Pages

Saturday, March 30, 2013

චන්ඩියෙක් වූ ඉන්දියාව

මේ දවස් වල අපේ ප්‍රධාන හතුරා ඉන්දියාව,කොටින්ම කියනවා නම් පේස්බුකියේ අපේ අය ගහනවා ගැහිල්ලක් ඉන්දියාවට ලොවෙත් නැතිවෙන්න... ඉන්දියාව මේ දවස් වල අපිට විතරක් නෙමේ චන්ඩිකම් පෙන්නන්නේ, ඉන්දියාව ඒ පාර ඉතාලියටත් ගහනවා ගැහිල්ලක් ඇඩෙන්නම.අපි නම් ඉන්දියාවට කරුණානිධිට,ජයලලිතට පුලුවන් විදිහට සිංහලෙන් පේස්බුකියෙන් හරි බනිනවා ඒ උනාට ඉතාලිය අයියෝ පුදුම දුකක් විදින්නේ මේ ඉන්දියාවේ චන්ඩිකම් ඉස්සරහා.මොකද්ද මේ ඉන්දියා ඉතාලි හුටපටේ?
ඉතාලි සමාගමකට අයත් තෙල් නැවක්  සිංගප්පූරුවේ ඉදලා ඊජිප්තුවට ගමන් කරනවා, මේ තමා සෝමාලියා මුහුදු කොල්ලකාරයෝ ඉන්දියන් සාගරයේ උපරිම වැඩ දාපු කාලේ මාලු අල්ලන්න යන ට්‍රෝලර් පවා පැහැරගෙන නිදහස් කරන්න වන්දි ඉල්ලනවා,මේකට නැව් සමාගම් කලේ තමන්ගේ නැව් වලට තමන්ගේ රටේ නාවික භටයෝ හරි කුලියට ආරක්ශක භටයෝ හරි නැවේ ආරක්ශාවට නැවේ සේවයට එක් කර ගැනීම. ඉතින් මේ ක්‍රමේට එන්රිකා ලෙක්ශිකා නම් උනු මේ තෙල් නැවට ඉතාලි නාවික භටයන් 6ක් ආරක්ශාවට යනවා,
2012 පෙබරවාරි 15 මේ නැව අරාබි මුහුදේ ගමන් කරන්නේ මේ නැවට ලංවෙනවා ඉන්දියාවේ කේරලයෙන් පිටත් උනු මාලු අල්ලන ට්‍රෝලරයක්,දැන් තමා සිද්ධිය මේ ට්‍රෝලරයට මුහුදු කොල්ල කරුවන් කියලා ‍රැව‍ටුනු මේ වෙලේ නැවේ ආරක්ශාවට උන්නු නාවික භටයෝ දෙන්නා නැවට ලං නොවෙන්න එපා කියලා අනතුරු අගවනවා,,ඒත් මේක අහපු නැති ට්‍රෝරලය තවත් නැවට ලං උනා,නාවික භටයෝ දෙන්නා මොකෝ කලේ ට්‍රෝලයට වෙඩි තිබ්බා,නැව යන්න ගියා,,
ඒ වෙනකොට ට්‍රෝලරයේ උන්නු කේරල ධීවරයෝ දෙන්නෙක් මිය ගිහින්, මේ තොරතුර කේරලයට ගිය ගමන් ඉන්දියානු නාවික හමුදාවෙන් තෙල් නැව පසු පස එලවගෙන ගිහින් නැව අත් අඩංගුවට අර ගෙන කේරළයේ කෝචින් වරායට ගේනවා, අර නාවික භටයෝ දෙන්නා ඉන්දියාව සිරභාරයට ගන්නවා නැවත් කෝචින් වරායේ නවත්ත ගන්නවා.
දැන් නඩු පටන් අරගෙන නඩුව යනවා නාවික භටයෝ දෙන්නට එරෙහිව, නඩු වාර කීපෙකට පස්සේ 2012 නත්තලත් ලං වෙනවා,  ඉතාලි රජයෙන් ඉල්ලීමක් කරනවා තමන්ගේ නාවික භටයෝ දෙන්නට නත්තලට ඉතාලියට එන්න ඉඩ දෙන්න කියලා, නැවත භටයෝ දෙන්නව ඉන්දියාවට එවන පොරොන්දුව පිට ඉන්දියානු අධිකරනය  මේ දෙන්නව ඉතාලියට එවනවා,නැවතත් නත්තල නිම වෙලා ඉතාලිය දෙන්නව ආයෙත් ඉන්දියාවට යවනවා,
ආයෙත් ඉතාලි මහ මැතිවරණය වෙලාවෙ ඉතාලිය නැවත ඉල්ලීමක් කරනවා චන්දයට දෙන්නව ආයෙත් එවන්න කියලා, මේ වතාවෙත් ඉන්දියාව දෙන්නව ඉතාලියට එවනවා, මේ වතාවේ ඉතාලිය පොඩි සෙල්ලමක් දාලා බලනවා අපි නාවිකයෝ දෙන්නව ආයේ එවන්නේ නෑ අපේ රටේ නීතිය අනූව දෙන්නව අධිකරනයට ඉදිරිපත් කරනවා කියලා,
ඔන්න ඉන්දියාව චන්ඩිපාට් එක දානවා ඉතාලියට ඇඩෙන්නම,ඉන්දියාවේ ඉතාලි තානාපතිට ඉන්දියාවේ කිසිම ගුවන් තො‍ටුපලකින් රටින් පිටවීම තහනම් කරනවා, නැවත නාවිකයෝ දෙන්නව ඉන්දියාවට භාර දෙනතුරු,මේ වෙලාවේ ප්‍රශ්නය සෑහෙන දුර දිග යනවා, ප්‍රශ්නය රාජ්ය තාන්ත්‍රික ප්‍රශ්නයක් බවට පත් වෙනවා,එහෙන් කේරළේ මහ ඇමති කෑ ගහනවා, ඉතාලියෙන් තව කෙනෙක් කෑ ගහනවා,,කේරළයේ නාවිකයෝ දෙන්නගේ පබයෝ පුච්චනවා.
ඉතාලියේ නිශ්පාදන ඉන්දියාවෙත් ඉන්දියාවේ නිශ්පාදන ඉතාලියෙත් වෙළදාම ඉතා ඉහලව තියනවා,,මේ අවස්ථාවේ මේ වෙළදාමටත් මේ ප්‍රශ්නය ඇදීගෙන එන්න අරගන්නවා,ඉන්දියාව ඉතාලියට සෑහෙන ලොකු බලපැමක් කරනවා හැම අතින්ම,අවසානෙදී  නාවිකයෝ දෙන්නව ඉන්දියාවට නැවත භාර දෙන්න ඉතාලිය තීරනය කරනවා.
අවසානෙදී ඉතාලි රාජ්්‍ය ලේකම්  සමග නාවිකයෝ දෙන්නා නැවත ඉන්දියාවට යනවා, මේ ප්‍රශ්නෙදී ඇත්තටම මේ ඉන්දියාවේ බලපෑම මුලු යුරෝපා සංගමේටම වැදුනා,,මොකද යුරෝපා සංගමය ඉල්ලීමක් කලා ඉතාලි තානාපතිව මේ ප්‍රශ්නෙදී නිදහස් කරන්න කියලා,,ඒත් ඒක ඉන්දියාව සතේකට ගනන් ගන්නෙ නෑ,මේ වෙනකොට මේ ප්‍රශ්නය නිසා ඉතාලි විදේශ ඇමති ඉල්ලා අස් වෙලා, ආරක්ශක ලේකම් ප්‍රසිද්ධියේ නාවිකයන්ගෙන් සමාව ඉල්ලනවා ප්‍රශ්නය තාම නිරාකරනය කරන්න බැරි උනාට.ඉතාලි භටයෝ වෙඩි තිබ්බේ ජාත්යන්තර මුහුදේ කියලා නැවේ කට්ටිය කියනවා ඉන්දියාව කියනවා ඒ හරිය අයිති ඉන්දියාවට ඒ නිසා ඉන්දියානු නීතියට අනූව මේ දේ සිදු වෙන්නේ කියලා.ප්‍රශ්නය කොහෙන් කෙලවර වේවිද කියලා අද ඉතාලිය බය වෙලා හොදටම.
ඉතාලිය දන්නේ නෑ ඉන්දියාව එක්ක හැප්පෙන හැටි...ඒක ඉගෙන ගන්න ඕනා ලංකාවෙන්..


ඉන්දියානු සාගරයේ සෝමාලි කොල්ල කරුවන්ගේ බලපෑම

29 comments:

  1. හරි...සෝක්..සෝනියා ගාන්ධි ඉතාලි ජාතික කාන්තාවක් නේද?

    ReplyDelete
    Replies
    1. සෝනියා හින්දා තමා දෙන්නව ඉතාලි එවුවේ

      Delete
  2. ඉන්දියානු නිවුස් වෙබ් සයිට් වල කමෙන්ට් දාන තමිල්නාඩු / දෙමල ගොබිලෝ නිතරම කියවන එකක් තමයි " ලංකාව අපේ ධීවරයෝ සිය ගාණක් මරත්දී කටයි-*කයි වහන් ඉන්න මධ්‍යම රජය ධීවරයෝ දෙන්නෙක් මැරුවට විතරක් උඩ පනිනවා " කියලා , ගොඩක් වෙලාවට ඕක කියන්නේ ටිකක් මධ්‍යස්ථව බලන උතුරු ඉන්දියානු කමෙන්ට් කරුවන්ට (ටයිම්ස් ඔෆ් ඉන්ඩියා එකේ ලංකාව ගැන ලිපි වෙලාවක කියවලා බලන්න , රාවණා ගේ කාලේ ඉඳන් සිද්ධි තියනවා කමෙන්ට් වල )

    අපේ ෆේස් බුක් වීරයෝ සහ දේශප්‍රේමියෝ තේරුම් ගන්න අකමැති වුනාට ඉන්දියාව දැන් ලෝක මට්ටමේ චණ්ඩියෙක් , ඒක දන්න නිසා තමයි ජනාධිපති තුමයි ආණ්ඩුවෙ ලොක්කොයි කෙලින්ම ගේම ඉල්ලන්න යන්නේ ඇත්තේ . මම තැනක කියෙව්වා ඉතාලි දෙන්නට තමන්ගේ රටේදීම දඬුවම විඳින්න පුලුවන් කියලා , ඒහෙම නොවී ඉන්දියාවේ හිර ගෙදරකට යන්න වුනොත් උන් දෙන්නට අනිච්ඡාවත සංඛාරා තමයි

    ReplyDelete
    Replies
    1. well said...
      මේක තමයි ඇත්ත.

      Delete
    2. බුවා සම්පූර්න ඇත්ත,,,මේ වෙලාවේ ඉන්දියාව ලෝකෙට පෙන්නන්නේ එයාලගේ බලය

      Delete
  3. ආරක්ෂක ලේකම් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලුවා. චඃ මහා පල් වැඩක්නේ. ආරක්ෂක ලේකම්ලා එහෙමත් පීචං වෙනවද සම්පූරණයෙන් නීතිය කණපිට පෙරලුවත්. එන්න කියන්නකෝ අපෙන් ටියුෂන් ගන්න.

    ReplyDelete
    Replies
    1. ඒක තමා ඇනෝ ගෝටා ලගට එවුවොත් හොදයි නේද

      Delete
  4. apita gota gana nam adambaraiii.. ath me desapaluwo rate salli kana eka gana nam godak dukaii..gota chande illuwoth gamak nee.. agamathi wenna puluwan

    ReplyDelete
    Replies
    1. ගෝටා රාජ්ය සේවකයෙක් ලෙස බැලුවොත් මිනිහා ඉතාමත් සාර්ථක රාජ්ය සේවකයෙක්

      Delete
  5. ඒකත් එහෙමයි නෙ......

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙමයි නේන්නම්

      Delete
  6. ඩිලාන් කියනකල් මම දන්නෙ නෑනෙ මේ කතාව. එතකොට අපි හිතුවා වගේම කලාපේ චන්දියා ඉන්දියාව නේ?

