Pages

Saturday, March 30, 2013

චන්ඩියෙක් වූ ඉන්දියාව

මේ දවස් වල අපේ ප්‍රධාන හතුරා ඉන්දියාව,කොටින්ම කියනවා නම් පේස්බුකියේ අපේ අය ගහනවා ගැහිල්ලක් ඉන්දියාවට ලොවෙත් නැතිවෙන්න... ඉන්දියාව මේ දවස් වල අපිට විතරක් නෙමේ චන්ඩිකම් පෙන්නන්නේ, ඉන්දියාව ඒ පාර ඉතාලියටත් ගහනවා ගැහිල්ලක් ඇඩෙන්නම.අපි නම් ඉන්දියාවට කරුණානිධිට,ජයලලිතට පුලුවන් විදිහට සිංහලෙන් පේස්බුකියෙන් හරි බනිනවා ඒ උනාට ඉතාලිය අයියෝ පුදුම දුකක් විදින්නේ මේ ඉන්දියාවේ චන්ඩිකම් ඉස්සරහා.මොකද්ද මේ ඉන්දියා ඉතාලි හුටපටේ?
ඉතාලි සමාගමකට අයත් තෙල් නැවක්  සිංගප්පූරුවේ ඉදලා ඊජිප්තුවට ගමන් කරනවා, මේ තමා සෝමාලියා මුහුදු කොල්ලකාරයෝ ඉන්දියන් සාගරයේ උපරිම වැඩ දාපු කාලේ මාලු අල්ලන්න යන ට්‍රෝලර් පවා පැහැරගෙන නිදහස් කරන්න වන්දි ඉල්ලනවා,මේකට නැව් සමාගම් කලේ තමන්ගේ නැව් වලට තමන්ගේ රටේ නාවික භටයෝ හරි කුලියට ආරක්ශක භටයෝ හරි නැවේ ආරක්ශාවට නැවේ සේවයට එක් කර ගැනීම. ඉතින් මේ ක්‍රමේට එන්රිකා ලෙක්ශිකා නම් උනු මේ තෙල් නැවට ඉතාලි නාවික භටයන් 6ක් ආරක්ශාවට යනවා,
2012 පෙබරවාරි 15 මේ නැව අරාබි මුහුදේ ගමන් කරන්නේ මේ නැවට ලංවෙනවා ඉන්දියාවේ කේරලයෙන් පිටත් උනු මාලු අල්ලන ට්‍රෝලරයක්,දැන් තමා සිද්ධිය මේ ට්‍රෝලරයට මුහුදු කොල්ල කරුවන් කියලා ‍රැව‍ටුනු මේ වෙලේ නැවේ ආරක්ශාවට උන්නු නාවික භටයෝ දෙන්නා නැවට ලං නොවෙන්න එපා කියලා අනතුරු අගවනවා,,ඒත් මේක අහපු නැති ට්‍රෝරලය තවත් නැවට ලං උනා,නාවික භටයෝ දෙන්නා මොකෝ කලේ ට්‍රෝලයට වෙඩි තිබ්බා,නැව යන්න ගියා,,
ඒ වෙනකොට ට්‍රෝලරයේ උන්නු කේරල ධීවරයෝ දෙන්නෙක් මිය ගිහින්, මේ තොරතුර කේරලයට ගිය ගමන් ඉන්දියානු නාවික හමුදාවෙන් තෙල් නැව පසු පස එලවගෙන ගිහින් නැව අත් අඩංගුවට අර ගෙන කේරළයේ කෝචින් වරායට ගේනවා, අර නාවික භටයෝ දෙන්නා ඉන්දියාව සිරභාරයට ගන්නවා නැවත් කෝචින් වරායේ නවත්ත ගන්නවා.
දැන් නඩු පටන් අරගෙන නඩුව යනවා නාවික භටයෝ දෙන්නට එරෙහිව, නඩු වාර කීපෙකට පස්සේ 2012 නත්තලත් ලං වෙනවා,  ඉතාලි රජයෙන් ඉල්ලීමක් කරනවා තමන්ගේ නාවික භටයෝ දෙන්නට නත්තලට ඉතාලියට එන්න ඉඩ දෙන්න කියලා, නැවත භටයෝ දෙන්නව ඉන්දියාවට එවන පොරොන්දුව පිට ඉන්දියානු අධිකරනය  මේ දෙන්නව ඉතාලියට එවනවා,නැවතත් නත්තල නිම වෙලා ඉතාලිය දෙන්නව ආයෙත් ඉන්දියාවට යවනවා,
ආයෙත් ඉතාලි මහ මැතිවරණය වෙලාවෙ ඉතාලිය නැවත ඉල්ලීමක් කරනවා චන්දයට දෙන්නව ආයෙත් එවන්න කියලා, මේ වතාවෙත් ඉන්දියාව දෙන්නව ඉතාලියට එවනවා, මේ වතාවේ ඉතාලිය පොඩි සෙල්ලමක් දාලා බලනවා අපි නාවිකයෝ දෙන්නව ආයේ එවන්නේ නෑ අපේ රටේ නීතිය අනූව දෙන්නව අධිකරනයට ඉදිරිපත් කරනවා කියලා,
ඔන්න ඉන්දියාව චන්ඩිපාට් එක දානවා ඉතාලියට ඇඩෙන්නම,ඉන්දියාවේ ඉතාලි තානාපතිට ඉන්දියාවේ කිසිම ගුවන් තො‍ටුපලකින් රටින් පිටවීම තහනම් කරනවා, නැවත නාවිකයෝ දෙන්නව ඉන්දියාවට භාර දෙනතුරු,මේ වෙලාවේ ප්‍රශ්නය සෑහෙන දුර දිග යනවා, ප්‍රශ්නය රාජ්ය තාන්ත්‍රික ප්‍රශ්නයක් බවට පත් වෙනවා,එහෙන් කේරළේ මහ ඇමති කෑ ගහනවා, ඉතාලියෙන් තව කෙනෙක් කෑ ගහනවා,,කේරළයේ නාවිකයෝ දෙන්නගේ පබයෝ පුච්චනවා.
ඉතාලියේ නිශ්පාදන ඉන්දියාවෙත් ඉන්දියාවේ නිශ්පාදන ඉතාලියෙත් වෙළදාම ඉතා ඉහලව තියනවා,,මේ අවස්ථාවේ මේ වෙළදාමටත් මේ ප්‍රශ්නය ඇදීගෙන එන්න අරගන්නවා,ඉන්දියාව ඉතාලියට සෑහෙන ලොකු බලපැමක් කරනවා හැම අතින්ම,අවසානෙදී  නාවිකයෝ දෙන්නව ඉන්දියාවට නැවත භාර දෙන්න ඉතාලිය තීරනය කරනවා.
අවසානෙදී ඉතාලි රාජ්්‍ය ලේකම්  සමග නාවිකයෝ දෙන්නා නැවත ඉන්දියාවට යනවා, මේ ප්‍රශ්නෙදී ඇත්තටම මේ ඉන්දියාවේ බලපෑම මුලු යුරෝපා සංගමේටම වැදුනා,,මොකද යුරෝපා සංගමය ඉල්ලීමක් කලා ඉතාලි තානාපතිව මේ ප්‍රශ්නෙදී නිදහස් කරන්න කියලා,,ඒත් ඒක ඉන්දියාව සතේකට ගනන් ගන්නෙ නෑ,මේ වෙනකොට මේ ප්‍රශ්නය නිසා ඉතාලි විදේශ ඇමති ඉල්ලා අස් වෙලා, ආරක්ශක ලේකම් ප්‍රසිද්ධියේ නාවිකයන්ගෙන් සමාව ඉල්ලනවා ප්‍රශ්නය තාම නිරාකරනය කරන්න බැරි උනාට.ඉතාලි භටයෝ වෙඩි තිබ්බේ ජාත්යන්තර මුහුදේ කියලා නැවේ කට්ටිය කියනවා ඉන්දියාව කියනවා ඒ හරිය අයිති ඉන්දියාවට ඒ නිසා ඉන්දියානු නීතියට අනූව මේ දේ සිදු වෙන්නේ කියලා.ප්‍රශ්නය කොහෙන් කෙලවර වේවිද කියලා අද ඉතාලිය බය වෙලා හොදටම.
ඉතාලිය දන්නේ නෑ ඉන්දියාව එක්ක හැප්පෙන හැටි...ඒක ඉගෙන ගන්න ඕනා ලංකාවෙන්..


