Pages

Saturday, May 1, 2010

ඉතාලියෙත් සක්විතිලා ඉන්නවා

මට මේ කතාව මතක් උනේ මම ඉගැන්වීමට උපන්නෙමි කියල ලන්කාවටම හොද පාඩමක් උගන්නලා අදටත් කිසිම තොරතුරක් නැතුව අතුරුදන් උන සක්විති සර් ගැන ලියපු ලියුමක කොටසක් මගේ ලග තිබුන ලන්කාවෙන් ගෙනාපු පොතක් අස්සෙ තිබිලා හම්බ උනට පස්සේ.
මම කියන්න යන කතාවත් සක්විති කෙනෙක් ගැන තමා,මේ සක්විති හිටියේ ඉතාලියෙ මම ඉන්න නගරෙම තමා,2005 දී තමා මේ සක්විති මේ නගරෙ හිටපු 75% විතර ලන්කවේ කට්ටියට නියම ගේමක් දීලා පැනල ගියේ,2005 දි තමා මම ඉතාලියට නවතින්න ආවෙත් ඒ දවස් වල මේ සක්විති වැඩේ තමා නගරෙ ඉන්න අපෙ කට්ටිය ගේ කටේම තිබුනේ අඩන, වැලපෙන,ඔවුන්ට හොද වැඩේ කියන අයත් මම දැක්කා.
මේ සක්විති ඒ වෙද්දි පරන කෙනෙක් ඉතාලියෙ මේ නගරෙට.සීට්‍ටු දාන එක, සල්ලි පොලියට දෙන එක තමා මිනිහගෙ බිස්නස් වෙලා තිබුනෙ,මිනිහ ගොඩක් විස්වාශවන්ත විදිහට වැඩේ කර ගෙන ගිහින් තියනව,
සමහර අයගෙන් මිනිහා සල්ලි පොලියට අරගෙන ඒ සල්ලි මිනිහ පොලියට දීල,ඒ කියන්නෙ ගොඩක් කාන්තවො වැඩ කරනව ඉතාලි ගෙවල් වල නැවතිලා, එතනින් ගන්න පඩිය නිකන් තමන් ලග තියා ගෙන ඉන්නෙ මොකටද කියලා අර මිනිහට දෙනව බැන්කුවට දානව වගේ,එතකොට අර මිනිහා පොඩි පොලියක් දෙනවා අර මිනිස්සුන්ට තව නියම සීට්‍ටු වැඩක් කරල තියනව මිනිහා ඒක රත්තරන් සීට්‍ටුවක්, සීට්‍ටුවට ගන්නව 100 දෙනෙක්,සීට්‍ටුව තියෙන්නෙ මාස 16, එක්කෙනෙක් ගෙන් ඒ කාලේ වාරිකය මාසෙට 50€ ,මිනිහගෙ අතට මාසෙට එනවා 5000€, 100 දෙනාගෙ නම් ලියපු රිසිට් පෙට්ටියකින් මිනිහා සීට්‍ටුවට ආපු කෙනෙක් ගේ ලමයෙක් ලවා එක රිසිට් එකක් එලියට ගන්නවා ඒ නම තියන කෙනාට හම්බ වෙනව පවුම් 8 රත්තරන්,ඒ කෙනාගේ සීට්‍ටුව එතනින් ඉවර වෙනව,ඒ කියන්නෙ පලවෙනි වටෙන් එහෙම නම තිබුනොත් ඒ නම තිබුන කෙනාට පවුම් 8 රත්තරන් වලට වියදම් වෙලා තියෙන්නෙ 50€, ඒ වගෙ මාස 16 මේ ලොතරයි ක්‍රමය යනවා මිනිස්සුන්ට රත්තරන් හම්බ වෙනව,16 දෙනා ඉවර උනාම ඉතුරු උන 84 ටම පවුම් 8 රත්තරන් හම්බ වෙනවා,මාර මොලේ ඇති බිස්නස් එක නේද.
මිනිහා මේ බිස්නස් එකත් ජයටම කරගෙන යනවා,මිනිස්සුන්ටත් ඉතින් හරිම ලාභ තියනවා මිනිහා එක්ක බිස්නස් කරද්දි.
ඔන්න මිනිහා අන්තිම ගේමට සෙට් වෙනවා, ගොඩක් කට්ටියගෙන් මිනිහා පොලියට සල්ලි අරගෙන ඒත් මිනිහා පොලියට සල්ලි දෙන එක ටිකක් නවත්තලා,දීල තියෙන්නෙත් පොඩි පොඩි ගනන්,ඒත් මිනිහා මිනිස්සුන්ගෙන් අරගෙන තියනවා ලොකු ගනන් පොලියට මිනිහා ඒ සල්ලි හිර කරගෙන අතින් මිනිස්සුන්ට පොලි දෙනවා,අර රත්තරන් සීට්‍ටුත් 3 විතර අල්ල ගෙන,අර මුල දිනන අයට රත්තරන් දෙන එකත් ටිකක් නවත්තල එක එක බොරු කියලා,මිනිස්සුන්ට මිනිහව හොදටම විශ්වාසයි.
අන්තිම ගේම දෙනව, මිනිහා ඒ වෙද්දි 300000€ අධික මුදලක් එකතු කර ගෙන නගරෙන් මාරු වෙනවා කොහෙද ගියේ කියලා කිසි කෙනෙක් දන්නෙ නෑ, කීප දෙනෙක්ට හාට් ඇටෑක් හැදිලා,එක්කෙනෙක් මිය ගිහින්, සමහර අය අවුරුදු 5,6 හම්භකරපු සල්ලි මිනිහට දීලා,අනේ ඉතින් මිනිහත් සක්විති වගේ අද වෙනකන් තොරතුරක් නෑ.
මිනිස්සු සල්ලි තන්හාවට ගියාම ඔහොම බොරු කාරයන්ට ‍රැව ටෙනව,කොච්චර මෙහෙම සක්විතිලා ගේම් දුන්නත් ටික කාලෙකින් අපෙ සින්හල අයට ඉක්මනින් මේවා අමතක වෙනවා,අයෙත් මෙහෙම බොරු කාරයන්ට අහු වෙනවා.

3 comments:

  1. පුදුමාකාර මිනිස්සු....මට මේක කියෙව්වම එක දෙයක් මතක් උනා..මේ 2004 අවුරුද්දේ... ඉතාලියෙදී අනිත රටවල ඉදලා වගේ උපයමු මුදල් කෙලින්ම ලංකාවට එවන්න ක්‍රමයක් නැති නිසා ලංකාවට එක කෙනෙක් අතේ විශ්වාසවන්ත කම මුදල් එවන්න මිනිස්සු පුරුදු වෙලා උන්නනෙනෛතින් මම දන්න කියන කෙනෙකුත් ( නාපෝලි නගරයේ )එයා ලග තිබ්බ මුදල්වගයක් මෙහෙම ලංකාවට එන කෙනෙක්ට දීලා තිබුනා ලංකාවට දෙන්න කියලා. අර ලංකාවට එන්න උන්න පුද්ගලයා ඔය වගේම් තව කීප දෙනෙක්ගෙ මුදල් අරන් ඇවිත් ලංකාවෙදී අතුරුදහන් වෙලා තිබුනා...ඔක්කොගෙන මුදල්වල වටිනාකම ලක්ෂ 16ක් විතරලු. මනුස්සයා ඒකත් අරන් ජපානයට හොරෙන් ගිහින්....

    මේ වගේ සක්විතිලා ලංකාවට අඩුවක් නැතුව ඉන්නවා වගේ

    ReplyDelete
  2. කොහේ ගියත් අපේ මිනිස්සු හොර වැඩ කරන්න දස්සයි. හොර වැඩ වලට මාට්ටු වෙන්නත් දක්ෂයි.

    ReplyDelete
  3. වෙනිස් වලත් හිටියා මෙහෙම සක්විති කