ගත්තු දේවල් තමා මේ කියන්න යන්නේ.
80 පනිනකොට ඇත්තටම ශාරීරික වශයෙනුත් මානසික වශයෙනුත් වැඩියෙන් පීඩා විදින්නේ පිරිමි අය,ඒක මම මේ පරීකශනයේදී දැකපු විශේස දෙයක්. හොදට නිරෝගිව ඉන්න පිරිමින් 80 පනිනකොට එක එක ලෙඩ එනවා ශාරීරික වශයෙන් ගත්තොත් හුස්ම ගැනීමේ අපහසුතා,,ආහාර ජීර්න අපහසුතා,මල පහ කිරීමේ, මුත්‍රා කිරීමේ අපහසුතා,රුධිර පීඩන වෙනස්වීම් බහුලව සිදු වෙන දේවල්, කාන්තාවන්ට මේ දේවල වෙන්නේ නැතුව නෙමේ,,ඒත් මම පරීක්ශනේට ගත්තු වයසක ජෝඩු වල මේ ලෙඩ වැඩියෙන් තිබුනේ පිරිමි අයට,
අනික් පැත්ත මානසික වශයෙන් ගත්තම අයියෝ කියන්න කනගාටුයි ඉතාමත් දුක්බරයි,මේ ජෝඩු කීපයේම පිරිමි සේරමන්ගෙම ඔලුව අවුල් වෙලා,,අඩුම ගානේ අමතක වීමේ රෝගය සියල්ලන්ටම,,,කියපු දේ විනාඩියෙන් අමතක වෙලා යනවා,
මේ සියලුම ජෝඩු විවාහ ජීවිතයේ අර්ධ ශතකය පැනපු අය තවත් කියන්න කනගටුදායක දෙයක් තියනවා,මේ සියලුම පිරිමි මේ වෙනකොට ඉතාමත් දරුණු ලෙස බිරින්දෑගේ ග්රහනයට අහු වෙලා ඉන්නේ,කන්න,බොන්න ඇවිදින්න,අදින්න ඕනා බිරින්දෑ කියන විදිහට,,කොටින්ම කියනවා නම් බිරින්දෑවරු නිකන් හිට්ලර් වගේ.මම මගේ පරීක්ශනේ එක නිගමනයක් කියන්නම්,,,මේ පිරිමින්ට මේ කනගටුදායක විපත්තිය වෙලා තියෙන්නේ මම හිතන විදිහට මේ බිරින්දෑවරු සමග අවුරුදු 50ක් එකට ජීවත් වීම,සමහරවිට පිරිමි ඒ කාලේ රජාලා වගේ ඉන්න ඇති ඒකට දැන් බිරින්දෑවරු රිටර්න් එක දෙනවා වගේ.
මම දැන් මේ ජෝඩු කීපයක මම දැකපු දේවල් ලියන්නම්.
1.ඉතාලි ජාතික ජෝඩුව - මෙතන නම් තනිකර යන්නේ රිටර්න් එක දීමක්,මෙතන සීයගේ ඔලුව සම්පූර්නයෙන්ම අවුල්, තමන්ගේ උපන් දිනේ පවා අමතකයි,,ඉතාමත් දරුනු ලෙස බිරිදගේ ග්රහනයේ ඉන්නේ,සීයා අවටියල් චරිතයක් නෙමේ ඒත් පොර පොරගේ පැත්තේ මිනිස්සුන්ට සල්ලි වලින් සෑහෙන්න උදව් කරලා බිරිදට හොරෙන්, ඒකට දැන් රිටර්න් එක දෙනවා ලෙසටම,,කියන්න සතුටු දේ තමා තාමත් මේ මනුස්සයා බිරිදට ආදරේ කරනවා,,අඩුම ගානේ සතියකට සැරයක්වත් කිස් එකක් දෙනවා.ඔලුව අවුල් උනත්.එක ඇදේ තාමත් නිදියන්නේ,පොර ඇදෙන් බැහැලා වැටුනොත් කියලා පොරව හිර කාරයෙක් වගේ කොටු කරලා ඉන්නේ,,,ඒකට එයා සෑහෙන හිතින් දුක් විදිනවා.
