Pages

Sunday, January 15, 2012

ජාතියෙන් මාරු උනු අපේ ළමයි...


ඔන්න මේ අවූරුද්දට ලියන පලවෙනි ලිපිය ලියන්නයි යන්නේ, මේක කතාවකට වඩා මම දැකපු අහපු දේවල් එක්ක මට හිතෙන දේ තමා මෙකේ ලියන්න හිතුවේ,කෙලින්ම මාතෘකාවට එන්නම්, මම ලියන්න යන්නේ මේ රටවල දෙමවුපියන් එක්ක ඇති දැඩි වෙන අපේ රටේ දරුවෝ ගැන,ඒ කියන්නේ හදාගන්න ගෙනාපු ළමයි,ඉතාලියෙට වඩා වැඩි පුර එහෙම ළමයිව මම ස්විඩනයේදි දැක්කා,ඉතාලියෙත් නැතුව නෙමේ,සාපේක්ශව මෙහෙ වැඩී,
හැබැයි ඉතින් ගොඩක් අය අපේ ළමයිව මෙහෙම පිටරටවලට දෙන එකට නම් කැමති නෑ,මේ ලගදිත් මම ලංකාවේ පත්තරේක දැක්කා මොකද්ද නීතියක් ගෙනල්ලා,,ඒ එක්කම තදටම ළමා නිවාස ප්‍රශ්නයකුත් ගියා,අපේ බ්ලොග්කරුවොත් ඔය ගැන නොයෙක් නොයෙක් කතා කිවුවා, බහුතරය කැමති නෑ කොහොමත්, ඒත් ඉතින් මේ ළමයි ගොඩක්ම ළමා නිවාස වල හිටිය අය නැත්නම් කාගෙන් හරි අනාථ උනු මවකගේ දරුවෙක්,සිංහලෙන්ම කිවුවොත් අවජාතක දරුවෙක්, ඇත්තම කිවුවොත් මම නම් කැමති මේ වගේ දරුවන්ව හදාගන්න මෙහෙම දෙන එකට,මොන රටක හරි ඒ ළමයිට දෙමවුපියෙක් ලැබෙනවා නම් එයාලට හොද ආරක්ශාවක් ලැබෙනවා නම් එච්චරයි නේ වෙන්න ඕනා.
ඒත් අපේ මිනිස්සු මේකට ගොඩක්ම කැමති නැත්තේ ඇයි කියන්න මට තේරෙන්නේ නෑ,සමහර අය කියන්නේ ආ ඒ ළමයිව ගෙනියන්නේ ශරීර අවයව ගන්න,ඕනා බූරුවෙක්ට තේරෙනවා ඒ වැඩේ ලේසියකින් කරන්න පුලුවන් දෙයක් නෙමේ කියලා, අනික මම පුද්ගලිකවම දන්නවා මේ ළමයිව ලේසියකින් එහෙම හදාගන්න ඕනා කිවුවට එහෙම ගේන්න බෑ කියලා,ඒකට මේ රටවලින් අවසරේ ගන්න ඕනා මුලින්ම,ඒකත් පොඩි දෙයක් නෙමේ,පස්සේ ලංකාවෙන් ළමයෙක් හම්බුනාට හොරෙන් ගේන්න බෑ කොහොමත් උසාවි මාරගයෙන් ඒක වෙන්නේ,දින කීඉපයක්ම උසාවි වල රස්තියාදු වෙන්න ඕනා, ඒකෙන් පේන්නේ මේ රටවලින් එහෙම ළමයෙක් ගන්න යන්නේ දරුවෙක් ඕනා හින්දමයි කියලා.
