
පහු ගිය දවස් වල ලෝකේ ප්‍රධාන බයිසිකල් සවාරි පැවැත් උනා,,මේ අතරින් ප්‍රංශ සවාරිය,ඉතාලි සවාරිය රූපවාහිණිය හරහා බලන්න හම්බුනා,බයිසිකල් තරග කියන්නේ මම ආසම ක්‍රීඩාවක්,ලෝකේ බයිසිකල් ධාවක ශූරයෝ කියන්නේ ඉහල ධනවතුන්,බයිසිකලේ දුප්පතාගේ කියන දේ අද වෙද්දි නෑද කොහෙද?
මම ලංකාවේ බයිසිකල් රේස් එකක් බැලුවේ 93 ලංකා සවාරිය,,ඒක අපේ ටවුම හරහා ගියා,,එතකොට මම පොඩි එකා,,පොඩි මතකයක් තියෙන්නේ,මාමලා එක්ක ගියා මාව රේස් එක බලන්න,,මොකද එයාලටත් ඔය බයිසිකල් රේස් ලෙඩේ තිබුනා,,ස්ටැන්ඩර්ඩ් වර්ගයේ රේස් පදින මට්ටමට තිබුනු බයිසිකලුත් තියාගෙන උන්නේ එයාලා,කොහොම හරි ඔය රේස් එකේ අපේ අවට කීප දෙනෙක්ම පැද්දා එයාලා ජාතික මට්ටමේ ක්‍රීඩකයෝ,අපේ ප්‍රදේශයෙන් අදටත් ජාතික මට්ටමේ ක්‍රීඩකයෝ බිහි වෙනවා බයිසිකල් අංශෙන්,මට මතක විදිහට ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරපු වසන්ත කුමාර ඔය රේස් එකේ ඉදිරි ස්ථානයක් ගත්තා එයත් වෙන්නප්පුව ආසනේ කෙනෙක්,,ඒ අතරම දංකොටුව පෝසිලේන් නියෝජනය කරපු යාපා එහෙම ඔය රේස් එකෙ කැපී පෙනුනා,
මේ රේස් එකේ කැපී පෙනුන කීප දෙනෙක්ට කාලෙකට පස්සේ ජාත්‍යන්තර තරගයක් නියෝජනය කරන්න හම්බුනා,,ඒ 94 ජපානේ හිරෝශිමා ආසියා ක්‍රීඩා උලෙළ,,මේ කාලෙකින් ලංකාව ජාත්‍යන්තර බයිසිකල් ධාවන තරග නියෝජනයක්,60 රෝම ඔලිම්පික් උලෙල නියෝජනය කරලා තියනවා මොරිස් කුමාරවේල් කියලා කෙනෙක්, 89 කමල් පාලිත ඉන්දියාවේ පැවැත් උනු ආසියානු බයිසිකල් තරගයක් නියෝජනය කරලා 07 ස්තානය අරගෙන තියනවා,කමල් පාලිතත් 90 දශකයේ මුල් බාගයේ උන්නු දක්ශ ක්‍රීඩකයෙක්.
94 රේස් එකෙන් ලංකාවට කීර්තියක් නම් නෙමේ ආවේ,ලංකාවෙන් පොදු රාජ්‍ය මන්ඩලීය පැදපු බොනිපස් පෙරේරා තමා 94 හිරෝශිමා ගිය කණ්ඩායමේ පුහුණුකරු,බොනී පනී කියලා පත්තරවල වැටුනා,බොනිත් එක්ක ක්‍රීඩකයෝ 3නා ජපානෙන් පැන්නා,මට මතක නෑ අනික් නම්, බොනිත් එක්ක පොලිසියේ වසන්ත කුමාරත් උන්නා,,වසන්ත කුමාර 93 මම බලපු ලංකා සවාරියේ දිනලා තමා මේ තරගෙට චාන්ස් එක ගත්තේ,මේක ලොකුවට ලංකාවට කළු පැල්ලමක් වැටුනා,,කාලයක් යනකන් ලංකාවේ ක්‍රීඩකයන්ට ජපානෙට වීසා නොදෙන තත්වයක් ඇති කලා මේ සිදුවීම.
