Pages

Wednesday, January 5, 2011

තවත් අනුවේදනීය සිදුවීමක්..

පහුගිය දවස් වල ඉතාලියේ මිලානෝ නගරයේ ශ්‍රි ලාංකික පවුලක සිදුවු අනුවේදනීය සිදුවීමක් මට අහන්න ලැබුනා...ඇත්තෙන්ම සිදුවීමෙදී තාක්ශණයේ පිහිටෙන් සුබ පුවතක් ඉතුරු වෙලා තියනවා.
මිලානෝ නගරයේ පදිංචිව තරුන කාන්තාවක් පහුගිය 27 වෙනිදා මිලානෝ නගරයේ රෝහලකදී මිය ගිහින්,ඒත් මේ කාන්තාව රෝහලට ඇතුල කරලා තියෙන්නේ ඊට මාස 2 ට පෙරදී, ඒ වෙද්දී ඇය සිවු මස් ගැබිනියක් වෙල ඉදලා තියෙන්නෙ, රෝහලට ඇතුල් කරන විටත් මොළයට විශබීජයක් ඇතුල් වීමෙන් ඇයගේ මොළය මිය ගිහින් තිබිලා තියෙන්නේ, ඒත් එම රෝහලෙන් ඇයව ස්වසන යන්ත්‍රයක් මාර්ගයෙන් මාස 2 පමන තබාගෙන ඉදලා දරු ගැබට මාස 6 පහු උනාට පස්සේ සැත්කමක් මගින් දරුවා බිහි කර ගන්න හැකි වෙලා තියනවා,පස්සේ ඇගේ සැමියාගෙ කැමැත්තෙන් ස්වසන යන්ත්‍රයයෙන් ඇයව ඉවත් කරලා. බිළිදා නිරෝගිව ජීවත් වෙනවා. තවත් මාස 3ක් පමන බිළිදා රෝහලේ තිය ගන්නව ලු මොකද 6 මාසෙන් එලියට ආපු කෙනා නේ.
ඇත්තෙන්ම අපේ රටේදී මෙහෙම සිදුවීමක් අහන්න වෙන එකක් නෑ,,,මොකද අපේ රටේ දැඩි සත්කාර ඒකක වල මෙවැනි කාලයක් රෝගියෙක්ව තබා ගන්නේ නෑ,,,අනිත් එක මොළය මිය ගිය කෙනෙක් ව,කොහොම හරි ඒ බිළිදට වාසනාව තිබුනා මේ ලෝකේ එළිය බලන්න.

5 comments:

  1. මමත් ඔය ප්‍රවෘත්තිය දැක්කා.ඇත්තටම හරිම සංවේදීයි.

    ReplyDelete
  2. ඔය තරම් තාක්ෂණයක් ලංකාවට එන්න තව සෑහෙන්න කාලයක් යයි...

    ReplyDelete
  3. මමත් ඕක කියෙව්වා..මාර දුකක් දැනෙන සිද්දියක් තමයි. මම ඒක ගැන පෝස්ට් එකකුත් දැම්මා. කොහොම උනත් පොඩි එකා ගොඩක් වාසනාවන්තයි.

    ReplyDelete
  4. පව්..ඇත්තට ලංකාවට නම් ඔය වගේ දෙයක් එන්න ටික කාලයක් යයි...

    ReplyDelete
  5. ලoකාවේ පත්තරවල මේ සිදුවීම පලවුනා,හරිම අනුවේදනීය සිදුවීමක් ඒඋනත් දරු පැටියා බේරුන එක සතුටක්!

    ReplyDelete