Pages

Tuesday, March 27, 2012

පාවෙන රුපියල සහ යූරෝ



හෙලෝ අද යූරෝ කීයද?
*172.20 මාත්තයා..
හා..හා පන්සීයේ කොලේට කීයක් දානවද?
*සත පනාක් වැඩියෙන් දාලා දෙන්නම් මාත්තයා
ටූක්...ටූක්....ටූක්
හෙලෝ අද යූරෝ කීයලුද බන්,,,
*175යි ලු බන් පිස්සු නේ
....කනවා තමා අම්මලා 165 ට මාරු කලා බන් ගිය සතියේ....
හෙලෝ පැටියෝ ඔයා අද කතා කලාද ගාන අහන්න,,,
*ඔව් අනේ අද 173.50 ලු, මට අරක මාරු කරන්න හිතෙන්නේ නෑ අනේ තව උඩට ගියොත්,,,
ඔව්,,ඔව් මාරු කරන්න එපා තව ටිකක් බලමු,ඔයා හැමදාම දවසට දෙපාරක්වත් ගාන අහන්න.
හෙලෝ අම්මි ඔයාට මම කිවුවා නේ තව ටිකක් ඉන්න කියලා අපරාදේ මාරු කලේ,,,
*අනේ පුතේ ඔයාමනේ කිවුවේ ගාන බහී මාරු කරන්න කියලා...
පිස්සු,,,මගුලක් කෙරුවා....ටූක්...‍ටුක්...ටූක්
හලෝ මොකද්ද බන් රුපියල පාවෙනවා කියන්නේ..
*මම දන්න ...ත්තක් නෑ බන් ඔය කියන්නේ පත්තරේ ටීවී එකේ,,,ඒත් යූරෝ නම් නගිනවා කෙළවෙන්නම...
හලෝ..උබට ඇහෙනවද? මරු බන් මෙහෙම යූරෝ නැගලා තියනවා නම්.අපිට මොකෝ රුපියල කොහෙ පා උනත්...
*ඒත් එහෙම හොද නෑලු බන් එතකොට රට බංකොලොත් වෙනවලු..
හලෝ මැණිකේ ඔයාට මාව ඇහෙනවද?
*බලන්නකෝ අනේ මම අරක ඊයේ 174ට මාරු කලා,අද 175
මගුල තමුසෙගෙත් පණ්ඩිත කම වැඩීනේ,,,මම කිවුවා....
හලෝ තාත්තා අරක මාරු කරන්න එපා 180 පනී කියලා මිනිස්සු කියන්නේ...
*ඔව් පුතේ ඩොලරුත් 130 පැනලා 150 ට යයි කියන්නේ අවුරුදු වෙද්දී...
හලෝ මොකෝ බන් මෙහෙම යූරෝ වැඩි වෙන්නේ...
*නෙට් එකේ නම් තියෙන්නේ රුපියල පාවෙනවා කියලා බන්...කොහෙ පාවෙනවද මන්දා..පාවෙන තරමට අපිට හොදයි..සික් ,ඕක හැමදාම පාවෙන්නේ නෑනේ......

අම්මි,තාත්තී,බබා.පැටියෝ.රත්තරන් නෝනේ කොහොමද? හොදින් නේද?කෑවද? කියලා අහපු අපි...
අද රුපියල පාවෙලා යූරෝ නැගලා හින්දා ටෙලිපෝං එක ගත්තු ගමන් අහන්නේ රුපියල කීයද කියලා...
රටට රුපියලට මොකක් උනත් මොකෝ අපේ පර්ස් එකට නේ හොද බොරුවට කෑ ගහන උන් නෙමේ නේ අපිට කන්න දෙන්නේ....
අනේ රුපියල තවත් පාවෙයන් පුලුවන් නම් ගුරුත්වාකර්ශනයෙනුත් පිටටම පැනලා පාවෙයන්.....

16 comments:

  1. මමත් ගිය බ්‍රහස්පතින්දා දැම්මේ 172 ගානේ.. කලින් මාසේ දැම්මේ 152ට කොහොම වෙනසක්ද?

