Pages

Tuesday, April 10, 2012

මීගමු - කොළබ පාරේ දණින් වැ‍ටුනු දා

මට දිනය මතක නැති උනත් මේ 2001 අවුරුද්දේ උනු දෙයක්,,ඒක මට අමතක වෙන්නේ නැතිම දෙයක්, කතාවට යමු, ඔන්න මගේ දෙමව්පියෝ ලංකාවට ඇවිත් ආයේ ඉතාලියට එන්න ආවා. එයාලව ගෙනත් දාන්න අම්මගේ මල්ලිලා දෙන්නෙක් ඒ කියන්නේ මගේ මාමලා දෙන්නෙක් ,තව අම්මගේ අක්කගේ පුතා මගේ මල්ලි වෙනවා අපි 4 එයාපෝට් ඇවිල්ලා අම්මලාව බස්සලා ගෙදර යන්නයි හැරුනේ,පාන්දර 4 විතර ඇති එතකොට කොහොම හරි අපිට එයාපෝට් හන්දියට එන්නත් ඉස්සල්ලා ආවා බඩගින්නක් අපි යන්න ඕනා මීගමු පැත්තට උනත් එහෙට නොයා කොළබ පැත්තට ගියා කඩයක් හොයන්, සීදූව හරියෙදී කඩේකුත් හම්බුනා,, උදෙන්ම උණු උණුවෙම මාළු බනිස්,කිබුලා බනිස් කාලා ප්ලේන්ටී බීලා අපි ආපු වාහනේට ආවා, ඒක අර මැස්ඩා බොංගෝ වර්ගයේ වාහනයක්,ලොකු ටයර් දාලා ඒවා එළියට පන්නලා තිබුනේ,ඒකට අමුතුම පෙනුමක් තිබුනා ඒක හින්දා.අපි දැන් ආයේ ගෙදර යන්න පටන් ගත්තා,ඒ කියන්නේ මීගමු පැත්තට.
මට මතක විදිහට එතකොට වෙලාව 5.30 විතර ඔය වෙලාවට වාහනත් නෑ පාරේ, මාමත් එලෝනවා පුදුම වේගෙකින්, ගමන වැඩි කරලා වැඩි දුර යන්න හම්බුනේ නෑ, පස්සෙන් කැබ් එකක් හෝන් ගහනවා ,ලයිට් ගහනවා උන් ඉස්සර කරන්න හැදුවේ, අපේ මාමට ආපු චූන් එකට උන්ට ඉස්සර කරන්න දෙන්නේ නෑ, එයත් වාහනේ තව වේගේ වැඩි කරනවා ,අපිත් හුරේ දානවා, අපිටත් පුල් හැපි ඕවා දකිද්දී, අපිත් පොඩි උන් නේ, කොහොමත් කැබ් කාරයා අපිව ඉස්සර කරන්න හදනවා අපි ඉඩ දෙන්නේ නෑ, ඔහොම ආයේ එයාපෝට් හන්දියත් පහු කරලා පොඩි දුරක් ආවේ,කොහොමත් කැබ් එකක් කියන්නේ හොදට එළවන්න පුලුවන් වාහනයක්, එක පාරටම පස්සෙන් ආපු කැබ් කාරයා අපිව ඉස්සර කරා, ඉස්සර කලා මදිවට පාරේ හරහට හිටින්න නැවැත්තුවා, මාමටත් කරන්න දෙයක් නෑ තද බ්‍රේක් පාරක් ගහලා වාහනේ හිටෙවුවා. ඒ එක්කම කැබ් එකේ පිටිපස්සෙන් එකෙක් බැස්සා තඩි උස මහත පොරක් මට අද වගේ මතකයි මරුමුස් පෙනුමක් තිබුනේ සුදු කමිසයක් ඇදන් හිටියේ, බැහැපියව් ....සිගේ පුතාලා වාහනෙන් කියලා ඉනෙන් පිස්තෝලයක් ඇදලා එළියට ගත්තා, හිංදි පිචර් වල පිස්තෝල දැක්කට එදා තමා මම පලවෙනි වතාවට ලගට පිස්තෝලයක් දැක්කේ,