ඊලගට අපේ බයිසිකල් ධාවකයෝ 3ක් පැන්නා ඉතාලියෙදි ලෝක හමුදා ක්‍රීඩා උලෙල නියෝජනය කරපු ත්‍රිවිධ හමුදා ක්‍රීඩකයෝ,ඒ 2003.
දවසක් මට මේ 3න් එක්කෙනෙක් එක්ක කතා කරන්න හම්බුනා,ඒ කෙනා තමා 2003 ලංකාවේ බයිසිකල් ධාවකයෝ අතර ඉහලම ලකුනු ගනනක් අරන් උන්නේ,එයා මට කියපු කතාව තමා මේ,මල්ලි පෙඩරේශන් එකෙන් අපිට තියෙන්නේ කැපිලි විතරයි,අපි කොච්චර හොදට රේස් පැද්දත් එයාලට ඕනා අයව විතරයි පිටරට රේස් වලට යවන්නේ,මාව ඒ වෙලාවේ හලන්න බැරි උනා,,මගෙයි ඒ වෙලේ වැඩිම පොයින්ට්ස්,මම ලංකාවෙන්මයි හිතන් ආවේ ආයේ නම් එන්නේ නෑ කියලා ලංකාවට,මට ඒ තරම්ම එපා වෙලා තිබුනේ මේ මිනිස්සුන්ගේ කැත වැඩ,හොද ක්‍රීඩකයෙක් එද්දි ඒ කෙනාව ඉස්සරහට ගැනිල්ලක් නෙමේ පෙඩරේශන් එකෙන් කරන්නේ,,පුලුවන් තරම් ඒ කෙනාව වට්ටන එක.
2004 ගුවන් හමුදා සිරස පාපැදි සවාරිය,,ලංකාවේ බයිසිකල් ධාවන තරග අලුත් පැත්තකට ගත්තා,,වටින තෑගි,මුදල් තෑගි එහෙම දෙන්න ගත්තේ මේ රේස් එකෙන්.රේස් එක අවසන් දවස ගියේ දංකොටුව හරහා,දංකොටුව පුරා සෙනග පිරෙන්න හේතුවක් උනේ,අපේ අල්ලපු ගමේ ක්‍රීඩකයෝ 03ක් රේස් එක පැදපු එක,,මේ ක්‍රීඩකයන් 03 එක්කෙනෙක් ඒ වෙනකොට ජීවත් උනේ ඉතාලියේ,,ඒ වගේම ඉතාලියේ පොඩි බයිසිකල් ක්‍රීඩා සමාජයක් නියෝජනය කලා,මෙයා පඩියට රේස් පැදපු එක කලේ ඉතාලියෙදි,කොහොම හරි තවත් ගමේ කොල්ලො 2ක් එක්ක තරගයට ගියා ගුවන් සවාරියට.
