Pages

Tuesday, June 15, 2010

කාන්තා හින්සනය

ඔන්න කාන්තා හින්සනය ගැන කතාවක් හින්දා තමා ඒ විදිහට නම දුන්නේ,ඊයේ වැඩ ඉවර වෙලා ගෙදර එද්දී පාරෙදී දැකපු සිද්ධියක්, ඔන්න මම දැක්කා ඈතට නිකන් කලබලයක් වගේ දෙයක්, අපේ පුරුද්දක් නේ ඔය වගේ දේවල් වලට හොට දාන එක,ටිකක් පේන දුරට ආවට පස්සේ දැක්කේ මාර වැඩේ අපේ රටේ ජෝඩුවක් වලියක් පාරෙදි, අපේ රටේ ඒ වගේ දේවල් පාරෙදි දැක්කට මෙහේ දැක්කම තමා පුරුද්දටද කොහෙද මෙහේ ඇවිදින් වලි දාගන්නේ පාරෙදී, ඉතාලියට ගිය කලක් කියල හිතුනා,
වලියක් හින්දා මමත් ලගට ගියේ නෑ,අපේ රටේ දෙන්නෙක් හින්දා කියන්න බෑනේ මොකක් හරි හෙනයක් පාත් උනොත් ,අනික මම එයාලව මීට ඉස්සල්ලා දැකලා නෑ,ඔන්න මරු වැඩේ ඊට පස්සේ දැක්කේ ඔන්න අර මනුස්සයා ඒ ගැණු කෙනාට පාරවල් දෙක තුනක් එල්ල කලා වලියේ උච්චතම අවස්තාවට ඇවිල්ලා මම දැකපු විදිහට මිනිහා මැජික් අරිෂ්ථ පාවිච්චි කරලා හිටියේ මොකද හරි කෙලින්ම තමා හිටගෙන හිටියේ හිටපු ගමන් බිම පතිත වෙන්න ගියා,
ඔන්න පොර පහරවල් එල්ල කලාට පස්සේ ඉතාලි මිනිස්සු 2,3 ආවා එතෙන්ට අල්ල ගත්තා අපේ මෑන්ගේ බෙල්ලෙන් මෙහේ කාන්තාවන්ට පාරෙදී හිරි හැර කෙරුවොත් මිනිස්සු ඉක්මනටම ලන් වෙනවා ,වීරයෝ වෙලා කාන්තාව ගෙන් ලකුණු දාගන්න නම් නෙමේ,කාන්තාවට තියන ගරුත්වය නිසා, ගෙවල් ඇතුලේ ඕන දෙයක් උනාට පාරෙදි බෑ, ඒ ටිකට කවුරු හරි පොලිසියට කතා කරලා ඔන්න එනවා බෝම්බයක් පිපුරුනා වගේ සයිරන් ගහගෙන පොලිස් කාර් 3 එක්ක ඇම්බියුලන්ස් එකකුත් මෙහේ පොලිසියට ඉතින් කවුරු හරි නිකන් තොරතුරක් දුන්නොත් අපේ රටේ වගේ නෙමේ කියපු ගමන් අවට තියන පොලිස් කාර් සේරම සිද්ධිය උන තැනට එනවා, ඇම්බියුලන්ස් එකක් ගෙනාවෙ වලියක් හින්දාවෙන්න ඇති, ඔන්න පොලිස් කට්ටිය වට කරගෙන අර ගෑණු කෙනා ලග, අනිත් කට්ටිය මිනිහා ලග,මොනවා කතා කෙරුවද දන්නෙ නෑ,මම ඈතට වෙලා නේ හිටියේ, ඔන්න අර මෑන් ගේ අල්ල ගත්තා බෙල්ලෙන් ඇදගෙන ගියා පොලිස් කාරෙකක් ලගට කාරෙකට නැග්ගුවේ නෑ උස්සලා විසි කෙරුවා, ඊට පස්සේ පොලිස් කාර් යන්න ගියා. මන් හිතන්නේ ඒ කාන්තාවගේ සැමියා අර මෑන්,සමහර විට ඒ මෑන් ට නොමිලේ ගුවන් ටිකට් පතක් හම්බ වෙයිද දන්නේ නෑ යාමට විතරක්,කාන්තාවකට හින්සා කරපු වරදට පාරෙදී,අහලා තියනවා මීට ඉස්සර එහෙම උනාලු එක්කෙනෙකුට, ඒත් ඉතින් අර කාන්තාව නම් අනිවා පොලිසියට ගිහින් අඩලා මිනිහව එලියට ගනී ඒ අපේ රටේ ගෑණුකම හින්දා,අනිත් එක අර මිනිහත් මැජික් අරිෂ්ථ බලේ හිදුනම පොලිසියෙදි හොදටම අඩනව, ඒක සුවර්,මොකද අපේ කට්ටිය මෙහෙ තියන සන්ගීත උත්සව වල අරිශ්ථ බීලා ගහගෙන පොලිසියට ගෙනියන අය ආයෙ බේරිලා එන්නේ දුක කියල හොදටම අඩලා තමා, ඒ වීරයො බලේ හිදුනම බලු කුක්කෝ වෙනවා...
ඒ වගේ අර පොරත් එලියට එයිද නොමිලේ මවු රට බලා යන්න පුලුවන් වෙයිද දන්නේ නෑ,,හෙට අනිද්දට ආරන්චි වෙයි,මොකද මම වගේ තව අපේ කී දෙනෙක් බලන් හිටියද දන්නේ නෑ වැඩේ, මම නම් දැකපු දේ කාටවත් කියන්න ගියේ නෑ 2 , 3 ට විතරයි කියලා දැම්මේ.

