tag:blogger.com,1999:blog-37368574777080600312024-03-13T13:37:57.795+01:00ඉතාලියේ සිට ලියමි....ItalyDilanhttp://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comBlogger103125tag:blogger.com,1999:blog-3736857477708060031.post-39813581001935607472017-12-30T00:12:00.000+01:002017-12-30T00:12:06.423+01:002017 වසර අවසානය සහ ඩෙංගුකාලෙකින් බ්ලොග් එක මතක් උනා..දුකේ බෑ මේ අවුරුද්දටම එක පෝස්ට් එකයි,මම විතරක් නෙමේ, ගොඩක් බ්ලොග් නැති වෙලා. දැන් බ්ලොග් කියන එව්වත් අවසන් කාලෙ වගේ, නත්තලුත් ඉවර උනා 2017 ත් අවසන් දින දෙක.
මේ වසරේ දෙපාරක්ම ලංකාවට යන්න උනා, ගිය අවස්තා දෙකේම නෑදෑ කවුරු හරි ඩෙංගු ලෙඩ්ඩු වෙලා රෝහල් ගත වෙලා.එක පාරක් අවුරුදු 2 විතර අපේ පොඩි එකෙක්. ඩෙංගු හා සමානම වයිරස් උණ රෝගයක්, ඒ කාලෙම මගේ ලගම යහලුවෙකුත්. වියදම් කර ගන්න සල්ලි තිබුනත් පුද්ගලික රෝහල් වලට ලං වෙන්නවත් බැරි තරමට තදබදය,පොඩි එකාව පුද්ගලික රෝහලක ඉදලා, පොඩි එකාව පරීක්ශා කරපු,ප්‍රතිකාර කරපු ළමා රෝග පිළිබද වෛද්‍යතුමාම රජයේ රෝහලට ගෙනියන්න කීවා එයා රැකියාව කරන. මේ රෝහල පහු ගිය කාලෙ ඩෙංගු නිසා රෝගීන් අට්ටි ගහලා වගේ ඒ තරන් තදබදයක් තිබුනු රෝහලක්, අර යහලුවා උන්නෙත් මේකෙම තමා,ඇදක්වත් නැතිව, ඇත්තටම මේ රෝහලේ කාර්ය මණ්ඩලයට ස්තූතී කරලා මදි කන කට්ටට..
දවසක් ඔය අපේ පොඩි එකා උන්නු වාට්ටුවෙ තරුණ වෛද්යතුමෙක් ළමයිව පරීක්ශා කරනවා. කැඩුනු අඩු එළියක් තියන ටෝච් එකකින් කණ පරීක්ශා කරනවා.එයාටම එපා වෙලාද කොහෙද ටෝච් එක පැත්තකින් දාලා දුරකථනයෙ ටෝච් එක ගැහුවා පස්සෙ, ලෙඩ්ඩු බලන වෙලාවක් නොවුනත් මමත් ඔය අපේ පොඩි එකාගෙ පියානෝත් ඔය වෙලේ වාට්ටුවට ගියා අපේ පොඩි එකාගෙ බඩු වගයක් අරන්, අර වෛද්‍යතුමත් අපිත් එක්ක හිනා උනාම මම නිකමට ඇහුවෙ ඩොක්ටර් ටෝච් එක කැඩිලා නේද කියලා, එයත් හිනා වෙලා කියනවා, වාට්ටුවටම තියෙන්නෙ ඒ කැඩුනු ටෝච් එක විතරලු, ඒකත් පරිස්සම් කර ගන්නෙ හරි අමාරුවෙන්ලු වෙන වාට්ටු වලට අරන් යනවා කියලා,අපිටම දුක හිතිලා අපි ඇහුවා ටෝච් එකක් ගෙනත් දෙන්නද කියලා, අනේ පුලුවන් නම් ලොකු උදව්වක් කියලා එයා පස්සෙ අපිට ඒ අවශ්‍ය ටෝච් එක ලියලා දුන්නා,මහ ලොකු මුදලක් නොවුනු ඒක අපි ඒ වෙලේම ගෙනත් දුන්නම අපිට වාට්ටුවෙන්ම නොසෑහෙන්න ස්තූතියක් හම්බුනා.
අර වෛද්‍යතුමා ටෝච් එකේ තිබුනු පටියෙන් බෙල්ලෙ එල්ලාගෙන සිනාවෙන්ම කීවෙ දැන් මේක පරිස්සම් කර ගන්න සෑහෙන මහන්සි වෙන්න වෙනවලු. මොකද වෙන වාට්ටුවල වෛද්‍යවරු ගෙනියන නිසා.
දේශපාලකයො ගහන බයිලා හැටියට මේ රෝහල්වල තියන අඩුපාඩු කියලා නිම වෙන්නෙ නෑ. මේ කාලකන්නි රැල මොනා කරනවද කියලා හිතා ගන්න බෑ,
ඔය රෝහලේ ලෙඩ්ඩු අට්ටි ගහලා ඉන්නවා වගේම තට්ටු බිල්ඩිමක් පලාතෙ උන්නු දේශපාලකයගෙ ගසා කෑමක් නිසා ප්‍රයෝජනයක් ගන්න බැරි වෙලා තියනවා තාම, දැන් නොයෙක් නොයෙක් ප්‍රතිකර්ම කලත් පේන විදිහට ගොඩ ගන්න ලේසි වෙන එකක් නෑ, ඔය බිල්ඩිම දකිනකොට ඒකා මැරිලා ගිය එක ලොකු දෙයක් කියලා හිතෙනවා.
අපේ රටෙන් මේ ඩෙංගු රෝගය නවත්තන්න විසදුමක් පේන තෙක් මානෙක නෑ වගේ, මිනිස්සුන්ටත් ඒක දැන් පුරුද්දකට ගිහින්, සාමාන්‍ය හෙම්බිරිස්සාවක් ගානට වැටිලා, දැන් ආයෙත් වැස්ස ඉවර උනාම ආයෙ පටන් අරන්,මිනිස්සුන්ගෙ උවමනාවකුත් පේන්න නෑ ගෙවල් දොරවල් පිරිසිදුව තියා ගන්න. අප ජනතාවත් උත්සහ කරන්න ඕනා මේ ලෙඩේ නවත්ත ගන්න.
ලබන්නාවු 2018 නව වසර නිරෝගී වසරක් ප්‍රාර්ථ්නා කරමින් මම සමුගන්නවා.2018 නැවත හමුවෙමු...
ItalyDilanhttp://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.com3tag:blogger.com,1999:blog-3736857477708060031.post-51678217405231862612017-04-05T15:01:00.001+02:002017-04-05T15:01:30.282+02:00ළදු අකුලෙන් දීග ගිය නෝනා
උදෑසන 9.30 ට පමන මා පයිල් කවරයත් අතැතිව පිළිගැනීමේ නිළදාරිනිය කී කලු පාට කල වීදුරු කාමරය වෙත ගියෙමි. ඇතුලට එබී බලන විටම ජායා පිටපත් මැශිම අසල උන් තරුනයා මට අණ කලේ හා හා ඔතනින් වාඩි වෙන්න අපි කතා කරන්නම්.තව 3 , 4 දෙනෙකු සමගින් කලු වීදුරුව අසලින් කාමරයේ එලියේ මමද ඊළග පුටුවේ හිද ගත්තෙමි.
සදුදා උදෑසන නිසා කාර්යාලය පුරා මිනිසුන් පිරී පවතී.කාර්යාලය කාර්යබහුල වී ඇත.නොයෙක් නොයෙක් අංශ වල මිනිසුන් තමන්ගේ වාරය පැමිනෙන තෙක් හිද බලාගෙන සිටී,බොහෝ අය තමන්ගේ ස්මාර්ට් දුරකතන එළියට අරගෙන තිරය මත ඇගිළි එහා මෙහා යවමින් සිටී,කාර්යාල සේවකයින් පරිඝනක තිර මත මුව ඔබාගෙන සිටී. තවත් කාර්යාල සේවකයින් මේසය අනෙක් පස හිද සිටින සේවා බලාපොරොත්තුවෙන් සිටින මිනිසුන්ගෙන් නොයෙක් ප්‍රශ්න අසයි, ලියකියවිලි ඉල්ලයි. මාද ස්මාර්ට් දුරකතනය එළියට ගත්තද අසල සිටින වයස 60 විතර වෙන මිනිසා මගේ දුරකතනයට එබෙන නිසා මා නැවතත් දුරකතනය සාක්කුවට දමා ගතිමි.
අප රැදී සිටින කොටසේ දොරෙන් කෙනෙක් පිටත් වනවාත් සමග ඇතුලේ උන් තරුනයා කට හඩ අවදි කරයි, ඊලග කෙනා ඇතුලට එන්න. එම කොටස තුළ ප්‍රදාන මේසය යැයි කිව හැකි මේසය අසල වයස 40,45 පෙනුමැති පොඩ්ඩක් තරබාරු ප්‍රසන්න පෙනුමැති කාන්තාවකි.අනෙක් මේස 4 හි තවත් තරුන කාන්තාවන් 3ක් සහ එක තරුන පිරිමියෙක් හිද ගෙන සිටී. ඊට අමතරව අර ජායා පිටපත් කරන තරුනයාය.
පැයකට පමන පසු මට පෙර සිටි මිනිසා දොර අසලය ඊළග වාරය ඔහුටය.
තව කෙනෙක් එළියට පිටව ගියද මෙවර අර තරුණයාගේ ඊලග කෙනා එන්න කටහඩ ඇසුනේ නැත.ඒ වෙනුවට ඇතුලේ උන් කාන්තාවකගේ කට හඩ යම් පමනින් ඇසුනි.
ඒ අපට කතා කිරීම නොවේ ඔවුන්ගේ කතාවක් ය.
අනුන්ගේ කතා ඇසීම කැත පුරුද්දකි නමුත් මගේ කණ අර කතාවට යොමු විය. බලන්නකො මිස් ඊයෙ රෑ අපිට නින්දක් නෑ නෙ . තවත් කෙනෙක්ගෙන් ඒ මොකද කුමුදු මිස් යන හඩය , අපේ ලේන් එකම නිදි නෑ, කට්ටියම අපේ අල්ලපු ගෙදර, අර ජායා පිටපත් තරුනයාගෙ කට හඩ පිට විය, මොකද මැඩම් උනේ...
පාන්දර 3ට විතර ඇති අපේ අල්ලපු ගෙදරින් කෑ ගැහිල්ලක් ආවා හොරෙක් ඇල්ලුවෝ හොරෙක් ඇල්ලුවෝ කියලා,අපිත් ඉතින් ඒ ගෙදරට දිව්වා,යනකොට අපේ ලේන් එකම එතන, පස්සෙ අපේ මහත්තයයි තව පිරිමි දෙතුන් දෙනෙකුයි ගේ ඇතුලට ගියා, පොලු එහෙම අරන්, අපි ගෑනුත් එයාලා පස්සෙ ගේ ඇතුලට ගියා, ගෙදර කෙල්ලගෙ කාමරේ ඇද යට එකෙක් යට ඇදුම පිටින්, තව කාන්තාවකගේ කට හඩ ඇසුනි ආ කුමුදු මිස් හොරු යට ඇදුම් පිටින්....කෙල්ලගෙ තාත්තා පොල්ලක් අරන් එළියට වර කිය කියා කෑ ගහනවා කෙල්ල අනේ තාත්තේ එයාට ගහන්න එපා කියලා අඩනවා, බලන්නකො අද කාලෙ හැදෙන කෙල්ලන්ගෙ හැටි, ඕකි ඉන්නෙ නම් 1000 ගනන් කරන්න බැරි ගානට පාරෙ යන්නෙ ගල් අහුලන්න වගේ බිම බලාගෙන, පන්ති යනවා කියලා රෝන්දෙ ගහනවා මගෙ ඇස් දෙකටම දැකලා තියනවා මම ඉතින් මහ උන්දැට ඔව්වා කීවෙ නෑ, කීවා නම් උන්දෑ කියන්නෙ අපේ දුව එහෙම නෑ හරි හැදිච්ච දරුවා, ඔය හැදිලා තියෙන්නෙ එකෙක් ගේ ඇතුලට දාගෙන ගෙදර තව මිනිස්සු ඉන්නවා කියලා බලන්නෙත් නැතුව.
ලස්සනට තියෙන්න ඇති නේ මිස් නොමිලේ පිචර් එකක්... අනෙක් තරුන පිරිමි කට හඩින් මට ඇසුනි.
මා අසල උන් මිනිසා දෙස බලන කොට ඔහුද මේ ඇතුලේ කතාවට කන් දීගෙන සිටින බව මට දැනුනි. ඉතින් මිස් ඊළගට මොකද උනේ, අපේ මහත්තයලා එකතු වෙලා අර කොල්ලව එලියට ගත්තා, බලන්නකො මූ එළියට ආවා මකුණු දැල් දූවිළි නාගෙන, ඌ අඩනවා අනේ ගහන්න එපා මම හොරෙක් නෙමේ කිය කියා, අපේ අල්ලපු ගෙදර අම්මණ්ඩි කෙල්ලව බෙල්ලෙන් අල්ලන් මරන්න හදනවා තෝ අපේ පවුලේ දැළි ගෑවා කිය කියා, මහ මිනිහයි කොල්ලයි අරූට ගහන්න හදනවා, අපේ මහත්තයලා 119 කතා කළා පොලිසියට බාර දෙන්න අරූට ගහන්න නොදී ..
බලන්නකො මිස් අද කාලෙ මුන් හැදෙන හැටි අපේ කාලෙ නම් අපිට කොල්ලෙක් තියා අපේ අම්මලා අපිට ගෙදරින් එළියට යන්න දුන්නෙ නෑ, අනෙක් කටහඩවල් ඇසුනද මට පැහැදිලිව ඇසුනේ මේ කතාව පමනි.
කෙටි නිහඩතාවයත් සමග ජායා පිටපත් කොලුවාගේ කට හඩ අවදි විය ඉතින් මැඩම් පොලිසිය ආවද, ඔව් පැය බාගෙකට පස්සෙ ආවා, මහ මිනිහා පොලිසියට විස්තරේ කීවා, පස්සෙ පොලිස් කාරයෙක් අරූගෙ බෙල්ලෙන් අල්ලලා මොකටද තෝ ආවෙ කියනකොට මූ කිවුවා නෙ කෙල්ලව පෙන්නලා මෙයයි මට එන්න කිවුවෙ , මම හොරෙක් නෙමේ මෙයා එක්ක යාළු වෙලා ඉන්නෙ කියලා... මහ අම්මණ්ඩි සද්ද නෑ හොද වැඩේ අලි ඔලුවෙන් උන්නෙ ඔය ගෑණියි දුවයි. ඔය කෙල්ලව ඉතින් ඒ කොල්ලටම තමා දෙන්න වෙන්නෙ නේද කුමුදු මිස් තව ගෑණු කට හඩකින් ඇසුනි. නැතුව මමත් මහ අම්මණ්ඩිට කිවුවා ඔන්න ඔය කොල්ලා ගැන හොයලා බලලා මොකක් හරි කරලා දාන්න කියලා දැන් කෙල්ලව ගෙදර තියන් ඉදලා කාට දෙන්නද...මහ අම්මණ්ඩි සද්ද නෑ රැස් බැහැලා කියා හිනා හඩක් ඇසුනි...කොල්ලගෙ ඇදුනුත් අන්දවන් පොලිසිය අරන් ගියා ජීප් එකේ දාගෙන , උදෙන්ම අල්ලපු ගෙදර අයටත් පොලිසියට එන්න කියලා... උදේ ඒ පැත්තෙන් සද්දයක් නෑ දැන් ඉතින් මුලු ගමම දන්නවා රෑ උනු නාඩගම..කට්ටිය පොලිසියට යන්න ඇති මොනා උනාද දන්නෙ නෑ හවස ගෙදර ගියාම හොයලා බලන්න ඕනා මොකද උනේ කියලා....
කෙටි නිහඩතාවෙකින් පසු මා අසල උන් මිනිසා මා වෙත ළං වී ඔහුගේ කට හඩ අවදි විය.... ඔය ලොකු නෝනා අපේ ගමේ ස්කෝල මහත්තයගෙ දුව, මීට අවුරුදු 20 , 25 ඉස්සල්ලා එයාව ස්කෝල මහත්තයලා හොයා ගත්තෙ ගේ පිටිපස්සෙ ළදු කැලෑවක ඉදලා කොල්ලෙක් එක්ක, පස්සෙ ඒ කොල්ලටම දීග දුන්නා හොක් හොක් හොක්..... ඊලග කෙනා එන්න.......මා අසල සිටි මිනිසා ඇතුල් වෙනකොටම ආ සෝමසිරි අයියා දැකපු කල් එන්න වාඩි වෙන්න මොකද මේ පැත්තෙ.....
(නම්,ගම් මනංකල්පිත වේ...සීන් එක ඇත්තවේ)
ItalyDilanhttp://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.com2tag:blogger.com,1999:blog-3736857477708060031.post-46000727695929513332016-11-18T22:37:00.000+01:002016-11-18T23:55:15.792+01:00සුබ ගමන් මිතුර..ආදරණීය ප්රංකෝ මහත්මයා වෙත..
උබෙන් කොහොමද අහන්න මට පුලුවන් කමක් නෑ, මේ වෙනකොට උබ ඇත්තෙ ජේසු ලග, උබ වගේ නියම මහත්මයෙක් උබ විශ්වාස කරපු ආගමේ හැටියට ට්‍රාන්සිට් නැතුව ජේසු ලගටම යන්න ඇති,ගිය 7 වෙනිදා උබ මේ ලෝකෙන් අයින් වෙලා යන්න ගියා, සරල අවමගුල් උත්සවයක් එක්ක පල්ලියෙ පූජාවෙන් පස්සෙ උබට උබේ පවුලෙ සොහොනට යන්න නම් බැරි උනා,අපි අද තමා සොහොනට ඇතුල් කලේ උබ දැන් සදහටම සාමයෙන් සැතෙපෙනවා.
උබට මතකද මන්දා මීට අවුරුදු 4 විතර ඉස්සර මම උබ ලගට වැඩට ආපු හැටි, එතකොට උබ හොදටම අසනීප වෙලා උන්නෙ. වයසක මනුස්සයෙක් බලා ගන්න මට කිසිම අත්දැකීමක් තිබ්බෙ නෑ,මට ආසාවක් තිබ්බෙත් නෑ,ඒ වෙනකොට මට ජොබක් තිබ්බෙත් නෑ,මම හිතුවෙ උබ තව මාස 3 වඩා අදින එකක් නෑ කියලා ඉතින් මම උබ ලගට වැඩට ආවා, හැබෑ උබ ඉක්මනින්ම ගොඩ ආවා,මගෙයි උබෙයි දෙන්නගෙම වාසනාව,ටික දවසකින්ම මට තේරුනේ උබ හරි අපූරු මනුස්සයෙක් කියලා,මම දන්නෙත් නැතුවම මම උබටත් උබ මටත් ලං උනා. හරි අපූරු යාලුකමක් අපි දෙන්නා අතර ඇති උනා,උබ තමා මට මේ ලෝකෙ හමුබුනු වයසකම යාලුවා,ඒ යාලුකම මගෙ ජීවිතේට අමතක වෙන එකක් නෑ.
උබෙන් මම ජීවිතේට ඉගෙන ගත්තු දේවල් බොහොමයි. ඉතිහාස කතා ඉදන් උබේ චරිතෙන් මම ඉගෙන ගත් දේ ගොඩයි, මම මේ ලෝකෙ දැකපු නියම වැදගත් මහත්මයෙක් උබ, ආයෙ එහෙව් මනුස්සයෙක් දකින්න ලැබෙයිද මන්දා මේ සමාජෙ.
මතකද උබ දෙවනි ලෝක යුද්ද ගැන කියාපු කතා, උබ යුද්දෙට අකමැති මිනිහෙක්, ටීවී එකේ යුද නිව්ස් යනවා නම් උබ හැමදාම දුක් උනා ඇයි මිනිස්සු මෙහෙම මරාගන්නෙ කියලා උබ තනියම කියෙව්වා.ලෝක යුද්දෙට උබට යන්න බැරි උනේ උබේ අයියා හමුදාවට ගිය නිසා කියලා උබ කීවෙ, උබ ඒ කාලෙ ගොඩක් අමාරුවෙන් ඉගෙන ගත්තා කියලා කීවෙ. යුද්දෙ ඉවර වෙනකොට නට්ටන් උනු ඉතාලිය ගොඩ දාන්න මහන්සි උනු මොළ කාරයො උබලා, ඒ උබ ආර්ථික විද්‍යා ඔස්තාර් කෙනෙක් නිසා. බැංකුකරුවෙක් , ආර්ථික විද්‍යා මහාචාර්යවරයෙක් විදිහට උබ ඒ කාලෙ මේ රට ගොඩ දාන්න ගොඩක් මහන්සි වෙන්න ඇති.
හැබෑ ලොක්කා අන්තිමෙට උබට ඩොක්ටර් කියලා කතා කරන්න මම විතරයි ඉතුරු උනේ.ඒ මේ ලෝකෙ හැටි බන් වයසට යනකොට අපි සේරම අවලංගු කාසි,ඒත් උබට රජයෙන් ලොකු පෙන්ශන් එකක්. ගොඩක් පහසුකම් දීමනා ආවා.නිකන් බේත් ටිකේ ඉදන්,ගිය අවුරුද්දෙ උබ අසනීප උනු වෙලේ එහෙම ආපු ඉන්ජෙක්ශන් 4 නිසා උබ ආයෙ නැගිට්ටා, ඒත් ඒ බේත් මේ අවුරුද්දෙ දෙපාරක් ගහලත් වැඩ කලේ නෑ බන්. අන්තීම මාස 6 උබ රෝද පුටුවට වැටුනා. මම උබ එක්ක ලස්සන කට්ටක් කෑවා.ගිය අවුරුද්දෙ උබේ මතකය ඔහොම්ම නැති උනා,අන්තිමට උබේ වයසවත් මතක නැති උනා නෙ. ඉන්දියාවෙ යට තියන සිලෝන් රටේ කොල්ලගෙ නම උබට මතක තිබුනා හැබැයි,උබ සතියකට සැරයක් වත් උබේ රට කොහෙද කියලා මගෙන් අහලා උබම ආ සිලෝන් රටින් නේ කියනකොට මම ශ්‍රී ලංකාවෙන් කියද්දී ආ ඔව් නෙ දැන් ඒ නමනෙ කියන්නෙ කියලා හයියෙන් හිනා උනු හැටි මට අමතක වෙන්නෙ නෑ.
වයස 92 උනූ උබෙ අවුරුදු 56 ගෙව්නු විවාහයත් මරු. උබේ ගෑනි රණ්ඩු කරලා අවසානෙ ගහන එකම තුරුම්පුව උබ මගේ ගෙදර ඉන්නෙ මේ මගෙ තාත්තා දීපු ගේ කියන කොට උබ පූස් පැටියෙක් වගේ සයිලන්ස් උනා.ගෑනි ගියාට පස්සෙ උබ දුන්නු උපදෙස මට අමතක නෑ. ගෑනිගෙ ගෙදරක නම් පදිංචි වෙන්න එපා උබ, පේනවනෙ මට උනු දේ කියලා උබ හයියෙන් හිනා උනා.ඒත් උබ ගෑනිට මාරෙට ලව් කලා මම කියනකොට අද උබේ ගෑනිගෙ උපන් දිනේ කියලා උබ ඉක්මනින් ගිහින් කිස් එකක් දීලා විශ් කරපු හැටි මරු.
