
ඔන්න ඒරොප්පෙට සමර් ඇවිල්ලා ඒරොප්පේ ලස්සනම කාලය, මුලු ශරීරයම වසාගෙන සීතලේ හිටපු කට්ටිය ඔන්න නොයෙක් නොයෙක් විලාසිතා වලින් සැරසිලා අමුතුම ලෝකයක් මවනවා.ඔන්න මම ඉන්නේ ඉතාලියේ සිසිලි දූපතේ, දූපත් වලට සමර් සිරිය වැඩී,මේ දවස් වල සිසිලි දූපතේ ස්වභාවය අපේ රටට ගොඩක් සමානයි, පාරසරිකව හරිද, මට වැඩට යන්න තියෙන්නෙත් මුහුද අසලින් දිවෙන පාරක් නිසා සමර් සිරිය හොදට දකිනවා, ලòකාවේ ඉද්දි මේ සිරිය බැලුවේ සිරසේ ගිය බේ-වොච් කතාවෙන් නේ මතකයි නේ සුන්දර මියාමි මුහුදු වෙරළේ ඩේවිඩ්(නයිට් රයිඩර්), පැමෙලා රගපාපු කතාව, මේ දවස් වල මෙහෙ මුහුදු වෙරළත් මියාමි වෙරළට ගොඩක් සමානයි,පැමෙලලා ගොඩයි, මුහුදු වෙරළේ අව්ව නානවා, මේ මිනිස්සු කියන විදිහට ශීත කාලයේ ශීතලේට ශරීරයේ ඇට මිදුලු වල ශක්තිය වෙනස් වෙනවලු ඒක නිසා රස්නේ කාලෙට මුහුදට යාමෙන් නැවත යතා තත්වෙට පත් වෙනවලු,තව මාස 3 පමණ මේ සුන්දරත්වය තමා ඉතින්.
ඔන්න අපේ කට්ටියත් ඉතින් මේ දවස් වල මුහුදට යනවා මමත් පහුගිය ඉරිදා ගියා මුහුදට, අපේ රටේ අයයි,පිලිපීන් රටේ අයයි,අපේ ක්රමයට ඔබින විදිහට පාලුවට තියන මුහුදු වෙරළක් හොයාගෙන,ඉතාලි අය බොහොම ටිකයි මේ හරියේ ඉන්නෙ,ඉන්න අයත් හිටියේ සීගිරි ළළනාවන් ගේ ක්රමයට පාලු හරියනේ, ආසියතිකයෝ උන අපි යන්නේ වෙනින් දේවල් වලට,අපේ කට්ටිය යන්නේ හැලි වළන් අර ගෙන බත් ,හොදි උයාගෙන අරක්කු බෝතල් 10 විතර අරගෙන,මුහුදේ නාන්නද,අරක්කු වලින් නාන්නද හොය ගන්න බෑ,පිලිප්පීන් රටේ උනුත් අපේ අය වගේම තමා අපිට වැඩිය ටිකක් වෙනස් විදිහට එයාලා,එයාලා අපිට වැඩිය ටිකක් පිලිවෙලයි, අපේ අය එතන හිටිය කියලා ඔප්පු කරන්න පුලුවන්, ගෙනියන දේවල් වලින් විසි කරන දේවල් සේරම මුහුදු වෙරලේ විසි කරලා තමා යන්නේ,හිස් බෝතල්, ප්ලාස්ටික් හැමතැනම දාල, ලස්සනට තියන මුහුදු වෙරළ විනාශ කරල තියෙන්නේ, ඒ මදිවට ගල් වලින් ලිප් හදාගෙන බත්, හොදි රත් කරලද, උයාගෙන කාලද දන්නේ නෑ, ඔන්න බලාගෙන ඉන්න බැරි කමට අපි 2,3 එකතු වෙලා පොඩ්ඩක් පිරිසිදු කරලා දැම්මා,එතකොට මේ බලාගෙන ඉන්න වෙනින් කණ්ඩායම් වල කට්ටිය අපිට හිනා වෙනවා, මුන්ව ගොඩ ගන්න බෑ සල්ලි හොයනවා විතරයි,ඉතාලියේ ඉදලත් මුන් පිරිසිදු කම වගේ දේවල් පුරුදු වෙන්නේ නෑ, මොකද්ද හේතුවකට මෙතන තාම ගහ ගත්තේ නෑ,නාන්නනේ යන්නේ ඒක හින්ද වෙන්න ඇති,ඔන්න ඔහොම තමා අපේ කට්ටිය මුහුදු සිරි විදින්නේ.....