Pages

Sunday, June 9, 2013

ඉතාලියේ විදේශිකයන්ට ලැබෙන සේවයක්





කාලෙකින් ආයේ පෝස්ට් එකක්,කොහෙද වෙලාව අඩු කමයි,නිවාඩු දවසට එන කම්මැලිකම නිසා බ්ලොග් ලිවිල්ල මග ඇරෙනවා,හරි අපි බලමු මොකද්ද මේ ලැබෙන ලොකු සේවය කියලා,ඉතාලිය කියන්නෙත් අද විදේශිකයෝ විශාල ප්‍රමානයක් ඉන්න රටක්,ලක්ශ 50ක් කිට්‍ටු වෙන විදේශික ජනතාවක් ඉන්නවා කියලා  මට ලගදී කොහෙන් හරි ඇහුනා,ඉතින් මේ විශාල ජනතාවගෙන් මේ රටට ලොකු සේවයක් වෙනවා කියන එක රටේ ආණ්ඩුවට පිළිගන්න වෙලා තියනවා,,,අනික යුරෝපා සංගම් නීති පද්ධතියට යටත් වීමෙනුත් මේ විදේශිකයෝ පිළිබද යම් සොයා බැලීමක් කරන්න වෙලා,,අනික් එක තමා යුරෝපා රටවල් අතරින් ඉතාලියේ ක‍තෝලික පල්ලිය මේ රටේ වෙසෙන දුප්පත් වීදේශිකයන්ව අතෑරලා නෑ,,ජාති ආගම් බේදයක් නැතුව පල්ලියෙන් කෙරෙන සේවයත් ඉතා ඉහලයි.
ලගදී ඉතාලියේ විදේශිකයන්ට දුන්නු සේවාවට යමු එහෙනම්,අපි කාට උනත් අපේ මවු භාශාවෙන් පිට භාශාවක් කතා කරන්න හුරු වෙනකොට ඒ භාශාවේ සියලුම දෑ අපිට අල්ල ගැනීම අපහසුයි,,යම් යම් අවස්ථාවලදී යෙදෙන භාශා හැසිරීම ඒවාට යෙදෙන වචන අල්ල ගැනීම ගොඩක් අමාරු වෙනවා,,ඒක තමන්ගේ මවු භාශාවෙනුත් යම් යම් වෑරදීම්,තේරුම් ගෑනීමේ අපහසුතා සිදු වෙන වෙලාවල් තියනවා,,,අපිට උනත් සිංහල භාශාව වරදින වෙලාවල් නැතුව නෙමේ නේ.
මේ අපහසුතා හොදටම දැනෙන තැනක් තමා රෝහල කියන්නේ,,රෝහල කියන්නේ විදේශිකයන්ට භාශා දැනුම අඩු කම නිසා ගොඩක් අපහසුතා සිදු වෙන තැනක්,අපට ලංකාවෙදි උනත් රෝහලකදි භාශා ප්‍රශ්න එන වෙලාවල් තියනවා,,,එහෙම බලනකොට කොහොමද විදේශ රටකදී විදේශ භාශාවක් එක්ක ගනුදෙනු කරද්දි,ඉතින් මේ අපහසුතා හදුනා ගත්තු ඉතාලි රජය මේකට මරු පිළියෙමක් යොදලා තියනවා මේ වෙනකොට,ඒ තමා භාශා පරිවර්තකයෙක් යොදා ගැනීම,හැබැයි මේ භාශා පරිවර්තකයා ඉන්නේ රෝහලේ නෙමේ,,මොකද ඒක ප්‍රායෝගික දෙයක් නෙමේ නේ,,එහෙම කලොත් විවිධ භාශාවලින් භාශා පරිවර්තකයෝ විශාල ප්‍රමානයක් බදවා ගන්න වෙයි රෝහලේ සේවකයෝ විදිහට,
ඉතින් මේ ගැටලුවට දුන්නු නියම උත්තරේ තමා දුරකතනය මාර්ගයෙන් භාශා පරිවර්තක සහය ලබා ගැනීම,කෙටියෙන් සිංහලෙන්ම කිවුවොත් කෝල් කොන්පරන්ස්,දැන් තේරුනා නේ.
තවත් පැහැදිලි කලොත් ඔන්න මම යනවා ස්පිරිතාලෙට ලෙඩකට බේත් ටිකක් ගන්න,ගිහින් ඩොකා එක්ක කතා කරද්දි මට තේරෙන්නේ නෑ ලෙඩේ ඩොකාට හරියට පැහැදිලි කරන්න,එතකොට ඩොකා කරන්නේ කෝල් එකක් ගන්නවා භාශා පරිවර්තකයට, දැන් මම භාශා පරිවර්තකයට විස්තරේ දෙනවා,,පොර ඩොකාට පැහැදිලි කරනවා,
ඇත්තටම මේ සේවය ඉතාලි දොස්තරලා උනත් මානුශික පැත්ත ගැන හිතලා එයාලත් මේ විදේශිකයන්ට කරන ලොකු සේවයක්,,මොකද මේ භාශා පරිවර්තනය කරන අතර රෝගයට ප්‍රතිකාර කිරීමත් ලේසි නෑ නේ,අනික් එක තමා මේකට කිසි මුදලක් අය නොකිරීම,
මම මේ පෝස්ට් එක බලන ඉතාලියේ ඉන්න අයවත් පොඩි දැනුවත් කිරීමක් කරන්නම්,,මේ ලබා දෙන සේවය ලගදී ඉදන් ආරම්භ කලේ,,ඉතින් මේක නොදැන ඉන්න රෝහල් සේවකයෝ ඉන්න පුලුවන්,,ඔයාලා රෝහලකට ගිහින් භාශා ගැටලු ආවොත් මෙහෙම සේවයක් ගන්න පුලුවන්ද කියන එක අහලා බලන්න,විමසිලි කවුන්ටරේට කියලා බලන්න,එයාලා අරගොල්ලන්ව දැනුවත් කරයි.
එහෙනම් ඔන්න ඕක තමා ඉතාලි රජයෙන් අපිට ලබා දුන්නු සේවය.