මේ මළ උන්ගෙ නොවැම්බර් මාසෙ මම හිතුවෙ සමර් ඉවර වෙනකොට පහු ගිය සැරේ වගේ උබ ආයි නැගිටී කියලා.ගිය 5 සෙනසුරාදා රෑ උබ මාත් එක්ක පිචර් එකක් බැලුවා ටීවී එකේ. උබ ඒ සතියෙම උබ නිදාගත්තෙ නෑ රෑට. අමුතු හැසිරීමක් පෙන්නුවෙ,කවුද දන්නෙ උබ යන්න ලෑස්ති වෙනවා කියලා.එදා රෑ උබ මට කතා කරලා ඇදේ ඉදන් මොනාද පෙන්නුවා කීප වතාවක්ම.මොනා පෙන්නුවද කියලා මට තාම තේරෙන්නෙ නෑ. මම ඉරිදා උදේ උබට බොහොම අමාරුවෙන් කිරි චුට්ටක් කටට දැම්මා.උබ ඉතින් ඒ සතියෙ විකාර නැටුවා නෙ කන්න දෙනකොට,මම බාගෙට මැරිලා උන්නෙ මහන්සියට. උබ ඉරිදා රෑ යනවා කියලා දන්නවා නම් මම ගෙදර යන්නෙ නෑ.උබ හෙට හමුවෙමු කීවට සදුදා පාන්දර කෝල් එක ආවෙ උබේ පුතාගෙන් උබ ගියා කියලා.අන්තිමේ උබේ මළ සිරුරට ලස්සන කෝට් කිට් එකක් අන්දන්නත් උනා.අවසානෙ ඒ අත්දැකීමත් මම ගත්තා.
ඉතින් යාලුවා උබත් එක්ක ගෙවපු වසර 4 මගේ ජීවිතේ අමතක නොවෙන කාලයක්. නියම මිතුරෙක් මට නැති උනා. උබට සුභ ගමන් යාලුවා..Ciao Mio Amico...
ItalyDilanhttp://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.com4tag:blogger.com,1999:blog-3736857477708060031.post-25356585164376671902016-05-04T18:00:00.000+02:002016-05-04T18:00:29.398+02:00ඉතාලියේ ලාංකීය පාසල්
ලියන්නෙ නැතුව ඉන්න කට්ටියම බ්ලොග් වසන්තයද මොකද්ද පටන් අරගෙන හිටු කියලා පෝස්ට් එනවා මටත් ඔන්න එතකොට මතක් උනා මගෙත් වේලෙන බ්ලොග් එකක් තියනවා නේද කියලා,බ්ලොග් එක තියනවද බලනකොට ඒකට ගිය මාසෙ අවුරුදු 6ක් වෙලා,ලැජ්ජාවෙ බැරි අවුරුදු 6 ටම පෝස්ට් 99 ලියවිලා තියෙන්නේ,ඔන්න මේක 100 පෝස්ට් එක එහෙනම්..
මගෙ බ්ලොග් එකේ ඉතින් ඉතාලි තොරතුරු නෙ ගොඩක්ම ලියවෙන්නෙ, මේ පෝස්ට් එකත් එහෙම එකක් තමා ලියන්න හිතුවෙ,ඉතාලියෙ මෑත කාලෙ ඉදන් ලංකාවෙ මිනිස්සු පටන් අරගෙන තියන බිස්නස් එක තමා ඉතාලියෙ ජීවත් වෙන ලංකාවෙ ළමුන් සදහා ජාත්‍යන්තර පාසල්, ඉංග්‍රීසි සහ සිංහල ලංකාවේ සිරිත් විරිත් අනූව ළමයිව ලොකු කරන්න බලාපොරොත්තුව ඇතිව කකුල් දෙක රටවල් දෙකේ තියන් ඉන්න මිනිස්සුන්ව ඉලක්ක කරගෙන තමා මේ ලංකාවේ පාසල් රැල්ල දුවන්නෙ.
ඉතාලියෙ ඉන්න බහුතර පිරිසක් සල්ලි හම්බ කරන ගමන් දරුවන්වත් ඉතාලියෙම තියන් ඉන්න ගමන් යම් දවසක ලංකාවට යෑමෙ බලාපොරොත්තුවෙන් ඉන්නෙ, එක අතකින් ඒක ඒ දෙමාපියන්ගෙ ආසාවක්, ඒ එක්කම යම් පිරිසක් හිතන් ඉන්නවා මෙහෙ ඉතාලි ළමුන් එක්ක ඉතාලි සිරිත් විරිත් එක්ක බටහිර ක්‍රමේට ජීවත් උනාම අපේ ළමයි දෙමාපියන්ගෙන් ඈත් වෙලා ලංකාව අමතක කරයි කියලා..ඉතින් මේ සිතුවිලි අදුන ගත්තු පිරිසක් සිංහල හා ඉංග්‍රීසි උගන්නන පාසල් පටන් ගත්තෙ..
ඉතාලියෙ නීතියට අනූව මේ පාසල් වලට බලපත්‍ර නෑ, බොහෝ පාසල් කර ගෙන යන්නේ උපකාරක පන්ති පවත්වන ක්‍රමේකට, ඒ එක්කම උගන්වන ගුරුවරු බහුතරේකට කිසිම සුදුසුකමක් නෑ, කොටින්ම පාසල් ආරම්භ කරපු විදුහල්පති වරුන්ටත් කිසිම සුදුසුකමක් නැති අය, මේවා පටන් ගන්නෙ ලංකාවේ ටියුසන් පන්ති කරපු ගුරුවරු, ඉංග්‍රීසි භාශාව ඉගැන්වීම යම් සාර්තකත්වයක් පෙන්නනවා, මේ පාසල් කරගෙන යන අය මරු පොරොන්දුවක් දෙනවා ඒ තමා ළමයිව ලංකාවේ ඕනම පාසලකට ළමයා ඉන්න ඕන පන්තියටම ඇතුලත් කරන්න පුලුවන් කියන එක,,එහෙම ඇතුලත් කරන්න උවමනා ලියකියවිලි දෙන්න පුලුවන් කියන එක. ඒත් ළමයිව ලංකාවට ගෙනියලා එහෙම ඇතුලත් කරන්න ගිහින් බැරි වෙලා පාසල් වලට ඇවිල්ල අර ගුරුවරුන්ගෙ අම්මලාව මතක් කරපු අවස්තාත් තියනවා.
දෙමාපියන්ව මෙහෙ සේප් කරන්න නම් ඉංග්‍රීසිය ගොඩ දාන එකයි,කේම්බ්‍රිජ් විභාග සෙට් එකයි සහතික පෙන්නන එක නම් කරනවා, ඉතින් දෙමාපියො සේප්. ඒත් ඉතින් මම නම් මේ පාසල් ක්‍රමය අනුමත කරන්නෙ නෑ, පෙනෙන විදිහට අවසානෙ මේ දරුවන්ට ලංකාවෙවත්, ඉතාලියෙවත් නිසි ඉගෙනුමක් ලැබෙන පාටක් නම් නෑ.කකුල් දෙක දෙපැත්තෙ තියාගෙන අවසානෙ මේ දරුවන්ගෙ අනාගතේ විනාශ කිරීමක් තමා පේන්න තියෙන්නෙ..
ඉතාම ඉහල අධ්‍යාපන ක්‍රමයක් තියන ඉතාලි පාසල් වලට ගිහින් අපේ දරුවන් ඉහල දක්ශතා දක්වපු අය ඕනා තරම් ඉන්නවා,,දරුවන් නොමග යන එක මම දකින්නෙ දෙමාපියන්ගෙ අතින් වෙන වරදක් විදිහට,ඒත් ගොඩක් දෙමාපියො හිතන් ඉන්නේ දරුවන්ව මෙහෙ පාසල් වලට යැවීම ඉතා බරපතල දෙයක් විදිහට,සමහර අය නම් උදේට ඉතාලි පාසල් යවලා සවස ඉංග්‍රීසි ඉගෙන ගන්න මේ පාසල් වලට යවනවා,,ඒකෙ නම් වරදක් දකින්න නෑ,
මේක තවත් එක් බිස්නස් එකක්,පහු ගිය මාසෙ නාපෝලියෙ පොලිසිය විසින් මෙවැනි පාසල් කීපයක්ම වසා දාලා තියනවා,,කලාතුරකින් යම් බලපත්‍රයක් ලබා ගත්තු පාසල් කීපයක් ඉතාලියෙ නොතිබෙනවා නොවෙයි,,ඒවා යම් පිලිවෙලකට සිදු වෙනවා,ඒත් බහුතරය හතු පිපෙන්නා සේ බිහි උනු පාසල් වල තත්වය ඉතාම කනගාටුදායකයි,මේවට ඉතාලි ජාතිකයින් එන්නෙ නෑ නිසා නීතියෙන් පස්සෙන් පන්න පන්නා බැලීමක් වෙන්නෙත් නෑ.
ඒ වගේම ඉතාලි පාසල් වලට යවා ඉන් පසු මේ පාසල් වලට යවපු ළමයින්ව එයාලගෙ රැදී සිටීමේ බලපත්‍ර අලුත් කිරීමේදී විශාල ගැටලු වලට මුහුන පාන්න දෙමාපියන්ට සිදු වෙලා තියනවා,ඒ එක්කම දරුවන්ව පාසල් යවන්නෙ නෑ කියලා නීති මගින් අනතුරු ඇගවීම් පවා සිදු වෙලා තියනවා.
ඔන්න ඔහොමයි ඉතාලියෙ ලංකාවේ පාසල් වල කතාව.... ItalyDilanhttp://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.com11tag:blogger.com,1999:blog-3736857477708060031.post-45514470917195571802016-01-13T18:02:00.000+01:002016-01-13T18:04:03.974+01:00wow.lk නිරුවත...
අන්තර්ජාලයෙන් මිලදී ගැනීමකට ගොස් අකරතැබ්බයකට මුහුන දුන් මාගේ හිත මිතුරෙක්ගේ කතාව..
wow.lk නැමැති පාරිභෝගියකයින් මුලාකරන ආයතය වෙත ලියමි,
2015 දෙසැම්බර් මස 14 වෙනි දින මුදල් ගෙවූ අංක 109141554 ඇණවුම සම්බන්ධවයි.
දින පහකින් නිවසටම ගෙනැවිත් දීමට පොරොන්දු වී 2015 දෙසැම්බර් මස 14 දින
මාගෙන් මුදල් ලබාගත් ඔබ ආයතනය මෙතෙක් මා වෙත ඇණවුම භාර දී නොමැති බව
දන්වන්නේ ඔබ ආයතනයේ මහඟු සේවාව අගයමිනි. එමෙන්ම ඔබ අද උදෑසන මා හට ඇමතුමක්
ලබා දී මා ඇණවුම් කළ භාණ්ඩය stock එකේ නැති බව කීම මාගේ මහත් පුදුමයට හේතු
වූයේ "Your Order has been Shipped" ලෙස සඳහන් කරමින් ඊමේල් පණිවිඩයක් ඔබ
ආයතනය මගින් 2015 දෙසැම්බර් 28 වෙනි දින
මා හට එවීම නිසාවෙන් (එම ඊ මේල් ලිපියේ ඡායාරූපයක් මේ ලිපිය සමඟ අමුණා ඇත.)
මෙන්ම ඔබ ආයතනයට ලබාදුන් දුරකතන ඇමතුන් 10න් 5කම පමණ පැවසුවේ මාගේ ඇණවුම
තව දින දෙකක් තුල ලැබෙන බව නිසාවෙනි.
මා අද දින ඇණවුම අහෝසි කර මුදල් ඉල්ලූ නමුත් තව මාසයකින්වත් ඒ මුදල් මගේ
ගිණුමට බැර වේදැයි මට සැක සහිතය. එමෙන්ම ඔබ ආයතනයේ facebook පිටුවේ තිබූ
Customer Reviews ඉවත් කර පාරිභෝගිකයන්ගේ අදහස් දැක්වීම් වලට අපමණ අගයක්
ලබා දීම සම්බන්ධයෙන්ද ඔබ ආයතනයට මම ස්තූතිවන්ත වෙමි. තවද මා මෙන්ම තව දහස්
ගණනක් පාරිභෝගිකයින් රවටමින්, අපහසුතාවයට පත් කරමින් තව බොහෝ කාලයක්
ව්‍යාපාර කිරීමට ඔබ ආයතනයට හැකිවේවායි මම පතමි.
ස්තූතියි,
මීට,
යලි කිසි දිනෙක ඔබ සමග ගනුදෙනු නොකරන
පාරිභෝගිකයෙක්...
ප.ලි : මේ ආයතය මඟින් තව බොහෝ දෙනා මෙලෙසම රවටා ඇති බව ඔවුන්ගේ Visitor
Posts බැලූ විට පැහැදිලි වෙයි. මෙලෙස පාරිභෝගිකයින් රවටන මෙම ආයතයනට
විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකියාවක් වේනම් ඊට ඕනෑම සහයක්
ලබාදීමට කැමැත්තෙමි.
මෙලෙස පාරිභෝගිකයන් රවටන මෙවැනි ආයතන පිළිබද දැනුවත් කිරීම සදහා මෙම පෝස්ට් එක මිතුරාගේ අවසරයෙන් පල කරන ලදි.
ItalyDilanhttp://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.com11tag:blogger.com,1999:blog-3736857477708060031.post-57611015132444380302015-11-30T07:01:00.003+01:002015-11-30T07:01:58.206+01:00පොලිස් නිශ්කාශන සහතිකයේ කතාව - Sri Lanka Police Clearence Riport
ශ්‍රී ලංකා පොලෝසියෙන් මට ලබා ගන්න සිදු උනා ඉතාලියට ඉදිරිපත් කිරීම සදහා පොලිස් නිශ්කාශන සහතිකයක් හෙවත් සිංහලෙන් කිවුවොත් පොලිස් ක්ලියරන්ස් රිපෝර්ට් එකක්. ඉස්සර ඉතින් ඕක ගන්න කොලබ දුවන්න උවමනාවක් තිබ්බෙ නෑ නේ ඒක අපූරුවට ගමේ පොලෝසියෙන්ම ලබා ගන්න පුලුවන් කම තිබ්බා,ඒත් ඉතින් මොකාද මන්දා බූරුවෙක්ගේ තීරනයක් නිසා ඒක ගන්නත් කොලබ ගාටන්න වෙලා, මමත් ඉතින් පහු ගිය අගෝස්තු මාසේ ලංකාවට ගිය නිසා ඒක ගන්න අයදුම් කරන්න කොලබ ගියා, උදෙන්ම ගියත් ඉතින් දිග පෝලිමක් එතන බහුතරය පිට රට රස්සා වලට යාමට බලාපොරොත්තුවෙන් පොලිස් වාර්තාව ගන්න ආපු අය.
මම ඉතින් ඒක ඉල්ලූම් කිරීමේ අයදුම්පත අපේ පොලෝසියේ ජාල සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරලා ගෙදරින්ම පුරවන් ගියේ,, උවමනා ලියකියවිලිත් එක්කම.එතන තිබ්බ අයදුම්පතේ උපදෙස් අනූව මම ඒක පුරවලා දැම්මා එතන තව පිටුවක් තිබුනා විවාහකයෙක් නම් පුරවන්න කියලා,,මම ඉතින් තාම සින්ගොල් මනුස්පයා නිසා ඒක අතෑරලා දැම්මා,
ඔන්න මම පෝලිමේ ඉදගෙන ඉන්නවා, ඔතන ඉන්න රාලහාමි කෙනෙක් ඔය අයදුම්පත් පරීක්ශා කරනවා,,මුන්දෑ මගේ එකත් පරීක්ශා කලා.මෙන්න කියාපි මේකෙ කොලයක් අඩුයි කියලා,,පොර මට අයදුම්පතක් දීලා ඔන්න මේක ආයේ අලුතෙන් පුරවන්න කියාපි, මම අතට අරන් බලනකොට අර මම ගෙදරදි අතෑරපු විවාහකයෙක් නම් පුරවන්න තියන කොලෙයි මුන්දැ මට පුරවන්න කියන්නේ,,මම ඉතින් කිවුවා මම තාම ඒ අමාරුවෙ වැටිලා නෑ කියලා,, ඔන්න මුන්දැ රවලා කියනවා නෑ නෑ ඔය කොලෙත් ඕනා ඒකත් අමුනලා අලුතෙන් පුරවලා ඒ කොලේ යටින් අස්සන දාන්නය කියලා,,මමත් ඔය ආයේ කියවන්න ගියෙ නෑ අර කොලේ මට පුරවන්න මුකුත් නෑ ඒ යටින් අස්සන දාලා දුන්නා.රුපියල් 500ක් එක්ක,රෙජිස්ටර් තැපෑලෙන් ගෙදරට එන්න නිසා රු.40 මුද්දරයක් එක්ක කවරෙකුත් එක්ක.
හා ඉතින් ඕක අයදුම් කරලා සති 2ක් බැලුවා සද්දයක් නෑ,එයාලා නම් කිවුවේ සති 2න් ඒවි කියලා,,කෝ මේක නෑ,මමත් ඉතින් තව සතියක් බලලා කොලබට කෝල් කලා,,මෙන්න එහෙන් කියාපි ඔයාගෙ ගමේ පොලෝසියෙන් උවමනා ලියකියවිලි තාම නෑයි කියලා.
මම ඉතින් පහු වෙනිදම ගියා අපේ ගමේ පොලෝසියට,පලවෙනි දවසෙම හරවලා එවුවා ඒවා කරන රාලහාමි නෑය කියලා,,දෙවෙනි දවසෙ ගිහින් ඉදන් උන්නා මෙන්න වෙන උන්දෙක් මගේ කාරනාව අහලා ඇතුලට එක්කන් ගියා,මුන්දැ කියපි මේවා බාරව ඉන්න රාලහාමි ගොයියා රගර් කීඩකයෙක්ය පොර රගර් ගහන්න ගිහින්ය කියලා.පොර රගර් ගහලා ආවම තමා මේවා ආයේ කරන්න වෙන්නෙ කියලා,,මුන්දෑ හා බලමු ඔයාගෙ කොලබින් ආපු ලියමන තියේද කියලා මේසෙ උඩ හොයන්න ගත්තා,,ඔන්න අස්සක තිබිලා ඒකත් හොයාගෙන,,අර රගර් උන්දගෙ මේසෙ පයිල් එකකට දාලා හා එහෙනම් සතියකින් එන්නකෝ අපි මේක කරලා දෙන්නම් කියලා මාව හරවල එව්වා.සතියක් ගෙවිලා පහු වෙනිදම මට ආයේ ඉතාලි එන දවස,ඔන්න උදෙන්ම මම පොලෝසියෙ,ඔන්න එදත් කියාපි රගර් ගොයියා රගර් ගහන්න කුරුනෑගල ගිහින්ය ආවම තමා මේවා කරන්නෙ කියලා.ඔන්න මාසෙම ගියා අර ගොබිලා රගර් ගහන්න,,මම ඉතින් අපේ නෑයෙක්ට රිසිට් එක දීලා ඉතාලි ආවා.
එයත් කීපවතාවක්ම රස්තියාදු උනා මේ වැඩේට ඒත් නෑ රගර් කතයි අර කතයි මේ කතයි.වැඩේ රබර් වෙනවා.
ඔය අතරේ තමා මට හිතුනේ පොලෝසියේ ලොකු උන්නැහේට ලියමනක් ලියන්න මගේ වැඩේ රබර් වෙන්නෙ මොකෝ කියලා අහලා.ඒකට ලියමනක් ලෑස්ති කරලා රෙජිස්ටර් තැපෑලෙන්ම ලියමනක් දැම්ම,කෝ ලියමනත් සෑහෙන්න රබර් උනා,,ඒකට තමා මම ඉස්සල්ලා බ්ලොග් පෝස්ට් එක ලිවුවේ,,අපේ රටේ තැපෑලේ වේගවත් බව ලියලා.
ඔය අතර කී පාරක් කොලබට කෝල් කලාද,,මගේ යෙහෙලියක්ව දම්මවලා,, මොකෝ මට මෙහෙ ඉදන් ඕවට කෝල් ගන්න වාත වෙන්න වෙලාවයි සල්ලි නාස්තියයි දෙකම නිසා,,අනික ඉතින් කාන්තා කටහඩකට වැඩක් කර ගන්න ලේසි නිසා, මොන ඒ හැම පාරම ඒ කෙලී කිවුවේ එතන ඉන්න එකාලා දංකොටුවෙ පොලෝසියෙන් ලියමන නෑ ඒ අතරේ ඔහොම ඉන්න කියලා වෙන කෝල් ඔය වගේ කතා තමා.
ඔන්න අර ලියමන පහු ගිය මාසේ 30 වෙනිදා වේගවත් දවස් 8 ගමනකින් දංකොටුවේ පොලෝසියට ලගා වෙලා,,පහු වෙනිදා උදෙන්ම පොලෝසියේ ලොකු තැන මට ලංකාවේ ඉදන්ම කෝල් කරපි,මම අර ලියමනේ මගේ පෝන් නම්බරෙත් ලියලා තිබ්බෙ,,මුන්දැ කියපි සමාවෙන්න ඔන්න අපි ඔයාගෙ වැඩේ අදම කරනවා බලන්නකෝ කොලබින් කොලයක් අඩුවෙන් නෙ එවලා තියෙන්නේ ඒක අපි ගෙන්න ගත්තා ආයේ අදම පැක්ස් කලාය කියලා.මමත් ඉතින් පුල් හැපි එකේ මාස 3ට පස්සෙ නේ,,
ලංකාවේ ගෙදරටත් කියලා තිබ්බා ලියමන එයි පොඩ්ඩක් බලන්න කියලා,,මෙන්න බොලේ සතියක් ගියා තාම නෑ,ඔන්න මම අර කෙළීට ආයේ වාත උනා කෝල් කරන්නය කියලා,උන්දෑ ආයේ දවස 2ක්,3ක් උත්සහ කරලා අර කට්ටියගෙන් අහගෙන තිබ්බා ගමේ පොලෝසියෙ ලියමන තාම ආවේ නැය කියලා,කවුරු ඇත්ත කියනවද කවුරු බොරු කියනවද කියලා හිතා ගන්න බෑ,
ඔන්න මම ආයෙත් දංකොටුවට කෝල් කලා,එහෙන් කියාපි අපි පැක්ස් කලාය,,ඔය මිනිස්සු වැඩක් කරන්නෙ නෑය එතකොට ඔහොම කියලා බේරෙනවය කියලා,,පොර කියපි කමක් නෑ අපි එහෙනම් අදම ආයේ පැක්ස් එකක් යවන්නම් කියලා,,මම ඉතින් ස්තූතී කරලා වැඩේ අමතක කරල දැම්මා තවත් මේක පස්සෙ පන්නලා තේරුමක් නෑ වගේ දැනුනු නිසා..
අතෑරලා දාපු නිසාද කොහෙද අර කෝල් එකෙන් දවස් 10 පස්සේ ඔන්න මගේ පොලිස් නිශ්කාශන සහතිකය ගෙදරටම ආවා මාස 4ට විතර පස්සෙ.
මෙච්චර දියුනු තාක්ශනයක් තියන කාලේ මේ වගේ පොඩි දෙයකට සල්ලිත් අරගෙන කාලේ නාස්ති කරන්නේ මොකටද කියන එක ලොකු ප්‍රශ්නයක්.අපි හිතමු දවසට මිනිස්සු 100ක් ආවා කියලා,රු 500 ගානේ කීයක් එකතු වෙනවද,ඒ කරලත් කාර්යක්ශම සේවයක් ලබා දෙන්න මේ මිනිස්සු උනන්දුවක් නෑ.එක්කෝ ඉස්සර වගේ ගමේ පොලිසියෙන්ම මේක ලබා දෙන්න ඕන අර රු 500 අරගෙනම.
මේ මිනිස්සු අඩුම තරමින් දුරකතන ඇමතුමකට පිලිතුරු දෙන්නවත් සූදානම් නෑ,අනික් එක ඒකට ඇමතුමක් ගන්නවා කියන්නේ ලොතරයියක් සූරලා ජයග්‍රහනය කරනවා වගේ දෙයක්.මෙවැනි සුලු දේවලුත් නූල් බෝලයක් පටලලා වගේ අවුල් කරන දෙපාර්තුමේන්තුවකින් ජනතාවට ඉහල සේවයක් අපිට කවදා ලබා ගන්න හැකි වේවිද?ItalyDilanhttp://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.com6tag:blogger.com,1999:blog-3736857477708060031.post-4919392756814771192015-11-22T22:32:00.001+01:002015-11-30T07:00:17.282+01:00ශ්‍රී ලංකා තැපැල් සේවය / Sri Lanka Post
ශ්‍රී ලංකා තැපැල් සේවය ලෝකයේ ඉතා පැරණි තැපැල් සේවයක් ,ආරම්භක ඉතිහාසය 1882 දක්වා දිව යනවා,අද 2015 වෙද්දී ලෝකෙ තැපැල් සේවය ඉතා දියුනු අඩියක තිබෙන්නේ,මම මේ පෝස්ට් එක ලියන්න හිතුවේ අපේ රටේ තැපැල් සේවය පෙනුමෙන් දියුනු වගේ පෙනුනට ඉතා මන්දගාමී තැපැල් සේවයක් බවට පත් වෙලා.
