Pages

Saturday, June 29, 2013

බයිසිකල් නගරාධිපති

                                                            (නගරාධිපති ලෙස දිවුරුම් දුන් දා)
මේ දවස් වල මම උදේට දකින දර්ශනයක් තමා මේ බයිසිකලෙන් නගර සභාවට වැඩට යන මම ඉන්න නගරේ පලමු පුරවැසියා හෙවත් නගරාධිපති මහත්තයා.දැන් සතියක් විතර ඇති නගර සභා චන්දෙන් දිනලා වැඩ බාර අරගෙන.
ඉතාලිය අද ආර්ථික අතින් ගොඩක් පසු පස්සට ගිහින් කියන එක කියන්නත් දෙයක් නෙමේ,ප්‍රධාන පක්ශ 2 එකතු වෙලා හදපු හවුල් ආණ්ඩුව පවතින ආර්ථික අපහසුතා වලින් ගොඩ එන්න පුදුම වෙහෙසක් ගන්නේ,මේ ආර්ථික පසු බැස්ම නිසාමද කොහෙද මධ්යම වාමාංශික,දක්ශිනාංශික පක්ශ දෙක එකතු වෙලා හවුල් ආණ්ඩුවක් හැදුවේ.මේ අතරම මිනිස්සු පවතින දේශපාලන ක්‍රමයට විරෝධය දක්වන්න අරගෙන,දේශපාලන විරෝධී ‍රැල්ලක් ඉස්සරහට එනවා,පාර්ලිමේන්තු මැතිවරනෙදි ඒ ‍රැල්ල ගොඩක් ඉස්සරහට ආවා,ගොඩක්ම ඉදිරියට ආවේ විකට නළුවෙක් උනු ග්‍රීල්ලෝ හරහා,,,ජන්ද වයාපාරයේ ලොකු කොටසක් කලේ අන්තර්ජාලය හරහා,බ්ලොගර් සහ ‍ටුවිටර් විශාල වැඩ කොටසක් කලා,ග්‍රීල්ලොගේ බ්ලොග් එක ලෝකේ වැඩිම පිරිසක් නරබන බ්ලොග් කීපය අතරට ගියා,
මේ දේශපාලන විරෝධී ‍රැල්ල එක්ක තමා මේ නගරාධිපතිත් ඉස්සරහට ආවේ,ඉතාලියේ පසුබෑම පටන් ගත්තු නගරයක් තමා මම මේ ඉන්න නගරය,අද වෙනකොට නගර සභාව හිගන නගර සභාවක් වෙලා,,කොටින්ම පාර සුද්ද කරන මිනිස්සුන්ට පඩි ගෙවන්නවත් සල්ලි නෑ,මේකට ප්‍රධානම හේතුව හොරකම,කොමිස් කෑදර කමෙන් කරපු අසාර්ථක ව්යාපෘති,හැබැයි හොරුන්ට නිදහසේ ඉන්නත් නෑ දැන් එක එකාව අල්ලන්න අරගෙන,කට්ටියක් හිරේ දැනටමත්.
අවුරුද්දක්  විතර නගරාධිපති කෙනෙක් නැතිව කොමසාරිස් කෙනෙක් යටතේ දුවපු මේ නගර සභාවට පහු ගිය මාසේ ජන්දයක් ආවා,ප්‍රධාන පක්ශ වලට අමතරව ස්වාධීනව ඉල්ලපු අයත් උන්නා,,,ඒ අය තමා පවතින දේශපාලනයට විරෝධී ‍රැල්ල,බයිසිකල් නගරාදිපති භෞතික විද්‍යාව  ආචර්යවරයෙක්,මෙයා ඉතාලියේ උඩ කොටස සහ සිසිලි දූපත යා කරන්න හදන්න හදන පාලමට විරෝධය පලකරන කණ්ඩායමේ ඉදිරි නියමුවෙක්,මෙයාගේ ගමන බිමන කොහොමත් උනේ බයිසිකලෙන් ඉතින් ජන්ද මෙහෙයුම පටන් ගත්තෙත් බයිසිකලෙන්ම තමා,,,
ලොකු වාහන පේලියක්,ශරීර ආරක්ශකයෝ,විශාල වේදිකා, කොටින්ම විශාල ‍රැස්වීම්වත් තිබුනේ නෑ,, ඩෙනිම් කලිසමයි,පාලම් විරෝදයට ගහපු ටී ශර්ට් එකයි ඇදගෙන බයිසිකලෙන්ම එනවා, පොඩි හන්දි වලට,එතන පොඩි ‍රැස්වීම් ලෑස්ති කරනවා,,ඔහොම ක්‍රමයක් තමා ගියේ.

