Pages

Sunday, October 26, 2014

Made In Sri Lanka කොහෙද දැන්

   2002 මම මුලින්ම ඉතාලියට පය තබාපු වසර,,මාසයක් පමන මම ඉතාලියෙ ‍රැදී උන්නා,මේ මාසෙදී මම කීප වතාවක්ම ඇදුම් කඩවල ඇවිද්දා, ඇදුම් මිලදී ගන්න, ඒ කාලෙදී මම මේ කඩවල දැක්ක විශේෂ දෙයක් තමා මේඩ් ඉන් ශ්‍රී ලංකා නාමය දැරූ ඇදුම් පැලදුම්. රෙදි පිළි කඩ 10කට ගියොත් මේ කඩ අඩුම 6කවත් මට මේඩ් ඉන් ශ්‍රී ලංකා ලාංජනය දැක ගන්න පුලුවන් උනා.මේ 2014 අවුරුදු 12කට පස්සෙ ඒ මම දැකපු මේඩ් ඉන් ශ්‍රී ලංකා ලාංජනය විසි වෙලා එතෙන්ට මේඩ් ඉන් බංග්ලාදේශ්,මේඩ් ඉන් වියට්නාම් නම් ආදේශ වෙලා. අපේ නාමයට මොනා වෙලාද කියලා දන්නෙ නෑ.පහු ගිය කාලේ මම අපේ නාමය දැක්කේ එකම කඩේක ඒ මොකද්ද වාසනාවකට තාමත් අපේ රටෙන් තමන්ගේ ඇගලුම් කර්මාන්ත ශාලා ජාලය ගලවාගෙන වෙනත් රටකට අරන් ගියේ නැති calzadonia වෙලද නාමය යටතේ ලෝකෙ පුරා රටවල විකිනෙන කාන්තා පිරිමි යට ඇදුම්. ඇත්තටම මට වැටහෙන විදිහට අද අපේ රටෙන් යුරෝපයට අපනයනය වෙන ඇගලුම් ප්‍රමානය ඉතා පහල අඩියකට බැහැලා වගේ.කොහෙද වරද කියලා මට තේරෙන්නෙ නෑ.
   දැන් මම යන්නේ යුරෝපය තුල ජීවත් වෙන ලාංකිකයින් වෙතට.ඇත්තටම අද අපි මොන රටකට ගියත් අපි කෑම බීම ගන්නෙ අපේ ක්‍රමේට,,අපි ඒ රටේ තියන කෑම බීම ගන්නෙ ඉතා අඩුවෙන්.මේ අපේ කෑම බීම අපේ රටවලින් යුරෝපයට අපනයනය වෙන්න පටන් ගත්තෙ 2000 වසරෙන් පස්සෙ වගේ,,ඒකට ලාංකිකකයන් යුරෝපය බලා සංක්‍රමනය වීම වැඩි වීමත් යුරෝපා සංගමය යූරෝ මුදල් ඒකකයට මාරු වෙලා ආනයන නීති ලිහිල් වීමත් නොයෙක් බදු සහන අපේ රට වලට හිමි වීමත් බලපෑවා. ඉතින් මේ මුල් කාලවල අපේ රටේ තියන සෑම කෑම බීමක්ම මේ රටවල ආවා අමුවෙන්,ටින් ආහාර විදිහට,ශීතකල ආහාර විදිහට වගේ නොයෙක් ක්‍රම වලින්,මේ කෑම නිශ්පාදනයට ටින් කිරීමට වගේ දේට අපේ රටේ අලුතෙන් කර්මාන්ත ශාලා බිහි උනා නොයෙක් වෙළද නාමයන් යටතේ. ඒත් මේ මෑත කාලෙක ඉදන් අපෙන් ආපු නිශ්පාදන අඩු වෙලා ඒ නිශ්පාදන වලටම අපේ සිංහල අකුරු නැති වෙලා වෙනත් භාශා ඇවිල්ලා, එතනත් මේඩ් ඉන් ශ්‍රී ලංකා නාමය හැලිලා මේඩ් ඉන් තායිලන්ඩ්,මේඩ් ඉන් ඉන්දියා,මේඩ් ඉන් බංග්ලාදේශ්,මේඩ් ඉන් පිලිප්පීන් වගේ නම් ඇවිල්ලා,අනෙක් වෙනස තමා තාමත් ඉතුරු උනු අපේ සමහර නිශ්පාදන වල මිල අර රට වලින් එන නිශ්පාදන වලට වඩා මිල වැඩි වීම,තායිලන්ත පොලොස් ටින් එක අපේ පොලොස් ටින් එක ලගින්වත් යන්නෙ නෑ,,රස අතින් ගත්තත් අපි ඉදිරියෙන්,ඒත් අපි පොලොස් ටින් එකේ මිල අතින් ඉදිරියට ගිහින්,,අර රාක්ක වල අපේ පොලොස් ටින් ඉතුරු වෙනවා කියලා අපේ රටවලට අදාල ආහාර කඩ කරන අපේම කඩ හිමියෝ කියන්නෙ. කොටින්ම අපේ රටින් ආපු හාල් අද එන්නෙම නැති තරම්,,එතෙන්ට බංග්ලාදේශ්,ඉන්දියන් හාල් ආදේශ වෙලා.මට දැන ගන්න ලැබුනු විදිහට මේ මිල වැඩි වීමට එකම හේතුව අපේ රටෙන් මේ ආහාර අපනයනයට අය කරන බදු මුදල අනෙක් රටවලට වඩා ඉතා ඉහල අගයක් ගැනීම.

