Pages

Wednesday, March 13, 2013

පාප් ධූරය ඇමරිකාවටද?

මුලු ලෝකෙම ක්‍රිස්තියානි ජනතාව මේ වෙනකොට බලන් ඉන්නේ නව පාප් කෙනෙක් පත් වෙනකන්,,මේ වෙනකොට  වතිකානුව තුල පිහිටා තිබෙන මයිකල් ආන්ජලෝ සිත්තරාගේ සිතුවම් වලින් පිරී තිබෙන සිස්ටයින් දෙව්මැදුර තුලට වෙලා බාහිර ලෝකෙන් වෙන් උනු කාදිනල්වරු 115 අලුත් පාප්කෙනෙක් පත් කර ගන්න ජන්ද වට 2ක් පවත්වලා ඉවරයි. 2ම වැඩේ හරි ගියේ නෑ අද සවස ඊළග ජන්ද වට 2ක් සූදානම්,ජන්දය පැවැත්වෙන වෙලාවල් බලලා ඊයේ සවසත් අද උදෙත් රෝමෙ අයහපත් කාළගුනේ ගනන් නොගෙන සාන්ත පීතර චතුරශ්‍රය තුල දහස් ගනන් මිනිස්සු බලන් ඉන්නවා, සිස්ටයින් දෙව්මැදුරේ දුම් බටෙන් සුදු දුමාරය එයි කියලා,,මොකද න්දය හරි ගියා නම් සුදු දුමාරය පිට කරනවා,ජන්දය අහක ගිහාම එන්නේ කලු දුමාරය. ජන්දයට පාවිච්චි කරන ජන්ද කොළ උදුනට දාලා පුච්චනවා ,ඒත් ඉතින් ඒවා පිච්චුවට දුම් කලු පාට සුදු පාට වෙන්නේ නෑ නේ ඒවට රසායනික පාවිච්චි කරනවලු.
මේ වෙනකොට කාදිනල්වරු 4ක් අතරේ ජන්දය කැරෙකෙන බව පේනවලු. ඒත් අද සවස ජන්දය තීරනාත්මක වෙන්න ඉඩ වැඩී කියලා වතිකානු මාධ්ය එලි කලා.
ඉතාලියේ මිලාන් නුවර අගරදගුරු ආන්ජලෝ ස්කෝලා, බ්‍රසිලයේ ඔදීලෝ පෙඩ්‍රෝ, කැනඩාවේ මාර්ක් ඔව්ලෙට් ,පිලිප්පීනයේ ලුවිස් අන්ටෝනියෝ, ඇමරිකාවේ නිව්යෝක් අගරදගුරු මයිකල් ඩොලාන් කියන කාදිනල්වරු 4 දෙනා ඉදිරියෙන් ඉන්නවලු.
ඇත්තටම පාප් ධූරය ඇමරිකාවට යන ලකුනු නැතුව නෙමේ, උතුරු ඇමරිකානු කාදිනල්වරු 11 දෙනා වතිකානුව වටලා සිටින 5000 වැඩි මාධ්යවේදීන් අතර සුපිරි චරිත වෙලා නිතරම කැමරාව ඔවුන් දෙසට,,,ඒ කස්ටියත් නිතරම මාධ්යවේදීන් එක්ක, මේ නිව්යෝක් කාදිනල්වරයා සහ කැනඩාවේ කාදිනල් වරයා සිත් ඇදගන්නා සුලු චරිත දෙකක්,,,නිව්යෝක් එක්කෙනාට නම් යැන්කි කාදිනල් කියලා නමකුත් වැටිලා තියෙන්නේ, එයා තරුන කාලේ මරිජුවානා පානයට ඇබ්බැහි වෙලා උන්නා කියලා එයාම කිවුවා.
අනෙක් පසින් මේ කට්ටියට සෑ
හෙන අභියෝගයක් දෙනවා දකුනු ඇමරිකාවේ බ්‍රසීලය සහ ආසියාවේ පිලිප්පීනෙන්,, ඇත්තටම මේ කට්ටියම 60-70 අතර ඉන්න උදවිය,,මමත් හිතන්නේ මේ වගේ තරුන කෙනෙක්ට පාප්ධූරය යන එක ලොකු දෙයක්, පිලිප්පීනේ එක්කෙනාට නම් තාම 55 වයස, එයාට ආසියාවේ සහයෝගය ලැබෙයි අනිවා,,,ඒත් අසියාවේ කාදිනල්වරු 11 දෙනයි ඉන්නේ ලංකාවේ මැල්කම් රංජිත් කාදිනල්තුමත් සමග,,ඉංන්දියාවෙන් නම් කාදිනල්වරු 5ක් ඉන්නවා ඒ අතර තමා කාදිනල්වරුන්ගෙන් වයසින් අඩුම කෙනත් ඉන්නේ.
මේ ලිපිය ලියන විටත් තවත් ජන්දයක් පැවැත්වෙනවා,,මේ වෙනකොට ඇමරිකාවෙන් ඔබාමා කියලා තියනවා ඇමරිකාවෙන් පාප් ආවත් එයා අනික් අයවගේම තමා වෙනසක් නෑ කියලා, සමහර අය යම් බයක් තියනවා  ඇමරිකාවට ධූරය යනවට මොකද ඇමරිකාව ලෝකෙට ලොක්කා නිසා.
බලමු අද දවසේ මොකෝ වෙන්නේ කියලා සමහරවිට අද දවසේ පාප්කෙනෙක් පත්වේවි. මේ 4 දෙනාට අමතරව තව කස්ටියක් ඉන්නවා පාප්ධූරයට යන්න ඉඩ තියන,,,කාට මේක යයිද කියන්න අමාරුයි මේ සුදු දුම එනකන්.හංගේරියාවේ පීටර් එර්ඩෝ,ඇමරිකාවේ ශෝන් පැට්‍රික් මෙයා නම් අපි වගේම බ්ලොග් කරුවෙක්,ඉතාලියේ ප්‍රන්කෝ බවාසි,මෙක්සිකෝවේ ප්‍රන්සිස්කෝ රොබ්ලෙස් මෙයා ‍ටුවීටරේ එක්ක ඉන්න කෙනෙක්  අනෙක් කෙනා තමා ඝානාවේ පීටර් ටූර්ක්සන්,,බලමු පාප්ධූරය ඇමරිකාවටද,ලතින් ඇමරිකාවටද,ආසියාවටද,අප්‍රිකාවටද කියලා.