2. ශ්‍රී ලංකාවේ ජෝඩුව - මෙතන තත්වෙත් ඉතාමත් භයානකයි,බිරින්දෑ සමග දරුවන් 10 දෙනෙක් ජීවත් කරවපු මේ සීයා බිරිදගේ ගෙදර බින්න බැහැපු කෙනෙක්. මහ පොලව එක්ක හැප්පිලා වගාවෙන් ලොකු පවුලක් නඩත්තු කරපු මේ සීයා අද බිරින්දෑ නිසා සැහෙන කට්ටක් කනවා,පොඩි අමතක වීමේ රෝගෙකින් පෙලුනට ලොකු ආබාධා නෑ, දරුවන් 10න් සැහෙන පිරිසක් දැන් ඉන්නේ ඉතාලියේ මේ දරුවන් අම්මට සල්ලි යවනවා,,අම්මා ඒකට සෑහෙන උඩ ගිහින් ඉන්නේ,,,අනික බින්න බැහැපු නිසා සීය නිකන්ම බිර්න්දෑගේ අනසකට යට වෙලා,,අනික දැන් සල්ලිත් නෑ පොඩි ශොට් එකක් දාන්නවත්,,අඩුම ගානේ සුරුට්ටුවක් ගන්නවත්,දරුවන් තාත්තගේ අතටත් කීයක් හරි දෙන්න කිවුවට රුපියලක්වත් හම්බු වෙන්නේ නෑ, මේ ලගක ඉදන් ආච්චි සීයට එරෙහිව දැඩි ප්‍රහාරයක් දියත් කලා,,, උබ මගේ ගෙදරින් එලියට බහින්න ඕනා,,උබ මාත් එක්ක එනකොට මොනවත් තිබුනේ නෑ මගේ දේවලින් උබ ජීවත් උනේ,,,දැනුත් උබට සල්ලි නෑ,, ටික දවසකට ඉස්සල්ලා මට ආරංචි උනා සීයා දැන් ඉන්නේ දුවෙක්ගේ ගෙදර,අන්තිමට හිස් අතින් ඇවිත් බින්න බැහැපු සීයට ගෙදරින් එලියට බහින්න උනා.
3.ශ්‍රී ලංකාවේ ජෝඩුවක්- මෙතනත් සීයගේ ඔලුව සැහෙන්න අප්සට් ගිහින්,,කතා කිරීමේ හැකියාව පවා ගොඩක් දුරට බිද වැටිලා ඒත් ඇවිදිනවා ඇදට වැටිලා නෑ, රියදුරෙක් උනු මේ සීයා අද ඉන්නේ නිරන්තරයෙන්ම බිරිදගේ රැවුම් ගෙරවුම් මැද,කෑවත්,බිව්වත්,ඇවිද්දත් බිරිද ඒකේ වැරැද්දක් හොයලා ගේමට එනවා.
අනික් ජෝඩු වලත් තියෙන්නේ මේ තත්වෙම තමා,ඒක නිසා ලියන්න දෙයක් නෑ.
