
අපේ රටෙන් යුරෝපා වෙළදපොලට පැමිනෙන ප්‍රධාන මාළු වර්ග කීපයක් ඉන්නවා කෙලවල්ලා, සප්පරු ඊට අමතරව කොරල් පර මාලු විදිහට ගරුප, ගල් කොස්සා, ලවයා ඒ අතරිනුත් කෙලවල්ලා තමා බහුතරවම අපනයනය වෙන්නෙ,මේ බහුතර කෙලවල්ලා මාළු අපනයනය. යුරෝපයට දෙවනියට වැඩිම මාළු සපයීම අපේ රටෙන්, මගේ හිතවත් මීගමු ප්‍රදේශයේ මූදු යන හිතවතෙක් කිවුවෙ ඔවුන් බහුදින යාත්‍රා වලින් කිලෝ1500 ට වඩා කෙලවල්ලන් අල්ලනවා කියලා,ඒ මාලු සියල්ලම අපනයනයට බාර දෙනවා කියලයි ඔහු පැවසුවේ, හිතා ගන්න පුලුවන් නේ එතකොට අපේ රටෙන් පිට වෙන මාළු ප්‍රමානය.

අපිට ඇයි මාළු අපනයනයට තහංචි වැටෙන්නේ, ඒ අපේ රටෙන් මේ වෙද්දී සිදු වෙන්නේ නීති විරෝධී ධීවර කර්මාන්තයක්, ප්‍රධාන වශයෙන් ධීවර යාත්‍රාව චන්ද්‍රිකා තාක්ශනය භාවිත කලයුතුයි අපි දන්න විදිහට ජීපීඑස් තාක්ශනය භාවිත කරන්න ඕනා, එම තාක්ශනය ධීවර කර්මාන්තයේ හදුන්වන්නෙ VMS තාක්ශනය කියලා, ඒකෙන් ඒ යාත්‍රාව සාගරයේ කොහෙද තියෙන්නේ කියන එක හොයා ගන්න පුලුවන්, ඊට අමතරව බහුදින යාත්‍රා ලොග් පොතක් භාවිත කරන්න ඕනා, ඒකේ අල්ලන මාලු ගැන සියලුම තොරතුරු ලියන්න ඕනා, එය මාලු අපනයනය එක්ක යැවිය යුතුයි, අපේ අය කරන්නේ බොරු ලොග් පොත් හදා යැවීම, ඔයාලට මතක ඇති සුනාමියෙන් පස්සෙ අපිට ජී එස් පී + බදු සහනය ලැබුනා, එය මාළු අපනයනයටත් අදාල උනා,ඒත් ඒ සහනය අපේ ධීවරයට ලැබුනෙ නෑ, අතර මැදියන්ට මිසක්, අපේ රටේ බලධාරීන් හිතන් ඉන්නේ යුරෝපා බලධාරීන් මේ දේවල් නොදන්නවා කියලා ඒත් මේ දේවල් සියල්ල ඔවුන් නිරීක්ශනය කරනවා.
ඉහත කියපු දේට අමතරව ඉතාමත් කැත වැඩකුත් සිදු වෙනවා අපේ දේශපාලුවෝ කියන නරකාදී පිරිසත් එකතු වෙලා, ඒ ශ්‍රී ලංකා කොඩිය යටතේ රහසින් චීන, ජපන් විශාල නැව් අපේ රටේ සහ ජාත්‍යන්තර මුහුදේ නීති විරෝධී විදිහට මාළු අල්ලා ලංකාවට ගෙනවිත් මේඩ් ඉන් ශ්‍රී ලංකා නාමය යටතේ යුරෝපයට මාළු යැවීම, මේ යාත්‍රා වලට ධීවර අමාත්‍යංශෙන් අවසරය දීලා පුරාජේරු ගහනවා අපේ රටට විශාල විදේශ විනිමයක් එනවා කියලා,, ඒත් වෙන්නෙ ඒකේ අනික් පැත්ත, තක්කඩි දේශපාලකයන්ගේ සාක්කුවට ගාන නම් වැටෙනවා, මේ කැත වැඩ පටන් ගත්තු එකා නම් ඒවා කාලා ඇදේ තාමත් පව් ගෙවන බවත් ඔයාලා දන්නවා ඇති, දැන් එකා තමා මේ සෙල්ලම් දාන්නේ ඌටත් ගෙවන්න වේවි මේ රටට කරන දේවල් වලට, තව කවුරු කවුරු ඉන්නවද දන්නෙ නෑ මේ අස්සෙන්.
