Pages

Sunday, October 27, 2013

අනවසර බෝට්‍ටු සංක්‍රමණිකයෝ...

ඉතාලියට තියන ආර්ථික ප්‍රශ්න එක්ක මේ අවුරුද්ද පුරා තියන අනික් ප්‍රශ්නේ තමා මේ වසරේ ශ්‍රීස්ම සෘතුවත් එක්ක වැලට එන්න ගත්තු අනවසර බෝට්‍ටු, අප්‍රිකාවෙත්,මැද පෙරදිග කලාපේ රටවලත් තියන යුද්ධ මේකට පලවෙනි හේතුව.සිරියාව ගැන කියන්න දෙයක් නෑ නේ අමුතුවෙන්,,බෝට්‍ටු ගමන් අඩු වෙලා තිබිලා මේ වසර දෙකේ ආයෙත් හිසරදයක් වෙන්නම එන්න අරගෙන,බොහෝ අනවසර සංක්‍රමනිකයෝ ඉතාලියට එන්නේ යුරෝපෙට ඇතුල් වෙන දොර මේක නිසා,අනික අප්‍රිකානු මහද්වීපෙට ඉතාමත් ලග නිසා,ගොඩක් අය යුරෝපේ අනික් රටවලට ගියත් තවත් විශාල පිරිසක් ඉතාලියෙම නවතිනවා.
ඉතාලියට මුල්ම බෝට්‍ටු පැමිනෙන්න අරගෙන තියෙන්නේ 90 දශකයේ මුල්ම කාලේ තුර්කි යුද්ධයත් එක්ක,මද්යධරණි මුහුද හරහා ඉතාලියේ සිසිලි දූපතට හෝ සිසිලි දූපතට අයත් ලම්පෙදූශා දූපතට තමා මේ බෝට්‍ටු පැමිනෙන්නේ.ඒ අප්‍රිකාව හරහා එන අය..තවත් කොටසක් මුහුදු තරණය කලා ඒ කාලයක් ඉතා සශ්‍රීකව තිබුනු අද වැලේ වැල් නැතුව තියන නැගෙනහිර යුරෝපානු රටවල් වලින්,,90 දශකයේ මුල් කාලේ මේ රටවල් වලත් දරුනුවටම යුද්ද ඇවිලුනා,,තාමත් ඒ රටවල් විනාශෙන් ගොඩ ඇවිත් නෑ,මේ අය සිසිලි දූපතට නෙමේ ඉතාලියේ නැගෙනහිර තීරුවට  යුගෝස්ලෝවියාව හරහා,,අද්‍රියාතික මුහුද තරනය කිරීම,ඒත් 90 දශකයේ මුල් කාලෙම මේ ගමන නම් නවත්තලා දාගන්න ඉතාලියට පුලුවන් උනා,ඒත් මද්යධරනි මුහුදේ කරදර නම් නවත්තන්න පුලුවන් කමක් පේන්නෙම නෑ වගේ,

මේ දවස් වල මම ඉන්න නගරේ ගෘහස්ත ක්‍රීඩාගාරෙකත් මේ අප්‍රිකානු සරණාගතයෝ විශාල ප්‍රමානෙකට නවතින්න පහසුකම් හදලා දීලා තියනවා,,,මොනවා උනත් යුරෝපා රටවලින් මනුස්සකම ඉතා ඉහල තැනක තියන් ඉන්න ඉතාලි ජාතිකයෝ මේ මිනිස්සුන්ට පුලුවන් විදිහට සලකනවා,,ඒ අතර සිසිලිය ඉතාලියෙන් දුප්පත් කොටසක් උනාට,,මේ මිනිස්සුන්ගේ පුදුමාකාර මනුස්සකමක්,කරුණාවක් මේ වෙලාවේ තියනවා,පහු ගිය 3 වෙනිදා සෙනග 515 එක්ක ආපු බෝට්‍ටුවක් ලම්පෙදූසා දූපත ආසන්නයේ ගිලිලා ගියා,අවාසනාවට මේ අයගෙන් 170 විතර ප්‍රමානයක් තමා බේර ගන්න පුලුවන් උනේ,,,ඒකට ඉතාලි ජාතිකයෝ පලු යන්න බනින්න ගත්තේ රජයට මොකද මේ දූපතේ පදිංචි ඒ වෙලාවේ මූදේ උන්නු ධීවරයෝ මේ ගිලුනු මිනිස්සුන්ව බේර ගන්න උත්සහයක් දැරුවට ඉතාලියේ තියන නීතියක් මේකට හරස් උනා,ඒ තමා කිසිම අනවසර පුද්ගලයෙක්ව බෝට්‍ටු මගින් ගොඩබිමට ‍රැගෙන ඒමට තියන තහනම,,මේ ධීවරයෝ මොකද කලේ ඉක්මනින් ගොඩබිමට ඇවිල්ලා,,බලධාරින්ට දැනුම් දීලා අර ගිලෙන මිනිස්සු බේර ගන්න යෑම,,ඒත් ඒ වෙනකොට මිනිස්සු සෑහෙන ප්‍රමානයක් මිය ගොස් ඉවරයි,මිනිස්සු බනින්න ගත්තේ මේ තිබුනු නීතියට.කොහොම හරි නමක් නොමැති පුද්ගලයින් විශාල ප්‍රමානයක් සිසිලි බිමේ ඉතාමත් ඉහල ගරු බුහුමන් සමගින් මිහිදන් උනා,සමහර ඉතාලි ජාතිකයන් තමන්ට පවුලෙන් අයිති වුනු තමන්ගේ මිය ගිය නෑයන් මිහිදන් උනු ඉඩ
මේ නොදන්න කවදාවත් නොදැකපු අසරනයන් වෙනුවෙන් කැමැත්තෙන්ම අවසර දුන්නා ඒ මිනිස්සුන්ගේ සැතපීමට.