බලද්දි මොන රටෙත් එකම තත්වේ තියෙන්නේ, මම මෙතන දකින්නේ ඇයි මේ කාන්තාවන්ගේ ඔලුව අවුල් නොවුනේ කියලා,,,ඒකට හේතුවක් මට හොයා ගන්න බැරි උනා,හිතා ගන්නත් බෑ ඒ මොකෝ කියලා.අවුරුදු 50ක් එකට උන්නනේ කොහොම හරි,එක අතකට පිරිමියගේ පාලනයට අහු වෙලා ඉදලා අද ඒකට රිටර්න් එක හම්බෙනවද මන්දා පිරිමින්ට,,ඒත් ඉතින් මේ කාන්තා නිදහස තියන යුරෝපෙ එහෙම උනා කියන්නත් බෑ,,,ලංකාවෙ නම් එහෙම උනා කියමුකෝ,,,නැත්නම් දැන් ආදරේ කරලා ඇති වෙලාද මන්දා,,,මේ ඉතාලි ආච්චි නම් කියන එක කතාවක් තියනවා,,මගේ අම්මා කිවුවා මේ මිනිහා එක්ක යන්න එපා කියලා,,මම ඒක ඇහුවේ නෑ,,,,ඒ කතාවටමට එක පාරටම හිනා ගියා,,ආච්චිට අවුරුදු 53ට පස්සේ මිනිහව එපා වෙලා තියෙන්නේ,,,අර බින්න බැහැපු සීයගේ ආච්චි කියන කතාවක් තියනවා,,අපේ අම්මලා බලෙන් මේ මිනිහව මගේ කරේ එල්ලුවේ,මට හොදට සැපෙන් ජීවත් වෙන්න තිබුනා මේ මිනිහා එක්ක ඇවිත් ඒක මම මගේ ජීවිතේ විනාශ කර ගත්තා,,,මට එතකොට හිතුනේ ආච්චිගේ මොකක් හරි සින්කොන් එකක් තිබිලා තියනවා, ගෙදරින් ඒකට පොල්ල දාලා වගේ.,,අවුරුදු 50ට පස්සේ ඔන්න ඒ ආච්චිගේ කතාව.
කොහොමෙන් කොහොම හරි මම මෙතන කියන්නේ නෑ තනිකඩව ඉන්න එක හොදයි කියලා නම්,,,තනිකඩව ඉදලා 80 පැන්නම විවාහ වෙලා කන කට්ටට වඩා කට්ටක් කන්න වෙනවා,,,ඒක මම දැක්කේ මහලු නිවාසෙකින් ඒ ගැන නම් ලියන්නත් දුකයි.ඒ ගැන ලියන්නේ නෑ පොඩ්ඩක් මහලු නිවාසෙකට ගිහින් බලන්න.
බ්ලොග් එක බලන සියලු දෙනාටම අවුරුදු 50ක විවාහ ජීවිතයක් ප්‍රාර්ථනා කරලා මෙතනින් නවතිනවා,,,සියල්ලන්ටම අවුරුදු 50ක විවාහ ජීවිතයක් ගත කරන්න ලැබේවා!!!
වාට්ටුව
3 hours ago
ඔබටත් අවුරුදු 50ක සතුටින් ආදරයෙන් පිරුණු, බිරිඳගේ ග්‍රහණයට හසු නොවෙන විවාහ ජිවිතයක් මම ප්‍රාර්ථනා කරනවා... ;) :P
ReplyDeleteවසර තුනක බ්ලොග් කෙරුවාවට සුබ පැතුම්... මගේ බ්ලොග් ඒකත් දුවිලි ගසලා ගත්තානම් හරි වගේ.... :)
අපෝ අවුරුදු 50ක්,,,හා හා ස්තූතී මෙහෙ ආවට
Deleteහුරේ... මම එක,,,, (හික් හික් මෙහෙම නොකියා මේ දවස්වල බ්ලොග් වල කමෙන්ට් කරන්න බෑ..... ) ;)
ReplyDeleteමෙන්න ඩිලා මගෙනුත් සුභ පැතුම්... හිමිහිට උනත් උඹ බොහෝම අපූරුවට මේක ලියනවා.. ඒ වගේම එදා ඉදලා අද වෙනකල්ම අනිත් උන්ට සප් එක දීගෙන කා එක්කත් බොහෝම සුහදව ඉන්නවා... උඹ වගේ උන් හින්ද තමයි බ්ලොග් අවකාසේ හොද පැත්ත දකින්න අපිට තාමත් පුළුවන්කම ඉතිරි වෙලා තියෙන්නේ.
ReplyDelete(මේ ඒක නෙවෙයි බං.. අර කවුද මේකේ පදිංචි වෙලා කොමෙන්ට් කරන කෙනා..? :D)
ස්තූතී මාරයියේ,,,හිමීට ගමන නේ තව පුලුවන් කාලයක් හිමීටම යමු
Deleteඋඩ ඒ පාර මම 1 එකෙක් ඇවිත් මේකටත්
මාර කේස් එකක්නේ ඒක! දැන් ඔය ඩිලාන් කියන ලංකාවේ ජෝඩු ඉතාලියේ ඉන්න ලංකාවේ ජෝඩුද? නැතිනම් ලංකාවේම ඉන්න ජෝඩුද?