දංකොටුව හරහා යනකොට මේ 03 එක්කෙනෙක් ඉදිරියෙන් ධාවනය කලා,ඒ කෙනා 04 ස්ථානයට තරගය නිම කලා,අවස්ථාවක් හම්බුනා ගුවන් හමුදාව නියෝජනය කරන්න,ඉතාලියෙන් ගිය කෙනා නම් මගදි අනතුරක් වෙලා තරගය නිම කලේ නෑ,,ඉහල වටිනාකමින් යුක්ත රේසින්ග් බයිසිකල් කීපයක් ලංකාවට ගෙනියලා මේ ඉතාලියේ උන්නු ක්‍රීඩකයා අපේ පැත්තේ ක්‍රීඩකයෝ කීපයක් බිහි කලා,,
රුවන් ඒ අතරින් කෙනෙක්,රුවන්ගේ කාලේ පටන් ගත්තේ ලංකාවේ යුද්දේ ඉවර වෙලා එය සමරන්න පවත්වපු ජනාධිපති පාපැදි තරගය,,ඒ වෙද්දි රුවන් ගමේ ගොඩේ පොඩි පොඩි රේස් පැදලා පොඩි නමක් හදන් උන්නේ, ජනාධිපති තරගය ජයග්‍රහනය කරලා ලොකු තෑගි හම්බුනා,,මට මතක විදිහට ත්‍රීවීල් එකකුත් හම්බුනා,ලොකු මුදල් තෑග්ගකුත් හම්බුනා,රුවන්ට නාවික හමුදාව නියෝජනය කරන්න හම්බුනා මේ රේස් එක නිසා,2012 වෙනකන් රුවන් නාවික හමුදාවේ දක්ශ ක්‍රීඩකයෙක්,රුවන්ගේ ඒ දක්ශතාත් එක්ක අවාසනාවත සිදුවීමක් උනා ඒ රුවන්ගේ ජීවිත ගමන හදිසියේ නිම වීම,එක් අවස්ථාවකදි දකුනු ආසියානු රටකදි රුවන්ට තහනම් උත්තේජක වරදක් වැටිලා රුවන්ට ජාත්‍යන්තර තරග තහනමක් වැටුනා,රුවන් මියගියේ මේ තහනම් උත්තේජන අධිකව භාවිතා කරලා කියලා කට කතාවක් ගියා,ඒත් ඩෙංගු නිසා කියලත් ප්‍රචාරක් ගියා,රුවන්ගේ වකුගඩු වලට අධික හානියක් වෙල තිබුනු කියලත් කට කතාවක් ගියා,අවාසනාවට ලංකාවෙන් බිහි උනු දක්ශයෙක් ඉතා අඩු වයසකදී ජීවිතෙන් සමු ගත්තා,හේතුව තහනම් උත්තේජක නම් ඒකට වගකියන්නේ කවුද දන්නේ නෑ,
පහු ගිය කාලේ ලංකාවෙ ක්‍රීඩකයෝ විශාල ප්‍රමානයක් තහනම් උත්තේජක චෝදනා වලට අහු උනා,ජාත්‍යන්තර තරග වලදි,මට රුවන්ල එක්ක පැදපු ක්‍රීඩකයෙක් කිවුව කතාවක් මේක,,රේස් එක පැදින්න අරන් ටිකකින් ටැබ්ලට් එක ගන්නේ පස්සේ ඉතින් රුවා තනිකර මී හරකා වගේ ඔලුව පාත් කරන් එකම පැදිල්ල රේස් එක ඉවර උනාමත් රුවා හරි වෙනස්ටික වෙලාවක් යනකන්,අනේ මන්දා මේ කතා නම්.