පහු ගිය දවසක මම ඉතාලියේ සිට ශ්‍රීලංකාවට රෙජිස්ටර් තැපෑල යටතේ ලියමනක් තැපැල් කලා,,ලියමනේ ලස්සන කතාවකුත් තියනවා ඒක ඊලග පෝස්ට් එකට ,,ලියමන මම සිටිනා නගරයේ සිට තැපැල් කලේ ඔක්තෝම්බර් 12 වෙනිදා කොටින්ම සවස 7 විතර සවස් යාමයේ වැඩ කරන තැපැල් ස්තානයකින්.මා සිටින්නේ දකුණු ඉතාලියේ නිසා දවස් 2ක් ගත වෙලා ලියමන මිලානෝ නගරයේ ප්‍රධාන අන්තර්ජාතික තැපැල් මධ්‍යස්ථානෙට ලගා වෙලා තියනවා.ඉන්පසු දවස 8ක් ගතවෙලා එය කොලබ ප්‍රධාන තැපැල් හුවමාරු මධ්‍යස්තානෙට පැමිනිලා තියනවා.
විහිලුම කතාව දැන් එදාම කොලබින් ලියමන ගමනාන්තය වෙන දංකොටුවටත් පිටත් වෙලා,,ඒත් කොලබ සිට දංකොටුවට මේ ලියමන එන්නෙ 30 සිකුරාදා ඔය කෙටි දුර එන්නත් දවස් 8 ගත වෙලා.
ඉතාලියේ තැපෑලක් අන්තර්ජාලයෙන් අපිට එය ලබන්න අතට පත් වෙනකන්ම පරික්ශා කර බලා ගන්න පුලුවන්කම තියනවා,,එය මට කොලබට ලගා වෙනකන්ම පෙන්නුවා,,ඒ වගේම අපේ රටේ තැපෑල් සේවයට අදාලව අන්තර්ජාල පරීක්ශාවත් බාගෙට පෙන්වනවා නමුත් ලබන්නාට අදාල කොටස නෑ,, ඔන්න පහල අපේ රටේ අන්තර්ජාල පරීක්ශාව මම ඉදිරිපත් කරලා තියනවා,
මෙය මාගේ පලමු අත්දැකීම නෙවේ,මා ඊබේ හරහා සෑහෙන ගණුදෙනු ප්‍රමානයක් කරලා තියනවා,,ඉතාලියට වගේම ලංකාවටත්,,මා ඉතාලිය වෙත ලබා ගන්නා භාන්ඩ උපරිම දවස් 20 ඇතුලත මා වෙතට පැමිනෙනවා.ඒත් ලංකාවට එන්න අඩුම මාසයක්වත් ගත වෙනවා,ඒ වගේම භාන්ඩ නැති වීම්,අතුරුදන්වීම් පවා සිදු වෙලා තියනවා,ඔය නිසාම ඊබේ වලින් අද අපේ රටට භාන්ඩ එවන්නෙ නැති විකුනුම්කරුවෝ බහුලයි.ඔන්න අපේ රටේ තැපෑලේ දියුනුව.
අද තාක්ශනය අනුව වේගවත් සේවයක් දෙන්න පුලුවන් කම තියනවා,,ඒත් ඉතින් අපේ රටේ තැපෑල ඉබි ගමනින් තමා තාමත් දුවන්නේ.ItalyDilanhttp://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.com18tag:blogger.com,1999:blog-3736857477708060031.post-64259092776572605292015-10-18T23:09:00.000+02:002015-10-18T23:13:21.660+02:00මගේ චාරිකා - ගිණි කන්දක් වෙත ආයෙත්...කාලෙකට පස්සේ බ්ලොග් එක මතක් උනා,,කම්මැලිකමත්,ලංකාවට ගිය නිසාත් බ්ලොග් පලාතෙ එන්න විදිහක් නැති උනා.කොහොමත් මේක අමතක කරන්නත් බෑනේ.
මේ වසරේ ලංකාවට ආපු නිසා වසරේ නිවාඩුව ඔහොම්ම ඒකට,,ඒත් ලංකාවට එන්න ඉස්සල්ලා පොඩි ට්‍රිප් එකක් යාගන්න පුලුවන් උනා.දකුණු ඉතාලිය කියන්නේ යුරෝපයේ ගිණි කදූ කීපයක්ම තියන ප්‍රදේශයක් මම මීට ඉස්සල්ලත් ගිණි කදු ගැන මගෙ බ්ලොග් පෝස්ට් එකේ ලියලා තියනවා,මේ තවත් ගිණිකදු බලන්න ගිය සවාරියක්.
සිසිලි දූපතට අයිති පුංචි දූපත් සමූහයක් තියනවා දූපත් 7ක් පමන අයෝලියානු දූපත් නමින්, සිසිලි දූපතට ලගම දූපත තමා වුල්කානෝ කියන දූපත මෙය දූපතක් උනාට සක්‍රීය ගිණි කන්දක්,සිසිලි දූපතෙන් මේ දූපත් වලට ගමනාගමනයට මගී නැව් සහ අධිවේගී යාත්‍රා සේවයක් පවත්වාගෙන යනවා,,නැවේ නම් වාහනත් එක්කම යන්න පුලුවන්.මේ දූපත් සමූහය ලෝකෙ එක් සංචාරක පුරවරයක්,,ලෝකෙ ප්‍රසිද්ද මිනිස්සු සෑහෙන පිරිසකගේ නිවාස පවා පිහිටා තියනවා,,ඒ එක්කම බිල් ගේට්ස් පවා මේ දූපත්වලට එන්න පුරුදු වෙලා ඉන්නවා ඒ තරම්ම ප්‍රසිද්දයි.
මගේ චාරිකාව උනේ වුල්කානෝ දූපතට,අධිවේගී යාත්‍රාවකින් තමා ගියේ,දූපතේ පිහිටා තිබෙන්නේ කුඩා අවන්හල්,නවාතන් පොලවල් කුලියට දෙන නිවාස තමා,,මම දවසින් ආපු නිසා ගිණි කන්ද නගින්න නම් බැරි උනා,එයට විශේස සපත්තු පවා ඒ අසල කුළියට දෙනවා කදු නගින උපකරනත් සමග,අපි ඉතින් දූපතේ වාහන රෙන්ට් කරන ස්තානෙකින් වාහනයක් අරන් දූපත පුරා ඇවිද්දා,මේ පහල තියෙන්නේ ගිණි කන්ද..
මේ දූපතේ විශේශ දෙයක් තියනවා කුඩා සල්පර් කන්දක්,සිංහලෙන් කිවුවොත් ගෙන්දගම් කන්දක්,මේක ඇති වෙලා තියෙන්නේ මේ ගිණි කන්ද නිසා,මේ කුඩා ගෙන්දගම් කන්ද පාමුලම තියෙන්නේ කුඩා විලක්,,මඩ පිරෙන,,අර කන්දෙන් ගලන ගෙන්දගම් මේ කුඩා විලට එකතු වෙනවා,ගෙන්දගම් මිශ්වන මඩ නාන්න මේ දූපතට යන සේරම සංචාරකයන් පුරුදු වෙලා ඉන්නවා,,විශේශයෙන් මේ ගෙන්දගම් මිශ්‍ර මඩ ශරීරයේ චර්ම රෝග වලට අස්ථි රෝග වලට ඉතා ගුනදායකයි කියලා කියනවා.
මේ තියෙන්නේ ගෙන්දගම් කන්ද.
මමත් ඉතින් මඩ නාගන්න බැස්සේ පොඩ්ඩක් හරි සුදු වෙන්න කියලා හිතාගෙන,මේකෙන් මඩ අරගෙනම මඩ හොයන්න පුදුම ගේමක් දෙන්න ඕනා,,පොලව කට්ට වෙන්නම මේකට බහින උන් මඩ සූරලා අරගෙන ඇගේ උලා ගෙන.මමත් සුදු වෙන්න ආපු චැන්ස් එක නේ කියලා හිතාගෙන අස්සකින් මඩ හොයාගෙන මුලු ඇගේම ගාගත්තා.මඩා ගාපු ගමන් සුදු උනා නේන්නම් මරු එකට,ඔය පහල ඉන්නේ මඩ නාලා සුදු උනු මමතුමා.
මඩ වේලුනාට පස්සෙ එතනම මූදට බහිනවා මිනිස්සු,,මේ හරියේ මූදු වතුර ගොඩක් රශ්නෙයි අර ගිණි කන්ද නිසා,,වතුර බුබුලු නගිනවත් පේන්න තියනවා.මමත් ඉතින් මූදට බැහැලා ආයේ ගොඩට එනකොට ආයෙත් මම උන්නු පාටටම ආවා නේ.සුදු වෙන්න හිතාගෙන බැස්සට වෙච්චි සුදක් නම් නැ,,කොහොමත් ඔය ප්‍රතිකාර කරනවා නම් අඩුම දිනපතා මාසයක්වත් බහින්න ඕනලු.
මේ මඩ නාගන්න සංචාරකයෝ පහල ඉන්නේ
පස්සෙ හොදට මූදෙ නා ගත්තා,,මූදු වෙරලෙ වැලි කලුම කලු පාටයි,කලු පාට මූදු වෙරලක් මේ දූපතට හිමි වෙලා තියෙන්නේ,හොදට මූදෙත් නාගෙන සවස ආයෙත් අපි දූපතෙන් පිටත් උනා,,ලබන වසරේ ආයෙත් යන්න හිතාගෙනම ආවා,,මොකද තවත් ගිණිකදු කීපයක් තියනවා මේ දූපත් 7 තුළම.ලන්කාවට ගිහින් අපේ බ්ලොග් කරුවන් පිරිසක් එක්ක අපේ අස්ල්වැසි රටේ සංචාරයකටත් ගියා නේ ඒකත් ලියන්න ඕනා බ්ලොග් එකේ පාලුව යවන්න....
ItalyDilanhttp://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.com5tag:blogger.com,1999:blog-3736857477708060031.post-60426795083250548492015-07-12T22:36:00.003+02:002015-07-12T22:36:57.776+02:00පුංචි ආයාචානයක්...
මාගේ හිතවතෙකු විසින් කරන ලද ඉල්ලීමක් අනූව මෙය පෝස්ට් කරන ලදි..කැමති නම් මෙය ශෙයා කරන්න..ItalyDilanhttp://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.com1tag:blogger.com,1999:blog-3736857477708060031.post-27026840064034320372015-06-03T14:00:00.001+02:002015-06-03T14:00:45.709+02:00එක්ස්පෝ 2015 සහ අපේ දේශපාලුවෝ
EXPO 2015 ( Universal Exposition) ලෝකෙ ලොකුම වෙළද ප්‍රදර්ශනය තමා මේ,,මේ වසරේ පැවැත් වෙන්නේ ඉතාලියෝ මිලානෝ නගරයේ,,මැයි පලමු වෙනිදා ආරම්භ උනා මේ වසරේ ඔක්තෝම්බර් 31 වෙනිදා අවසන් වෙනවා.මේ වසරේ රටවල් 145 මේ ප්‍රදර්ශනයට සහභාගි වෙලා තියනවා,හෙක්ටයාර් 200 පමන බිමක් ප්‍රදර්ශය සදහා වෙන් වෙලා තියනවා,,ප්‍රදර්ශනය නැරබීමට මිලියන 20 ජනතාවක් අපේක්ශා කරලා තියනවා. Feeding the Planet, Energy for Life තේමාව යටතේ මේ වසරේ ප්‍රදර්ශනය පැවැත් වෙනවා.කොහොමත් සංචාරක,කර්මාන්ත ප්‍රවර්ධනය පවා මේ යටතෙම සිදු වෙනවා.
ඇත්තටම සියලුම කුඩා රටවල් පවා තමන්ට වෙන් උනු බිම්කඩේ තමන්ගේ රටේ සංස්කෘතිය,වගාකටයුතු,සංචාරක කර්මාන්තය යොදාගෙන ලස්සන ගොඩනැගිලි හදලා තියනවා,,මේ යට තියෙන්නේ එහෙම ඉදිරිපත් උනු ගොඩනැගිලි.
ඉතාලිය (මෙය ඉතාලියට අයත් එක ගොඩනැගිල්ලක් පමණි)
රුසියාව
එක්සත් අරාබි එමීරය
චීනය
තායිලන්තය
වියට්නාමය
මැලේසියාව
ඇන්ගෝලාව
තමන්ගේ රටේ අභිමානය පෙන්වන්න තමන්ගේ සංස්කෘතිය විදහාපාලා ඉහත වගේ සෑම රටක්ම පාහේ මේ අවස්ථාවෙන් මහගු ප්‍රථිපල ලබා ගන්නවා.එයට හොදම උදාහරනයක් නේපාලය,තමන්ට සිදු උනු දරුණු විපත හමුවේ පවා තමන්ට හැකි අයුරින් ඉතා ලස්සනට තමන්ගේ ප්‍රදර්ශන භූමිය සකස් කරලා,විපතට පත් අය වෙනුවෙන් ආධාර වැඩසටහනක් පවා ක්‍රියාත්මක කරනවා.
අපේ රටටත් ඉතා ලස්සන ගොඩනැගිල්ලක් ඉතාලි රජයේ මුදලින් ඉදිරිපත් කරලා ඉදිකරලා දුන්නා,,අපේ රටේ දියවන්නාවේ ඉන්න බත් කන හරක්ගේ සහ උන්ගේ පස්ස ලෙව කන නිලධාරීන්ගේ කාර්යක්ශමතාවය සහ තැනට සුදුසු නුවන නිසා,එහෙම හම්බුනු ගොඩනැගිල්ල තමා මේ,,,ඔය එක එක ආටෝප මොකටද අඩු වියදමින් ඉතාලිකාරයෝම අපිට මෙහෙම එකක් හදලා දුන්නා නේ..
මේ ඉතා ලස්සන පකිස් පෙට්ටිය හදා දෙන්න මුල් උනු කතාව මිලානෝ නගරයේ වාසය කරන රවී සොයිසා මහත්මයා ඉදිරිපත් කරපු සටහන එයාගේ අවසරයෙන් මගේ පෝස්ට් එකට යොදා ගන්නවා,,ඔයාලත් කියවලා බලන්න.
'එක්ස්පෝ' ලොව දැවැන්තම වෙළද ප්‍රදර්ශණයයි .........
2015 වසරේ එය පැවැත්වෙන්නේ ඉතාලියේ 'මිලානෝ' නගරයේය ......
යුරෝපයේ වැඩිම ශ්‍රී ලාංකිකයෝ පිරිසක් රැදී සිටින්නේ ඉතාලියේ නිසා .......
බොහෝ දෙනෙකු බොහෝ බලාපොරොත්තු තබාගෙන සිටියේය ....
ව්‍යාපාර කළමණාකරන විෂයක් විදියට හදාරා ඇති නිසා මට බොහෝ පෙනෙන්නට විය .........
මම මේ මහගු අවස්ථාවෙන් රටට බොහෝ දේ ලබා ගත හැකි බව දැක්කේය .......
සැලසුමක් ඇතුව අවතීර්න වූහොත් 2020 දී 'යුරෝපයේ ශ්‍රී ලාංකික වෙළද කේන්ද්‍රය-මිලානෝ' කර හැකි බව අවබෝද විය .........
'යුරෝපා වෙළද පොල අධ්‍යනය කරන්නට විය' ........
'නැව් නො එන හම්බන්තොට හා 'ජෙනොවා වරාය' එකතු කරන හැටි ...... ගුවන් යානා
නො එන මත්තල හා 'ලිනාතේ ගුවන්තොටුපල' එකතු කරන හැටි ...... ඒ දෙකට අනුබද්ධව
මධ්‍යස්ථානයක් හදන හැටි ....... එතැන් සිට 'යුරෝපයේ' අනෙක් රටවලට ප්‍රති
අපනයන කරන හැටි ........ ඒ සදහා ආයෝජකයින් හොයා ගන්නා හැටි ....... සියල්ල
සැලසුම් කලේය ....'
'ඉන් පසු මේ සැලසුම් මිලානෝ නගරයේ ඉන්නා රටට ආදරේ කරනා මිනිසුන් කීප දෙනෙකුට පෙන්නුවේය .......'
'ඔවුන් මහත් ඉහලින් අගේ කොට -මල්ලි වැඩේ පටන් ගන්න අපි සහය දෙනවායි මා දිරි ගැන් විය .......'
ඔවුන්ගේ සහයද ඇතිව අපි 'තානාපති' වරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් සංවිධානය කලේ ....... ඒ සදහා බර පැන දැරුවේද අපමය ......
අපි ඉල්ලා සිටියේ මේ ප්‍රදර්ශණයේ ලංකාවෙන් සම්බන්ද වන අය තානාපති කාර්යාලය හා 'මිලානෝ' නගයේ වෙසෙනා කමිටුවක් හදන ලෙසය .....
''ඒ සදහා තානාපති වරයා දැක්වූ ප්‍රතිචාර ....... ජනතා මුදලින් නඩත්තු වෙන
එකෙකු තියා ලක් බිමේ 'පෙකනිය' කැපූ කිසිවෙකුගෙන් බලාපොරොත්තු විය නොහැක''
අපි ආරාධනා කර තිබුනේ ..... 'තානාපති' වරයෙකුටත් වඩා 'බත්
කන හරෙකුටය ........ වඩාත් කේදනීය වූයේ ..... ඔහුගේ නුගත්කමට උද්දච්චකමත්
වගකීම් විරහිතකමත් ..... රට ගැන හැගීමක් නොමැති බවත් එක්වී තිබීමය
මේ 'එක්ස්පෝ' කථාන්දරයේ රටට වසන් කල කොටසක් තිබේ ...... වෙළද
ප්‍රදර්ශණ සදහා ආරාධනා ලැබෙන්නේ රටකටය ....... මේ සදහා අපේ රටටද ආරධනා
ලැබුනි ...... එහෙත් ඒ සදහා 'යුරෝ ලක්ෂ 4ක්' එනම් රුපියල් ලක්ෂ 600ක්
වියදම් කිරීමට එවක රජය අකමැති විය ..... දුකට කාරනය නම් 'රට' වෙනුවෙන් ලක්ෂ
600ක් වියදම් නොකරන රටේ ඉන්දියාවේ නලු නිලියන්ට සම්මාන දෙන්න ලක්ෂ 1800ක්
වියදම් කිරීමය ......
රජය ඉදිරිපත් නොවන නිසා එය පෞද්ගලික ආයතනයකට
දුන්නේය ...... එය 'හියු ඉන්ටනැෂනල්' නම් විය ..... එහි හිමි කරු දුලාංජලී
ප්‍රේමදාසගේ මාමණ්ඩියයි ...... වෙනත් මාර්ග වලින් මා ඔවුන් හා සම්බන්දකම්
ගොඩ නගමින් සිටියේය ......
එහෙත් පෙබරවාරි මාසය වන විට ඔවුන් එය අත හැර දැම්මේ 'රටක්' ලෙස ලොවක් ජයගන්නට තිබූ අවස්තාවක් ලක් මවට අහිමි කරමින්ය ........
එදා 'හරකෙක්' වෙනුවට ....... 'මිනිසෙක්' තානාපති ලෙස ඇවිත් සිටියේ නම්
...... මේ 'එක්ස්පෝ' අභියෝග ජය ගැනීමට අපේ ඉල්ලීම වූ කමිටුව පත් කරනු ඇත
..... එසේ වී නම් මිලානො වෙසෙන දැහිතකාමී මිනිසුන් මේ අභියෝග ජය ගැනීමට
උදව් කරනු ඇත .......
අපේ රටට මේ අවස්තාව නොවටිනා උනත් ..... ඉතාලියට
ලංකාව වටී ..... ඒ නිසා ඉතාලි රජය ඔවුන්ගේ වියදමින් හැදූ ඉතා කුඩා කුටියක්
ලබා දුන්නේය .......
දැන් ඒ සදහා මැති ඇමතීන් එයි ..... තානපති
කාර්යාලයේ නිලධාරින්ද එයි ..... තවත් රජයේ නිළධාරින්ද එයි ....... මේ සදහා
වියදම් දරන්නේ ඉතාලි රජය නොවේ ...... අපිද දායකවූ යහපාලන රජයයි ..... රජයේ
මුදල් යනු ජනතා මුදල්ය ........ ඒ නිසා එහි වෙන්නේ කුමක්දැයි කියා දැන
ගැනීමේ අයිතියක් රට වැසි සැමට ඇත ........ එසේම ලාංකිකයින්ගේ සම්පත් ඒක
රාශී කොට රට වෙනුවෙන් යොදා ගැනීමද පාලක කාගෙ කාගෙත් වග කීමකි ..... එහෙත්
මෙයට දායක වී ඇති අයගේ හැසිරීම් ගුප්තය ......... ඒ ඔවුන් කෙලවා ගෙන ඇති
නිසාය ......
දැන් අපිට අවශ්‍යව ඇත්තේ කෙලවුනු තැන සෙවීම නොව .......
නැවත නැගී සිටිමටය ...... ඒ නිසා 'සයිබර්' අවකාශයේ දෑ හිතකමී ඔබේ අදහස්
යෝජනා ඉදිරිපත් කරන්න .......ඒ මාස 6න් මාසයක් කාදමා ඇතත් තවත් මාස 5ක්
ඉතිරිව ඇති නිසා .......
මේ 'රට' 'රට කරවන' උන්ගේ නොව ...... අපගේ බව
අපි තේරුම් ගත යුතුය ..... 'රට' කරවන හා කරපු උන් කල හා කරන ජඩකම්, ගොංකම්
හා හොරකම් වලට ගෙවන්නේ අපය .......(ස්තූතිය රවී සොයිසා මහතාට)
මේ වෙද්දී යහපාලන නඩය එක්ස්පෝ බලන්න ඇවිත් බුකියේ සෙල්පි දමමින් සිටී,,ඒත් එකෙක්වත් ඉතාලියෙන් අපිට නොමිලේ දුන්නු පකිස් පෙට්ටිය ඉස්සරහා සිට සෙල්පි නොගනී,අනෙක් රටවල කුටි ඉස්සරහා සිට සෙල්පි දමමින් සිටී,යහපාලකයන්ගෙන්වත් මේ වනතෙක් කිසිම සැලසුමක් පෙනෙන්න නොමැත,උන් සෙල්පි දමන්න විතරක් ජනතා මුදලින් ටුවර් දාගෙන ප්‍රදර්ශනයට පැමිනෙමින් තියනවා,අපිට මේකෙන් ප්‍රයෝජනයක් තියනවද කියලා හිතෙන්නෙ නෑද කොහෙද?ආරම්භක උත්සවයේදී මිලානෝ නගරයේ සිටින අපගේ නැටුම් කණ්ඩායමක් නැටුමක් ඉදිරිපත් කර එයට ඉහල ප්‍රතිචාර ලැබුනා.ඊට අමතරව අපේ රටේ ප්‍රධාන සංචාරක ආයතන කීපයක් මේ කුටියේ සිට ස්ංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් පවත්වාගෙන යනවා,,,එහි යම් මූලිකත්වයක් දමිළ ජාතියෙක් විසින් සිදු කරන්නේ.මේ වගේ අවස්තාවලින් ප්‍රයෝජනයක් නොගන්න මිනිස්සු අපේ රට දියුණු කරාවිද?ItalyDilanhttp://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.com7tag:blogger.com,1999:blog-3736857477708060031.post-62044563340544850822015-05-13T16:00:00.002+02:002015-05-13T16:02:28.054+02:00සාන්ත පියෝ පියතුමා සහ ඇග්රි ටුවරිෂම්.....