සිලෝන් ටී දැන් කොහෙද,අද සිලෝන් ටී ඉතාලි සුපර් මාකට් වල නැත්තටම නැති වෙලා,,ඒකට අප්‍රිකානු රටවල තේ ඒ හිඩස පුරෝනවා,,කාලයක් ලිප්ටන් නාමය යටතේ තිබුනු අපේ බිමේ වැවුනු තේ අද කෙන්යානු බිමේ වැවෙන තේ ඒ ඉඩ අරගෙන.තේ වෙලදාමත් අඩියෙමද කොහෙද,
     ඉන්දියන් සාගරෙයේ ටූනා මාළුවා හෙවත් කෙලවල්ලා ඉතාලි රෙස්‍ටුවරන්ට් වල ඉහලම තැනක් අරගෙන තිබුනේ,,මේඩ් ඉන් ශ්‍රී ලංකා නාමය යටතේ 2008 මා ‍රැකියාව කරපු රෙස්‍ටුවරන්ට් එකක සතියකට කිලෝ 50 ආවා, අපේ කෙලවල්ලට ඒ තරම් ඉහල ස්තානයක් යුරෝපා කෑම මේසෙ තියෙන්නේ,ඔයාලා පහු ගිය ටිකේ අහන්න ඇති යුරෝපයට දෙවනියට මාලු සපයන්නා වෙච්චි අපිට යුරෝපා සංගමෙන් රතු ලයිට් දාපු එක,ඒ කියන්නේ තව මාස 3න් අපි යුරෝපා සංගම් නීති වලට පිටින් මාළු සම්බන්ධ දේ කලොත් එයාලා අපෙන් මාළු ගැනීම නවත්තනවා,ඊට පස්සෙ මේඩ් ඉන් ශ්‍රී ලංකා කෙලවල්ලට අබ සරනයි...
අපේ රටවල කාලකන්නි දේශපාලකයන්ගේ ඉහල නිලධාරීන්ගේ බූරු තීරන,මුදල් ගසා කෑමේ යටි කූට්‍ටු වැඩ,තුප්පහි අපනයන කරුවන්ගේ ජරා වැඩ නිසා,,අපේ රට වලට සිදු වන මේ හානිය ඉතා අධිකයි.තව කාලයක් මෙහෙම ගියොත් යුරෝපයට සිදු වන මේඩ් ඉන් ශ්‍රී ලංකා අපනයන සදහටම නැතුව යාවි.ශ්‍රී ලංකා ආර්ථිකයට සිදු වන මේ හානිය කොච්චරක්ද කියලා මේ රට කන දේශපාලුවන්ට කවදා වැටහේවිද කියලා කවුද දන්නෙ...

18 comments:

  1. හරිම කණගා‍ටුදායකයි ඩිලාන් මේ කතාව අහන්න. අපි ඉන්න මෝල්ඩිව්ස් වලත් ලංකාවෙන් ගේන බිස්කට් ජෑම් කොයිදේත් අනිත් රටවලින් ගේන බඩුත් එක්ක බැලුවම මිල වැඩියි. නමුත් තාම ලංකාවේ තේ වලට නම් දැන තියෙනවා.