මේ විශාල යාත්‍රා වලින් මාළු ඇල්ලීම සිදු කරන්නේ ලෝකයේ තහනම් මාළු ඇල්ලීමක් වෙන පර්ස් නෙට් පන්නය කියන ක්‍රමය, සිංහලෙන් හැබිලි දැල කියන්නේ මේකට,,ඒකෙන් පලාතකම ඉන්න මාළු පැටියගේ ඉදන් විශාල එකා දක්වා හැම එකාම අහු වෙනවා.
මෙතන වෙන අනික් දේ තමා,,මේ නැව් විසින් අපේ රටේ අපනයන කරුවන්ට අඩු මිලට මාළු සැපයීම,,ඒ නිසා අපේ රටේ කුඩා යාත්‍රා කරුවන්ගේ මාළුන්ට දෙවන තැන හම්බෙන්නේ.අනෙක් දේ තමා යම් තහනම් මාළු වර්ගත් මේ නැව් වලින් අල්ලනවා,,ඒ අතර කෙන්දා කියන කෙලවල්ලන් වර්ගයත් ඉන්නවා,ඇස් ගෙඩි කෙලවල්ලා යන නමින් හදුන්වන්නෙත් මේ කෙන්දව,මේ කෙන්ද ලෝකෙන් වදවීමේ තර්ජනයට ලක් උනු මාළුවෙක් එවැනි මාලු අපනයනයෙදි කෙන්දට අදාල විස්තරයක් අඩංගු පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න ඕනා,,ඒක හදුන්වන්නේ අයි කැට් නමින්,දැනට සප්පරුවා සදහා මේ ලියවිල්ල අපනයනයෙදි ඉදිරිපත් කරනවා නමුත් කෙන්දා අපනයනය සිදු වන්නේ කෙලවල්ලා විදිහට ඉතින් අර ලියවිල්ල යැවෙන්නෙ නෑ.

දැන් මේ දේවල් යුරෝපයට ලීක් වෙලා තියෙන්නේ,ඉතින් යුරෝපෙන් 2012 දී අපිට මේ වැරදි හදා ගන්න ඕනා කියලා යෙලෝ කාඩ් දෙනවා,,අපේ රටෙන් ඒවා සතේකට ගනන් ගත්තෙ නෑ,,දැන් රෙඩ් කාඩ් ඇවිල්ලා තියෙන්නේ මාස 3ක් කල් දීලා.ඉදිරිය මොනා වේවිද කියලා හිතා ගන්න පුලුවන් නේ.යුරෝපා සංගමෙන් බලාපොරොත්තු වන්නේ අපේ රටට අයිති සාගර කලාපයේ අපේ රටේ යාත්‍රා වලින් නීත්‍යානුකූලව අල්ලන මාළු මිලදී ගන්න,ඒත් මේ වෙනකොට චීන්නු අපේ රටේ මාළුත් සූරන් කනවා.
පහු ගිය දවස්වල අපේ රට කන දේශපාලුවෝ ලොකු කතා නම් කියනවා ඔයාලට ඇහෙන්න ඇති අපේ මාළු ගන්න රුසියාව,චීනෙ ඉන්නවා කියලා,ඇත්ත යම් මාකට් එකක් එහෙත් තියනවා,නමුත් ඒ රටවල් සමග අපේ අපනයනකරුවෝ බිස්නස් කරන්න බයයි,මොකද උන් පල් හොරු නිසා,බොරුකාරයන් නිසා,යුරෝපා වෙළදපොල වගේ ස්තීර නැති නිසා.
