Pages

Sunday, February 10, 2013

මේක අපිට පොදු ලෙඩක්ද?

ස්තානය- උතුරු ඉතාලියේ ලාංකිකයන් බහුලව වෙසෙන නගරයක්
දිනය- මාස 2ට ඉහත
සිද්ධිය-
වෙන්නප්පුව ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක ගොඩනැගිල්ලක් ඉදිකිරීමට මේ නගරයේ වෙසෙන එම පාසලේ ආදි සිසුවන් සංගීත ප්‍රසංගයක් සංවිධානය කරලා,90% විතර ඉතාලියේ ඉන්න ලාංකිකයන් වෙන්නප්පුව ආසනේ මිනිස්සු ඒ අතර වෙන්නප්පුවේ ප්‍රධාන පාසල් 2 ආදි සිසුවෝ,,ඉතින් ඔය පාසල් 2 වැඩකට මුදලක් එකතු කරන්න ගත්තොත් අනිවා ඒ මුදල සෑහෙන්න කවර් කරන්න පුලුවන් ඔය පාසල් 2 ආදි සිසු සංගම් ඉතාලියේ තියනවා ඉතින් යම් මුදලක් ඔය පාසල් වලට ඕනා උනොත් මේ සංගම් දැනුවත් කලම ඒ මුදල් හෙවීම කට්ටිය එකතු වෙලා කරනවා,, තමන්ගේ පාසල නිසා මිනිස්සු උනන්දුවෙන් මුදල් පරිත්‍යාග කරනවා,සමහරවිට තමන්ගේ ළමයින් ඒ වෙනකොටත් මේ පාසලේ ඉගෙන ගන්න අය,ඉතින් පාසලට උදව් කරන එක දෙපාරක් හිතන්නේ නෑ කවුරුත්.
කොහොම හරි සංගීත ප්‍රසංගයට විශාල පිරිසක් සහභාගි වෙලා,,මෑත කාලයේ ඉතාලියේ ප්‍රසංගයක් පවත්වනවා කියන්නේ සංවිදායකයන්ට ලාභයක් ලබන්න බෑ,,දැන් මිනිස්සු ප්‍රසංග බලන්න එන්නේ නෑ,,අනික අපේ අයගේ යහපත් හැසිරීම නිසා ප්‍රසංග ශාලාවක් හොයා ගන්න එකත් හරිම පහසුයි,,ඒ අතරමට ඒ ශාලාවල අයිතිකාරයෝ අපේ අයව දැකපු ගමන් එලෝ ගන්නවා, ඒත් මේ පාසලේ වැඩක් නිසා මිනිස්සු මේ ප්‍රසංගයට ගොඩක් ඇවිල්ලා,කිසිම ප්‍රශ්නයක් නැතුව ප්‍රසංගය පැවැත්විලා තියනවා,ඉතින් සතුට නිසාම සංවිධායකයෝ තීරනය කරලා තියනවා ඉතාලි පොලිසියෙන් අවසර දුන් වෙලාවට වැඩියෙන් තව පොඩි වෙලාවක් ප්‍රසංගය පවත් වන්න,,මහ ලොකු වෙලාවක් නෙමේ විනාඩි 15 වැනි පොඩි වෙලාවක් වැඩියෙන් කරලා තියෙන්නේ,ඒත් අවාසනාවට මේ විනාඩි 15 ඇතුලත මෙතෙන්ට පොලිසියෙන් ඇවිල්ලා,වැඩේ නීතියට පටහැනි නිසා සංවිධායකයන්ට පහුවදා පොලිසියට එන්න කියලා මේ පොලිස් නිලධාරින් පිටව ගිහින් තියනවා,පහු වෙනිදා සංවිධායකයන්ට සෑහෙන දඩමුදලක් ගෙවන්න වෙලා,,සමහරවිට ඒ මිනිස්සු අර ආධාර මුදලෙන්ම මේ මුදල ගෙව්වද දන්නේ නෑ,,මේ මිනිස්සු ඒ විස්තරේ පොලිසියට කියලා,,පොලිසියෙන් දීලා තියන උත්තරේ තමා උබලගේ මේ පාසලට උදව් කිරීම අපි ගොඩක් අගය කරනවා,ඒත් අපිට ඒ විනාඩි 15 ඇතුලත උබලගේ මිනිස්සුන්ගෙන්ම පැමිණිලි කීපයක්ම ආවා ඒකයි අපි ඔතෙන්ට ආවේ,,අපිට එහෙම පැමිණිලි ආවම ඒවා මග අරින්න බෑ,,ඒ වගේම නීතියට පිටින් කිසි දෙයක් කරන්නත් බෑ කියලා.අවාසනාවට මේ ප්‍රසංගය බලන්න ආපු උන් කීප දෙනෙක්ම පොලිසියට දුරකථනයෙන් පැමිණිලි කරලා.ඔන්න අපේ මිනිස්සුන්ගේ වැඩ.
තව කතාවක් තියනවා ඒක මීට ටික කාලෙකට ඉස්සර මම ඉන්න සිටි එකේ උනු සිදුවීමක් ඒකත් සංගීත ප්‍රසංගයක උනු දෙයක් තමා,ප්‍රසංගයට ආවේ සනිධප සංගීත කන්ඩායම ඒ අයගේ පලමු ඉතාලි සංචාරය,දමිත් අසංකත් ආවා, මම ඉන්න නගරෙත් අර ප්‍රශ්නය තියනවා ශාලාවක් හොයා ගන්න එක,,ඊට ටික දවසකට ඉස්සර තිබුනු ප්‍රසංගයකදී ගිය වළියක් මැද්දට ආපු පොලිස් නිලධාරියෙක්ටත් හොද පහරක් වැදුනා එදා මිනිස්සු බලන් ඉද්දිමයි පොලිස් නිලධාරියා මිනිස්සු මැද්දේ ඇදගෙන වැ‍ටුනේ අර පාර නිසා,හැබැයි ඒ පොලිස් නිලධාරියෙක් බව දැනගත්තු ඒ පහර දීපු කෙනා ඒ සැනින් පැනලා දිවුවා,,අපේ අයත් මොකෝ කලේ පොලිස් අය එක්කම අරූගේ පස්සෙන් එලෝලා අල්ලලා දුන්නා,,මේ ඉතාලි මිනිස්සුන්ගේ හොද කමටද කොහෙද අරූව ලංකාවට එවුවේ නෑ,පහර වැදිලා වැ‍ටුනු ලැජ්ජාවටද කොහෙද පොලිස් නිලධාරියත් ලොකුවට මුගේ පස්සෙන් පන්නලා නෑ.