    මේක මෙච්චර පොඩි රටක් වෙලත් ධීවර යත්‍රා හැම එකකම GPS තියෙනවා. Coast Guard Service එකත් හොඳින් ක්‍රියාත්මක වෙනවා. අනතුරු අහන්න ලැබෙන්නේ හරිම අඩුවෙන්. අපේ රටේ ඔය GPS නැති එකත් ඩිලාන් කිව්ව නීති ප්‍රශ්ණෙට බලපානවා මම හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. තේ හරි ඔහෙ ඉතුරු වෙලා නම් ලොකු දෙයක් අයියේ,,,මම මාලු ගැන තව පෝස්ට් එකක් ලියනවා ඔය ගැන

      Delete
  2. මේ බලධාරීන්ගේ අවධානය පිණිසයි !

    ReplyDelete
    Replies
    1. How much commission they can get?

      Delete
    2. බලධාරීන් නිදි,,ඇනෝ ඒවා අපිට දැන ගන්න ඕනා දෙයක් නෙමේ

      Delete
  3. බිහිරි අලින්ට වීණා වයා...වදිනිනගිය දේවාලේ බලෙං ඔළුව උඩට කඩං වට්ටවා ගැනීම...
    ඕ යේ

    ReplyDelete
    Replies
    1. බලනෙ ඔලුවට වට්ටගෙන ඉවරයි මහේශ්

      Delete
  4. නවම් මාවතේ අපනයන සංවර්ධන මණ්ඩලයේ ශ්‍රවණාගාරයේ හැම මතක හැටියට බ්‍රහස්පතින්දාවකම වාගේ අපනයන කරුවන් ගේ ගැටළු නිරාකරණය කිරීමට විසාල රැස්වීමක් පැවැත්වෙනව. මේ සතියේ කාරණා /ඉදිරිපත් කරන ප්‍රස්න කෙටුම්පත් කරල ඊලඟ රැස්වීමට අදාල රාජ්‍ය නිලධාරීන් ගෙන්වල මූණට මූණ තියල පිළිතුරු විමසනව. පිලිවෙලකට යමක් වුණා කලින්නම් . අපනයන කරුවන් පිළිවෙලකට ඒකරාශී වුණොත් තදබල පීඩනයක් එල්ල කරන්න හැකි පරණ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ කඳවුරු බැඳගෙන ඉන්න නිලධාරීන්ට. අපනයනකරුවන් අපේ වාසිය ලෝක තත්වය තුල දනගතයුතුමයි. නොදන්නවා වෙන්නත් බැහැ. හැබැයි මේ ඩිලාන් කියන කථාව ලේසියෙන් අමතක කරන්න හැකි එකකුත් නෙමේ. වියට්නාමයේ නිශ්පාදන රටෙන් එළියට එන්නේ ඇමෙරිකානු හා යුරෝපීය සමාගම් හරහා. ප්‍රසිද්ද IKEA සමාගම විශාල වශයෙන් වියට්නාම් නිශ්පාදන මිලට ගන්නව. අපේ රටේ බහුජාතික සමාගම් වලට මිනිස්සු කොහොමත් කැමති නෑ. පොඩි කේස් එකක් ගියත් ගහ මරාගන්න තැනටම එනව. අර සමාගම් වල දැවැන්ත අලෙවිකරණ ජාල එක්ක ඇති සබඳතා වල වාසිය අපේ රටට නොලැබෙන්න එක හේතුවක් ඒකය කියා හිතනව. වියට්නාමයේ, බංග්ලාදේශයේ ශ්‍රමය ඉතා ලාබයි. සේවක තත්වයන්/ සැලකීම් ඉතාම දුක් සහගතයි. අපේ මිනිස්සු එහෙම වැඩ කරන්න කැමති නෑ. වෘත්තීය අයිතිවාසිකම් දිනාගැනීම ගැන අපට තියෙන්නේ ජයග්‍රහන ගොඩක් තියන අතීතයක්. හැබැයි එනිසාම බාහිර ව්‍යවසාකයින් අපේ රටට එන්න මැලිවෙනව. නිශ්පාදන වියදම ඉහල යනව.හැම එකක්ම එකටෙක බැඳිල නේද ඩිලාන්? අවුලයි විසඳුමයි සමස්ත ලෙසම අරන් විසඳන්න වෙනව.

