Pages

Wednesday, August 4, 2010

සුපිරි තරුව

සුපිරි තරු තරගයක් ගැන තමා මේ ලියන්න යන්නේ,හැබැයි ලංකාවේ නම් නෙමේ ඉතාලියේ කරපු එකක් ශ්‍රි ලංකික අයට,දැන් ලාංකිකයො ලක්ශ 3 කිට්‍ටු වෙන්න ඉන්නවලු නේ ඉතාලියේ,ඉතින් මෙහෙත් ලංකාවේ තියන දේවලින් නැති දෙයක් නෑ,ඔහොම යද්දී තමා අර ඉතාලියේ ඉදලා රටවල් 150 පේන්න කරන චන්ද්‍රිකා නාලිකාවේ මාධ්ය අනුග්‍රහයෙන් මිලාන් පැත්තේ පොරකගේ අදහසක් අනුව සිරසෙන් සුරේන්ද්‍රලා ජනප්‍රිය උන කාලේ ඔන්න ඉතාලියේ ඉන්න ලාංකික අයටත් සුපිරි තරු තරගයක් සංවිධානය කෙරුවේ,මාස ගානක් තිස්සේ අර නාලිකාවෙන් මාර ප්‍රසිද්දියක් දුන්නා වැඩේට,පලමු තෑග්ග යූරෝ 10000 හෝ ඒ වටිනාකමට තියන ටොයෝටා විට්ස් වර්ගයේ කාරෙකක්, දෙවන තෑග්ග යුරෝ 5000, තෙවන යුරෝ 3000, පස්සේ 10 දක්වා යුරෝ 1000 ගානේ සෙල්ලම් නෑ නේ තෑගි...
මේ ගැන ලියන්න ගත්තේ මගේ යාලුවෙකුත් මේකට ගියා,අර නාලිකාවෙන්ම කියනව අයදුම්පත් ඉදිරිපත් කරන්න කියලා,අයදුම්පත් නගරවල තියන ලාංකිකයන්ගේ වෙළදසැල්වලට එවලා තිබුනා,ඔන්න මගේ යාලුවට සුපිරි තරුවක් වෙන්න ආසාවක් ඇවිල්ලා ගියා අයදුම්පතක් ගන්න,මළා අයදුම්පතක් යුරෝ 30,මොනා කරන්නද ආසවනේ මු 30 දීලා ගත්තා එකක්, ඔන්න ඒක යවලා මාස 3 ට විතර පස්සේ අර නාලිකාවෙන්ම කියනව තරගය ඉතාලියේ ප්‍රදාන නගර 5 පටන් ගන්නවා කියලා මූලික වට,අපි ඉන්න පැත්තකින් තමා පටන් ගත්තේ,ඔන්න අපේ යාලුවත් ගියා ,නගරෙකින් ‍තෝරගන්නේ 10 යි,ඉතින් මේ පටන් ගත්තු නගරේ දවස් 5 විතර කරලා 10 ‍තෝර ගත්තා,ආ කියන්න අමතක උනා නේ මේකට විනිශ්චයට ආවේ විශාරද ඩබ්.ඩී ආරියසිංහ,තව 2ක් හිටියා ඉතාලියෙන් ඇහිද ගත්තු,ඔන්න අපේ යාලුවත් තේරුනා 10 අතරට, 10 ‍තෝරන්න 150 විතර කට්ටිය ඇවිල්ලා තිබුනා,ඒ තරග අර නාලිකාවේ විකාශනය කෙරුවා,ඒ තරග වල ඩිවීඩී විකුනුවා තරගකරුවන්ට යුරෝ10 ගානේ...
ඔන්න මේ වගේ තව නගර 3 ක මෙ විදිහට මාස ගානක් කෙරුවා තරග, ඒව අර නාලිකාවේ විකාශනය කෙරුවා.දෙවන, තෙවන නගර වල සෙනග වැඩී කියලා 10 නෙමේ ඊට වැඩි ගානක් ‍තෝර ගත්තා,අර විශාරදත් ඉතින් මේ සේරටම ඉන්නවා.
