Pages

Monday, May 10, 2010

ඉතාලි රජයෙන් අපිටත් බෝනස්...

ඔන්න ලන්කාවෙ ගෑස් මිල,කරන්ට් බිල වැඩි උනා කියලා දැනගත්තහම තමා මට මතක් වෙලා මේ ලිපිය ලියන්න ගත්තේ,ඉතාලි අගමැති සිල්වියෝ බෙරලොස්කෝනි මහත්තයා ඉතාලියේ ඉන්න අඩු ආදායම් ලාභී අයට පහු ගිය වසරේ ඉදන් කරන්ට් බිලට,ගෑස් බිලට බෝනස් එකක් දෙන්න ගත්තා,ඒ කියන්නේ බිල් වලින් 30% වගේ කොටසක් ඉතාලි රජයෙන් ගෙවනවා,මේ වසරටත් පහු ගිය මාර්තු 30 වෙනකන් අයදුම්පත් බාරගත්තා,බෙරලොස්කෝනි මහත්තයා විදේශිකයන්ව අමතක කරලා දැම්මෙ නැ,විදේශිකයන්ටත් එක්ක තමා මේ චාන්ස් එක දුන්නේ,ගොඩාක් විදේශිකයන්ව මේ අටේ අහුවෙන්නේ අඩු ආදායම්ලාභී ගොඩට හින්දා ගොඩක් අයට චාන්ස් එක හම්බ උනා. හැබැයි බෙරලොස්කෝනි මහත්තයව වෙන්නප්පුව පැත්තට ගෙනල්ලා පෙන්නුවොත් මාර ජන්ජාලයක් වෙයි,හදල තියන ගෙවල් ටිකයි,පෝටිකෝවෙ හිටවල තියන වාහන ටිකයි දැකලා,අපි කට්ටියවම ඉතාලියෙන් පිට කරයි ද දන්නෙත් නෑ,...
ආ තව එකක් කියන්න අමතක උනා පහු ගිය වසරේ බෙරලොස්කෝනි මහත්තයා තව බෝනස් එකක් දුන්නා,වයස 3 ට අඩු පොඩ්ඩො ඉන්න අඩු ආධායම්ලාභී පවුල් වලට,සෙල්ලම් නැ දුන්නේ මාසෙට 80€ පුරවපු මාස්ටර් කාඩ් එකක්,දුන්නෙ නම් පොඩි ලමයින්ට උවමනා බඩු ගන්න කියල තමා,සුපර් මාකට් එකෙන් බඩු අරගෙන අර කාඩ් එකෙන් ගෙවන්න තිබුනේ,නියම වැඩේ කියන්නෙ අපෙ ගොඩක් කට්ටිය අර කාඩ් එකෙන්ම ගෙවන්න ලමයින්ගෙ බඩු වලට අමතරව විස්කි බෝතල් පවා අරගෙන යනව මම ඇස් දෙකෙන්ම දැකලා තියනවා,ඒකෙ ගහල තිබුනෙ නැ නේ මොනාද ගන්න පුලුවන් බඩු කියලා නේද,මේ අවුරුද්දෙ නම් ඒ බොනස් එක ආවෙ නැ අපරාදෙ...
ඔන්න ඔහොම ඉතාලියෙන් අපි ගැනත් බලනවා නරක නැ නේ....බෙරලොස්කෝනි මහත්තයට ස්තුති,මිනිහා ඉතින් ලෝකෙ ලොකුම සල්ලි කාරයන්ගෙ ලිස්ට් එකෙ ඉන්න කෙනෙක් ලු නේ,තව වැඩි වැඩියෙන් ලැබේවා!!!

5 comments:

  1. ඕක කියවද්දි හිතුනා අනේ අපිටත් මෙහෙම දෙනවනන් කියල.හැබයි අමතක කරන්න හොද නෑ,මුලු ලොකෙන්ම නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සේවයක් තියෙන්නෙ ලන්කාවෙ විතරයි,එහෙම වෙලත් අපේ රට ආර්ථික අතින් ලොකෙ යම්කිසි තැනක ඉන්නව.ඒවත් කපල දැම්මනන් අපෙ ලොක්කන්ටත් කලෙන් කාලෙට ඔයවගෙ පොඩි බොනස් කැලි දීල චන්ද ටිකක් කඩා ගන්න තිබුනා.

    හැබයි අර වෙන්නප්පුව පැත්තෙ තියන ගෙවල් ගැනයි වාහන ගැනයි කියපු කතාවට කටට මසුරන් දාන්න වටිනව මෙයා.

    ReplyDelete
  2. ෂහ් .. ඕන්න ඉතින් අපිටත් ඉතාලි එන්න හිතෙනවනෙ මල්ලි........

    ReplyDelete
  3. බෙර්ලුස්කෝනි භංගවේවා...

    ReplyDelete
  4. මේ වගේ රටවල් අපේ උන් දාල යන්නෙ නැත්තෙ ඔය නිසා තමයි...

    ReplyDelete
  5. කොහොමද ඔය බෝනස් එක ගන්න ඉල්ලුමී කරන්නෙ?

    ReplyDelete