පහු ගිය පාස්කු නිවාඩුවට මම පොඩි චාරිකාවක් ගියා,ඒ ඉතාලියේ ජනතාව අතර ප්‍රසිද්ධ සාන්තු වරයෙක් වෙන පියෝ පියතුමාගේ ගමට එතුමා වාසය කරපු පල්ලිය බලන්න,සිසිලි දූපතේ ඉදන් 650km විතර ඈත ගමනක්,රෑ පිටත් වෙලා උදේ අපි ඒ පල්ලියට ලගා උනා ඉතාලියේ පෙරූජියා දිස්ත්‍රික්කේ පෝජ්ජියා කියන ප්‍රදේශයේ සන් ජොවන්නි රොතොන්දෝ කියන ගමේ තමා මේ පල්ලිය පිහිටලා තියෙන්නේ,,හරිම ලස්සන නිස්කලංක පරිසරයක් මේ පලාතම,, සෑම බිම් අගලක්ම නොයෙක් වගාවන්ගෙන් පිරිලා,ඒ එක්කම විදුලිය නිපදවන සුලං බලාගාරත් කීපයක්ම දකින්න හම්බුනා,බලන්න ලස්සනයි සෑම තැනම මොකක් හරි වගාවකින් පිරිලා තියනකොට,,ඒ එක්කම මේ පල්ලිය නිසාම ලෝකෙ පුරා එන සංචාරකයින් වෙනුවෙන් ඒ පරිසරයට හානියක් නොවෙන ලෙස හෝටල් කර්මාන්තයත් බහුලව දකින්න ලැබුනා,,ඇග්‍රී ටුවරිශම් මම මොකද්ද කියලා දැක්කේ මේ ප්‍රදේශයෙදී,පල්ලියට එන සෙනග නිසා මේවට හොද තත්වයක් තියනවා,,කෑම බීම හැමදේම ඒ ගොවිපලේම නිපදවෙලා ඒවා සංචාරකයින්ට විදින්න ලැබීම ලස්සනටම සිදු වෙනවා.
පියෝ පියතුමා ගැන පොඩි විස්තරයක් කියනවා නම්
මේ ඉන්නේ පියෝ පියතුමා
1887 මැයි මස 25 දා ඉතාලියේ උතුරු නාපොලි නගරයේ පියෙත්රෙල්විනා
ගමේදී පියෝ පියතුමා දුප්පත් ගොවි පවුලක උපත ලබලා තියෙන්නේ. අවුරුදු 16 දි ප්රැන්සිස්කන් නිකායට ඇතුලු වෙලා 1909 දි පූජකවරය ලැබුවා,
පූජකවරයෙන් වසරකට පස්සෙ තම දෑත් වල ගැඹුරු වේදනාවක් ඔහුට ඇති වෙලා තියනවා. පස්සේ අත් දෙකේ සහ කකුල් දෙකේ තුවාල ජේසු තුමාව ඇණ ගැසූ ආකාරයට සිදු උනු ශ්‍රී වණ කැලැල් ලෙස පරිවර්තනය වෙලා තිබුනේ.ඒ එක්කම ලේ ගැලීම් ඒ තුවාල වලින්.
ඒ දර්ශනය පරිදි ඒසේම ලේ ගැලීමක් වසර 50 කාලයක් සිදු වෙලා තියනවා
කපුචින් ප්‍රැන්සිස්කන්වරු මෙය අනාවරණය කෙරුවා පස්සෙ මාධ්‍ය තුලින් ලෝකයාට දැනගන්නට ලැබුනා
මේ අතර එතුමා ජිවත් වූනු දකුණු ඉතාලියේ ෆොජ්ජියා හී සාන්ත ජොවන්නි
රොතොන්දො නගරයට, එතුමාගේ පුජාව සඳහා දස දහස් ගණන් පැමිනෙන්නට පටන් අරගෙන තියනවා.මේ ගැන
වතිකානය පරීක්ෂණ ඇරබුවා ඊට පස්සෙ,
කීප වතාවක්ම එතුමාට වතිකානුවෙන්ම බලපෑම් ආවා,කොටින්ම පූජාවක් තියන එක පවා නවත්තලා තියනවා, ඒත් කල් යත්ම ඒ සිදුවීම සියල්ල වෙනස් වෙලා තියනවා,ඉතාලිය පුරා ගිය මේ සිදුවීම් නිසා ජනතාව දාස් ගනනින් පියෝ පියතුමා වෙත එන්න අරගෙන තියනවා,,පස්සෙ ලෝකෙ පුරා මෙතුමා ජනප්‍රිය උනා.
1968 සැප්තැම්බර් 23 උදෑසන එතුමාගේ අත් පා වල තිබුනු තුවාල සුව වෙලා තියනවා,,ඒත් එදින එතුමා ස්වර්ගස්ථ උනා.
මෙතුමා මෑත කාලේ ජීවත් උනු කෙනෙක් නිසාම ඉතාලියේ නිර් ආගමිකයින් පවා මෙතුමාට ගරු කරනවා,ඒ එක්කම අදටත් මෙතුමා ලගට ගිය මිනිස්සු තාමත් ජීවත් වෙන නිසාත් එතුමා ඇසුරු කරපු අය සිටින නිසාත් ඒ අයගේ කතා නිසා අදටත් මිනිස්සු ඉතා ගරු කරනවා.
මේ අලුත් පල්ලිය
මෑත කාලයේ නිර්මානය කරපු පල්ලියත් ඉතා ලස්සනයි, පැරනි පල්ලිය වෙනසක් නොකර අලුතෙන්ම වෙනම පල්ලියක් හදලා තියනවා,,ඒක නම් රෝම සම්ප්‍රදායට හදපු පල්ලියක් නෙමේ,,ඒත් එක්කම මොසයික් ක්‍රමයට සිතුවම් විශාල ප්‍රමානයක් නිර්මානය කරලා තියනවා. මෑත කාලයේ ගොඩ නගපු පල්ලි වල මේ මොසයික් චිත්‍ර ක්‍රමය බහුලව යොදා ගන්නවා
මට මේ ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය දකිනකොට හිතුනේ අපේ රටෙත් ආගමික පරිසරයට අනුකූලව ඒ කර්මාන්තය කොච්චර දියුනු කරන්න පුලුවන්ද කියලා,,,මේ ප්‍රදේශයේ සමහර හෝටල් වල ආගමික වැඩසටහන් පවා ක්‍රියාත්මක වෙනවා කියලා අහන්න හම්බුනා,අපේ රටටත් පොඩ්ඩක් ආගමික පැත්ත බලලා මේ සංචාරක කර්මාන්තය දියුනු කරන්න ලේසියෙන්ම පුලුවන්,,බලන අයගෙන් බැනුම් අහන්න හරි කෙලින්ම කිවුවොත් බුදු දහම අපිට මේකට යොදන්න පුලුවනි,,දහමට හානියක් නොකර,,තායිලන්තෙ මේ දේ කරනවා කියලා කියන්න දෙයක් නෑ නේ,මේක කිවුවා කියලා ඇනෝලා රෙදි උස්සගෙන නම් එන්න එපා,,ඔන්න මම ගියා...ItalyDilanhttp://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.com6tag:blogger.com,1999:blog-3736857477708060031.post-16394071813078361162015-04-06T11:05:00.001+02:002015-04-06T11:05:37.779+02:00හිරේ ගියෙමි..
එදා පොලිසියෙන් මගේ ගෙදරට තට්ටු කරද්දී පාන්දර 4, පස්සෙ තමා දැන ගත්තේ එදා පාන්දර 4 අපි සෙට් එකේ අනිත් 6 දෙනාවත් පාන්දර 4ට පොලිසියෙන් අරන් තිබුනෙ කියලා.තවත් ටීම් එකක් එක්ක තිබුනු ගහ ගැනිල්ලක් දුර දිග ගිහින් අපි සෙට් දෙකම ඒ වෙනකොට ඉතාලි පොලිස් පොතේ නම් ගිහින් තිබ්බෙ. සමහර අයගේ නවාතැන් බලපත් පවා පොලිස් භාරයේ තිබුනේ,කොහොම හරි අවසන් පාරට අපේ සෙට් එකේ ලොකු අයියා උගෙ මල්ලි වයිප්ලා එක්ක ගෙදර ඉද්දී අනික් ටීම් එකේ සෙට් එක ගැණු මිනිස්සු ලොකු පිරිවරක් ඇවිත් දරුණු ප්‍රහාරයක් එල්ල කෙරුවා,කොටින්ම අපේ සෙට් එකේ අරුන් දෙන්නගේ ගෑණුන්ට පවා ස්පිරිතාලේ යන්න වැඩ සිද්ද උනා,,ඒ සීන් එකේදී අරුන්ගෙ සෙට් එකේ 3ක් පොලිසියෙන් ඇරෙස්ට් කලා.ඔහොම දවස් කීපයක් යද්දී තමා අපේ ලොක්ක උන්ගෙ මල්ලි එක්ක යද්දී අරුන්ගෙන් එකෙක්ව තනියම පාරෙදි සෙට් වෙලා තියෙන්නේ, මේ යක්කු දෙන්නා අරූව බලෙන් කාර් එකට ඔබාගෙන්,ඕක දැකපු පාරෙ ඉතාලි පොරක් පොලිසියට කියලා කාර් එකේ නම්බරෙත් එක්කම,මගෙත් අවාසනාවට එදා සවස ලොක්කගෙ ගෙදර ගියා එතකොට අරූව පුටුවක තියලා සෙලෝටේප් ගහලා හොද පාඩමක් උගන්නන්න කියලා,,මොනා කරන්නද මම ගිහින් විනාඩි 5ක් ගියෙ නෑ පොලිසියෙන් පැන්නා,,එදා අපි සෙට් එකම දවස් කීපයක් පොලිසියෙ ඉදලා තමා ආයෙ ගෙදර ඇවිල්ලා උන්නෙ,පස්සෙ දවස් කීපයකට පස්සෙ තමා අර විදිහට පාන්දර සෙට් එකවම ඇරෙස්ට් කලේ,අපේ සිටි එකේ 5ක් එක්ක අනික් එකා උන්නේ මිලාන් නගරෙයේ මෙහෙන් පෑනලා ගිහින්,,මම ඊට ඉස්සරින්දා රෑ ඌට කෝල් කලා,,ඒක පොලිසියෙන් නෝට් කරලා අරූ ඉන්න ගෙදරටම ගිහින් අපිව ගත්තු වෙලාවටම අරූවත් අරගෙන තිබුනා,
ඒ වෙද්දී අනික් සෙට් එකේ උන් අපිට කේස් වැටෙන්න බොරු පැමිනිලි ලෝඩ් එකක් දාලා තිබ්බෙ,සමහර ඒවා බොරු කියලා පොලිසියටම දැන ගන්න පුලුවන් උනේ සමහර පැමිනිලි වල දින වල අපි පොලිසියෙ උන්නු නිසා.ඒත් අරූව පැහැර ගත්තු කේස් එකට අපිව ඉක්මනින්ම අවුරුදු 2ට හිරේ යන්න තීන්දු උනා,,තවත් නඩුවක් ඉතුරු උනා.
තට්ටු දෙකක් උනු ඒ බිල්ඩිමේ පහල තට්ටුවට අපි සෙට් එකවම වැටුනා,කාමර 45ක් තිබුනු ඒ තට්ටුවේ එක කාමරේකට හිරකාරයෝ දෙන්නයි,මාව අපේ ලොක්කා එක්කයි වැටුනේ,අනික් උනුත් අපිට අල්ලපු කාමරවලටම වැටුනෙ,ඒත් දවස් 5යි මම අපේ උන් එක්ක උන්නේ,නොයෙක් මත ගැටුම් නිසා මම තීරනේ කලා උඩ තට්ටුවට මාරුවක් ගන්න.
ඔය මාරුවක් ඉල්ලලා ඒ බිල්ඩිම බාරව ඉන්න ජේලර්ට ඉල්ලීමක් ඉදිරිපත් කරාම පොර උඩ තට්ටුවේ කාමරේක ඉඩක් ආපු ගමන් මට මාරුව හදලා දුන්නා,එදා ඉදන් මම උන්නෙ උඩ තට්ටුවේ මගේ කාමර සගයා ඉතාලි කොලුවෙක්,ඌ හරි හොද එකා,,මට හිර ගෙදර තියන නීති එතකොට හිරකාරයෝ අතරේ තිබ්බ නීති අපි කොහොමද සිටිය යුත්තේ කියන ඒවා විස්තර කරලා දුන්නේ ඔය කොලුවා.
උදේ 8 වෙද්දී අපි පිරිසිදු වෙලා කෑමට ලැස්ති වෙන්න ඕනා,උදේ 9 වෙනකන් නිදා ගැනීම තහනම්, නිදි නම් ඒ යම් කිසි අසනීපයක් නම් විතරයි ඒත් අස්නීපයක් නම් හැමදාම උදේ 8.30 එන දොස්තරට ලෙඩේ කියන්න ඕනා, හිර ගෙදර අපිට පොයින්ට් හම්බෙන කාඩ් එකක් තියනවා 9 වෙනකන් නිදියලා අහු උනොත් ලකුනු කැපෙනවා, උදේ කිරි,තේ කෝපි හම්බෙනවා කාමරේටම ඒවා එනවා ට්‍රොලියක,ඒ වගේම තමා දවල් රෑ කෑමත් කාමරේටම එනවා,ඒවා පිලියෙල කරන්නෙත් හිරකාරයොමයි.
ඉතාලි හිරේ කෑම ගැන කියනවා නම් කෑම අජූතයි,තනිකර වතුර,කිසි රසක් නැති, උදේට සමහර දවසට කිරිත් එහෙමයි, ඒත් මෙහ මරු ක්‍රමයක් තියනවා,අපි හිර ගෙදරට එද්දී අපිට සල්ලි එකවුන්ට් එකක් හැදෙනවා,ඒකට අපේ ගෙවල් වල අයට සල්ලි පුරවන්න පුලුවන්,ඒ සල්ලි වලින් දිනපතා එන ට්‍රොලි කඩෙන් ඕනම දෙයක් සල්ලි වලට ගන්න පුලුවන් කෑම බීම වර්ග,,හැබැයි එලියෙ තියන මිලට වඩා ඩබල් මිලක් සේරම දේවල්,හිර ගෙදර කෑම චාටර් කරලා,කෑම සල්ලි වලට විකුනන සිස්ටම් එකක් එතන තියෙන්නේ,සවස අපි අපට හෙට ඕනා කෑම බීම වර්ග ලියන කොලේ මාක් කලාම හෙට ට්‍රොලිය එනවා ඒ බඩුත් එක්ක,,අපේ බඩු චෙක් කරලා අරගෙන,ට්‍රොලියේ සේවකයට දැනුම් දෙන්න ඕනා බඩු හරි කියලා අඩු නම් ඒත් දැනුම් දෙන්න ඕනා,,පස්සෙ අපේ සල්ලි අකවුන්ට් එකෙන් සල්ලි කැපෙනවා.අනෙක් අයත් සමග කෑම බීම බෙදා හදාගෙන කෑමත් කරනවා,,ආ කියන්න අමතක උනා අර කැම්ප් ලිප් අර ට්‍රොලියෙන් සල්ලි වලට ගන්න පුලුවන් කෑම උයා ගන්න.
අපිට දවසට දෙපාරක් එලියට යන්න දෙනවා බිල්ඩිම ලග තියන පොඩි පිට්ටනියට පැය භාගයක් විතර,ඒක අපේ තට්ටුවේ අයට විතරයි,අනෙක් තට්ටුවෙ අයට වෙන වෙලාවක්,ඒ යන වෙලාවට විතරයි මට අපේ අනික් අය එක්ක කතා කරන්න හම්බුනේ,
උදේ කැමෙන් පස්සෙ අපි අනිවා අපේ කාමරේ සුද්ද කරන්න ඕනා,, ඒක හිරකාරයන් අතර තියන නීතියක්,ඒක චෙක් කරන්න හිරකාරයෙක්ම උන්නා,,ඉතා පිරිසිදුව සුද්ද කරන්නම ඕනා,,සුද්ද නොකලොත් අර අපේ පොයින්ට් කාඩ් එකේ ලකුනු කැපෙනවා,කාමරේට පොඩි කොමඩ් එකක් මූන හෝද ගන්න පහසුකම තියනවා,නා ගන්න නම් නාන හෝල් එක වෙනම තියනවා තට්ටුවට එක ගානෙ,ඕනා වෙලාවක නාගන්න,රෙදි හෝද ගන්න පුලුවනි,කොහොමත් අපේ තට්ටුවේ අපිට කාමරෙන් එලියට යන්න ඇවිදින්න පුලුවන්,තට්ටුවේ කොරිඩෝව දිගේ.
මේ හැම තට්ටුවකටම හිරකාරයො අතරේ නායකයෙක් ඉන්නවා මෙතන කොහොමත් මිනිමරුවන් වගේ දරුනු අපරාදකාරයෝ,මාපියාකාරයෝ එහෙම නෑ ඒ අයට වෙනම කාමර තියෙන්නේ,නෝමල් වැරදිකාරයො තමා අපේ බිල්ඩිමේම දඩුවම් වින්දෙ,තට්ටුවේ නායකයා තට්ටුවේම සමගිය පිලිවෙල හසුරවනවා,,කාත් එක්ක හරි ගහ ගත්තොත් ඒක හිර ගෙදර ජේලර්ලට පැමිනිලිකරන්න තහනම්,නායකයට පැමිනිලි කරලා කේස් එක විසද ගන්නවා,,සමහර වෙලාවට මිනිහම තමා ගහ ගන්න ඒවා නවාත්තන්නේ,
මම කොහොමත් පාඩුවේ උන්නේ මහ එපා කරපු උන් හිටියා අපේ තට්ටුවේ,,අපි විදේශිකයෝ නිසා එක එක කරදර කරපු උනුත් හිටියා ඒත් ඒ හිරේට ආපු මුල් මාසෙ විතරයි,මම සේරමන්ටම උදේ රෑ සුභ පතලා අඩු කතා බහෙන් සේප් එකේ උන්නා,කීප වතාවක්ම මට තට්ටුවේ කාමර කීපෙකටම මාරු වෙන්න උනා,,ඒ තට්ටුවේ එකෙක් එක්ක හිතවත් උනාම, උගේ කාමරේ එකා නිදහස් වෙලා ගිහාම ඌ මට කතා කරනවා උගේ කාමරේට එන්නයි කියලා,,මම ඉතින් සුහදකම නිසා එහෙම අනික් කාමර වලට ගියා කීප වතාවක්ම.
ඉතාලි හිර ගෙදර දඩුවම් කාලය අවුරුද්දක් නම් ඒකෙන් මාස 3ක් අඩු වෙනවා එතකොට අවුරුද්දට මාස 9 දඩුවම් විදින්නෙ,,අර පොයින්ට් කාඩ් එක චාටර් නම් ඒ මාස 3 අඩුව හම්බෙන්නෙ නෑ තවත් මාස වැඩි වෙනවා මිසක්,උදේ සවස දොස්තර එනවා,ඉරිදටා කතෝලික පාදර් කෙනෙක් එනවා,ඉරිදට නම් දවල් කෑම වේල පොඩ්ඩක් හොදට එනවා,දවස ගානෙ විනාඩි 10ක් ගෙදරට කතා කරන්න පහසුමක් තියනවා ඒකට නම් පොඩි අයකිරීමක් උනේ,අර අපේ සල්ලි අකවුන්ට් එකෙන් සල්ලි කැපුනා,අවුරුදු 2ට හිරේ ගියාට මාස 18න් අපිට නිදහස හම්බුනා,පොයින්ට් කැපුනු නැති නිසා,අනෙක් නඩුවට ගේන්න ඊට ඉස්සරින්දා දැනුම් දෙනවා උදේට ලැස්ති වෙලා ඉන්න කියලා උසාවි යන්න,
ඔහොම තමා ඉතාලි හිරගෙදර දවස් ගෙවුනේ,උදේ වෙනවා රෑ වෙනවා,දවසට පැයක් ඉර එළිය දකින්න හම්බෙනවා,කොහොමත් හිරකාරයන්ගේ පහසුකම් ඉතා ඉහලයි,ඒත් ඉතින් හිරකාරයන්ගෙන්ම හොද ආදායමක් ගන්නවා ඇති,බිල්ඩිමේ තට්ටුවේ අතර විතරයි සබදකම් පහල තට්ටුව සමග කිසි සබදකමක් නැ,,කවුරු හරි කෙනෙක් නිදහස් වෙලා යනවා නම් තට්ටුවේ සියලු දෙනා රැස් වෙලා කෑ ගහලා සුභ පතනවා,එදා මගේ අවසන් දිනයදා මටත් ඒ වගේම ඉහල සුභ පැතුම් හම්බුනා.
-පහු ගිය දවසක මට හම්බුනු පුද්ගලයෙක්ගේ කතාවයි.අප පිට රටකට එන්නේ යම් දෙයක් හම්බු කරගෙන යන්න මිසක් එක එකා සමග ගහ මරාගෙන හිරේ යන්න නොවන බව මේ මිනිස්සුන්ට තේරෙනකොට කාලෙ ගිහින් ඉවරයි,ඉස්සර ඉතාලියේ පොඩි වරදක් කරලා අසු උනොත් පිටුවහල් ක්‍රමයක් තිබුනේ ඒත් අද පවතින රටේ ආර්ථික ගැටලු නිසා පිටුවහල් කිරීම නැවතිලා,මේ පුද්ගලයා සමග මම කල කතාවෙන් මට තේරුනේ මිනිහා දැන් නම් හැදිලා කියලා,නරක මිතුරන් ඇසුර නිසා වසර 2ට ආසන්න කාලයක් අපරාදෙ නාස්ති කර ගත්තා,මිනිහා ඉස්සර හොදට රැකියාව කරන් හිටි එකෙක්,,ඒත් නරක ඇසුර බීමත්කම,චන්ඩිකම ප්‍රදර්ශනය කරන්න ගිහින් හොද දඩුවමක් වින්දා,තවත් නඩුවක් ඉතුරු වෙලා තියනවා,ඒක නම් අහක යාවිලු,,මොකද අනෙක් කන්ඩායමේ උන් උසාවි එන්නෙ නෑලු,සාක්කි එකෙන් එක පරස්පර සාක්ශි ලු,ඒ එක්කම ඒ කස්ටියටත් ඉහත දඩුවම් විදි කණ්ඩායමේ කාන්තාවන්ට රෝහල් ගත වෙන්න පහර දීමේ නඩුව ඉවර වෙන්න ලග වගේම ඒකෙන් කීප දෙනෙක්ටත් ඉහත පුද්ගලයා වගේම හිර දඩුවම් විදින්න වේවි කියලයි මා සමග කතා කල පුද්ගලයා කිවුවේ.
ඉතාලියේ තියන නිදහසෙන් මේ විදේශිකයින් අයුතු ප්‍රයෝජන ගන්නවා කියලයි මට හිතෙන්නේ,ඒත් ඉතින් හිරකාරයන්ගේ බොහෝ වියදම් හිරකාරයින්ගෙන්ම කවර කිරීමකුත් වෙනවා,,ඒක හොද දෙයක්,මැත කාලෙක ඉදන් නම් මා සිටින නගරයේ මේ ගූ කේස් අඩු උනා,,මේ සෙට් එක හිරේ ගිය නිසාඅ, දැන් අනෙක් උනුත් දඩුවම් විදින්නම ඕනා,,එතකොට අනෙක් උනුත් හැදේවි.-ItalyDilanhttp://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.com32tag:blogger.com,1999:blog-3736857477708060031.post-25629687116170361382014-12-25T11:49:00.003+01:002014-12-25T11:49:48.215+01:00සුභ නත්තලක් වේවා!!!