ඉන්දියානු සාගරයේ සෝමාලි කොල්ල කරුවන්ගේ බලපෑම

Monday, March 25, 2013

දුප්පතුන්ගේ පාප්තුමා....

1ප්‍රැන්සිස් පාප්තුමා තාම පදවිය භාරගෙන ඉතාම කෙටි කාලයක්,ඒ උනාට එතුමා මේ කෙටි කාලෙදී ලබා ගත් ජනප්‍රියතාවය ඉතා ඉහළයි, ඒ එතුමාගේ තිබුනු සරල ගති පැවතුම්. එදා මාර්තු 13 දින පාප් ධූරයට පත් වුනු වෙලාවේ පටන් එතුමා මිනිසුන්ගේ සිත් තුළට ඇතුල් උනා පුදුමාකාර විදිහට,ආජින්ටිනාවේ දුප්පතුන් අතර සිට පැමිනීමෙන් එතුමා මේ සරල කම ලබා ගන්න ඇති.
ඇත්තටම එතුමා කාදිනල් ධූරයක් හෙබවූවත් ආජින්ටිනාවේදී ගෙවලා තියෙන්නේ ඉතාම සරල දිවි පෙවතක්,ගමන් බිමන පවා පයින් සහ පොදු මගී ප්‍රවාහන සේවා,ඇදුම් පැලදුම් පවා ඉතාම සරල ලෙස,ඒ වගේම දක්ශ කෝකියෙක් ලෙස තමන්ගේ කෑම බීම පවා තමන් විසින් සකස් කරගෙන තියනවා.ආජින්ටිනාව කියන්නෙත් දුප්පතුන් විශාල ලෙස ඉන්න රටක්,,ඒ වගේම මත් උවදුර,ගණිකා සේවය බහුල ලෙස පවතින රටක්,,,ඒ මිනිස්සුන්ව යහ මගට ගන්න බෙර්ගෝලියෝ කාදිනල්තුමා ගොඩක් වෙහෙස වෙලා තියනවා,,ඒ වගේම ඒ දුප්පත්තුන්ට විශාල සේවයක් කරලා තියනවා.
ප්‍රැන්සිස් පාප්තුමා ලෙස පත් උනු පහු වෙනිදම එතුමා ඒ දින කීපයේ නැවතී සිටි ස්තානයේ ගාස්තුව ගෙවීම එතුමා අතින් කලා වගේම,,,එදා සිටම එතුමාගේ ගමන් බිමන් යෑම පවා සරල වාහන වලින් සිදු වන්නේ එතුමා වටා විශාල ආරක්ශකයන් පිරිසක් උවමනා නෑ කියන එක පවා එතුමා පවසලා තියනවා,එතුමා පදවිය භාරගත් දින උත්සවයට පවා පැමිනියේ  උඩ නිවාරනය කරපු ජීප් රථයකින්,, පාප්ලෙස පත් උනත් ඇදුම් පැලදුම් සාමාන්ය විදිහට,, සම්ප්‍රදායික ඇදුම් ආයිත්තම් පලදින්නේ නෑ,,,සුදු ඇදුම විතරයි,ඒ වගේම කරේ පලදා සිටින කුරුසිය පවා එතුමා කාදිනල් ධූරයේ සිට පලදපු කුරුසිය ,ඒ වගේම මුදුව පවා රිදියෙන් කරපු මුදුවක්,,ඒ මුදුව නම් අයිති වෙලා තියෙන්නේ 6 පාවුලු පාප්තුමාට.
පහු ගිය දිනෙක වසර 700 පසු සිදු උනු තවත් විශේශ සිදු වීමක් සිදු උනා,,,ඒ නව පාප්තුමා,හිටපු පාප්තුමාව බැහැ දැකීම, එයත් ඉතාම සරල ලෙස සිදු වූවක්,ඉතාමත් කුඩා කොටසක් මාධ්යට එලියට ආවා ඒ හමු වීමේ.

(මේ1 ප්‍රෑන්සිස් පාප්තුමා සහ හිටපු 16බෙනඩික් පාප්තුමාගේ හමු වීම)
අදින් ක‍තෝලිකයන්ගේ පාස්කු සතිය ආරම්භ වෙනවා අද වතිකානුවේ සේවකයන් වෙනුවෙන් පැවැත් උනු දේව මෙහෙයට ප්‍රැන්සිස් පාප්තුමා සහභාගි වෙලා තියෙන්නේ සාමාන්‍ය කෙනෙක් ලෙස පසු පසම ආසනයේ වාඩි වෙලා.
(අද දින නව පාප්තුමා සාමාන්‍ය කෙනෙක් ලෙස පසු පස ආසනයේ වාඩිගෙන දේව මෙහෙයට සහභාගි උනු අයුරු)
නිරන්තරයෙන් මිනිසුන් අතරටම යන්න ආසා මෙතුමා,ක‍තෝලික පල්ලිය අලුත් පාරකට ගන්න හදන බවක් මට පේන්නේ,,මේ වෙනකොට ඉතාලියේ පල්ලිය හැරගිය මිනිස්සු මෙතුමා නිසා ආයෙත් පල්ලියට එන්න අරගෙන,අසීසියේ සාන්ත ප්‍රැන්සිස් මුනිතුමා වගේ දුප්පතුන්ගෙන් ක‍තෝලික පල්ලියේ නව හැරවුම් ලක්ශයක්  1 ප්‍රැන්සිස් පාප්තුමත්  පටන් අරගෙන,ඇත්තටම අද ඉතාලියේ පවා දුප්පතුන් වෙනුවෙන් ක‍තෝලික පල්ලිය ආගම් බේදයකින් තොරව විශාල සේවයක් කරනවා කැම බීම ඇදුම් පැලදුම්,ඉදුම්හි‍ටුම් වලින් පවා,,,ඒ දේවල් 1 ප්‍රැන්සිස් පාප්තුමා තවත් දියුනු කරයි කියන එක අද ඉතාලි මිනිස්සු විශ්වාස කරනවා,ඒ දේ ලෝකයටම යන එක සිදු විය යුත්තක් මට හිතෙන විදිහට,මගෙත් විශ්වාසය 1 ප්‍රැන්සිස් පාප්තුමා ලෝක දුප්පතුන් වෙනුවෙන් ලොකු සේවයක් කරාවි,එතුමාට ඒ දේවල් හරියාකාරව කිරීමට ශක්තිය දහිරිය ලැබේවා කියල මමත් ප්‍රාර්ථනා කරනවා,  යාච්ඤා කරනවා.
ඔයාලටත් අසීසියේ ප්‍රැන්සිතුමන් ගැන දැගන්න පුලුවන් ලිපියක් මට අද දකින්න ලැබුනා ආගිය කතා ලියන හසිත නිසා,, මේ අපේ සිංහල බ්ලොග් අවකාශයට එක් උනු නවක බ්ලොග්කරුවෙක්.
http://kaulupiyanpatha.blogspot.com

Wednesday, March 13, 2013

පාප් ධූරය ඇමරිකාවටද?

