Pages

Thursday, December 9, 2010

පුතාගෙන් පියාට පිහි පාරක්...

කාලෙකින් ආයෙත් බ්ලොග් එකට ආවා,ලියන්න හිතුනේ නම් අමිහිරි කතාවක්,ඉතාලියේ සිටින ලාංකික පවුලක සිදු උන...මේ කතාව මට වැදගත් උනේ මේ පවුල මගේ ගමේම සිටි පවුලක් නිසා...මේ පවුලේ ළමයි 2 ජීවත් උනේ එයාලගෙ මවගේ දෙමවුපියන් සමග මොකද තාත්තා,අම්මා ඉතාලියේ ජීවත් උන නිසා.මේ පිරිමි ළමයා දැන් වසර 2 ට පෙර ඉතාලියට එනවා සා/පෙ කරල ඉවර වෙලා දෙමවුපියන් සමග නැවතීමට.
මම ලංකාවේ සිටිනා කාලෙදි මේ ළමයි පොඩි ළමයි.ඒ උනාට එයාලට මාපිය ‍රැකවරන නොමැති නිසා ගොඩක් නිදහස්ව තමා ජීවත් උනේ,අනිත් එක මාපියන් ඉතාලියේ නිසා මේ අයගේ අතේ පොඩි කාලෙ ඉදලම මුදල් ගැවසුනා..ඉතින් ඒ ළමයි තමන්ගේ ආච්චි,සීයා එක්ක ජීවත් උනේ එයාලට ඕනා විදිහට..
අවාසනාවන්ත කතාව උනේ,දැනට සති 2 ට උඩදි මේ කොල්ලා තමන්ගේ තාත්තට පිහියකින් ඇනලා, පසුපසින් ඇනලා වැ‍ටුනට පස්සේ තවත් පිහි පාරවල් කීපයක් එල්ල කරලා,වාසනාවකට ජීවිත හානියක් නොවී දින 10ක් පමන දැඩි සත්කාරක ඒකකයේ ප්‍රති කාර ලබලා පියාගේ ජීවිතය බේරෙනවා..
නොයෙක් නොයෙක් කට කතා එනවා කොල්ල පිහියෙන් ඇන්නේ මේකයි,අරකයි කියලා,ඒත් තමන් ජාතක කරපු පියාට පිහියකින් අනින්න තරම් දරුනු වීම ගැනයි සිතා බැලිය යුත්තේ..
මේවට මාපියන් වගකිව යුතු වෙනවා මා සිතන විදිහට,මොකද මේ ළමයි පොඩි කාලෙ ඉදලා ජීවත් උනේ ඒ ළමයින්ට ඕනා විදිහට ,මාපියන් විදෙස්ගත වෙලා ඒ දරුවන්ට මාපිය ආදරය නොලබීම මත ඒ දරුවන් නිකන්ම දරුනු වෙනවා.අවසානෙදි සිදු උනේ මුදල් හම්බ කලාට තමන්ගේම පුතාගෙන් පිහි පාරක් කන්න.ඉදිරියටත් ප්‍රශ්න ගනනාවක් එක්ක...

5 comments:

  1. පියා මැරුනනම් අනිවා ලමයට අපාගත වෙන්නම වෙනව. ඒත් මේකට අනිවා ලොකු දුකක් ලමයට විඳින්නම වෙනව

    ReplyDelete
  2. ආහ් හුග කාලෙකින්නේ... පුතා එහෙම පිහියෙන් අනින්නත් මොකක් හරි හෙතුවක් ඇතිනේ ඩිලාන්... අපිට නම් ආරංචි උනෙත්නැ...කොහොම උනත් ඉවසන්න තිබ්බේ .. තාත්තා නම් මැරෙයි අන්තිමට මුලු කාලෙම පව් ගෙවන්න වෙන්නේ එ කොල්ලාට..

    ( මේ දිගටම ලියන්න ) :)

    ReplyDelete
  3. ආ.නිම්ශා ඉතාලියෙද? මම ලිපියට ගොඩක් දේවල් ඇතුල් කලේ නෑ,එයාලා ඉන්න නගරේ පවා,ඒ නගරෙට අයත් නාලිකා,පත්තර වල සිද්දිය ගිහින් තියනවා...අනිත් එක මට අපේ ගමෙන් ආරන්චි උන ලොකු තොවිලයකුත් නැ‍ටුවා කියලා සිද්දියට හේතුව හූනියමක් කියලා.....

    ReplyDelete
  4. ඇත්තටම ගාමින්ද, ඒ ළමයට ජීවිත කාලෙම විදින්න වෙන දෙයක් ඒක..

    ReplyDelete
  5. අම්මගේ තාත්තගේ ආදරය නැති උනාම වෙන දේවල් තමා

    ReplyDelete