ඔය ළමා නිවාස වලට අලුත් නමක් ආවා මේ ළගදි උනු ප්‍රශ්නෙත් එක්කලා ඒක තමා බේබි පාම්,ඒක නිකන් හරියට අර බ්‍රොයිලර් කුකුල්ලු ඇති කරනවා වගේ දෙයක් ඒකෙන් අපේ රටේ මිනිස්සු ඇගෙව්වේ, ළමයි ඇති කරලා රට පටවන්න කියලා,ඕකෙන් ඇත්තටම පොඩියට ආගම් ප්‍රශ්නයක් එලියට දැම්මේ,ඇත්තටම එතනින් උනේ අනාථ උනු අම්මලාව බබාලා හම්බෙනකන් එතන තියන් ඉදලා එයාලට ‍රැකවරනය දුන්නු එක,තාත්තෙක් නැති දරුවෙක් එක්ක ඒ අම්මලාට කීයකටවත් අපේ සමාජේ ජීවත් වෙන්න බෑ, තාත්තෙක් නැති දරුවෙක් ආවේ ඇයි කියන එක වෙනම ප්‍රශ්නයක්, මේ වෙද්දි ළමා නිවාස වල තදබදය ගොඩක් තියනවා,මොකද මම ළමා නිවාස කීපයකටම ගිහින් ඒක ඇස් දෙකෙන් දැක්ක නිසා,ඒක ඇත්තටම ලොකු ප්‍රශ්නයක් අපේ රටේ තියන,මිනිස්සු වැඩිය කතානොකරන ප්‍රශ්නයක්,
සමහරවිට ඒ අම්මලා හිතකින් නෙමේ නේ එහෙම ළමයිව ළමා නිවාසෙකට දෙන්නේ,නැත්නම් එහෙම ලංකාවේ හෝ පිටරටක කෙනෙක්ට හදාගන්න දෙන්නේ, අපේ සමාජේ එහෙම දරුවෙක්ව හදාගන්න බැ කීයකටවත්,නින්දා අපහස ගැන කියන්න දෙයක් නැ නේ,ඒ වගේම ලංකාවේ කවුරුහරි එහෙම දරුවෙක්ව හදා ගත්තත් ඒ ළමයට හරි වෙලාවක් බලල කියන්න බලන් ඉන්නේ උබ හදාගන්න ගත්ත එකෙක්,ඔය ඉන්නේ උබේ අම්මයි තාත්තයි නෙමේ කියලා, ඒ ළමයව කොච්චර හොදට හදාගත්තත් මිනිස්සු බලන්නේ ඒ ළමයට අවජාතකයා කියන නම දෙන්නමයි. අපි උනත් ස්කෝලේ එහෙම ළමයෙක් හිටියත් මූනටම නැති උනාට හොරෙන් වෙන එකෙක්ට හරි කියනවා අරූ බන් හදාගන්න ගත්ත එකෙක් කියලා මට ආරංචි උනා කියලා. ඒකයි අපේ රටේ හැටි.
මේ ළගදී මම අපූරු දෙයක් දැක්කා,එහෙම හදගන්න ගෙනාපු ආබාධිත ගැණු ළමයෙක්.දැන් නම් අවුරුදු 30ක් විතර ඇවිදින්න බැරි කෙනෙක් අත දරුවෙක් විදිහට එයාව ගෙනල්ලා තියෙන්නේ,ලංකාවේ මිනිස්සු එක්ක ආශ්‍රය කරන්න කැමති කියලා එයා එනවා අදුනගන්න, එතන විශේසත්වය ඒ දෙමව්පියෝ මේ දරුවට ඇවිදින්න බැරි බව දැනගෙනමයි ලංකාවෙන් ගෙනල්ල තියෙන්නේ,ඇත්තටම මොන තරම් ලොකු පිනක්ද ඒක,,සමහරවිට ඒ ළමයා මොනතරම් දුක් විදීද ලංකාවේ හිටියා නම ආබාධිතයෙක් විදිහට,ළමා නිවාසෙක ඉදලා තියෙන්නේ,අද එයාටම වෙන් උනු සේවකයෙක් ඉන්නවා,හොදට ඉගෙනගෙන තියනවා, ‍රැකියාවක් කරනවා එහෙම ඉදගෙනත්.