    ReplyDelete
    Replies
    1. ඩූඩ් වැරදි,,කලාපෙන් එහෙට ගිහින් දැන් ලෝක චන්ඩියෙක්,,කලාපේ චන්ඩියා කාලේ තමා අපිට පරිප්පු දාලා ගියේ

      Delete
  7. ඉන්දියානු චණ්ඩි පාට් හෙළා දකිමු.

    මෙය අනුමත කරනවා නම් share කරන්න. :D

    ReplyDelete
    Replies
    1. බුකියේ පොටෝ එකක් දාමුකෝ හරී

      Delete
  8. නියම විස්තරේ ඩිලා....
    ඉතාලි උන්ටත් හොඳ පාඩම ඉන්දියාඅවට දීගෙන හිටියට

    ReplyDelete
    Replies
    1. තරහා වෙන්නෙපා මල්ලි මෙහෙම කීවට.
      ඉතාලි උන් නිකම් දීගෙන හිටියේ නෑ.
      ඉතාලි උන්ගේ කර්මාන්ත 400ක් ඉන්දියාවේ තියෙනවා. ඉන්දියාවේ සේවකයෝ නැත්නම් අපේ මිදි වගාවේ (ඉතාලියේ ප්‍රධාන පානය) ඉන්දියානුවන්ගේ ශ්‍රමය නැති උනෙත් ඒ (ටෙක්නික්) ඔය සුපර් වයින් වල සහතිකත් ඉතාලියට නෑ. ඒ විතරක්ද ඉඳියානුවෝ නැති වුනොත් කිරි සම්බන්ද නිශ්පාදනත් ඒකම තමයි. ගවයන් එක්ක වැඩකරන්නෙ ඉන්දියානුවෝ විතරයි. ඒ විතරක් නෙමෙයි බොහෝ කෘෂි නිස්පාදන. ඉන්දියානුවෝ නැති ඇග්‍රිකල්චරල් එකක් මේ වෙද්දි ඉතාලියේ නැති තරම්.
      (මේක මේකට අවශ්‍ය දෙයක් නෙමෙයි ඒත් ඕනෙම නම් ලාංකිකයෝ නැති වුනයි කියලා මෙහේ රජයට කිසිම අපහසුවක් වෙන්නේ නෑ.)
      ඉන්දියාව ඉතාලියට පයින් ගහලා එලවන්න බෑ. මේ රටේ ආර්ථිකය එක්ක ලොකු බලපෑමක් කරන්න ඉන්දියාවට පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේක ඉන්දියානුවන්ටත් එහෙම තමයි. ඉතාලිය පයින් ගහලා දැම්මොත් ඉන්දියාවටත් ඒ තරම් පහසුවක් වෙන්නේ නෑ. මොකද ඒ රටේ තියෙන කර්මාන්ත නිසා එරටේ හා මේ රටේ ව්‍යාපාර නිසා රටවල් දෙකෙම ආර්ථිකයට ලොකු බලපෑම් වෙනවා.
      එන්‍ රීකා ලෙක්ශී හිටපු මරෝ එහෙම නැත්නම් මේරින් සොල්ජර්ස් ලා දෙන්න අනිවාර්යෙන්ම නීතියේ කටයුතු කරන්න ඕනේ ඉන්දියාවේ නෙමෙයි කියන එක නම් දෙහක් නෑ. ඒ ඒක ජාත්‍යන්තර මුහුදේ සිදුවූ දෙයක් නිසා. ඒත් ඉන්දියාව ගේම ඉල්ලන්නේ අපිට දැන් ඕනෙම දෙකට ලෑස්තියි කියලා අනිත් අයට පෙන්වන්න. ඒත් ඒක එහෙමම නෙමෙයි. මේකෙන් අපහසුවට පත් උනේ ඉතාලි රජය විතරක් නෙමෙයි. විශේසයෙන්ම ඉන්දියාවෙයි ඉතාලියේ බොහෝ සමීප සම්බන්ධතා වලට හේතුව උනේ සෝනියා ගාන්ධි. ඇයව විස්වාස කරලයි මෙවෙලෙත් මරෝලා එහෙ යැව්වේ. ඒත් මෙතන සෝනියාට කරගන්න දෙයක් නෑ.
      ආරක්ශක ඇමති ඉල්ලා අස්වීමේ තවත් දේවල් තියෙන්න පුළුවන්. සබෝටෙජ් එකක් වෙන්නත් පුළුවන්. මොනවා උනත් ඔහුගේ සමාව ඉල්ලිමයි ඇමතිකමෙන් අයින් වුනත් තවමත් මරෝලා ගැන වගකීමෙන් ඔහු නිදහස් වෙලා නෑ. ඔහුම ඒ බව කියනවා.
      මේ ගැන මෙතෙක් කරපු වැඩසටහන පෙරේදා රෑ රේතේ ක්වත්‍රෝ එකේ ගියා. පුළුවනි නම් මේඩියාසෙට් එකේ හිස්ට්‍රි වලින් ආපහු බලන්න.
      නැතුව අර ලංකාවේ අය කරන විදියට ෆේස්බූක් එකේ බැනගන්න එකයි ඒ රටේ ශ්‍රමිකයෝ යවන එකයි දෙරටේ තියෙන කර්මාන්ත හා ව්‍යාපාර අපහසුවට ලක් කිරීමෙන් වෙන්නේ තවත් අපහසුවට පත්වීම විතරයි. ඩිප්ලොමැටික් විදියට මේක හැන්ඩ්ල් නොකලොත් හැමෝම අනාගන්නවා. කොටින්ම ඉන්දියාව කරගත්තේ ඒක මයි. වෙනදාට ඉතාලියත් ඔය ඩිප්ලොමැටික් කියන වචනෙත් දන්නේ නෑ ඒත් මෙදා නම් මුන් ඩිප්ලොමැටික් වෙන්න ගිහින් අනාගත්තේ. )
      අද වෙනකනුත් මරෝලා ඉන්නේ තානාපති කාර්යාල නිවාස වල. හෙට නඩුවට අළුත් පරීක්ශන කරන්න කියලා ඉන්දියාවම කියනවානේ කලින් කලේ පිළිගත් විදියට නෙමෙයි කියලා. බොහෝ දුරට ඔවුන් ඉන්ටර්නැශනල් කෝට්ස් වලට ගනීවී. එහෙම නොවුනොත් ප්‍රශ්නය දුරදිග යනවා. තානාපතිතුමාව නිදහස් කරගන්න යුරෝපා සංවිධානය එකතු වුනා වගේ ඉන්දියාව තනි වෙන්නත් පුළුවන්.