මුලු ලෝකෙම ක්‍රිස්තියානි ජනතාව මේ වෙනකොට බලන් ඉන්නේ නව පාප් කෙනෙක් පත් වෙනකන්,,මේ වෙනකොට  වතිකානුව තුල පිහිටා තිබෙන මයිකල් ආන්ජලෝ සිත්තරාගේ සිතුවම් වලින් පිරී තිබෙන සිස්ටයින් දෙව්මැදුර තුලට වෙලා බාහිර ලෝකෙන් වෙන් උනු කාදිනල්වරු 115 අලුත් පාප්කෙනෙක් පත් කර ගන්න ජන්ද වට 2ක් පවත්වලා ඉවරයි. 2ම වැඩේ හරි ගියේ නෑ අද සවස ඊළග ජන්ද වට 2ක් සූදානම්,ජන්දය පැවැත්වෙන වෙලාවල් බලලා ඊයේ සවසත් අද උදෙත් රෝමෙ අයහපත් කාළගුනේ ගනන් නොගෙන සාන්ත පීතර චතුරශ්‍රය තුල දහස් ගනන් මිනිස්සු බලන් ඉන්නවා, සිස්ටයින් දෙව්මැදුරේ දුම් බටෙන් සුදු දුමාරය එයි කියලා,,මොකද න්දය හරි ගියා නම් සුදු දුමාරය පිට කරනවා,ජන්දය අහක ගිහාම එන්නේ කලු දුමාරය. ජන්දයට පාවිච්චි කරන ජන්ද කොළ උදුනට දාලා පුච්චනවා ,ඒත් ඉතින් ඒවා පිච්චුවට දුම් කලු පාට සුදු පාට වෙන්නේ නෑ නේ ඒවට රසායනික පාවිච්චි කරනවලු.
මේ වෙනකොට කාදිනල්වරු 4ක් අතරේ ජන්දය කැරෙකෙන බව පේනවලු. ඒත් අද සවස ජන්දය තීරනාත්මක වෙන්න ඉඩ වැඩී කියලා වතිකානු මාධ්ය එලි කලා.
ඉතාලියේ මිලාන් නුවර අගරදගුරු ආන්ජලෝ ස්කෝලා, බ්‍රසිලයේ ඔදීලෝ පෙඩ්‍රෝ, කැනඩාවේ මාර්ක් ඔව්ලෙට් ,පිලිප්පීනයේ ලුවිස් අන්ටෝනියෝ, ඇමරිකාවේ නිව්යෝක් අගරදගුරු මයිකල් ඩොලාන් කියන කාදිනල්වරු 4 දෙනා ඉදිරියෙන් ඉන්නවලු.
ඇත්තටම පාප් ධූරය ඇමරිකාවට යන ලකුනු නැතුව නෙමේ, උතුරු ඇමරිකානු කාදිනල්වරු 11 දෙනා වතිකානුව වටලා සිටින 5000 වැඩි මාධ්යවේදීන් අතර සුපිරි චරිත වෙලා නිතරම කැමරාව ඔවුන් දෙසට,,,ඒ කස්ටියත් නිතරම මාධ්යවේදීන් එක්ක, මේ නිව්යෝක් කාදිනල්වරයා සහ කැනඩාවේ කාදිනල් වරයා සිත් ඇදගන්නා සුලු චරිත දෙකක්,,,නිව්යෝක් එක්කෙනාට නම් යැන්කි කාදිනල් කියලා නමකුත් වැටිලා තියෙන්නේ, එයා තරුන කාලේ මරිජුවානා පානයට ඇබ්බැහි වෙලා උන්නා කියලා එයාම කිවුවා.
අනෙක් පසින් මේ කට්ටියට සෑ
හෙන අභියෝගයක් දෙනවා දකුනු ඇමරිකාවේ බ්‍රසීලය සහ ආසියාවේ පිලිප්පීනෙන්,, ඇත්තටම මේ කට්ටියම 60-70 අතර ඉන්න උදවිය,,මමත් හිතන්නේ මේ වගේ තරුන කෙනෙක්ට පාප්ධූරය යන එක ලොකු දෙයක්, පිලිප්පීනේ එක්කෙනාට නම් තාම 55 වයස, එයාට ආසියාවේ සහයෝගය ලැබෙයි අනිවා,,,ඒත් අසියාවේ කාදිනල්වරු 11 දෙනයි ඉන්නේ ලංකාවේ මැල්කම් රංජිත් කාදිනල්තුමත් සමග,,ඉංන්දියාවෙන් නම් කාදිනල්වරු 5ක් ඉන්නවා ඒ අතර තමා කාදිනල්වරුන්ගෙන් වයසින් අඩුම කෙනත් ඉන්නේ.
මේ ලිපිය ලියන විටත් තවත් ජන්දයක් පැවැත්වෙනවා,,මේ වෙනකොට ඇමරිකාවෙන් ඔබාමා කියලා තියනවා ඇමරිකාවෙන් පාප් ආවත් එයා අනික් අයවගේම තමා වෙනසක් නෑ කියලා, සමහර අය යම් බයක් තියනවා  ඇමරිකාවට ධූරය යනවට මොකද ඇමරිකාව ලෝකෙට ලොක්කා නිසා.
බලමු අද දවසේ මොකෝ වෙන්නේ කියලා සමහරවිට අද දවසේ පාප්කෙනෙක් පත්වේවි. මේ 4 දෙනාට අමතරව තව කස්ටියක් ඉන්නවා පාප්ධූරයට යන්න ඉඩ තියන,,,කාට මේක යයිද කියන්න අමාරුයි මේ සුදු දුම එනකන්.හංගේරියාවේ පීටර් එර්ඩෝ,ඇමරිකාවේ ශෝන් පැට්‍රික් මෙයා නම් අපි වගේම බ්ලොග් කරුවෙක්,ඉතාලියේ ප්‍රන්කෝ බවාසි,මෙක්සිකෝවේ ප්‍රන්සිස්කෝ රොබ්ලෙස් මෙයා ‍ටුවීටරේ එක්ක ඉන්න කෙනෙක්  අනෙක් කෙනා තමා ඝානාවේ පීටර් ටූර්ක්සන්,,බලමු පාප්ධූරය ඇමරිකාවටද,ලතින් ඇමරිකාවටද,ආසියාවටද,අප්‍රිකාවටද කියලා.

Sunday, February 10, 2013

මේක අපිට පොදු ලෙඩක්ද?