03 වෙනිද සිද්දියට අමතරව තවත් බෝට්‍ටු කීපයක්ම මේ වගේ අනතුරු සිදු වෙලා තවත් විශාල ප්‍රමානයක් මිනිස්සු මිය ගියා,ආසන්නම සිද්දියක් උනා මෝල්ටාව ආසන්න මූදු තීරයෙත්,
පුවත් පත් වල කියන විදිහට මේ මිනිස්සු එන්නෙත් සල්ලි වියදම් කරලා, හැබැයි ආයේ එයාලගේ රටවලට යන්න බලාගෙන නෙමේ,,,එක්කෙනෙක් ඩොලර් 3000 පමන වියදම් කරනවා කියලා පුවත් පත් වල මම දැක්කා,අනික එන්නෙත් පවුල් පිටින්,,පුංචි දරුවෝ පවා,,සමහර ගැබිණි කාන්තාවන්ට බෝට්‍ටුව තුළදිම දරු ප්‍රසූතියන් පවා සිදු වෙලා තියනවා.මුල් මුල් ආපු මේ මිනිස්සුන්ට දේශපාලන ‍රැකවරන දීලා යූරෝ 500 මුදලකුත් දීලා යුරෝපේ කැමති රටකට යමල්ලා කියලා ඉතාලිය ඉඩ දුන්නා,,,ඒත් මිනිස්සු ගියාට ගොඩක් අය ආයෙත් ඉතාලියටම ඇවිල්ලා,මොකද මේ අයව ඒ රටවලින් බාර අරගෙන නෑ,අද ඉතාලිය මේ ප්‍රශ්නේ නිසා යුරෝපා සංගමේ ඉස්සරහා නාහෙන් අඩන තත්වෙට වැටිලා.
ශ්‍රී ලංකාව සහ බෝට්‍ටු...
මට අපේ අය දාපු බෝට්‍ටු සෙල්ලම් ගැනත් මතක් උනා මේ 03 වෙනිදා කියපු සිදු වීම පුවත් වලට කියනකොට අපේ රටේ නමත් ඇහුනු නිසා, ඒ තමා මේ සිදු වීමටපෙර ඉතාලියේ වැඩිම පිරිසක් ගිලුනු බෝට්‍ටුව අපේ රටෙන් ගිය එකක් වීම,ලාංකිකයන්,ඉන්දියානුවෝ,පකිස්තානුවෝ එකතුවක් තමා වාර්ථාවේ තිබිලා තියෙන්නේ ඒ 260 පිරිසක්, සිදුවීම 90 දශකයේ අවසන් කාලයේ වෙලා තියෙන්නේ.
අපේ අයට බෝට්‍ටු ලෙඩේ බෝ වෙන්න අර ගත්තේ 96 වගේ කාලේ,,ඒත් මේ බෝට්‍ටු ගියේ අපේ රටේ ඉදලා නෙමේ,අපේ අය සංචාරක වීසා මගින් නැගෙනහිර යුරෝපා රට වලට ගිහින් ඒ හරහා නැත්නම්,ග්‍රීසියට හෝ  ඊජීප්තුවට ගිහින් එතන ඉදන් බෝට්‍ටු මගින්,මේ බෝට්‍ටු වැඩේට පුරුදු උනේ ඊට පෙර තිබුනු දේශ සීමා පැනීම සම්පූර්නයෙන්ම නැවතුනු නිසා,ඒකට හේතුව ඒ ක්‍රමේ ඉතාලියත් අවට යුරෝපා රටවල් අතරත් ප්‍රසිද්ධ වීම,ඒත් හිමීට බෝට්‍ටු ක්‍රමේට යන්න අපේ අය පාර හදා ගත්තා.
හා හා පුරා කියලා නමෝ විත්තියෙන් වෙන්නප්පු මූදු තීරෙන් ට්‍රෝලරයක් පිටත් උනේ 97 වගේ,,ඒ ඉතාලියට නෙමේ ඕස්ට්‍රේලියාවට,ගමන් දෙක තුනකට වඩා යන්න බැරි උනා,එහෙ තියන නීති එක්ක මේ ගමන ඒ කාලේ නැවතුනා.
90 දශකයේ මුල් කාලේ බෝඩර් පැනීම හබක් වීමත් එක්ක අපේ අයත් මුලින්ම පුරුදු උනේ අද්‍රියාතික මුහුද හරහා බෝට්ටු දැමීම.ඒකට අපේ අය යොදා ගත්තේ සංචාරක හෝ අධයාපනික වීසා මගින් රුසියාවට හෝ නැගෙනහිර යුරෝපා රට වලට ගුවන් මගින් ගමන් කිරීම එතන ඉදන් යුගෝස්ලෝවියානු රටවලට ගිහින් අද්‍රියාතික මුහුද හරහා පොඩි බෝට්ටු මගින් ඉතාලියට ලගා වීම,,,ඒ පුංචි කන්ඩායම් වශයෙන්,මේක සම්පූර්න මෙහෙයවීම කලේ රුසියානුවෝ හෝ යූක්‍රේන ජාතිකයෝ.මේ බෝට්ටු වලට වගේම බෝඩර් පැනීමත් රුසියාවේ ඉදන් මෙහෙයවපු අපූරු චරිතයක් උන්නා,ඒ රුසියාවට වැඩි දුර ඉගෙනුමට ගිය සිසුවෙක්,ලංකාවේ මේ ගමන් සංවිධානය කරපු අයට මේ සිසුවව නැතුවම බැරි උනා,,අවසානෙදි තනිකර රුසියාව හෝ නැගෙනහිරි යුරෝපා රටවල් මෙහෙයවීම කලේ දයාල් නම් උනු එවකට මේ සිසුවා.දයාල් රුසියාවෙම පදිංචි උනා පස්සේ.මුලින් අද්‍රියාතික මුහුදේ මෙහෙයුම් අඩපන උනාම,ඊලගට පටන් ගත්තේ අර වගේම ග්‍රීසියට බෝඩර් පැනලා ගිහින් එතන ඉදන් බෝට්ටු මගින්,පස්සේ ඒකත් නැවතුනු ගමන් කලේ ඊජිප්තුවට ගෙනියලා සූවස් ඇළ හරහා බෝට්ටු මධයදරණි මුහුද හරහා ඉතාලියට ඇතුල් වීම.