6 comments:

  1. ahh denagaththa eka hodai. api thama me gana danne na. thankx denuwath karaata..

    ReplyDelete
  2. විදේශිකයන්ගේ සුව පහසුව මෙහෙම හරි හොයලා බලන රටක වැඩ කරන්න ලැබෙන එක වාසනාවක් ඩිලාන්. එහෙම නැති තැනක වැඩ කරන එකාට තමයි ඒකෙ අගේ වැඩියෙන් දැනෙන්නේ.

    ReplyDelete
  3. මෙහෙම තොරතුරක් දැන ගන්න ලැබිම සතුටක්, ජයෙන් ජය

    ReplyDelete
  4. මට කියන්න දෙයක් ඉතිරි කරලම නෑ නේ ඩිලාන්.

    ඒත් අර උඩ ඩුඩ් ගේ කොමන්ට් එක දැක්කම මේක කියන්නම ඕනේ.
    ඉතාලියේ සේවය කරන විදේශිකයන්ට ලැබෙන සේවය ඉතාලි ජාතිකයෙකුටවත් ලැබෙන්නේ නෑ. ඒත් ඒකම ප්‍රශ්නේ ඒක මිස්යූස් කරන අය වැඩි වීම හින්දා ඒ ඒ සේවා හරියාකාරව පවත්වාගැනිමේ නොහැකියාව. විරකියාවෙන් පෙළෙන අයට දෙන දීමනාව ගන්න බොහෝ විදේශිකයෝ ජොබ් කන්ට්‍රැක් එකක් සයින් නොකර ඉන්න තරම මීට කලින් කවුරු හරි කීවා නම් මා වුනත් විශ්වාස කරන එකක් නෑ.
    මෙහේ සාමාන්‍ය මිනිස්සු අහන දෙයක් විශේසයෙන්ම පහුගිය මැතිවරණයේදි විදේශිකයින් විතරක් නෙමෙයි අපිටත් ආර්ථික අපහසුතා තියෙනවා. අපිටත් ගේවල් නෑ ආදායම් නෑ රැකියා නෑ කියන එක. මීට කලින් හැමෝම ආණ්ඩුවේ ගෙවල් දුන්නේ, ආධාර කලේ විදේසිකයන්ට. මේ විදේශිකයෝ අහිංසක පාට් එක දැම්මට කෝටි ගණන් හොයන මිනිස්සු වෙන්නත් පුළුවන්. අපි වගේ දුප්පත් මිනිස්සු නෙමෙයි. මා පෞද්ගලිකව දන්නා ආණ්ඩුවේ නිවාස වල ඉන්න මිනිසුන් අවුරුද්දකට එක්කෙනා ගානේ සේවකයන් කියලා තම රටවල මිනිස්සු ගෙන්න ගන්නවා වීසා බලපත් හදලා. ඒත් මෙහේ ළමෙක් ඉස්කෝලෙ යනකොට, ඉස්කෝලේ කෑම බිල, පොත් වල බිල් ගෙවනන් වුනාම සල්ලි නෑ. වෙල්ෆෙයා ඉල්ලනවා. ගෙදර පාවිච්චි කරන ලයිට් බිලට ගෑස් බිලට වෙල් ෆෙයා ඉල්ලනවා. ඉතින් හිතාගන්නකෝ තරම....