දැන් වාහනේ හිටිය අපි 4 දෙනා සද්ද නෑ , ඒ වෙද්දී මල්ලියා පාත් වෙලා සීට් එක යට ඌ පොඩි එකානේ,දැන් අර තඩියා අපේ වාහනේ ලග, බැහැපියව් කියලා නේද කිවුවේ පර බල්ලෝ,මගේ දවසම කෑවා උදේ පාන්දරින්ම, පිස්තෝලේ දික් කලා මාමගේ පැත්තට ඒ ගමන්ම, මට චූ යන්න වගේ ආවා පිස්තෝලේ දික් කරනකොට නම්, එතකොටම මාමලා දෙන්න බැස්සා,, මමත් බැස්සා, මලයා සීට් එක යට, ඌව අර තඩියා දැකලා නෑ.
මේකගේ අතේ පිස්‍තෝලේ සිංහල භාශාවේ තියන කුණුහරප සේරම කියලා බනිනවා , තොපි දන්නවද මම කවුද කියලා,මම තමා යකෝ කුරුණෑගල ............... කිවුවා. මට මතක නෑ නම,, පොලිසියේ ලොක්කෙක්, තඩියා වැඩට යනවා උදේ පාන්දරින්ම,පර බල්ලෝ තොපි මගේ දවසම කෑවා කාලකන්නී කියලා, දන ගහපියව් පාරේ කිවුවා, මොනා කරන්නද අරූ කිවුව සැනින්ම අපි 3නා දන ගහලා ඉවරයි,,ඒක මහා මූසල උදැසනක් උනා මගේ ඇහෙන් කදුලු පැන්නා, චූ යන්න වගේ ආවා ඒත් තද කර ගත්තා,,මේකා අපේ ඔලුවට පිස්තොලේ ලං කරනවා අමු කුණුහරපෙන් බනිනවා, වාහනේ එලවන් ආපු මාමට බයිනවා ‍තෝ දැනගන් කවුරුහරි වාහනයක් ඉස්සර කරන්න ඉඩ ඉල්ලන්නේ මොකක් හරි හදිසියකට ඒක හින්දා ඉඩ දීපිය, යකෝ අපි දන්නවද මූ පොලිස් ලොක්කෙක් කියලා,,මූ අපිව දනගස්සෝලා බැන බැන එතන ඉන්නවා,පාරේ මැද්දේ වාහන දෙක,,අනික් වාහන අයින් කරන් ගියා, එතකොටත් පාරේ ටිකක් වාහන අඩුයි,යන වාහන වල උන් ඔලුවල් එලියට දාලා බලනවා නිකන් තොරන් බලනවා වගේ, මගේ ඔලුව කැරකෙනවා මුලු ලෝකෙම ඔලුවට කඩන් වැටිලා වගේ,,ඒ මදිවට දනිස රිදෙනවා දැන් පැයකට විතර ලගයි මේ සිද්දියට,අපි දනිස් රිදෙනකොට පොඩ්ඩක් සැහැල්ලු වෙන්න පාරේ ඉදගන්නවා වගේ වෙනවා දනිස් දෙකෙන්,,එතකොටම අරූ කැ ගහනවා ඔහොමද බල්ලනේ දන ගහන්න කිවුවේ කියලා,,ඇත්තටම මට නම් ඇඩුනා, ඉන්නම බැරි කමට,