    ReplyDelete
  2. මාත් තව දවස් කීපෙකින් ලංකාවට යන්න ඉන්නෙ, පිට සල්ලි වටිනාකම වැඩි වුනාට ලංකාවට ගෙනිහින් සුපියල් වලට මාරු කරල පෙට්රෝල් ගහන්න පාන් කන්න ගියාම තමා වැඩේ තේරෙන්නෙ ;-)

    ReplyDelete
  3. ඇඬෙනව :) සුපිරි මචන්

    ReplyDelete
  4. මේක බලලා ලියන්න ගිය කමෙන්ට් එක පෝස්ට් එකක් උනා..ආපහු ආවේ වචනයක් හරි කොටලා යන්න කියලයි...

    හොඳ ලිපියක් ඩිලා... එකම දේ වෙන වෙන විදියට බලපාන අය සෑහෙන්න ඉන්නවා...

    ReplyDelete
  5. කියලා වැඩක් නැත. මේකේ වැඩිම වාසිය තියෙන්නේ රට සල්ලි වලින් බැංකු ලෝන් ගෙවන කොටද මන්දෘ... :)

    ReplyDelete
  6. පවුමත් නගිනවා හිටු කියල!

    ReplyDelete
  7. මිනිස්සුන්ගෙ බොරු බං සුපියල කොහේ පා වෙන්නද?

    සුපියලේ කොළ තියනවයැ... කාසිනෙ තියෙන්නෙ...

    @ ඔබා මාමා:

    පිස්සු කතා කියනවා... මාසෙකට එක්කෙනෙකුට මෙහෙ වියදම් වෙන්නෙ රු. 2500/= යි.

    ReplyDelete
  8. \\අනේ රුපියල තවත් පාවෙයන් පුලුවන් නම් ගුරුත්වාකර්ශනයෙනුත් පිටටම පැනලා පාවෙයන්.....\\



    රුපියල පාවෙන එකේ වාසි තියෙනවා එහෙනම්.

    ReplyDelete
  9. විදේශ වල සේවය කරන අයට නම් රුපියල අවප්‍රමාන වීම වාසිදායකයි .... ඒත් ඉතින් ලංකාවේ ඉන්න අපිට තමයි ඒකෙ අවුල තියන්නේ

    ReplyDelete
  10. comment kale nethuwata eka post ekak wath atha nohera aasaawen balana blog ekak..
    jaya wewa ehenam.......

    malee

    ReplyDelete
  11. හැම ප්‍රශ්ණෙම දෙපැත්තක් තියෙනවන්නෙ ItalyDilan ඕකෙම අනිත් පැත්ත වෙලා තියෙනවා මටත්. අතින් කයිට්.
    henryblogwalker the Dude

    ReplyDelete
  12. පාවෙලා පාවෙලා පාවෙලා ගිහින් කොහේ හරි නවතීවි නේද?

    ReplyDelete
  13. අෆොයි.. ඔය එක පැත්තක්නේ .. ඕක හින්දා පිටරටින් ගෙනෙන හැම බදුවේම රුපියල් මිල වැඩි වෙනවා. යුරෝ වලින් හම්බකරලා එවන්නේ රුපියල් වලින් වියදම් කරන්නනේ.. ඉතින් කොහෙද හොඳක් ? රුපියල ස්ටාවර වීම එපිට මෙපිට කාටත් හොඳයි..

    ReplyDelete
  14. මමත් හරි ආසාවෙන් හිටියේ ඩොලර් එක නගිද්දී. එත එකේ පල විපාක අපිටමනේ එන්නේ.

    ReplyDelete
  15. කාට කාටත් හොඳක් වෙනව නම් එච්චරයි.

    ඩිලන්, මම ලඟදි දැක්කා ඔයා ඉන්න පලාතෙ කෙනෙක්ගෙ සින්දුවක් යු ටියුබ් වල.
    මොරිස් ගෙ ඔබ එන්න සින්දුව කියනව සිරකුසා වල විරාජ් කියල කෙනෙක්. හරිම ලස්සන කට හඬක් තියෙනවා.මෙහේ ගොඩ දෙනෙක් හරි ආසයි ඒකට.ඉතාලියෙ කරපු හඳුනා ගත්තොත් ඔබ මා කියල වැඩසටහනක ගිය එකක්.
    ඔයා එයාව දන්නව නම් කියන්න සුබ පතනව කියල අපි...

    ReplyDelete
  16. forex forex traing :D :D :D

    ReplyDelete