
ඒ 2010 පේස් බුකියට ඇබ්බැහි වෙලා තිබුනු කාලේ,මම මුදල් නෝට්ටු එකතු කරන උන්ව හෙවුවා මට හම්බුනා. Numismatics අපෝ මහා භයානක වචනයක් ඔය වචනෙන් මට සුද්දෙක් දමලා ගැහුවා පේස් බුකියෙදි ඒ ගෲප් එකක්දී හැරුනු තැපෑලෙන්ම ගියා මධුර අයියා ගාවට පොර ඒකට තේරුම දුන්නේ තේරුමක් නාණක ශාස්ත්‍රය.අදටත් මට ඔය සිංහල නමේ තේරුම හම්බුනේ නෑ,පස්සේ එස් අකුර කැපුවා අගට තිබුනු මෙන්න බොලේ ආවා තේරුමක් මම දන්න කාසි විද්‍යාව, අනික් එක ටංකන විද්‍යාව, ටංකන දන්නේ නැති උනාට කාසි දන්නවා නේ.එතකොට තමා මට තේරුනේ ලෝකේ මුදල් නෝට්ටු එකතු කරන එකට කියන නම.
මම 1998 ඉදන් ලෝකේ රටරට වල මුදල් නෝට්ටු එකතු කරන්න ගත්තේ,සෑහෙන එකතුවක් මම ලග තියනවා. ලංකාවෙදි නෑයන්ගෙන් අදුනන අයගෙන් කෙදිරි ගාලා තමා පිටරටක මුදල් නෝට්ටුවක් ඉල්ල ගන්නේ,රට ඉදලා ගිය අලුත කෙනෙක්ගෙන් හිමීට වෙලාවක් බලලා අහලා බලනවා එතකොට එයාලා ගැම්මට ඒ නෝට්ටු දෙනවා,හැබැයි ගිය අලුත විතරයි එහෙම දෙන්නේ පරන උනාම දෙන්නේ නෑ කීයටවත්. ඔහොම මම හරි ආසාවෙන් ඔය විනෝදාංසෙ කරගෙන ගියා.
2001 අවුරුද්ද මගේ කලෙක්ශන් එකට එල්ල උනු ලොකුම ප්‍රහාරය සාපෙ පංති ගිහින් මොකක් හරි දේකට මගේ එක මුදල් නෝට්ටු ඇල්බම් එකක් එදා මම ලග තිබුනා,ඕක ඉල්ල ගත්තා එකෙක් බලන්න,මූ ඒකේ තිබුනු ඩොලර් 20 ට විද්දා, 20 හම්බුනෙත් නෑ ,එදා ඉදන් ඔය ඇල්බම් කිසිම එකෙක්ගේ අතකට නොදෙන ප්‍රතිපත්තියක් තියනවා,පෙන්නුවත් මගේ අතේ තියාගෙන, ස්කෝලේ යන කාලේ ගෙවල් වල තිබුනු සල්ලි කොළ මට විකුනන්න ගෙනාපු උනුත් හිටියා,,ගාන අහන්න එපා මම ඉතින් කස්ටියගෙන් සල්ලි කොළ සාධාරන මිල ගනන් වලට මිලට ගත්තා, ඔය කාලේ ලංකාවේ පරන රුපියලේ,දෙකේ,පහේ කොළ කීපයකුත් හම්බුනා ඔය මගේ ස්කෝලේ යාලුවන්ගෙන්,අපේ මලයෙක් එයාගේ ආච්චි ලග තිබුනු දෙකේ කොළයක් හොරෙන් උස්සලා ගෙනත් දුන්නා ඒ ආච්චි ලග ලංකාවේ පරන සල්ලි කොළ එකතුවක් තියනවා උන්දගෙන් ඒවා ගන්න ක්‍රමයක් නෑ,තාමත් මම ඕකට ඇහැ ගහන් ඉන්නවා.