ඔහොම හදාගන්න ගෙනාපු කීප දෙනෙක් ගැනම තොරතුරු මම දන්නවා,කීප දෙනෙක් එක්කම කතා බහ කරලා තියනවා,කොහොමහරි එක්කෙනෙක් මට කිවුවා එයා ගියාලු අම්මව හොයාගෙන,කොහොමහරි හොයලා හොයලා හම්බවෙලා,එත් එයා කියනවා ඒ අම්මා කැමති උනේ නැලු ආයේ එයාගේ දරුවෙක් විදිහට පිලිගන්න,මොකද ඒ වෙද්දි ඒ අම්මා වෙනම පවුල් ජීවිතයක් ගත කරන කෙනෙක්,ඉතින් එයා ආයේ ආවලු ඒ අම්මව අමතකම කරලා,එයා කියන්නේ එයාගේ හදාගත්තු අම්මල ලගටම ආවලු ආයේ යන්නේ නෑලු අර අම්මව බලන්න,හැබැයි එයා හිටිය ළම නිවාසෙට තාමත් උදව් කරනවලු.එයාගේ තාත්තා ගැන නම් කිසිම දෙයක් දන්නේ නෑලු.
කාලෙකට ඉස්සල්ල මරු දෙයක් දැක්ක,ලංකාවෙදිම,කොහොමහරි ඔහොම නිව්න් සහෝදරයෝ දෙන්නෙක්ව හදාගන්න දීලා සුදු ජෝඩුවකට එයාලා නම් ළමා නිවාසෙක නෙමේ හරි දුප්පත් පවුලක ,එයාලට තව සහෝදරයෝ ඉන්නවා ලංකාවේ පවුලේ,ඉති අර සුදු ජෝඩුව හැම අවුරුදු 2ට සැරයක්ම අර ලමයි දෙන්නව අරගෙන ලංකාවට එනවලු,ඒ එද්දි අර පවුලේ අය ඉන්නේ උළු මෝලක වැඩ කරන ගමන්,ඉතින් අර ජෝඩුව මෙයාලට ගෙයක් කුළියට අරගෙන දීල ඒකට උවමනා දේවල් අරන් දීලා ආයේ යනවලු,මේ මිනිස්සු මොකද කරන්නේ අර මිනිස්සු ගිය ගමන් තියන බඩු ටිකෙන් ටික විකුනනව,අන්තිමට ගෙවල් අයිති කාරයට කන් කෙදිරි ගාල අවුරුදු 2ටම දීපු ගෙවල් කුලියත් අරගෙන කොහෙ හරි උළු මෝලකට ආයේ යනවලු,අර සුදු ජෝඩුව ආයේ අවුරුදු 2න් එනවලු,එයලට ළමයිව ගන්න උදව් කරපු කෙනා ලව්ව ආයේ අර පවුලේ අයව හොයාගෙන අර වගේම කරනවලු,ඔහොම කීපසැරයක්ම කරලා බැරිම තැන අර සුදු ජෝඩුව දැන් එන්නෙම නෑලු.
ඇත්තටම මේ වගේ ළමයි ළමා නිවාසෙකට ජීවත් වෙනවට අඩුම ගානේ පිටරටකින් හරි එයාලට දෙමවුපියෝ ලබෙනවා කියන්නේ කොච්චර ලොකු දෙයක්ද,අපිට අපෙ දෙමවුපියෝ නැතුව ගියෝත් කොච්චර දැනෙනවද,එහෙම බලද්දි අර ළමා නිවාස වල ජීවත් වෙන දරුවන්ගේ මානසික මට්ටම කොහොම ඇත්ද. පොඩ්ඩක් හදවතින් අහලා බලන්න ඒ වගේ ළමයිට කොහෙන් හරි අම්මෙක් තාත්තෙක් ලැබෙනවා නම් කොච්චර දෙයක්ද කියලා.
ලස්සන ගීයක් තියනවා සන්ප්ලවර් ගායක නෙල්සන් වාස් ගායනා කරන පොඩ්ඩක් අහලා බලලම යන්න...