මමත් බයිසිකල් රේස් වලට ආසා කොලුවා නේ,,ඉතින් මම ස්කෝලෙ ගියේ බයිසිකලෙන්,,,ගමන බිමන කොයි වෙලාවෙන් බයිසිකලෙන්,පුලුවන් තරම් වේගයක් ගන්නවා ඕක පදිනකොට,,,මොකද මටත් බයිසිකල් රේස් පැදීමේ ලෙඩක් හැදීගෙන ආවේ,මගේ බයිසිකල් ලෝකේ වීරයෙක් උනු ඉතාලියේ මාර්කෝ පන්තානි මිනිහා කදු බැස්මකදි පැයට කිලෝමීටර 120 විතර වේගයක් අරන් තියනවලු,,කොහොමද වේගේ,පන්තානි නම් 2004 මලා,කුඩු ගහලම,පීනන්න සල්ලි හම්බෙනකොට මිනිස්සුන්ට වෙන ලෙඩ වැඩි වෙනවා නේ,ආ මමත් ඔන්න දවසක් පල්ලමකදී මගේ ඉහලම වේගේ ගන්න උත්සහ කලා දවසක්,දැන් මම යනවා කුරුල්ලා වගේ නිකන් පාවෙනවා වගේ ඒ තරම් ස්පීඩ්,ඔහොම යද්දී මට නිකන් දැනුනා මම බයිසිකලේ නෙමේ ඉන්නේ වගේ,,හැඩල් එකකුත් නෑ,එතකොටත් පරක්කු වැඩී මගේ මූන පතිත උනා මහ පොලවට,,ප්ලේන් එකක් වගේ නිකන් බිම දිගේ මාව ඇදීලා ගියා,,,ඒ එක්කම බයිසිකලෙත් මගේ පිට උඩ වැටිලා නැවතුනා,පස්සෙන් ආපු යාලුවා ලගට ඇවිල්ලා කතා කරනකන් මට මොනා උනාද කියලා හොයා ගන්න බැරි වෙලා තිබුනේ,පොර මාව ඉස්සුවා,,මගේ මූන කට නෑ වගේ මට දැනුනේ,,හොම්බ එහෙම නෑ වගේ,,අත ගාලා බලද්දි ලේ පිරුනා අතේ,,,හොම්බ නේ මුලින්ම බිමට පතිත උනේ,බලද්දි හොදටම තුවාල,,බිම දිගේ ඇදිලා ගිහින් අත පය එහෙම හොදට තුවාල වෙලා තදටම සීරුම්,කොහොම හරි බයිසිකලේ අහල ගෙදරකින් දාලා යාලුවා මාව බේත් දාන්න ගෙනිච්චා,,,ගෙදර ඇවිත් කන්නාඩියක් ලගට ගිහාමයි දැක්කේ ඉස්සරහා දතෙන් කෑල්ලක් අඩුයි කියලා,ඔන්න ඔතනින්ම මගේ බයිසිකල් ධාවන ලෙඩෙත් හොද උනා,,,අපරාදේ ඕක නොවෙන්න මේ වෙනකොට මමත් දක්ශ පාපැදි ධාවකයෙක්...
(යම් තොරතුරු ගූගල් හරහා හොයා ගත්තේ)
පව් පොඩි එකා
ReplyDeleteඒක නේ ඇනෝ
Deleteමං හිතන්නේ ඩිලා උඹ එදා ශබ්දයේ වේගය ඉක්මවලා තියෙනවා... අපරාදේ වැඩේ අල්ලලා දැම්මේ... තව ටිකක් පැද්දනං ගොඩ... :D
ReplyDeleteදැන් තමා මාරයියේ තේරෙන්නේ,,ප්‍රැක්ටිස් පටන් ගත්තා විතරයි
Deleteඉතින් මූණේ ඒ කැළැල් තාමත් තියෙනවද?
ReplyDeleteඔය රටින් පනින කාලකන්නි කරන්නේ අපි ඔක්කොටම හතුරුකමක්. වීසා ගන්න ගියාම තමයි ඕකුන් කරපු අපරාධ වල රඟ තේරෙන්නේ.
හැම වෙලේම මෙහෙම කියන්න බෑ මචන්, මම මේ ෆීල්ඩ් එකේ රස්සාවක් කරන නිසා මට හිතෙන්නේ ඒක සාපෙක්ශයි කියලා.
Deleteමට හමු වෙලා තියෙන ආටිස්ට්ලා, ප්‍රොෆෙසනල් ස්පෝට්මන්ස්ලා එක්ක බැලුවම අපේ වගේ රටක අයට වෙන රටක ගිහින් සෙල්ලම් කරන්න තරම් කන්ෆිඩන්ස් නෑ. ඩිලාන් කීවා වගේ කැපිලි ගොඩයි. ඉතින් ප්‍රොෆෙසනල් ස්පෝට්මන්ලාගේ හා බෝහෝ අයගේ ලාස්ට් ඒම් එක වෙන රටකට පැනලා හොඳ ජීවිතයක් ගතකරන එක. අනික ඊටත් වඩා ඒ අයව ඒකට පොළඹවන අය වැඩියි. හීන දීලා. ලොකු කතා කියලා.