ලැබුවා වූ නත්තල සියලු ලෝකවාසීන්ටත්,අපේ රටටත්,මගේ බ්ලොගට එන සියලු දෙනාටත් සාමයෙන් සතුටින් පිරි සුභ නත්තලක් වේවා!!!ItalyDilanhttp://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.com4tag:blogger.com,1999:blog-3736857477708060031.post-37998402742610686202014-12-13T16:16:00.001+01:002014-12-13T16:20:12.194+01:00සෙක්සි ජනාධිපතිතුමියක් වත් ආවා නම්....
ඒ පැත්තෙන් මේ පැත්තට..
මේ පැත්තෙන් ඒ පැත්තට..
මාරු වෙවි එහෙට මෙහෙට..
ඉන්නවාට වඩා හොදනේ...
මේ වගෙ කෙනෙක්..
ආවානම් රට කරන්න...
ඔක්කොමල්ලා එක පැත්තක..
ඉදිවි යස අපුරුවට....
16 වන ඉතාලි ඇමති මණ්ඩලයේ ලස්සනම කාන්තාව තමා මේ,මරිය එලේනා බොස්කි මෙනවිය වයස 33, ඉතා දක්ශ නීතිවේදිනියක්,ඉහත ලස්සන පොටෝවේ ඉන්නෙ ඇය, මුල් පොටෝව තමා එතුමිය පාර්ලිමේන්තු කටයුතු ඇමතිනිය ලෙස ඉතාලි ජනාධිපති ජෝර්ජෝ නපොලිතානෝ මහතා ඉදිරියේ දිවුරුම් දී අත්සන් කල අවස්ථාව,නපොලිතානෝ මහතා අසල සිටින්නේ ඉතාලි අගමැති මතයෝ රෙන්සි මහතාItalyDilanhttp://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.com17tag:blogger.com,1999:blog-3736857477708060031.post-62673913265602247522014-11-02T23:18:00.000+01:002014-11-03T06:39:34.449+01:00කෙලවල්ලාට කෙලවීම....අන්තිම පෝස්ට් එකේ මම ශ්‍රී ලංකා අපනයනය ගැන ලියද්දී මාළු අපනයනය සහ ඉදිරි කාලයේදී අපේ රටෙන් යුරෝපා වෙළදපොලට මාළු අපනයනයට තහංචි වැටෙන්න යන බව ලිවුවා. ඒ පෝස්ට් එක කියවපු මගේ හිතවතෙක් මේ ප්රශ්නය ගැන යම් තොරතුරු කීපයක් එක්ක මාව දැනුවත් කලා. මේ පෝස්ට් එක ලියන්න හේතු උනේ ඒ තොරතුරු සහ මගේ තවත් හිතවතෙක්ගෙන් දැනගත් තොරතුරු. මේ දෙදෙනාම මාළු සම්බන්ධ දැනුවත් දෙදෙනෙක්.
කෙලවල්ලා
අපේ රටෙන් යුරෝපා වෙළදපොලට පැමිනෙන ප්‍රධාන මාළු වර්ග කීපයක් ඉන්නවා කෙලවල්ලා, සප්පරු ඊට අමතරව කොරල් පර මාලු විදිහට ගරුප, ගල් කොස්සා, ලවයා ඒ අතරිනුත් කෙලවල්ලා තමා බහුතරවම අපනයනය වෙන්නෙ,මේ බහුතර කෙලවල්ලා මාළු අපනයනය. යුරෝපයට දෙවනියට වැඩිම මාළු සපයීම අපේ රටෙන්, මගේ හිතවත් මීගමු ප්‍රදේශයේ මූදු යන හිතවතෙක් කිවුවෙ ඔවුන් බහුදින යාත්‍රා වලින් කිලෝ1500 ට වඩා කෙලවල්ලන් අල්ලනවා කියලා,ඒ මාලු සියල්ලම අපනයනයට බාර දෙනවා කියලයි ඔහු පැවසුවේ, හිතා ගන්න පුලුවන් නේ එතකොට අපේ රටෙන් පිට වෙන මාළු ප්‍රමානය.
සප්පරු
අපිට ඇයි මාළු අපනයනයට තහංචි වැටෙන්නේ, ඒ අපේ රටෙන් මේ වෙද්දී සිදු වෙන්නේ නීති විරෝධී ධීවර කර්මාන්තයක්, ප්‍රධාන වශයෙන් ධීවර යාත්‍රාව චන්ද්‍රිකා තාක්ශනය භාවිත කලයුතුයි අපි දන්න විදිහට ජීපීඑස් තාක්ශනය භාවිත කරන්න ඕනා, එම තාක්ශනය ධීවර කර්මාන්තයේ හදුන්වන්නෙ VMS තාක්ශනය කියලා, ඒකෙන් ඒ යාත්‍රාව සාගරයේ කොහෙද තියෙන්නේ කියන එක හොයා ගන්න පුලුවන්, ඊට අමතරව බහුදින යාත්‍රා ලොග් පොතක් භාවිත කරන්න ඕනා, ඒකේ අල්ලන මාලු ගැන සියලුම තොරතුරු ලියන්න ඕනා, එය මාලු අපනයනය එක්ක යැවිය යුතුයි, අපේ අය කරන්නේ බොරු ලොග් පොත් හදා යැවීම, ඔයාලට මතක ඇති සුනාමියෙන් පස්සෙ අපිට ජී එස් පී + බදු සහනය ලැබුනා, එය මාළු අපනයනයටත් අදාල උනා,ඒත් ඒ සහනය අපේ ධීවරයට ලැබුනෙ නෑ, අතර මැදියන්ට මිසක්, අපේ රටේ බලධාරීන් හිතන් ඉන්නේ යුරෝපා බලධාරීන් මේ දේවල් නොදන්නවා කියලා ඒත් මේ දේවල් සියල්ල ඔවුන් නිරීක්ශනය කරනවා.
ඉහත කියපු දේට අමතරව ඉතාමත් කැත වැඩකුත් සිදු වෙනවා අපේ දේශපාලුවෝ කියන නරකාදී පිරිසත් එකතු වෙලා, ඒ ශ්‍රී ලංකා කොඩිය යටතේ රහසින් චීන, ජපන් විශාල නැව් අපේ රටේ සහ ජාත්‍යන්තර මුහුදේ නීති විරෝධී විදිහට මාළු අල්ලා ලංකාවට ගෙනවිත් මේඩ් ඉන් ශ්‍රී ලංකා නාමය යටතේ යුරෝපයට මාළු යැවීම, මේ යාත්‍රා වලට ධීවර අමාත්‍යංශෙන් අවසරය දීලා පුරාජේරු ගහනවා අපේ රටට විශාල විදේශ විනිමයක් එනවා කියලා,, ඒත් වෙන්නෙ ඒකේ අනික් පැත්ත, තක්කඩි දේශපාලකයන්ගේ සාක්කුවට ගාන නම් වැටෙනවා, මේ කැත වැඩ පටන් ගත්තු එකා නම් ඒවා කාලා ඇදේ තාමත් පව් ගෙවන බවත් ඔයාලා දන්නවා ඇති, දැන් එකා තමා මේ සෙල්ලම් දාන්නේ ඌටත් ගෙවන්න වේවි මේ රටට කරන දේවල් වලට, තව කවුරු කවුරු ඉන්නවද දන්නෙ නෑ මේ අස්සෙන්.
මේ විශාල යාත්‍රා වලින් මාළු ඇල්ලීම සිදු කරන්නේ ලෝකයේ තහනම් මාළු ඇල්ලීමක් වෙන පර්ස් නෙට් පන්නය කියන ක්‍රමය, සිංහලෙන් හැබිලි දැල කියන්නේ මේකට,,ඒකෙන් පලාතකම ඉන්න මාළු පැටියගේ ඉදන් විශාල එකා දක්වා හැම එකාම අහු වෙනවා.
මෙතන වෙන අනික් දේ තමා,,මේ නැව් විසින් අපේ රටේ අපනයන කරුවන්ට අඩු මිලට මාළු සැපයීම,,ඒ නිසා අපේ රටේ කුඩා යාත්‍රා කරුවන්ගේ මාළුන්ට දෙවන තැන හම්බෙන්නේ.අනෙක් දේ තමා යම් තහනම් මාළු වර්ගත් මේ නැව් වලින් අල්ලනවා,,ඒ අතර කෙන්දා කියන කෙලවල්ලන් වර්ගයත් ඉන්නවා,ඇස් ගෙඩි කෙලවල්ලා යන නමින් හදුන්වන්නෙත් මේ කෙන්දව,මේ කෙන්ද ලෝකෙන් වදවීමේ තර්ජනයට ලක් උනු මාළුවෙක් එවැනි මාලු අපනයනයෙදි කෙන්දට අදාල විස්තරයක් අඩංගු පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න ඕනා,,ඒක හදුන්වන්නේ අයි කැට් නමින්,දැනට සප්පරුවා සදහා මේ ලියවිල්ල අපනයනයෙදි ඉදිරිපත් කරනවා නමුත් කෙන්දා අපනයනය සිදු වන්නේ කෙලවල්ලා විදිහට ඉතින් අර ලියවිල්ල යැවෙන්නෙ නෑ.
කෙන්දා
දැන් මේ දේවල් යුරෝපයට ලීක් වෙලා තියෙන්නේ,ඉතින් යුරෝපෙන් 2012 දී අපිට මේ වැරදි හදා ගන්න ඕනා කියලා යෙලෝ කාඩ් දෙනවා,,අපේ රටෙන් ඒවා සතේකට ගනන් ගත්තෙ නෑ,,දැන් රෙඩ් කාඩ් ඇවිල්ලා තියෙන්නේ මාස 3ක් කල් දීලා.ඉදිරිය මොනා වේවිද කියලා හිතා ගන්න පුලුවන් නේ.යුරෝපා සංගමෙන් බලාපොරොත්තු වන්නේ අපේ රටට අයිති සාගර කලාපයේ අපේ රටේ යාත්‍රා වලින් නීත්‍යානුකූලව අල්ලන මාළු මිලදී ගන්න,ඒත් මේ වෙනකොට චීන්නු අපේ රටේ මාළුත් සූරන් කනවා.
පහු ගිය දවස්වල අපේ රට කන දේශපාලුවෝ ලොකු කතා නම් කියනවා ඔයාලට ඇහෙන්න ඇති අපේ මාළු ගන්න රුසියාව,චීනෙ ඉන්නවා කියලා,ඇත්ත යම් මාකට් එකක් එහෙත් තියනවා,නමුත් ඒ රටවල් සමග අපේ අපනයනකරුවෝ බිස්නස් කරන්න බයයි,මොකද උන් පල් හොරු නිසා,බොරුකාරයන් නිසා,යුරෝපා වෙළදපොල වගේ ස්තීර නැති නිසා.
අපේ රටේ දේශපාලකයෝ බලධාරීන් මේ ප්රශ්නය ගනන් අරන් ඉන්නෙ ඉතා සැහැල්ලු මට්ටමකින්,නමුත් යුරෝපා සංගමේට තියෙන්නේ උත්තර දෙකයි Yes හෝ No ඒ මැද උත්තර නෑ,ආන්ඩුව හිතන් ඉන්නේ අතරමැද උත්තරයක්,එහෙම නැත්නම් ලංකා මාළු අපනයන සංගමෙන් මේ ප්‍රශ්නෙ ගොඩ දාගත්තොත් ඕං අපි ඒකත් ගොඩ දැම්මා කියලා ඒ අකවුන්ට් එක දේශපාලකයන්ගේ පැත්තට දාගන්න. මොකද මේ වෙනකොටත් අපනයන සංගමෙන් යුරෝපේ දහ අතේ දුවනවා මේ ප්‍රශ්නෙ විසදන්න හෝ වැරදි හදා ගන්න තව කල් ගන්න.
අපේ රට යුරෝපේ දෙවනියට ලොකුම මාළු අපනයන කරුවා උනේ පොඩි කාලෙකින් නෙමේ,ඒත් පොඩි කාලෙකින් ඒ කීර්තිය අපේ රටේ දේශපාලකයෝ නැති කලා.මම ඉස්සල්ලා පෝස්ට් එකේ කියන්න ඇති මම මේඩ් ඉන් ශ්‍රී ලංකා යටතේ මොන තරම් ටූනා මාලු නොහොත් කෙලවල්ලන් ඉතාලියෙ කුඩා අවන්හල් වල්දී දැක්කද කියලා, මා වැඩ කරපු තැන්වලට ආවෙම අපේ රටේ කෙලවල්ලා,ඒ ඉතා රසවත් වගේම ප්‍රමිතියට ඒ මාළුන් සිටි නිසා,නමුත් මේ යන විදිහට ඉදිරියෙදි අපේ කෙලවල්ලට කුමක් වේවිද?අනෙක් දේ මේ සෑම දේකින්ම තැලෙන්නේ අහින්සක ධීවරයින් මිස වෙන කවුරුත් නෙමේ.මේ ධීවරයින්ට තාක්ශනය සපයන එක ලොකු දෙයක් නෙමේ,ඒවා සපයා ඔවුන්ට හුරු කල යුතුයි.
එහෙනම් බලමු ඉදිරි මාස 3න් පසු කුමක් සිදු වේද කියා..ItalyDilanhttp://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.com15tag:blogger.com,1999:blog-3736857477708060031.post-27589214461147744562014-10-26T15:12:00.001+01:002014-10-26T15:13:42.804+01:00Made In Sri Lanka කොහෙද දැන්
2002 මම මුලින්ම ඉතාලියට පය තබාපු වසර,,මාසයක් පමන මම ඉතාලියෙ රැදී උන්නා,මේ මාසෙදී මම කීප වතාවක්ම ඇදුම් කඩවල ඇවිද්දා, ඇදුම් මිලදී ගන්න, ඒ කාලෙදී මම මේ කඩවල දැක්ක විශේෂ දෙයක් තමා මේඩ් ඉන් ශ්‍රී ලංකා නාමය දැරූ ඇදුම් පැලදුම්. රෙදි පිළි කඩ 10කට ගියොත් මේ කඩ අඩුම 6කවත් මට මේඩ් ඉන් ශ්‍රී ලංකා ලාංජනය දැක ගන්න පුලුවන් උනා.මේ 2014 අවුරුදු 12කට පස්සෙ ඒ මම දැකපු මේඩ් ඉන් ශ්‍රී ලංකා ලාංජනය විසි වෙලා එතෙන්ට මේඩ් ඉන් බංග්ලාදේශ්,මේඩ් ඉන් වියට්නාම් නම් ආදේශ වෙලා. අපේ නාමයට මොනා වෙලාද කියලා දන්නෙ නෑ.පහු ගිය කාලේ මම අපේ නාමය දැක්කේ එකම කඩේක ඒ මොකද්ද වාසනාවකට තාමත් අපේ රටෙන් තමන්ගේ ඇගලුම් කර්මාන්ත ශාලා ජාලය ගලවාගෙන වෙනත් රටකට අරන් ගියේ නැති calzadonia වෙලද නාමය යටතේ ලෝකෙ පුරා රටවල විකිනෙන කාන්තා පිරිමි යට ඇදුම්. ඇත්තටම මට වැටහෙන විදිහට අද අපේ රටෙන් යුරෝපයට අපනයනය වෙන ඇගලුම් ප්‍රමානය ඉතා පහල අඩියකට බැහැලා වගේ.කොහෙද වරද කියලා මට තේරෙන්නෙ නෑ.
දැන් මම යන්නේ යුරෝපය තුල ජීවත් වෙන ලාංකිකයින් වෙතට.ඇත්තටම අද අපි මොන රටකට ගියත් අපි කෑම බීම ගන්නෙ අපේ ක්‍රමේට,,අපි ඒ රටේ තියන කෑම බීම ගන්නෙ ඉතා අඩුවෙන්.මේ අපේ කෑම බීම අපේ රටවලින් යුරෝපයට අපනයනය වෙන්න පටන් ගත්තෙ 2000 වසරෙන් පස්සෙ වගේ,,ඒකට ලාංකිකකයන් යුරෝපය බලා සංක්‍රමනය වීම වැඩි වීමත් යුරෝපා සංගමය යූරෝ මුදල් ඒකකයට මාරු වෙලා ආනයන නීති ලිහිල් වීමත් නොයෙක් බදු සහන අපේ රට වලට හිමි වීමත් බලපෑවා. ඉතින් මේ මුල් කාලවල අපේ රටේ තියන සෑම කෑම බීමක්ම මේ රටවල ආවා අමුවෙන්,ටින් ආහාර විදිහට,ශීතකල ආහාර විදිහට වගේ නොයෙක් ක්‍රම වලින්,මේ කෑම නිශ්පාදනයට ටින් කිරීමට වගේ දේට අපේ රටේ අලුතෙන් කර්මාන්ත ශාලා බිහි උනා නොයෙක් වෙළද නාමයන් යටතේ. ඒත් මේ මෑත කාලෙක ඉදන් අපෙන් ආපු නිශ්පාදන අඩු වෙලා ඒ නිශ්පාදන වලටම අපේ සිංහල අකුරු නැති වෙලා වෙනත් භාශා ඇවිල්ලා, එතනත් මේඩ් ඉන් ශ්‍රී ලංකා නාමය හැලිලා මේඩ් ඉන් තායිලන්ඩ්,මේඩ් ඉන් ඉන්දියා,මේඩ් ඉන් බංග්ලාදේශ්,මේඩ් ඉන් පිලිප්පීන් වගේ නම් ඇවිල්ලා,අනෙක් වෙනස තමා තාමත් ඉතුරු උනු අපේ සමහර නිශ්පාදන වල මිල අර රට වලින් එන නිශ්පාදන වලට වඩා මිල වැඩි වීම,තායිලන්ත පොලොස් ටින් එක අපේ පොලොස් ටින් එක ලගින්වත් යන්නෙ නෑ,,රස අතින් ගත්තත් අපි ඉදිරියෙන්,ඒත් අපි පොලොස් ටින් එකේ මිල අතින් ඉදිරියට ගිහින්,,අර රාක්ක වල අපේ පොලොස් ටින් ඉතුරු වෙනවා කියලා අපේ රටවලට අදාල ආහාර කඩ කරන අපේම කඩ හිමියෝ කියන්නෙ. කොටින්ම අපේ රටින් ආපු හාල් අද එන්නෙම නැති තරම්,,එතෙන්ට බංග්ලාදේශ්,ඉන්දියන් හාල් ආදේශ වෙලා.මට දැන ගන්න ලැබුනු විදිහට මේ මිල වැඩි වීමට එකම හේතුව අපේ රටෙන් මේ ආහාර අපනයනයට අය කරන බදු මුදල අනෙක් රටවලට වඩා ඉතා ඉහල අගයක් ගැනීම.
සිලෝන් ටී දැන් කොහෙද,අද සිලෝන් ටී ඉතාලි සුපර් මාකට් වල නැත්තටම නැති වෙලා,,ඒකට අප්‍රිකානු රටවල තේ ඒ හිඩස පුරෝනවා,,කාලයක් ලිප්ටන් නාමය යටතේ තිබුනු අපේ බිමේ වැවුනු තේ අද කෙන්යානු බිමේ වැවෙන තේ ඒ ඉඩ අරගෙන.තේ වෙලදාමත් අඩියෙමද කොහෙද,
ඉන්දියන් සාගරෙයේ ටූනා මාළුවා හෙවත් කෙලවල්ලා ඉතාලි රෙස්ටුවරන්ට් වල ඉහලම තැනක් අරගෙන තිබුනේ,,මේඩ් ඉන් ශ්‍රී ලංකා නාමය යටතේ 2008 මා රැකියාව කරපු රෙස්ටුවරන්ට් එකක සතියකට කිලෝ 50 ආවා, අපේ කෙලවල්ලට ඒ තරම් ඉහල ස්තානයක් යුරෝපා කෑම මේසෙ තියෙන්නේ,ඔයාලා පහු ගිය ටිකේ අහන්න ඇති යුරෝපයට දෙවනියට මාලු සපයන්නා වෙච්චි අපිට යුරෝපා සංගමෙන් රතු ලයිට් දාපු එක,ඒ කියන්නේ තව මාස 3න් අපි යුරෝපා සංගම් නීති වලට පිටින් මාළු සම්බන්ධ දේ කලොත් එයාලා අපෙන් මාළු ගැනීම නවත්තනවා,ඊට පස්සෙ මේඩ් ඉන් ශ්‍රී ලංකා කෙලවල්ලට අබ සරනයි...
මම ඉතා ගරු කරන කතෝලික පියතුමෙක් තමා අර්නස්ට් පෝරුතොට පියතුමා,මෙතුමා ලාංකීය සිනමාවට කරලා තියන සේවයත් අති විශේසයි.එතුමා පුවත් පතකට කරපු සාකච්ජාවක් මට අහම්බෙන් අන්තර්ජාලෙදි කියවන්න ලැබුනා,,එය මගේ බ්ලොග් එක හරහා ඔබත් එක්ක බෙදා ගන්න හිතුවා,,ගරු අර්න්සට් පෝරුතොට පියතුමාට දීර්ඝායුෂ.....
උපන්නෙ?
1931 අගෝස්තු 31.
කොහෙද?
මාරවිල. තාත්තාගේ ගම බොරලැස්ස. නමුත් අපි ජීවත්වුණේ මාරවිල. ඒක ධීවර ගමක්.
අපි ඉස්සර පල්ලියේ පූජාවට ගියේ ගෙවල් දොරවල් ඇරලා දාලා. එහෙම ගියයි කියලා
ගෙදර තිබුණු පොල් ගෙඩි ටික නැති වුණෙත් නැහැ. කුකුළන් නැති වුණෙත් නැහැ.
ඔබ වහන්සේගේ පියා කවුද?
පී. ජේ. ප්‍රනාන්දු, ඒ කියන්නේ පෝරුතොටගේ ජෝකිනු ප්‍රනාන්දු. වෘත්තියෙන්
ගුරුවරයෙක්. මග්ගොන ගුරු අභ්‍යාස විද්‍යාලයේ කථිකාචාර්යවරයකු වශයෙන් කටයුතු
කළා. ඒ වගේම ඔහු ලේඛකයෙක්.
මව?
මේරි මාග්‍රට් පීරිස්. අම්මගේ ගම සීදුව.
පවුලේ කී දෙනා ද?
පහයි. මම තමයි වැඩිමලා. ඊළඟට ස්ටෙලා, මර්ලින්, ක්‍රිස්ටබල් සහෝදරියෝ තිදෙනා. අර්ල් එකම මල්ලි.
ඔබ වහන්සේ ඉගෙන ගත්තෙ?
හුඟ දෙනෙක් අහනවා මොන කොලේජ් එකේ ද ඉගෙන ගත්තෙ කියලා. ඉතිං මම බොහෝම
ආඩම්බරයෙන් කියනවා මම ගියේ ගමේ ඉස්කෝලෙට කියලා. මාරවිල රෝමානු කතෝලික
පිරිමි පාසල. මට මතකයි තාත්තා එක අතකින් ‘දිනමිණ’ පත්තරේ කියව කියව, අනෙක්
අතින් මාව අල්ලගෙන ඉස්කෝලෙට එක්ක ගියා. තාත්තා තමයි මුල් ගුරුතුමා. තාත්තා
පන්ති භාර ගුරුවරයගේ අතට වේවැල දාලා කිව්වා, වරදක් කළොත් මූට හොඳට තළන්න
ඕනැ කියල. ඊට පස්සෙ මම ගමේම තිබුණු ෆ්‍රැන්සිස් ක්ෂේවියර් ඉංග්‍රිසි පාසලට
ගියා. ජෝ ක්වින්ටස් පෙරේරා පියතුමා හිටියේ එතැන. බොහෝම උගත් ස්වාමි කෙනෙක්.
ජූසේ වාස් පියතුමා ගැන ඉතාලි බසින් පොතක් ලිව්වෙ එතුමා. ඒක තමයි බලපෑවේ
ජුසේ වාස් පියතුමා භාග්‍යවරයකු ලෙස ඔසවා තබන්න. පාප් වහන්සේ ලංකාවට ඇවිල්ලා
උත්සවය පවත්වපු වෙලාවේ කුවින්ටස් ස්වාමිට ආරාධනාවක්වත් නැහැ. ඒ අපේ සභාවේ
හැටි.
