ඉතාලියේ ඉන්න බල්ලො ගැන නම් මම ලියන්නම හිතාගෙන හිටියේ,ඒ මොකද මම රටවල් 3 ට ගිහින් තියනවා, ඒ රටවල් 3 න් ඉතාලියෙදි තමා මම දැක්කේ බල්ලන්ගේ තරම,බල්ලන්ට තියන සැපක්,කොල්ලෙක් විදිහට වෙලාවකට මට මේ ඉතාලි බල්ලෝ ගැන මහා ඊරිශියවක් ඇති වෙනවා ඇත්තටම,ඉතාලියෙ ඉන්න අය නම් දන්නව ඇති නේ බල්ලන්ට තියන සැප.
අපේ ගමේ ඉන්න බල්ලෝ අපිට මොන තරම් ගරු කරනවද, උන් කන්නෙත් අපි කාලා ඉතුරු වෙන දේ,රෑට ඩියුටියත් කොහොම හරි පොඩ්ඩක් හරි කරනව නේ,ඒ ටොමියලා,ටාසන් ලා හැමදාම අපි වෙනුවෙන් නැට්ට හරි වැනුවා.ඒකට ඉතාලියෙ ඉන්න බල්ලො මුන් නිකන් හිතාගෙන ඉන්නෙ තාමත් රෝම අධිරාජ්ජයේ ඉන්නවා වගේ ඒ තරමට ඉතාලි බල්ලො උද්දච්ච කමින් පිරිලා,සුපර් මාර්කට් ඇතුලේ බල්ලන්ට වෙනම කෑම, බල්ලන්ට වෙනම ඇදුම් ,කර පටි ,පිගන් කෝප්ප, බලු ගෙවල්,බල්ලන්ට සෙල්ලම් කරන්න සෙල්ලම් බඩු,එහෙම බලද්දි ඉතාලි බල්ලො ගෙනියන්නෙ සුපිරි ජීවිත.
තව එකක් කියන්න ඕනා,මගේ යාලුවෙක් ඉන්නවා එයාට ජොබ් එකක් තියනව බල්ලො 3 දෙනෙක් බලා ගන්න,බල්ලන්ට වෙනම කාර් එකක් තියනවා, වෙනම දොස්තර කෙනෙක් ඉන්නවා,මේ ලගදී බල්ලන්ට නිදියන්න මෙට්ටයක් ගෙනාවලු 2500€ කට,කොහොමද ඒ බලු ජිවිත....
තව යාලුවෙක් කියපු කතාවක් තමා,ඒ යාලුවා ඉතාලි ගෙදරක නැවතිලා වැඩ කරන්නේ දවසක් යාලුවට හොදටම උණ ගැනිලා දවස් 2ක් තිස්සේ උණලු,ඒත් ගෙදර එකෙක් ඇහැක් ඇරලා බලල නෑ, ඒත් ගෙදර බල්ලට උණ ගැනිලා ගෙදර ගෑණි නොකා නොබී හිටියලු බල්ලට උණ හොද වෙනකන් කොහොමද බල්ලගේ තැන...
මම දැකපු දෙයක් තමා ගොඩක් තරුණ කෙල්ලො ලග බල්ලෙක් ඉන්න එක,ඒ බල්ලො ඉන්නෙත් කෙල්ලන්ගෙ කරේ නැගගෙන,කෙල්ල බල්ලගේ මූණ ඉබිනවා,බල්ලා කෙල්ලගෙ මුණ් ලෙව කනවා,හරිම ශෝක් දර්ශන තමා...මේව දකින කොට ඉතින් ඉතාලි බල්ලො එක්ක ඇති වෙන්නෙ මාර තරහවක් තමා ඇත්තටම.
ඉතාලි බල්ලො ගැන ගොඩක් කතා තියනව කියනව නම්,අනිතිමට මම කියන්නම්,මීට අවු.2 විතර ඉස්සල්ලා ආවා ලන්කාවෙන් නලු නිලි සෙට් එකක්,අපිත් ඉතින් එයාල එක්ක කතා කර කර ඉද්දි,මෙතනින් යනවා බල්ලෙක් ව වඩාගෙන ඉතාලි කෙල්ලෙක්,ඒක දැකපු මෙතන හිටපු අපේ ප්රසිද්ද නලුවා කියනවා අනේ බන් ලන්කාවේ නලුවෙක් වෙලා ඉපදුනාට වැඩිය හොදයි ඉතාලියෙ බල්ලෙක් වෙල ඉපදෙන එක....
ReCare360 Caregiver පුහුණුව නොමිලේ
6 days ago

බල්ලන්ටත් ගිය කල....
ReplyDeleteබලාගෙන ගියාම කොල්ලොයි බල්ලොයි එකයි කියන්නේ බොරුනේ...
ReplyDeleteහික්ස්....සීසර්ගෙ කතාවට මට හොඳටෝම හිනා.....
ReplyDeleteඇත්ත නේන්නම්
දිල් සීසර්ට බල්ලො ගැන හොද දැනීමක් තියනවා වගේ තමා
ReplyDeleteමෙහෙත් බල්ලොන්ට හොඳට සලකන ගෙවල් තියෙනවා.. සමහර ගෙවල් වල හස්බන්ඩ්ට වැඩිය හොඳට බල්ලට සලකනවා....
ReplyDeleteඑතකොට ඒ හබාලට කොයී තරම් ඊර්ෂියා හිතෙනවා ඇතිද..?
ඉතාලි බල්ලන්ට තියෙන සැප අපිට කොඉන්ද........??????
ReplyDelete