ඔහොම යනකොට තමා මට ඔය පේස් බුකියේ මුදල් නෝට්ටු එකතු කරන්නෝ හමු උනේ, මොනා උනත් ඒ සුදු මහත්තැන්ලා මාත් එක්ක මුදල් නෝට්ටු හුවමාරු කිරීම් රාශියක් කරලා තියනවා. මේ ඊයෙත් එක්කෙනෙක් මම යවපු මහින්ද මාමගේ අස්සන තියන කොළ 6ට කොළ 10ක් එවලා, බලන්න කොච්චර හොදද කියලා, එක සැරයක් ආජින්ටිනාවේ ඉන්න මහත්තයෙක් මට එහෙ සල්ලි කොළ රාශියක් එවුවා,මමත් එයාට කොළ රාශියක් යැවුවා , ලංකාව ක්‍රිකට් ලෝක කුසලානය ගත්තට පස්සේ ගහපු 10 සමරු කාසියකුත් දුන්නා,,ඒක ගොඩක් වටිනා කාසියක් කියලා ලියලම යැවුවා.ආ තව ඇමරිකාවේ ඉන්න පිලිප්පීන් ජාතිකයෙක් එයා එක්කත් මම කීප වතාවක්ම මුදල් නෝට්ටු හුවමාරු කරලා තියනවා. ඔය විදිහට මුදල් නෝට්ටු හුවමාරු කරපු මම එක සැරයක් පකිස්තාන් කාරයෙක්ට අහු උනා, එදා ඉදන් දකුනු ආසියාවේ උන් එක්ක මම වැරදිලාවත් මුදල් නෝට්ටු මාරු කිරිල්ල කරන්නෙම නෑ,
කොහොම උනත් මේ මුදල් නෝට්ටු එකතු කිරීමෙන් මම ලොකු දැනුමක් ලබා ගත්තා ලෝකේ මුදල් නෝට්ටු ගැන,අත් කාචයක් අරගෙන ඔය කොල දිහා බලන් ඉන්න එක මරු වැඩක්,මුදල් නෝට්ටු වල රහස් සලකුනු,දිය සලකුනු එහෙම හදුනා ගැනීමේ දැනුමක් නිකන්ම ආවා,දන්නවද ලෝකේ ගොඩක් රටවල කියන්නේ විශයක්.මම හොයලා බලපු විදිහට උපාධි පවා තියනවා.අපේ රටේ නම් පැරනි මුදල් නෝට්ටු හොයන්නත් අමාරු වෙලා තියෙන්නේ,ඒත් ඉතාලිය වගේ රටවල පැරනි මුදල් නෝට්ටු ඉක්මනින් හොයා ගන්න පුලුවන්,,මම ලග ලංකාවේ පැරණි මුදල් නෝට්ටු වලට වඩා පිට රටවල පැරණි මුදල් නෝට්ටු තියනවා. ලංකාවේ පැරනි මුදල් නෝට්ටු නැති වීමට හේතු හොයා ගන්න අමාරුයි. ලෝකයේ රටවල් කීපයකම කාසි සහ මුදල් නෝට්ටු වලටම වෙන් උනු කෞතුකාගාර පවා තිබෙනවා. ඔගස්ටස් සීසර් පවා මේ විනෝදාංශෙ කලා කියලයි ඉතිහාසය කියන්නේ.
මුදල් නෝට්ටු ගැන බලනකොට හරි විහිලු මුදල් නෝට්ටු තියෙන්නේ සිම්බාබ්වේ මම ඒ ගැන මීට ඉස්සල්ලා ලියලා තියනවා මෙන්න. තවත් විශේස දෙයක් අපේ රටෙනුත් දකින්න තියනවා,මම හොයලා බලපු විදිහට ජීවතුන් අතර ඉන්න රාජ්්ය නායකයෙක්ගේ මූණ මුදල් නෝට්ටු වලට යොදන්නේ නෑ අපේ රටේ නම් ඒක කලා,මීට ඉස්සල්ලා ප්‍රේමේ සීයත් රුපියලකට එයාගේ මූණ ඔබාගෙන තියනවා.ඒ වගේම ඊයේ මට හම්බුනු මොංගෝලියා මුදල් නෝට්ටුව ඉතාමත් පොඩී, ඒ වගේ විශේස දේත් මේ මුදල් නෝට්ටු වල තියනවා.