ස්තානය- උතුරු ඉතාලියේ ලාංකිකයන් බහුලව වෙසෙන නගරයක්
දිනය- මාස 2ට ඉහත
සිද්ධිය-
වෙන්නප්පුව ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක ගොඩනැගිල්ලක් ඉදිකිරීමට මේ නගරයේ වෙසෙන එම පාසලේ ආදි සිසුවන් සංගීත ප්‍රසංගයක් සංවිධානය කරලා,90% විතර ඉතාලියේ ඉන්න ලාංකිකයන් වෙන්නප්පුව ආසනේ මිනිස්සු ඒ අතර වෙන්නප්පුවේ ප්‍රධාන පාසල් 2 ආදි සිසුවෝ,,ඉතින් ඔය පාසල් 2 වැඩකට මුදලක් එකතු කරන්න ගත්තොත් අනිවා ඒ මුදල සෑහෙන්න කවර් කරන්න පුලුවන් ඔය පාසල් 2 ආදි සිසු සංගම් ඉතාලියේ තියනවා ඉතින් යම් මුදලක් ඔය පාසල් වලට ඕනා උනොත් මේ සංගම් දැනුවත් කලම ඒ මුදල් හෙවීම කට්ටිය එකතු වෙලා කරනවා,, තමන්ගේ පාසල නිසා මිනිස්සු උනන්දුවෙන් මුදල් පරිත්‍යාග කරනවා,සමහරවිට තමන්ගේ ළමයින් ඒ වෙනකොටත් මේ පාසලේ ඉගෙන ගන්න අය,ඉතින් පාසලට උදව් කරන එක දෙපාරක් හිතන්නේ නෑ කවුරුත්.
කොහොම හරි සංගීත ප්‍රසංගයට විශාල පිරිසක් සහභාගි වෙලා,,මෑත කාලයේ ඉතාලියේ ප්‍රසංගයක් පවත්වනවා කියන්නේ සංවිදායකයන්ට ලාභයක් ලබන්න බෑ,,දැන් මිනිස්සු ප්‍රසංග බලන්න එන්නේ නෑ,,අනික අපේ අයගේ යහපත් හැසිරීම නිසා ප්‍රසංග ශාලාවක් හොයා ගන්න එකත් හරිම පහසුයි,,ඒ අතරමට ඒ ශාලාවල අයිතිකාරයෝ අපේ අයව දැකපු ගමන් එලෝ ගන්නවා, ඒත් මේ පාසලේ වැඩක් නිසා මිනිස්සු මේ ප්‍රසංගයට ගොඩක් ඇවිල්ලා,කිසිම ප්‍රශ්නයක් නැතුව ප්‍රසංගය පැවැත්විලා තියනවා,ඉතින් සතුට නිසාම සංවිධායකයෝ තීරනය කරලා තියනවා ඉතාලි පොලිසියෙන් අවසර දුන් වෙලාවට වැඩියෙන් තව පොඩි වෙලාවක් ප්‍රසංගය පවත් වන්න,,මහ ලොකු වෙලාවක් නෙමේ විනාඩි 15 වැනි පොඩි වෙලාවක් වැඩියෙන් කරලා තියෙන්නේ,ඒත් අවාසනාවට මේ විනාඩි 15 ඇතුලත මෙතෙන්ට පොලිසියෙන් ඇවිල්ලා,වැඩේ නීතියට පටහැනි නිසා සංවිධායකයන්ට පහුවදා පොලිසියට එන්න කියලා මේ පොලිස් නිලධාරින් පිටව ගිහින් තියනවා,පහු වෙනිදා සංවිධායකයන්ට සෑහෙන දඩමුදලක් ගෙවන්න වෙලා,,සමහරවිට ඒ මිනිස්සු අර ආධාර මුදලෙන්ම මේ මුදල ගෙව්වද දන්නේ නෑ,,මේ මිනිස්සු ඒ විස්තරේ පොලිසියට කියලා,,පොලිසියෙන් දීලා තියන උත්තරේ තමා උබලගේ මේ පාසලට උදව් කිරීම අපි ගොඩක් අගය කරනවා,ඒත් අපිට ඒ විනාඩි 15 ඇතුලත උබලගේ මිනිස්සුන්ගෙන්ම පැමිණිලි කීපයක්ම ආවා ඒකයි අපි ඔතෙන්ට ආවේ,,අපිට එහෙම පැමිණිලි ආවම ඒවා මග අරින්න බෑ,,ඒ වගේම නීතියට පිටින් කිසි දෙයක් කරන්නත් බෑ කියලා.අවාසනාවට මේ ප්‍රසංගය බලන්න ආපු උන් කීප දෙනෙක්ම පොලිසියට දුරකථනයෙන් පැමිණිලි කරලා.ඔන්න අපේ මිනිස්සුන්ගේ වැඩ.
තව කතාවක් තියනවා ඒක මීට ටික කාලෙකට ඉස්සර මම ඉන්න සිටි එකේ උනු සිදුවීමක් ඒකත් සංගීත ප්‍රසංගයක උනු දෙයක් තමා,ප්‍රසංගයට ආවේ සනිධප සංගීත කන්ඩායම ඒ අයගේ පලමු ඉතාලි සංචාරය,දමිත් අසංකත් ආවා, මම ඉන්න නගරෙත් අර ප්‍රශ්නය තියනවා ශාලාවක් හොයා ගන්න එක,,ඊට ටික දවසකට ඉස්සර තිබුනු ප්‍රසංගයකදී ගිය වළියක් මැද්දට ආපු පොලිස් නිලධාරියෙක්ටත් හොද පහරක් වැදුනා එදා මිනිස්සු බලන් ඉද්දිමයි පොලිස් නිලධාරියා මිනිස්සු මැද්දේ ඇදගෙන වැ‍ටුනේ අර පාර නිසා,හැබැයි ඒ පොලිස් නිලධාරියෙක් බව දැනගත්තු ඒ පහර දීපු කෙනා ඒ සැනින් පැනලා දිවුවා,,අපේ අයත් මොකෝ කලේ පොලිස් අය එක්කම අරූගේ පස්සෙන් එලෝලා අල්ලලා දුන්නා,,මේ ඉතාලි මිනිස්සුන්ගේ හොද කමටද කොහෙද අරූව ලංකාවට එවුවේ නෑ,පහර වැදිලා වැ‍ටුනු ලැජ්ජාවටද කොහෙද පොලිස් නිලධාරියත් ලොකුවට මුගේ පස්සෙන් පන්නලා නෑ.
ඉතින් අපි යමු ප්‍රසංගයට ආයෙත් ප්‍රසංගය ඉතාමත් සාර්ථකයි මම එදා දැක්කා සංවිධායකයෝ උන්නේ පුදුම සතුටකින් ඇයි ලොකු ලාභයක් නේ.ප්‍රසංගය පටන් අරගෙනත් සෑහෙන සෙනගක් එළියේ උන්නා,සංවිධායකයන්ට ප්‍රශ්නයක් උනා ටිකට් ඉවර උනා,නීතියේ හැටියට අවසර අරගන්න ඕනා මුලින්ම මෙච්චර ප්‍රමානයක් මේ ශාලවට ඇතුල් කරන්නේ කියලා,ඒ ගානට විතරයි ටිකට් ප්‍රින්ට් කරන්න පුලුවන්,,,ඒත් ඒ වෙනකොටත් එළියේ මිනිස්සු ප්‍රසංගය බලන්න,සංවිධායකයෝ මොකෝ කලේ මේ මිනිස්සුන්ව හරවල යැව්වේ නෑ,අනික එතනත් සැහෙන මුදලක් එකතු කර ගන්න පුලුවන් නේ,,මෙයාලා මොකෝ කලේ නිකන් කොළ වල ටිකට් එකේ ගාන ලියලා අර මිනිස්සුන්ව ශාලාවට ඇතුල් කලා,වැඩි වෙලාවක් ගියේ නෑ ප්‍රසංගය පටන් අරගෙන පැය 1.30 විතර ගියේ පොලිස් සයිරන් කීපයක්ම ඇහුනා අර සංගීතය අස්සෙම,ඒ එක්කම සෑහෙන පොලිස් නිලධාරීන් ප්‍රමානයක්ම ශාලවට ඇතුල් වෙලා කලේ ටිකට් චෙක් කරන්න ගත්තු එක.කොහොම හරි අර අතින් ලියපු කොල කෑලිත් මේ මිනිස්සුන්ට අහු උනා,,ප්‍රසංගය නැවැත්තුවා.
පහු වෙනිදා සංවිධායකයන්ට ලොකු දඩයක් ගෙවන්න වෙලා,ආදායමත් ඉවරයි ප්‍රසංගයත් භාගෙට ඉවරයි, එදත් ඒ පොලිසියෙන් කියලා තිබුනේ අපිට එක පිට කෝල් ආවා පැමිණිලි උබලගේ මිනිස්සුන්ගෙන්මයි ,කරන්න දෙයක් නෑ අපිට නීතියට පිටින් යන්න බෑ,අපිට උබලගේ ඔය ප්‍රසංගය මහ ලොකු ප්‍රශ්නයක් නෙමේ ඒත් අපිට පැමිණිල්ලක් ආවම ඒක සොයා නොබලා ඉන්න බෑ කියලා.
ඔන්න ඕක තමා අපේ මිනිස්සුන්ගේ මහ ලොකු වැඩ,,ප්‍රසංගය බලන්න ආපු උන්මයි ඔය පැමිනිලි කරන්නෙත්,,මම හොයලා බලපු විදිහට ඉතාලියේ විතරක් නෙමේ ලංකාවේ අය ඉන්න සෑම රටකම මේ වගේ සිදුවීම් සිදු වෙනවලු,,ඒ කියන්නේ ලාංකිකයෝ ලොකු වැදගත් රස්සා කරන අය ඉන්න රටවල පවා,,ඒ වගේම දෙමළ අය අතරත් මේ ප්‍රශ්න මේ විදිහටම තියනවලු,,,ඒ කියන්නේ මේ ලෙඩේ අපේ ශ්‍රී ලාංකිකයන්ටම පොදු ලෙඩක් ජාති ආගම්,තරාතිරමක් නැතුව. මේ ලෙඩ හොද වෙන ලෙඩක් නෙමේ කවදාවත් මේ අපිට උරුම ලෙඩක් වගේ නේද?

