1ප්‍රැන්සිස් පාප්තුමා තාම පදවිය භාරගෙන ඉතාම කෙටි කාලයක්,ඒ උනාට එතුමා මේ කෙටි කාලෙදී ලබා ගත් ජනප්‍රියතාවය ඉතා ඉහළයි, ඒ එතුමාගේ තිබුනු සරල ගති පැවතුම්. එදා මාර්තු 13 දින පාප් ධූරයට පත් වුනු වෙලාවේ පටන් එතුමා මිනිසුන්ගේ සිත් තුළට ඇතුල් උනා පුදුමාකාර විදිහට,ආජින්ටිනාවේ දුප්පතුන් අතර සිට පැමිනීමෙන් එතුමා මේ සරල කම ලබා ගන්න ඇති.
ඇත්තටම එතුමා කාදිනල් ධූරයක් හෙබවූවත් ආජින්ටිනාවේදී ගෙවලා තියෙන්නේ ඉතාම සරල දිවි පෙවතක්,ගමන් බිමන පවා පයින් සහ පොදු මගී ප්‍රවාහන සේවා,ඇදුම් පැලදුම් පවා ඉතාම සරල ලෙස,ඒ වගේම දක්ශ කෝකියෙක් ලෙස තමන්ගේ කෑම බීම පවා තමන් විසින් සකස් කරගෙන තියනවා.ආජින්ටිනාව කියන්නෙත් දුප්පතුන් විශාල ලෙස ඉන්න රටක්,,ඒ වගේම මත් උවදුර,ගණිකා සේවය බහුල ලෙස පවතින රටක්,,,ඒ මිනිස්සුන්ව යහ මගට ගන්න බෙර්ගෝලියෝ කාදිනල්තුමා ගොඩක් වෙහෙස වෙලා තියනවා,,ඒ වගේම ඒ දුප්පත්තුන්ට විශාල සේවයක් කරලා තියනවා.
ප්‍රැන්සිස් පාප්තුමා ලෙස පත් උනු පහු වෙනිදම එතුමා ඒ දින කීපයේ නැවතී සිටි ස්තානයේ ගාස්තුව ගෙවීම එතුමා අතින් කලා වගේම,,,එදා සිටම එතුමාගේ ගමන් බිමන් යෑම පවා සරල වාහන වලින් සිදු වන්නේ එතුමා වටා විශාල ආරක්ශකයන් පිරිසක් උවමනා නෑ කියන එක පවා එතුමා පවසලා තියනවා,එතුමා පදවිය භාරගත් දින උත්සවයට පවා පැමිනියේ උඩ නිවාරනය කරපු ජීප් රථයකින්,, පාප්ලෙස පත් උනත් ඇදුම් පැලදුම් සාමාන්‍ය විදිහට,, සම්ප්‍රදායික ඇදුම් ආයිත්තම් පලදින්නේ නෑ,,,සුදු ඇදුම විතරයි,ඒ වගේම කරේ පලදා සිටින කුරුසිය පවා එතුමා කාදිනල් ධූරයේ සිට පලදපු කුරුසිය ,ඒ වගේම මුදුව පවා රිදියෙන් කරපු මුදුවක්,,ඒ මුදුව නම් අයිති වෙලා තියෙන්නේ 6 පාවුලු පාප්තුමාට.
පහු ගිය දිනෙක වසර 700 පසු සිදු උනු තවත් විශේශ සිදු වීමක් සිදු උනා,,,ඒ නව පාප්තුමා,හිටපු පාප්තුමාව බැහැ දැකීම, එයත් ඉතාම සරල ලෙස සිදු වූවක්,ඉතාමත් කුඩා කොටසක් මාධ්‍යට එලියට ආවා ඒ හමු වීමේ.
(මේ1 ප්‍රෑන්සිස් පාප්තුමා සහ හිටපු 16බෙනඩික් පාප්තුමාගේ හමු වීම)
අදින් කතෝලිකයන්ගේ පාස්කු සතිය ආරම්භ වෙනවා අද වතිකානුවේ සේවකයන් වෙනුවෙන් පැවැත් උනු දේව මෙහෙයට ප්‍රැන්සිස් පාප්තුමා සහභාගි වෙලා තියෙන්නේ සාමාන්‍ය කෙනෙක් ලෙස පසු පසම ආසනයේ වාඩි වෙලා.
