Pages

Monday, April 6, 2015

හිරේ ගියෙමි..



එදා පොලිසියෙන් මගේ ගෙදරට තට්‍ටු කරද්දී පාන්දර 4, පස්සෙ තමා දැන ගත්තේ එදා පාන්දර 4 අපි සෙට් එකේ අනිත් 6 දෙනාවත් පාන්දර 4ට  පොලිසියෙන් අරන් තිබුනෙ කියලා.තවත් ටීම් එකක් එක්ක තිබුනු ගහ ගැනිල්ලක් දුර දිග ගිහින් අපි සෙට් දෙකම ඒ වෙනකොට ඉතාලි පොලිස් පොතේ නම් ගිහින් තිබ්බෙ. සමහර අයගේ නවාතැන් බලපත් පවා පොලිස් භාරයේ තිබුනේ,කොහොම හරි අවසන් පාරට අපේ සෙට් එකේ ලොකු අයියා උගෙ මල්ලි වයිප්ලා එක්ක ගෙදර ඉද්දී අනික් ටීම් එකේ සෙට් එක ගැණු මිනිස්සු ලොකු පිරිවරක් ඇවිත් දරුණු ප්‍රහාරයක් එල්ල කෙරුවා,කොටින්ම අපේ සෙට් එකේ අරුන් දෙන්නගේ ගෑණුන්ට පවා ස්පිරිතාලේ යන්න වැඩ සිද්ද උනා,,ඒ සීන් එකේදී අරුන්ගෙ සෙට් එකේ 3ක් පොලිසියෙන් ඇරෙස්ට් කලා.ඔහොම දවස් කීපයක් යද්දී තමා අපේ ලොක්ක උන්ගෙ මල්ලි එක්ක යද්දී අරුන්ගෙන් එකෙක්ව තනියම පාරෙදි සෙට් වෙලා තියෙන්නේ, මේ යක්කු දෙන්නා අරූව බලෙන් කාර් එකට ඔබාගෙන්,ඕක දැකපු පාරෙ ඉතාලි පොරක් පොලිසියට කියලා කාර් එකේ නම්බරෙත් එක්කම,මගෙත් අවාසනාවට එදා සවස ලොක්කගෙ ගෙදර ගියා එතකොට අරූව පු‍ටුවක තියලා සෙලෝටේප් ගහලා හොද පාඩමක් උගන්නන්න කියලා,,මොනා කරන්නද මම ගිහින් විනාඩි 5ක් ගියෙ නෑ පොලිසියෙන් පැන්නා,,එදා අපි සෙට් එකම දවස් කීපයක් පොලිසියෙ ඉදලා තමා ආයෙ ගෙදර ඇවිල්ලා උන්නෙ,පස්සෙ දවස් කීපයකට පස්සෙ තමා අර විදිහට පාන්දර සෙට් එකවම ඇරෙස්ට් කලේ,අපේ සිටි එකේ 5ක් එක්ක අනික් එකා උන්නේ මිලාන් නගරෙයේ මෙහෙන් පෑනලා ගිහින්,,මම ඊට ඉස්සරින්දා රෑ ඌට කෝල් කලා,,ඒක පොලිසියෙන් නෝට් කරලා අරූ ඉන්න ගෙදරටම ගිහින් අපිව ගත්තු වෙලාවටම අරූවත් අරගෙන තිබුනා,
 ඒ වෙද්දී අනික් සෙට් එකේ උන් අපිට කේස් වැටෙන්න බොරු පැමිනිලි ලෝඩ් එකක් දාලා තිබ්බෙ,සමහර ඒවා බොරු කියලා පොලිසියටම දැන ගන්න පුලුවන් උනේ සමහර පැමිනිලි වල දින වල අපි පොලිසියෙ උන්නු නිසා.ඒත් අරූව පැහැර ගත්තු කේස් එකට අපිව ඉක්මනින්ම අවුරුදු 2ට හිරේ යන්න තීන්දු උනා,,තවත් නඩුවක් ඉතුරු උනා.
තට්‍ටු දෙකක් උනු ඒ බිල්ඩිමේ පහල තට්‍ටුවට අපි සෙට් එකවම වැ‍ටුනා,කාමර 45ක් තිබුනු ඒ තට්‍ටුවේ එක කාමරේකට හිරකාරයෝ දෙන්නයි,මාව අපේ ලොක්කා එක්කයි වැ‍ටුනේ,අනික් උනුත් අපිට අල්ලපු කාමරවලටම වැ‍ටුනෙ,ඒත් දවස් 5යි මම අපේ උන් එක්ක උන්නේ,නොයෙක් මත ගැ‍ටුම් නිසා මම තීරනේ කලා උඩ තට්‍ටුවට මාරුවක් ගන්න.