මේ විදිහට මිලාන් නගරෙට ආවා,එහේ පරන විදිහට ‍තෝරන්නේ නැතුව මිලාන් නගරේ අවසන් තරගේ කියලා,මිලාන් නගරෙන් ආපු අයදුම්පත් වල කට්ටිය එක්ක අර අනිත් නගර වලින් ‍තෝරගත්තු කට්ටියවත් තරගෙට කැදෙවුවා,මේ විදිහට අර වටේ මේ වටේ කියලා හැම ඉරිදම තරග තියනවා, ‍තෝරනවා කපනවා,අපේ යාලුවත් ඉතින් තරගෙට යනවා හැම ඉරිදම පොරට උනේ,අපි ඉන්න නගරේ ඉදලා මිලාන් නගරෙට පැය 16 යනවා,ගුවන් යානයෙන් නම් පැය 2 කිට්‍ටුවෙන්,ඒත් වියදම වැඩී,ඔහොම යද්දී ඉරිදා තරග ඉවර වෙලා දුම්රියෙන් එද්දී සදුදා වෙනවා,යාලුවා වැඩට යන්නේ අගහරුවාදට,ඔහොම යද්දි මූට ජොබ් එක නැති උනා,ඒ උනාට සුපිරි තරු උන අත ඇරියේ නෑ,කොල්ලට හොදට ගායන හැකියාව පිහිටලා තිබුනා,ඒ වෙද්දී කොල්ලට හොද ප්‍රතිචාර තිබුනා,විශාරදතුමා ගෙන් පවා..
ගායන හැකියාවක් තියන ගොඩක් අය හිටියා තරගෙට,ගොඩක් අය හලාවත ඉදලා ජාඇලට යනකන් මුහුදු තීරේ අය තමා හිටියේ මේ කට්ටියට ඇත්තටම ගායන හැකියාව තියනවා,මෙහෙම යදිදි අර්ධ අවසන් පූර්ව තරග ආවා,ඔන්න එතකොට එස්.එම්.එස් ගහන්න පුලුවන් ඉතාලියට විතරක් නෙමේ යුරෝපෙ අනිත් රටවල ඉදලා,මැදපෙරදිග ඉදලා ලංකාවේ ඉදලා,විශේස අංක වගයකුත් දාලා තිබුනා රටරට වලට,ඒවා විකාශනය උනා අර නාලිකාවෙන්,ඔන්න තරගය නැවතුනා මාස 3ට,මාස 3 එස්.එම්.එස් කරන්න පුලුවන්....
ඔන්න අර නාලිකාවෙන් නැවතත් කිවුවා මාස 3ට පස්සේ,අර තරගයේ අවසන් තරගය කියලා,ඔන්න අපේ යාලුවත් ගියා අයෙත්,,,,බලද්දී අවසන් කිවුවට අවසන්ම නෙමේ වෙන මොකද්ද එකක්,අයේ ‍තෝරනව එස්.එම්.එස් වලින්,අවසන් 10 තොරන්න කියලා,තරගකරුවට විතරයි ශාලාවට ඇතුල් වෙන්න පුලුවන්,අනිත් අය ටිකට් අරගෙන යන්න ඕනා,ඔන්න අවසන් තරගේ අයේ ආව,කොහොමද දන්නේ නෑ 10 ජයග්‍රහන කෙරුවා,අපේ යාලුවට පලමු 3න් එකක් ලැබුනා, උගේ හැකියාවනම් හොදටම තිබුනා,මේ අවසන් තරගේ විතරක් අර නාලිකාවෙන් විකාශනය කෙරුවේ නෑ,විශරදත් නෑ, අපේ යාලුවා කුසලානයක් එක්ක,අර ලොකු කාඩ් බෝර්ඩ් මොඩල් චෙක් එකකුත් අරගෙන පහු වෙනිදා ගෙදර ආවා, සල්ලි තරගේ සංවිදායක ගිනුම් දෙන්න දෙන්න ඒකට දන්නම් කිවුවලු,යාලුවගේ ගෙදර ගියවෙලේ දැක්කේ අර චෙක් එක,තාම නම් සල්ලි හම්බුනේ නෑලු, සංවිදායකගේ දුරකතන වැඩකෙරුවෙත් නෑලු එද ඉදලා,කොල්ල හොයල බැලුවලු,මෑන්ට වෙච්ච දෙයක් නෑලු,10න් කාටවත් ජයග්‍රාහී සල්ලි හම්බුනෙත් නෑලු,නාලිකාවත් සද්දයක් නෑලු..........
(ඕනනම් බලන්න වීඩියෝ තියනවා යුටියුබ් හී lincon super star in italy කියලා හොයල බලන්න)

