Pages

Saturday, July 3, 2010

විදේශ ගත වුවන්ගේ අඩුවක් පිරිලා...



අපි විදේශයක හිටියට දැන් අපේ රටේ තියන හැම දෙයක්ම මේ රට වල තියනවා නැති දෙයක් නෑ නේ කන්නේ තනිකරම අපේ කෑමමයි, ටීවී බැලුවත් ඉතින් ඉතාලියේ ඉදන් විකාශය කරන රටවල් 150 ට විතර පේනවා කියන සැටලයිට් නාලිකා 2 තියනවා,ඉතින් ලòකාවේ ඉන්නවා වගේ තමා.
මම ටීවී බැලීමට ඇබ්බැහි වෙලා නැතුවට හිටපු ගමන් අර අපේ චැනල් 2 හිතුනම බලනවා දන්න සිòහලෙන් නේ යන්නේ මොනවා උනත්, අපේ රටේ තරමට නැති උනත් නැති කමට හොදට කරගෙන යනවා,එකක් නම් අපේ ස්වාධීන රූපවාහිණිය, රූපවාහිණිය වගේම තමා හැම අතකින්ම පේන්නේ, ලාභ ප්‍රයෝජන ඇති ඉතින්,ඔන්න චැනල් ගැන කතා කරන්න නෙමේ හිතුවේ,මේ චැනල් බලද්දි යන වෙළද දැන්වීම් ගැන,වෙළද දැන්වීම් යන්නේ සුලු ප්‍රමානයක් ල්òකාවේ ගොඩනැගිලි ඉදිකරන සමාගම් වල ඒව,ඒ කියන්නේ පිට රටවල ඉන්න අයගේ නිවාස සෑදීමේ කාර්ය කරල දෙනවා සල්ලි දෙන එක විතරලු කරන්න තියෙන්නේ,ලග කාලෙක ඉදලා මම කියපු විදේශ ගත වුවන්ගේ අඩුවක් වෙලා තිබුන කේන්දර, හදි හූනියම්,කොඩි වින, මන්තර,රෝග සුව කිරීම් කරන අයගේ වෙලද දැන්වීම් යනවා,හැම දෙයක් ම තිබුන එකේ අඩුවක් වෙලා තිබුනේ මේවා විතරයි.
ප්‍රවීන මන්ත්‍රාචාර්ය,දේශබන්දු,විශ්වශක්ති,විශ්වකීර්තී වගේ නම් වලින් තමා මෙයාලා එන්නේ,අනිත් එක එයාලගේ වෙබ් සයිට් පවා තියනවා,ස්කයිප් මාර්ගයෙන්,දුරකතන මාර්ගයෙන් ප්‍රස්න විසදනවා,මොන තරම් දියුනු වෙලාද නේ,සමහර අය ජනාදිපති තුමාගේ නිල ජෝතීශ්්‍ය කරුවන් කියලත් කියනවා,එහෙම තනතුරක් ජනාදිපති ලේකම් කාර්යාලයේ තියනවද කියල දන්න අය කියන්න.
ඔන්න තව කෙනෙකුට ඉතාලියේ ඉන්න අපේ කාන්තාවකට දෙවි කෙනෙක් වරමක් දීල ගිහින් ඒකියන්නේ 33කෝටියෙන් එක්කෙනෙක් ඉතාලිය පැත්තේ රවුමක් දාන්න ඇවිත් ඒ කාන්තාවට වරමක් දීල ගිහින්,එයත් ඉතින් දැන්වීමක් දානව,තව හාමුදුරුවරු කීප දෙනෙක් ගේ දැන්වීම් යනවා,මට තියන ප්‍රස්නේ කොහොමද හුනියමක් කොඩි විනයක් මෙහෙ ගෙදරක වලලන්නේ කියලා,කොන්ක්‍රීට් වල කොහොමද මේවා වලලන්නේ,අනික මිදුලක් වත් නෑ නේ, කොහොම හරි වල දැම්ම කියමුකො,මහල් නිවසක් නම් ඉතින් මහලේ තියන ගෙවල් සේරටම ඉතින් සොරිම තමා. ඔන්න මම කොවුර් මහත්තයා, කාලෝ ඩොක්ටර් වගේ මේවට චැලෙන්ජ් කරන්න නෙමෙ ලිපිය දැම්මේ.
