

මේ කතාව නම් ටිකක් පරන කතාවක් නේ,මම මේ ගැන ලියන්න හිතුවේ අපේ මාමා ඊයේ මෙයා ගැන කතා උනා ඉතින් මම බ්ලොග් එකට ලියන්න හිතුවා,මම හිතන්නේ ල0කාවෙන් බිහි උන එකම හයිජැකර් එහෙම බලද්දි එයා ඇත්තටම වීරයෙක් ප්ලේන් එකක් උස්සනව කියන්නේ පොඩි වැඩක් නෙමේ නේ,මෙයා ප්ලේන් එක උස්සලා තියෙන්නේ ඉතාලියට පාඩමක් උගන්නන්න, ඒ කාලේ ඉතාලිය හොදට බය වෙන්න ඇති මොකද ඒ කාලේ මුස්ලිම් අන්තවාදී සන්විධාන බටහිර රටවල ගුවන් යානා හයිජැක් කරලා මහ විනාශ කරපු කාලයක්,මෙයාගේ කතාව යන්නේ සේපාල ඉපදිලා තියෙන්නේ 1949 මාතරදී දකුනේ පොරක් කියන්න දෙයක් නෑ යක්කුන්ටත් බය නැති කට්ටියනේ ඉන්නේ.
සේපාල 1972 දී ජර්මනියට යනවා ඒ කාලේ මේ රටවලට යන එක මහ ලොකු දෙයක් නෙමේ ලු එහෙදි තමා සේපාලට ඉතාලි කෙල්ලෙක් සෙට් වෙලා තියෙන්නේ ,පස්සේ එයාලා විවාහ වෙලා ඉතාලියට ඇවිත් තියනවා 1980 දී බිරිදගේ නම Anna Aldrovandi එයාලා ඉදලා තියෙන්නේ ඉතාලියේ මෝදනා කියන නගරේ, එහෙදී පුතෙක් හම්බවෙනවා එයා ප්රී ඒකනායක, මේ කාලෙ තමා සේපාලගේ ඉතාලියේ නැවතිමේ බලපත් මොකක් හරි හේතුවකට ඉතාලි පොලිසියෙන් අරගන්නේ පස්සේ සේපාලට ලන්කාවට එන්න වෙනව මේ හේතු හින්දා පස්සේ ලන්කාවේ ඉතාලි එම්බසියෙන් වීසා ඉල්ලනවා ඒත් එතනින් සේපාලට වීසා දෙන්නෙත් නෑ මෙයා ඉතාලියට පාඩමක් උගන්නන්න හිතාගන්නේ එතනින් බිරිද දරුවා ඒ වෙද්දි ඉතාලියේ, වැඩේ පටන් ගන්නේ සේපාල වීසා අරගන්නවා ජපානෙට යන්න ඒ ඉතාලි අලිතාලියා ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් යන්න,ඉන්දියාවෙදි තමා මෙයා ගුවන් යානයට ගොඩ වෙලා තියෙන්නේ,ගුවන් යානය මගීන් 340 එක්ක යන බෝයින්ග් 747 යානයක් ඒ 1982 දී,සේපාල ඉන්නවා සේප් එකේ වෙලාව එනකන් යානය අඩි 35000 මට්ටමට එනකන්,පස්සේ බොරු වයර් කැලි එක්ක බොරු බෝම්බ ඇදුමක් ඇදගෙන යානය එයාගේ යටතට ගන්නවා,යානය බස්සවගන්නව තායිලන්තයට සේපාලගේ ඉල්ලීම බිරිද , දරුවා එක්ක ඩොලර් 300000 ක්,ඉතාලි රජය ඒ ඉල්ලිම ඉටුකරනවා සේපාල යානය මුදාහරිනවා.
පස්සේ තායිලන්තයේ හිටපු ලන්කාවේ තානාපති සේපාලව ලන්කාවට යවන්න වැඩේ සෙට් කරනවා, ලන්කාවෙදි අත් අඩන්ගුවට අරගන්නවා,මරු වැඩේ කියන්නේ එතකොට අපේ නීති පොතේ ගුවන් යාන උස්සනවට නීතියක් තිබුනේ නැලු ඊට ඉස්සල්ලා කවුරුත් ප්ලේන් උස්සලත් නැ පස්සෙත් උස්සලා නෑ තමා,එතකොට හිටපු ජේ.ආර් මහත්තයා නීතියක් හදල සේපාලව අවු.5 ට හිරේට යවල තියනවා,සේපාලගේ බිරිද දරුවා ආයේ ඉතාලියට ගිහින්,සේපාල පස්සේ ලන්කාවෙදි විවාහ වෙනවා,මේ ලග කාලෙකදි සේපාලගේ දරුවා ප්රී එකනායක ලන්කවට ඇවිත් තිබුනා කියලා මම පුවත් පතක දැක්කා,මොනවා උනත් ආදරය වෙනුවෙන් නියම වැඩක් කරපු නියම වීරයෙක් නේද,ඔන්න වීරයෙක් ගේ කතාව....