ඔය මාරුවක් ඉල්ලලා ඒ බිල්ඩිම බාරව ඉන්න ජේලර්ට ඉල්ලීමක් ඉදිරිපත් කරාම පොර උඩ තට්‍ටුවේ කාමරේක ඉඩක් ආපු ගමන් මට මාරුව හදලා දුන්නා,එදා ඉදන් මම උන්නෙ උඩ තට්‍ටුවේ මගේ කාමර සගයා ඉතාලි කොලුවෙක්,ඌ හරි හොද එකා,,මට හිර ගෙදර තියන නීති එතකොට හිරකාරයෝ අතරේ තිබ්බ නීති අපි කොහොමද සිටිය යුත්තේ කියන ඒවා විස්තර කරලා දුන්නේ ඔය කොලුවා.
උදේ 8 වෙද්දී අපි පිරිසිදු වෙලා කෑමට ලැස්ති වෙන්න ඕනා,උදේ 9 වෙනකන් නිදා ගැනීම තහනම්, නිදි නම් ඒ යම් කිසි අසනීපයක් නම් විතරයි ඒත් අස්නීපයක් නම් හැමදාම උදේ 8.30 එන දොස්තරට ලෙඩේ කියන්න ඕනා, හිර ගෙදර අපිට පොයින්ට් හම්බෙන කාඩ් එකක් තියනවා 9 වෙනකන් නිදියලා අහු උනොත් ලකුනු කැපෙනවා, උදේ කිරි,තේ කෝපි හම්බෙනවා කාමරේටම ඒවා එනවා ට්‍රොලියක,ඒ වගේම තමා දවල් ‍රෑ කෑමත් කාමරේටම එනවා,ඒවා පිලියෙල කරන්නෙත් හිරකාරයොමයි.
ඉතාලි හිරේ කෑම ගැන කියනවා නම් කෑම අජූතයි,තනිකර වතුර,කිසි රසක් නැති, උදේට සමහර දවසට කිරිත් එහෙමයි, ඒත් මෙහ මරු ක්‍රමයක් තියනවා,අපි හිර ගෙදරට එද්දී අපිට සල්ලි එකවුන්ට් එකක් හැදෙනවා,ඒකට අපේ ගෙවල් වල අයට සල්ලි පුරවන්න පුලුවන්,ඒ සල්ලි වලින් දිනපතා එන ට්‍රොලි කඩෙන් ඕනම දෙයක් සල්ලි වලට ගන්න පුලුවන් කෑම බීම වර්ග,,හැබැයි එලියෙ තියන මිලට වඩා ඩබල් මිලක් සේරම දේවල්,හිර ගෙදර කෑම චාටර් කරලා,කෑම සල්ලි වලට විකුනන සිස්ටම් එකක් එතන තියෙන්නේ,සවස අපි අපට හෙට ඕනා කෑම බීම වර්ග ලියන කොලේ මාක් කලාම හෙට ට්‍රොලිය එනවා ඒ බඩුත් එක්ක,,අපේ බඩු චෙක් කරලා අරගෙන,ට්‍රොලියේ සේවකයට දැනුම් දෙන්න ඕනා බඩු හරි කියලා අඩු නම් ඒත් දැනුම් දෙන්න ඕනා,,පස්සෙ අපේ සල්ලි අකවුන්ට් එකෙන් සල්ලි කැපෙනවා.අනෙක් අයත් සමග කෑම බීම බෙදා හදාගෙන කෑමත් කරනවා,,ආ කියන්න අමතක උනා අර කැම්ප් ලිප් අර ට්‍රොලියෙන් සල්ලි වලට ගන්න පුලුවන් කෑම උයා ගන්න.