අපේ රටේ දේශපාලකයෝ බලධාරීන් මේ ප්රශ්නය ගනන් අරන් ඉන්නෙ ඉතා සැහැල්ලු මට්ටමකින්,නමුත් යුරෝපා සංගමේට තියෙන්නේ උත්තර දෙකයි Yes හෝ No ඒ මැද උත්තර නෑ,ආන්ඩුව හිතන් ඉන්නේ අතරමැද උත්තරයක්,එහෙම නැත්නම් ලංකා මාළු අපනයන සංගමෙන් මේ ප්‍රශ්නෙ ගොඩ දාගත්තොත් ඕං අපි ඒකත් ගොඩ දැම්මා කියලා ඒ අකවුන්ට් එක දේශපාලකයන්ගේ පැත්තට දාගන්න. මොකද මේ වෙනකොටත් අපනයන සංගමෙන් යුරෝපේ දහ අතේ දුවනවා මේ ප්‍රශ්නෙ විසදන්න හෝ වැරදි හදා ගන්න තව කල් ගන්න.
අපේ රට යුරෝපේ දෙවනියට ලොකුම මාළු අපනයන කරුවා උනේ පොඩි කාලෙකින් නෙමේ,ඒත් පොඩි කාලෙකින් ඒ කීර්තිය අපේ රටේ දේශපාලකයෝ නැති කලා.මම ඉස්සල්ලා පෝස්ට් එකේ කියන්න ඇති මම මේඩ් ඉන් ශ්‍රී ලංකා යටතේ මොන තරම් ටූනා මාලු නොහොත් කෙලවල්ලන් ඉතාලියෙ කුඩා අවන්හල් වල්දී දැක්කද කියලා, මා වැඩ කරපු තැන්වලට ආවෙම අපේ රටේ කෙලවල්ලා,ඒ ඉතා රසවත් වගේම ප්‍රමිතියට ඒ මාළුන් සිටි නිසා,නමුත් මේ යන විදිහට ඉදිරියෙදි අපේ කෙලවල්ලට කුමක් වේවිද?අනෙක් දේ මේ සෑම දේකින්ම තැලෙන්නේ අහින්සක ධීවරයින් මිස වෙන කවුරුත් නෙමේ.මේ ධීවරයින්ට තාක්ශනය සපයන එක ලොකු දෙයක් නෙමේ,ඒවා සපයා ඔවුන්ට හුරු කල යුතුයි.
එහෙනම් බලමු ඉදිරි මාස 3න් පසු කුමක් සිදු වේද කියා..
ඔබට යම් වැරදිමක් වෙලා තියෙනවා . අස් ගෙඩි කෙළවල්ලා යනු Big eye Tuna - Thunnaus obesus යනු කෙන්දා නොවේ . කෙන්දා යනු yelow fin tuna - Thunnus Albacares වේ 'anal fin හා උඩින් dorsal finlets පටන් ගන්න තැනම ආරම්බක වරල් ඉතා දිගි කහ පැහැති කාටිලේජීය කිරණ (rays) වලින් යුක්තයි. ඒක කෙන්දක් ලෙස පෙනෙන හින්දයි මොවුන්ව කෙන්දා කිවා හඳන්වන්නේ
ReplyDeleteMamath hithanne,udara hari kiyala,
ReplyDeletehttp://www.fisheriesdept.gov.lk/fisheries_beta/index.php/common-commercial-fish-types-of-sri-lanka
ReplyDeleteඋදාර සහ ඇනෝ මේක පොඩ්ඩක් බලන්න
ඔබ අසන දෙයට පිළිතුරු එම වෙබ් පිටුවේම තියෙනවා. ඔවුන් කෙලවල්ලා කියා හඳුන්වා දී තිබෙන්නේ
ReplyDeleteThunnus albacares yellowfin tuna වේ. නමුත් කෙන්දා ලෙස හඳන්වා ඇති Thunnus abesus ඊට ඉහළින් ඇති මාළුන්ගේ පින්තූරවල කෙලවල්ලා ලෙස හඳන්වා ඇත්තේ Thunnus albercares වේ. නමුත් ඕනෑව සෙවුම් යන්ත්‍රයකින් සොයා බලන්න සිංහල නාමය නොව විශේෂ නාමය යොදා මා කිව් ආකාරයට දිගට වැඩුන කෙන්දක් වැනි ව්‍යුහයක් දක්නට ලැබෙන්නේ Thunnus albacares මිස Thunnus abesus හි නොවේ .මොවුන් පින්තූර යොදා මාළුවා හඳුන්වා දෙනවා නම් මේ ගැටළුව හඳුනාගෙන විසඳා ගත හැකි වනු ඇත. මොවුන්ගේ තොරතුරු මූලාශ්‍රය වනුයේ සංඛ්‍යාලේඛන අංශය මිස නාරා ආයතනය නොවේ. ඔවුන් කරන දෙයින් වෙන්නේ වෙබ් අඩවියේ සඳහන් කරුණුවල විශ්වාසනියත්වය නැතිව යාම පමණයි. තව දෙයක් තියෙනවා. යුරෝපා රටවල් ඉන්දියන් සාගරයේ කුඩා රටවල ධිවර අයිතින් මිලයට ගෙන පවරාගෙන එහි සම්පත් භුක්ති විඳිනවා. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?