ඇත්තටම ලංකාවේ මිනිස්සු ඉතාලි යවන්න වංචා කලාටවත්,මිනිස්සුන්ව අතරමග රටවල අතරමං කලා කියලවත්  කිසිම කෙනෙක් අදටත් මේ දයාල්ට බනින්නේ නෑ,දයාල් ලගට ගිය කෙනෙක් දයාල්ගේ හොද කියනවා මිසක් බනිනවා මම අහලා නෑ.ඉතා සූක්ශම මොළයක් පාවිච්චි කරලා මේ දේවල් කරන්නත් ලොකු ශක්තියක් තියෙන්න ඕනා.
මේ 97 වසර මේ වෙනකොට අර ගමන් හබක් වෙලා ඉවරයි.අපේ අයට දැන් අලුත් ක්‍රමයක් හොයා ගන්න වෙලා,අනික පොඩි පොඩි කණ්ඩායම් පිටත් කිරීම ප්‍රායෝගික වශයෙන් ඉතා අපහසු වෙලා තිබුනා.මම ඉස්සල්ලා කිවුවා නේ ඒ වෙනකොට ඕස්ට්‍රේලියාවට පටෝලා බැලුවා කියලා,,ඒ ගමන් පැත්තක දාලා මීගමු ධීවර වරායෙන් ඔන්න පටන් ගත්තා ඉතාලියට ට්‍රෝලර් පිටින් සෙනග පැටවීම,කොහොමත් 50 ආසන්න ප්‍රමානයක් පටවගෙන තමා ගමන ආරම්භ කලේ, අපේ රටෙන් පිටත් උනු ට්‍රෝලර් ආරක්ශාකාරිව ගොඩ බහින්න හේතුව තමා ඕනවට වඩා සෙනග පටෝගෙන නොයාම.නොගිලුනාම නෙමේ ඒත් ගොඩක් අඩුයි.
ඔන්න ඔය පලවෙනි බෝට්ටුවෙන් අපේ ගමේ කෙනෙකුත් ගියා,,එයා ගියේ අවට සේරම අයට කියලා ලොකු බෑග් එකකුත් අරගෙන,ගිහාම තමා දැනගෙන තියෙන්නේ බෝට්ටුවකින් යන්නේ කියලා,පස්සේ එයා හැරිලා එන්නත් හදලා,,ඒත්. ණයට අරන් සල්ලි ගෙවලා තියෙන්නේ,,,ඉතින් අර බෑග් එකත් විසි කරලා බෝට්ටුවට නැගලා තිබුනා,පස්සේ එයාගේ තාත්තා පන්සල්,පල්ලි ගානේ ගියා ඒ අයියා ගැන කිසිම ආරංචියක් නැතුව,,කොහොම හරි මාස 3 පස්සේ එයාගෙන් කෝල් එකක් ඇවිත් තිබුනා ඉතාලියට බැස්සා කියලා.පස්සේ එයා කියපු හැටියට ගොඩක් අමාරුවෙන් බෝට්ටුව මග කැඩි කැඩී ඒක හදා ගෙන තමා ගිහින් තියෙන්නේ,,,ඉස්සරහට කිලෝමීටර 5ක් ගියොත් බෝට්ටුව ආයේ ආපස්සට කිලෝ මීටර 8ක් විතර ගහගෙන යනවලු.කොහොම හරි ලංකාවෙන්ම පිටත් උනු සූවස් ඇළ හරහා ගිහින් ඉතාලියට ගිය මංගල බෝට්ටුව ඔහොම ගොඩ බහිනවා,මේ වැඩේටත් අර දයාල් අතර මැද ඉන්නවා ඒ තමා සූවස් ඇළ හරහා බෝට්ටුව පැන්නවීම.
මේ ගමන භයානක නිසා වැඩි පුර බෝට්ටු පිටත් වීමක් සිදු උනේ නෑ, ඒත් නොගියමත් නෙමේ,,හිමින් හිමින් තමා මේ කාලේ මේ වැඩේ උනේ.
ඔහොම කාලේ ගෙවිලා 99 අවුරුද්ද බෝට්ටු වල ස්වර්ණමය යුගය පටන් ගන්නවා,මීගමුව ඉදන් හලාවතට යනකන් මූදු තීරය ඉතාලියට පිටත් වෙන යූරෝ මූදු තීරුව බවට පත් වෙනවා,ලක්ශ 3 හමාරකට තමා මේ ගමනට උපරිම මිල ගියෙත්(අමතක කරන්න එපා 2002 යූරෝ එකක මිල උනේ උපරිම රු.80),බෝට්ටු ගාමිණී,සුසන්ත,බෝට්ටු රංජි ඔය කියන නම් ඉතාලියට සෙනග පටවන බෝට්ටු සංවිධායකයෝ විදිහට වෙන්නප්පුව පළාතේ ප්‍රසිද්ධ වෙනවා,දයාල් අයියා එහෙම ඒ වෙනකොටත් අර සූවස් ඇළ මෙහෙයුමේ ඉන්නවා,,එයා නැතුව යන්න ඉතාලි ගමනට මේ තරම් සාර්ථක වීමක් නෑ,අනික එයා තමන්ගේ ගම් වල මිනිස්සුන්ව නොමිලේ පවා ඉතාලියට යැව්වාඑයත් වෙන්නප්පුව ප්‍රදේශයෙම කෙනෙක් තමා.2000,2002 කියන්නේ මාසෙකට බෝට්ටු 2ක්,3ක් පිටත් උනු මාසත් තිබුනා,අදටත් අර මම කියපු බෝට්ටු සංචාරකයෝ ලොකු සල්ලිකාරයෝ,මේ කාලේ සිදු කරපු මේ ගමන් නිසා.බෝට්ටුවක ගිය ප්‍රමානය 50 දාලා ගාන හිතලා බලන්නකෝ.