අපිට දවසට දෙපාරක් එලියට යන්න දෙනවා බිල්ඩිම ලග තියන පොඩි පිට්ටනියට පැය භාගයක් විතර,ඒක අපේ තට්‍ටුවේ අයට විතරයි,අනෙක් තට්‍ටුවෙ අයට වෙන වෙලාවක්,ඒ යන වෙලාවට විතරයි මට අපේ අනික් අය එක්ක කතා කරන්න හම්බුනේ,
උදේ කැමෙන් පස්සෙ අපි අනිවා අපේ කාමරේ සුද්ද කරන්න ඕනා,, ඒක හිරකාරයන් අතර තියන නීතියක්,ඒක චෙක් කරන්න හිරකාරයෙක්ම උන්නා,,ඉතා පිරිසිදුව සුද්ද කරන්නම ඕනා,,සුද්ද නොකලොත් අර අපේ පොයින්ට් කාඩ් එකේ ලකුනු කැපෙනවා,කාමරේට පොඩි කොමඩ් එකක් මූන හෝද ගන්න පහසුකම තියනවා,නා ගන්න නම් නාන හෝල් එක වෙනම තියනවා තට්‍ටුවට එක ගානෙ,ඕනා වෙලාවක නාගන්න,රෙදි හෝද ගන්න පුලුවනි,කොහොමත් අපේ තට්‍ටුවේ අපිට කාමරෙන් එලියට යන්න ඇවිදින්න පුලුවන්,තට්ටුවේ කොරිඩෝව දිගේ.
මේ හැම තට්‍ටුවකටම හිරකාරයො අතරේ නායකයෙක් ඉන්නවා මෙතන කොහොමත් මිනිමරුවන් වගේ දරුනු අපරාදකාරයෝ,මාපියාකාරයෝ එහෙම නෑ ඒ අයට වෙනම කාමර තියෙන්නේ,නෝමල් වැරදිකාරයො තමා අපේ බිල්ඩිමේම දඩුවම් වින්දෙ,තට්‍ටුවේ නායකයා තට්‍ටුවේම සමගිය පිලිවෙල හසුරවනවා,,කාත් එක්ක හරි ගහ ගත්තොත් ඒක හිර ගෙදර ජේලර්ලට පැමිනිලිකරන්න තහනම්,නායකයට පැමිනිලි කරලා කේස් එක විසද ගන්නවා,,සමහර වෙලාවට මිනිහම තමා ගහ ගන්න ඒවා නවාත්තන්නේ,

