මම කාලෙක ඉදන් වැඩ ඉවර වෙලා ගෙදර එද්දී මග තිබෙන පාර්ක් එකක පුටුවක ටික වෙලාවක් වාඩි වෙලා ඉන්න එක පුරුද්දක් වෙලා තියෙන්නේ,හවස් කාලයේ මේ පාර්ක් එකේ ගොඩක් මිනිස්සු ඉන්නවා තරුණ අය,මහලු අය ඒ අතරින් ගොඩක් ඉන්නේ, සේරම ඉන්නේ ආදරවන්තයෝ ඒ කියන්නේ මහලු අය පවා.
මේ මහලු ආදරවන්තයන් දකින විට මට මතක් වෙන්නේ විජය කුමාරතුන්ගයන් ගායනා කෙරූ සැරයැටියෙන් අපි යනෙන තුරා ගීතය ,මම මහලු ආදරවන්තයන් කිවුවට මෙයාලා තරුණ ආදරවන්තයන්ටත් වඩා හරිම ආදරනීය විදිහට ඉන්නේ,අත් පටලවාගෙන යන , තමාගේ සහකරුවාගේ අතේ එල්ලිගෙන යන ආච්චිලා දකින විට ඇත්තටම සිනහවක් යන එක කියන්නත් දෙයක් නෙමේ නේද, මෙයාලා ගොඩක් අය තනිවෙලා ඉන්න අය වෙන්න ඇති,මම ඉතාලියෙ දකින විදිහට ගොඩක් මහලු අය තනි වෙල ඉන්නේ, අපි හිතුවට බටහිරට විවාහය සුලු දෙයක් කියලා මේ මහලු අය දකිද්දි එක 100% ඇත්ත කියලා හිතෙන්නේ නෑ,
අපේ රටේ නම් මහලු ජෝඩුවක් මෙහෙම අත් දෙක අල්ලගෙන ගියොත් මරු මරු කතා කියයි නේද,අර කියනව නේ අපේ රටේ විවාහයෙන් පස්සෙ ටිකෙන් ටික දුරස් වෙනව කියල,හිතින් නෙමේ හරිද, ඒ කියන්නේ අපේ රටේ හැටියට දුරස් වෙන්න වෙනවා නැත් නම් මිනිස්සු මොනවා නොකියාවිද, ඉතින් 50 පැන්නට පස්සෙ දෙන්නා යන්නේ මීටර් 10 විතර පරතරයක් තියාගෙන, ඒත් ගොඩක් අය හිතින් නම් දුරස් වෙන්නේ නෑ ඒක නම් මම හොදටම දන්නවා......
මමත් දැකල තියෙනවා ඩිලාන්. ඔයා කිව්වා වගේ ලංකාවේ මහළු දෙන්නෙකුට තියා තරුණ අය අත් අල්ලන් ගියත් හිනා වෙන අයනෙ ඉන්නේ. ඉතාලියෙත් අට යුරෝපයේ අනිත රටවල වගේ ළමයින් තමන්ගේ තරුණ කාලය එලඹුන ගමන්ම එකට ජීවත් වීම් හෙවත් living to gather නිසා කාලයක් යද්දී දෙමාපියන් තනිවෙනවා. ඔහුන් දැඩිව ඔවුන්ට ආදරය කරන්නේ ඒ නිසයි කියලයි මට හිතෙන්නේ
ReplyDeleteWe have joined your blog in http://blogsinhala.com/ Please register and joint your blog and win best blogger award and amazing prizes.
ReplyDeleteThanks
Admin
http://blogsinhala.com/
වටින කතාවක් අයියා :) බෞද්ධ සාහිත්‍යයේ එන නකුල මාතා හා නකුල පිතා කතාව මට මතක් වුණා
ReplyDelete