අන්තර්ජාතිකව මුදල් නෝට්ටු හුවමාරු කරපු මම ඔන්න පොඩි ආරාධනාවක් කරන්නයි යන්නේ,ඔයාලත් මේ විනෝදාංශෙ කරනවා නම් මම කැමති හුවමාරු කරන්න.හොර බෝරු වංචා නෑ ඔන්න මුලින්ම කිවුවා,මේ වැඩේ විහිලුවට ගත්තු එකාලා වගයක් ඉන්නවා උන් දැන් මට අපහස කරලා පහල කමෙන්ට් කරයි ඒවා සතේකට ගනන් ගන්න එපා.වැඩේට කැමති අය ඉන්නවා නම් මට දැනුම් දෙන්න,,ඒ වගේම ඉතින් මට ඔයාලගේ අස්සන දාලා දිනේ දාලා ඔයාලව මතක් වෙන්න වගේ මට මුදල් නෝට්ටු එවන්න උනත් පුලුවන්, එහෙම කැමති නම් දුන්නොත් මම බාර ගන්නවා.පොඩි වටිනාකම් ඒවා තමා ලොකු වටිනාකම් ඒවා එපා,අපේ බ්ලොග් ලියන මිතුරෝ ඉන්නවා නේ නොයෙක් නොයෙක් රට වල.ඔන්න කැමති නම් මගේ එකතුව වැඩි කරන්න ඔයාලට පුලුවන්. කැමති නම් මට දැනුම් දෙන්න.එහෙනම් අදට මේ පෝස්ට් එක ඉවරයි.
මේ තියෙන්නේ ඊයේ මට හම්බුනු මුදල් නෝට්ටු කීපය ඇප්ගනිස්තානේ,බංගලිදේස්,බෙලරුසියා,මෝංගෝලියා.
හොඳ විනෝදාංශයක්... හැබැයි ඉතින් මෙයා අනිවා කවදාහරි දවසක පෙන්ෂන් ගිය ආමි කාරයෙක්ගෙන් ගුටි කනවා.... හිකිස් ;)
ReplyDeleteඅනේ යන්න මෙයා එහෙම ගුටි කනවද මම
Deleteකලින් කියන්න එපෑ බං..මං ගාවත් තියෙනවා ලෝකයේ සීඝ්රයෙන් අභාවයට යන කාසි විශේෂයක්... එයින් කිහිපයක් උඹට දෙන්න ඇහැකි... බොට පුළුවන්ද මට ඔය ඒ හැටි වටිනාකමක් නැති අර බෙන්ජමින් ලොක්කා ඉන්න නෝට්ටු කිහිපයක් මට එවන්ට..මුල් ඉලක්කම කීය උනත් කමක් නැහැ බින්දු ගාන වැඩිනං වඩාත් හොදයි...
ReplyDelete@හසී...
මොනවද බං නගේ ඔහොමත් කියන එක හොදයිද..? අනික ඕක කියන්න ඕන පැන්ෂොන් ගිය පොලිස් කාරයෙක්ගෙන් කියලා නේද..?:D
ඔන්න ඕකනේ මම දකුනු ආසියාතිකයෝ එක්ක ඔය වැඩේ කරන්න අකමැති ඔය කතාවම තමා කියන්නේ
Deleteමලු මලු.. ඒත් උදව්වක් කොළන්න විදිහක් නෑනෙ..