වීසා ගන්න ගියාම ඔය පනින එවුන් ගැන විතරක නෙමෙයි රටක බලයේ ඉන්න ආණ්ඩුව ගැනත් විමසිලිමත් වෙනවා. පනින්න අදහසක් තියා හීනෙයකවත් නැති මිනිස්සුන්වත් සැක කරනවා. ඒ හැමදේම විකුණලා රටකට පනින්න අපේ මිනිස්සු ලෑස්ති නිසා. අපි නම් ඒකට කියන්නේ අම්මා තාත්තා පවා විකුණලා වීසා හදාගන්නවා කියලා.
ඔය මහ ලොකු ක්‍රීඩාවට හැර අනිත් ක්‍රීඩා වලට තියෙන්නෙ කුඩම්මාගේ සැලකිල්ල.
Deleteමම නම් කියන්නෙ එම ක්‍රීඩකයො හොද රටකට ගියාම පැනල ගානක් හොයා ගන්න එක හොදයි.
ලක්ෂ ගණන් අරන් තමන්ගෙ සෙකට්‍රිල කියල ඇමතියො කට්ටිය හලල යන්නෙ.
වීසා කේස් එකට බලපාන්නෙ ක්‍රීඩකයො පනින එක නෙමේ,ජරා පාලකයො නිසා ලංකාව පිළිබද ලෝකයා දරන මතයයි.
මට කියන්න ඕනේ උනෙත් ඒකමයි කෙන්ජි. ඔය දුප්පත් ක්‍රීඩකයෙක්, හෝ ආටිස්ට් කෙනෙක් ගැන මහ ලොකුවට වොරි වෙන එකේ තේරුමක් නෑ. එහෙම නොවෙන තරම්. අර කීවා වගේ ඔය මිනිස්ටර්ස්ලාගේ ඩී පී එල් අයගේ කෙරුවාව ඇහුවමයි වීසා නෙමෙයි ඇඳුම් ගැලෙව්වා වගේ දැනෙන්නේ.
Delete@ඩූඩ් -කැලැල් නම් නෑ ඉස්සරහා දතෙන් භාගයක් නෑ :D ක්‍රිකට් වලට විතරයි අපේ රටේ තැනක් තියෙන්නේ,,,අනික් ක්‍රීඩකයෝ සේරම අනාථයි,,ඉතින් ඒ මිනිස්සු චාන්ස් එකක් ලැබුනු ගමන් පනිනවා,,යුරෝප් ටුවර් එන්නෙත් කලාතුරකින් නේ
Delete@බූරුබබා -ඔයා කියන එක හරියටම හරි,,,ක්‍රීඩකයන්ට වඩා රජයේ ඇමති වරු හලලා යනවා රොත්ත පිටින් අරන් ඇවිත්,,එනවා 20ක් විතර ආයේ යන්නේ 05 යි
Delete@කෙන්ජි- ජපානෙට පටවන තරමක් පටවන්නේ ඔය දේශපාලකයෝ නේද,,අනික් කස්ටිය තමා සිවුරු පොරෝ ගත්තු බිස්නස් කාරයෝ
ආ එහෙනං ඒකයි මේ ඉස්සරහ දතේ කතාව. මමත් මුලින්ම සොකට් බයිසිකලයක් ගත්තෙ සීදූවෙ තියන ජපානෙ පැදපු බයිසිකල් ගෙන්නන තැනකින්.. ඒකෙන් මීටරේකුත් හයි කරල දුන්න ඩිජිටල් මීඨරයක්.. ඉතිං පල්ලම් වල දාගෙන පදිනව. මොකද ඒකෙ වැටෙනව පැදපු උපරිම වේගෙ. ඒ කාලෙ මම 45 ට ගියා මතකයි.. ඊට එහානං ගිහින් නෑ. අපේ පැත්තෙ හිටිය රේසින් මංජු කියල මුලින් ස්ටෑන්ඩර්ඩ් පැදල පස්සෙ රේසින් ඉවෙන්ට් (චේන්ජර් බයික් කියන්නෙ) එක පැදපු කෙනෙක්. මිනිහත් හිරේ ගියා මොකක් හරි කේස් එකකට. කුඩු ද මංද. පස්සෙ ආයෙ එලියට ආවත් රේස් පැද්දෙ නෑ.
