මේ දවස් වල අපේ ප්‍රධාන හතුරා ඉන්දියාව,කොටින්ම කියනවා නම් පේස්බුකියේ අපේ අය ගහනවා ගැහිල්ලක් ඉන්දියාවට ලොවෙත් නැතිවෙන්න... ඉන්දියාව මේ දවස් වල අපිට විතරක් නෙමේ චන්ඩිකම් පෙන්නන්නේ, ඉන්දියාව ඒ පාර ඉතාලියටත් ගහනවා ගැහිල්ලක් ඇඩෙන්නම.අපි නම් ඉන්දියාවට කරුණානිධිට,ජයලලිතට පුලුවන් විදිහට සිංහලෙන් පේස්බුකියෙන් හරි බනිනවා ඒ උනාට ඉතාලිය අයියෝ පුදුම දුකක් විදින්නේ මේ ඉන්දියාවේ චන්ඩිකම් ඉස්සරහා.මොකද්ද මේ ඉන්දියා ඉතාලි හුටපටේ?
ඉතාලි සමාගමකට අයත් තෙල් නැවක් සිංගප්පූරුවේ ඉදලා ඊජිප්තුවට ගමන් කරනවා, මේ තමා සෝමාලියා මුහුදු කොල්ලකාරයෝ ඉන්දියන් සාගරයේ උපරිම වැඩ දාපු කාලේ මාලු අල්ලන්න යන ට්‍රෝලර් පවා පැහැරගෙන නිදහස් කරන්න වන්දි ඉල්ලනවා,මේකට නැව් සමාගම් කලේ තමන්ගේ නැව් වලට තමන්ගේ රටේ නාවික භටයෝ හරි කුලියට ආරක්ශක භටයෝ හරි නැවේ ආරක්ශාවට නැවේ සේවයට එක් කර ගැනීම. ඉතින් මේ ක්‍රමේට එන්රිකා ලෙක්ශිකා නම් උනු මේ තෙල් නැවට ඉතාලි නාවික භටයන් 6ක් ආරක්ශාවට යනවා,
2012 පෙබරවාරි 15 මේ නැව අරාබි මුහුදේ ගමන් කරන්නේ මේ නැවට ලංවෙනවා ඉන්දියාවේ කේරලයෙන් පිටත් උනු මාලු අල්ලන ට්‍රෝලරයක්,දැන් තමා සිද්ධිය මේ ට්‍රෝලරයට මුහුදු කොල්ල කරුවන් කියලා රැවටුනු මේ වෙලේ නැවේ ආරක්ශාවට උන්නු නාවික භටයෝ දෙන්නා නැවට ලං නොවෙන්න එපා කියලා අනතුරු අගවනවා,,ඒත් මේක අහපු නැති ට්රෝරලය තවත් නැවට ලං උනා,නාවික භටයෝ දෙන්නා මොකෝ කලේ ට්රෝලයට වෙඩි තිබ්බා,නැව යන්න ගියා,,
ඒ වෙනකොට ට්‍රෝලරයේ උන්නු කේරල ධීවරයෝ දෙන්නෙක් මිය ගිහින්, මේ තොරතුර කේරලයට ගිය ගමන් ඉන්දියානු නාවික හමුදාවෙන් තෙල් නැව පසු පස එලවගෙන ගිහින් නැව අත් අඩංගුවට අර ගෙන කේරළයේ කෝචින් වරායට ගේනවා, අර නාවික භටයෝ දෙන්නා ඉන්දියාව සිරභාරයට ගන්නවා නැවත් කෝචින් වරායේ නවත්ත ගන්නවා.