    ReplyDelete
    Replies
    1. නිවැරදි දැක්මක්. අපනයනට සම්බන්ධ නිශ්පාදන ආයතනයක (ඇඟළුම් ) සේවය කරන අයකු වශයෙන් වසර ගණනාවක වෙනස්වීම් දැක ඇති මා හටත් කිව හැකිව ඇත්තේ මෙම කාරණාමය. දැනට මෙම කර්මාන්තවල සේවය කරන සේවක සේවිකාවන්ට ඇති පහසුකම් හා වෘත්තීමය තත්වය අවට රටවල් කිසිවකත් නැති තරම්. රට යම් මට්ටමකින් දියුණු වන්නට පෙරම සේවකයින්ට වැඩි වරප්‍රසාද ලැබීමේ තත්වය මතත් නිශ්පාදන වියදම සෑහෙන්න ඉහළ ගිහින් තිබෙනවා. මෙය අපනයන කර්මාන්තයට මරු පහරක් වූවත් සේවක සුභසාධනය පැත්තෙන් සතුටු විය හැකි තත්වයක්.මේ තත්වයට දුක් වෙනවද සතුටු වෙනවද කියලා හිතාගන්නත් අමාරුයි. රටේ මිනිස්සුන්ගේ ජීවන තත්වය වඩාත් යහපත් තැනක තියාගෙන අපනයන කර්මාන්ත රැක ගැනීම කියන්නේ දැළි පිහියෙන් කිරිකනවටත් වඩා අසීරු දෙයක්. රජයට පමණක්ම දොස් කියන්නත් අමාරුයි.

      Delete
    2. තිස්ස අයියටත් ඇනෝටත් ගොඩක් ස්තූතී අලුත් අදහස් සහ තොරතුරු සැපයුවට...මම පොඩි කතාවක් කියන්නම්,,මගේ යාලුවෙක් කටුනායක ගාමන්ට් එකක විදුලි කාර්මිකයෙක් විදිහට වැඩ කලා,,කොරියන් කම්පැනියක්.ඔය පැක්ටරිය ගලවගෙන බංගලදේසෙට ගියා,,,හැබැයි කැමති අයට එන්න කිවුවා බංගලිදේසෙට යන්න,,මගෙ යාලුවත් ගියා,ලංකාවෙ ගත්තට වඩා ඉහල පඩියකුත් නවාතැන් කෑම බීම,මාස 3ට පාරක් ගෙදර එන්න ටිකට් එක...සෑහෙන සේවකයෝ පිරිසක් ගියා කිවුවා මගෙ යාලුවත් එක්ක..

      Delete
  5. ශ්‍රීලංකා අපනයනය සදහටම නැතුව යාවි .. එක තව වැඩි ඈතක නෙවෙයි

    ReplyDelete
    Replies
    1. දැනටමත් අවසන් හරියද කොහෙද

      Delete
  6. ලංකාවෙ කාලකන්නි දේශපාලනය තමයි හැම ප්‍රශ්නයකම අග තියෙන්නෙ. මේ කාලකන්නි හැතිකරේ මේ දරණ බලතල වලින් පන්නලා සුදුස්සන් ඒ තනතුරු වලට පත්කරගන්නට අපට හැකි උනොත් විතරයි රටක් විදියට අපි අනාගතයේ හෝ නැවත ට්‍රැක් එකට වැටෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒක සිහිනයක්ම වේවිද සිරා

      Delete
  7. OBATA BEHEWIN Sthuthi Megena liwwata.Oyage kathawa aeththa,Germanyeth.Tin kala polkiri pawa thailand,ewagema thai nudlls,curry wivida rasa walin.Thai walin den Rolls,samosa pawa enawa,ewagema Den,den Indiawalin Parata,nan,Thndoori, Saha curry jathi (Pecket/Tin)wage thawa godak jathi Mehetsuper market wala den thiyenawa,Ewagemai Mehe. Thailand/Indiya/Vietnam/kampuchea,Ratawalata sapekshawa SANCHARAKA Prawardanayak Nathitharam. THawa bohodethiyenawa,(Ranjan-Düsseldorf)

    ReplyDelete
    Replies
    1. සුප්‍රසිද්ද සුපර්මාකට් වලට ආසියානු කෑම දැන් එනවා අඩු මිලට,,මොනා කරන්නද ඔය කෑම වලට වඩා අපේ කෑම කොහොමත් රසයි,,,ඒත් අවාසනාවකට අපිට කන්න වෙලා තියෙන්නේ තායි,චීන,පිලිප්පීන් කෑම

      Delete
    2. මම කියන්න ගියේ Lidl supermaker

      Delete
  8. Deyyange pihiten machan mehenam ganan wedi unath, karapincha kole indala onima labbak thiye. Lol..

    ReplyDelete