ReplyDeleteසිහින පුරෝපු දත ආයේ කැඩුනා වැටිලා,,,ඒකයි දත් භාගෙ තියන් ඉන්නේ,,,,බයිසිකල් පැදිල්ල මරු
Deleteඅපේ තාත්තාලටත් හොඳ බයිසිකල් පිස්සුවක් තිබිලා තියනවා. යාළුවොත් එක්ක බයිසිකල් වල ලංකාව වටේ රවුම් ගහලා තියනවා.
ReplyDeleteතහනම් උත්තේජක කියන්නේ, ලාන්ස් ආම්ස්ට්‍රෝං වත් ඕකට අහුවුනානේ.
දැන් ඔය වැටිලා විකෘති වුන මූන ආයේ ප්‍රකෘති කරගත්තද? :) මාත් බයිසිකලේ වැඩ දාන්න ගිහිල්ලා වැටිලා අනන්තවත් තුවාල කරගෙන තියනවා.
ලාන්ස් ආම්ස්ටෝංගේ ප්‍රංශ සවාරියේ ජයග්රහන 07 කැන්සල් උනා, කොහොමත් ජාඇල ඉදන් හලාවතට යනකන මුහුදු තීරේ සංගීතේ වගේ තියන අනික් ලෙඩක් තමා ඔය බයිසිකල් රේස් පැදිල්ලත්,,ඉතාලියෙන් පැනපු 03 මීගමුව අවට ගිහාන් සහෝදරතුමා
Deleteමූන නම් අවුලක් නෑ ඉස්සරහා දතෙන් භාගයයි තියෙන්නේ :D
ෆන්තානි ගැන කීව හින්දාමයි කොමන්ට් එකක් දාන්න ආවේ.
ReplyDeleteඒත් අමතක වුනානේ.
මම ප්‍රොෆෙසනල් ස්පෝට්ස්මන්ලව දැකලා තියෙනවා. අර ක්‍රීඩා කරල දිනපු ගමන්ම හුරේ දාන අපි උන්ට පොඩි ගේම් එකක් මිස් වුනත් ඒකට සමාව දෙන්නේ නෑ.
සල්ලි හොයන්න කියාපු ක්‍රීඩාවක් වුනත්, කොයි තරම් සල්ලි ලැබුනත් සතුට අපි ළඟින් නැතිව යන අවස්ථා ඕනේ තරම්. අපි බොහොම පොඩි මිනිස්සු හින්දා ඒක දරාගන්න පුළුවන් වුනාට අර වගේ රටේම මිනිසුන්ගේ බලාපොරොත්තු කියන්නේ දරාගන්න අමාරු දෙයක්. එතකොට අපි වුනත් විකල්ප හොයයි. බොහෝ අය ඩ්‍රග්ස් වලට ලංවෙන්නේ සල්ලි තියෙන හින්දා නෙමෙයි. අර කඩා වැටීම් වලදි මෝරල් එක අප් කරගන්න වෙන්න ඕනේ. මේ බොහොම චූටි කෙනෙක් වෙන මටත් එහෙම හිතෙන අවස්ථා තියෙන කොට ෆන්තානිලා ගැන මොන කතාද මල්ලි. අර රත්තරන් පුටුවක ෆන්තානිව තියපු අපිමයි එයා බල්ලෙක් වගේ අසරණ වෙලා ඉන්දෙද්දි එයා ගැන හෙව්වේ නැත්තේ. අනික ෆන්තානි විතරක් නෙමෙයි හැම කෙනෙක්වම චිපොල්ලීනි වුනත් සැකයට භාජනය වුනා. ඒක මේ ඔයායි මායි විතරක් දකින එකක් නෙමෙයිනේ. එහෙම වුනාම අපි කොයි තරම් නම් බනිනවද?