(අද දින නව පාප්තුමා සාමාන්‍ය කෙනෙක් ලෙස පසු පස ආසනයේ වාඩිගෙන දේව මෙහෙයට සහභාගි උනු අයුරු)
නිරන්තරයෙන් මිනිසුන් අතරටම යන්න ආසා මෙතුමා,කතෝලික පල්ලිය අලුත් පාරකට ගන්න හදන බවක් මට පේන්නේ,,මේ වෙනකොට ඉතාලියේ පල්ලිය හැරගිය මිනිස්සු මෙතුමා නිසා ආයෙත් පල්ලියට එන්න අරගෙන,අසීසියේ සාන්ත ප්‍රැන්සිස් මුනිතුමා වගේ දුප්පතුන්ගෙන් කතෝලික පල්ලියේ නව හැරවුම් ලක්ශයක් 1 ප්‍රැන්සිස් පාප්තුමත් පටන් අරගෙන,ඇත්තටම අද ඉතාලියේ පවා දුප්පතුන් වෙනුවෙන් කතෝලික පල්ලිය ආගම් බේදයකින් තොරව විශාල සේවයක් කරනවා කැම බීම ඇදුම් පැලදුම්,ඉදුම්හිටුම් වලින් පවා,,,ඒ දේවල් 1 ප්‍රැන්සිස් පාප්තුමා තවත් දියුනු කරයි කියන එක අද ඉතාලි මිනිස්සු විශ්වාස කරනවා,ඒ දේ ලෝකයටම යන එක සිදු විය යුත්තක් මට හිතෙන විදිහට,මගෙත් විශ්වාසය 1 ප්‍රැන්සිස් පාප්තුමා ලෝක දුප්පතුන් වෙනුවෙන් ලොකු සේවයක් කරාවි,එතුමාට ඒ දේවල් හරියාකාරව කිරීමට ශක්තිය දහිරිය ලැබේවා කියල මමත් ප්‍රාර්ථනා කරනවා, යාච්ඤා කරනවා.
ඔයාලටත් අසීසියේ ප්රැන්සිතුමන් ගැන දැගන්න පුලුවන් ලිපියක් මට අද දකින්න ලැබුනා ආගිය කතා ලියන හසිත නිසා,, මේ අපේ සිංහල බ්ලොග් අවකාශයට එක් උනු නවක බ්ලොග්කරුවෙක්.
http://kaulupiyanpatha.blogspot.com
ඉවාන් පවුලූෂා.... and Nikita
2 days ago
එහෙනම් එතුමා සැබෑ ලෙසින්ම ජේසු තුමාගේ මග යන්නෙක්.. ආගමේ මුවාවෙන් සුපිරි ජීවිත ගත කරන බොහොමයක් ආගමික නායකයින්ට ආදර්ශයක්..
ReplyDeleteලොකු ආදර්ශයක් මේ පොඩි කාලෙටාපිටත් පේනවා සරත් අයියේ
Delete''දුප්පතුන්ගේ පාප්තුමා...'' මෙය සිහිනයක් නොවේවා.. අධිරාජ්‍ය වාදී බල අරගලයෙන් එතුමා රැක දෙන්න කියල අපි දෙවියන් යදිමු... අපේ සභා නායකයන්ටත් එතුමන් මග ගන්න නැණ පහන් දැල්වේවා...
ReplyDeleteසිහිනයක් නෙමේ කියන එක මට විශ්වාසයි තරූ
Deleteප්‍රශ්න ටිකක් තියෙනවා අයියා.
ReplyDeleteමම අන්තර්ජාලයේ ලිපියකින් කියෙව්ව විදිහට 1 ෆ්‍රැන්සිස් කියලා පාප්තුමාව හඳුන්වන්නේ නැහැලු. 1 ෆ්‍රැන්සිස් කියලා හඳුන්වන්නේ එතුමාගෙන් පසුව තවත් පාප්තුමෙක් ඒ නම ගද්දීලු
//..ප්‍රැන්සිස් පාප්තුමා ලෙස පත් උනු පහු වෙනිදම එතුමා ඒ දින කීපයේ නැවතී සිටි ස්තානයේ ගාස්තුව ගෙවීම එතුමා අතින් කලා වගේම...//
පාප්තුමා තෝරා පත් කරගන්න කාඩිනල්වරු රැස්වුණාම ඒ කාඩිනල්වරුන්ට නේවාසික පහසුකම් සපයන්නේ වතිකානුවෙන් නේද ??