Monday, July 12, 2010

Waka Waka අපේ රටෙන්

ශකීරාගේ Waka Waka ගීතය මේ දවස්වල ලෝකේ පුරා ජනප්‍රිය උන ගීතයක්,ඒකේ වීඩියෝ එකත් සරාගී ශකීරාගේ විස්මිත නර්තනයෙන් තවත් ජනප්‍රිය කම වැඩිකලා,පාපන්දු ලෝක කුසලානය වෙනුවෙන් නිර්මාණය වුන ගීතයක් උනත් මේ ගීතය තවත් කාලයක් යනකන් මිනිසුන් අතරින් ඈත් වෙන එකක් නෑ, මේ ගීතයේ වීඩියෝව අනූකරණය කරමින් නොයෙක් රටවලින් තවත් මේ ගීතයට වීඩියෝ ඉදිරිපත් කරනවා යූටියුබ්,මූණුපොත හරහා නොයෙක් දක්ශතා පෙන්වමින්,ඔන්න මේ විඩියෝව අපේ රටෙන් ඉදිරිපත් කරපු නිර්මාණයක්,අපේ කොල්ලො 3 ගේ වැඩක්,,,ශකීරාගේ වීඩියෝවට හානියක් කරලා නම් පේන්නේ නෑ මට නම් හරිම විනෝදයක් ගෙන දෙන වීඩියෝවක්.......

Saturday, July 3, 2010

විදේශ ගත වුවන්ගේ අඩුවක් පිරිලා...