ReplyDeleteතැන්කෝ මචෝ
Deleteකෝ අර සුද්දංට පොලු තිබ්බ සීන් ලියලා නෑනේ! :D
ReplyDeleteඔන්න අර මම කියපු කඩා කප්පල් කාරයෙක්
Deleteමචං මමත් මාර ආස හොබි එකක් තමා . මීට අවුරුදු 15 කට කළින් විතර ඉඳන් ම මම ගාව තිබ්බා. ලංකාවෙ පරණ සල්ලි. නෝට්ටු. එතනින් එක්ක තිබ්බ කොක්කු දෙන්නෙක් ඉන්න ක්‍රීම් පාටට හුරු දහයෙ නෝට්ටුවක් ඒක කවුරුවත් පාවිච්චි කරල නැති තරමටම පිරිසිඳු එකක්. තව තව ලස්සන ඒවා තිබ්බ මම ගාව.
ReplyDeleteමම මෙහාට අවට පස්සෙ මට හම්බුන ජොබ් එක හොටෙල් එකක රූම් බෝයි. ටිප් එහෙම හම්බෙනවා එක එක රටවල් වල සල්ලි වලින්. ගොඩක් අඩු වටිනාකම් තියෙන කාසි එක එක රට වල එහෙම ගෙස්ට් ල දාල යනව. මම ඒව එකතුවක් විදිහට තියාගෙන ඉන්නව මම ආඅස කාසි වලට. මට හම්බුනු නෝට්ටු වලින් එක පාරක් හම්බුනා ඔස්ට්‍රියන් සිලින් සීයෙ කොලයක්. තව කැනේඩියන් ඩොලර් 20 ක් පවුම් 5 ඩොලර් 10 වගේ ඒවා. කාසි වලිනුත් රවුම් හැඩය තියෙන අට පට්ටම් ඒව, මැද රත්තරන් ගාපුව එක එක හැඩේ ඒවා තියෙනව.
උඹේ කලෙක්ශන් එකේ නම් එඋරො පවුම් වගේ වටින කියන ඒවත් තියෙනවා වගේ නේද?
උබේ ජොබ් එක නම් මරු මේ හොබි එකට ඇත්තටම,,සෑහෙන්න තියනවා බන් ගොඩක් රටවල,,ඔන්න උබේ බ්ලොග් එකට මමත් ඇතුල් උනා,,අදුනා ගැනීම සතුටක් බන්
Deleteමචං මගේ විනෝදාංශයක් නෙවෙයි මේක ඒත් මගේ ළඟ තියෙනවා කොංගෝ,ඝානා ඉතියෝපියානු නෝට්ටු කිහිපයක් මම ඕනෙනං දෙන්නම්. උඹ ළඟ නැහැ කියල හිතනවා ඒ රටවල එවුවා.
ReplyDeleteඋබව කන්ටැක් කර ගන්න විදිහක් කියපන්කෝ ගොඩක් ස්තූතී එහෙම උදවුවක් කරන්න අහපු එකටත්
Deleteasaranayaa@gmail.com එකට මේල් කරන්නම්. ලඟදි ලංකාවට යනවා කවුරු හරි කෙනෙක් ඉන්නවනම් මම දෙන්නම් එයාට.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteකාලයක් යනකොට හොද සල්ලියක් ඉතූරැ වෙලා පොහොසත් වෙන්න පුළුවන් වැඩක්,මම දන්න හාමුදුරැ කෙනෙක් ලග තියනවා ඇල්බම් දෙක තූනක්ම
ReplyDeleteහාමුදුරුවන්ගෙන් පොඩි හුවමාරුවක් අහන්න බෑද බන්
Deleteඔන්න ඒ වචනෙ ඉගෙනගත්තෙ අදයි. (ඉංග්‍රීසි ගුරුවරයෙක් වුනාට :D) ස්තුතියි ඩිලාන්.
ReplyDeleteසමහර යාලුවො කරන්නෙ සක්කිලි වැඩ නේ? අර $20 උස්සපු එක හෙම.
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)
කියලා වැඩක් නෑ ඩියුඩ්,, හික්ස් ඔය වගේ වචන අහන්න අඩුයි නේ
Deleteඅඩේ ඩිලාන්, මොකෝ මේ කමෙන්ට් රිප්ලයි බටන් එකක් නැත්තෙ? මට අටම්පහුරගෙන් අහන්න ඕනෙ උගෙ තරු සමය නිම වෙලාද කියලා.