Sunday, January 20, 2013

ගේ සමණල්ලු සමනළීලගේ අලුත් ප්‍රශ්නේ

පහුගිය ටිකේම මම ඉතාලි පත්තර වල රූපවාහිණී පුවත් වල මරු පුවතක් දැක්කා,මේවා දකිනකොට ඉහ මොළ රත් වෙන ප්‍රශ්න ගොඩක් එනවා,අම්මේ ඒවා ගැන කල්පනා කරනකොට මාව ස්ටක් වෙලා ගියා,කකුල් පන නැති වෙලා වගේ යන්න ගත්තා,හරි එහෙනම් බලමු මොනාද ඒ ප්‍රශ්න කියලා එහෙනම්.
මේ ටිකේ යුරෝපේ ඉන්න ගේ සමණල්ලු ගේ සමණලීලට හෙන ප්‍රශ්නයක් ගහලා,කොහොමත් කාලෙක ඉදන් යුරෝපේ රටවල් කීපයක ගේ විවාහ නීති ගත කලාට ඉතාලිය,ප්‍රංශය වගේ රටවල තාම ගේ විවාහ නීති සම්මත  කර ගන්න මුන්ට බැරි වෙලා,,මේ ටිකේ මුන් පාරවල් ගානේ දගලන්න අරගෙන නීති සම්මත කර ගන්න,,ඒ මදිවට මුන්ට දැන් ළමයි හදන්නත් ඕනා වෙලා,ආ මොකක් ගේ සමනල්ලු සමනලීලා ළමයි හදන්න,අන්න ඔතනදී තමා මාව හිර උනේ. ළගක අපේ සිංහල බ්ලොග් අවකාශයේ තිබුනු ගේ බ්ලොග් එකකින් දැක්කා මුන්ට මේ සමලිංගික තත්වය ලෙඩක් නෙමේ කියලා,ඔය මානසික ඩොකාලත් කියනව නේ ඒක ලෙඩක් නෙමේ කියලා,හා ඒක එහෙමයි කියමු අපේ මොකෝ ඕකුන් කොහොම හැසිරුනත් මොනා කලත්,ඒත් දැන් ළමයි හදන්නත් ඕනා වෙලා.
දැන් මට ආව ප්‍රශ්නේ ගේ සමණල්ලු දෙන්නෙක් කොහොමද ළමයි හදන්නේ,අර පිචැර් එකක ආනෝල්ඩ් නම් ළමයෙක් හැදුවා ඒත් ඒ පිචෑර් එකක,දැන් මුන් සැබෑවට ළමයි හදන්නේ කොහොමද?ඕක හොයන් යනකොට දැක්කේ, හුටා පටස්  මුන් ගර්භාශයක් කුළියට ගන්නවලු නළ මාර්ගයෙන්ලු ළමයා හදන්නේ,,පස්සේ අර කුළියට ගත්තු ගර්භාශේ අර ළමයා වැඩෙනවා.කොහොමද වැඩේ අර කුළියට වාහන ගන්නවා වගේ කුළියට ගර්භාශ.
ඔහොම ඔය වැඩේ කරලා අර සිංදු කියන රිකී මාටියා එහෙම ළමයි දෙන්නෙක් හදාගෙන ඔන්න ඉන්නවා පවුල පිටින්ම


හා දැන් ඊලගට ආව ප්‍රශ්නේ මේ ළමයි අම්මා තාත්තා කියන්නේ කොහොමද කාටද,උප්පැන්නේ අම්මගේ තාත්තගේ නම ලිය වෙන්නේ කොහොමද? ඕකට පිළිතුරක් මට හොයා ගන්න බැරි උනා,දන්න එකෙක් කියපල්ලෝ.චාමර වීරසිංහට අර සිංදුවේ දෙවෙනි වර්ශන් එක කියන්න පුලුවන් වෙයි,මවගේ නම ඉරක් උනේ කොහොමද කියලා.
ඔන්න දැන් යමු ගේ සමනලීලා ගැන, ඔන්න ගේ සමනළීලා සමිතියකින් ආපු ගේ සමනලීලා ජෝඩු දෙකක් වතිකානුව ඉස්සරහා උඩුකය නිරුවත් උනා පහු ගිය සතියක මෙන්න ඒකේ පොටෝ ,මේක කරන්න ඇවිත් තියෙන්නේ යූක්‍රේන් ජෝඩුවකුයි ප්‍රංශ ජෝඩුවකුයි.

(මේ පොටෝ එකේ පිටි පස්සේ ඉන්න කාන්තාවක් මේ නිරුවත් ගේ කෙල්ලට කුඩ ප්‍රහාරයක් දෙනවා?
දැන් එතකොට ගේ සමනලීලා කොහොමද ළමයි හදන්නෙ ඔන්න උන්ට ගර්භාශ ප්‍රශ්නේ නෑ, හුටස් එතකොට ඩිම්බ ඩිම්බ සංසේචනය වෙන්නේ නෑ නේ,ශිශ්නයක් කුළියට නෑ නෑ එහෙම වෙන එකක් නෑ මොකද මුන් ගේ කෙල්ලෝ නේ,එහෙනම්, ශුක්‍රාණු  සල්ලි වලට ගන්නවලු,ඔව් ශුක්‍රානු බැංකු තියනවලු ඒකකින් සල්ලි වලට අරගෙන අර නළ ක්‍රමේට දරුවෙක් හදනවලු. හා එහෙම හැදුවා කියමු එතකොට ඒ ළමයි අම්මා තාත්තා කියන්නේ කොහොමද?
ගේ කුරුල්ලෝ දෙන්නෙක්ගේ දරුවන්ට එතන තාත්තෙක් ඉන්නවා අම්මෙක් නෑ,අමතර තාත්තෙක්ද මොකෙද්ද ඌ එතකොට.ගේ සමනලීලා දෙන්නගේ දරුවන්ට අම්මෙක් ඉන්නවා අනික් එකීට මොනාද කියන්නේ මේ ළමයි.
කාන්තාවක් පිරිමියෙක් විවාහ වෙලා දරුවන් හදලා අම්මෙක් තාත්තෙක් වෙලා පවුල් ඒකකයක් ගොඩ නැගීම මොන තරම් ලස්සන දෙයක්ද?සමාජයේ පැවැත්මට ඒක ඕනම දෙයක්,ඒත් මේ මිනිස්සු මේ කරන විකාරේ මොන තරම් කැතද? ලෝකය ගමන් කරන්නේ මේ කොහෙටද කියන එක ලොකු ප්‍රශ්නයක්, සමලිංගිකත්වය පුරාතයේ ඉදන් තිබුනා කියමුකෝ ඒත් මේ ළමයි හැදිල්ල.හ්ම්ම්ම් ප්‍රශ්න ගොඩක් බලමු මොකෝ වෙන්නේ කියලා ඉදිරියෙදී ඉතාලියේ , ප්‍රංශේ ක‍තෝලික පල්ලිය නම් මේ  දේවල් වලට එරෙහිව ලොකු ව්යාපාරයක් ගෙනියනවා,බලමු මේ ගේ මිනිස්සුන්ගේ උත්සහය මොනා වේද කියලා.