7 comments:

  1. අරිශ්ට වල හයිය වෙන්න ඇති.. ඒත් පොලිසියට ඒව වැඩක් නැහන්නේ... නීතියට අනුව දඩුවම් ලැබෙයි

    ReplyDelete
  2. අනේ මන්දා මේ අපේ රටේ ගෑණු මිනිස්සු කොතන ගියත් ජරා කරගෙනම තමා එන්නේ...ඩිලාන් දන්නවනෙ මම කාලෙකට කලින් ඉතාලියෙ ජීවත් උනා කියලා...අප්පේ..අපේ ලංකාවේ අයගෙ වලි දැක්කෙ එතකොට තමා....හැම ඉරිදා ගෑණු වලි...

    ReplyDelete
  3. ලැජ්ජ බය නැති උනාම ඉතින් ඔහොම තමයි.

    ReplyDelete
  4. මම කාන්තාවන්ට පහරදීම සාධාරනීකරනය කරනවා නෙවෙයි.නමුත්,
    සාධාරන හේතුවක් ඇතුව හෝ නැතුව පිරිමියෙක් විසින් කාන්තාවකට පහර දීම කාන්තා හිංසනය නම්, සාධාරන හේතුවක් ඇතුව හෝ නැතුව කාන්තාවක් විසින් පිරිමියෙකුට පහරදීම පුරුෂ හිංසනය නොවන්නේ මන්ද?

    කාන්තාවන්ට ගරු කිරීම සඳහා පිරිමින්ට කාන්තාවන් ඉදිරියේ දනින් වැටීමට සිදුවීමයි, කාන්තාවන්ගේ වහලුන් සේ පිරිමින්ට කාන්තාවන් ඉදිරියේ දනින් වැටීමට සිදුවීමයි අතර ඇති වෙනස කුමක්ද?

    ReplyDelete
  5. ඩුබායි අල් නාසර් අයිස් රින්ක් එකේයි අබුඩාබි සයිඩ් ස්පෝර්ට් සිටි එකෙයි සංගීත බලනන් ගියාම අපිත් නියම ලයිව් "වලි" දකිනවා. අපේ කස්ටිය අර කිව්ව මැජිත් අරිෂ්ඨේ බලෙන් තමයි ඔක්කෝම චංඩි පාර්ට් දාන්නේ . . වෙලාවකට අනේ අපොයි කියලා හිතෙනවා

    ReplyDelete
  6. මරු දෙක තුනකට විතරක් කීම බං...පෛතගරස් උඹලෑ ගමේද මචං?

    ReplyDelete
  7. ඉතින් සහෝදරයා මමත් ඉන්නෙ ඉතාලියෙම තමයි. අපේ අය්යල මෙහෙදි බීල බීල කරන දේවල් නම් වස ලැජ්ජයි. මම හිතනහැටියට ලංකාවේ අපිට මෙහ හොඳ පිලිගනීමක් තිබිල තියනවා. ඒත් දැන්නම්.......අනේ මංද සිරියාවති යෝ...............................

    ReplyDelete