10 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. @gayani, ඔයාටනම් තදබල අමාරුවක් තියෙනවා තමයි, ඔය තුවක්කු බට එහෙම නැත්ද?

    ReplyDelete
    Replies
    1. ඇනෝ ඔයලා වගේ තුට්ටු දෙකේ මිනිස්සුන්ට මොනවද කියන්න බැරි.මට ද ඔබටද අමාරුව කියලා හිතාගන්න ඒ තරම් අපහසු නැ.මිනිස්සු උනාම මනුෂ්‍ය කමක් තියෙන්න ඕන.ඔබට එහෙම එකක් නැ.තුවක්කු බට ඕනද කියලා ඔයාගේ අම්මගෙන් හරි ඔයාගේ සහොදරියකගෙන් හරි අහන්න.එතකොට ඔයාට උත්තරයක් ලැබෙයි. ඔබලා වැනි අධම මිනිසුන් නිසා තමයි අම්මා,සහොදරිය කියන නමට කැලලක් ඇති වෙන්නේ.නිර්ණාමිකව පෙනි සිට අවජාතක වැඩ කරන්න එපා.

      දිලාන් සමාවෙන්න ඔයාගේ බ්ලොග් එකේ මම මෙහෙම ලියනවට.ඒත් මෙවැනි අධමයින්ට පිළිතුරු දිය යුතුය.

      Delete
  3. පාප් වහන්සේ තෝරා පත් කර ගත්තා, ෆ්ර්න්චෙස්කෝ 1 අලුත් පාප් වහන්සේගේ නම, ආර්ජන්ටිනාවේ කෙනෙක්, උපතින් ඉතාලි ජාතිකයෙක්

    ReplyDelete
  4. නියම ලිපිය.ඔබත් අපි හා එකවන්න.ඔබට විශ්වකෝෂයක කොටස්කරුවෙකු විය හැකියි.පිවිසෙන්න http://www.sinhapedia.com/

    ReplyDelete
  5. ඊයේද කොහෙද මම ලංකාදීප පත්තරේ කියෙව්වා. පාප් වහන්සේ ගැන ලියවුන දේවල්. ඒක ජාතික පත්තරයක් කියලා මම හිතාගෙන හිටියේ කලින්. ඊයේ තමයි තේරුනේ ලංකාදීපේ මාධ්‍යවේදියෝ කියන්නේ ගෝසිප් කාරයෝ කියලා. ඒ විතරක් නෙමෙයි ඒකට කොමන්ට් එකක් දැන්මම ඒක පබ්ලිශ් කරලා තිබ්බේ උන්ට ඕන ඒවා ලියාගෙන.

    අළුත් පාපා මට නම් හිතට අල්ලලා ගියා. පාපා ජොවාන්නි 23 වගේ ලුක් එකක් තිබ්බේ.

    ඒ උනාට හලෝ අවශ්‍යම දේ අපිට නෑ. පාපා විතරක් මොකටද?

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. කරුණාකර කියන්න පුළුවන්ද ඔබට වෙච්ච අපහසුතාවය මෙතන?
      මොකද ඔබගේ භාශාව මට තේරෙන්නේවත් ගැලපෙන්නේවත් නෑ. (අර ඔබ කියන වෙන්නප්පුවේ හලාවත වැල්ලේ අවුලක් වෙන්නත් ඇති. හා හා...)
      මෝඩකම ප්‍රදර්ශනය කරන්න ඔබට ඉන්ටනෙට් එක හොඳ ආයුධයක් වුනාට අපිට එහෙම නෑ.

      Delete
    3. ඇනෝ ඔබගේ කමෙන්ටුව මට ඉවත් කරන්න සිදු වෙනවා

      Delete
  6. දැන් ඉතින් අලුත් පාප්තුමා පත්වුණානේ...

    ReplyDelete