මම කොහොමත් පාඩුවේ උන්නේ මහ එපා කරපු උන් හිටියා අපේ තට්‍ටුවේ,,අපි විදේශිකයෝ නිසා එක එක කරදර කරපු උනුත් හිටියා ඒත් ඒ හිරේට ආපු මුල් මාසෙ විතරයි,මම සේරමන්ටම උදේ රෑ සුභ පතලා අඩු කතා බහෙන් සේප් එකේ උන්නා,කීප වතාවක්ම මට තට්‍ටුවේ කාමර කීපෙකටම මාරු වෙන්න උනා,,ඒ තට්‍ටුවේ එකෙක් එක්ක හිතවත් උනාම, උගේ කාමරේ එකා නිදහස් වෙලා ගිහාම ඌ මට කතා කරනවා උගේ කාමරේට එන්නයි කියලා,,මම ඉතින් සුහදකම නිසා එහෙම අනික් කාමර වලට ගියා කීප වතාවක්ම.
ඉතාලි හිර ගෙදර දඩුවම් කාලය අවුරුද්දක් නම් ඒකෙන් මාස 3ක් අඩු වෙනවා එතකොට අවුරුද්දට මාස 9 දඩුවම් විදින්නෙ,,අර පොයින්ට් කාඩ් එක චාටර් නම් ඒ මාස 3 අඩුව හම්බෙන්නෙ නෑ තවත් මාස වැඩි වෙනවා මිසක්,උදේ සවස දොස්තර එනවා,ඉරිදටා ක‍තෝලික පාදර් කෙනෙක් එනවා,ඉරිදට නම් දවල් කෑම වේල පොඩ්ඩක් හොදට එනවා,දවස ගානෙ විනාඩි 10ක් ගෙදරට කතා කරන්න පහසුමක් තියනවා ඒකට නම් පොඩි අයකිරීමක් උනේ,අර අපේ සල්ලි අකවුන්ට් එකෙන් සල්ලි කැපුනා,අවුරුදු 2ට හිරේ ගියාට මාස 18න් අපිට නිදහස හම්බුනා,පොයින්ට් කැපුනු නැති නිසා,අනෙක් නඩුවට ගේන්න ඊට ඉස්සරින්දා දැනුම් දෙනවා උදේට ලැස්ති වෙලා ඉන්න කියලා උසාවි යන්න,
ඔහොම තමා ඉතාලි හිරගෙදර දවස් ගෙවුනේ,උදේ වෙනවා රෑ වෙනවා,දවසට පැයක් ඉර එළිය දකින්න හම්බෙනවා,කොහොමත් හිරකාරයන්ගේ පහසුකම් ඉතා ඉහලයි,ඒත් ඉතින් හිරකාරයන්ගෙන්ම හොද ආදායමක් ගන්නවා ඇති,බිල්ඩිමේ තට්‍ටුවේ අතර විතරයි සබදකම් පහල තට්‍ටුව සමග කිසි සබදකමක් නැ,,කවුරු හරි කෙනෙක් නිදහස් වෙලා යනවා නම් තට්‍ටුවේ සියලු දෙනා ‍රැස් වෙලා කෑ ගහලා සුභ පතනවා,එදා මගේ අවසන් දිනයදා මටත් ඒ වගේම ඉහල සුභ පැතුම් හම්බුනා.





-පහු ගිය දවසක මට හම්බුනු පුද්ගලයෙක්ගේ කතාවයි.අප පිට රටකට එන්නේ යම් දෙයක් හම්බු කරගෙන යන්න මිසක් එක එකා සමග ගහ මරාගෙන හිරේ යන්න නොවන බව මේ මිනිස්සුන්ට තේරෙනකොට කාලෙ ගිහින් ඉවරයි,ඉස්සර ඉතාලියේ පොඩි වරදක් කරලා අසු උනොත් පි‍ටුවහල් ක්‍රමයක් තිබුනේ ඒත් අද පවතින රටේ ආර්ථික ගැටලු නිසා පි‍ටුවහල් කිරීම නැවතිලා,මේ පුද්ගලයා සමග මම කල කතාවෙන් මට තේරුනේ මිනිහා දැන් නම් හැදිලා කියලා,නරක මිතුරන් ඇසුර නිසා වසර 2ට ආසන්න කාලයක් අපරාදෙ නාස්ති කර ගත්තා,මිනිහා ඉස්සර හොදට ‍රැකියාව කරන් හිටි එකෙක්,,ඒත් නරක ඇසුර බීමත්කම,චන්ඩිකම ප්‍රදර්ශනය කරන්න ගිහින් හොද දඩුවමක් වින්දා,තවත් නඩුවක් ඉතුරු වෙලා තියනවා,ඒක නම් අහක යාවිලු,,මොකද අනෙක් කන්ඩායමේ උන් උසාවි එන්නෙ නෑලු,සාක්කි එකෙන් එක පරස්පර සාක්ශි ලු,ඒ එක්කම ඒ කස්ටියටත් ඉහත දඩුවම් විදි කණ්ඩායමේ කාන්තාවන්ට රෝහල් ගත වෙන්න පහර දීමේ නඩුව ඉවර වෙන්න ලග වගේම ඒකෙන් කීප දෙනෙක්ටත් ඉහත පුද්ගලයා වගේම හිර දඩුවම් විදින්න වේවි කියලයි මා සමග කතා කල පුද්ගලයා කිවුවේ.
ඉතාලියේ තියන නිදහසෙන් මේ විදේශිකයින් අයුතු ප්‍රයෝජන ගන්නවා කියලයි මට හිතෙන්නේ,ඒත් ඉතින් හිරකාරයන්ගේ බොහෝ වියදම් හිරකාරයින්ගෙන්ම කවර කිරීමකුත් වෙනවා,,ඒක හොද දෙයක්,මැත කාලෙක ඉදන් නම් මා සිටින නගරයේ මේ ගූ කේස් අඩු උනා,,මේ සෙට් එක හිරේ ගිය නිසාඅ, දැන් අනෙක් උනුත් දඩුවම් විදින්නම ඕනා,,එතකොට අනෙක් උනුත් හැදේවි.-