      Delete
    2. සහතික ඇත්ත ඩිලාන් ...

      Delete
    3. මම පෝස්ට් එක දිග වැඩි නිසා ලියපු නැති ගොඩක් දේවල් රංගි අක්කා ලියලා ගොඩක් ස්තූතී රංගි අක්කා,,

      Delete
    4. ශශි සහ සුදු මුවා-
      ස්තූතී මේ පැත්තේ ආවට

      Delete
  9. මේ සිද්ධියේ මුල් ටික දන්නවාට වුණාට අන්තිමට වුණු දේ දැනන් හිටියේ නැහැ. බැලින් නම් ඉන්දියාව හරි අයියෙක් වෙලානේ :D

    ReplyDelete
    Replies
    1. ඉන්දියාව ලෝකෙට අයියෙක් වෙන්න යන්නේ හසිත

      Delete
  10. issarama hena bokka neda ban ..
    dan awula .ane manda ganu wage ..

    monawa unath aththa eli karala liyapu
    post eka watinawa...

    ReplyDelete
  11. කතාවනම් ඇත්ත...මේ ලගදි ඉදන් ඉන්දියාව රගනවා වැඩියි.

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම් රගන්න අරගෙන

      Delete
  12. සිංහල බ්ලොග් පාඨක ඔබ සියලු දෙනාට සුබම සුබ සියළු
    පැතුම් ඉටු වන බතින් බුලතින් වාසනාවෙන් සපිරිණු
    නව වසරකට ආසිරි එදිනෙදා ජීවිතය වෙබ් අඩවිය වෙතින් මෙසේ පිරිනමමු ...!

    ReplyDelete