ReplyDeleteමටත් ආවෙ මෙන්න මේ ප්‍රශ්නෙම තමයි.
Deleteඇයි දෙයියනේ අර කියලා තියෙන්නේ ශ්‍රී ලංකාවෙදි මම දැකපු ජෝඩු සහ ඉතාලියෙදි දැකපු ඉතාලි ජාතික ජෝඩු කියලා
Deleteඒ වගේම මතක තියා ගනිල්ලා අතේ සතේ නැතත් බින්න බහින්න නම් යන්න එපා......
ReplyDeleteවටින කියන පරීක්ශණයක් මචං ......මේ වගේ සමාජයට වැඩදායී පරීක්ශණ කරන්න තව තවත් ශක්තිය ලැබේවා
හා හා ඔය බින්න බැහැලා විදෝන උන් ඕනා තරම් ඉන්නවා බන්
Deleteහරි පුදුමයි.
ReplyDeleteමේ දවස් වල මම ආදායම් වාර්තා (ටැක්ස්) හදන දවස්. (730/2013) අවුරුද්දේ වැඩියම වයසක ඈයෝ එක්ක ගැවසෙන මාසය. වැඩි හරියක් පෙන්සන් ගිය සීයලා ආච්චිලා අත් දෙක අල්ලන් ඇවිත් දුක කියන එක වගේම පවුල් වල අභ්‍යන්තර ප්‍රශ්න අහන්නත් අපිට සිදු වෙනවා.
ගෙවල් වල අස්සේ මොනවා උනත් මුදල් හදල් ගණුදෙණු නම් වෙන්නේ සීයලාට ඕනේ විදියට කියලයි මට හිතෙන්නේ. අපි ගාවට එන බොහෝ ආච්චිලාට වඩා මැනේජ්මන්ට් අතින් ඉස්සරහින් ඉන්නේ වයසක සීයලා. මේක මෙහෙම මෙහෙම කරන්න ඕනේ කියලා සීයලා හරි ගාණට කියනවා. ආච්චිලා නම් ඔය ගෙවල් අස්සේ පාළනය විතරක්ම වෙන්න ඕනේ. ආව වෙලේ ඉඳන් නැති බනේමයි ගෙවන්න බෑයි කියන ඒවා ඇරෙන්න වෙන කියන යමක් නෑ. මම කියන්නේ මේජර් පාට් එක. ඒත් සීයල එහෙම නෙමෙයි දුවගේ පුතාගේ ආදයම් වාර්ථාවේ ඉඳන් හැම එකම අරන් ඇවිත් හරි ගාණට කරගෙන යන්න උනන්දු වෙනවා.
අනිත් එක අපේ කල්චර් දෙකේ පැහැදිලිම වෙනසක් තමයි මේ රටේ දරුවන් වෙනුවෙන් වයසක සීයලා මහන්සි වෙලා ඉතුරු කරලා දේපල හොයලා දෙන එක. පෙන්සන් එකෙන් බොහොම අර පරෙස්සමට කාලා බීලා මොන විදියකින් හරි දරුවන්ට ගෙවල් අරන් දෙන්න වයසක පරම්පරාව උනන්දු වෙන එක. ලංකාවේ දරුවන්ගෙන් ජීවත් වෙන දෙමාපියෝ බොහොමයක් ඉන්න බව මට මතක් වුනා. කවුරු මොනවා කීවත් මෙහේ වයසක ඈයෝ සෑහෙන්න නිදහස්. තමන්ගේම ගෙදරක තමන්ගේම ආදයමින් එහෙමත් නැත්නම් සේවකයකුගේ සහාය ඇතුව හරි ඒ අය අපේ රට වල වයසක ඈයන්ට වඩා නිදහස් කියලායි මට හිතෙන්නේ.