ඔන්න දැන් ඉර පායගෙන එනවා, පොඩ්ඩ පොඩ්ඩ පාරේ මිනිස්සු වැඩි වෙනවා, එතකොටම ආපු ත්‍රීවීල් කාරයෙක් එතන හිටෝලා ඔලුව එලියට දාලා මල්ලිලා මොකද්ද කේස් එක කියලා ඇහුවා, තඩියා අපූරුවට කැබ් එකේ ඉදන් ඉන්නවා අපිව දන ගස්සලා,,එතකොටම ආයේ බැහැපු තඩියා ‍තෝ මොකද බල්ලෝ කියලා ඇහුවා පිස්තෝලෙත් එලියට අරගෙන, ත්‍රිවීල් කාරයා ඉගිල්ලුනා. ඔන්න ක‍ටුනායක වෙළද කලාපෙට වැඩට යන ගෑල්ලමයි එලියට බැහැලා එතනින් යනවා පෝලිමට,,ඔච්චර වෙලා දනින් හිටියට ඒ තමා පහු කරපු අමාරුම වෙලාව,,,සේරම බල බල යනවා සමහර අය බලල දුක්මුසු මුහුනෙන් යනවා,,සමහර අයට හිනා යනවා,,,කරන්න දෙයක්ම නැති තැන අපි 3 බිම බලා ගත්තා,,වෙන විසදුමක් තිබුනේ නෑ,කොහොම හරි 7 ලං උනා තඩියා අයේ ආවා ලගට නැගටපියවු කිවුවා,,පස්සේ දිග දෙශනාවක් දුන්නා පාරේ යන විදිහ ගැන කියලා, ආයේ තොපි අහු වෙන්න එපා බල්ලෝ කියලා පොර කැබ් එකට නැගලා ඉගිල්ලුනා, දනිස් දෙක නෑ වගේ ඒ වෙනකොටත් අපි 3 වාහනේ ලගට එද්දී මලයා ඔලුව උස්සල්ලා හිනා උන,,මූ සේරම බලන් ඉදලා තියෙන්නේ,,අපි 3 එක පාරටම බකස් ගාලා හිනා ගියා අරූගේ හිනාවට,නැව ගිලුනත් බෑන් චූන් වර්ගයේ හින්දා අපිට ඒ සිද්දියත් ආතල් දෙයක් උනා,,අපිත් වාහනේට නැගලා ගෙදර යන්න පිටත් උනා.
වාහනේදී අපි පොරොන්දු උනා එකින් එකාට කාටවත්ම කියන්නේ නෑ කියල, ඒත් ගෙදර ගිහින් පැයක් යන්න හම්බුනේ නෑ , අපි 4 කාව හරි දකිද්දී හිනා යනවා,,,කොහොම හරි වැඩි වෙලා ගියේ නෑ මලයා කේස් එක එලියට දාලා,,,අයියෝ අතන වින්ද අපහසේට වඩා අපහසයක් ගෙදරදී වින්දා,,හිනා කාලා මැරුනා,,ඕක මතක් කර කර අදටත් හිනා යනවා, මලයා ඕක පත්තරේ දැම්මා වගේ එලිකලා වටේටම,, ඕකා තමා ඕක මතක් කලේ වැඩිපුර,,අවාසනාවකට ඌ අද අපි අතර නෑ මේ කතාව මතක් කරලා හිනා වෙන්න,,අහිංසකයා අපිව දාලා සදහටම යන්න ගිහින් අවුරුදු 2ක් ලං වීගෙන එනවා,,මේ කතාව මතක් උනෙත් අද උදේ කොල්ලගේ පොටෝ එක දැකලා.කොහොම හරි මේ කතාව මතක් කර කර අදටත් හිනා යනවා,,ඇත්තටම එදා ඒ තඩියා පොලිස් ලොක්කෙක්ම තමා පොර අපිට යන්න ඉස්සල්ලා පොලිස් අයි.ඩි එකක් පෙන්නුවා ලගට නෙමේ ඒත්
, කොහොම හරි අපිට ලොකු පාඩමක් කියා දුන්නා අපිත් පාර අපේ වගේ නේ ගියේ .එදායින් පස්සේ පාරේ පිස්සු නැටුවේ නෑ තාමත්.