පියා ලේඛකයෙක් කිව්වනේ. මොනව ද ඔහු ලියපු පොත්?
‘කායික විද්‍යාව’, ‘සද්ධර්ම රත්නාවලි දීපිකා’, ‘සිංහල මෝස්තර නිර්මාණ’,
‘ඉගැන්වීමේ මූලධර්ම හා ක්‍රම’ යනාදි වශයෙන් පොත් ගණනාවක් ලියා තිබෙනවා. ඒ
වගේම තාත්තා දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. මට මතකයි තාත්තා ගෙදර සිමෙන්ති පොළොවේ
ලස්සනට හංස පූට්ටුව ඇඳලා තිබුණු ආකාරය.
මග්ගොන ඉද්දි තාත්තා එහි
පාලක පියතුමා (මැසොං පියතුමා) එක්ක පොඩි ගෝරියක් දාගෙන තියෙනවා. මං හිතන්නේ
පොත් ප්රකාශනය සම්බන්ධ සිද්ධියක් මත. ඒකට කරපු දඬුවමක් විදියට තමයි
තාත්තව මාරවිල ඉස්කෝලෙට මාරු කළේ. තාත්තත් ආඩම්බරයි. මැසොං පියතුමත්
ආඩම්බරයි. තාත්තා මාරුව හදාගන්න ගියෙත් නැහැ. උන්වහන්සේ මාරුව හදලා
දුන්නෙත් නැහැ.
ඇයි ඔබ වහන්සේට පූජකවරයෙක් වෙන්න හිතුණේ?
එක වචනයකින් කිව්වොත් ‘සේවය’ සඳහා. ගිහියෙක් වෙලා හිටියනම් මං මේ කරපු
දේවල් එකක්වත් මට කරන්න ලැබෙන්නේ නැහැ. නමුත් එකම දේ මේ කළ දේත් ප්‍රමාණවත්
නැහැ කියන හැඟීමයි අද මට තියෙන්නේ.
පූජකවරයකු සමඟ ගැටුමක් ඇතිකර ගත් ඔබේ පියා ඔබ පූජකවරයෙකු වෙනවට කැමැති වුණා ද?
තාත්තා එකපාරටම ඇහැව්වේ “තෝත් ඒ හොර හැත්තට එකතු වෙන්න ද හදන්නෙ” කියලයි. ඒ
කාලේ ගෙදර උයන කෑමවලින් කොටසක් පල්ලියට දෙන සිරිතක් තිබුණා. තාත්තා ගෙදර
ආවම මුලින්ම අහන්නේ “යක්කුන්ට දොළ පිදේනිය දුන්න ද” කියලයි. ඒ තරමටම තාත්තා
පූජකවරුන් එක්ක තරහෙන් හිටියේ. තාත්තා ඉරිදට පල්ලි යනවා. ඒත් ඇතුළට ගන්නේ
නැහැ. පල්ලිය වත්ත එළියේ ගේට්ටුව ළඟ ඉඳන් සත්ප්‍රසාදය වැඩම කරන එක පේන
තැනකට වෙලා පූජාව අහනවා. තාත්තට විශ්වාසයක් තිබුණේ නැහැ, මාව ස්වාමි කෙනෙක්
වෙන්න භාර ගනියි කියලා. මොකද, ඒ වෙනකොට තාත්තාත් එක්ක දබර වුණු මැසොං
පියතුමා තමයි කොළඹ රදගුරු.
ඉතිං ඇත්තටම එහිදි ප්‍රශ්නයක් ඇතිවුණේ නැද්ද?
මම මාරවිල පල්ලියේ ස්වාමිගෙන් ලියුමකුත් අරගෙන බිෂොප් පැලස් එකට ගියා.
හේරත් පියතුමා තමයි අගරදගුරු ලේකම්. උන්වහන්සේ ලියුම කියවලා කිව්වා “මේක
හරියට ආච්චිගේ වානේ කෑල්ල හංගගෙන පිහිය තළලා දුන්නා වගෙ වැඩක්. වැඩේ
නොකෙරෙන්නයි ලියුම ලියලා දීලා තියෙන්නෙ” කියලා. එහෙම කියලා ලියුම විසි කරලා
දැම්මා.
ඊට පස්සෙ බිෂොප් මැසොං ගාවට මාව යැව්වා. උන්වහන්සේ මගෙන්
ඇහැව්වා, බජිරි කන්න පුළුවන් ද කියලා. මොකද ඒ කාලේ යුද්ධ කාලේ. ඊට පස්සේ
‘උඹ කාගේ කවුද කියලා’ ඇහැව්වා. මම කිව්වා ‘මම පී. ජේ. ප්‍රනාන්දු ඉස්කෝලේ
මහත්තයගේ පුතා’ කියලා. එතකොටම වගේ උන්වහන්සේ කිව්වා ‘ආ එහෙනම් මූ හොඳ එකෙක්
වෙන්න ඕනැ’ කියලා. මොකද මොන ප්‍රශ්න තිබුණත් උන්වහන්සේ තාත්තට ගරු කළා.
කොහෙද පූජකවරයෙක් වීම සඳහා ඉගෙන ගත්තෙ?
මුලින්ම බොරැල්ල ශාන්ත ඇලෝෂියස් දෙව් සත්හල (1944 - 1950) ඒකට කියන්නේ
පුංචි සේමනේරිය කියලා. ඊළඟට ශාන්ත බර්නාදු දෙව් සත්හල (1950 - 1955) ඒක මහ
සෙමනේරිය. අවසානයට අම්පිටිය ජාතික දෙව් සත්හල (1955 - 1957). ඔස්වල්ඩ්
ගෝමිස්, අබා කොස්තා, ඔස්කා අබේරත්න, ටියුඩර් වනිගසේකර, බෙනඩික්ට් ජයතිලක
වගේ පූජකවරු එදා මාත් එක්ක එකට ඉගෙන ගත් අය. රැලෙක්ස් රණසිංහත් සෙමනේරියේ
හිටියා. ඒත් ෆාදර් කෙනෙක් වෙන්න බැහැ කියලා එයා ගියා.
ඔබ වහන්සේ පූජාත්වරය ලැබුවේ?
1957 පෙබරවාරි 02.
මොන මොන මීසම්වල ද ඔබ වහන්සේ වැඩ කරලා තියෙන්නෙ?
දෙහියගාත, කැලණිය, කළුතර කලමුල්ල, කෝට්ටේ, වත්තල, දෙහිවල, කඩවත
කිරිමැටියාගාර යන මීසම්වල වැඩ කළා. ඒ වගේම එක එක ටයිටල් දරලා තියෙනවා. ඒ
පංපෝරි වැඩක් නැහැනේ. ඒවා වෙන අය ලියපුවාවේ. හැබැයි එක තනතුරක් ගැන මට
බොහෝම සතුටින් කතා කරන්න පුළුවන්. ඒ ජාතික කතෝලික සිනමා පර්ෂදයේ (OCIC)
අධ්යක්ෂ ධුරය (1972 - 1982)
මං හිතන්නේ ඔබතුමා වඩාත් ප්‍රකට සිනමාව හා සම්බන්ධයෙනුයි.
ඔව්. සිනමාවත් එක්ක මගේ ලොකු බැඳීමක් තිබුණා. මං ‘ඥානාර්ථ ප්‍රදීපය’
පත්තරේට සිනමා විචාරත් ලිව්වා. සිනමාව ගැන පොතුත් ලිව්වා. ‘චිත්‍රපට ගැන’,
‘චිත්‍රපට වාර්ෂිකය’ පොත් පෙළ ඊට උදාහරණ. එකල අපිට පුළුවන් වුණා සිංහල
සිනමාව වෙනුවෙන් තීරණාත්මක වැඩ කොටසක් කරන්න.
කතෝලිකයන්ට සංස්කෘතියක් නැහැ කියලනේ සමහරු කියන්නෙ?
අපි තුප්පහි කියලා කියන එවුන්ට වැඩිය සිංහලකමක් පුංචි කාලේ ඉඳන්ම මගේ
තියෙනවා. අපි රෝමානු කතෝලිකයෝ නෙමෙයි සිංහල කතෝලිකයෝ. අපි පෘතුගිසියෙන්
කතෝලික සමය වැලඳ ගත් අය නෙමෙයි. අපි අනුරාධපුරේ කුරුස පරම්පරාවෙන් එන
කතෝලිකයෝ. අනුරාධපුර යුගයෙන් සොයා ගත් කුරුසිය අපේ අතීත උරුමයේ ලාංඡනයයි.
හයවැනි සියවසේදී මෙරට කිතුනු දෙව් මැඳුරක් තිබු බව ද සීගිරි යුගයේදී මෙරට
කිතුනුවන් සිටි බව ද කියැවෙනවා.
පෘතුගිසි, ලන්දේසි හා
ඉංග්‍රිසිකාරයෝ මේ රටට ඇවිත් කරපු බලුකම්වලට අපිත් විරුද්ධයි. අපිව පාලනය
කරන්න ඔවුන්ට තියා රෝමයටවත් බැහැ. රටක සංස්කෘතියක් පිරිහෙන්නේ එහි
අනන්‍යතාවයේ හා පෞරුෂත්වයේ ප්‍රබල - දුබලකම් උඩ. අපේ සංස්කෘතිය පිරිහෙන්න
පටන්ගත්තේ ඉංග්‍රිසි, හින්දු, මුස්ලිම් බාහිර බලපෑම නිසා නොව අපේ අනන්‍යතාව
හා පෞරුෂය කුමක් ද කියා හඳුනා නොගෙන ඔළුව කෙළින් තියාගෙන හමායන සුළංවලට
ගසා නොයන සේ කකුල් මහ පොළොවේ තියාගෙන ඉන්න බැරිකම නිසයි. අද අපි දේශීය වෙලා
තිබෙනවා. අපි ලතින්වලින් තිබුණු යාච්ඤා ඒ වගේම ගීතිකා දැන් සිංහලෙන්
කියනවා. ඒ කාලේ පල්ලියේ පූජාවල් තිබුණේ ලතින් භාෂාවෙන්. පූජාවට උදව් වුණු
මම සිංහලෙන් ලියා ගත් ලතින් වචන කටපාඩම් කරගත් ආකාරය අදත් මතකයි.
පල්ලියට මුලින්ම ගොක්කොළ, මඟුල් බෙර ගෙනාවේ ඔබ වහන්සේ බව කියැවෙනවා.
ඔව් ඒක සිද්ධ වුණේ 1967 දී මීගමු බෝලවලාන පල්ලියේ පවත්වපු විවාහ මංගල්‍ය
උත්සවයක් වෙනුවෙන්. මා එයට බෙරයත් ගොක්කොළත් එක්කළා. මේවට සමහර සිංහල
ස්වාමිලා විරුද්ධ වුණා. මං ඒ විරුද්ධත්වය තඹේකට ගණන් ගත්තේ නැහැ. නමුත් ඒ
කාලේ හිටපු ෆිලික්ස් මෙවෙල් කියන ප්‍රංශ ස්වාමි මේකට මට අවසර දුන්නා.
අපවත්වී වදාළ මාපලගම විපුලසාර හාමුදුරුවෝ ඔබ වහන්සේගේ සමීප මිතුරකුව සිටියා?
අපොයි ඔව්. උන්වහන්සේ 1955 දි ජාතික කලා පෙරමුණ කියලා කලා සංවිධානයක්
ගොඩනඟා ගත්තා. මාරවිල කේ. ඩී. එල්. ඊ. පෙරේරා නම්වූ චිත්‍ර ශිල්පියා ලවා
පල්ලියට, නත්තල් කාඩ්වලට දේශීය චිත්‍ර ශෛලියක් හඳුන්වා දීමෙහිලා උන්වහන්සේ
පිටිපස්සෙන් හිටියා. 1972 දී 6 වැනි පාවුළු පාප් වහන්සේ ලංකාවට ආපු වෙලාවේ
සියලු සැරසිලි කටයුතු භාරව සිටියේ විපුලසාර හාමුදුරුවෝ. මං කෝට්ටේ ඉද්දි
පල්ලියේ පූජාවට උදව් කරපු ළමයෙක් දැන් හාමුදුරු කෙනෙක්. ඒක එයාගේ කැමැත්ත.
අදටත් එනවා මාව බලන්න.
සමහරුන් කතෝලික ආක්‍රමණයක් ගැනත් චෝදනා නංවනවා. විශේෂයෙන් කතෝලික පාසල් හරහා සිදුවන.
මේ ඉන්න කතෝලිකයෝ ටික අපිට හොඳටම ඇති. එක බෞද්ධයෙක්වත් කතෝලිකාගමට හරවගන්න
අපිට වුවමනා නැහැ. කතෝලික සභාවෙන් කැඩුණු බයිබල් සමාගම් 600 ක් විතර ලෝකයේ
තියෙනවා. ඒ අය නඩත්තු වෙන්නේ ඇමෙරිකාවෙන්. ඔවුන් කරන වැරදිවලට අපි පළි
නැහැ. ඔවුන්ට පහරදෙන කොට අපිටත් වඳිනවා. මොකද ඔක්කොමල්ලා අනුගමනය කරන්නේ
ක්‍රිස්තුන් වහන්සේ නිසා.
ක්‍රිස්තුන් වහන්සේගේ චරිතය ගැන ඔබතුමා මොකද හිතන්නෙ?
ක්‍රිස්තුන් වහන්සේ විප්ලවවාදියෙක්. පැවතුණු සමාජ, දේශපාලන ක්‍රමයට හා
ආගමික සංස්ථාවන්ට එරෙහිව කැරලි ගැසු විප්ලවවාදියෙක්. උන්වහන්සේට ඕනැ කළේ
පව්කාරයන්ට ගල් නොගසන සමාජයක් බිහි කරන්න.
ක්‍රිස්තු තුමා දඹදිවට වැඩම කළා කියලත් සමහරු කියනව නේද? ඒක ඇත්තක් ද?
එසේ පැමිණි බවට සාක්ෂි තවම හොයාගෙන නැහැ. නමුත් අනුමාන කරන්න පුළුවන්. මතයක් වශයෙන් කෙනකුට එවැන්නක් ඉදිරිපත් කරන්න බැරිකමක් නැහැ.
ඔබ වහන්සේ සකලවිධ වාරණයන්ට විරුද්ධ කෙනෙක් බව අපි අහලා තියෙනවා.
ඔව්. තහනමට විරුද්ධව මා ප්‍රසිද්ධියේම කතා කර තිබෙනවා. ගැලිලියෝ වැනි
විද්‍යාඥයන්ට එරෙහිව ගත් වැරදි වාරණ තීන්දු අවුරුදු 450 කට පස්සේ ඉල්ලා
අස්කරගන්න ලෝක කතෝලික සභාවට සිද්ධ වුණා. ඒක තමයි යථාර්ථය. තිස්ස බාලසූරිය
පියතුමා මරිය තුමි ගැන ලියු පොත තහනම් කරන්න උත්සාහ කළත් අන්තිමෙට වුණේ ඒ
තහනම පුස්සක් වීමයි. දේව මෑනියන් පිළිබඳ එතෙක් තිබූ සූකිරි, මී පැණි, මල්
පියලි ආකල්පයට ප්‍රබල කුළු පහරක් මේ පොත මඟින් එල්ල කර තිබුණා. මරිය තුමි
මැදපෙරදිග, නිදහස් වෙළෙඳ කලාපයේ සේවය කරමින් වෙහෙසෙන කාන්තාවක් බව නිර්භයව
කියන්න පුළුවන් ශක්තියක් බාලසූරිය පියතුමාට තිබුණා.
සාමාන්‍ය පිළිගැනීම නම් කතෝලික පූජකවරුන් ප්රතිගාමි පිරිසක් ය යන්නයි?
අපිටත් දේශපාලනය වෙනුවෙන් ජීවිතය පූජා කළ මයිකල් රුද්‍රිගු වැනි පූජකවරු
හිටියා. නමුත් ඕනැම දේශපාලනයක් කරන්න පූජකත්වය අපිට බාධාවක් නෙමෙයි.
ඔබ වහන්සේ දැන් විශ්‍රාමිකයි.
ඔව්. මං දැන් මොරටුව ලුනාව ශාන්ත පේදුරු - පාවුලු පල්ලියේ විශ්‍රාමික
ජීවිතයක් ගත කරනවා. අපිව නඩත්තු කරන්නේ කතෝලික සභාවෙන්. ඒකට වෙනම අරමුදලක්
තියෙනවා. නමුත් කනගාටුවට කාරණය සභාව අපිව අතහැර දාලා තියෙනවා, කොන් කරලා
දාලා තියෙනවා. අපෙන් කිසිම දෙයක් අහන්නෙත් නැහැ. අපෙන් කිසිම උපදේශයක්
ගන්නෙත් නැහැ.
ඔබ වහන්සේගේ දැන් දින චර්යාව කොහොම ද?
මං
උදේ පහ හමාරට, හයට විතර නැගිටිනවා. නැගිටලා තනියම තේ එකක් හදාගෙන බොනවා.
නිවුස් අහනවා. පත්තර බලනවා. පොත් කියවනවා. දවසට පැය දෙක තුනක් ලියනවා,
ආගමික මෙහෙයක් තිබෙනව නං ඒකට සහභාගි වෙනවා.....
කතෝලික සභාව යනු කතෝලික ජනතාව බව අදහන එතුමාගේ අදහස ඒ ජනතාව ගේ හෘද ස්පන්දනය හා
සිතුම් පැතුම් අනුව මුලු මහත් කතෝලික සභාවම ක්‍රියාකළ යුතු බවයි. පුංචි කාලේ හිතූ
හැටියටම කොළඹ පදවියේ විතරක් නොවෙයි, ලෝකයේම නම රැන්දූ රටට වැඩදායී පූජක
ප්‍රසාදිවරයකු බවට පත් වීමේ වරම් ලැබූ අර්නස්ට් පෝරුතොට පියතුමාට එදා උපන්ගමේ
පල්ලියෙන් විශාල ලෙස උපහාර ලැබුණා. මුලින් පැවිදි දිවියට අකැමැති වූ ඔහුගේ තාත්තා
පසුව තමාගේ උතුම් වූ පුත්‍රයා පිළිබඳ මහත්වූ අභිමානයකින් යුතුව කතා කළා.
සුනිල් මිහිඳුකුල
ඡායාරූප - දුෂ්මන්ත මායාදුන්නItalyDilanhttp://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.com4tag:blogger.com,1999:blog-3736857477708060031.post-47946694356964604262014-09-21T23:07:00.002+02:002014-10-01T16:25:48.799+02:00#SLAmuMirisChallenge අමු මිරිස් චැලේන්ජ්...ඔයාලා සේරම දන්නවා ඇති මේ වෙනකොටත්,බ්ලොග් අවකාශයේ,පේස්බුක් හරහාත් ඉතා කෙටි කාලෙකදී ජනප්‍රිය උනු අමු මිරිස් අභියෝගය.
අමු මිරිස් අභියෝගය ගැන මගේ බ්ලොග් එකෙත් පෝස්ට් එකක් වෙන් කලා,,මෙහි අඩංගු කරුනු කීපයක් අමිල චතුරංගගේ අවසරය ඇතුව ඔහුගේ බ්ලොග් අඩවියෙන් උපුටා ගත්තා..ඇත්තෙන්ම මම මෙම පෝස්ට් එක පලකිරීමේ අරමුන බ්ලොග් අවකාශයට එන ඉතාලියේ පදිංචි ඔබගේ සහයෝගය අමු මිරිස් චැලේන්ජ් එකට ලබා දෙන ලෙස පොඩි ඉල්ල්ලිමක් කරන්න.
අමු මිරිස් චැලෙන්ජ් එකෙන් වකුගඩු රෝගීන්ට මොකක්ද ඇත්තටම කරන්න යන්නෙ?
පොලොන්නරුව මහ රෝහලට අවශ්‍ය Reverse Osmosis (RO) ඒකකයක් පරිත්‍යාග කිරීම.ඒ යන්ත්‍රයක මිල රුපියල් ලක්ෂ 30කට අධිකයි.
දැන් වකුගඩු රෝගීන්ට ඕකෙන් වෙන සෙතේ මොකද්ද?
වකුගඩු වල ආබාධයක් තිබෙන අවස්ථාවෙදි
රෝගීන්ගේ ලේ නිසියාකාරව පිරිසිදු වීම සිද්ද වන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවක ඒ
කාර්යය බාහිරින් කරන්න යම් යම් යන්ත්‍රෝපකරණ භාවිත වෙනවා. වකුගඩු රෝගය
වැළඳුන රෝගින් ඉස්පිරිතාලෙට ඇවිත් සතියට දෙතුන් පාරක් මේ ප්‍රතිකාරය
ලබාගන්නවා. ඒ හරහා රෝගීන්ට තවත් කාලයක් මේ ලෝකෙ ජීවත් වීම් වාසනාව ලැබෙනවා.
අමු මිරිස් චැලෙන්ජ් එකෙන්, SL AID අරන් දෙන්න යන මැෂිමෙන් ඒ වගේ සැලකිය යුතු රෝගීන් ප්‍රමාණයකට සතියක් තුල ලේ පිරිසිදු කරගැනීමේ අවස්ථාව ලැබෙනවා.
පිංකමක් විදියට ගත්තොත් මේක විශාල
පිංකමක්. පාර තොටේදි හමුවෙන හිගන්නෙකුට රුපියල් සියක් දීල හිගන්නාගේ ජීවිතය
සාර්ථක වෙනවාට වඩා මහත්ඵල මහානිසංස ලැබෙන එකක්. මොකද අමු මිරිස් චැලෙන්ජ්
හරහා අරන් දෙන්නට යන මැසිමෙන් ජීවිතවලට සහනයක් ලබාගන්නෙ එක අයකු දෙන්නෙකු
නෙමෙයි..දහස් ගානක් ගොවිජනතාවගේ අසරණ ජීවිත වලට ජීවත් වීමේ අවස්ථාව
ලැබෙනවා.
වකුගඩු රෝගියෙක් මේ යන්තරයක් උපයෝගි කරගෙන ලේ පිරිසිදු කරන අයුරු
පහල තවත් විස්තර අඩංගු ජායාරූප තියනවා,,ඒ එක්කම මම අමු මිරිස් කාපු හැටිත් තියනවා,,,අමු මිරිස්ම තමා කෑවේ කියලා මට සුවර්,,එහෙනම් ඔයාලටත් ආරාධනා කරනවා අපත් සමග එකතු වන්න කියලා---
ItalyDilanhttp://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.com5tag:blogger.com,1999:blog-3736857477708060031.post-41997693783251888472014-08-16T20:28:00.000+02:002014-08-16T20:28:49.405+02:00ආගමික උත්සව..ඊයේ අගෝස්තු 15,කතෝලික ආගමේ හැටියට ඊයෙ දවස ජේසුතුමාගේ මව මරියතුමිය වෙනුවෙන් කැප උනු දවස,මුලු ලෝකෙම මරිය මවුතුමිය වෙනුවෙන් කැප උනු දේවස්ථාන වල උත්සව දවසක්,,ලංකාවෙත් මඩු පල්ලිය ඇතුල මරියතුමිය වෙනුවෙන් කැප උනු ගොඩක් ප්‍රදේශවල තියන දේවාස්ථාන වල උත්සව පැවැත් උනා..
සුපුරුදු විදිහට මා සිටින නගරයෙත් ලක්ශ ගානක ජනතාවකගේ සහභාගිත්වයෙන් උත්සවයක් පැවැත් උනා.මා මේ වගේම මේ උත්සවය ගැන කීප වරක්ම මගේ බ්ලොග් එකෙන් කියලා තියනවා,,වතාවක් මේ උත්සවේ දවසෙම අපි සේරම උත්සවේ ඉද්දි අපේ ගේ ඇතුලු ගෙවල් කීපයකටම හොරු පැනලා සුද්දයක් දුන්නා අපේ අවට,,,පොලිසි ගිහාම ඒ වෙද්දි එන්ට්‍රි පෝලිමක්,,පික්පොකට් කේස් වලට.