අපි විදේශයක හිටියට දැන් අපේ රටේ තියන හැම දෙයක්ම මේ රට වල තියනවා නැති දෙයක් නෑ නේ කන්නේ තනිකරම අපේ කෑමමයි, ටීවී බැලුවත් ඉතින් ඉතාලියේ ඉදන් විකාශය කරන රටවල් 150 ට විතර පේනවා කියන සැටලයිට් නාලිකා 2 තියනවා,ඉතින් ලòකාවේ ඉන්නවා වගේ තමා.
මම ටීවී බැලීමට ඇබ්බැහි වෙලා නැතුවට හිටපු ගමන් අර අපේ චැනල් 2 හිතුනම බලනවා දන්න සිòහලෙන් නේ යන්නේ මොනවා උනත්, අපේ රටේ තරමට නැති උනත් නැති කමට හොදට කරගෙන යනවා,එකක් නම් අපේ ස්වාධීන රූපවාහිණිය, රූපවාහිණිය වගේම තමා හැම අතකින්ම පේන්නේ, ලාභ ප්‍රයෝජන ඇති ඉතින්,ඔන්න චැනල් ගැන කතා කරන්න නෙමේ හිතුවේ,මේ චැනල් බලද්දි යන වෙළද දැන්වීම් ගැන,වෙළද දැන්වීම් යන්නේ සුලු ප්‍රමානයක් ල්òකාවේ ගොඩනැගිලි ඉදිකරන සමාගම් වල ඒව,ඒ කියන්නේ පිට රටවල ඉන්න අයගේ නිවාස සෑදීමේ කාර්ය කරල දෙනවා සල්ලි දෙන එක විතරලු කරන්න තියෙන්නේ,ලග කාලෙක ඉදලා මම කියපු විදේශ ගත වුවන්ගේ අඩුවක් වෙලා තිබුන කේන්දර, හදි හූනියම්,කොඩි වින, මන්තර,රෝග සුව කිරීම් කරන අයගේ වෙලද දැන්වීම් යනවා,හැම දෙයක් ම තිබුන එකේ අඩුවක් වෙලා තිබුනේ මේවා විතරයි.
ප්‍රවීන මන්ත්‍රාචාර්ය,දේශබන්දු,විශ්වශක්ති,විශ්වකීර්තී වගේ නම් වලින් තමා මෙයාලා එන්නේ,අනිත් එක එයාලගේ වෙබ් සයිට් පවා තියනවා,ස්කයිප් මාර්ගයෙන්,දුරකතන මාර්ගයෙන් ප්‍රස්න විසදනවා,මොන තරම් දියුනු වෙලාද නේ,සමහර අය ජනාදිපති තුමාගේ නිල ජෝතීශ්්‍ය කරුවන් කියලත් කියනවා,එහෙම තනතුරක් ජනාදිපති ලේකම් කාර්යාලයේ තියනවද කියල දන්න අය කියන්න.
ඔන්න තව කෙනෙකුට ඉතාලියේ ඉන්න අපේ කාන්තාවකට දෙවි කෙනෙක් වරමක් දීල ගිහින් ඒකියන්නේ 33කෝටියෙන් එක්කෙනෙක් ඉතාලිය පැත්තේ රවුමක් දාන්න ඇවිත් ඒ කාන්තාවට වරමක් දීල ගිහින්,එයත් ඉතින් දැන්වීමක් දානව,තව හාමුදුරුවරු කීප දෙනෙක් ගේ දැන්වීම් යනවා,මට තියන ප්‍රස්නේ කොහොමද හුනියමක් කොඩි විනයක් මෙහෙ ගෙදරක වලලන්නේ කියලා,කොන්ක්‍රීට් වල කොහොමද මේවා වලලන්නේ,අනික මිදුලක් වත් නෑ නේ, කොහොම හරි වල දැම්ම කියමුකො,මහල් නිවසක් නම් ඉතින් මහලේ තියන ගෙවල් සේරටම ඉතින් සොරිම තමා. ඔන්න මම කොවුර් මහත්තයා, කාලෝ ඩොක්ටර් වගේ මේවට චැලෙන්ජ් කරන්න නෙමෙ ලිපිය දැම්මේ.
මේ දැන්වීම් වලින් කියනවා එයාලට රෝග සුව කරන්න පුලුවන් කියලා,එයාලට නිකමටවත් මහරගම පිළිකා රෝහල පැත්තේ යන්න හිතෙන්නේ නැත්තේ ඇයි, මහරගම පිළිකා රෝහලෙත්,ආසිරි රෝහලේදිත් මරණයත් එක්ක ඉන්න මිනිසුන් බොහෝ ප්‍රමානයක් මම දැකලා තියනවා දුප්පත්,පොහොසත්,ප්‍රසිද්ද අය මේ තැන් වලදි දැක්කා,ඉතින් රාජ්ය අනුග්‍රහය තියන මේ රෝග සුව කරන්න පුලුවන් කම තියන මේ අය ඉද්දි, උදේ 9 ඉදන් මහරගම සායනයේ ඩොක්ටර් ජයන්ත බලවර්ධන හා ඩොක්ටර් මහේන්ද්‍ර පෙරේරා ලග මරණයෙන් ගැලවෙන්න අයදීම් කරන දහසක් රෝගින්ට සහනයක් වෙන්න ඒ අසලින්ම කාමර්යක් මේ රෝග සුවකරන අයට වෙන් කරල දෙන එක හොද වැඩක් කියල මට හිතෙන්නේ,ඒක ඒ දොස්තරවරුන්ටත් සහනයක් මොකද ඒ අයට විවේකයක් දෙන්න පුලුවන් ටික වෙලාවකට හරි...
ඔන්න ඔහොම තමා මේ වෙළද දැන්වීම් වලින් කියන කතාව මට හිතුන විදිහට ලියලා දැම්මේ,මිනිසුන් මෙයාලා පස්සේ යන හින්දනේ මෙහෙම දැන්වීන්ම් දාන්නේ,සමහර අයව හමුවෙන්න මේ වසරේ වෙලාවක් වෙන් කරන්න බැරි තරමට මෙයාලා කාර්යබහුල වෙලා,එක්කෙනෙක් වෙලාවක් දෙන්න පවා රු.10000 අය කරනවලු,කොහොමද වැඩේ,වෙලාවකට මට හිතෙනව 33කෝටියක් දෙවිවරුන්ගෙන් එක්කෙනෙක් ඉතාලිය පැත්තේ ‍ටුවර් එකක් ආපු වෙලාවක මටත් වරමක් දීල ගියා නම් කියලා.....