මේ දේවල් ඔය මීගමු,හලාවත කලාපේ අතර වෙනකොට අපේ දකුනේ අයත් චූන් වෙනවා,එහෙනුත් බෝට්ටු කීපයක්ම පිටත් කරන්න එහෙ අයට පුලුවන් උනා,හැබැයි වෙන්නප්පුවෙ අයගේ සහයෙන්,වෙන්නපුවේ අයත් එහෙ ගිහින් මේ බෝට්ටු වලට නැග්ගා,,ඒත් ලොකු අනතුරක් එක්ක එහෙ ගමන් නැවතුනා,ඒ කිරින්ද ධීවර වරායෙන් පිටත් උනු ට්‍රෝලරයක් ගොඩ බිමින් පිටත් වෙලා සුළු වෙලාවකින්ම සෙනග වැඩි වෙලා මූදු බත් වීම,ඒ සිදු වීමෙන් 15 විතර කොල්ලෝ මිය ගියා,ඔය සිදුවීමෙන් රටේම ප්‍රසිද්ධ උනා මේ බෝට්ටු ගමන් ගැන.
තව දෙයක් මේ ගමන් වලට ඉහල සහයෝගය උපරිමයෙන්ම තිබුනා,පක්ශ විපක්ශ නැතුව,ඒ සහයෝග වලට එයාලගේ ගෝල බාලයන්ව පැටෙව්වේ අඩු ගානට,විපක්ශෙ අය මචෝ මගේ කොල්ලෝ මෙච්චරක් ඉන්නවා උන්ව දාපන් කියලා පක්ශෙ කෙනාට කියනවා,ඒ එක්කම මේ බෝට්ටු වලින් ගියේ සිංහල අය විතරක් නෙමේ,,,සිංහල,දෙමල,ඉන්දියානු,පකිස්තානු,බංගලිදේශ් සේරම සහයෝගෙන් ගියේ,2002 අලියා කට්ටියට බලේට ආපු ගමන්, වෙන්නප්පුවෙන් පාර්ලිමේන්තු ගිය අලියෙක්  දකුනේ කෙනෙක් එක්ක සෙට් වෙලා ඉන්දියාවෙන් භාවිතයේ ඉවත් කරපු නැවක් අරන් පලවෙනි පාරට ට්‍රෝලරයක් නෙමේ නැවක් පටෝනවා 400 ගානක් එක්ක,පක්ශෙ විපක්ශෙ ගහ ගත්තු ගෝල බාලයෝ එකට මේ නැවේ නැග්ගා,යාත්‍රාවක් අඩි 60 වඩා වැඩි උනාම නැවක් බවට පත් වෙනවා කියලා මම අහලා තියෙන්නේ,මේක 400 ගානක් පටවන්න කුඩා ප්‍රාමානයේ නැවක්,ඔය නැව ඉතාලියේ ගොඩ බහින්න ඉස්සල්ලම ඉතාලි නාවික හමුදාවට තොරතුරු ගිහින් තිබුනලු සූවස් ඇලෙන් පනිද්දිම,,ඉතින් ඕක මගින්ම ඉතාලි නාවික හමුදාව අත්අඩංගුවට ගත්තා,ලංකාවෙ නමත් ඉතාලියේ චාටර් උනා ඉතාලි ආන්ඩුවෙන් ලංකාවට දැනුම් දුන්නා වහාම මේ බෝට්ටු ගමන් නවත්වන්න කියලා,අපේ සැටලයිට් මැඩම් කර බාගත්තේ නෑ,,එන උන් සේරමන්වම ආයේ එවන්න කියලා ඉතාලි රජයට කිවුවා,,,ඒකෙන් උනේ එලියට දාන්න කදවුරු වල උන්නු අයවත් එක්ක ඒ කාලේ අහු උනු සෙට් එකක්ම ඉතාලියෙන් පිටුවහල් කලා සැටලයිට් මැඩම්ගේ කීමට.ඔය සිදුවීම් එක්ක ලංකාවෙන් බෝට්ටු ගමන් ආයෙත් නවතිනවා.
බෝට්ටු සහ අතුරු රැකියා.
මම ඉස්සල්ලා කියපු බෝට්ටු සංවිධායකයෝ අර අතර මග සහයෝගය දෙන අයට අමතරව මේකෙන් සල්ලි හම්බ කරන තව පිරිසක් උන්නා,මුලින්ම ලීසිං ගෙවා ගන්න අමාරු හෝ අබලන් වේගෙන ආපු ට්‍රෝලර් මේ ගමනට විකුනලා දාපු අය,ට්‍රෝලරේ ඇතුලේ ශීතකරන ගලවලා තමා මේ ගමනට යොදන්නේ,,ඒකෙන් තමා මිනිස්සුන්ට ඉඩ හදා ගන්නේ,අනික් විශේසම කෙනා තමා ට්‍රෝලරේ පදවන කෙනා,,එයාට කිවුවේ ස්කීපර,ස්කීපරට ලංකාවෙන්ම ඒ වෙලාවේ ලක්ශ 5,8 අතර ගානක් ගෙවන්න ඕනා,,එයාට කැමති නම් ඉතාලියෙන් නවතින්න පුලුවන්,සමහර අලුත් ට්‍රෝලර නැවත ලංකාවට හරෝගෙන ආපු ස්කීපරලත් ඉදලා තියනවා,එතකොට පඩිය ඩබල් වෙනවලු.ගොඩක්ම පරන ඒවා නම් ඉතාලි නාවික හමුදාවට අහු උනේ නැත්නම් ගොඩබිම කිට්ටු කරලා සෙනග බස්සවලා ට්‍රෝලරේ ගිල්ලවන එක තමා ගමනේ අවසානය වෙලා තියෙන්නේ.තව රැකියාවක් තමා බෝට්ටු සංවිධායකයන්ට ඉතාලි යන්න සෙනග හොයලා දීපු අය,එයාලට කොමිශන්,නැත්නම් 5ක් හොයලා දුන්නොත් එයාට නොමිලේ ඉතාලි යන්න පුලුවන්.තව රැකියාවක් තමා ගොඩක් අය මේ ගමනට පිටත් උනේ බාගයක් සල්ලි ගෙවලා,ඉතුරු බාගේ ඉතාලියට බැස්සම,සමහර අය බැස්සට එයාලගේ ගෙවල් වලින් අර ගොල්ලන්ට ඉතුරු සල්ලි දෙන්නේ නෑ,ඉතින් මේ ඉතුරු සල්ලි අරන් දෙන චන්ඩි සෙට් එකකුත් බිහි උනා,ලක්ශයක් දෙන්න තියනවා නම්,සංවිධායකට 80 ඉතුරු 20 චන්ඩියට.
තව ඉතින් ට්‍රෝලරේට කෑම සැපයීම් වගේ උවමනා දේවල් සැපයීමේ වෙලෙන්දන්.
මම මේ බෝට්ටු ගමන් වලට විරෝධයක් නෑ,ඒත් ඉතාලියෙදී ඒ කාලේ අහු උනු බොහෝ අය කරපු කැත වැඩක් තමා අපේ රටේ නම කැත කරන්න,තමන්ගේ නිදහසට ඉතාලියට බොරු කට උත්තර දීලා දේශපාලන රැක වරන ඉල්ලීම,සිංහල,දෙමළ දෙගොල්ලොම එක බෝට්ටුවේ ගිහින් කලේ රටේ නම විනාශ කරපු එක,ඒත් එක අතකින් මේ බෝට්ටු නිසා ගොඩක් අයට පුලුවන් උනා සල්ලි හොයාගෙන සල්ලි කාරයෝ වෙලා ලස්සනට ජීවත් වෙන්න.
ඉතාලියට ගියත් ඕස්ට්‍රේලියාවට ගියත් කොහෙ ගියත් මම මේ අනවසර ගමන් වලට විරෝධයක් නෑ,පුලුවන් නම් යමල්ලා කියන අදහසේ මම ඉන්නේ,ඒත් අද මම නම් බෝට්ටු ගමන අනුමත කරන්නේ නෑ,ගොඩක් අය කියන්නේ අපේ රටේ අය ඉතාලියෙ නම කැත කරනවා කියලා,ඒ මේ කරන දේවල් ඉක්මනින්ම ලංකාවේ මාධ්ය වලට මෙහෙ ඉන්න අයම යවන නිසා,ඔය එංගලන්තේ,ජර්මනියේ,ඕස්ට්‍රේලියාවේ,කැනඩාවේ හිර ගෙවල් වල අපේ අය නෑද,කවදාවත් ගුටි බෑට හුවමාරු ගිහින් නෑද කියලා දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න,ලංකාවේ අයගේ මනුස්සකම නම් ගොඩක් දුරට අඩු වෙලා කියන එක ඇත්ත,ඒත් ඕනම සමාජෙක මම දකින්නේ කොටස් 3ක් ඉන්නවා,හිත හොද කරුනාවන්ත අය,නරක හිත් තියන මිනිස් කමක් අදුනන්නේ නැති අය,,මේ දෙකටම අතර මැද ඉන්න අය,මේ අය දුප්පත් පොහොසත්,උගත් නූගත් කියලා නෑ,සමහරවිට ඉතාලියේ ඉන්න නූගතා ලග තියන මනුස්සකම අහලකටවත් ලන් වෙන්න බැරි ඕස්ට්‍රේලියාවේ ඉන්න උගත්තු ඉන්න පුලුවන්.ඉතාලියට බෝට්ටුවෙන් ගිය නූගතා ලග තියන කරුනාව ලගට ඇමරිකාවට ග්‍රීන් කාඩ් එකෙන් ගිය උගතට ලං වෙන්නවත් බැරි අවස්තා තියෙන්න පුලුවන්.ඒත් සියල්ලන්ගේම අරමුන එකයි ලස්සන අනාගතයක්,ඒක නිසා බෝට්ටුවෙන් හෝ නොයෙක් අනවසර ක්‍රම වලින් බටහිර රටවලට අලුතෙන් යන මිනිස්සුන්ව පහත් කරන්න එපා.
මා දැකපු,මේ මාරාන්තික ගමනින් ඉතාලියට ආපු අයගෙන් අහපු සත්ය කතා මම මේ පෝස්ට් එකේ ලිවුවේ,සමහර විට මම නොදන්න දේ තව ගොඩක් තියෙන්න පුලුවන්. මගේ මතකයේ තිබෙන ගොඩක් දේ මම ලිවුවා,එහෙනම් බෝට්ටු කතාව ඉවරයි,හිතුනොත් මම දන්න බෝඩර් පැනීමේ කතාවත් ලියන්නම්.

(සැ.යු.නැවතුනු බෝට්ටු ගමන් ඕස්ට්‍රේලියාවට පටන් ගත්තත් එක්කම,මේ වසරේ ලංකාවෙන් බෝට්ටු කීපයක් ඉතාලියට ඇවිත් ඒ ආපු අය මේ වෙනකොට ඉතාලි රැදවුම් භාරයේ පසු වෙනවා,ඒත් පවතින තත්වය අනූව ඒ අයට මම හිතන්නේ නෑ සහනයක් ලැබේවි කියලා,ලංකාවට දැනට දේශපාලන රැකවරන ලබා නොදෙන පිලිවෙතක් යුරෝපා සංගමේ තියෙන්නේ,මේ බෝට්ටු පිටත් වෙලා තියෙන්නේ දකුණු මූදෙන්,ඇත්තටම එහෙ දේශපාලන හයිය මේවට නෑ කියන්න බෑ,ඔයාලා දන්න කෙනෙක් බෝට්ටු ගමනට එක් වෙන්න හදනවා නම් කරුණු පැහැදිලි කරලා දීලා ඒ ගමන නවත්වන්න,ඉතාලිය මේ වෙනකොට ඉතා තද නීති පද්ධතියක් හදාගෙන යන්නේ මේ බෝට්ටු සංක්‍රමනයට එරෙහිව)
 