15 comments:

  1. මල්ලිගේ කතාව අගදී ආව හින්දා කියන්න ආව ටික අමතක උනා..ඒත් මං කියන්න ගියේ උඹලට හොඳ වැඩේ කියලා...මටත් පෙන්නන්න බැහැ හෝන් එක ගහලා ඉඩ ඉල්ලුවාම ඉඩ නොදී මැද්දෙම තියං යන අයියලා... යනවනං තව කමකුත් නැහැ...මැද්දේ තියං ලොටනවා සමහරු..උඹලනං තව හයියෙන්වත් ගියා කිව්වැකි...ඒත් ඇත්තටම කවුරු හරි අර වගේ ඉඩ ඉල්ලනවනං දිගට හරහට පොඩ්ඩක් ඒ ගැන හිතන්න ඕන.. කවුද දන්නේ ඒකේ ලෙඩෙක් ඉන්නවද කියලා...

    ඒ හින්දා උඹලට එවෙලෙම පනිෂ්මන්ට් එක ලැබීම ගැන මෙන්න මගේ ප්‍රසාදය...

    හැබැයි අර යකත් කරලා තියෙන්නේ බලය අයුතු ලෙස පාවිච්චි කිරීමක්..හැබැයි ඉතිං නඩු දාලා උසාවි ගානේ රස්තියාදු කරවනවට වඩා ඔහොම උන එක ලේසියි..අනික එහෙම උනානං මාමා කාරයට විතරනේ දඩුවම..හුරේ දාපු උඹලා ආතල් එකේ ඉඳීනේ.. ඒ හින්දා ඕක ඔහොම වෙච්ච එකමයි කාරිය...

    ReplyDelete
  2. උබේ කතාව අවන්කවම ලියපු එකක් , ගොඩක් උන් වගේ පොලිසියේ එකාගේ අම්මගේ අම්මාවත් මතක් කරලා උබල සුදනෝ කියල නෙවෙයි, ඇත්ත ඇති සැටියෙන් ලියලා. මොනවා උනත් ප්‍රශ්නෙට මුල උබලමයි කියල තමයි මට හිතෙන්නේ. එදා ඒක දුක් මුසු අත්දැකීමක් උනාට පස්සේ ඒක නියම සුන්දර මතකයක්.

    උබේ මල්ලි ගැන දුකයි ඇත්තටම!! ඒ ගැන වැඩි යමක් කියන්නේ නෑ

    ReplyDelete
  3. හිකිස්‌ හොඳම වැඩේ... :)

    ReplyDelete
  4. ඔයාට අහන්නනෙ තිබුණෙ හදිසියකට ගියා නම් මොන එකකටද ඔයාලා එක්ක පාරෙ කාලෙ නාස්ති කරන්නෙ කියලා.......

    ReplyDelete
  5. හිනා කාලා මැරෙනවා :D

    අපේ ස්කූල් වෑන් එක එලවපු අයියාගේ පුරුද්දක් තිබුණා එයාට ඉඩ දුන්නේ නැත්තම් කොහොමහරි ඉස්සර කරලා ඊට පස්සේ ඉස්සරහින් විස්සට විතර තියාගෙන යනවා අරුට යන්න නොදී...ගොඩක් කරන්නේ ප්‍රයිවෙට් බස් වලට... අපි හුරේ තියනවා...

    එක දවසක් වෑන් එකකට ඕක කරන්න ගිහිල්ලා උන් ඔයවගේම හරස් කරලා බුවාව එලියට ඇදලා අරන් කාණුවේ දාගෙන ගැහුවේ... බැලින්නම් ඒ ළඟ ආමි කෑම්ප් එකේ කස්ටියක්... :D ඊට පස්සේ අපි සේරටම අමාරුව හොඳවුණා... :D :D

    ස්කූල් වෑන් එකක පොඩි එවුන් දමාගෙන ඌ පිස්සු කෙලපු තරමක්... දැන් තමයි තේරෙන්නේ කොච්චර වගකීමක් නැද්ද කියලා :O

    ප.ලි. / පෝස්ට් එකේ ඡේද කඩපන්කෝ...

    ReplyDelete
  6. හොද කට්ටක් කන්න ඇති කියලා කතාවෙන්ම තේරෙනවා..

    මල්ලී ගැන දුකයි.. අපි ආදරේ කරන අය අපෙන් ඉක්මනට වෙන් වෙනවා..

    ReplyDelete
  7. @මාරයා - ඇත්තටම බන් පොර අපිට දුන්නු දේශනාව හරියටම මම මෙතන කිවුවේ නෑ, පොර හෙන දේශනයක් දුන්නා අපිව දණ ගස්සෝලා,ඇත්තටම අපි එදා ලොකු පාඩමක් ඉගෙන ගත්තා,ඒ මල්ලිගේ කතාව මගේ ඔලුවෙන් යන්නේ නෑ බන් මම ලග ගොඩක් මේවගේ කතා තියනවා,මල්ලිව ඈදෙන නිසා ලියවෙන්නේ නෑ..

    @සුදු මුවා -ඇත්තටම අපි කලේ වරදක් තමා බන් ,අපි කැබ් එකට ඉස්සර කරන්නම දුන්නේ නෑ,උන් එක්ක රේස් ගියා.