ජන්දයේ පලවෙනි වටෙදී  මධ්යම වාමංශික පක්ශ හවුලෙන් නගරාධිපති තනතුරට තරග කරපු තරුන අපේක්ශකයා දිනනවා,මීට ඉස්සල්ල බලේ තිබුනු පක්ශය 3 තැනට විසි වෙනවා,අපේ බයිසිකල් අපේක්ශක තුමා 2 තැනට එනවා,,,අවුරුදු 60 විතර උනාට තනිකර තරුණයෙක් වගේ හැසිරීම වැඩ,කිඩ,දැන් ඊලග වටයට සූදානම් වෙනවා,,,මේ වටේ 1 සහ 2 ස්ථාන ගත්තු අපේක්ශකයෝ 2 අතර විතරයි ජන්දය,මූනට මූනලා කරන රූපවාහිනී විවාදයෙදී අපේ බයිසිකල් මහත්තයා සෑහෙන ඉදිරියට එනවා,,
දෙවෙනි වටේ ජන්දයෙන් බයිසිකල් මහත්තයා දිනනවා,අලුත් නගරාධිපතිගේ කියන්න කාරනා ගොඩක් තියනවා,,මෙයාගේ තිබුනු සරලකම තමා ජන්දය දිනන්න ගොඩක් බලපෑවේ,සරල මිනිහෙක් වෙන්න මූලිකව බලපාලා තියෙන්නේ ටිබෙට්වලට ගිහින් බුදු දහම හැදෑරීම,මෙයගේ ලෝකේ වීරයෝ තමා මාටින් ලූතර් කිං,දලයි ලාමා,ප්‍රැන්සිස් පාප්තුමා,මේ මිනිස්සුන්ගේ තියන සරලකම එයාගේ ජීවිතේට ලොකු වෙනසක් කලාලු,ඒ අතරින් බුදු දහම එයාට සෑහෙන බලපැමක් කලාලු,ඒ සරලකම දකපු මේ මිනිස්සු මෙයාව විශ්වාස කලා,තමන්ගේ කඩා වැ‍ටුනු නගරේ මෙයා ගොඩ ගනී කියන එක අද සේරම විශ්වාස කරනවා,,නගරේ දියුනුව අපිටත් ගොඩක් දුරට බලපාවි.
මම මේ කල්පනා කලේ බුදු දහම තියන අපේ රටේ දෙශපාලකයන්ට මේ වගේ සරලකම පුරුදු වෙන්න බැරි ඇයි කියන එක,බලන් යනකොට මේ මිනිස්සු අලුතෙන් බුදු දහම ඉගෙන ගෙන ඒකත් තමන්ගේ රටේ දියුනුවට හරවන්න අරගෙන,අද කොහොමත් මෙහෙ දේශපාලනේට සරලකම ලොකු ආයුධයක් වෙලා,,මිනිස්සු පිලිගන්නේ ඒ සරලකම.

                                                         (නගරාධිපති මහත්තයා බයිසිකලෙන්)

