Pages

Friday, April 13, 2012

සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

ලැබුවා වූ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා සියලුම බ්ලොග් හිත මිතුරු මිතුරියන්ට.අවුරුදු සතුටත් එක්කම මට තවත් සතුටක් තියනවා,අද 14 මගේ බ්ලොග් එකේ දෙවෙනි උපන්දිනේ...බ්ලොග් එක පටන් අරගෙන අදට අවුරුදු 2ක් වෙනවා..තාමත් පුංචි දුකක් තියෙන්නේ මේ බ්ලොග් අවකාශයෙන් මට හමු උන එක මිතුරු මිතුරියන් කාවවත් තාම මගේ ඇස් දෙකෙන් බලා ගන්න බැරි උනු එක,,ආ ඒ උනාට ස්කයිප් හරහා දැක්කේ කීප දෙනෙක්වම.
මේ අවුරුද්දත් මට පිටරටකම ගෙවන්න උනා,දැන් අවුරුදු 5කින් අවුරුදු සිරිය මට බලා ගන්න බැරි උනා,අද පිටරටවල ඉන්න අය ඇත්තෙන්ම සතුටින් නෙමේ ඉන්නේ,පිටරටවල ඉන්න අය සාක්ශි දරයි ඒ හැගීම කොහොමද කියලා.මම ක‍තෝලිකයෙක් උනාට, අපි අවුරුදු සැමරුවා,නැකත් ඉ‍ටු නොකලට අපේ ගෙවල් වල කිරිබත් ඉදුනා අවුරුදු දවසේ,ඒ එක්කම අපේ ගෙවල් වලටත් අවුරුදු කෑම පිගාන ආවා,අපෙන් නත්තලට ඒ කෑම පිගාන ගියා ඒ ගෙවල් වලට, ඒත් අද අපි විදේශයක ඉදන් ඒ හැම දෙයක්ම නැවතිලා, ඒත් අපි ඉරිදා අවුරුදු සමරන්නයි ඉන්නේ,අවුරුදු කෑම මේසයක් අපි ලෑස්ති කලා හැම අවුරුද්දෙම ඒ අවුරුදු උත්සවය තිබුනු සතියේ ඉරිදා. ආ තව දෙයක් කියන්න අමතක උනා,22 අපි සයිබර් අවුරුදු උත්සවයෙදී මුණගැහෙමු. ජය වේවා සියල්ලන්ටම.

10 comments:

  1. සුභ අළුත් අවුරුද්දක් වේවා!!!


    සහතිකෙටම මේ ටිකම මටත් අද උදේ හිතුනා, ලංකාවේ ඉද්දි අවුරුදු දවසේ අපේ ගෙදරට අපේ අසල් වැසියෝ හැමෝම අවුරුදු අරගෙන එනවා , නත්තලට අපිත් අපේ වටේ ඉන්න හැම අසල වැසියෙක්ටම කෑම පිගානක් අරන් යන්නේ හිතේ ගොඩක් සතුටකින්. අද උදේ අම්මා මට කතා කළා දුරකථනයෙන්, අම්මා කිව්වම කැවිලි පොඩ්ඩක් හැදුව කියල , මට ඇත්තටම දුක හිතුනා, මොන දේ තිබුනත් සමහර තැන් වලදී මහා තනිකමක් දැනෙනවා...

    ReplyDelete
  2. මමත් ඉන්නේ ඉතාලියේ... ඇත්ත කතාවක් මේක නම්. අම්මල ලංකාවේ ඉඳන් අවුරුදු සමරද්දී අපි මෙහෙ ඉඳන් වේලි වේලි ඉන්නවා.. නත්තලත් එහෙමයි... මෙහෙ අපිට කියල මෙලෝ දෙයක් නෑ... අම්මා හදන කිරිබත මේ පාර නෑ.. ලංකාවේ ඉද්දි සතුටු වුන හැටි මතක් වෙද්දී ගොඩක් ඉරිසියා හිතෙනවා... මොනා උනත් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා..!!!

    ReplyDelete
  3. සත පහකට ගණන් ගන්න එපා බං..උඹලා ඔහේ ඉඳලා අපි මෙහෙ ඉඳලා..දෙපැත්තම එක වගේ තමා... අනිත් අය අවුරුදු කන හැටි බලලා සංතෝසෙන් ඉන්නවා ඇර වෙන මක්ක කොරන්නද..?

    සුභ නව වසරක් වේවා..!
    දිගින් දිගටම බ්ලොග් එක ලියවේවා..!

    ReplyDelete
  4. සුබ පැතුම් අයියේ... හලේ අපි සමකාලින බ්ලොග්කරුවෝ නේ... හික් හික්

    දවසක් එයි නැකතට චාරිත්‍ර කරලා අවුරුදු සමරන්න.... ;)

    ReplyDelete
  5. මේ ලෑබුවා වු නව වසර, සාමයෙන් සතුටෙන්, පිරි හුටපට, ලටපට,,ජල්තර, මරාල වලින් තොර සෞභාග්‍යමත් සුබ නව වසරක් වේවා !!!!!!!!!!!!!!!!

    ReplyDelete
  6. ඇත්ත අයියේ අවුරුදු හතරක් තිස්සේ ඒ අවුරුද්දේ මිහිර විදින්න බැරි උනා.. එකට එකතු වෙන්න ඕන අය වෙන් වෙලා ඉද්දි අවුරුදු හරියට සමරන්නේ කොහොමද?

    සුභ අලුත් අවුරුද්දක් අයියේ..

    ReplyDelete
  7. suba aluth avuruddak wewa dilan...
    mama hithuwe oyala avurudu karanne ne kiyala. easter walata oyala fasting neda....

    ReplyDelete
  8. සුබ අලුත් අවුරුද්දක් වේවා ඩිලා !!!!

    ReplyDelete
  9. සුබ අළුත් අවුරුද්දක් යාළුවා...
    ලංකාවෙන් පිට රටක යම්යම් හේතු නිසා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ හිරවෙලා ජිවත් වෙන්න තියෙන අමාරුව ගැන කියන්න වචන නැහැ බං...

    විශේෂයෙන් මේ වගේ අවුරුදු කාලෙක ලංකාවේ ඉන්න තිබ්බනම් කියලා හැම මොහොතේම හිතෙනවා.
    මටනම් මේ කරුමේ තියෙන්නේ තව දවස් 10 යි... :)

    ReplyDelete
  10. ඉතින් අවුරුද්දටම තියෙන නිවාඩු ටික එකතු කරලා සිංහල අවුරුදු කාලෙට නිවාඩුව අරන් ගෙදර ඇවිත් යන්න පුළුවන් නේ.....

    ReplyDelete