
කාලෙකට ඉස්සල්ල සුසන්තිකා,සුගත්,දමයන්ති,ශ්රියාණි,රොහාන් ,ප්රසන්න සෙට් එක උන්නු කාලේ ඔලිම්පික් වලට ගිහින් පලවෙනි වටෙන් විසි උනේ නෑ සුසන්තිකා පදක්කමක් හරි ගත්තා ඒ කෙල්ලගේ පදක්කමින් පස්සේ ආයේ නම් කවදා දකින්න වෙයිද අපේ රටේ කෙනෙක් පදක්කමක් ගන්නවා, සුගත් 96 ද කොහෙද ඇට්ලන්ටා ඔලිම්පික් එකේ ඇමරිකාවේ සුපිරි වැඩ කාරයෙක්ව පරද්දනවා 400 මීටර් දුවලා,ඒකෙන් පොර සෙමි ගියා,මයිකල් ජොන්සන්වද කොහෙද මුල් වටේකදි පැරද්දුවේ, ඒ කාලේ මොනා උනත් පිට්ටනියේ අපේ රටේ කොඩි තිබුනා මේ සැරේ වගේ නෑ,,සික් ක්රිකට්වත් දාපියව්,ඕවර් 20 හරි මේ ඔලිම්පික් වලදි අපිට පදක්කමක් වත් ගන්න.
මට මේ තරග බලනකොට හිතුනා එක එක දේවල්,ඔන්න වෙඩි තියන තරග වලදී හිතුනා ඇයි දෙයියනේ අවුරුදු 30ක් යුද්ධයක් තිබුනු රටක හමුදාවෙන් හරි, කොටින්ගෙන් හරි එකෙක් හොයන්න නෑද ඉලක්කෙට වෙඩිල්ලක් තියා ගන්න පුලුවන්,,මම දැකලා තියනවා පොල් ගෙඩියට ගල් භාගෙන් ගහලා ගෙඩිය වට්ටන උන්,ගහේ යන ලේනට ගල් පටියකින් විදලා ලේනව මරන උන්,එහෙම පොරවල් ඉන්න රටේ අර වගේ ඉලක්කෙට වෙඩිල්ලක් තියන්න එකෙක් නෑද,ඔය පුනුරුත්තාපනය කරන උන්ගේ වැඩකාරයෝ ඇති ඉලක්කේ ගන්න උන්,දෙපැත්තෙම ස්නයිපර් කාරයෝ උන්නා උන්ගෙන් එකෙක් නෑද ඔලිම්පික් වලට අරින්න,ඔන්න දුන්නෙන් විදින තරගේ යනවා,අර මහියංගනේ ඉන්නවා ඇවිදින්න ගත්තු කාලේ ඉදලම දුනු කරේ තියන් ඉන්න උන්,,උන්ගෙන් එකෙක්ව හොයන්න නෑද ඉලක්කෙට දුන්නෙන් තියන තරගෙට,අපෝ ඔය වගේ එක එක විකාර මට මතක් උනේ මේ දවස් 16ම මේ ඔලිම්පික් හින්දා.
ඇමරිකන්කාරයෝ ඔන්න එක උනා, මම උන්නේ චීන්නු එක වෙයි කියලා,කොච්චර උනත් උන් අපේ යාලුවෝ නේ, පොඩි හැපි මෙවුවා එකක් උනා,ඉතාලි කාරයෝ 8 වෙලා පදක්කම් ලිස්ට් එකේ,,කොච්චර උනත් අපි මොනා හරි දෙයක් කර ගන්නේ මුන් හින්දා නේ,මම ඇත්තටම සතුටු උනා මුන් පදක්කමක් ගන්නකොට.ආයේ අවුරුදු 4න් ඔලිම්පික් යනවා බ්රසීලයට,දැන් ඉදලම ලැස්ති වෙන්න ඕනා,,බ්රසීලය කියන්නේ එංගලන්තේ වගේද,,මම හිතන්නේ ඔලිම්පික් ඉතිහාසේ සෙක්සිම ඔලිම්පික් උලෙළ කරයි උන්,කටත් ඇරගෙන තරග බලන්න වෙයි, අනේ ලබන සැරේවත් අපේ රටෙන් මීට වඩා දෙයක් ලැබේවා කියලා පතනවා,නිලධාරි ලෝඩ් එක ගියත් පදක්කමක් ගත්තොත් ඒක ශේප්,අර කොහෙන්ද අප්රිකානු රටකින් ක්රීඩකයෝ 2යි ,නිලධාරි 2යි ගියේ උන් දෙන්නම පදක්කම් 2ක් අරන් ගිහින්,අපේ උන්ට දුවන්න බෑ කියමු, කොහොම හරි ඔය හමුදාවෙන් හරි පුනුරුත්තාපන කොටින්ගෙන් හරි ඉලක්කෙට වෙඩි තියන්න පුලුවන් එකෙක් හොයලා හරි බ්රසීලයට යවන්න මහින්ද මාමට හිතේවා කියලා මම දැන් ඔලිම්පික් අවසන් උත්සවය බලනවා,,අප්පේ ඒකත් බලන්නම උත්සවයක්,ඒ තරමට ලස්සනයි.(ස්පයිස් කෙල්ලොත් සිංදු කියනවා උන් නාකි වෙන්නේ නෑද මන්දා)