(නගරාධිපති ලෙස දිවුරුම් දුන් දා)
මේ දවස් වල මම උදේට දකින දර්ශනයක් තමා මේ බයිසිකලෙන් නගර සභාවට වැඩට යන මම ඉන්න නගරේ පලමු පුරවැසියා හෙවත් නගරාධිපති මහත්තයා.දැන් සතියක් විතර ඇති නගර සභා චන්දෙන් දිනලා වැඩ බාර අරගෙන.
ඉතාලිය අද ආර්ථික අතින් ගොඩක් පසු පස්සට ගිහින් කියන එක කියන්නත් දෙයක් නෙමේ,ප්‍රධාන පක්ශ 2 එකතු වෙලා හදපු හවුල් ආණ්ඩුව පවතින ආර්ථික අපහසුතා වලින් ගොඩ එන්න පුදුම වෙහෙසක් ගන්නේ,මේ ආර්ථික පසු බැස්ම නිසාමද කොහෙද මධ්‍යම වාමාංශික,දක්ශිනාංශික පක්ශ දෙක එකතු වෙලා හවුල් ආණ්ඩුවක් හැදුවේ.මේ අතරම මිනිස්සු පවතින දේශපාලන ක්‍රමයට විරෝධය දක්වන්න අරගෙන,දේශපාලන විරෝධී රැල්ලක් ඉස්සරහට එනවා,පාර්ලිමේන්තු මැතිවරනෙදි ඒ රැල්ල ගොඩක් ඉස්සරහට ආවා,ගොඩක්ම ඉදිරියට ආවේ විකට නළුවෙක් උනු ග්‍රීල්ලෝ හරහා,,,ජන්ද වයාපාරයේ ලොකු කොටසක් කලේ අන්තර්ජාලය හරහා,බ්ලොගර් සහ ටුවිටර් විශාල වැඩ කොටසක් කලා,ග්‍රීල්ලොගේ බ්ලොග් එක ලෝකේ වැඩිම පිරිසක් නරබන බ්ලොග් කීපය අතරට ගියා,
මේ දේශපාලන විරෝධී රැල්ල එක්ක තමා මේ නගරාධිපතිත් ඉස්සරහට ආවේ,ඉතාලියේ පසුබෑම පටන් ගත්තු නගරයක් තමා මම මේ ඉන්න නගරය,අද වෙනකොට නගර සභාව හිගන නගර සභාවක් වෙලා,,කොටින්ම පාර සුද්ද කරන මිනිස්සුන්ට පඩි ගෙවන්නවත් සල්ලි නෑ,මේකට ප්‍රධානම හේතුව හොරකම,කොමිස් කෑදර කමෙන් කරපු අසාර්ථක ව්‍යාපෘති,හැබැයි හොරුන්ට නිදහසේ ඉන්නත් නෑ දැන් එක එකාව අල්ලන්න අරගෙන,කට්ටියක් හිරේ දැනටමත්.
අවුරුද්දක් විතර නගරාධිපති කෙනෙක් නැතිව කොමසාරිස් කෙනෙක් යටතේ දුවපු මේ නගර සභාවට පහු ගිය මාසේ ජන්දයක් ආවා,ප්‍රධාන පක්ශ වලට අමතරව ස්වාධීනව ඉල්ලපු අයත් උන්නා,,,ඒ අය තමා පවතින දේශපාලනයට විරෝධී රැල්ල,බයිසිකල් නගරාදිපති භෞතික විද්‍යාව ආචර්යවරයෙක්,මෙයා ඉතාලියේ උඩ කොටස සහ සිසිලි දූපත යා කරන්න හදන්න හදන පාලමට විරෝධය පලකරන කණ්ඩායමේ ඉදිරි නියමුවෙක්,මෙයාගේ ගමන බිමන කොහොමත් උනේ බයිසිකලෙන් ඉතින් ජන්ද මෙහෙයුම පටන් ගත්තෙත් බයිසිකලෙන්ම තමා,,,
ලොකු වාහන පේලියක්,ශරීර ආරක්ශකයෝ,විශාල වේදිකා, කොටින්ම විශාල රැස්වීම්වත් තිබුනේ නෑ,, ඩෙනිම් කලිසමයි,පාලම් විරෝදයට ගහපු ටී ශර්ට් එකයි ඇදගෙන බයිසිකලෙන්ම එනවා, පොඩි හන්දි වලට,එතන පොඩි රැස්වීම් ලෑස්ති කරනවා,,ඔහොම ක්‍රමයක් තමා ගියේ.
ජන්දයේ පලවෙනි වටෙදී මධ්‍යම වාමංශික පක්ශ හවුලෙන් නගරාධිපති තනතුරට තරග කරපු තරුන අපේක්ශකයා දිනනවා,මීට ඉස්සල්ල බලේ තිබුනු පක්ශය 3 තැනට විසි වෙනවා,අපේ බයිසිකල් අපේක්ශක තුමා 2 තැනට එනවා,,,අවුරුදු 60 විතර උනාට තනිකර තරුණයෙක් වගේ හැසිරීම වැඩ,කිඩ,දැන් ඊලග වටයට සූදානම් වෙනවා,,,මේ වටේ 1 සහ 2 ස්ථාන ගත්තු අපේක්ශකයෝ 2 අතර විතරයි ජන්දය,මූනට මූනලා කරන රූපවාහිනී විවාදයෙදී අපේ බයිසිකල් මහත්තයා සෑහෙන ඉදිරියට එනවා,,
දෙවෙනි වටේ ජන්දයෙන් බයිසිකල් මහත්තයා දිනනවා,අලුත් නගරාධිපතිගේ කියන්න කාරනා ගොඩක් තියනවා,,මෙයාගේ තිබුනු සරලකම තමා ජන්දය දිනන්න ගොඩක් බලපෑවේ,සරල මිනිහෙක් වෙන්න මූලිකව බලපාලා තියෙන්නේ ටිබෙට්වලට ගිහින් බුදු දහම හැදෑරීම,මෙයගේ ලෝකේ වීරයෝ තමා මාටින් ලූතර් කිං,දලයි ලාමා,ප්‍රැන්සිස් පාප්තුමා,මේ මිනිස්සුන්ගේ තියන සරලකම එයාගේ ජීවිතේට ලොකු වෙනසක් කලාලු,ඒ අතරින් බුදු දහම එයාට සෑහෙන බලපැමක් කලාලු,ඒ සරලකම දකපු මේ මිනිස්සු මෙයාව විශ්වාස කලා,තමන්ගේ කඩා වැටුනු නගරේ මෙයා ගොඩ ගනී කියන එක අද සේරම විශ්වාස කරනවා,,නගරේ දියුනුව අපිටත් ගොඩක් දුරට බලපාවි.
මම මේ කල්පනා කලේ බුදු දහම තියන අපේ රටේ දෙශපාලකයන්ට මේ වගේ සරලකම පුරුදු වෙන්න බැරි ඇයි කියන එක,බලන් යනකොට මේ මිනිස්සු අලුතෙන් බුදු දහම ඉගෙන ගෙන ඒකත් තමන්ගේ රටේ දියුනුවට හරවන්න අරගෙන,අද කොහොමත් මෙහෙ දේශපාලනේට සරලකම ලොකු ආයුධයක් වෙලා,,මිනිස්සු පිලිගන්නේ ඒ සරලකම.
(නගරාධිපති මහත්තයා බයිසිකලෙන්)
ටොම් පචයා
1 day ago