//..ඒ වගේම මුදුව පවා රිදියෙන් කරපු මුදුවක්,,ඒ මුදුව නම් අයිති වෙලා තියෙන්නේ 6 පාවුලු පාප්තුමාට.....//
පාප්තුමා ස්වර්ගස්ථ වුණාම හරි ධූරයෙන් ඉවත් වුණාම හරි එතුමා පළදින මුදුව විනාශ කරනවා නේද ? එතකොට මේ මුද්ද ඉතුරු වුණේ කොහොමද ??
//..අද වතිකානුවේ සේවකයන් වෙනුවෙන් පැවැත් උනු දේව මෙහෙයට ප්‍රැන්සිස් පාප්තුමා සහභාගි වෙලා තියෙන්නේ සාමාන්‍ය කෙනෙක් ලෙස පසු පසම ආසනයේ වාඩි වෙලා....//
ඒ දේවම මෙහෙය පවත්වන්නේ පාප්තුමා නෙමේද ??
@ Hasitha,
Delete//මම අන්තර්ජාලයේ ලිපියකින් කියෙව්ව විදිහට 1 ෆ්‍රැන්සිස් කියලා පාප්තුමාව හඳුන්වන්නේ නැහැලු. 1 ෆ්‍රැන්සිස් කියලා හඳුන්වන්නේ එතුමාගෙන් පසුව තවත් පාප්තුමෙක් ඒ නම ගද්දීලු//
ඔව් මෙතුමාව හඳුන්වන්නේ ෆ්‍රැන්සිස් පාප් තුමා කියලා. මෙතුමාට පස්සේ තවත් පාප්තුමෙක් ෆ්‍රැන්සිස් නම ගත්තොත් එතුමා 2වන ෆ්‍රැන්සිස් වෙනවා, මෙතුමා 1වන ෆ්‍රැන්සිස් වෙනවා.
//පාප්තුමා තෝරා පත් කරගන්න කාඩිනල්වරු රැස්වුණාම ඒ කාඩිනල්වරුන්ට නේවාසික පහසුකම් සපයන්නේ වතිකානුවෙන් නේද ??//
රහස් සම්මුති සභාව (Conclave) පැවැත්වෙන කාලයේ දී වතිකානුවෙන් නවාතැන් දෙනවා. ඊට අමතර අවස්ථා වල පෞද්ගලීකව ස්ථාන සොයාගන්න වෙනවා.
//පාප්තුමා ස්වර්ගස්ථ වුණාම හරි ධූරයෙන් ඉවත් වුණාම හරි එතුමා පළදින මුදුව විනාශ කරනවා නේද ? එතකොට මේ මුද්ද ඉතුරු වුණේ කොහොමද ??//
ඔව්, එහෙම තමා කරන්නේ, මුද්ද විනාශ කරනවා. මෙතන පොඩි නිවැරදි කිරීමක් කරන්න තියනවා. මේ මුද්දෙ සැලසුම එන්රිකෝ මන්ෆ්රිනි කියන නිර්මාණකරුවා 6වන පාවුළු පාප්තුමා වෙනුවෙන් නිර්මාණය කළාට ඒක කවදාවත් ලෝහයෙන් සාදවා නෑ. පාප්තුමා භාවිතා කරලා තියෙන්නේ වෙනත් මුදුවක්.
//ඒ දේවම මෙහෙය පවත්වන්නේ පාප්තුමා නෙමේද ??//
පාප්තුමා තමා දේව මෙහෙය පැවැත්වුවේ. මේක දේව මෙහෙයට කලින් ගත්ත ඡායාරූපයක්.