Tuesday, June 22, 2010

සමර් ඇවිල්ලා


ඔන්න ඒරොප්පෙට සමර් ඇවිල්ලා ඒරොප්පේ ලස්සනම කාලය, මුලු ශරීරයම වසාගෙන සීතලේ හිටපු කට්ටිය ඔන්න නොයෙක් නොයෙක් විලාසිතා වලින් සැරසිලා අමුතුම ලෝකයක් මවනවා.ඔන්න මම ඉන්නේ ඉතාලියේ සිසිලි දූපතේ, දූපත් වලට සමර් සිරිය වැඩී,මේ දවස් වල සිසිලි දූපතේ ස්වභාවය අපේ රටට ගොඩක් සමානයි, පාරසරිකව හරිද, මට වැඩට යන්න තියෙන්නෙත් මුහුද අසලින් දිවෙන පාරක් නිසා සමර් සිරිය හොදට දකිනවා, ලòකාවේ ඉද්දි මේ සිරිය බැලුවේ සිරසේ ගිය බේ-වොච් කතාවෙන් නේ මතකයි නේ සුන්දර මියාමි මුහුදු වෙරළේ ඩේවිඩ්(නයිට් රයිඩර්), පැමෙලා රගපාපු කතාව, මේ දවස් වල මෙහෙ මුහුදු වෙරළත් මියාමි වෙරළට ගොඩක් සමානයි,පැමෙලලා ගොඩයි, මුහුදු වෙරළේ අව්ව නානවා, මේ මිනිස්සු කියන විදිහට ශීත කාලයේ ශීතලේට ශරීරයේ ඇට මිදුලු වල ශක්තිය වෙනස් වෙනවලු ඒක නිසා රස්නේ කාලෙට මුහුදට යාමෙන් නැවත යතා තත්වෙට පත් වෙනවලු,තව මාස 3 පමණ මේ සුන්දරත්වය තමා ඉතින්.
ඔන්න අපේ කට්ටියත් ඉතින් මේ දවස් වල මුහුදට යනවා මමත් පහුගිය ඉරිදා ගියා මුහුදට, අපේ රටේ අයයි,පිලිපීන් රටේ අයයි,අපේ ක්‍රමයට ඔබින විදිහට පාලුවට තියන මුහුදු වෙරළක් හොයාගෙන,ඉතාලි අය බොහොම ටිකයි මේ හරියේ ඉන්නෙ,ඉන්න අයත් හිටියේ සීගිරි ළළනාවන් ගේ ක්‍රමයට පාලු හරියනේ, ආසියතිකයෝ උන අපි යන්නේ වෙනින් දේවල් වලට,අපේ කට්ටිය යන්නේ හැලි වළන් අර ගෙන බත් ,හොදි උයාගෙන අරක්කු බෝතල් 10 විතර අරගෙන,මුහුදේ නාන්නද,අරක්කු වලින් නාන්නද හොය ගන්න බෑ,පිලිප්පීන් රටේ උනුත් අපේ අය වගේම තමා අපිට වැඩිය ටිකක් වෙනස් විදිහට එයාලා,එයාලා අපිට වැඩිය ටිකක් පිලිවෙලයි, අපේ අය එතන හිටිය කියලා ඔප්පු කරන්න පුලුවන්, ගෙනියන දේවල් වලින් විසි කරන දේවල් සේරම මුහුදු වෙරලේ විසි කරලා තමා යන්නේ,හිස් බෝතල්, ප්ලාස්ටික් හැමතැනම දාල, ලස්සනට තියන මුහුදු වෙරළ විනාශ කරල තියෙන්නේ, ඒ මදිවට ගල් වලින් ලිප් හදාගෙන බත්, හොදි රත් කරලද, උයාගෙන කාලද දන්නේ නෑ, ඔන්න බලාගෙන ඉන්න බැරි කමට අපි 2,3 එකතු වෙලා පොඩ්ඩක් පිරිසිදු කරලා දැම්මා,එතකොට මේ බලාගෙන ඉන්න වෙනින් කණ්ඩායම් වල කට්ටිය අපිට හිනා වෙනවා, මුන්ව ගොඩ ගන්න බෑ සල්ලි හොයනවා විතරයි,ඉතාලියේ ඉදලත් මුන් පිරිසිදු කම වගේ දේවල් පුරුදු වෙන්නේ නෑ, මොකද්ද හේතුවකට මෙතන තාම ගහ ගත්තේ නෑ,නාන්නනේ යන්නේ ඒක හින්ද වෙන්න ඇති,ඔන්න ඔහොම තමා අපේ කට්ටිය මුහුදු සිරි විදින්නේ.....

Tuesday, June 15, 2010

කාන්තා හින්සනය

ඔන්න කාන්තා හින්සනය ගැන කතාවක් හින්දා තමා ඒ විදිහට නම දුන්නේ,ඊයේ වැඩ ඉවර වෙලා ගෙදර එද්දී පාරෙදී දැකපු සිද්ධියක්, ඔන්න මම දැක්කා ඈතට නිකන් කලබලයක් වගේ දෙයක්, අපේ පුරුද්දක් නේ ඔය වගේ දේවල් වලට හොට දාන එක,ටිකක් පේන දුරට ආවට පස්සේ දැක්කේ මාර වැඩේ අපේ රටේ ජෝඩුවක් වලියක් පාරෙදි, අපේ රටේ ඒ වගේ දේවල් පාරෙදි දැක්කට මෙහේ දැක්කම තමා පුරුද්දටද කොහෙද මෙහේ ඇවිදින් වලි දාගන්නේ පාරෙදී, ඉතාලියට ගිය කලක් කියල හිතුනා,
වලියක් හින්දා මමත් ලගට ගියේ නෑ,අපේ රටේ දෙන්නෙක් හින්දා කියන්න බෑනේ මොකක් හරි හෙනයක් පාත් උනොත් ,අනික මම එයාලව මීට ඉස්සල්ලා දැකලා නෑ,ඔන්න මරු වැඩේ ඊට පස්සේ දැක්කේ ඔන්න අර මනුස්සයා ඒ ගැණු කෙනාට පාරවල් දෙක තුනක් එල්ල කලා වලියේ උච්චතම අවස්තාවට ඇවිල්ලා මම දැකපු විදිහට මිනිහා මැජික් අරිෂ්ථ පාවිච්චි කරලා හිටියේ මොකද හරි කෙලින්ම තමා හිටගෙන හිටියේ හිටපු ගමන් බිම පතිත වෙන්න ගියා,
ඔන්න පොර පහරවල් එල්ල කලාට පස්සේ ඉතාලි මිනිස්සු 2,3 ආවා එතෙන්ට අල්ල ගත්තා අපේ මෑන්ගේ බෙල්ලෙන් මෙහේ කාන්තාවන්ට පාරෙදී හිරි හැර කෙරුවොත් මිනිස්සු ඉක්මනටම ලන් වෙනවා ,වීරයෝ වෙලා කාන්තාව ගෙන් ලකුණු දාගන්න නම් නෙමේ,කාන්තාවට තියන ගරුත්වය නිසා, ගෙවල් ඇතුලේ ඕන දෙයක් උනාට පාරෙදි බෑ, ඒ ටිකට කවුරු හරි පොලිසියට කතා කරලා ඔන්න එනවා බෝම්බයක් පිපුරුනා වගේ සයිරන් ගහගෙන පොලිස් කාර් 3 එක්ක ඇම්බියුලන්ස් එකකුත් මෙහේ පොලිසියට ඉතින් කවුරු හරි නිකන් තොරතුරක් දුන්නොත් අපේ රටේ වගේ නෙමේ කියපු ගමන් අවට තියන පොලිස් කාර් සේරම සිද්ධිය උන තැනට එනවා, ඇම්බියුලන්ස් එකක් ගෙනාවෙ වලියක් හින්දාවෙන්න ඇති, ඔන්න පොලිස් කට්ටිය වට කරගෙන අර ගෑණු කෙනා ලග, අනිත් කට්ටිය මිනිහා ලග,මොනවා කතා කෙරුවද දන්නෙ නෑ,මම ඈතට වෙලා නේ හිටියේ, ඔන්න අර මෑන් ගේ අල්ල ගත්තා බෙල්ලෙන් ඇදගෙන ගියා පොලිස් කාරෙකක් ලගට කාරෙකට නැග්ගුවේ නෑ උස්සලා විසි කෙරුවා, ඊට පස්සේ පොලිස් කාර් යන්න ගියා. මන් හිතන්නේ ඒ කාන්තාවගේ සැමියා අර මෑන්,සමහර විට ඒ මෑන් ට නොමිලේ ගුවන් ටිකට් පතක් හම්බ වෙයිද දන්නේ නෑ යාමට විතරක්,කාන්තාවකට හින්සා කරපු වරදට පාරෙදී,අහලා තියනවා මීට ඉස්සර එහෙම උනාලු එක්කෙනෙකුට, ඒත් ඉතින් අර කාන්තාව නම් අනිවා පොලිසියට ගිහින් අඩලා මිනිහව එලියට ගනී ඒ අපේ රටේ ගෑණුකම හින්දා,අනිත් එක අර මිනිහත් මැජික් අරිෂ්ථ බලේ හිදුනම පොලිසියෙදි හොදටම අඩනව, ඒක සුවර්,මොකද අපේ කට්ටිය මෙහෙ තියන සන්ගීත උත්සව වල අරිශ්ථ බීලා ගහගෙන පොලිසියට ගෙනියන අය ආයෙ බේරිලා එන්නේ දුක කියල හොදටම අඩලා තමා, ඒ වීරයො බලේ හිදුනම බලු කුක්කෝ වෙනවා...
ඒ වගේ අර පොරත් එලියට එයිද නොමිලේ මවු රට බලා යන්න පුලුවන් වෙයිද දන්නේ නෑ,,හෙට අනිද්දට ආරන්චි වෙයි,මොකද මම වගේ තව අපේ කී දෙනෙක් බලන් හිටියද දන්නේ නෑ වැඩේ, මම නම් දැකපු දේ කාටවත් කියන්න ගියේ නෑ 2 , 3 ට විතරයි කියලා දැම්මේ.