ඉතින් අපි යමු ප්‍රසංගයට ආයෙත් ප්‍රසංගය ඉතාමත් සාර්ථකයි මම එදා දැක්කා සංවිධායකයෝ උන්නේ පුදුම සතුටකින් ඇයි ලොකු ලාභයක් නේ.ප්‍රසංගය පටන් අරගෙනත් සෑහෙන සෙනගක් එළියේ උන්නා,සංවිධායකයන්ට ප්‍රශ්නයක් උනා ටිකට් ඉවර උනා,නීතියේ හැටියට අවසර අරගන්න ඕනා මුලින්ම මෙච්චර ප්‍රමානයක් මේ ශාලවට ඇතුල් කරන්නේ කියලා,ඒ ගානට විතරයි ටිකට් ප්‍රින්ට් කරන්න පුලුවන්,,,ඒත් ඒ වෙනකොටත් එළියේ මිනිස්සු ප්‍රසංගය බලන්න,සංවිධායකයෝ මොකෝ කලේ මේ මිනිස්සුන්ව හරවල යැව්වේ නෑ,අනික එතනත් සැහෙන මුදලක් එකතු කර ගන්න පුලුවන් නේ,,මෙයාලා මොකෝ කලේ නිකන් කොළ වල ටිකට් එකේ ගාන ලියලා අර මිනිස්සුන්ව ශාලාවට ඇතුල් කලා,වැඩි වෙලාවක් ගියේ නෑ ප්‍රසංගය පටන් අරගෙන පැය 1.30 විතර ගියේ පොලිස් සයිරන් කීපයක්ම ඇහුනා අර සංගීතය අස්සෙම,ඒ එක්කම සෑහෙන පොලිස් නිලධාරීන් ප්‍රමානයක්ම ශාලවට ඇතුල් වෙලා කලේ ටිකට් චෙක් කරන්න ගත්තු එක.කොහොම හරි අර අතින් ලියපු කොල කෑලිත් මේ මිනිස්සුන්ට අහු උනා,,ප්‍රසංගය නැවැත්තුවා.
පහු වෙනිදා සංවිධායකයන්ට ලොකු දඩයක් ගෙවන්න වෙලා,ආදායමත් ඉවරයි ප්‍රසංගයත් භාගෙට ඉවරයි, එදත් ඒ පොලිසියෙන් කියලා තිබුනේ අපිට එක පිට කෝල් ආවා පැමිණිලි උබලගේ මිනිස්සුන්ගෙන්මයි ,කරන්න දෙයක් නෑ අපිට නීතියට පිටින් යන්න බෑ,අපිට උබලගේ ඔය ප්‍රසංගය මහ ලොකු ප්‍රශ්නයක් නෙමේ ඒත් අපිට පැමිණිල්ලක් ආවම ඒක සොයා නොබලා ඉන්න බෑ කියලා.
ඔන්න ඕක තමා අපේ මිනිස්සුන්ගේ මහ ලොකු වැඩ,,ප්‍රසංගය බලන්න ආපු උන්මයි ඔය පැමිනිලි කරන්නෙත්,,මම හොයලා බලපු විදිහට ඉතාලියේ විතරක් නෙමේ ලංකාවේ අය ඉන්න සෑම රටකම මේ වගේ සිදුවීම් සිදු වෙනවලු,,ඒ කියන්නේ ලාංකිකයෝ ලොකු වැදගත් රස්සා කරන අය ඉන්න රටවල පවා,,ඒ වගේම දෙමළ අය අතරත් මේ ප්‍රශ්න මේ විදිහටම තියනවලු,,,ඒ කියන්නේ මේ ලෙඩේ අපේ ශ්‍රී ලාංකිකයන්ටම පොදු ලෙඩක් ජාති ආගම්,තරාතිරමක් නැතුව. මේ ලෙඩ හොද වෙන ලෙඩක් නෙමේ කවදාවත් මේ අපිට උරුම ලෙඩක් වගේ නේද?