Saturday, January 5, 2013

පන්සලේ පියතුමා


 නව වසරේ පළමු ලිපිය,ඉස්සල්ලම සියලුම දෙනාට සුභ නව වසරක් කියලා සුභ පතලම ලිපිය ලියන්න ගන්නම්,පහු ගිය දවස් වල ඉතින් උත්සව කාලෙ නේ පහු කලේ,,ක‍තෝලිකයෙක් විදිහට මමත් නත්තල සැමරුවා.නත්තල එක්ක බැදී තියෙන කැරොල් ගීත අපිට කවදාවත් අමතක කරන්න බෑ,දයානන්ද මහත්මයා ලියන අස්වැන්න බ්ලොග් එකේ කැරොල් ගීත පිළිබද පෝස්ට් එක කියවලා තමා මේ පෝස්ට් එක ලියන්න හිතුවේ,, කැරොල් ගීත එක්ක ලගින්ම බැදී තියන චරිතය පන්සලේ පියතුමා මර්සලින් ජයකොඩි පියතුමා,මම අහලා තියන විදිහට පල්ලියට වඩා පන්සල් එක්ක ගැවසුනු නිසාලු පන්සලේ පියතුමා කියලා නමත් පට බැදුනේ,එතුමා ගැන කෙටියෙන්ම කියනවා නම් කියන්න තියෙන්නේ එතුමා බුදු දහමට ගරු කරපු සිංහලකමට ගරු කරපු කතෝලික පූජක වරයෙක් සංගීතඤයෙක්,ලේඛකයෙක්,පත්‍රකලාවේදියෙක්   ඒ ඔක්කොටම වඩා ජාති මාමකයෙක්
එතුමා ගැන පුංචි විස්තරයක් මෙන්න
නම -මර්සලින් ජයකොඩි
උපන් දිනය -1902 ජූනි 03
උපන් ගම -හලාවත මාදම්පේ
පියා -ජෝශප් ජයකොඩි(මාදම්පේ)
මව -ජොසපින් සේනාරත්න(සදලංකාව)
අධ්යාපනය- මාදම්පේ විදුහල/ශාන්ත ජෝශප් විද්‍යාලය(මරදාන)/අම්පිටිය දෙව්සත් හල/
                    ශාන්ති නිකේතනය(ඉන්දියාව)/අලහාබාද් විශ්ව විද්‍යාලය(ඉන්දියාව)
ගුරුවරයෙක් ලෙස-
                     ශාන්ත ජෝශප් විද්‍යාලය(මරදාන)
                     ශාන්ත පීටර් විද්‍යාලය (බම්බලපිටිය)
                      ශාන්ත පැට්‍රික් විද්‍යාලය (යාපනය)

සම්මාන-  කලාසූරී සම්මානය (ටවර්හෝල් පදනම)
                රාජ්ය සාහිත්ය සම්මානය(මුතු කාව්ය සදහා)
                මැග්සෙයි සම්මානය-පිලිපීනය
                කාව්්‍ය මහෝපාධ්යාය -සමස්ත ලංකා සිංහල කවි සම්මේලනය
                කිතු නන්දන සම්මානය-ක‍තෝලික සභාව
                කාව්ය ශ්‍රාස්ත්‍ර ශිරෝමනී-විද්යාලංකාර මහා පිරිවෙන

ලියා ඇති පොත්-
                 වයිරා හීනෙන් බය වෙලා
                 මී පැංචා
                 අජාසත්තගේ පුතා
                 කළගුණ
                 මාතු පාදං නමාමි
                 අබ රුක් සෙවන
                 බංකුව යටින්
                 යුතුකම
                 මහා කළු සිංහලයා
                 නෙළුම් කුමාරි
                 ගෙබි පැටියා සහ නෙළුම් මල
                 ගෙදරදීම හැදී ආ හාමුදුරුවෝ
                 පැණි වරකා
                 ඉතිහාසයේ මලලසේකර ලකුණ
                 කිරි අම්මගේ වැලපිල්ල
                 මුල්ම අධ්යාපන ඇමති කන්නන්ගර මමයි
                 ජනනායක පොඩිත්තා
ස්වර්ගස්ථ වු දිනය-1998 ජනවාරි

මෙතුමා මොන වගේ කෙනෙක්ද කියන එක එතුමාගේ කියමන් වලින්ම ඔයාලට හිතා ගන්න පුලුවන්,මේවා සියල්ල එතුමාගේ චරිතාපදානය මල් පැලේ උපන් පන්සලේ පියතුමා පොතෙන් උපු‍ටු ගත් දේවල්.


මගේ ආගම - ක්‍රිස්තියානි
මගේ ජාතිය - ශ්‍රී ලාංකික
මගේ සංස්කෘතිය - බෞද්ධ


“ඉතින් කවුරුහරි මට පන්සලේ පියතුමා කියා කියනව නම් මා ඒ ගැන වඩාත් සතුටු වෙනවා. අප කතෝලිකයන් වශයෙන් මේ රටේ සුළු පිරිසක්. නමුත් අප ඒ නිසාම වෙන්වී සිටිය යුතු නැහැ. භික්ෂුන් වහන්සේලාත් එක්ක එකතුවී කටයුතු කරනවා නම් මේ රට, ජාතිය, සංස්කෘතිය ඉතා හොඳ දියුණු තත්ත්වයකට පත්වේවි.” 