Tuesday, June 8, 2010

පාපන්දු උණ



ඔන්න ආයෙත් තව දවස් 3 න් පාපන්දු උණ බෝවෙන්න යන්නේ, අනේ මන්දා අපේ රටෙත් පාපන්දු උණ ගන්න අය ඉන්නව කියලා නම් මම දන්නවා , පහු ගිය ලෝක කුසලනය වෙලාවේ අන්තිම තරගයට ඉතාලියට සහයෝගය දුන්නා නේද අපේ රටේ කට්ටිය, අපේ රටෙත් තරග පෙන්නුවා නේ, පාපන්දුව අධිරාජ්යවාදී ගොඩක් සල්ලි යන කාලේ කන ක්‍රීඩාවක් නිසා අපේ රටේ ප්‍රසිද්ධ උනේ නෑ, අපි තාමත් කිරිකොට් මත්තෙම නැහෙනවා, ‍රැජිණිගේ රටේ උන් අපිට කිරිකොට් බෝ කරලා මේ සැරේ පාපන්දු ලෝක කුසලානය උස්සන්න බලාගෙන දකුණු අප්‍රිකාවට යනවා, ඉතාලි කාරයෙක් දවසක් මට කියනවා ඉන්ග්‍රීසිකාරයෝ උබලට කාලෙ කන ක්‍රීඩාවක් පුරුදු කරලා ගියේ උබලව ක්‍රීඩාවෙනුත් කම්මැලි කරන්නලු,ඉතාලියේ කිරිකොට් ගැන යමක් දන්නේ සුලු ප්‍රමාණයක්, මේ දවස් වල අපේ කට්ටිය ඉතාලි උන්ට කිරිකොට් උගන්නනවා, ටීම් හදාගෙන ඉතාලි නම් දාගත්තට සේරම සෙල්ලම් කරන්නේ අපේ අයම තමා,මෙහේ ආපු ඉන්දියන් කාරයන්ටයි,බන්ගලිදේෂ්කරයන්ටයි,පකිස්තාන්කරයන්ටයි කිරිකොට් පිස්සුව ටිකක් තියන හින්දා උනුත් සෙල්ලම් කරනවා, පාපන්දු උන කියල කිරිකොට් වලට ගියාට සමාවෙන්න පොඩ්ඩක් බැන්නට අපේ රටේ තියන දේ නේ මමත් ක්‍රිකට් ලෝලියෙක්...
මේ සැරෙත් බ්‍රරසීලය, ඉතාලිය, එන්ගලන්තය , ප්‍රන්සය වගේ රටවල් දකුණු අප්‍රිකාවට යන්නේ ලෝක කුසලානය උස්සන්න බලාගෙන, ඉතාලියේ තියන මේ පාපන්දු උණ හිතාගන්න බෑ මුන්ට ජාන වලින්මද කොහෙද මේ ලෙඩේ එන්නේ ඇවිදින්න පටන් ගන්න කාලේ ඉදලම මුන්ට පාපන්දු උණ, බලන බලන පැති වල පොඩි පොඩි පාපන්දු පිටි, ඒ වගේම තමා ඔට්‍ටු අල්ලන තැන්. ආ මම මේ ලිපිය ලියන්නේ තවත් දේකට පාපන්දු උණ තියනව නම් මෙතෙන්ට ගිහින් මේ සැරේ ලෝක කුසලානයට තරග කරන රටවල් වලට ඔට්‍ටු අල්ලන්න සල්ලි වලට නෙමේ ආසාවට, විස්තර සේරම සයිට් එකේම තියනවා මෙන්න තැන
එහෙනම් මේ සැරෙත් අපි පාපන්දු ලෝක කුසලානය බලමු....

