Pages

Saturday, December 30, 2017

2017 වසර අවසානය සහ ඩෙංගු

කාලෙකින් බ්ලොග් එක මතක් උනා..දුකේ බෑ මේ අවුරුද්දටම එක පෝස්ට් එකයි,මම විතරක් නෙමේ, ගොඩක් බ්ලොග් නැති වෙලා. දැන් බ්ලොග් කියන එව්වත් අවසන් කාලෙ වගේ, නත්තලුත් ඉවර උනා 2017 ත් අවසන් දින දෙක.
                      මේ වසරේ දෙපාරක්ම ලංකාවට යන්න උනා, ගිය අවස්තා දෙකේම නෑදෑ කවුරු හරි ඩෙංගු ලෙඩ්ඩු වෙලා රෝහල් ගත වෙලා.එක පාරක් අවුරුදු 2 විතර අපේ පොඩි එකෙක්. ඩෙංගු හා සමානම වයිරස් උණ රෝගයක්, ඒ කාලෙම මගේ ලගම යහලුවෙකුත්. වියදම් කර ගන්න සල්ලි තිබුනත් පුද්ගලික රෝහල් වලට ලං වෙන්නවත් බැරි තරමට තදබදය,පොඩි එකාව පුද්ගලික රෝහලක ඉදලා, පොඩි එකාව පරීක්ශා කරපු,ප්‍රතිකාර කරපු ළමා රෝග පිළිබද වෛද්‍යතුමාම රජයේ රෝහලට ගෙනියන්න කීවා එයා රැකියාව කරන. මේ රෝහල පහු ගිය කාලෙ ඩෙංගු නිසා රෝගීන් අට්ටි ගහලා වගේ ඒ තරන් තදබදයක් තිබුනු රෝහලක්, අර යහලුවා උන්නෙත් මේකෙම තමා,ඇදක්වත් නැතිව, ඇත්තටම මේ රෝහලේ කාර්‍ය මණ්ඩලයට ස්තූතී කරලා මදි කන කට්ටට..
           දවසක් ඔය අපේ පොඩි එකා උන්නු වාට්ටුවෙ තරුණ වෛද්‍යතුමෙක් ළමයිව පරීක්ශා කරනවා. කැඩුනු අඩු එළියක් තියන ටෝච් එකකින් කණ පරීක්ශා කරනවා.එයාටම එපා වෙලාද කොහෙද ටෝච් එක පැත්තකින් දාලා දුරකථනයෙ ටෝච් එක ගැහුවා පස්සෙ, ලෙඩ්ඩු බලන වෙලාවක් නොවුනත් මමත් ඔය අපේ පොඩි එකාගෙ පියානෝත් ඔය වෙලේ වාට්ටුවට ගියා අපේ පොඩි එකාගෙ බඩු වගයක් අරන්, අර වෛද්‍යතුමත් අපිත් එක්ක හිනා උනාම මම නිකමට ඇහුවෙ ඩොක්ටර් ටෝච් එක කැඩිලා නේද කියලා,  එයත් හිනා වෙලා කියනවා, වාට්ටුවටම තියෙන්නෙ ඒ කැඩුනු ටෝච් එක විතරලු, ඒකත් පරිස්සම් කර ගන්නෙ හරි අමාරුවෙන්ලු වෙන වාට්ටු වලට අරන් යනවා කියලා,අපිටම දුක හිතිලා අපි ඇහුවා ටෝච් එකක් ගෙනත් දෙන්නද කියලා, අනේ පුලුවන් නම් ලොකු උදව්වක් කියලා එයා පස්සෙ අපිට ඒ අවශ්‍ය ටෝච් එක ලියලා දුන්නා,මහ ලොකු මුදලක් නොවුනු ඒක අපි ඒ වෙලේම ගෙනත් දුන්නම අපිට වාට්ටුවෙන්ම නොසෑහෙන්න ස්තූතියක් හම්බුනා.
      අර වෛද්‍යතුමා ටෝච් එකේ තිබුනු පටියෙන් බෙල්ලෙ එල්ලාගෙන සිනාවෙන්ම කීවෙ දැන් මේක පරිස්සම් කර ගන්න සෑහෙන මහන්සි වෙන්න වෙනවලු. මොකද වෙන වාට්ටුවල වෛද්‍යවරු ගෙනියන නිසා.
      දේශපාලකයො ගහන බයිලා හැටියට මේ රෝහල්වල තියන අඩුපාඩු කියලා නිම වෙන්නෙ නෑ. මේ කාලකන්නි රැල මොනා කරනවද කියලා හිතා ගන්න බෑ,
ඔය රෝහලේ ලෙඩ්ඩු අට්ටි ගහලා ඉන්නවා වගේම තට්ටු බිල්ඩිමක් පලාතෙ උන්නු දේශපාලකයගෙ ගසා කෑමක් නිසා ප්‍රයෝජනයක් ගන්න බැරි වෙලා තියනවා තාම, දැන් නොයෙක් නොයෙක් ප්‍රතිකර්ම කලත් පේන විදිහට ගොඩ ගන්න ලේසි වෙන එකක් නෑ, ඔය බිල්ඩිම දකිනකොට ඒකා මැරිලා ගිය එක ලොකු දෙයක් කියලා හිතෙනවා.
              අපේ රටෙන් මේ ඩෙංගු රෝගය නවත්තන්න විසදුමක් පේන තෙක් මානෙක නෑ වගේ, මිනිස්සුන්ටත් ඒක දැන් පුරුද්දකට ගිහින්, සාමාන්‍ය හෙම්බිරිස්සාවක් ගානට වැටිලා, දැන් ආයෙත් වැස්ස ඉවර උනාම ආයෙ පටන් අරන්,මිනිස්සුන්ගෙ උවමනාවකුත් පේන්න නෑ ගෙවල් දොරවල් පිරිසිදුව තියා ගන්න. අප ජනතාවත් උත්සහ කරන්න ඕනා මේ ලෙඩේ නවත්ත ගන්න.
         ලබන්නාවු 2018 නව වසර නිරෝගී වසරක් ප්‍රාර්ථ්නා කරමින් මම සමුගන්නවා.2018 නැවත හමුවෙමු...



3 comments:

  1. ඩිලාන් වෙල්කම් බෑක්.. මම දැං හිතන්නේ මේ නිදහස් සේවා රටට විශාල බරක් ක්යලයි. අනික ඔය වගේ පොඩි දේවල් ඉල්ලීම බලලා අරමුදල් ඇත්නං ගන්න පුලුවන්. ඒකට වැඩ කරන්න ඕන. ලියුමක් ලියල තිබ්බට ලංකාවේ විදියට වැඩය කෙරෙන්නෑ..

    ඩිලාගේ බ්ලොග් ලිස්ට් එක කොච්චර පරනද.. අප්ඩේට් විය යුතුයි. දක්ෂ රසවත් බ්ලොග විශාල ප්‍රමාණයක් සක්‍රියයි. ජය. හැපි නිව් ඉයරයක්

    ReplyDelete
  2. සුබ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
  3. ජනතාව මත පැටවූ දඩ භීතිකාව නිසා දැන් විශාල ප්‍රමාණයකින් අඩු වෙලා තියෙන්නේ. නමුත් සහමුලින් අවසන් නෑ. තැනින් තැන මතු වෙනවා. හැදෙන අයත් බොහෝ සෙයින් සුවපත් වෙනවා. ඔබට සුබ නව වසරක් !!!

    ReplyDelete