කෙටියෙන් උත්සවේ ගැන කිවුවොත් මේ ජායාරූපයේ තිබෙන යකඩ වලින් හදපු මේ විශාල උපකරනය මිනිස්සු විශාල පිරිසක් යොදාගෙන කබ වලින් ඇදන් යනවා,අනික් පොටෝ එකේ ඉන්න කලු රජතුමා සහ සිඋදු රැජින,,ඒ දෙන්නා තමා මේ නගරේ අම්මයි තාත්තයි,නගරෙට ආපු ලොකු සාගින්නක් වෙලාවෙ,කලු රජා නැවක් පිරෙන්න කන්න බොන්න ගෙනල්ලා,,ඒකට තෑග්ගක් දෙන්න යද්දි පොර සුදු ගෑනියෙක් ඉල්ලලා,,රජතුමාගෙ දුව කැමති වෙලා කලු රජතුමා විවාහ කර ගන්න,,ඉතින් ඒ දෙන්නාගෙන් තමා මේ නගරේ නිර්මාණය වෙලා තියෙන්නෙ.ඉතින් ඊයෙ උත්සවේ එක්කම ඒ දෙන්නවත් සිහි කරනවා.
වෙන වසර වල වගේ නෙමේ මේ වසරේ මේ උත්සවේ හරිම චාම්,හරිම සරලයි,ඉතා අඩු වියදමින් ඉතා ලස්සන උත්සවයක් පැවැත් උනා.නගර සභාවෙ සල්ලි නැති කම වගේම අලුත් නගරාධිපතිගේ අඩු වියදම් සැලසුම් අනූව උත්සවේ වැඩ ඉවර කලා,,වෙනදා තියන නොයෙක් නොයෙක් ආටෝප මේ වතාවෙ නෑ,,ඒ එක්කම පැයක් තිස්සෙ තිබුන ගිනි කෙළි සංදර්ශනේ විනාඩි 10 ඉවරයි,
මිනිස්සුත් ඉතා කැමති උනා චාම් උත්සවේට,,උත්සවේ පටන් ගන්න ඉස්සල්ල නගරාධිපති කිවුවෙ මින් ඉදිරියට මේ වගේ ආගමික උත්සව වලට මුදල් නාස්ති කරන්න නගර සභාවෙන් මුදල් දෙන්නෙ නෑ කියලා,,දෙන්නත් නෑ කියලා,,මිනිස්සු ඒකට කිසි කෙනෙක් විරුද්ධ උනෙත් නෑ,අනුග්‍රහ මුදල් වලින් උත්සවේ චාම්ව ඉවර කලා.එක අතකින් මේ වගේ උත්සව වලට මුදල් කාබාසිනියා කරන එකත් මෝඩ වැඩක් තමා.අන්තිමෙදි කියන්නෙ නගරාධිපති බුදු දහම අනුව සරල ජීවිතයක් ගෙවන්නෙක්,ඒ එක්කම පොර නගරේ ගොඩ දාන්නත් ඒ සරල කමම යොදාගන්නෙ කියලා ලගදී කියලා තිබුනා,ටිබෙට් ජාතික දලයි ලාමා තුමාව සහ ප්‍රන්සිස් පාප්තුමාව මේ නගරෙට ගෙන්නලා සාමයේ නගරය විදිහට නම් කරන්නයි නගරාධිපතිගෙ සැලසුම,,මොකද එයාගෙ සරල කමට හේතුව අර දෙන්න කියලයි නිරන්තරයෙන්ම නගරාධිපති තුමා කියන්නෙ.ලගදි අපි ගැනත් පොඩි ටෝක් එකක් දුන්නා,,ශ්‍රී ලාංකිකයින්ගේ එකමුතුවට එයා ගොඩක් සතුටු වෙනවා කියලා.ItalyDilanhttp://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.com21tag:blogger.com,1999:blog-3736857477708060031.post-9302981710437239392014-07-16T14:46:00.001+02:002014-07-16T14:46:10.465+02:00ආගමික සහජීවනයද?අනුකම්පාවද? මනුශ්්යත්වයද?
සිසිලිය.දකුණු ඉතාලියේ පිහිටා තිබෙන විශාලතම දූපත,ලෝක ඉතිහාසයේ සිදුවීම් විශාල ගනනක ආරම්භය සිදු උනු බිමක්,ඒ එක්කම යුරෝපයේ එක් දොරටුවක්,2 ලෝක යුද්දේ අවස්ථාවේ,මිත්‍ර පාක්ශික හමුදාවන් උනු ඇමරිකන් හමුදාව යුරෝපෙට ඇතුල් උනේ මේ බිමෙන්.ඒ එක්කම අතීතයේ සිටම නොයෙක් නොයෙක් ජාතීන්ගේ ආක්රමනවලට නිරන්තරයෙන් මුහුන දුන්නු බිමක්,නොයෙක් නොයෙක් ජාතීන් මේ බිමේ උන්නු නිසාද කොහෙද ජාතීන් මිශ්‍ර වීමෙන් යුරෝපෙ ලස්සනම ගැණු ඉන්න බිමක්.ඒ එක්කම යුරෝපෙ ඉතාම මිත්‍රශීලී, ජාතියක් ආගමක් නොබලා ඉක්මනින් උදව් කරන්න හිත උණු වන මිනිස්සු ඉන්න බිමක්.මේ බිමේ ඉන්න බහුතරය ලොකු සල්ලිකාරයෝ නෙමේ කියන එකත් කියන්න ඕනා.සිසිලිය ගැන පොඩි හැදින්වීමක් කලේ ලිපියේ ආරම්භයක් විදිහට.
මම මීට ඉස්සල්ලාත් ලියලා තියනවා යුරෝපෙට දිගට හරහට බෝට්ටු මගින් නොනැවතී එන සරණාගතයෝ ගැන,තාමත් ඉවරයක් නෑ, අප්‍රිකානු කලාපයේ දිගට හරහට සිදු වන යුද්ධ වලට මේක හේතුවක්,බහුතරය සිරියානුවන්. සිරියාව අද නැත්තටම නැති වෙලා ඉවරයි,,යම් කිසි මුදලක් අතේ තියන මිනිස්සු ඒ මුදල දීලා බෝට්ටු වලට නගිනවා යුරෝපෙට පැන ගන්න.යුරෝපෙ දොරක් වෙන සිසිලය තමා මේ වෙද්දි මේ ප්‍රශ්නෙට තදටම මුහුන දෙන්නෙ,මොකද ඒ මිනිස්සුන්ව බේර ගන්න තැන ඉදලා මේ ඉතාලි මිනිස්සු පුදුම කට්ටක් කන්නෙ,කොහෙ හරි බෝට්ටුවක් පෙරලුනොත් ලෝකෙන්ම බැනුම් අහගෙන ඒ මළසිරුරුත් ගොඩබිමට ගෙනල්ලා කනත්තවල් වල ගරු සරු ඇතිව අවසන් කටයුතුත් සිදු කරනවා.සිසිලියේ ප්‍රධාන නගර සියල්ලේම මේ ක්‍රියා පටිපාටිය තමා යන්නෙ.
පහු ගිය දවසක මා සිටිනා නගරයේ වරායට උදෑසනින්ම ආවේ 200 ගනනකට අධික බේරාගත් සරණාගතයින් පිරිසක් ඉතාලි නාවුක හමුදා නැවක් මගින්, ඒ වෙනකොටත් වරායට තවත් නැව් දෙකක් ඇවිල්ලා තිබුනා ඒ අති සුපෝබභෝගී සංචාරක නැව් දෙකක්.අර සරනාගතයින් බහිනවත් සමගමයි මේ නැව් දෙකේ සංචාරකයින් ගොඩ බැස්සෙත්,, ඇත්තටම මගේ අතේ පෝන් එක තිබුනත් මට හිතුනෙ නෑ ඒ දර්ශන ජායාරූප ගන්න.අර සංචාරකයින්ගෙන් බහුතරය එතන නැවතිලා අර මිනිස්සුන්ට උදව් කරන්න ගත්තා,,තමන්ගේ අතේ තිබුනු වතුර බෝතලේ ඉදන්,ඇදුම් පැලදුම් පවා අර මිනිස්සුන්ට දුන්නා. ඇත්තටම ඒ වෙලවෙත් සරනාගතයින් ගෙනියන්න බස් වගයක් එතනම හිටවලා තිබුනා,,ඒ එක්කම අර සංචාරකයින් ගෙනියන බස් වගයක් ඒ එක්කම තිබුනා. මට එතන වැඩි වෙලාවක් රැදෙන්න බැරි උනු මේ සියල්ල බලා ගන්න.
පහු වෙනිදා මම පත්තරේ දැක්කෙ අර මිනිස්සුන්ට නවාතැන් දෙන්න මේ නගරේ තැනක් ලෑස්ති කරන්න බැරි වෙලා තියනවා,එක අතකින් මේක ඉතාලියේ බංකොලොත් උනු නගර සභාවක් තියන නගරයක්,ඒක නිසාමද කොහෙද අර 200 ගාන ආවත් එක්ක ලොකු ගැටලුවකට මුහුන පෑවෙ නවාතැන් ලැස්ති කරන්න කන්න බොන්න දෙන්න සනීපාරක්ශක කටයුතු ලෑස්ති කරන්න,වෙද හෙද පහසුකම් දෙන්න,,මොකද එතන සැහෙන්න පිරිසක් උන්නා අඩු වයස් ළමයින්,ඒ එක්කම කාන්තාවන්.
මේ අවස්ථාවේ වෙන කරන්න නැති නිසාම නගරේ කතෝලික බිශොප්වරයා මේ ප්‍රශ්නෙ කරට අරන් අර මිනිස්සුන්ව පල්ලි වල නවත්තන්න කටයුතු කරලා තිබුනා,,කෑම බීමත් සෑහෙන කොටසක් පල්ලිවලින්ම,කොහොමත් මේ නගරේ කන්න බොන්න නැති මිනිස්සුන්ට දිනපතා නොමිලේ කෑම ශාලා කීපයක්ම දවල් සවස කෑම මේස ඇරෙනවා, කතෝලික පල්ලි කීපයකම.මේ නිසාමද කොහෙද අර ගැටලු පැය ගානක් ඇතුල විසදිලා තියනවා.
මම පහු වෙනිදා මේ පල්ලියකට ගියා පොඩ්ඩක් ඔලුව දාලා බලන්න,එතකොටත් අර මිනිස්සු පල්ලිය ඇතුලේ,රතු කුරුසෙනුත් එතන උන්නා,වෙනම ඉතාලි ජාතිකයින් පිරිසක් පොඩි උන්ට සෙල්ලම් බඩු,ඇදුම් පැලදුම් බෙදනවා,,ඒ එක්කම ඉතාලි කාන්තාවක් අර කාන්තාවන්ට ඇදුම්,සනීපාරක්ශක උපකරන එහෙම බෙදනවා,මේ මිනිස්සුන්ගෙන් බහුතරය මුස්ලිම් ජාතිකයින්,මම දැකපු ලොකුම දේ තමා කීප දෙනෙක්ම මේ කතෝලික පල්ලිය ඇතුලෙම තමන්ගේ ආගමික කටයුතු කිරීම,,ඒකත් පල්ලියෙ අල්තාරෙ පැත්තට හැරිල.ඒ එක්කම වෙනදා පුරුදු විදිහටම පල්ලියට එන ඉතාලි වයසක උදවිය තමන්ගේ ආගමික කටයුතු.ඊලග දවසෙ පත්තෙරේ දැක්කෙ අර මිනිස්සුන්ව වෙනත් නගරෙක පිහිටා තියන එක්සත් ජාතීන්ගේ සරණාගත ආයතනය,කරිටාස් ආයතනය,රතු කුරුසය එකතු වෙලා කරන කදවුරකට ගෙනිච්චා කියලා.
අපේ අසල්වැසියා ගැන,වෙනත් ජාතියක මිනිස්සු ගැන,වෙනත් ආගමක මිනිස්සු ගැන සැකෙන්,බයෙන් නොබැලුවොත් ප්‍රශ්න ගොඩකට පිලිතුරු හම්බෙ වේවි,,මට මේ සිද්දියෙන් හිතට ආවේ ඒ දේ...ItalyDilanhttp://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.com24tag:blogger.com,1999:blog-3736857477708060031.post-38515624172808853532014-05-17T16:58:00.001+02:002014-05-17T16:58:24.264+02:00වාසනාවන්ත මිනිසෙක් ගැන කතාවක්
පහු ගිය දවසක පත්තරේ අපූරු පුවතක් දැක්කා,ලෝකෙ වාසනාවන්තම පුද්ගලයෙක් ගැන තිබුනේ,නම ප්‍රේන් සෙලැක් ක්‍රෝඒශියානු සංගීත ගුරුවරයෙක්,මේ දක්වා දරුනු මරණාසන්න අනතුරු 7ක් සිදු වෙලා ජීවිතේ ගැලවිලා තියනවා,ඒ එක්කම ඩොලර් මිලියනයක ලොතරැයියක් දිනලා තියනවා.මිනිස්සුන්ගේ ජීවිතේ පුදුමාකාරයි,මම විශ්වාස කරන්නෙත් මරණය වෙන වෙලාව අපි උපතින් ගේන දෙයක් විදිහට එතකන්ම අපිව මොනා කලත් උඩට වීසා එක වදින්නේ නෑ එහෙන් රිජෙක්ට් කරනවා.වීඩියෝ එකක් හම්බුනා යූ බටේ තිබිලා ප්රේන්ගේ කතාව කාටුන් අනුසාරයෙන්,මට මේ කතාව බ්ලොග් එකේ දාන්න කියලා හිතුනා පුවත දැකපු වෙලේම.අයියෝ ඩේටා වෙන්නෙ නැ පොඩ්ඩක් බලන්න වීඩියෝව.
ItalyDilanhttp://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.com9tag:blogger.com,1999:blog-3736857477708060031.post-78371048577844900382014-04-21T13:08:00.001+02:002014-04-21T13:08:25.837+02:00වැඩිම දිවි නසා ගැනීමේ වාර්තාව තාමත් අපටද?
මේ ලිපිය ලංකාවේ සිදු වන සිය දිවි නසා ගැනීම් ගැන නෙමේ,,ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ දිවිනසා ගැනීම් ගැන,අද ඉතාලියේ ලාංකිකයින් ලක්ශ 3ක් විතර වාසය කරනවා,කොහොමත් යම් රැකියා ප්‍රශ්නයක් පොදුවේ ඉතාලිය තුල පවතින බව රහසක් නෙමේ,ඒක දැඩිව ඉතාලියේ සිටින සියලුම ජනතාවට දැනෙන ප්‍රශ්නයක් වෙලා.මිනිස්සු දිවිනසා ගන්නත් පෙලබිලා,ඒ අතරින් අපේ ලාංකිකයින්ගේ දිවිනසා ගැනීමේ ප්‍රමානය ඉතා වැඩි වෙලා තියනවා පහු ගිය වසරේ සිටම,අපි ජාතියක් වශයෙන් කොහොමත් පොඩ්ඩ බැරි වෙද්දී දිවිනසා ගන්නම බලන ජාතියක් නිසා මේ රටේදිත් අර පුරුද්දම ඉස්මතු වෙලා.
පහු ගිය වසරේ ඉදලා මා සිටින නගරයේ පමනක් ලාංකිකයින් 8ක්,9ක් ප්‍රමානයක් දිවි නසා ගත්තා,තමන්ගේ නිවස තුලම එල්ලිලා මැරුනු සිද්දි වාර්තා උනේ.ඒ අතරින් බහුතර ප්‍රමානය පිරිමින්,වයස 17ක විතර ගැණු ළමයෙකුත් ඒ අතර ඉන්නවා.
මේ සිදුවීම් වල පසුබිම බලනකොට ඇත්තටම හිනා යනවා,අනෙක් ජාතීන් දිවිනසා ගන්නෙ බහුතරය අධික ආර්ථික ප්‍රශ්න,රැකියා ප්‍රශ්න වලින් හට ගත් අරබුද වගේ ඒවට,ඒත් අපේ අය බහුතරය එල්ලිලා තියෙන්නේ ආදර ප්‍රශ්න සහ සැමියා බිරිද පවුල් ප්‍රශ්න වලට,
මේ අතරින් බහුතරය වයස 40-50 අය වැඩි පුර,ඒ අතරින් පහු ගිය වසරේ තරුනයෙක් එල්ලිලා මැරුනේ තමන්ගේ ලංකාවේ සිටින බිරිද වෙන පිරිමියෙක් සමග ගිහින් කියලා.ඒ තරුනයට වයස 30 ආසන්න කෙනෙක්,ඇත්තටම ගැණි වෙන මිනිහෙක් එක්ක ගියා කියලා දිවිනසා ගන්න ඕනද,වෙන ගැණියෙක් හොයා ගන්නවා මිසක්.
අර ගැණු ළමය දිවිනසා ගන්න හේතුව උනේ ආදර සම්බන්දතාවයකදී ගෙදරින් සිදු කරපු විකාර වැඩ වලට,එතනදී ඇත්තටම ඒ ළමයගේ දෙමව්පියන් තරුන දරුවෙක්ගේ ආදර ප්‍රශ්න වලදී බුද්ධිමත්ව හැසිරුනා නම් ඒ දරුවගේ ජීවිතය එසේ නිම නොවෙන්න ඉඩ තිබුනා.
මැදිවයසේ කීප දෙනෙක්ම දිවිනසා ගන්න හේතුව විදිහට උනේ තමන්ගේ බිරිදගේ අනියම් සබදතා,සමහර අවස්තාවලදී වෙන පිරිමින් සමග ඉද්දී අතටම අහු වෙලා ඒවා දරා ගන්න බැරිව දිවිනසා ගත්තු අවස්තා,කොහොමත් මෙහෙට එන බොහෝ මැදිවියේ ජෝඩු මුහුනදෙන ලොකුම ප්‍රශ්නෙ තමා,බිරින්දෑවරුන් ඉතා ඉක්මනින් හැඩ වැඩ වී තරුන වෙලා තරුන කොලුවෙක් සමග සෙට් වීම,,අර සැමියලා ලංකාවෙන් ආපු විදිහටම වැඩ කරගෙන,බයියලා වගේ ඉන්න එක,,ඉතා ඉක්මනින් බිරින්දෑවරුන්ට තමන්ගේ සැමියව එපා වීම,ඒත් ඉතින් මේ සැමියලත් මොකට එල්ලෙනවද මන්දා යන උන්ට යන්න දෙන්නෙ නැතුව.
මේ රටේදී දිවිනසා ගෙන සිරුරු ලංකාවට යවන්නත් යූරෝ 5000 වගේ ආසන්න මුදලක් වියදම් වෙනවා,ඇත්තටම ඒක ලොකු ප්‍රශ්නයක් එක පැත්තකින්,මොකද සිරුරු ලංකාවට යවන්න සල්ලි හොයන්න ආධාර එකතු කර ගන්නවා,යම් මුදලක් කරිටාස් ආයතනයෙන් දෙනව,ඒත් ලගක ඉදන් කරිටාස් ආයතනයෙන්ම කියලා තියනවා,උබලගේ රටේ මිනිස්සු දිවිනසා ගන්න හැටියට මුදල් දෙන්න විදිහක් නෑ ඒ දෙන මුදල් වලින් කරිටාස් ආයතනයට කන්න නැති මිනිස්සුන්ට සෑහෙන දවසක් කන්න දෙන්න පුලුවන් කියලා.
මේ එල්ලුනු කෙනෙක් එක වතාවක්,එල්ලෙන්න ලියුපු ලියුමත් එක්ක සිරුර යවන්න කියලා යූරෝ 5000 මුදලක් තබලම දිවිනසාගෙන තිබුනා. එක අතකින් මෙහෙම සල්ලි වියදම් කරලා සිරුරු යවන එක මොන මෝඩ වැඩක්ද කියලත් හිතෙනවා,එක්කෝ සිරුරු ආදාහනය කරලා අළු යවන්න ඕනා,
අවසන් වතාවට දිවිනසා ගත්තු පුද්ගලයගේ කතාවත් ගොඩක් අවාසනාවන්තයි,,ලංකාවේ සංචාරක කර්මාන්තයේ යෙදුනු කෙනෙක්,යම් තත්වෙකින් ජීවත් වෙලා තියනවා,ඒත් ණය වෙලා ඉතාලියට ඇවිත් තියනවා,මෙහෙට ආවට පස්සේ හරි හමන් රැකියාවක් සෙට් වෙලත් නෑ,කරපු සුළු රැකියාවෙත් වැටුප් හරියට ලැබිලා නෑ ,අර ණය ඩබල් වෙලා තියනවා,රැකියා ප්‍රශ්නයි,ආර්ථික ප්‍රශ්නයි එක්ක මේ කෙනා ඒ වෙලාව දැඩි පීඩනේකින් ඉදලා තියෙන්නේ,අර රැකියා කරපු ස්ථානෙදිම දිවිනසාගෙන තිබුනා,අවසානෙදී සල්ලි හම්බු කරන්න ඇවිත් සියලුම සේසතම නැති කරගෙන,තමන්ගේ බිරිද දරුවන්වත් අනාථ කරලා ජීවිතයෙනුත් සමු ගත්ත එකයි උනේ.බොහොම අවාසනාවන්ත සිදුවීමක් මේ සිද්ධියත්.
ඇත්තටම කෙනෙක් දිවිනසා ගෙන ප්‍රශ්න ඉවර වෙයි කියලා හිතුවට එයාලා ප්‍රශ්න රාශියක් ඉතුරු කරලයි ජීවිතයෙන් පැනලා යන්නේ.මිනිස්සු තම්න්ගේ ජීව්තේ වටිනාකම තේරුම් අරගෙන මේ වගේ මෝඩ තීරන ගන්න ඉක්මන් වෙන එක කවදා නවතීද,මේ අපේ මිනිස්සුන්ගේ දිවි නසා ගැනීමේ රෙකෝඩ් එක අඩු වේවා කියලා ප්‍රර්ථනයක් එක් කරනවා.ItalyDilanhttp://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.com20tag:blogger.com,1999:blog-3736857477708060031.post-80885439309830692912014-04-13T23:36:00.001+02:002014-04-13T23:36:14.139+02:00ශත 25 සහ රුපියල
(බස් රේඩියෝ සාමාජිකයෙක් ලෙස බස් රේඩියෝව වෙනුවෙන් මෙය එකතු කර ගත්තා)
මුලින්ම ලැබුවා වු සිංහල හින්දු අලුත් අවුරුද්ද සියලුම දෙනාට වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.ඒ එක්කම අද මගේ බ්ලොගේ 4 වෙනි උපන් දිනෙත් වෙනවා,,මෙච්චර කාලයක් නිකමට හරි මගේ බ්ලොගට ගොඩ වුනු සියලු දෙනාට ස්තූතීය පුද කරනවා.
මගේ බ්ලොගට ආපු පරන අය දන්නවා ඇති මට තියනවා විනෝදාංශයක් ලෝකෙ මුදල් නෝට්ටු එකතු කිරීම,,ඉතින් ඒ එක්කම ලංකාවෙ මුදල් නෝට්ටුත් එකතු කරනවා,ඒ අතරින් මම ආසා කරන දෙයක් තමා අපේ රටේ පැරනි මුදල් නෝට්ටු එකතු කිරීම,කොටින්ම යම් යම් අවස්තා වල මුදලට මිලද ගැනීම් පවා කරනවා,යම් මුදල් නෝට්ටු විකුනන තැනක් ඇස ගැටුනොත්.
ලගදී මට අහම්බෙන් අන්තර්ජාලෙන් සහ මුදල් නෝට්ටු විකුනන්නෙක්ගෙන් ලංකාවෙ පැරනි මුදල් නෝට්ටු 3ක් මිලදී ගන්න පුලුවන් උනා,මේ මුදල් නෝට්ටු 3 තිබුනේ ඉතාලි ජාතිකයන් සන්තකයේ,යම් සාධාරන මිලකට මේ නෝට්ටු මිලදී ගන්න පුලුවන් උනා.ලංකවෙදිවත් මිලදී ගන්න අමාරු වෙන මුදල් නෝට්ටු දෙකක් අහු උනා ඒ 1949 නිකුත් කරපු රුපියලේ සහ සත 25 නෝට්ටු දෙක.ඉතින් මේ අවුරුදු දවසේ මම මේ මිලදී ගත්තු මුදල් නෝට්ටු 3 මගේ බ්ලොගට දාන්න හිතුවා.මේ තියෙන්නෙ ඒවා
(රුපියලේ ඉදිරිපස ඉන්නෙ 6 ජෝර්ජ් උත්තමයා,48 අපිට නිදහස හම්බුනා කිවුවට 49 ජෝර්ජ් උත්තමයා මුදල් නෝට්ටු වල ඉදලා තියෙන්නෙ)
(පසුපසට නම් ඇත්ගොව්වෙක් එක්ක අලියෙක් ඉන්නවා)
(මේ සත 25 මේකෙත් තියෙන්නෙ ජෝර්ජ් උත්තමයගේ මූනත් තහඩුවම තමා,,මේ නෝට්ටුවේ විශේසත්වය පසු පස නෝට්ටුවේ අxකය පමනයි තියෙන්නේ,සුදු පසුබිමේ)
මේ මුදල් නෝට්ටු දෙකම ඉතාමත් හොද තත්වයේ තියෙනවා,අපේ අයගේ මුදල් පරිහරනය ගැන දුක හිතෙනවා ඒවා විනාශ වෙන හෑටි බලනකොට,,ඒ අතින් යුරෝපා ජාතිකයන්ගේ මුදල් නෝට්ටු පරිහරනය ඉතා සුරක්ශිතයි,නෝට්ටු විනාශවීම ඉතා අවම මට්ටමක තියෙන්නේ,,ඔයාලගෙන් පොඩි ඉල්ලීමක් කරනවා අවසන් වශයෙන්,මුදල් නෝට්ටු පාවිච්චි කරනකොට පරිසමින් නවන්නේ නැතුව පිලිවෙලකට පාවිච්චි කරන්න පුරුදු වෙන්න.
අවසන් නෝට්ටුව නම් ඔයාලා දැකලා ඇත්හි ගොඩක් අය
ItalyDilanhttp://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.com10tag:blogger.com,1999:blog-3736857477708060031.post-8968334986090517452014-02-02T23:01:00.000+01:002014-02-02T23:01:28.815+01:00රට පනින හෙළ යක්කු
අපේ රටේ කෝටි 33 ක් දෙයිවරු ඉන්නවා කිවුවට ඕකෙන් වැඩි හරියක් ඉන්න ප්‍රසන්න පෙනුමක් තියන දෙයිවරු නෙමේ,, ඉන්න තරමක් ඉන්නේ යක්කු නේ,අනික් එක පොඩ්ඩ බැරි වෙන්න බෑ ඕකුන් මේ යහතින් ඉන්න මිනිස්සුන්ට වැහෙනවා,වැහිලත් නිකන් ඉන්න දෙන්නෙත් නෑ,දැන් ලංකාවෙදි යක්කු වැහෙනවා මදිවට මුන් අපේ මිනිස්සුන්ගෙ පස්සෙන් ඉතාලියට ඇවිල්ලා, එහෙ ඉන්න දෙන්නෙත් නෑ මෙහෙ ඉන්න දෙන්නෙත් නෑ, ශරීර කූඩු වලට රිංගන්නමයි බලන්නෙ.කොහොම එනවද මන්දා බෝට්ටු එන්නෙත් නැති එකේ හොර පාස්පෝට් හදාගෙන එනවා වගේ.යක්කුන්ට ඇටෑක් කරන්න දේවාලත් පටන් අරගෙන තියෙන්නේ,මම කාලෙකට කලින් එහෙම දේවලයක් ගැනත් ලිවුවා,,,ඒ එක්කම කේන්දරකාරයොත් වැහි වැහැලා,ඒ මදිවට ධනාත්මක චින්තන කාරයොත් බැහැලා,
අපේ මිනිස්සුන්ට නොයෙක් නොයෙක් ප්‍රශ්න එනකොට දේවාල,කේන්දරකාරයෝ පස්සෙ දුවන එක පුරුද්දක් නේ,ඉතාලියෙ හොද ආර්ථිකයක් තිබුනු කාලේ මිනිස්සුන්ට ප්‍රශ්න තිබුනේ නෑ,දැන් ඉතාලියේ ආර්ථිකය වැටිලා නිසා ඒක අපේ අයටත් බලපාලා ඉතින් ප්‍රශ්න,අපේ අය ඒවට විසදුම ගන්නේ අර ක්‍රම වලින් නිසා,,ඒවට විසදුම් දෙන්නත් කස්ටිය බහින්න අරගෙන ඉතාලියට,,අර ඉතාලියේ ඉදන් කරන සැටලයිට් චැනල් කාරයොත් මේ කස්ටියව මාකට් කරනවා හෝ ගාලා,කතරගම දෙයියෝ වඩිනවා කියපු මංජුල පීරිස්,ගංගා සුදර්ශනී කියලා අයියනායක දෙයියන්ගෙන් උදව් අරන් දෙන කෙනෙක්,තව කේන්දරකාරයෝ කීප ගොල්ලක්ම ඉන්නවා,,තව මහා භද්‍රකාලි මෑනියන්ගෙ ඉතාලි නියෝජිත ගැණු කෙනෙක් එහෙමත් ඉන්නවා,ඒ අතර අපේ අයගේ ධනාත්මක චින්තනය වැඩි දියුනු කරන්න මනස ගොයියත් වැඩ පටන් අරගෙන තියෙන්නෙ.
මේකයි මේ කස්ටිය ඇවිල්ලා ඉන්නෙත් අපේ අයට යක්කු වැහෙනවා නේ ඒවට ඉතාලියෙ බෙහෙත් නෑ,මේ ලගදි මම අදුනන ඉතාලි ගැණු කෙනෙක් හම්බුනා,එයා කියපු කතාවට එයාටත් හිනා මටත් හිනා,එයාගෙ ගේ ලග අපේ රටේ ගෑනු කෙනෙක් වැඩ කරනවා,ආච්චි කෙනෙක් බලා ගන්න එක කරන්නේ,ඉතින් මම අදුනන කෙනා හිටි ගමන් අරයා ගැනත් මතක් කරනවා,,ලගදි හම්බුනු වෙලේ ඔන්න කියපි,දවසක් උදේ පාන්දර අර අපේ ගෑනු කෙනා ඉතාලි ගෑනු කෙනාගේ ගෙදරට දුවන් ආවලු,කොන්ඩෙ කඩාගෙන ,මේ සීත කාලෙ දාඩියත් පෙරාගෙන හොදටම බය වෙලා, ආවා මදිවට කලන්තේ දාලත් එක්ක පුටුව උඩම. පස්සේ වතුර ඉහලා සිහිය අරගෙන,,මොකෝ උනේ කියලා අහනකොට අර වැඩ කරන ගෙදර යකෙක් ඉන්නවා කියලා,පස්සෙ අපේ ගෑනු කෙනා කතා කරන්නෙත් නැතුව උඩ බලන් බලා ගත්තු අතේ බලන් ඉන්නවලු. ආයේ අර ගෙදරට යන්නම බෑ කියනවලු,, ඒ ගෙදර යකෙක් ඉන්නවා කියලා,, පස්සේ මම අදුනන ගැණු කෙනා අරයගේ නෑයන්ට කතා කරලා අර ගොල්ලෝ ඇවිත් එක්කන් ගිහින්,,පස්සෙ මට ඉතාලි ගෑනු කෙනා කිවුවේ අරයා දවස් කීපයකින් ලංකාවට ගිහින් කියලා.දැන් එතන බ්‍රසිල් කෙල්ලෙක් වැඩ කිවුවා මොන යකෙක්වත් හොල්මනක්වත් නෑලු. අර යක්කු කතාව බ්‍රසිල් කෙල්ලට කියලා, ඒකි කියලා යක්කු ආවොත් ඒකත් ඒකි බලා ගන්නම් කියලා.
මීට කාලෙකට ඉස්සල්ල,අපේ ගමේ අක්කා කෙනෙක්ටත් ඔය වින්නැහියම උනා, එයා උන්නේ නාපෝලිවල, එයත් ආච්චි කෙනෙක් බලන් ඉද්දි,ආච්චි මැරිලා මාර වැඩේ කියන්නේ ආච්චිව මේ අක්කට වැහිලා,,අක්කා ඉතින් ආච්චි විදිහට හැසිරිලා විකාර නටලා,පස්සේ බලෙන් වගේ එයාලගේ සහෝදරයෝ මෙයාව ලංකාවට අරන් ගියා,, ලංකාවෙදි මොනා කලාද මන්දා,,පොඩ්ඩක් ගෙදරට නාකි වෙවී උන්නේ,,ආයේ ඉතාලි ආවේ කසාදෙකුත් කරලම දීලා,, දැන් නම් හොදට ඉන්නවා.පවුල් වෙලා ළමයි හදාගෙන.
ඔය වගේම තව පිරිමි කෙනෙක් ඇවිල්ල ටික දවසකින්ම බලා ගත්තු අතේ බලාගෙනම ඉදලා,උන්නු ප්ලැට් එකෙනුත් පනින්න ගිහින්, ඒ වෙලාවේ ඒ ගෙදර උන්නු කොල්ලෝ බේරගෙන තිබුනා,,පස්සේ මිනිහවත් ලංකාවට යැව්වා,මිනිහා ඇවිල්ල තිබුනෙත් සල්ලි වියදම් කරගෙන,,ලංකාවට ගිහින් වැහුනු යක්කුන්ව එලෝලා ආයේ නෝර්මල් උනාම මතක් වෙලා තියෙන්නේ ණය වෙලා ගියේ කියලා,, ආයේ ඇවිල්ල මෙන්න බොලේ හොදට වැඩ කරන් ඉන්නවා , ගෙදර ගිහාම නය කාරයෝ ඇවිල්ලා,,ඉතින් වැහුනු යකාවත් එලෝගෙන ආපහු ඇවිත්.
ලගදි තව කොල්ලෙක්ට වැහුනා යකෙක්,මිනිහත් අලුතෙන් ඇවිල්ලා ජොබ් එකකට දැම්මා දවස් කීපයයි කෙරුවේ අඩාගෙන ගෙදර ,එදා ඉදන් මූ කාමරෙන් එලියට එන්නෙ නෑ,කන්නෙ බොන්නෙ නෑ,මිනිස්සු එක්ක කතා කරන්නෙ නෑ, හිනාවක් නෑ යකා ගහලා වගේමයි. මේ ගෙදර ඉන්නේ කොල්ලෝ සෙට් එකක්,,මුන්ට ඇහිලා තියනවා රෑට සුදු මැනිකේ කියලා හයියෙන් කෑ ගහනවා අර පොර හීනෙන්,ඒ අස්සෙන් ලංකාවෙන් කියනවලු හූනියම් කරලා අපේ කොල්ලා ඉතාලි ගිය නිසා කියලා,,අනේ ලංකාවට එවන්න කොහොම හරි කියලා,, ඒ මදිවට පොර විවාහ වෙල ටික දවසකින් ඇවිත් තියෙන්නෙත්,කරේ සුරේකුත් එල්ලන් ඉදලා තියෙන්නේ මොනා හරි වෙලා ඒකත් නැති වෙලා,,ගෙදර අය අහලා කරේ සුරයක් තියනවද කියලා,,ගෙදර කොල්ලෝ නෑ කියලා,,ඒකෙන් අර මිනිස්සු හොදටම බය වෙලා ආයේ ලංකාවට එවන්න කොහොම හරි කියලා,,මොකද මූ වීසා එක හම්බෙලත් යන්න බෑ කියලා, ඒ උනාට හෙන ආසාවෙන් ඉදලා තියෙන්නේ ඉතාලි එන්න, වීසා හම්බුනාම බෑ කියන්න පටන් අරගෙන,, අර මිනිස්සු මුගේ හිත වෙනස් වෙන්න සුරයක් දාලා තියෙන්නේ,ඒ දේවාලෙන් කියලා හූනියම් කරලා නිසා ඒ හිත වෙනස් වෙලා තියෙන්නේ කියලා ,ඔය කොල්ලෝ අතරේ ඉදලා තියනවා මොළේ ඇති කොල්ලෙක්, මිනිහට තේරිලා ලෙඩේ මොකද්ද කියලා, එදා රෑම මූව බලෙන් වගේ දොස්තර නෝනෙක් ලගට ගෙනියලා,, අතේ තියන ගානට බේත් කරන්න ඕනා නිසා කලු දොස්තර නෝනෙක් ලගට එක්කන් ගිහින්,සුදු නෝනලා ගානත් වැඩී නේ,අප්‍රිකාවෙන් ආපු අක්කිලා ඉන්නවා අඩු ගානට ඉතින් ලෙඩේ හොද වෙයි කියලා අර කොල්ලෝ මූව එක්කන් ගිහින්,බලෙන් වගේ ඇදගෙන ගියේලු. ගානත් කතා කරන් එතන තියන පාලු බිල්ඩිමකට මූව හරකව මරන්න ගෙනියනවා වගේ ඇදගෙන ගිහින්, අක්කිට බාර දුන්නලු ,මූව එක්කන් ගිය කොල්ලෙක් මට මේ විස්තරේ කිවුවේ,,ඈතට මුගේ මූන පේනවලු,පොඩි වෙලාවලු ගියේ ඔන්න මූ හිනා වෙන්න ගත්තලු,ඒ කියන්නේ ප්‍රතිකාරය හරි ගිහින්, පස්සෙ මිනිහා එළියට ආවලු වීරයා වගේ හරි හිනාවෙන්, කොල්ලෝ සෙට් එකට කියලා අපේ ගෑනුත් ගෑනුද බන් මුන් නෙ ගෑනු කියලා,මොකෝ උබට මුලින්ම හිනා ගියෙ කියලා අහනකොට පොඩ්ඩක් කිතියක් දැනුනා ඒකයි හිනා ගියෙ කියලා කිවුවලු අපේ සුදු මැණිකෙට වැදලා කිවුවත් කර ගන්න බැරි උනු දේ අරකි ගිය ගමන් කෙරුවනේ බන් කියලා.කලු අක්කි ප්‍රතිකාරය කටින්ම පටන් අරගෙන කියලා කොල්ලෝ කිවුවේ,,එදා ඉදන් සුදු මැනිකේ කියලා හීනෙන් කෑ ගැහුවෙත් නෑලු,ලෙඩෙත් හොද උනාලු,රස්සාව කරන් අපූරුවට ඉන්නවලු,,ලගදි සුදු මැනිකෙවත් ගෙනල්ලා ඉතාලියට.
ඔය අපේ අයට වැහෙන යක්කු තමා.අර මංජුලලා,ගංගා සුදර්ශනීලා ඉතාලියේ විතරක් නෙමේ මැද පෙරදිග මිනිස්සුන්වත් ගානට අන්දනවා කියලා ආරන්චිය,මට කෙනෙක් කිවුවේ අර ගොල්ලෝ මැදපෙරදිග ගිහින් හොදට සල්ලි කඩන් යනවලු,මනස ගොයියා ස්කයිප් වලින් දේශන දෙනවා ඉතාලියට.මංජුලට,ගංගාට වෙලාවක් වෙන් කරන්නත් මාස 6ට ඉස්සල්ලවත් සල්ලි බදින්න ඕනලු,,ඒ අතරමට වැඩ අර මිනිස්සු,අපේ මිනිස්සුන්ට ප්‍රශ්න එනකොට ඒවගෙන් ගැලවෙන්න හොයන ක්‍රම තමා මේ.මොනා කරන්නද අපි ආසියාවට විතරක් නෙමේ ලෝකෙටම ආශ්චර්යමත් ජාතියක්...ItalyDilanhttp://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.com11tag:blogger.com,1999:blog-3736857477708060031.post-82485309196902824182014-01-12T23:21:00.002+01:002014-01-12T23:21:30.660+01:00උණ්ඩයෙන් අවසන් වූ තුන්කොන් ආදරය
මීට වසර 5 විතර ඉස්සර ජනවාරි මාසයම තමා,මම රැකියාව කරපු ස්ථානය අසලින් එක පෙලට ගියේ ඉතාලියේ තිබෙන පොලිස් දෙපාර්තුමේන්තු දෙකක පොලිස් කාර්,ඒ පසු පසින් ගිණි නිවන රථයක්,ඒ පසු පසින් ගිලන් රථ කීපයක්.පලාතම හොල්ලගෙන ඉතා වේගයෙන් සයිරන් නළා ගහගෙන හරියට බෝම්බයක් පුපුරලා වගේ.ඒ අවට මිනිස්සුත් පාරට බැස්සේ මොකද්ද මේ යුද්දේ කියලා බලන්න,මමත් ඔලුව දාලා බැලුවා ඒත් හරි තොරතුරක් ආවේ නෑ,ඒවා ගියේ මම උන්නු ස්ථානයේ ඉදලා 500 මීටර් විතර දුරකින් තිබුනු ස්ථානයකට.මමත් ඒ ටිකකින් වැඩ ඉවර වෙලා ගෙදර ගියා,පසු දින පත්තරෙන් සහ රැකියාව කරපු ස්ථානයෙන් මට තොරතුරු හම්බුනා. ඒ සිදු වුනු සිදුවීම.
ලොක්කා කඩවසම් කොල්ලෙක්,සුද්දිත් පිරිමියෙක්ට ඉස්සරහිනුත් බලලා පස්ස හැරිලත් බලන්න හිතෙන ඉටිකිරිස් කෙල්ලක්,දෙන්නා කෙටි කලකින්ම ප්‍රේමවන්තයෝ දෙන්නෙක් බවට පත් උනා,මල් උයනේ බංකු වල,චිත්‍රපට ශාලාවේ දෙන්නගේ ආදරය නැගලම ගිහින් තිබුනා,කෑම මේසේ,තේ මේසේ මේ දෙන්නව අත් දෙක පටලාගෙන ඉන්න දසුන නිරන්තරයෙන්ම අනෙක් කොල්ලෝ කෙල්ලන්ට දකින්න ලැබුනා.හරියට රෝමියෝ ජුලියට් වගේ තද ලව් එකක්.
දෙන්නගේ ආදරය කෙටි කලක් මෙහෙම යනකොට මේ දෙන්නගේ ආදරය මැද්දට තව එකෙක් කඩා පාත් වෙනවා,,ඒ පොඩ්ඩා,පොඩ්ඩා ලොක්කට වඩා කඩවසම් හරියට හොලිවූඩ් නලුවෙක් වගේ පොරක්,වැඩි දවසක් යන්නෙ නෑ,පොඩ්ඩට සුද්දි ගැන හිතක් පහල වෙනවා,පොඩ්ඩා අර දෙන්නගේ ආදරය දැන දැනම සුද්දි පස්සේ යන්න ගන්නවා,පොර බැහැලම ට්‍රයි එක සුද්දිගෙ ආදරය ලබා ගන්න,වැඩි දවසක් යන්නේ නෑ ලොක්කට මීටර් වෙනවා පොඩ්ඩා සුද්දී පස්සෙ පන්නනවා කියලා,කීප වරක්ම ලොක්කා පොඩ්ඩට අනතුරු අගවනවා සින්කොන් එකෙන් අයින් වෙයන් කියලා,ඒත් සුද්දිගෙ ලස්සනට වශී උනු පොඩ්ඩා නෙමේ පරාජය බාර අරගෙන සීන් එකෙන් අයින් වෙන්නේ.පොඩ්ඩත් සුද්දිගෙ පස්සෙන්මයි,සුද්දි යන යන තැන් වල පොඩ්ඩත් පස්සෙන්.
කෙමෙන් කෙමෙන් සුද්දිගෙ හිතත් හිමීට පොඩ්ඩා දිහාවට ඇදෙන්න අරගෙන,මොකද පොඩ්ඩට සුද්දිගෙ ආසන්න වයසෙමයි,අනෙක ඉතා කඩවසම් පෙනුමක් පොඩ්ඩට තියෙන්නේ,ලොක්කා එහෙම හැන්ඩියෙක් නෙමේ.සුද්දිගෙ හිතත් පොඩ්ඩ පොඩ්ඩ කාන්දමට ඇදෙනවා වගේ පොඩ්ඩා දිහාවට යන්න අරගෙන,ටිකෙන් ටික ලොක්කව මග අරින්නත් අරගන්නවා,ලොක්කා ඉන්නේ දැන් අසූ හාරදාහට තද වෙලා,ලොක්කගේ ඉවසීමේ සීමාවත් පනිනවා මොකද
අර දෙන්නගේ ලව් එක පටන් අරගෙන,,.වැඩි දවසක් යන්නේ නෑ ලොක්කව සුද්දි අතාරිනවා,අනික් එක ලොක්කට අනෙක් කස්ටිය ඉස්සරහා මේකට
ලැජ්ජයි.
ලොක්කා අවසන් තීරනේට යනවා,පිස්තෝලය අරගෙන මේ වතාවේ පොඩ්ඩා ලගට කිට්ටු වෙන්නේ,පාක් එකේදිම පොඩ්ඩව අහු වෙනවා,අවට තවත් මිතුරන් පිරිසකුත් ඉදලා තියනවා,පොඩි බහින් බස් වීමක් එක්කම ලොක්කා පොඩ්ඩගේ අවසානය සටහන් කරනවා, වෙඩි උණ්ඩ කීපයකින්,ඒ එක්කම ඉතුරු වෙඩි උණ්ඩ ලොක්කගේ අවසානය,ලොක්කත් සිය දිවි නසා ගන්නවා.ඔන්න ඔහොම තුන්කොන් ආදරයක අවසානය සනිටුහන් වෙනවා.වෙඩි උණ්ඩ කීපයකින්.
මේ පුවත අහපුවම මට බඩ අල්ලගෙන හිනා ගියා,ඒ මොකද කියනවා නම් ලොක්කට ඒ වෙද්දි වයස86,සුද්දිට 80 ,පොඩ්ඩට 82,මේ අය ජීවත් උනේ වැඩිහිටි නිවාස සංකීර්ණයක,එතන වැඩිහිටි නිවාස වලට අමතරව සියලු සැප පහසුකම් තියන තැනක්,මල් උද්්යාන,චිත්‍රපට ශාලා,නාට්‍ය ශාල,පල්ලි වගේ සියලුම දේ තියන වැඩිහිටියන්ගේ පොඩි ගම්මානයක්.මේ ගම්මානේ ඇති උනු පොඩි ආදර කතාවක අවසානය තමා මම අර උඩ ලිවුවේ.අර පොලිස් කාර්,ගිලන් රථ එදා මෙතෙන්ට ගියේ අර වෙඩි තැබීම නිසා.මෙතන ඉන්නේ ජීවිතේ සැදෑ සමය ගෙවන මහළු අය,ගොඩක් අයට කාත් කවුරුත් නෑ,තමන්ගේ පෙන්ශන් එක නිසා මේ නිවාසෙට පොඩි මුදලක් ගෙවලා මෙතන පදිංචියට ආපු අය,තවත් අය තමන්ට දරුවෝ උන්නත්,තනිකම පාලුව නිසා තමන්ගේ වයසේ අය එක්ක ගත කරන්න ආසාවෙන් ආපු අය.එහෙම මෙතන උන්නු 3ක් තමා ලොක්කා,සුද්දි,පොඩ්ඩා,තමාගේ ආදරවන්තියව නැති වීමෙන් හිතට ආපු ආවේගය නිසා,ලොක්කා අර විදිහට මේ කතාව අවසන් කලා.ආදරයට වයසක් නෑ සීමාවක් නැ.
(මේ අයට මම ලොක්කා,පොඩ්ඩා,සුද්දි කියලා නම් යෙදුවේ ඒ අයගේ නම් මට මතක නැති නිසා,මට මේක මතක් උනේ අද පාක් එකේ උන්නු අත් පටලවගෙන ආදරයෙන් උන්නු ඉතා වයසක ජෝඩුවක් දැක්කට පස්සෙ)
ItalyDilanhttp://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.com27