Sunday, June 9, 2013

ඉතාලියේ විදේශිකයන්ට ලැබෙන සේවයක්





කාලෙකින් ආයේ පෝස්ට් එකක්,කොහෙද වෙලාව අඩු කමයි,නිවාඩු දවසට එන කම්මැලිකම නිසා බ්ලොග් ලිවිල්ල මග ඇරෙනවා,හරි අපි බලමු මොකද්ද මේ ලැබෙන ලොකු සේවය කියලා,ඉතාලිය කියන්නෙත් අද විදේශිකයෝ විශාල ප්‍රමානයක් ඉන්න රටක්,ලක්ශ 50ක් කිට්‍ටු වෙන විදේශික ජනතාවක් ඉන්නවා කියලා  මට ලගදී කොහෙන් හරි ඇහුනා,ඉතින් මේ විශාල ජනතාවගෙන් මේ රටට ලොකු සේවයක් වෙනවා කියන එක රටේ ආණ්ඩුවට පිළිගන්න වෙලා තියනවා,,,අනික යුරෝපා සංගම් නීති පද්ධතියට යටත් වීමෙනුත් මේ විදේශිකයෝ පිළිබද යම් සොයා බැලීමක් කරන්න වෙලා,,අනික් එක තමා යුරෝපා රටවල් අතරින් ඉතාලියේ ක‍තෝලික පල්ලිය මේ රටේ වෙසෙන දුප්පත් වීදේශිකයන්ව අතෑරලා නෑ,,ජාති ආගම් බේදයක් නැතුව පල්ලියෙන් කෙරෙන සේවයත් ඉතා ඉහලයි.
ලගදී ඉතාලියේ විදේශිකයන්ට දුන්නු සේවාවට යමු එහෙනම්,අපි කාට උනත් අපේ මවු භාශාවෙන් පිට භාශාවක් කතා කරන්න හුරු වෙනකොට ඒ භාශාවේ සියලුම දෑ අපිට අල්ල ගැනීම අපහසුයි,,යම් යම් අවස්ථාවලදී යෙදෙන භාශා හැසිරීම ඒවාට යෙදෙන වචන අල්ල ගැනීම ගොඩක් අමාරු වෙනවා,,ඒක තමන්ගේ මවු භාශාවෙනුත් යම් යම් වෑරදීම්,තේරුම් ගෑනීමේ අපහසුතා සිදු වෙන වෙලාවල් තියනවා,,,අපිට උනත් සිංහල භාශාව වරදින වෙලාවල් නැතුව නෙමේ නේ.
මේ අපහසුතා හොදටම දැනෙන තැනක් තමා රෝහල කියන්නේ,,රෝහල කියන්නේ විදේශිකයන්ට භාශා දැනුම අඩු කම නිසා ගොඩක් අපහසුතා සිදු වෙන තැනක්,අපට ලංකාවෙදි උනත් රෝහලකදි භාශා ප්‍රශ්න එන වෙලාවල් තියනවා,,,එහෙම බලනකොට කොහොමද විදේශ රටකදී විදේශ භාශාවක් එක්ක ගනුදෙනු කරද්දි,ඉතින් මේ අපහසුතා හදුනා ගත්තු ඉතාලි රජය මේකට මරු පිළියෙමක් යොදලා තියනවා මේ වෙනකොට,ඒ තමා භාශා පරිවර්තකයෙක් යොදා ගැනීම,හැබැයි මේ භාශා පරිවර්තකයා ඉන්නේ රෝහලේ නෙමේ,,මොකද ඒක ප්‍රායෝගික දෙයක් නෙමේ නේ,,එහෙම කලොත් විවිධ භාශාවලින් භාශා පරිවර්තකයෝ විශාල ප්‍රමානයක් බදවා ගන්න වෙයි රෝහලේ සේවකයෝ විදිහට,
ඉතින් මේ ගැටලුවට දුන්නු නියම උත්තරේ තමා දුරකතනය මාර්ගයෙන් භාශා පරිවර්තක සහය ලබා ගැනීම,කෙටියෙන් සිංහලෙන්ම කිවුවොත් කෝල් කොන්පරන්ස්,දැන් තේරුනා නේ.
තවත් පැහැදිලි කලොත් ඔන්න මම යනවා ස්පිරිතාලෙට ලෙඩකට බේත් ටිකක් ගන්න,ගිහින් ඩොකා එක්ක කතා කරද්දි මට තේරෙන්නේ නෑ ලෙඩේ ඩොකාට හරියට පැහැදිලි කරන්න,එතකොට ඩොකා කරන්නේ කෝල් එකක් ගන්නවා භාශා පරිවර්තකයට, දැන් මම භාශා පරිවර්තකයට විස්තරේ දෙනවා,,පොර ඩොකාට පැහැදිලි කරනවා,
ඇත්තටම මේ සේවය ඉතාලි දොස්තරලා උනත් මානුශික පැත්ත ගැන හිතලා එයාලත් මේ විදේශිකයන්ට කරන ලොකු සේවයක්,,මොකද මේ භාශා පරිවර්තනය කරන අතර රෝගයට ප්‍රතිකාර කිරීමත් ලේසි නෑ නේ,අනික් එක තමා මේකට කිසි මුදලක් අය නොකිරීම,
මම මේ පෝස්ට් එක බලන ඉතාලියේ ඉන්න අයවත් පොඩි දැනුවත් කිරීමක් කරන්නම්,,මේ ලබා දෙන සේවය ලගදී ඉදන් ආරම්භ කලේ,,ඉතින් මේක නොදැන ඉන්න රෝහල් සේවකයෝ ඉන්න පුලුවන්,,ඔයාලා රෝහලකට ගිහින් භාශා ගැටලු ආවොත් මෙහෙම සේවයක් ගන්න පුලුවන්ද කියන එක අහලා බලන්න,විමසිලි කවුන්ටරේට කියලා බලන්න,එයාලා අරගොල්ලන්ව දැනුවත් කරයි.
එහෙනම් ඔන්න ඕක තමා ඉතාලි රජයෙන් අපිට ලබා දුන්නු සේවය.