Pages

Monday, January 31, 2011

අදින් වසර 2ට පෙර (1)

2009 පෙබරවාරි 1 දින එදින මම සවස 5ට ආසන්නව ගෙදරින් පිට උනේ ඊට සති 2ට පෙර මාහට ලැබුන ‍රැකියාවට පිටත් වීමට,‍රැකියා ස්තානය මාගේ නිවසට ආසන්නව පිහිටා තිබීමත් මම ඉතා ආසාවෙන් සිටි උයන පිහින ‍රැකියාවක් නිසා නව ‍රැකියාවට මම ගොඩක් ආසාවෙන් හිටියේ ඒ වගේම මගේ පුහුනු කාලයද අවසන් වන දිනය බැවින් මම ගෙදරින් පිට උනේ ඉතාමත් ප්‍රීතියෙන්. ආ මේ ‍රැකියාව පීසා අවන්හලක,ඒ වෙද්දි මාගේ ඉතාලි ජීවිතයේ තෙවන වසර,මේ පීසා අවන්හල නිවසට ආසන්න නිසා පාගමනින් ‍රැකියාවට යන පුරුදු වෙලා හිටියේ විනාඩි 5ක ගමනක් නිසා.ඉතින් එදා මම යන මාර්ගයෙ හමුවන පලමු පාර මාරුවන ස්තානයෙදිම මා පාර මාරු වීමට සූදානම් වී මා හට පාර මාරු වීමට ඉඩ දුන් වාහනය පසු කරනවත් එක්කම පාර කෙලවරේදි මා දෙසට ආවේ අධික වේගයෙන් මෝටර් බයිසිකලයක්.
ඔන්න ඉතින් කතාව මට ගෙනියන්න වෙනවා ඉස්සරහට මොකද එතන සිදු වුන දේවල් මට මතක නැති හින්දා,කතාව යනවා මට මතකයේ ඇති විදිහට 8 වෙනිදට ඒත් මට වැඩි මතකයක් නෑ මම මොනා කතා කෙරුවද කව්ද හිටියේ කියලවත්,ඒතන මාව වට කර ගෙන හිටියේ ඉතාලි ජාතිකයින් වගයක්,තවත් මාව වට කරගෙන යන්ත්‍ර රාශියක්, එදා තමා මට සිහිය ඇවිල්ල තියෙන්නේ මෙච්චර දවසක් මම ඉදලා තියෙන්නෙ දැඩි සත්කාර ඒකකයේ,එදා මාදෙසට ආපු මෝට බයිසිකලය මාව යට කරලා, ඒ වෙලාවේ එතන මම පාර පනිද්දී හිටෝගෙන හිටිය කාරයේ ඉතාලි ජාතික කාන්තාවක්,මාව නොසොල්වා බිම තබා ගෙන ඉදලා ඒත් මම ඒ වෙලාවේ නැගිටින්න හදලා ඒත් ඒ කාන්තාව නැගිටින්න දීලා නෑ,පස්සේ ඇම්බිවුලන්ස් කතා කරලා,,මම ඒ වෙද්දී මගේ මවගේ දුරකතන නම්බරය ඒ කාන්තාවට දීල තියනවා ඒත් මට මතක නෑ ඒවා,ගෙවල් ළගම හින්දා අපේ මාමා එතෙන්ට ඇවිල්ල තියනවා ඒ එද්දී මාව රෝහල කරා ගෙනියන්න ලැස්ති කරලා ඉවර වෙලා, ඇම්බිවුලන්ස් එකට පටෝලා,මාමා මම දිහා බලන් ඉද්දිම මගේ නහයෙන් හා කනින් ලේ ඇවිල්ල තියනව,ඒ එක්කම මම ඇස් 2 වහ ගත්තලු. පස්සෙ රෝහලට එන්න කියලා එයලා මාවත් අරගෙන ගිහින් තියනවාඇත්තටම විනාඩි 10 වැනි සුලු කාලයකදී මම රෝහලේ, ඒ වෙද්දී අපේ ගෙදර කට්ටියත් රෝහලට ඇවිත් තියනව, මෙහෙ හදිසි අනතුරු සිදු වෙලා රෝහලට ගෙනාපු ගමන් කරන්නෙ සි.ටි ස්කෑන් යන්ත්‍රයට ඇතුල් කරන එක,ඒ වෙද්දී එයාලා හොයාගෙන තියනවා මගේ හිස්කබලට හානි වෙලා අබ්යන්තර රුදිර ගැලීමක් කියලා,ඒ එක්කම මගේ ඉල ඇටකීපයක්ම හානි වී ඒවා පෙනහලු ආසන්නයටම ඇවිත් තිබිලා තියෙන්නේ, අර ඉතාලි ජාතික කාන්තාව නිසා ඒ වෙලාවේ මගේ ජීවිතය බේරුනා පෙනහලු වලට හානි නොවී,,මොකද මම නැගිට්ට නම් මම සොරි,
ඉතින් එදා ඉරිදා දවසක් උනත් මාගේ වාසනාවට ඩොකාල රෝහලේ ඉදලා,ප්‍රදාන ස්නායු ශල්ය ඩොකෙක් පවා ඒ ඉරිදා දවසෙ රෝහලේ ඉදලා,ඔන්න අපේ තාත්තා ළගට ආපු රෝහල් හෙදියක් තව පැයකින් උබේ පුතා මැරෙනවා,,ඊට ඉස්සල්ල මේ කොළවලට අත්සන් කරන්න කියල දීලා තියනව මාව සැත්කමට ගන්න.මෙහෙ රෝහල් වල හැටියක් කෙලින්ම සිදුවෙන දේ මූනටම කියන එක. ඒ වෙද්දී මගේ මවගේ රුධිර පීඩනය වැඩි වී මවත් රෝහලටම ඇතුල් කරලා,ඇයි ඉතින් අම්ම කෙනෙක්ට බලන් ඉන්න පුලුවන් දෙයක්ද මට වෙලා තියෙන්නෙ.
ඒ වෙද්දී මාව හප්පපු එකාවත් පොලිසියෙන් අල්ලල,මොකද මූ මාව හප්පලා පැනලා ගිහින්,බයිසිකලෙත් දාලා ඌත් 20 විතර කොල්ලෙක්ලු.ඌව නම් අපි වැඩිය නීති මගින් ගියේ නෑ,උගේ ලයිසන් එක නම් ජීවිත කාලෙටම තහනම් කලාලු.
ඉතින් පැය 4ක සැත්කමකට පස්සේ මාව දැඩි සත්කාර ඒකකයට දාලා තියනවා,ඩොකාලා කියලා තියනව අපේ වැඩේ ඉවරයි දෙවියන්ගේ අතේ තමා දැන් තියෙන්නෙ කියලා,මොකද මම ඉදලා තියෙන්නෙ 90%ම ලොවෙත් නැති වෙන්න යන පැත්තට,ඉතින් ඩොකාල කියලා තියනව මුල් දවස්3 යනකන් මොනවත් කියන්න බැ කියලා, ඒවෙද්දී මගේ ඔලුව සැත්කම සාර්තකව කරලා තියනව, මැහුම් 46 දාල,,ආ මැහුම් නෙමේ දාල තිබුනේ ක‍ටු වගයක් ගහලා තිබුනේ, ස්ටේපර් ක‍ටු වගේ,මෙහෙ දැඩි සත්කාර ඒකකයේ සිටින රෝගියව බලන්න පුලුවන් කුඩා රූපවාහිනියකින්, ඇතුලට යන්න දෙන්නෙම නෑ,ඔහොම ඉතින් මුල් දවස් 3ම අපේ නෑයෝ සේරම අඩෝලා මම ඉන්නව අරකට වෙලා,ලංකාවේ අපේ ගමේ අය අපේ මහ ගෙදර පිරිලා,ඇයි ආරන්චියක් එනකන් මොකද තත්වේ කියලා,
ඒ අතර මාව දවසට 3ක් එලියට ගේනවලු සී.ටී ස්කැන් එකට දාන්න,ඒ ගේන වෙලාවල් දොස්තරලා අපේ ගෙදරට කෝල් දීල කියනවා,ඒ අතින් නම් මෙහෙ මිනිස්සු ඇත්තටම නියම මිනිස්සු, එහෙම මාව එලියට ගද්දී හෙදියන් ,දොස්තරල මාව වට කරගෙන ලු ගෙනියන්නේ ඇය් ඉමම ඉන්නේ මශින් වලින් නේ, ඒ අතර මග මාව දකින මිනිස්සු කුරුසේ ලකුන දාගන්නවලු.
ඔන්න ඔහොම මම 4 වෙනි දවසේ පොඩි වෙනසක් වෙලා තියනවා බැ‍රැරුම් පැත්තෙන් ආයෙත් පියවි සිහියට එන ලකුණු.ඒ කියන්නේ කොල්ලා ආයෙත් ජීවිත ගේමට එන්ටර් වෙන්න.
ඉතින් මම ඊළග හරිය කොටසක් විදිහට දාන්න යන්නේ,,,ආ මගේ දැඩිසත්කාර ඒකකයේ හිටිය පොටෝ එකක් අපේ මාමා පෝන් එකෙන් අරගෙන තියනව .ඒක පොඩ්ඩක් බලන්නකෝ කොල්ල කොහොමද හිටියේ කියලා.