    @හසී -හා හා මෙයා ඇවිල්ලා හොද වැඩේ කියන්න

    ReplyDelete
  8. @සිදූ - හික්ස් එහෙනම් ඉතින් පොර අපිව තවත් දඩුවම් කාල සීමාව වැඩි කරනවා,,එදා මගේ ඇඩිල්ල දැකලද කොහෙද දඩුවම් ලිහිල් කලේ

    @බීටල්- ඇත්තටම බන් මට ඕක මතක් වෙද්දී හිනා යනවම තමා,,දණිහ එදා ඉදිමුනා,,එච්චර වෙලාවක් ජීවිතේට දණ ගහලා ඉදලා නෑ, ජේද කඩන එක මම එච්චර සැලකිල්ලක් දැක්කුවේ නෑ බන් හදිසියට ලිවුවේ. ස්තූතී බන් උපදෙසට

    @දිනේශ්-ඒක කට්ටක්ම තමා බන් දණිස් පොල්කට්ට අදත් රිදුනා මේක ලියද්දී ,අඩු වයසින් ඒ වගේ කෙනෙක් යන්න ගිහාම දුක වැඩී බන්

    ReplyDelete
  9. මාරය කිව්ව වගේ මල්ලිගෙ කතාව ඇදිල ආපු නිසා කියන්න ගිය එකත් අමතක උනා. ඔයා හදිස්සි කාරයෝ නිසා වෙලාවකට මල පැන්නත් සමහරවිට අපි පොඩ්ඩක් කල්පනා කරන්න ඕනෙ මොකද හදිස්සිය කියල. දවසක් නුවර ටවුන් එක මැද්දෙ ට්‍රැෆික් එකේ එද්දි පිටිපස්සෙන් කාර් කාරයෙක් හෝන් ගහනවයි, ලයිට් ගහනවයි එක විකාරයයි. ඌට හදිස්සි උනාට මම ඉගිල්ලෙනය? මම දෙතුන් පාරක් සයිඩ් මිරර් එකට අත උලුක් කරල කිව්ව කෑ නොගහ ඉඳින් කියල. මොන! මේක නවත්තන්නෙම නෑ. තද වෙච්චි පාර ඉඩ දුන්නෙම නෑ. ට්‍රැෆික් පන්නපු ගමන් අයින් කරල, අතත් එලියට දාල සිග්නල් කලා යන මගුලක යන්ට කියල. වාහනේ පහු වෙද්දී දැක්කෙ ඒකෙ පස්සෙ සීට් ඒකෙ ලෙඩෙක්! මට එදා දවසම අප්සෙට්!

    ReplyDelete
  10. අපිත් දණ ගහං ඉඳල තියනව පොලිස් අණකට. අපේ ඉස්කෝලෙ බස් එකට කොළඹ ඉස්කෝලෙකින් ගහල. අපි ඊට දවස් දෙකකට පස්සෙ ගනේමුල්ලට ගිහින් කොළඹින් එන කෝච්චියෙ උන්න ඒ ඉස්‍කෝලෙ උන්ට දාගෙන නෙලුව. ‍ඉස්ටේශන් එකේදි ගහල රේලි පාර දිගේ ආපහු ගම්පහ පැත්තට එද්දි පොලීසියෙන් වට කලා. කරන්න දෙයක් නෑ.. අර රේල් පාර අයිනෙ බොරළු පාරෙ පැය බාගයක් විතර සේරම පෝලිමට දණ ගහගෙන උන්න. පොලීසියෙන් බස් දෙකක් ගෙනත් අපිව කුදලං ගියා.. අයියෝ මේක පෝස්ට් එකක් ලියන්න මරු !

    ReplyDelete
  11. හදිස්සියකදි කාට උනත් ඉඩ දෙන්න ඕනි.......

    වාහනයක් පදවන කොට හොඳ ඉවසීමක් තියෙන්නත් ඕනි.....
    මට නම් පේන්න බැරි ඉඩ දෙන්න බැරි තැනකදි හෝන් කරලා වද දෙන එක.

    මොකා උනත් කරල තියෙන්නෙ වරදක් වාහනේ නොම්මරේ අරන් ගිහින් පොලිසියෙ පැමිනිල්ලක් නොදාපු එක උඹලා කරපු වරදක්. ඔය මනුස්සය ඔය විදිහටම තවත් අහිංසකයෙකුට හිංසා කරනව ඇති තාම