දළදාව වැඳ පුදාගත් ලංකාවේ එකම කතෝලික පූජකවරයා ජයකොඩි පියතුමා යැයි මම හඟිමි. එය සිදුවූයේ මෙසේ ය.
වරක් මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමියෝ ‘දළදාව බලන්න යමුදැයි’ ජයකොඩි පියතුමාගෙන් ඇසූහ. එවිට උන්වහන්සේ ඉතා කැමැත්තෙන්ම ඊට ඉදිරිපත් වූහ.
දළදාව වැඳපුදා ගැනීමට ගිය ගමනේදී උන්වහන්සේ එවක ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ වූ නිරංජන් විජේරත්න මහතා හමුවූ අවස්ථාවත් අස්ගිරි පාර්ශවයේ අතිපූජ්‍ය පලිපාන චන්දානන්ද මහනාහිමියන් හමුවූ අවස්ථාවත් දැක්වෙන ඡායාරූප කීපයක් මම දැක ඇත්තෙමි.
අපේ දළදා වහන්සේ පිළිබඳ ජයකොඩි පියතුමා අදහස් දක්වා ඇත්තේ මෙලෙසය.
“දළදාව කියන්නේ අපේ රටේ තිබෙන ලෝක පූජිත ජාතික වස්තුවක්. අපේ ඉතිහාසයත් එක්ක දැඩි සේ සම්බන්ධ, අපේ සංස්කෘතික අනන්යනතාව අවුරුද්දක් පාසා අදත් මුළු ලෝකයටම කියාපාන පූජනීය වස්තුවක්. ලංකාවේ පමණක් නෙවේ ලෝකයේමත් බෞද්ධයන් ගරු කරන වස්තුවක්.
ඉතින් සිංහලයන් හැටියට අපිත් ගිහින් ඒවට සහභාගි වී ඒ ගැන අවබෝධයක් ලබන එක, බලා කියා ගන්න එක වරදක් ද? ලංකාවේ උපන් කෙනකු හැටියට, සිංහලයකු හැටියට මගේ රටට අයිති ජාතික වස්තුවකට ගෞරවය පුද කළාම තියෙන වරද මොකද්ද?” 
පිරිවෙනකින් ගෞරව සම්මානයක් හිමිකර ගත් ලංකාවේ එකම කතෝලික පූජකවරයා ජයකොඩි පියතුමා වන්නේ ය. ඒ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනිනි. එයින් උන්වහන්සේට ‘කාව්‍ය ශාස්ත්‍ර ශිරෝමණි’ සම්මානය පිරිනමන ලදි.

එතුමාගේ අතින් ලිය වුනු කවි කිහිපයක්
පන්සිය වසක් අප ආපසු යන දා ට
හෙළදිව පෙනේ කොත්රැළිවල සුදු පාට
එවකට අපේ මුත්තණු සඳ ඇති රෑට
මාලති මල් නෙළාගෙන යති බුදු ගේට 


 “අපේ සාහිත්‍යය ආවේ පන්සලෙන්නේ... පන්සල් තිබුණු නිසා තමයි සිංහලකම රැකුණේ; සිංහල සාහිත්‍යය රැකුණේ.”
පන්සලටය පෙර පරපුර අකුරු ගියේ
සිවුරෙන් අපේ රට රැකුණා අඳුරු පැයේ
අප හෙළ ගතිය වැඩුණේ පන්සලෙයි පියේ
අද වනතුරුම සිවුරේ පඬු ගතිය තියේ 


  මෙහි බුදුන්ගේ පා තබා ඇත වන්දනීයයි සිරිපාදය
රැයෙත් උදයෙත් මිහිරියාවයි ඇසේ රැව්දෙන සාදු නාදය
පියේ මේකයි දම්ම දීපය මුතු බඳින්නේ අපේ මූදය
මෙහෙම ලස්සන වෙන රටක් නැත ඇයට කොයි රට වුව පරාදය 


 ‘වෙහෙර’ යනුවෙන් ලියූ කවියක උන්වහන්සේ ඇස යන යන තැන පෙනෙන්ට ප්‍රාර්ථනා කළේ පල්ලි නොව වෙහෙරකි. ඒ කවියෙන් අර්ධයක් මෙසේ ය.

ඇස යන යන තැන වෙහෙරක් පෙනීයන්
වෙහෙරක් නැති තැන වෙහෙරක් තැනීයන්
ඉන් එන පණිවිඩය නුවණට දැනීයන්
දුටු දුටු විට සිත් තුළ සිල් ගැනීයන්


වෙසක්, පොසොන් වැනි බෞද්ධ ගීත ලිවීම නිසාත් බෞද්ධාගම, බෞද්ධ භික්ෂුන් වහන්සේ නිර්භයව ඇගැයීම නිසාත් මූලධර්මවාදින්ගේ පටු ගර්හාවට ජයකොඩි පියතුමා ලක්වූ වාර අපමණය. එක් අවස්ථාවක උන්වහන්සේ වෙත ලිපියක් එවූ ධර්මෝන්මාදියකු ඉන් කියා සිටීයේ ලෝගුව ගලවා සිවුරක් පොරවා ගන්නා ලෙසය. උන්වහන්සේ එම මතවලට කදිම පිළිතුරක් දී ඇත. එය පාලිත සමරසිංහ සමඟ කළ ගුවන්විදුලි කතාබහේදී උන්වහන්සේ කියා ඇත්තේ මෙපරිදිය.
“ඉතින් මමත් ලියලා ඇරියා, මම ලෝගුවටත් ආදරෙයි, සිවුරටත් ආදරෙයි. මේ දෙකම ආගමික සංකේත පමණක් ය මට ඒකත් හොඳයි මේකත් හොඳයි. දැනට මේක ඇඳගෙන ඉන්නවා. අරකත් ඕනැ වුණොත් ඉස්සරහට ඒකත් අඳිනවා කියලා.” 


ජයකොඩි පියතුමාගේ සුවිශිෂ්ට බෞද්ධ නැඹුරුව මෙරට කතෝලික සභාවේද උදහසට ලක්වූ ආකාරයක් පෙනී යයි. එසේ සිතෙන්නේ උන්වහන්සේම කියා ඇති දෙයකිනි.
“රේඛාවේ ගීතවලට සම්මාන ලැබෙද්දි ඒක ගන්න යන්න වාහනය දුන්නේ නැහැ. ආවෙත් ගියෙත් ටැක්සියෙන්.”

කෙසේ වෙතත් ආගම යනු අන් කිසිවක් නොව ආදරයයි. එය උන්වහන්සේ කවියට නඟා අපූරුවට ප්‍රකාශ කළේ මෙලෙසිනි.
කොයි හංවඩුව ඇතිවුව ආගමැයි කියා
කොයි පණිවිඩය තිබිණි ද බයිබලේ ලියා
ආදරයයි ආගම යනු හිතේ තියා
මල් ගෙන පුදමි ඒ ආගම ලොවේ සොයා 


මේ උපුටා ගත් දේ වලින් එතුමාට පන්සලේ පියතුමා කිවුවේ මොකද කියලා හිතා ගන්න පුලුවන් නේ,ඒ එක්කම මෙතුමා මොන වගේ කෙනෙක්ද කියලත් හිතා ගන්න පුලුවන්,
  
සමස්ත ලංකා කවි සම්මේලනයේ සභාපති වශයෙන් පත් වුවායින් පසු කල කතාවේ කොටසක්
 "මා කතෝලික පූජකවරයෙක්.ඒක ප්‍රකට දෙයක්.මෙතැන සිටින එකම කතෝලිකයා මමයි.එහෙව් එකේ මෙතැන සිටින බෞද්ධයන් අතර-මේ විහාරස්ථානයේදී මා සභාපතිකමට සුදුසු වු හැටි විස්තර කරන්නට මම කැමතියි.මම කතෝලික පූජකවරයෙක් වුණත් මගේ ශාසනයට පුළුවන් මර්සලින් උඔ අද සිට පල්ලියෙන් ඉවත් කළා කියලා කියන්න.මේ මගේ ලෝගුව පල්ලියට ගන්න පුළුවන්.මේ මගේ කුරුසිය පල්ලියට ගන්න පුළුවන්.ඒත් මගේ එක් දෙයක් තියෙනවා.ඒක වෙන කාටවත්,පල්ලියටවත් ගන්න බැහැ,ඒක තමා මගේ සිංහලකම.මම හොඳ සිංහලයෙක්,මාව මෙතැනට සුදුසු වුණේ මගේ ඒ සිංහල කම නිසයි."