මම දන්නේ නෑ. ඒත් මට නම් ෆන්තානි ඩ්‍රග්ස් ගත්ත එක වැරදියි කියන්න බෑ. ඒත් එයා බල්ලෙක් වගේ අසරණ වුන එක ගැන මම ගැනම දුකක් තියෙනවා. ඒ මම වුනත් ඒ වගේ අයගෙන් බලාපොරොත්තු වෙන දේවල් වැඩි නිසා.
පන්තානි ලෝකෙට බිහි උනු දක්ශ බයිසිකල්කරුවෙක්,,ඒත් ඒකෙන් මිනිහා ප්‍රයෝජනයක් ගත්තේ නෑ,,මිනිහගේ හොදම කාලෙදි මිනිහා ඉක්මනින්ම පස්සට ගියා,ඔයා කිවුවා වගේ ප්‍රශ්න බලපාන්න ඇති,අවසානෙදි කාත් කවුරුත් නැති එකෙක් වගේ මූදක් අයිනේ මැරිලා උන්නා,,පොඩි කාමරේක..97 ප්‍රංශ සවාරිය දිනපු එකට ඩොපිං කේස් එකක් පටලවන්න හදනවා ඒ පාර,,,පන්තානිගේ අම්මා කියලා තියනවා දැන් ඇති මගේ පුතාව තවත් මරා දැමිල්ල කියලා
Deleteමොරිස් කුමාරවෙල්ට, ඇන්තනි සීමන්ස්ට, වතුර ගැහුවා මට තවම හොඳට මතකයි. 1966 - 67 කාලේ. අපි පාසල් ශිෂ්‍යයෝ ඒ කාලේ. කාපට්වත් නැති පාරවල් (කොළඹ - නුවර) වල ඒ කාලේ කොහොම පැද්දාද මන්දා. හැබැයි සෙනග දහස් ගානක් පිරිලා හිටියා පාර දෙපැත්තේ. රේස් එක දැන් කොයි හරියේද කියලා පොලිස් පණිවිඩ වලින් දැනගත්තේ. ඒ කාලේ කොහෙන්ද 'ජංගම පෝන් හෙවත් මොබයිල් දුරකථන' :D
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
විචාරක මම අහලා තියෙන්නේ මොරිස් ලෝක මට්ටමේ දක්ශතා තිබුනු කෙනෙක් කියලා,,,ඒකනේ ඔලිම්පික් ගියේ,,ඊට පස්සේ ලxකාවෙන් බයිසිකල් වලට ඔලිම්පික් ගිහින් නෑ,,විචාරක මම මෑතක දැක්කා කැලනි ටයර් සංස්තාව නියෝජනය කරපු සුමනවීර කඩුගන්නාව කන්ද නග්ගනවා,,,සෑහෙන්න වයසයි එයාට,,,ඒත් බලන්න වයසටත් ගියත් තියන හයිය,,සුමනවීරව මතක ඇති විචාරකට,,,මොරිස්,ඇනතනීලට පස්සේ 70-80 මම හිතන්නේ
Deleteසුමනවීර ඛනිජ තෙල් සංස්ථාවේ තමයි වැඩ කලේ. කැළණි ටයර් අනුග්‍රහය දක්වන්න ඇති මගේ හිතේ.
