Pages

Friday, January 20, 2012

විපක්ශ නායකතුමා පන්නමු....


පොඩි දේශපාලන ලිපියක් ලියන්න හිතුවා, මහ ලොකු ලිපියක් නෙමේ පොඩිම පොඩිම එකක්,හිතල හිතලා තමා මේක ලියන්න ගියේ, මම නම් නෙමේ මේ විපක්ශ නායකතුමාව පන්නන්නේ හදන්නෙත්,,ඔයාලා කාගෙන්වත් උදව් ඕනෙත් නෑ,අපිට මොකෝ මේ කොහෙවත් ඉන්න විපක්ශ නායකතුමෙක් පන්නන්න,හැබැයි පොරට මහා පරිමාන දූශන චෝදනා,මෙහෙම එකෙක්ව විපක්ශනායක කමට ගැලපෙන්නෙම නෑ,,මම කියන්නෙත් මෙහෙම උන් රටකට ඉද්දී රටක් බංකොලොත් වෙන එක කියන්නත් දෙයක්ද,දූශන,වංචා,කොමිස් ගැහිලි, නීති විරෝධී ක්‍රියා බොහොමයි මේ විපක්ශ නායකතුමාට,ඉතින් මටත් හිතුනේ පොරව පන්නන එක හොදයිමයි කියලා, මේ දවස් වල ටීවී එකේ නිවුස් වලට පෙන්නන්නෙත් පොර ගැනමයි,පොරගේ කාර්යාලය වට කරගෙන මීඩියාකාරයෝ,පොරට එලියට බහින්නවත් දෙන්නේ නැ, උන් වට කරගෙන එක එක ප්‍රශ්න අහනවා,පොරත් ඇඩූ කදුලෙන් උත්තර දෙනවා,බිම බලාගෙන යනවා,,ඔන්න මීඩියාකාරයෝ මිනිස්සුන්ගෙන් අහනවා මේ විපක්ශ නායකතුමා හොදයිද කියලා මිනිස්සුත් කියනවා එපා අපිට මෙයාව විශ්වාස නැ,මෙයාව අයින් කරන්නමයි ඕනා කියලා.
ආ ලොකුම චෝදනා දෙක තමා,
1.තමාගේ නිල රථයෙන් ගෙදරින් පිටත් වී එය මග දමා තමාගේ පුද්ගලික රථයෙන් අදාල ගමන ගොස්,නිල රථයෙන් තමා ගමන ගියේ කියල අදාල ගමනේ වියදම් ගැනීම.
2.නිවසක් අලුතෙන් මිලදීගෙන,විපක්ශ නායක තුමාගේ සහ ඔහුගේ බිරිදගේ නමින්,පස්සෙ බිරිදගේ නම පමනක් යෝදා,රජයෙන් අඩු ආදායම්ලාභී නිවාස දීමනාවක් ලබා ගැනීම.
මේවගේ චෝදනා තියෙද්දී ගෙදර නොයා කොහොමද බලන්න කොච්චර ප්‍රබල චෝදනාද කියලා.
මේ වගේම ඉස්සල්ල විපක්ශ නායක තුමියවත් ගෙදර යැවුවා,චෝදනාව උනේ,තමාගේ කාර එක වැරදි තැන්වල පාක් කරලා,,ඒවට අදාල දඩ මුදල් නොගෙවා පැහැර ඇරීම. ඒක නම් කරන්නම ඕනා උන් මහ ලොක්කෝ කියලා හිතලා වෙන්න ඇති ඕනා ඕනා තැන්වල පාක් කරලා මදිවට දඩ ගෙවලත් නෑ.
මේවට තනි ඇහැට ඇඩෙනවා ඕයි,මොනා කරන්නද වෙන දෙයක් බලන් ඉන්නවා මිසක්, මේ වගේ දූශිතයෝ ඉන්න රටක ඉද්දී රටක් දියුනු වෙයිද,
ඔන්න එක්කෝ කියලම දාන්නම් රට මොකද්ද කියලා,මේ අපේ රට නම් නෙමේ මේ ස්විඩනය කියන රටේ මේ දවස් වල වෙන දෙයක්. විපක්ශ නායකයව ගෙදර යවන්න මිනිස්සු දගලන දැගලිල්ලක්,,පොර හෙට අනිද්දා සේරම අකුලගෙන ගෙදර යන්නයි යන්නේ මේ හින්දා.
ආසියාවේ ආශ්චර්ය කියන අපේ රටෙන්වත් මේ මිනිස්සු හැදෙන්න ඕනා මේ වගේ වැඩ නොකර,රටක් දියුනු කරන්නේ කොහොමද, හොරකම් ,මැරකම් නොකර රටක් පාලනය කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න හොදම රට ශ්‍රී ලංකාවයි කියලා මේ මිනිස්සුන්ට කියලා දෙන්න මම උත්සහ කරන්නේ දැන්.

8 comments:

  1. මළ කෙළියයි, මේ යකාව පන්නන්නම ඕනෙ තමා, නැත්තං කෝමද රටක් දියුණු කොරන්නෙ?

    ReplyDelete
  2. එන්න කියහං ඌට මෙහෙට..අපි අළුතින් තනතුරක් හදලා හරි කීයක් හරි හොයාගන්න රස්සාවකට දාලා දෙන්න...

    ReplyDelete
  3. ඔය විපක්ස නායක තුමාට.....
    ලංකාවට එන්න කියමු
    අපේ රට බලන්න කියමු
    බලාලා ඉගෙන ගන්න කියමු අපි! :D

    ReplyDelete
  4. කියවන්න ගත්තම කරකවලා අත ඇරියා වගේ වුනා. අන්තිමටනේ තේරුනේ. හිකිස්

    ඕනෙනම් ගිනි තියාගන්න මෙහෙන් කෙනෙක් එවන්නද?

    ReplyDelete
  5. අනිවා පන්නන්න ඕනෙ . . . නැත්තං රට හදන්නෙ කොහොමද ??

    ReplyDelete
  6. මාරයියා කියලා තියෙන්නෙ නියම සීන් එක..

    අපේ විපක්ශ නායකයා නම් හොරෙක් නෙමෙයි කියලා කටක් ඇරලා කියන්න පුලුවන්...
    ඒත් ඉන්න අනිත් හොරු ටික පන්නන්න අපේ මිනිස්සුන්ට ඕනකමක් නෑනෙ..

    ReplyDelete
  7. @ඔබා මාමා - හා හා දැන් පන්නලා ඉවරයි

    @මාරයා - දැන් හරි බන් පොරව ගේමු අපි

    @පුසා -බඩ් එයි වගේ බන් දැන් වැඩේ හරි

    ReplyDelete
  8. @නාකියා -ඒත් බැරි වෙයි බන් පන්නන්නමයි යන්නේ මේ මිනිස්සු

    @ඕනේ -පන්නලම දැම්මා බන්

    @හරී -ඒකනේ බන් පොරව හරි යන්නෙම අපේ රටටම තමා

    ReplyDelete