23 comments:

  1. නියමයි මචං නියමම පෝස්ට් එකක් . . . . මම කියන්නද අපේ රටේ එවුං ළමා නිවාස වල හරි අම්මෙක් තාත්තෙක් නැතිව අසරණ වෙච්චි දරුවෙක්ව සුද්දො හදාගන්නවට අකමැති වෙන්න හේතුව . . . . කුහක කම මචං වෙන මොකවත් නෙමේ.
    ඔය කතාවට මට ඕනෙ නං කට්ටිය එකසිය ගානට බනී, ඒත් ඒ බනින කවුරුවත් දෙමාපිය පිලිසරන අහිමි වෙච්චි එවුං නෙමේ.

    ReplyDelete
  2. @ඕනේ - මම බලාපොරොත්තු උනු උත්තරේම පලවෙනි කමෙන්ට් එකෙන්ම ආවා බන්,,සහතික ඇත්ත කුහකකම,ඊරිශියාව ඇර වෙන මොකද්ද බන් ඔතන තියෙන්නේ ,අපේ උන් කැමති අර දරුවන්ව අවජාතකයා කියලා පාග පාග ඉන්නම තමා

    ReplyDelete
  3. ඕනයත් එක්ක සාමාන්‍යයෙන් එකඟ වෙන්නෙ නෑ ප්‍රතිපත්තියක් හැටියට. D
    මෙතැනදි නං 200% ක් එකඟයි'
    මටත් එක පාරටම ඔලුවට ආවේ 'කුහක කම' කියන වචන දෙක.

    ReplyDelete
  4. @ඔබා මාමා - අපරාදේ බොරුවට හරි එකග නොවී ඉන්න තිබුනේ ,ඕකා ඕනෙම නැති එකා

    ReplyDelete
  5. කියන්න ඕන කතාව ඕනය කියල තීනව. ලංකාවෙ පොඩි උන් අරන් ගිහින් අවයව ගන්නවට වඩා ලේසියි පිලිපීන් බංගලි ගෑණු ටිකක් අරන් ගිහින් ෆාම් එකක් දාලම ළමයි ගන්න එක. උන් ඒවට එක්ස්පර්ට්. නොදන්න උන් ගෙම්බො වගේ කියෝනව විතරයි. සුද්දො නෙමෙයි අපේ රටෙ එකෙකුටවත් හදාගන්න ළමයෙක් ගන්න මොනතරන් අමාරුද? ඒකෙන් වෙන්නෙ ළමයි අනාත වෙන එක විතරයි!

    ReplyDelete
  6. mamath me gana pothak liyanna tharamata dannava me prashnaya bohoma saanukampitha deyak atthatama uene anthavadi lesa agameeka prashnayak kara yama veena eeta vadaa kesidu saadaranauu yamak sidu noveemai esema e avasthavedi uda beru kauda e asarana ammalata pihitata giye

    ReplyDelete
  7. අම්මෙක් තාත්තෙක් නැති ළමයෙක්ව, මොන ආගමක මොන ජාතියක මොන රටක කෙනෙක් උනත් හදාගත්තාම මක් වෙනවද බං.
    ඕනයියාගේ කතාවට මමත් එකඟයි!

    ReplyDelete
  8. ඕනයා ඉඳලහිටල යමක් කියනවනෙ. අමතක කරන්ට එපා ඕනය හොඳ තාත්ත කෙනෙක්. කට්ටියට මතක ඇති උන්දැ ලියාපු පොස්ට්

    ReplyDelete
  9. ඕනේ එක්ක 100% එකඟයි....

    ReplyDelete
  10. මමනම් හරි ආසයි ඉතාලි යන්න..අවුරුදු විසිහතක විතර ලමයෙක් ඕනි කෙනෙක් ඉන්නවනම් හොයල දෙන්න පුලුවන්ද??

    පෝස්ට් එක හොඳයි..ඒත් සිංහල බ්ලොග් කරණය ස්ප්‍රෙඩ් නැති නිසා මේ ලිපි අමාරුවෙන් ලිව්වට වැඩක් නෑ බන්ස්..බලන්නෙ බොහොම ටික දෙනයි නේ...

    ReplyDelete
  11. මේ පෝස්ට් එක එක්කයි ඕනයා අයියා එක්කයි එකඟයි.හැබැයි මුදලට ලමයි හුවමාරු වෙන තැන් නැතැයි කියන්නත් බෑ ඒත් ඒ අවයව ගන්න කියලා කියන කතාව නම් විය නොහැකියි

    ReplyDelete
  12. සයිබර් යායේ දාපු කොමෙන්ටුවක NARUTO පින්තූරේ දැකලා ආවේ මම බොහෝම ආසාවෙන් බලපු කාටුන් එකක් නිසා

    ReplyDelete
  13. මාත් එකඟ වෙමි.. හොද ලිපියක්..
    කාලෙකින් ආවෙ.. :)

    ReplyDelete
  14. @ඉන්දික -ඇත්තටම ඔය ගැන මමත් දන්නවා,ඔය නීති එක්කම ඒ අසරන ළමයි ගැනත් හිතනවා නම්

    @ඇනෝ -ඔබ හරි ඔය ළමා නිවාස ප්‍රශ්නයේ ඇතුල් පැත්ත නෙමේ මාධ්යයෙන් එලි කලේ අන්තවාදී විදිහට ආගමකට මඩ ගැසීම විතරයි

    @පූසා -ඇත්ත බන් ඕක අපේ උන්ට නොහිතෙන එකනේ ප්‍රශ්නේ

    ReplyDelete
  15. @කවිකාරී -ඕනේ හොද පියානෝ කෙනෙක්,අපි දන්නවා

    @මාලුවා -ස්තූතී මේ පැත්තේ ආවට

    @අමිල -ඉදින් බලන්න ඇඩ් එකක් දාලා බලමු උබේ පොටෝ එකක් එවපන්

    ReplyDelete
  16. @ගැමියා .පුද්ගලිකව ළමයි විකීනීම් වෙනවා ඒක හරි,ඒත් ළමා නිවාස වල නම් ඒ දේ වෙන්නේ නෑ මම දන්න විදිහට.ස්තූතී මේ පැත්තේ ආවට,,මමත් බලපු කාටුන් එකක් තමා ඕක

    @හිම කුමාරි -ස්තූතී මේ පැත්තේ ආවට

    ReplyDelete
  17. මහ ලොකුවට දරුවො පිට රටවල් වලට විකුණන්න එපා කියල කෑ ගහන මිනිස්සු මේ දරුව හදාගන්න කිව්වොත් බාර ගනියිද. කුහක කමම තමා.

    ReplyDelete
  18. @පිනිබිදු - අහලා බලන්නම ඕනා ඇත්තටම

    ReplyDelete
  19. දරුවන් හදා ගැනීමට දීම පිළිබඳ නීති රීති තදින් තියෙන එකත් හොඳයි තමා..ඒත් එහෙම දේකදී කැපවීමෙන් දුවලා පැනලා ඒ දේවල් සම්පූර්ණ කර දෙන ආකාරයේ සේවාවක් අපේ රටේ තවම නැති එක ලොකු අඩුවක්..එහෙම දේකට අත ගහන කෙනාට හරියට ඒක කරන්න වෙන්නේ නීති විරෝධී දේකට අත ගැහැව්වා වගේ... එහෙම නෙවෙයි ටිකක් ඒ දේට උනන්දුව හා ධෛර්යය ඇති‍වෙන විදියට රජයේ සේවාවන් ක්‍රියාත්මක වෙනවනම් වඩාත් හොදයි.. ඒ වගේම පසු විපරමත් අත්‍යවශයයි...

    ReplyDelete
  20. හිස කෙළින් කරගෙන ජීවත් විය හැකි වටාපිටාවක් ලැබෙන, ආදරය රැකවරණය, අධ්‍යාපනය ලබා දෙන දෙමවුපියන් ඒ ළමයින්ට ලැබෙන තැනකට යාමට අවස්ථාව ලැබෙන එක කොයිතරම් දෙයක්ද? මෙහෙ හිටියනම්, එක්කො අපහාස. එක්කො හරියකට කන්න අඳින්න, ඉගෙන ගන්න නැතුව දුක් විඳලා, සමාජයට බරක් වෙන පුද්ගලයෙක් වෙනවා.
    හොඳ ලිපියක් මල්ලි.

    ReplyDelete
  21. @මාරයා - නීති තදට තියෙන්න ඕනා තමයි මාරයියා,ඒත් ඉතින් අපේ රටේ මේකට තියන නීති ක්‍රියාවලිය මහ සංකීර්නයි,මම දන්න විදිහට පසු විපරම සිදු වෙන ළමා නිවාස ගොඩක් තියනවා

    ReplyDelete
  22. @නලිනි - මමත් එකගයි අක්කගේ කමෙන්ට් එකට

    ReplyDelete
  23. සිංහලයෙක් වෙන්න, බෞද්ධයෙක් වෙන්න කලින් ජීවත් වෙන්න එපායෑ. ඔය ඔලු ගෙඩි ගැනිල්ල නිසාත් සමහරු බොරුවට කෑගහනවා. සහර විට මෙහේ හිට්යනම් සිංහල බෞද්ධ අපරාධකාරයෝ ටිකක් වෙන්නත් ඉඩ තියෙනවා ඔයා අරන් යන ලමයි

    ReplyDelete