Deletehttp://blackcatmcg.blogspot.com/
ReplyDeleteඔව් ඔව් නෑත්තන් ලොකසුරයෙක් වෙන්න තිබුන සුවර් එකට.බයිසිකලෙටත් ඉස්සරහින් නෙ ගිහින් තියෙන්නෙ.මගෙ මලයෙක් ඉන්නව ඉතලියෙ.පොර බලාගන්න සියා ඉස්සර ඉතලියෙ සයිකල් සුරයලු
ReplyDeleteඉතාලියේ ගොඩක් බයිසිකල් ශූරයෝ ඉන්නවා
Deleteඑහෙනම් ඕකයි දතට උනේ...
ReplyDeleteඅපේ අයියාටත් ඔය බයිසිකල් පිස්සුව තියෙනවා...
ඒක නේන්නම්
Deleteමම පොඩි කාලේ රිම් එක තල්ලුකරන්නේ(ඒකට කියන්නේ පදිනවා කියලා.)මොරිස් කුමාරවේල් කියලා හිතාගෙන.සිමන්ස්,සුමනවීර.ඇහලියගොඩ සුගතේ ඒ කාලේ මගේ වීරයෝ.කාන්තා අංශයේ වසන්තා තමයි සයිකල් රැජින.අතීතයට අරන් ගිය පෝස්ට් එකක්.මම දැන් බ්රැඩ්ලි විගින්ස්ට කැමතියි.
ReplyDeleteරිම් එක තමා මගෙත් පලවෙනිස් බයිසිකලේ,වසන්තා ගැන අහලා තියනවා,,,,,බ්‍රැඩිලි විගින්ස් මිනිස්සුන්ව පිස්සු වට්ටන ක්‍රීඩකයෙක්
Deleteදවස් 6 ක බයිසිකල් රේස් ගැන අහලා තියෙනවා ද? ඒවා පැවැත්වෙන්නෙ රාත්‍රියට. ඉතාලියේ එවැනි රේස් එකකට සහභාගී වූ මගේ ඥාති පුත්‍රයෙක් ගැන මේ ඉතාලි පත්‍රයේ පළ වූ වාර්තාවක්; එහි මොනවා ලියලා තියෙනවා දැයි හැබැයි මම දන්නෙ නැහැ. ඊ ළඟ වසරේ දී තරඟය නරඹන්න යන්න කැමති නම් මට දන්වන්න, පුතා මාර්ගයෙන් බයිසිකල් පදින අය එක්ක ගැවසෙන්න අවස්ථාවක් හදා දෙන්න සමහර විට පුළුවන් වේවි.
ReplyDeletehttp://instagram.com/p/cYhpwLrGRp/
මට මතකයි අරුනි අක්කා ඥාති පුත්‍රයා ගැන ලියපු ලිපියක්,,ප්‍රංශ සවාරියට සහභාගි වීමක් ගැන ලිවුවේ මතක විදිහට,,,රෑ රේස් අහලා තියනවා දැකලා නම් නෑ,,,බලමු චාන්ස් එකක් ගන්න එහෙනම්
Deleteඡේද ටිකක් වෙන් කරමුකෝ ලොකු මහත්තයා. කියන්න අමාරුයි ටිකක්
ReplyDeleteකම්මැලියෝ ජේද කඩන්න
DeleteHigh speed Dilan..
ReplyDeleteසික් අපරාදේ හොම්බ තලුනේ නැත්තම් අතවත් දක්ස පාපැදි ශූරයෙක් ...කරුමෙක මහත
ReplyDeletehttp://anthanisimans.blogspot.com/
ReplyDeleteමෙම වෙබ් අඩවිය සකස් කරන්න ඔයාල දන්න තොරතුරු පොටෝ මට එවන්න
http://anthanisimans.blogspot.com/
ReplyDeleteමෙම වෙබ් අඩවිය සකස් කරන්න ඔයාල දන්න තොරතුරු පොටෝ මට එවන්න