Friday, June 4, 2010

මහලු වු ආදරය



මම කාලෙක ඉදන් වැඩ ඉවර වෙලා ගෙදර එද්දී මග තිබෙන පාර්ක් එකක පු‍ටුවක ටික වෙලාවක් වාඩි වෙලා ඉන්න එක පුරුද්දක් වෙලා තියෙන්නේ,හවස් කාලයේ මේ පාර්ක් එකේ ගොඩක් මිනිස්සු ඉන්නවා තරුණ අය,මහලු අය ඒ අතරින් ගොඩක් ඉන්නේ, සේරම ඉන්නේ ආදරවන්තයෝ ඒ කියන්නේ මහලු අය පවා.
මේ මහලු ආදරවන්තයන් දකින විට මට මතක් වෙන්නේ විජය කුමාරතුන්ගයන් ගායනා කෙරූ සැරයැටියෙන් අපි යනෙන තුරා ගීතය ,මම මහලු ආදරවන්තයන් කිවුවට මෙයාලා තරුණ ආදරවන්තයන්ටත් වඩා හරිම ආදරනීය විදිහට ඉන්නේ,අත් පටලවාගෙන යන , තමාගේ සහකරුවාගේ අතේ එල්ලිගෙන යන ආච්චිලා දකින විට ඇත්තටම සිනහවක් යන එක කියන්නත් දෙයක් නෙමේ නේද, මෙයාලා ගොඩක් අය තනිවෙලා ඉන්න අය වෙන්න ඇති,මම ඉතාලියෙ දකින විදිහට ගොඩක් මහලු අය තනි වෙල ඉන්නේ, අපි හිතුවට බටහිරට විවාහය සුලු දෙයක් කියලා මේ මහලු අය දකිද්දි එක 100% ඇත්ත කියලා හිතෙන්නේ නෑ,
අපේ රටේ නම් මහලු ජෝඩුවක් මෙහෙම අත් දෙක අල්ලගෙන ගියොත් මරු මරු කතා කියයි නේද,අර කියනව නේ අපේ රටේ විවාහයෙන් පස්සෙ ටිකෙන් ටික දුරස් වෙනව කියල,හිතින් නෙමේ හරිද, ඒ කියන්නේ අපේ රටේ හැටියට දුරස් වෙන්න වෙනවා නැත් නම් මිනිස්සු මොනවා නොකියාවිද, ඉතින් 50 පැන්නට පස්සෙ දෙන්නා යන්නේ මීටර් 10 විතර පරතරයක් තියාගෙන, ඒත් ගොඩක් අය හිතින් නම් දුරස් වෙන්නේ නෑ ඒක නම් මම හොදටම දන්නවා......