    ReplyDelete
  12. ඒ ඒ කාලෙනේ දැන් ලොක්කෝ ලඟින් යන සොක්කොත් පාරේ යන්නේ පාර ඒ අයට ලියල දීල කියල හිතාගෙනයි .. ඉති අපි සාමන්‍ය පුරවැසියෝ පස්සෙන් වාහනයක් එනවා දැක්කම තණකොළ බිස්සටම අයින්කරලා ඉඩ දෙනවා. හැබැයි ඔකේ අනිත් පැත්තත් එහෙමමයි.. එක දවසක් මම හදිසි අනතුරකින් අසාධ්‍ය තාත්තා කෙනෙක් දාගෙන දන්නා වැඩ දාගෙන රෝහලට යන්න ඉඩ ඉල්ලනවා . එක දැක්කම සමහරු පාර තවත් අවහිර කළා. අනේ අම්මපා එදා නම් මගේ අතේ පිස්තෝලයක් තිබ්බ නම් ,,,

    ReplyDelete
  13. උඹල කරපු දේට වඩා ගොඩක් ලොකු වරදක් අර මිනිහ කරලා තියෙනවා...
    ඌට ඇත්තටම හදිස්සි ගමනක් යන්න තිබුනනම් පැය ගාණක් පාරේ රස්තියාදු උනේ ඇයි කියන ප්‍රශ්නේ මටත් මතු වෙනවා...
    ඇත්තටම වෙන්න ඇත්තේ ඌ මොකක් හරි කේන්තියකින් තමයි එන්න ඇත්තේ.
    ඒකට උඹලව බයිට් එක වෙන්න ඇති...

    උඹල කරපු වැරැද්දට නීතිමය දඬුවමක් දෙන එක තමයි හරිනම් උගෙන් කෙරෙන්න ඕනේ...
    ඔය වගේ නිකං උඩු බුරන පජාත පොලිස් බල්ලන්ව මටනම් පේන්න බැහැ

    ReplyDelete
  14. මට මැවී පෙනෙනවා සිදුවීම. හික්ස්.
    ලංකාවට ආවම මාත් නිතර මුහුන දෙන දෙයක් තමයි මේ. කිසිම කෙනෙක් පාරේ ගමන් කරන අනිත් වාහන වලට ගෞරව කරන්නෙ නෑ. හරියට තම්න්ගේ පාර වගේ යනවා. වෙලාවකට නතර කරලා ගහලා යන්න තරම් හිතෙන වෙලාවල්....

    ඕක කියද්දි මතක් වුනේ අනූ ගනන් වල අපිට තිබුනේ ඩීසල් පැන්ඩෙක්. හරි අපූරු වාහනේ. එක දවසක් ඉරිදාවක ලංකාවේ යාළුවෙක් වාහනේ ඉල්ලගත්තා. ඒදා මටත් වැඩක් නති නිසා මාත් උන් එක්කම කොහේ හරි ගියා. ඩ්‍රයිව් කලෙත් අර ලංකාවේ පොර. පොර ඉතින් දැන් මට මෙහෙමයි අපි ලංකාවේ එලෙව්වේ අපෝ මේවද පාරවල් කිය කිය යනවා. හෝන් කරනවා ගමක. මම කීව උඹට නම් ප්‍රශ්නයක් නෑ මචන් අපිටයි දඩ ගෙවන්න වෙන්නේ පොඩ්ඩක් මැනර්ස් වලට ඩ්‍රයිව් කරපන් කියලා. මූ ඉතින් අපි කියන ඒවා අහයියැ..
    ඔන්න ටිකකින් වාහනයක් අපි යන පාරේ ඉස්සර කරන්න හදනවා. මූ දෙන්නෙම නෑ. මම භය වෙලා හිටි තරම් එතකොට ජීවිතේ බේරගන්න කොටින්ම මාව රතු වෙලා. මූ හෙන පොර වගේ ලොකු කමින්. ටිකකින් මෙන්න බඩු. ඉස්සරහා හිටියේ සිවිල් හිටපු පොලිසියේ සෙට් එකක්. අරූ එදා නම් අහගත්තා. ඊට වඩා මගෙන් අහගත්තා ඩද ටික දැක්කම මම. අදටත් මම ඌ දැක්කම ඕකට බනිනවා. අද වගේ කාලෙක පොයින්ට් ලයිසන් නම් ඌට වාහනයක් අතින්වත් අල්ලන්න හම්බ වෙන්නේ නෑ.

    ReplyDelete
  15. තඩියා මොකක්හරි සීන් එකකට ගෙදරින් තරහාවෙලා එනගමන් උබලාව මාට්ටුවෙලා තියෙන්නේ ...

    ReplyDelete