Pages

Sunday, May 16, 2010

නොකියා N 96 කතාව

මේ සිද්දිය උනේ මගේ යාලුවෙක්ට, ඉතාලියේ ඉන්න පොරක් තමා ඔන්න දවසක් පොර ඉන්නවා වැඩ ඉවර වෙලා එහෙම පාර අයිනට වෙලා,එතකොට මිනිහා ගාවට ආවා ඉතාලි කොල්ලෙක්,බයික් එකක ආවේ,ඇවිල්ලා අපේ මෑන් ට පෙන්නුවා අලුත් ම නොකියා N96,පෙට්ටියත් එක්කම තමා තිබුනේ, අපේ එකාට කිවුවා පෝන් එක විකුනනවා 100€ කියලා,අපේ එකත් බැලුවා මාර වැඩේ නේ 100€ N96 ක් , ඒ වෙද්දී පෝන් එක 450€ විතර වෙනවා කඩේ, දැන් අපේ එකත් මේ පෝන් එක ගන්න ආසාවක් ආවා මොකද 100€ නේ අලුත්ම පෝන් එක නේ, ඉතාලි කොල්ලත් අපේ එකාව හොදට අන්දවලා පෝන් එකේ වැඩ කෑලි පෙන්නලා, ඔන්න අපේ එකා වැඩේට කැමති උනා, ඒත් ඒ වෙලවේ අපේ එකා ලග සල්ලි තිබුනේ නෑ,පොර ටිකක් ඇබරෙද්දි ඔන්න ඉතාලි කොල්ලා ඇහුවා මොකද්ද කේස් එක කියලා,අපේ එකා කිවුවා මේ වෙලාවේ පර්ස් එකේ සල්ලි නෑ කියලා,ඔන්න ඉතාලි කොල්ලා කියනව හරි උබව ගෙදර එක්කගෙන යන්නම් බයික් එකෙන්ම යමු කියලා,අපේ එකත් N96 සිහියෙන්ම නේ ඉන්නේ,අරූ ගෙදර යන්නත් කැමතී නේ , ඔන්න අපේ එකා අරූ එක්ක ගෙදර ගියා සල්ලි දීලා N96 අරගන්න. පස්සේ ඉතාලි කොල්ලා එලියේ අපේ එකා ගේ ඇතුලට ගියා සල්ලි අරගෙන එන්න, සල්ලි අරගෙන ආවා එලියට කොල්ලට සල්ලි දුන්නා,කොල්ලා පෝන් පෙට්ටිය දුන්නා අරු සු‍ටුස් ගාලා මාරු උනා,අපේ එකත් හරි උජාරුවෙන් ආවා N96 අරගෙන, ඇවිල්ලා පෝන් පෙට්ටිය ඇරලා බැලුව,අපේ එකාගෙ ඇස් උඩ ගියේ එතකොට පෙට්ටිය ඇතුලේ තිබුනේ N96 තරමට කපපු පොඩි කොට කෑල්ලක්,ඉතාලි කොල්ලා අපේ එකා සල්ලි ගේන්න ගිය ටිකට ගේම් දීල, අපේ එකා තාමත් තියාගෙන ඉන්නව කොට කෑල්ල එක්ක කැට්ලොග් පොත්,මතක් වෙන්නලු තියා ගෙන ඉන්නේ,ඒ අපේ එකත් ලෝක ආදා ඌත් අහු උනා නේ.ඒ ටිකේ මු හොදටම චාර්ටර් උනා මේ සිද්දිය හින්දා.

2 comments:

  1. අයියෝ..................

    ඔහොම දේවල් වෙනවා මම දැකලම තියෙනවා. එකපාරක් San Lazzaro වලදි මම දැක්ක එන මනුස්සයෙක් බයික් එකක් කඩයක් ගාව නතර කරලා කඩේ ඇතුලට ගියා. එවෙලෙම ආපු ඉතාලි කොල්ලො දෙන්නෙක් මමත් බලාගෙන ඉද්දිම බයික් එක අරන් ගියා. අර මනුස්සය කඩෙන් එළියට ඇවිත් බලද්දි බයික් එක නෑ...මම දන්න විදියට වැඩිම හොරු ඉන්නේ Napoli වෙන්න ඇති

    ReplyDelete
  2. මොනව වුනත් ලංකාවෙ හොරුන්ට වඩා හොඳයි. අඩු ගානෙ කොට කෑල්ල හරි දීල ගිහිල්ල තියෙනවනෙ මතක් වෙන්න.

    ReplyDelete