Pages

Sunday, May 23, 2010

බඩ ඇතුලෙන් එලියට ගත් දේ...

මේක ටිකක් විතර හිනා යන කතාවක් මගේ හිතවත් කෙනෙක්ට උන,එයත් ඉන්නෙ ඉතාලියෙම තමා,ඔන්න එයාට ටික කාලෙක ඉදලා බඩේ අමාරුවක් තියනවා මුල් දවස් වල දෙහි බොනවා,ඉගුරු බොනවා වැඩේ හරි ගියේ නෑ පස්සෙ ඉතින් පාමසි වලින් බඩේ අමාරුව කියලා බේත් අරගෙන බොනවා ඒත් හරි ගියෙ නෑ බඩේ අමාරුව දැන් මාස 2 විතර ඇති ලෙඩේට බැරිම තැන ගියා ඉස්පිරිතාලෙට, එතනිනුත් ඉතින් දුන්නා බෙහෙත් ඒ වෙලවට බඩේ අමාරුව හරි යනවා,ආයෙත් දවස් 2,3 අමාරුව ආයෙ එනවා, ආයේ ගියා ඉස්පිරිතාලෙට ඔන්න ඩොක් ලා කියනව බඩ ඇතුල චෙක් කරන්න ඕන කියලා,ඔන්න ඉතින් වෙලාවක් වෙන් කර ගෙන යනවා චෙක් කරන්න,එන්ඩස්කොපි කියනවා අර කොපි කියනවා මේ කොපි කියනවා, කට ඇතුලෙන් කැමරා යවනවා පස්ස පැත්තෙන් කැමරා යවනවා, රිපෝර්ට් වලින් කියනව මොනවත් ලෙඩක් නෑ කියලා.
ඒ උනාට බඩේ අමාරුව හරි යන්නෙත් නෑ,ඔන්න ආයෙත් හිතවත් ඉතාලි කෙනෙක් මෙයාව එක්කගෙන යනවා ඩොක් කෙනෙක් ගාවට මිනිහා ටිකක් වැඩ කාරයෙක්ලු,දැන් මාස 6 විතර මේ බඩේ අමාරුවට,ඔන්න ඒ ඩොක් යවනවා පස්ස පැත්තෙන් කැමරාවක්, ඔන්න වැඩේ අහුවෙනවා ආමාෂය ඇතුලේ පොඩි බ්ලොක් එකක් තියනවලු, ඩොක් තවත් චෙක් කරල කියනවා මොකක් හරි හිර වෙලා තියනවා කියලා,ඩොක් කියනවා ඒක එලියට ගන්න පුලුවන් කියලා ඔපරේට් කරන්නේ නැතුව අලුත් තාක්ෂනයෙන් ඩොක් කටින් බටයක් යවලා හිර වෙලා තියන එක ගන්නවා එලියට,ඩොක් ඒ ගත්තු දේ සුද්ද කරලා ඔලුවේ අතගහ ගන්නවා මොනවද දන්නවද තිබුනේ,,,,ටූත්පික් එකකින් බාගෙකටත් වැඩි කෑල්ලක්,ඩොක් අහනව කොහොමද මේක ගිල්ලෙ කියලා,අපේ එක්කෙනාට මතක නෑ, මෑන්ටත් හොදටම හිනා,ඩොක් ටූත්පික් කෑල්ලත් දීලා ඒකත් අරගෙන ගෙදර එනවා වීරයා වගේ, මේක කියපුවහම අපිටත් බඩ අල්ලගෙන හිනා,දෑන් අපේ එක්කෙනා කල්පනා කරනවා කොහොමද මේක ගියේ කියලා, වැඩේ මතක් වෙනවා, ටූත්පික් ගහන්නෙ කන දේකට බැදපු ඉස්සන්ට නේ, ඒ කියන්නේ පාටි එකකදි තමා මේ වැඩේ වෙලා තියෙන්නේ,අපේ එක්කෙනා ඩ්‍රින්ක් අරගෙන හොද සිහියෙන් කොහොම හරි දෙයකින් ඉස්සව ටූත් පික් එකත් එක්ක ගිලල තියනවා,ඔහොම තමා ටූත්පික් එක බඩට ගිහින් තියෙන්නේ,ඩොක් කියලා තියනවා මේක තව කාලයක් බඩ ඇතුලෙ තිබුනා නම් ලොකු රෝගයකට ආරම්භයක් වෙයි කියලා..
ඔන්න මතක තියාගන්න කන බොන වෙලාවට පරිස්සමින් මේ වගේ අපේ හොද්දට දාන සියබලා ඇට,ලොකු කුරුදු පොතු වගේ දේවල් උනත් බඩට යන්න පුලුවන්....

5 comments:

  1. ආපහු නම් ටූත්පික් කන්නේ නැහැ....හික්ස්ස්ස්ස්.......

    ReplyDelete
  2. අතදමලම කනව මිස තවත්නම් හැඳි ගෑරුප්පු ටූත් පික් එපාඅ............

    ReplyDelete
  3. හික්ස්..මාර වැඩේනෙ වෙලා තියෙන්නේ

    ReplyDelete
  4. සාමාන්‍යයෙන් උල් දෙයක් හදිස්සියකින්වත් ගිලුනොත්, ඒක ආමාශය පහු කරගෙන ගියොත්, ඉන් පසු කොහිවත් රැඳෙන්නේ නෑ. මොකද කියනව නම් ජීර්ණය වන ආහාර බඩවැල් දිගේ ගමන් කරන්නේ ක්‍රමාකුංචනය කියන ආකාරයටයි. සරලව ඒ කියන්නේ ආහාර බෝලය ඉදිරියෙන් ඇති කොටස ලිහිල් වීමෙන් හා පිටුපසින් ඇති කොටස සංකෝචනය වීමෙන් ආහාර බෝලය ඉදිරියට තල්ලු වීමයි. බඩවැල් තුලට එන අනික් දේවල් වලට වෙන්නේද එයමයි.
    නමුත් තියුණු දෙයක් ගමන් කිරීමේදී මෙය බඩවැල් බිත්තියේ වදුනොත්, ඒ දැනීම නිසා ක්‍රමාකුංචනය එතනම නැවතී, රිවස් ගහනව. ඊට පස්සේ ආපහු හෙමින් පටන් ගෙන බිත්ති වලට තුවාල නොවන විදියට බඩවැල් දිගේ මේ උල් දෙය මෙහෙයවන හැටි හරි අපූරුයි.

    ඉතින් ඒක නිසා මේ ඉහත සිද්ධිය දුර්ලභ එකක්. හැම මාලු හෝ මස් කටු කැබැල්ල්කටම මෙහෙම වෙන්නෙ නෑ.

    ReplyDelete
  5. Half Doctor ta
    ඇත්තටම මේක ගැන ඒ ඩොක් ගොඩක් පුදුම උනා,එයත් කිවුවා මේක ගොඩක් විශේශ දෙයක් කියලා,,,,කොහොම උනත් මේ අපේ මැන්ට වෙන්නෙම ගොඩක් විශෙශ දේවල් තමා

    ReplyDelete