මේ දැන් ම බය අරන්න එපා ගෙම්බෝ මම මේ බලාගෙන ඉන්නේ ඉක්මනට වයසට ගිහින් නිදහසේ ඉන්න. අර අතින් අල්ලගෙන ආදරෙන් යන වයසක ඈයෝ දකින දකින හැම වෙලේම මට හිතෙන්නේම එහෙමනේ...
ඇත්ත අක්කා ඔයා කියන එක සමහරවිට ඔලුව අප්සට් ගිය නිසා අර විදිහට වෙන්න පුලුවන් නේ..කොහොමත් මේ මිනිස්සු යූරෝ 1 හරි ඉතුරු කරන්න තමා උත්සහය නම්...
Deleteඅනේ මේ දැන්ම වයසට යන්න දගලන්නේ,,,තනියම හිටු මහලු නිවාසෙකට තමා යන්න වෙන්නේ
අදයි මේ පැත්තට ආවේ ජයම වේවා !
ReplyDeleteස්තූතී සෑම්,,මම ඉතින් ඔයාගේ බ්ලොග් එක බලනවා කමෙන්ට් කිරීම නම් අඩුයි ගොඩක්
Deleteමගේ උණුසුම් සුභ පැතුම්!!!
ReplyDeleteස්තූතී
Deleteපොඩි කාලේ ඉදන්ම කොහේ හ්රි රටකට යන්න උවමනාව තියෙන නිසා මන් ඉතාලිය ගැන හොයන්න ගත්තා.එතකොටයි ඔයාගේ බ්ලොග් එක දැක්කේ.ඔයාගේ බ්ලොග් පොස්ට් මුල ඉදන් ඔක්කොම කියෙව්වා.බොහොම ස්තුතියි.
ReplyDeleteරශොද්
ස්තූතී රශෝද් රට ජීවිතය ලේසි නම් නෑ
Deleteතෙවසරට සුභ පැතුම්...!
ReplyDeleteඅපේ කාලයට වඩා මේ කාලයේ අයනම්,නොයෙක් ගෘහ හිංසනයන්ට ලක් වන අය අඩුයි කියලයි මම හිතන්නෙ.තමන්ට සුදුසුයි හැගුන කෙනා එක්ක එකතු වුනා,නොගැලපෙනව කියල හිතුනම වෙන් වෙනව.ලෝකයේ කොහෙත් මෙන්ම ලංකාවෙ නගරාසන්න ව ජිවත් වන අය.
හැබැයි තාමත් ලංකාවෙ පිටිසරබද පෙදෙස් වලින් නම් මන්න පහරින් කෙළවර වෙන ඒවා බොහොමයි.
බටහිර රටක මහලු වියට පත් වීමයි අපේ රටේ මහලු වියට පත්වීමයි අතර ලොකු වෙනසක් තියෙනවා.බටහිර රටවල තරුණ වියේදී ඉඳලම (ස්වයං රැකියා කලත්)මහලු වියේදී යැපීම වෙනුවෙන් රක්ෂණයට ඉතිරි කරනවා, එබැවින් ඒ රටවල මහලු අය පොහොසත්.අලුත්ම කාර් ගන්නේ ඒගොල්ල.ටහ්රුනයන්ට පුළුවන් වෙන්නේ පාවිචිචි කරපු ඒවා ගන්න විතරයි. ඒ රටවල වැඩිහිටි අයට සහන සලසන ක්‍රම ගොඩක් තියෙනවා.