මේ දැන්වීම් වලින් කියනවා එයාලට රෝග සුව කරන්න පුලුවන් කියලා,එයාලට නිකමටවත් මහරගම පිළිකා රෝහල පැත්තේ යන්න හිතෙන්නේ නැත්තේ ඇයි, මහරගම පිළිකා රෝහලෙත්,ආසිරි රෝහලේදිත් මරණයත් එක්ක ඉන්න මිනිසුන් බොහෝ ප්‍රමානයක් මම දැකලා තියනවා දුප්පත්,පොහොසත්,ප්‍රසිද්ද අය මේ තැන් වලදි දැක්කා,ඉතින් රාජ්ය අනුග්‍රහය තියන මේ රෝග සුව කරන්න පුලුවන් කම තියන මේ අය ඉද්දි, උදේ 9 ඉදන් මහරගම සායනයේ ඩොක්ටර් ජයන්ත බලවර්ධන හා ඩොක්ටර් මහේන්ද්‍ර පෙරේරා ලග මරණයෙන් ගැලවෙන්න අයදීම් කරන දහසක් රෝගින්ට සහනයක් වෙන්න ඒ අසලින්ම කාමර්යක් මේ රෝග සුවකරන අයට වෙන් කරල දෙන එක හොද වැඩක් කියල මට හිතෙන්නේ,ඒක ඒ දොස්තරවරුන්ටත් සහනයක් මොකද ඒ අයට විවේකයක් දෙන්න පුලුවන් ටික වෙලාවකට හරි...
ඔන්න ඔහොම තමා මේ වෙළද දැන්වීම් වලින් කියන කතාව මට හිතුන විදිහට ලියලා දැම්මේ,මිනිසුන් මෙයාලා පස්සේ යන හින්දනේ මෙහෙම දැන්වීන්ම් දාන්නේ,සමහර අයව හමුවෙන්න මේ වසරේ වෙලාවක් වෙන් කරන්න බැරි තරමට මෙයාලා කාර්යබහුල වෙලා,එක්කෙනෙක් වෙලාවක් දෙන්න පවා රු.10000 අය කරනවලු,කොහොමද වැඩේ,වෙලාවකට මට හිතෙනව 33කෝටියක් දෙවිවරුන්ගෙන් එක්කෙනෙක් ඉතාලිය පැත්තේ ‍ටුවර් එකක් ආපු වෙලාවක මටත් වරමක් දීල ගියා නම් කියලා.....

3 comments:

  1. http://geethge.blogspot.com/2009/10/blog-post_5495.html

    ReplyDelete
  2. එහෙනං දැන් ඉතාලිය පැත්තෙ ලෙඩ දුක් අඩු ඇති xD

    ReplyDelete
  3. ඒ කියන්නේ අඩුවට තිබුන එකම දේත් ඉතාලියට ආවා කියන එකද ඩිලාන් ? ඇත්තටම අපේ මිනිස්සු මොනාද මේ අනුන්ගේ රටක හම්බ කරගන්න ගිහින් කරන්නේ ?

    අර 33 ගෙන් එක්කෙන්ක් ආවොත් ඉල්ල ගන්න වරමින් ඔය විකාර මිනිස්සු එලවලා දාන්න ක්‍රමයක් හොයාගන්න ඩිලාන්. නැත්තම් රස්සාවක් කරලා කීයක් හරි හොයාගන්න යන අයට සොරිම තමා කොවුර් මහත්තයාට තරහා ගියොත් ...

    ReplyDelete