ReplyDeleteඋඩ කමෙන්ට් එකත් මගෙමයි.
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)
ඔන්න දැම්මෝ
Deleteෂා නියම විනෝදාංශයක්!
ReplyDeleteමමත් පුංචි කාලේ නම් ඔය වැඩේ කළා..ඒත් පස්සේ මග අරුනා..හම්බුනොත් කියන්නම්කො හ්ම්ම් :)
හා හා හම්බුනොත් කියන්නකෝ,,එකතු කරපු ඒවට මොකෝ උනේ
Deleteමෙන්න බොට වටින ඔත්තුවක්...
ReplyDeletehttp://raigamahandiya.wordpress.com/2012/08/05/මගේ-හා-මා-දැකපු-එකතු-කිරීම/
තැන්කෝ මචෝ
Deleteඩිලාන්, මාරයා කියපු පාර ඔස්සේ ආවේ. මාත් එකතු කළා මුදල්. හැබැයි ලොකු කොළ නොවේ කාසි. මා නම් මේවා හුවමාරු කරන්නේ නැහැ. මොකද මට ඕවයේ කලින් තිබුන භාවමය වටිනාකම දැන් නැහැ.
ReplyDeleteදැන් මොකද කරන්න යන්නේ කාසි සෙට් එකට ඔන්න හසිත නම් කාසි එකතු කරනවලු
Deleteරයිගමයා කියලා තියෙන්නේ ඒ ටික විකුණන වගක්..දැන් ඒවායේ භාවමය වටිනාකමක් නැහැ කියන්නේ තන දුරටත් හුවමාරු කර ගන්න නෙවෙයි මට තේරෙන හැටියට... අහලා බලහං ගානකට ගන්න...
Deleteමේකට සිංහලෙන් කියන්නේ නාණක විද්‍යාව කියලා නේද ? මම නම් එකතු කරන්නේ හුඟක් පරණ කාසි ඒවගේමයි මුද්දර එකතු කරන එකත් සැරටම කරනවා.
ReplyDeleteමා ගාව තියෙන කාසිවලින් පරණම කාසි තමා ඕලන්ද යුගයේ නිකුත් කරපු දොයිතු කාසි දෙකක්. මෙන්න ඒවා ගැන විස්තරේ...
…
…http://eatuwawa.blogspot.com/2011/11/observation-about-dutch-duits-coins.html
හසිත ඔන්න ඒ වචනෙ තේරුම දුන්නා සිංහල වචනෙ,, පරන සල්ලි කොල නෑද
Deleteආයි එන ගමන් ඔය කොල වලින් ටිකක් අපිටත් ගෙනත් දියන් මල්ලි.. සාගතේ මේ කාලෙ...
ReplyDeleteසාගතේට ගන්න තරම් වටිනා ඒවා නෑ බන් අයියේ
Deleteමං ගාවත් තියනව පරණ කාසි සෙට් එකක්නම්.. අර VOC කියල ගහපු එක කාසියක් තියනව. තව එක එක සමරු වලට ගහපු ඒවත් තියනව. චීනෙ යුවාන් එකක්නම් මේ දැනුත් පර්ස් එකේ තියනව.
ReplyDeleteඋබ ආසානම් ඒකත් මට දියන්
Deleteමචන් මම දෑන් කොරියා වල ඉන්නෙ මට පුලුවන් won කොල එවඩ මමත් ඔය වඩෙ කරන්ව පුලුවන්නම් සුහද හුවමරුවක් කරමු.මරයට tnks වෙව අද olimpic
ReplyDeleteගෑන දාල තිබුන එකෙන් ඔයව අදුර ගත්තෙ.
මචෝ කොහොමද උබව සෙට් කර ගන්නේ
Deletemkamila15@gmail.com mail ekak dapan skype ekak dennam
Delete