30 comments:

  1. ඒ පෙන්නපු මනුස්සකම නම් අදහන්නත් අමාරුයි ඩිලාන්.

    ReplyDelete
  2. 90 දශකයේ අවසානයෙත් 21 වෙනි සියවසේ ආරම්බයෙත් බෝට්ටු වලින් ඉතාලි ආපු ලාංකිකයන් ගැන නම් නොයෙක් කතා මමත් අහල තියෙනවා.දැන් නම් ලංකාවේ බොට්ටු වලින් ඉතාලි එනවා කියල නම් මෑත කාලයකදි දැන ගන්න ලැබුන් නෑ මොකද දැන් වෙන වෙන හොර ක්‍රම වලට ෆැමිලියාර් කිය කිය විවාහය කුරුටු ගාලා ආයේ අලුතින් විවාහ වෙලා වීසා හදනවනේ .....
    හොද ලිපියක් අගය කරනවා ජයෙන් ජය!

    ReplyDelete
    Replies
    1. ස්තූතී ශානු මේ පැත්තේ ආවට

      Delete
  3. ඩිලාන් මේක කතා කරන්න ඕනෙම මාතෘකාවක්. මාත් එන්නම් උත්තර දෙන්න.

    මුලින්ම අර මාද්‍යවේදියෝ කියපු අය මෙහේ නෑ. ඒ ගෝසිප්කාරයෝ. ඒ අයට මාධ්‍යවේදියො කියන එක මාධ්‍යවේදින්ට කරන අපහාසයක්. තියෙන ඔක්කොම ඕපදූප ටික ලංකාදීපෙට දාන එක මේ අයගේ විලාසිතාවක්. ඒ අය කඩේ යන්නෙ අකාටද කියලා ටිකක් විපරම් කරාම හොයාගන්නත් පුළුවන්. පසුගිය දවස් වල හිටපු තානාපති තුමාගේ කේස් එකේදි හැසිරුන හැටියට මම හිතුවේ ලංකාදීපේ කට්ටිය ඉතාලිය අමුතුවෙන් හදයි කියලා. ඒත් ඒ අයම තමයි අසිත මහත්තයා මිය ගියාම මැරුනා කියලා කියන්නවත් නිහතමාණි නොවුනේ. මට නම් හිතෙන්නේ අසිත මහත්තයා මරාගත්තෙත් මේ අය කියලායි.

    ReplyDelete
    Replies
    1. ඔය ගැන කතා කරන්න ගියොත් තවත් පෝස්ට් කීපයක්ම ලියන්න පුලුවන් වේවි බූරු බබා

      Delete
  4. ගොඩාක් හොඳ විස්තරයක්.. තව මම අහලා තියෙනවා ඉතාලියට යනවා කියලා එක්කන් ගිහින් ලංකාවෙම වෙන පැත්තකට බස්සලා යන කතන්දර.. එව්වත් ඇත්තද?

    ReplyDelete
    Replies
    1. ඔව්,,ඔව් කල්පිටියෙන් බස්සපු ඒවත් තියනවා බන්

      Delete
  5. ඉතාලියට මේ ප්‍රශ්නෙදි වෙලා තියෙන්නේ මනුස්සකම හින්දා තියෙන ප්‍රශ්නයක්. මේ කවුරුත් කෝටි ගණන් තියාගෙන මේ වගේ රිස්ක් එකක් අරගෙන අනවසරයෙන් රටකට ඇතුල්වෙන්න යන්නෙ නෑ කියන එක ඉතාලිය දන්නවා. ඒක මානුශික ප්‍රශ්නයක්. කන්න බොන්න නැති මිනිහෙක් ගහලා එලවන්න කාටද පුළුවන්? විශේසයෙන්ම කතෝලික රටකට ඒක කරන්න බෑ. ඒත් මේ වෙද්දි මේ ප්‍රශ්නය ඔඩු දුවලා වැඩියි. මේ එන විදේශිකයෝ රටේ පැවැත්මට කරන බලපෑමත් වැඩියි. රැකියා නොකරන අය හා උපයන හැම සතයක්ම තමන්ගේ රටට අරගෙන යෑම. (ඒ විතරක් නෙමෙයි රජයේ මුදල් පවා මේ අය අරන් යනවා. වෙල්ෆෙයා දීමනා) මේ රටේ ආර්ථිකයට හවුල් නොවීම හින්දා ඉතාලියට සෑහෙන අපහසුයි මේ ඔක්කොම දරාගන්න. ඒක ඉතාලියේ ආර්ථිකය වැටෙන්නත් මූලික වශයෙන් බලපෑවා. ඒත් තවමත් අනිත් රටවල් වලට වඩා අහිංසක මිනිස්සු ගැන හිතන එකම රටත් මේක. ඒත් මේ යන විදියට ඒක තව කොයි තරම් දුරක් තියෙයිද දන්නේ නෑ. මේ දවස් වල පිට වෙන්න තියෙන නීති දැක්කාම බය හිතෙන තරම්. නීත්‍යාණුකූල විදේශිකයෙකුට වුනත් යම් මට්ටමක වගකීම් දෙන්න රජය පියවර ගනියි.

    ReplyDelete
  6. ජීවත්වෙන්න ක්‍රමයක් නැතිවුනාම මිනිස්සු මොනවද නොකරන්නේ. පහුගිය දවස්වල ඔබ ඔය කියන සංක්‍රමණික බෝට්ටුව පෙරලීමේ සිද්ධිය සහ ඊට පසු සිදුවූ සියල්ල මම සී.එන්.එන්. සහ අල් ජසීරා රූපවාහිනී නාලිකා ඔස්සේ දැක්කා. ලංකාවේ අයනම් එන්නේ ජීවත්වෙන්න බැරිකම නිසාම නෙවෙයි. වැඩි සැප සහ සල්ලි හොයාගෙන. අර උතුරු අප්‍රිකානු රටවල මිනිස්සු එන්නේ හාමත සහ විරැකියාවත් සිවිල් යුද්ධත් දරාගන්න බැරුවයි. මේ සංක්‍රමණිකයන් නිසා පසුකාලීනව ඇතිවන නොයෙකුත් සමාජමය ගැටළු නිසයි බොහොමයක් රටවල් ඔවුන්ට දොර වසන්නේ.