ReplyDeleteඅපේ රටේ එකේ අනික් පැත්ත.අවුරුදු 55,60 පැන්න ගමන් මිනිසුන් කොන් කරන සමාජයක් මෙහෙ තියෙන්නේ. බස් එකේදී උනත් වෙන හිරිහැර අපමණයි.හරියට ඉතුරු සල්ලි දෙන්නෙත් නැහැ.අර්ථ සාධකය උනත් හරියට මහලු වියේදී පාවිච්චි කරන්නේ නැහැ. බලන්නේම ඒකෙන් නය අරගෙන නොගෙවා ඉන්න. අර්ථසාධකය ගත්ත ගමන් දු දරුවෝ පොර කන්නේ ඒක බෙදා ගන්න. ඊට පස්සේ ආදායමක් නැතිව අසරණ වෙන කෙනා ගැන කව්රුත් සලකන්නේ නැහැ. රාජ්‍ය අංශයේ විශ්‍රාම වැටුපත් ඒකට දෙවෙනි නැහැ.ඒක අතට ලැබෙනකල් ෂුවර් නැහැ.ලොක්කො බලන්නෙම තමාට මට්ටු කරන්න බැරි එකාගේ පෙන්ෂන් එකට කෙලින්නේ කොහොමද කියලයි.එක්කෝ පෙන්ශන් එක නොදෙන විදියට ගේම දෙනවා. නැත්නම් පෙන්ෂන් දෙපාර්තමේන්තුවට හරි තොරතුරු යවන්නේ නැහැ. අනේ ඇත්තට අපි කවදා වෙනස් වෙයිද?
බටහිර රටක මහලු වියට පත් වීමයි අපේ රටේ මහලු වියට පත්වීමයි අතර ලොකු වෙනසක් තියෙනවා.බටහිර රටවල තරුණ වියේදී ඉඳලම (ස්වයං රැකියා කලත්)මහලු වියේදී යැපීම වෙනුවෙන් රක්ෂණයට ඉතිරි කරනවා, එබැවින් ඒ රටවල මහලු අය පොහොසත්.අලුත්ම කාර් ගන්නේ ඒගොල්ල.ටහ්රුනයන්ට පුළුවන් වෙන්නේ පාවිචිචි කරපු ඒවා ගන්න විතරයි. ඒ රටවල වැඩිහිටි අයට සහන සලසන ක්‍රම ගොඩක් තියෙනවා.
ReplyDeleteඅපේ රටේ එකේ අනික් පැත්ත.අවුරුදු 55,60 පැන්න ගමන් මිනිසුන් කොන් කරන සමාජයක් මෙහෙ තියෙන්නේ. බස් එකේදී උනත් වෙන හිරිහැර අපමණයි.හරියට ඉතුරු සල්ලි දෙන්නෙත් නැහැ.අර්ථ සාධකය උනත් හරියට මහලු වියේදී පාවිච්චි කරන්නේ නැහැ. බලන්නේම ඒකෙන් නය අරගෙන නොගෙවා ඉන්න. අර්ථසාධකය ගත්ත ගමන් දු දරුවෝ පොර කන්නේ ඒක බෙදා ගන්න. ඊට පස්සේ ආදායමක් නැතිව අසරණ වෙන කෙනා ගැන කව්රුත් සලකන්නේ නැහැ. රාජ්‍ය අංශයේ විශ්‍රාම වැටුපත් ඒකට දෙවෙනි නැහැ.ඒක අතට ලැබෙනකල් ෂුවර් නැහැ.ලොක්කො බලන්නෙම තමාට මට්ටු කරන්න බැරි එකාගේ පෙන්ෂන් එකට කෙලින්නේ කොහොමද කියලයි.එක්කෝ පෙන්ශන් එක නොදෙන විදියට ගේම දෙනවා. නැත්නම් පෙන්ෂන් දෙපාර්තමේන්තුවට හරි තොරතුරු යවන්නේ නැහැ. අනේ ඇත්තට අපි කවදා වෙනස් වෙයිද?
පරිස්සමෙන් ඔය පර්යේෂණ කොරන්න. අවුරුදු 3 ට සුභ පැතුම්. තවත් චිරාත් කාලයක් බ්ලොග් ලියන්න ශක්තිය ලැබේවා :)
ReplyDeleteඉතාමත් හොඳ ලිපියක්. වැඩිදෙනෙක් කතා කිරීමට අකමැති, ඒත් හැමෝටම කවදා හරි මුහුණ පෑමට වෙන සිද්ධියක්.