18 comments:

  1. කියල වැඩක් නැහැ ලඟදි සුරේන්ද්‍රටත් ජරා වැඩක් කරල තිබ්බා,ආයේ ඉතාලියට නම් එන්නේ නෑ කියල තමයි කියල ගියේ ..

    ReplyDelete
  2. රට රස්සා කරන එවුන්ගෙන් ඇහෙන්නෙම මේ වගේ කතානෙ බන්.. උන් කියන්නෙ වැරදිලාවත් සිංහල වගේ හිතෙන එකෙක් දැක්කොත් මූණ දිහාවත් බලන්නෙපා කියලා.. ඒ තරමට අපේ උන් එහෙ සත්තු වගේ කියලා..

    ReplyDelete
    Replies
    1. බලන්නෙපා නෙමෙයි බලන්නේ නෑ කියලා..

      Delete
    2. Balanawa thiya hi kiyannawath mama nam unandu wenne na

      Delete
  3. පිට රටවලටනං මගේ එච්චර මනාපයක් නෑ..
    ගෙදරිං එලවද්දිත් මං මෙහෙටම වෙලා ඉන්න එක හොදයි කියලා හිතුනා මේවා කියවද්දි..

    ReplyDelete
  4. ඔහොම වෙන්න වෙන්න ශ්‍රිලංකාවටම තමයි හොඳ නැත්තේ

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
  5. ඇත්තෙන්ම අපේ උන් ඔහොම හැසිරෙන්නෙ ඇයි කියලා මටත් හිතාගන්න බෑ. මහ බාල වැඩ කරන්නෙ.

    ReplyDelete
  6. ඩිලා දැන් උඉතාලියෙ කිසිම නගරයක ශ්‍රී ලාංකිකයන්ට කිසිම ශාලාවක් නොදෙන තත්වයක් තමා තියෙන්නෙ....

    මචං උඹ හරියටම දන්නෙ නෑ සුරේන්ද්‍ර ට මොකද උනේ කියලා... ඇත්ත සිද්ධිය මෙන්න මෙතනින් බලා ගනින්.. නමුත් සුරේන්ද්‍ර කිව්වෙ වෙන විදිහකට

    ReplyDelete
    Replies
    1. කෝ ශශී ලින්ක් එක?

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. වරද කා අතද? නිති කඩපු අයද? පැමිනිලි කල අයද?

    ReplyDelete
    Replies
    1. කම්ප්ලේන් කරපු සෙට් එකේ එක්කෙනෙක් ද මේ?

      Delete
    2. මං මිලාන්වල පැත්ත පලාතේ ගිහින් නෑ ළමයෝ!

      Delete
  9. අපේ උන් ඔහොම්මයි බන්... රටෙන් එලියට අඩිය තිබ්බම අමුතුම චරිත වෙනව... බහුතරයක්

    ReplyDelete
  10. ඔයා කියන එක සහතික ඇත්ත අපේ අයගේ වැදගත් හැසිරීම නිසා දැන් පොදුශාලා ක්‍රීඩාංගන වගේ ඒවා විතරක් නෙමෙයි ගෙයක් කුලියට ගන්න ගියාමත් හරිම ප්‍රශ්න.. මිනිස්සු කොහෙ ගියත් වෙනස් නොවෙන හැටි හරිම පුදුමයි

    ReplyDelete
  11. අපේ එවුන්මනේ අපේ එවුන්ටම කපන්නේ. අනේ මන්දා මෙහෙම ජාතියක් :(

    ReplyDelete
  12. උතුරු ඉතාලියේ විතරක් නෙමෙයි දකුණෙත් එහෙම තමා ....ඔය ලෙඩේ කවදාවත් හොද කරන්න බැරි වේවි

    ReplyDelete
  13. ඩිලා .. හරියටම කිව්වොත් මේ සිදු වීම වුනේ ඉතාලියේ වෙරෝනා නගරයේ,ඔය කියන ප්‍රසංගය තිබුනේ ගිය අවුරුද්දේ , වෙරෝනා පොන්තේ කතේනා (දම්වැල් පාලම)කියන තැන. වෙරෝනා නගර වාසින් විදියට, ලාංකිකයෝ විදියට අපිත් මේකට උදව් කළා, හැබැයි කියන්නම ඕන දෙයක් තමයි ප්‍රශ්න ඇති වුනේ සංවිධායකයින්ගේ දුර්වල කමින්. අනිත් එක දිලා දන්නවනේ මෙහෙ නීතිය, කාටත් පොදුයි. ශබ්දධය නිසි ලෙස පාලනය නොකර ඔහේ ආතල් ගන්න ගියා. රෝහලක් ළඟ රැ 12 න පස්සේ අධික ශබ්බ්දයක් කියන්නේ ලේසි පහසු දෙයක් නෙවෙයි , එක අපි තේරුම් ගන්න ඕන. අනිත් දේ තමා මේ දඩ මුදල වෙච්ච euro 500 ගෙව්වේ ප්‍රසංගයේ මුදල් වලින්.

    මොනවා උනත් ඩිලා කියන එක ඇත්ත මොන දේ කරන්න හැදුවත් අපේ මිනිස්සු පිල් බෙදිලා. හැමෝටම ඕන නායකයෝ වෙන්නේ, නම දාගන්න, අණ දෙන්න. වැඩ කරන්න උන් අඩුයි,

    ReplyDelete