    ReplyDelete
    Replies
    1. විචාරක මහත්මයගේ කතාවට මම එකගයි

      Delete
  7. මචන් දයාලයා කියන්නෙ අර ලුණුවිල හන්දියෙ කඩේ කරන එක්කෙනාගෙ පුතා නේද ???? දැන් කෝ පොර ...

    ReplyDelete
  8. කියන්න දෙයක් නෑ මචන්... මමනම් ඔය රට යන එකට එකහෙලා විරුද්දයි....

    ReplyDelete
    Replies
    1. යන ලෙඩේ එන උන්ට යන්න දීලා ලෙඩේ හොද කර ගන්න දෙමු බන්

      Delete
  9. විශිශ්ටයි ඩිලා. හොද ලිපියක්. සුභපැතුම්. E complimenti.. වෙන්නප්පුවෙන් බෝට්ටුවෙ ඉතාලි ආපු මාලු අල්ලන එකාගෙ තියන මනුස්සකම ඕස්ට්‍රේලියාවෙ ඉන්න ඉන්ජිනේරුවන්ගේ නැත්තේ ඇයි ලෙස නිවැරදි විය යුතුයි. ඕනෙනම් මට බැනපල්ලා ඉරිසියාව කියල . අවුලක් නෑ. ඕනෙනම් කියපල්ල උදාහරන එක්ක පෙන්නන්න..
    පත්තර මල්ලි .

    ReplyDelete
    Replies
    1. ස්තූතී පත්තර මලේ මෙහෙ ආවට

      Delete
  10. මචං ඩිලා...
    උඹ ගේ ලිපිය ඇත්තටම හොඳයි.. මිනිස්සු තමුන්ගේ ජීවිත කාලෙ ඇතුලත කවදාවත් තමුන්ගේ හින සැබෑ වෙන්නෙ නැහැ කියලා දැනගත්තම ඔය වගේ දේවල් වලට පෙලබෙනවා..
    දැන් ඔසී යන බෝට්ටු ගැනත් මට පොඩි හෝඩුවාවක් ලැබෙමින් පවතිනවා.. මට ඒක නිවැරදිව ආරංචි වුනාම දාන්න බලන්න ඕනි..
    නමුත් ඩිලා දන්නවනේ..බොලා වගේ නෙමෙයි අපි මේකෙ ඉන්න එපාය.. මොනවා දැනගත්තත් අපිට ලියන්න වෙන්නෙ නොයෙක් කතාන්දර දාල.. ඇත්ත ලිව්වොත් බඩු සුවර් නැහැ...
    කොහොම වුනත් ඉතා වටිනා විස්තරයක්... මිනිස්සු තමුන්ට හදවතින් දැනෙන දේවල් වලට කරුණු එකතු කරලා ලිව්වාම ඒවා ලස්සනයි හැබෑවටම..

    ReplyDelete
    Replies
    1. හික්,,හික් උබ ඉතින් ඕක ලියන්න නැතුවම ඉන්න එකකුත් නෑ

      Delete
  11. ඉතාලිය දැන් ඉස්සර වගේ සමෘද්ධිමත් රටක් නෙමෙයි නේද ? දැන් බංකොලොත් කියන්නෙ ඇත්තද ? යුරෝපා සංගමේනුත් දොට්ට දාන්න යනවයි කියන්නෙ...

    ReplyDelete
    Replies
    1. එහෙම දෙයක් කියන්න බෑ සිරා,,මොකද මේ රට තාමත් ලෝකෙ ලොකුම ආර්තිකයන් තියන රටවල් 10 අතර ඉන්නවා

      Delete
  12. ගොඩක් වටිනා ලිපියක් නොදන්නා ගොඩක් දේ අලුතෙන් ඉගෙනගත්තා

    ReplyDelete
    Replies
    1. හා පුලුවන්නම් කියන්න බලන්න ඉගෙනගත්ත ඒව 3 ක්. ඔට්ටුයි බෑ.. :D

      Delete
    2. ස්තූතී ඔමායා

      Delete
  13. නියමයි... !

    ප.ලි. - ඉතාලි පනින්න හීන දකින අපේ පැත්තේ මල්ලිලා දෙන්නෙකුටත් මම උඹේ නොම්මරේ දුන්නා... අනේ කොහොමහරි වැඩේ කරලා දීපන්... :D

    ReplyDelete
    Replies
    1. බීටා උබට විතරයි මම මේ පෝස්ට් එක ඇයි ලිවුවේ කියන එක තේරුනේ

      Delete
  14. වටිනා ලිපියක්
    අද තමයි මේ පැත්තේ ආවේ...

    ReplyDelete
    Replies
    1. ස්තූතී මේ පැත්තේ ආවට

      Delete