ReplyDeletewmk සමඟ එකඟ වෙමි. ආසියාතික රටවල සම්ප්‍රධායක ක්‍රමය- අප හොඳයි කියා විස්වාස කරන ක්‍රමය ගැන සලකා බලමු:
දෙමව්පියන් දුක්විඳ තම දරුවන් උස්මහත් කරනවා. හැකි අයුරින් යහමඟට ගන්න, හොඳ අධ්‍යාපනයක් දෙන්න උත්සහා ගන්නවා. තමන් හරි හම්බ කරගත් දේ, දරුවන්ට දෙනවා, තමන්ගේ මහලු කාලය සඳහා කිසිවක් තියාගන්නේ නෑ.
ඒත් අද පෙනෙන විදිහට , මේ ක්‍රමය අදට ගැලපෙනවා කියලා කියන්න බෑ. මේ යුගයේ , තව දුරටත් දරුවන් කියන්නේ දෙමාපියන්ගේ " ඉන්ෂුවරන්ස් පොලිසි" එක නෙමෙයි. බොහෝ විට මහලු දෙමාපියන්ට වෙන්නේ අනුන්ගේ අතපල්ලෙන් වැටුණු ගානට ජීවත් වෙන්නයි. සමස්ත සමාජයේම මහලු අය ගැන තියෙන්නෙ ඒ ආකල්පයම තමා - බටහිර වගේ වැඩිහිටියන් කෙරේ ගෞරවයක් නෙමෙයි. ඒ අය දැක්කාම , බස් කාරයො බස් එක නොනවත්වා යනවා, " ඔන්න චමින්ද කෙනෙක්" කියලා කියනවා.
ඒත් අපට පේන විදිහට හොඳයි, ස්වාධීනයි කියල හිතෙන බටහිර ක්‍රමයෙත් නොයෙක්, සැඟවුනු ප්‍රශ්ණ තියෙන්නෙ පුළුවනි. ඒගැන දැණගන්න පුළුවන්, ඔබ වැනි, ඒ අය ලඟින් ඇසුරු කරන අයටම විතරයි. මේ මාතෘකාව ගැන දිගටම ලියන්න. අත්දැකීම් කියන්නෙ ඉතාමත් වටිනා දෙයක්. ඔබට ලැබී තියෙන්නෙ අනගි අවස්ථාවක්. ඒ අත්දැකීම් අපත් එක්ක බෙදාගන්නවාට මගේ ප්‍රණාමය
//තනිකඩව ඉදලා 80 පැන්නම විවාහ වෙලා කන කට්ටට වඩා කට්ටක් කන්න වෙනවා,,,ඒක මම දැක්කේ මහලු නිවාසෙකින්..//
ReplyDeleteමේ ගැන ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද? ටිකක් තනුක කරලා, ලියන්න අමාරු හරිය නැතුව, අදහස විතරක් දුන්නාම ඇති.
මම දන්නා විදිහට, මිනිස්සු වැඩ කරනතාක් කල් නිරෝගීව ඉන්නවා. මේ ගැන මට ඉස්සෙල්ලාම කිව්වෙ. මැද-පෙරදිගදී හමුවූ පිලිපීන ජාතිකයෙක්. රස්සාව කරනතාක් කල් ගස්-ගල් වගේ හිටි මිනිස්සු පවා, විශ්‍රාම අරගෙන ටික කලකින් අසනීප වෙලා මැරිලා යනවා කියලා එයා කිව්වා. අවුරුදු 55න් විශ්‍රාම යවන අපේ රටේ මිනිස්සු , අඩු වයසෙන් මහලු වියට එලඹෙනවා වෙන්න පුළුවනි. අපට ඉගැන්වු එක් ආචාර්යවරයෙක්, හිටපු හමුදා නිළධාරියෙක්. හමුදාවෙන් විශ්‍රාම ගත්තට පස්සෙ එයා උගන්වනවා. .හැටේ දශකයේ අග භාගයේ හිටි ඔහු, මා දුටු ඉතාමත් ප්‍රියමනාප, කාර්යක්ෂක, නිරෝගී වැඩිහිටියන් අතරන් කෙනෙක්.
මුලින්ම අවුරුදු 3ට සුභ පැතුම්.
ReplyDeleteහොඳ පර්යේශනාත්මක ලිපියක්