    ( මේව කියන්නේ මේවා වෙනස් කරන්න නෙමෙයි මේ රටේ සේවාවන් වෙනුවෙන් දැනුවත් කිරීමක් කරන්නයි)
    මේ ඩිලාන් කියන වැඩ සටහනට සම්බන්ද වෙන කෙනෙක් හින්දා මා දන්නවා එහි වටිනාකම. කොයි තරම් ලෙඩ්ඩු පෝලිමේ හිටියත් මේ සෞඛ්‍යය සේවකයන් මේ සේවය සපයන්න ඇග්‍රිමන්ට් සයින් කරලා තියෙන භාශා පරිවර්තකයොන්ගේ මූලස්ථානයට කතා කරලා කොන්පරන්ස් කෝල් එකක් අරන් ඒ හරහා ගැලපෙන බාශා පරිවර්තකව හොයාගෙන ලෙඩාටයි, දොස්තරටයි, එතන ඉන්න තව කොන්සල්ටන්ට්ලටයි, භාශා පරිවර්තන සේවා සපයන්නාගේ මුලාස්ථානේයි එකම කොන්පරන්ස් එකට එකතු වෙන්නේ හරියට ඒ ළඟ ඉඳන්ම ලයිව් විසිට් එකක් වගේ. මේ හැම දුරකථන ඇමතුමක්ම රෙකෝඩ් වෙන නිසා භාශා පරිවර්ථක වුනත් නිවැරදිම පරිවර්තනය ලබා දිය යුතුමයි. මේ වෙනුවෙන් කැපවීම පැයක් දෙකක් වෙන්නත් පුළුවන්. මෙහේ රෝහලක එහෙම කාලයක් වැය කරන්න ලේසි පහසු නෑ.

    මේ සේවය හා සම්බන්ද වෙන රාජ්‍ය රෝහල්, පොලි ක්ලිනික් වගේ ඒවා. සමහර විට මේ ප්‍රොග්‍රෑම් එක අළුත් හින්දා නොදැන ඉන්න රෝහල් වුනත් තියෙන්න පුළුවන්. දැනුවත් කිරීමක් මගින් මේ සේවය ඉල්ලා හිටින්න පුළුවන්. අනික මේ සේවයට සම්බන්ද වෙන හැමෝගෙම පෞද්ගලිකත්වය ආරක්ශා කිරීමේ බැඳීමක් තියෙනවා. (ලෙඩාගේ විස්තර විශේසයෙන්ම.)මෙහි ඇති වටිනාකම එයට සම්බන්දවෙනකම් මටත් අවබෝධයක් තිබුනේ නෑ.

    ReplyDelete
  5. ජනතාවාදී ආණ්ඩුවක් නොවැ :)

    ReplyDelete
  6. අපෙ දොස්තරලත් තෙරෙන මෙලො මගුලක් නෙකියන එකෙ ඔක කොච්චර ලොකු දෙයක්ද

    ReplyDelete