දැන් නඩු පටන් අරගෙන නඩුව යනවා නාවික භටයෝ දෙන්නට එරෙහිව, නඩු වාර කීපෙකට පස්සේ 2012 නත්තලත් ලං වෙනවා, ඉතාලි රජයෙන් ඉල්ලීමක් කරනවා තමන්ගේ නාවික භටයෝ දෙන්නට නත්තලට ඉතාලියට එන්න ඉඩ දෙන්න කියලා, නැවත භටයෝ දෙන්නව ඉන්දියාවට එවන පොරොන්දුව පිට ඉන්දියානු අධිකරනය මේ දෙන්නව ඉතාලියට එවනවා,නැවතත් නත්තල නිම වෙලා ඉතාලිය දෙන්නව ආයෙත් ඉන්දියාවට යවනවා,
ආයෙත් ඉතාලි මහ මැතිවරණය වෙලාවෙ ඉතාලිය නැවත ඉල්ලීමක් කරනවා චන්දයට දෙන්නව ආයෙත් එවන්න කියලා, මේ වතාවෙත් ඉන්දියාව දෙන්නව ඉතාලියට එවනවා, මේ වතාවේ ඉතාලිය පොඩි සෙල්ලමක් දාලා බලනවා අපි නාවිකයෝ දෙන්නව ආයේ එවන්නේ නෑ අපේ රටේ නීතිය අනූව දෙන්නව අධිකරනයට ඉදිරිපත් කරනවා කියලා,
ඔන්න ඉන්දියාව චන්ඩිපාට් එක දානවා ඉතාලියට ඇඩෙන්නම,ඉන්දියාවේ ඉතාලි තානාපතිට ඉන්දියාවේ කිසිම ගුවන් තොටුපලකින් රටින් පිටවීම තහනම් කරනවා, නැවත නාවිකයෝ දෙන්නව ඉන්දියාවට භාර දෙනතුරු,මේ වෙලාවේ ප්රශ්නය සෑහෙන දුර දිග යනවා, ප්රශ්නය රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්නයක් බවට පත් වෙනවා,එහෙන් කේරළේ මහ ඇමති කෑ ගහනවා, ඉතාලියෙන් තව කෙනෙක් කෑ ගහනවා,,කේරළයේ නාවිකයෝ දෙන්නගේ පබයෝ පුච්චනවා.
ඉතාලියේ නිශ්පාදන ඉන්දියාවෙත් ඉන්දියාවේ නිශ්පාදන ඉතාලියෙත් වෙළදාම ඉතා ඉහලව තියනවා,,මේ අවස්ථාවේ මේ වෙළදාමටත් මේ ප්රශ්නය ඇදීගෙන එන්න අරගන්නවා,ඉන්දියාව ඉතාලියට සෑහෙන ලොකු බලපැමක් කරනවා හැම අතින්ම,අවසානෙදී නාවිකයෝ දෙන්නව ඉන්දියාවට නැවත භාර දෙන්න ඉතාලිය තීරනය කරනවා.
අවසානෙදී ඉතාලි රාජ්්ය ලේකම් සමග නාවිකයෝ දෙන්නා නැවත ඉන්දියාවට යනවා, මේ ප්‍රශ්නෙදී ඇත්තටම මේ ඉන්දියාවේ බලපෑම මුලු යුරෝපා සංගමේටම වැදුනා,,මොකද යුරෝපා සංගමය ඉල්ලීමක් කලා ඉතාලි තානාපතිව මේ ප්‍රශ්නෙදී නිදහස් කරන්න කියලා,,ඒත් ඒක ඉන්දියාව සතේකට ගනන් ගන්නෙ නෑ,මේ වෙනකොට මේ ප්රශ්නය නිසා ඉතාලි විදේශ ඇමති ඉල්ලා අස් වෙලා, ආරක්ශක ලේකම් ප්‍රසිද්ධියේ නාවිකයන්ගෙන් සමාව ඉල්ලනවා ප්රශ්නය තාම නිරාකරනය කරන්න බැරි උනාට.ඉතාලි භටයෝ වෙඩි තිබ්බේ ජාත්‍යන්තර මුහුදේ කියලා නැවේ කට්ටිය කියනවා ඉන්දියාව කියනවා ඒ හරිය අයිති ඉන්දියාවට ඒ නිසා ඉන්දියානු නීතියට අනූව මේ දේ සිදු වෙන්නේ කියලා.ප්රශ්නය කොහෙන් කෙලවර වේවිද කියලා අද ඉතාලිය බය වෙලා හොදටම.
ඉතාලිය දන්නේ නෑ ඉන්දියාව එක්ක හැප්පෙන හැටි...ඒක ඉගෙන ගන්න ඕනා ලංකාවෙන්..
ඉන්දියානු සාගරයේ සෝමාලි කොල්ල කරුවන්ගේ බලපෑම
ටොම් පචයා
1 day ago