32 comments:

  1. මොන පහසුකම් තිබුනත් හිරේ යනවා කියන එක කරුමයක්...
    ගොඩක් මිනිස්සු ඕක තේරුම් ගන්නේ ඔක්කොම වරද්ද ගත්තට පස්සේ

    ReplyDelete
    Replies
    1. ඒත් අනේ සමහරුන්ට ගානක් වත් නැහනේ කී
      සැරයක් ගියත් ..

      Delete
    2. සමහර උන් නම් හැදෙනවා සමහර උන්ට පුරුද්දට යනවා

      Delete
  2. මම මේ බැලුව මොනව කරලද හිරේ ගියෙ කියල.

    ReplyDelete
    Replies
    1. යන්න කියලයි බැලුවෙ අප්පා,,,

      Delete
  3. ලංකාවෙ හිරගෙවල් වල තත්වෙට වැඩිය නං හොඳයි වගේ.

    ReplyDelete
    Replies
    1. තරමකට හොදක් තියන බව පේනවා රාජ්

      Delete
  4. හිරයක් ගත්තා වගේ තමයි මේකත්, සල්ලි තියෙනවා නම් ෂේප්!

    ReplyDelete
  5. ඡේද හරියට ඉඩ තියලා කඩනකං මමනම් කියවන්නේ නෑ නෑමයි..!

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔන්න ඉතින් පොඩ්ඩක් කියවලම යමල්ලකෝ

      Delete
  6. rosa
    උබ කොහෙද මචන් ඉන්නෙ?ලංකාවෙ උන් ටිකක් සෙට් වෙන්නෙන් කොතනද එත්න වලියක්.

    ReplyDelete
  7. එක දිගට එක හුස්මට ලියලා වගේ,, ජේද වෙන් කරානම් කියවන්න පහසුයි,, මට ප්‍රිසන් බ්රේක් මතක් වුණා

    ReplyDelete
    Replies
    1. අමතක වෙනවා මෙයා ජේද කඩන්න,,,

      Delete
  8. මෙහේට එන සමහර දෙනෙක්ට වෙන දෙයක් ඕක.. කාලෙකට කලින් මම ලියපු සිද්දියත් ඩිලාට සමහර විට මතක ඇති.. මේවයේ හිර ගෙවල් දවල්ට සුරපුර උනාට රෑ වෙද්දී අපායවල්..