@ Gihan (ගිහාන්)
Deleteබොහොම ස්තුතියි සහෝදරතුමා පැහැදිලි කළාට. තව ප්‍රශ්නයක් පාප්තුමෙක් ස්වර්ගස්ථ වීමත් එක්කම භාවිතා කරපු ඇඳුම් පැළඳුම් එහෙමත් මුද්ද වගේම විනාශ කරනවාද එහෙමත් නැත්නම් අලුතෙන් පත්වෙන පාප්තුමාත් ඒ පළඳනාමද භාවිතා කරන්නේ ? [එක එක පාටවලින් තියෙන ලෝගු එහෙම]
"ඒ මුදුව නම් අයිති වෙලා තියෙන්නේ 6 පාවුලු පාප්තුමාට." පාප්තුමාගේ මරණයෙන් පස්සෙ Camalango විසින් මුදුව තලා දමනවා.. ඒ පාප්තුමාගේ නිල මුද්‍රාව අයුතු ලෙස භාවිතා කිරීම වළක්වන්ඩ.. ඉතින් මේ තලපු මුද්ද වතිකානු කෞතුකාගාරයටයි යවන්නෙ..
Deleteඅලුතෙන් පත්වෙන පාප්වරු වෙනත් පළඳනා භාවිතා කරයි.. කලින් ඒවා යන්නේ කෞතුකාගාරයට.. පාප්තුමෙකුගේ පත්වීමත් සමඟ නිල ලාංඡන පවා වෙනස් වෙනවා..
පාප්තුමාත් අපේ ළමයි වඩාගන්න දේශපාලකයෝ වගේද මන්දා? :D
ලිපියට ස්තුතියි ඩිලාන්..
@ හරී
Delete//...ඉතින් මේ තලපු මුද්ද වතිකානු කෞතුකාගාරයටයි යවන්නෙ..//
මේ මුදු කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනයට තියලාද තියෙන්නේ ?
ස්තුතියි පිළිතුරුවලට
ඔව්ලු..
Deleteඅදයි බ්ලොග් එකට ආවේ සමා වෙන්ටලා..
Deleteස්තූතී ගිහාන් සහෝදරතුමා පොඩි පොඩි කරුනු නිවැරදි කලාට,,
1.අර පූජාව නම් සේවකයන් වෙනුවෙන් පවත්වපු සාමාන්‍ය පූජාවක්.හරියට වීඩියෝ එලියට ආවේ නෑ
2.මුද්ද විනාශ කරන්නේ නෑ,2 ජුවාන් පාවුලු පාප්තුමාගේ මුද්ද පෝලන්තේ පල්ලියක තැන්පත් කරලා තියනවා
3. මම 1 ප්‍රැන්සිස් කියලමා පාවිච්චි කලේ නම දුන්නේ එහෙම නිසා,,ඒත් භාවිතා වෙන්නේ ප්‍රැන්සිස් තමා..දන්නවද යුරෝපෙට ප්රැන්චෙස්කෝ,ලතින් ඇමරිකාවට ප්රැන්සිස්කෝ ,අපිට ඉංග්‍රීසි ඌරුවට ප්‍රැන්සිස්
කට්ටිය දන්නවද ඔන්න ප්‍රැන්සිස් පාප්තුමාට, පාප්තුමාට හිමි වෙන අර ඉරිදට ආශිර්වාදෙ දෙන කාමරේට යන්න බෑලු ඒක ලොකු වැඩී කියලා, conclave වලදී නැවතුනු කාමරේම හොදයිලු එයාට
හොඳයි හොඳයි :)
Deleteකොහොමහරි මඟහැරිලා තිබිලා, අද මේ පැත්තට ගොඩවුනා.
ReplyDeleteලිපිය හොඳින් ලියවෙලා තියනවා. සමහර දේවල් ටිකක් මම හසිතට දුන්න පිළිතුරෙන් නිවැරදි කළා.
මමත් මේ ටිකේ පාප් තුමා ගැන ලියාගෙන යනවා, තාම ඉවර කරගන්න බැරිවුනා.
මගේ බ්ලොග් එක ගැන සඳහන් කළාට ස්තූතියි.
ස්තූතී ගිහාන් සහෝදරතුමාටත් අදුනා ගන්න ලැබීම සතුටක්
Delete