Pages

Sunday, August 4, 2024

ලවාස්සා කෝපිවල කතාව



ලොව ජනප්‍රියම කෝපි වෙළඳ නාමයක් වන ලවාත්සා කෝපි නිර්මාණය වුනේ කොහොමද කියලා අද අපි බලමු. 


ලුවීජී ලවාත්සා දහනමවන සියවසේ අග භාගයේ ඉතාලියේ ටියුරීන් ප්‍රදේශයේ කුඩා වෙළඳසැළක් පවත්වාගෙන ගිය පුද්ගලයෙක්. ඔහු නිතරම උත්සාහ කළා ඔහුගේ නිශ්පාදන වැඩි දියුණු කරන්න. 


1895 දී ලුවීජී ගේ උත්සාහයේ ප්‍රථිඵලයක් ලෙස කෝපි කලාව සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. 


එතෙක් කෝපි අලෙවිකරුවන් සහ පාරිභෝගියකයන් කෝපි අලෙවි කළේ සහ පරිභෝජනය කළේ විවිධ කෝපි ප්‍රභේද එකට මිශ්‍ර නොකර. ඒ කියන්නේ සින්ගල් ඔරිජින් (single origin) කෝපි විදියට. ලුවීජී විශ්වාස කළා විවිධ කෝපි ප්‍රභේද මිශ්‍ර කිරීමෙන් වඩා රසවත් සහ ප්‍රබල කෝපි සාදන්න පුළුවන් කියලා. 


ලුවීජීගේ කුඩා වෙළඳසැළේ පිටුපස කුඩා කාමරයක් තුල ඔහු විසින් කරන ලද අත්හදාබැලීම් විශාල ප්‍රමාණයක ප්‍රථිඵලයක් විදියටයි ලවාත්සා කෝපි නිර්මාණය වුනේ. 


1927 වන විට ලවාත්සා කෝපි මොන තරම් ජනප්‍රිය වුනාද කිවුවොත්, ලුවීජී ලවාත්සා විසින් ලවාත්සා වෙළඳ නාමය පිහිටුවනු ලැබුවා. ඒ වගේම ලවාත්සා කෝපි අලෙවි කරන්න කෝපි අවන්හලකුත් විවෘත කළා. 


ලුවීජී ලවාත්සා ගේ උත්සාහය, කැපවීම සහ නිර්මාණශීලිත්වයේ ප්‍රථිඵලයක් විදියට අද වනවිට ලවාත්සා කෝපි රටවල් 140 ක ඉතාම ජනප්‍රිය කෝපි වෙළඳ නාමයක් බවට පත්වෙලා තිබෙනවා.


-------------------------------------------------------------

6 comments:

  1. අවුරුදු කීයකට පස්සෙද ඕයි.. 😂😂
    හරිනං මේ බ්ලොග් වල තියෙන මකුළු දැල් වල හැටියට අපිට මේ කොමෙන්ටු කොටන වෙලාවෙත් හෙම්බ හැදිල හචොස් හචොස් ගාන්න ඕන.
    දිගටම ලියනවද නැත්තං ආතල් එකක් ගන්නවත..🤭🤭🤭

    2017 ට පස්සෙ 🤭🤭

    ReplyDelete
    Replies
    1. ඔව් ගොඩක් කාලෙකින් මොකටද මේක වහලා දාන්නෙ කියලා හිතුනා

      Delete
  2. ආපසු ආ එක ගැන සතුටුයි.

    ReplyDelete
    Replies
    1. තාමත් බ්ලොග් කියවන්න කට්ටිය ඉන්නවා එහෙනම්

      Delete
  3. කාලෙකට පස්සෙ හරි ලියපු එක නියමයි . ආසාවෙන් කියෙව්වා. පුළුවන් නම් නිතර කතා නොවන තැන්වලට ගිය චාරිකා සටහන් කීපයකුත් ලියන්න.

    ReplyDelete
  4. උත්සහ කරන්නම් ගොඩක් ස්තූතී

    ReplyDelete