    ReplyDelete
    Replies
    1. ගිය උන් බොරු ගහනවා තමා බන්,,ලෝකෙ කොහෙ හිරෙත් සුන්දර වෙන්න විදිහක් නෑ,,,උබේ කතාව මට මතකයි,,,ආ මුන් සෙට් එකත් කතානියා උන්නා,,,

      Delete
  9. මේ බලන්ඩ හොරෙක් කියන කතාවක්
    https://youtu.be/1WLbuma9NuM

    ReplyDelete
  10. මේක කියවනවට වඩා හිරේ යනව හොඳයි බං.

    ReplyDelete
  11. අර උඩ අය කියපු එකමයි මටත් කියන්න තියෙන්නේ. මොනවද හලෝ වෙන්කරනවාකෝ මේක කියවන්න පුළුවන් විදියට කොටස්.

    ඩිලාන් ට කියන්න මට නම් මට නම් ඔහොම මිනිස්සු හම්බ වෙන්නේ නෑ. ඒ කියන්නේ වරදක් කරලා ඒකෙන් හැදුන මිනිස්සු.
    මිනිස්සු හිතාගෙන ඉන්නේ ඊට පස්සේ අපිට හිරේ ගියත් ගේමක් නෑ කියලා. අනෙකාට තර්ජනය කරන්න යන්නේ ගහගන්න යන්නේ නිකම් ඉල්ලගෙන. එහෙම නොවී ඉන්න මිනිස්සු ඉන්නවා නම් ඒක සතුටට කරුණක්.
    දැන් හොඳම ට්‍රෙන්ඩ් එක මට කෝල් කරලා අහනවා මේ මෙහෙම වුනොත් මොකද කරන්නේ කියලා. මෙවුන් හිතන් ඉන්නේ මෙහේ ඕනේ එකක් කරලා කාන්තාවක් කියලා බේරෙන්න පුළුවන් කියලා. නටන්න පුළුවන් නැටිලි ඔක්කොම දාලා එනවා උදව් ඉල්ලගෙන...

    ReplyDelete
    Replies
    1. ඊලග පාර ජේද කඩන්නම්..
      ඩීපෝර්ට් නොකරන එකේ ප්‍රතිපලේ තමා අක්කෙ,,,ඒත් හැදෙන උනුත් ඉන්නවා

      Delete
  12. හිරේ ගියාම ඔහොමනම් "ඉතා ලියෙන් හිරයක්" ගත්තොත් කොහොමට තියේද ඩිල්සි?

    ReplyDelete
    Replies
    1. ඉතා ලිය කියන නමෙන්ම බය ගන්නවා නේද තිස්ස අයියා,,,

      Delete
  13. ප්‍රිස්න් බ්‍රේක් මතක් වුණා... කට්ටියට සෙට් කරලා පච්චයක් කොටලා කඩලා දාමුද????

    ReplyDelete
    Replies
    1. අනිවා කරමු කුරුටු

      Delete
  14. කසාද බැඳහමත් ඉතින් ඉතාලියේ හිරේ ගියා වගේ තමයි....

    හිටපු ගමන් කෑම එනවා කටේ තියන්නවත් බැරි විදිහට, ඒත් ඉතින් මීක් කියන්නේ නැතිව කන්න ඕනේ......! සද්දේ දැමොත් කඩේ කෑම තමයි....!

    ReplyDelete
    Replies
    1. මොකෝ අප්පා මේ දුකින් වගේ,,දුමී අයියලා අපිව බය ගන්නවා නේ

      Delete
  15. සැපට ඉන්න පුලුවන් හිර ගෙවල් තියෙන්නෙ ඔස්ට්‍රේලියාවෙ කියලා මම අහලා තියෙනවා. උඹ නාමල් අයියට සමු දීලා ලියපු ලිපිය කෝ බං....

    ReplyDelete
    Replies
    1. හික්ස් නා ගත්තා ඉක්මනින් ඒක ගලෝලා දැම්මා...උබටත් ඕනා නැති මගුලක් නෑ

      Delete
  16. උඹ අර පසු වදනට කියන්න හිටපු එක මම කියන්න හිතාගෙන හිටියේ මම ඒක කියවනකල්.

    ReplyDelete