එතුමා පිලිපීනේ මැග්සෙයි සම්මානය ලබාගන්න ගිය වෙලේ එතන අවසන් පරීක්ශනේදී ඒ පරීක්ශන මණ්ඩලේ සාමාජිකයෙක් අහලා තියනවා ඔබතුමාගේ දීර්ග කාලීන සාහිත්‍ය සේවාවෙන් කොපමන ප්‍රමානයක් කතෝලිකයන් ලෙස හරව ගන්න පුලුවන් උනාද කියලා,එතුමා දීලා තියන පිලිතුර තමා
  ”මම කිසිම කෙනෙක් එහෙම මගේ ආගමට හරවා ගන්න උත්සාහ කරලා නැහැ. මා කළ එක ම කාර්යය තමා මට හමුවන සියලු දෙනාගේ ම හදවතේ තිබෙන පහන දැල්වීමට උත්සාහ කිරීම. ඒක මම මට පුළුවන් තරම් හොඳින් කළා. එපමණයි.”
 ඉදිරියේදී එතුමා ලංකාවේ සාහිත්‍ය වෙනුවෙන් කරපු සේවය ගැන පොඩි ලිපියක් ලියන්න හිතන් ඉන්නවා එහෙනම් එතුමා නත්තල වෙනුවෙන් ලියපු කවියකින් මේ ලිපිය අවසන් කරන්නයි යන්නේ

මගෙ නත්තල දුගියා බත් කන දාය
මගෙ නත්තල වැරහැලි නැති වන දාය
මගෙ නත්තල ඔබෙ දුක සැනසෙන දාය
මගෙ නත්තල මඬු පල්ලිය යන දාය

(උපුටා ගැනීම සිළුමිණ පුවත්පත සහ මල් පැලේ උපන් පන්සලේ පියතුමා පොත)





Sunday, December 30, 2012

දික්කසාදය රන්විමනක් කර ගත් ගෑණු

මුලින්ම කියන්නම් ඔන්න මේ පෝස්ට් එක බලන ගෑල්ළමෝ එහෙම මේවගේ කරන්න එපා ඔන්න. එක්කෝ සල්ලිකාරයන්ට කලත් අපි වගේ අසරණයන්ට නම් කරන්න එපා,එහෙනම් මුලින්ම කියන්නම් ඇයි මම මේ වගේ දෙයක් ලියන්න හිතුවේ කියලා.
පහු ගිය දිනක ඉතාලියේ පුවත් වල අපූරු පුවතක් ගියා ඒකත් ඉතින් අර ගෑණු හින්දම විහින් නැහෙන හිටපු අගමැති බෙරලුස්කෝනියා ගැනම තමා,බෙරාට මේ සැරේ උනේ දෙවෙනි ගෑණිගේ දික්කසාද නඩත්තු කේස් එක. මේ බෙරාගේ නිවුස් එකත් එක්ක ලෝකේ සල්ලිකාරයෝ දික්කසාද කරපු ගැණුන්ට ගෙවන නඩත්තු ලිස්ට් එකකුත් දාලා තිබුනා ඒක දැකපු මට කලන්තයක් වගේ ආපු නිසා බ්ලොග් එකට දාලා උබලවත් කලන්තේ හදවන්න හිතුනා.එහෙනම් අපි යමු ලිස්ට් එක බලන්න

1.හිටපු ඉතාලි අගමැති සිලිවියෝ බෙරලුස්කෝනි සහ දෙවෙනි දික්කසාද බිරිය වෙරෝනිකා ලාරියෝ.
 වෙරෝනිකාගේ නඩත්තුවට බෙරා දිනකට ගෙවන ගාන යූරෝ 100000 කි. (මෙච්චර ගානක් මොනා නඩත්තු කරන්න වැය වෙනවද මන්දා)


2 .ලෝක ධනවතුන්ගේ ලිස්ට් එකේ මුල් පෙලේ ඉන්නා රූබර්ට් මර්ඩොක් සහ දෙවනි දික්කසාද බිරිය වෙන්ඩි ඩෙන්ග්.
වෙන්ඩිගේ නඩත්තුවට රූබර්ට් නාකියට ගෙවන්න සිදු උනාලු  ඩොලර් 1700000000
 3. පෝමියුලා  ධාවන තරග අධ්යක්ශක සහ ලෝක ධනවතුන්ගේ ලිස්ට් එකේ ඉන්න බර්නි එක්ලෙස්ටෝන් සහ ස්ලාවිකා එක්ලෙස්ටෝන්
බර්නිට ගෙවන්න උනාලු ඩොලර් 1200000000 මුදලක්,,අපෝ මේ යකාට මේ ගැණිගේ උසටද කොහෙද මේ තරම් මුදලක් ගෙවලා තියෙන්නේ.

4. අංක 1 ගොල්ප් ක්‍රීඩක ටයිගර් වූඩ්ස් සහ එලින් නෝර්ඩග්‍රේන්, ගොල්ප් ගහලා ලෝක ධනවතුන්ගේ ලිස්ට් එකට ගිය ටයිගර්ට දික්කසාදයෙන් එලින්ට ගෙවන්න උනාලු ඩොලර් 750000000 මුදලක්, හයියෝ සල්ලි


5. ලෝක ප්‍රසිද්ධ සිනමා අධ්යක්ශක ස්ටීවන් ස්පීල්බර්ග් සහ ඇමී ලිරින්ග් ගේ දික්කසාදෙන් ස්පීල්බර්ග්ට ගෙවන්න උනාලු ගැණිගේ නඩත්තුවට ඩොලර් 100000000 මුදලක් අයියෝ ජුරාසික් පාර්ක් සල්ලි


6.සිනමා නලු හැරිසන් පෝර්ඩ් සහ අයියෝ පොරට ගැණු 2ක්ට ගෙවන්න වෙලා දැනට 3 ගැණි එක්ක නම් ඉන්නවලු.
  පළමු බිරිය මේරි මාර්ක්වර්ඩ් ට ගෙවන්න උනාලු ඩොලර් 95000000
දෙවෙනි බිරිය මෙලිස්සා මැතිශන් ට ගෙවන්න උනාලු 85000000,ශා පොඩි ඉතුරුවක් හිටලා දෙවෙනි පාර
7. ලෝක ප්‍රසිද්ධ ඉතාලි ඔපෙරා ගායක ලුසියානෝ පවරොත්ති සහ පළමු බිරිය අදුවා වෙරෝනි
 පොරත් විවාහ 2ක් ගිරිය පැලෙනකන්  කෑ ගහලා පොරටත් සැහෙන්න ගෙවන්න වෙලා දික්කසාදෙට, පස්සේ ඉතින් තරුන කෙල්ලෙක් එක්ක විවාහ වෙලා ඒකට වෙන්න ඇති අච්චර ගෙවුවේ. පොර ගෙවලා පවුම් මිලියන 80ක්.






8.අපේ ගමේ ගඩොල් පෝරණු රැකියාව කරන උපාලි දික්කසාදෙන් එයාගේ පවුලට රුපියල් 2000 ගෙවනවා,,අනේ උන් දෙන්නා කාගෙද කීමකට රෑවටිලා දික්කසාදෙට ගිහින් දෙන්නා රෑට අඩියක් ගහලා ගහ මරා ගත්තට හොදට හිටි ජෝඩුව.

තව ලිස්ට් එකක් තිබුනා මේ හොදටම ඈති මෙන්න මෙහෙම තමා ලෝකේ ඉන්න සල්ලි කාරයන්ගේ ජීවිත ගෙවෙන්නේ,,සල්ලි නෑති අපේ ජීවිත මොන තරම් සුන්දරද?