ඉටලි ඩිලාන් අලුත්ම ප්රවේෂයකින්!
ReplyDeleteදැනුවත් කරනවට තුති!!
කෙලවල්ලා මාලු ගොඩක් ගුණයිලු නේද?
ReplyDeleteThis massage for make aware of my new blog I Suppose it may be help full for your business some time. specially i maintain this blog with updating prices of seafoofs that changing daily so invite to you come and discover freshness
DeleteURL - http://negomboseafood.blogspot.com/
thank you
B.M FERNANDO
(FRESH SEAFOOD SELLER IN LELLAMA ,PITIPANA ,NEGOMBO.)
මේ සාකච්ඡාවට අවශ්‍යම තව කෙනෙක් තමයි ඕනයා.
ReplyDeleteඕනයා ගිය ආත්මේ මාලුවෙක්ද කොහෙද.....
Deleteමේ ෆොටෝවල ඉන්න එවුන්ගේ නම් ඉංග්‍රීසියෙනුත් දාන්න බැරිද....සප්පරු කියන්නේ කොප්පරු කියන එකාටමද...
ReplyDeleteමාළු මාළු මාළු.....
ReplyDeleteඔහොම තමයි බං, හැමතනම එක එක දේවල් වෙනවා.
මටත් හිතෙන්නේ අර "සප්පරු" කියල නම දාල තියෙන එකා ගොඩක් දුරට හැඩයෙන් සමාන වෙන්නේ "තලපත්" මාළුවට කියල
This massage for make aware of my new blog I Suppose it may be help full for your business some time. specially i maintain this blog with updating prices of seafoofs that changing daily so invite to you come and discover freshness
DeleteURL - http://negomboseafood.blogspot.com/
thank you
B.M FERNANDO
(FRESH SEAFOOD SELLER IN LELLAMA ,PITIPANA ,NEGOMBO.)
අවුලක් නෑලු, ලොක්ක කියල තීන්නෙ චීනෙටයි රුස්යාවටයි යවන්න කියල මින් පස්සෙ මාලු. ඉතින් දැන් හරිනෙ!
ReplyDeleteමාළුවෙක් අදුනන්නෙ නැති දත් දොස්තරයෙක් ධීවර ඇමති විදියට ඉන්න රටක මේවා පුදුම වෙන්න කාරණා නෙමෙයිද මන්දා...
ReplyDeleteයුරෝපෙට යවන මලු ටික චීනෙට යවල, යුරෝපෙන් ලැබෙන ගානෙන් බාගයක් වත් හම්බවෙයිද? //,,මේ නැව් විසින් අපේ රටේ අපනයන කරුවන්ට අඩු මිලට මාළු සැපයීම,,// මෙහෙම තියෙද්දී.
ReplyDeleteමෙතන පොයින්ට් එක තමයි 'ඇයි චීන්නු මෙහෙ ඇවිත් මලු අල්ලලා අපේ මිනිස්සු දෙන ගානටත් වඩා අඩුවට දෙන්නේ' කියන එක. චීන්නුන්ට හොඳ ගානකට මාලු යුරෝපෙට යවන්න බැරුව ඇති. ඉතින්, උන් ලංකාව හරහා හොඳ ගානක් හොයනවා වෙන්න පුළුවන්. වැඩේ තියෙන්නේ අපේ ගොන් පාලකයෝ ලංකාවේ මාලුම අල්ලන්න දෙන්න තරම් මරි මෝඩ රැලක් වීමයි.