7 comments:

  1. ෆොටෝව දැක්කම ඇඟ සීතල වෙලා යනවා....

    ReplyDelete
  2. උඹ යහතින් ඉන්නව නේ අයියේ දැන්....එහෙනම් එච්චරයි.....මමත් ඔහොම සීන් එකකට මුහුනු දුන්නු එකෙක් තමා........(මමත් යහතින්) පලවෙනි පාරට මේ පැත්තේ ආවේ....ජය වේවා ඕන්!!!

    ReplyDelete
  3. උබලා 2ම බස් වල ඉන්නව නේ,,,මමත් බස් වල ඉන්න එකෙක්,ස්තුති මේ පැත්තේ ආවට

    ReplyDelete
  4. අප්පා.. බය හිතේනවානේ ඩිලාන් අයියේ මේ ෆොටො එක දැක්කාම ...හිතා ගන්න පුලුවන් අම්මා කොහොම ඉන්න ඇත්ද කියලා....

    කොම උනත් දැන් පණ පිටින් නේ..

    ReplyDelete
  5. සිරාවටම සීතල වුනා බන්. උඹම මේක ලියන හින්ද හිතට බයක් නෑ

    ReplyDelete
  6. අදවත් බොලාගෙ බ්ලොගේ පෙන්නුව එකම ඇති. මෙච්චර මගෙ ෆිට් එක... කියනන් එහෙම එපා බ්ලොග් එක ගැන....

    මේ පෝස්ට් එක නම් මට මහ බය හිතෙන දෙයක්..... ජීවිතේ කොච්චර වටිනවද?

    ReplyDelete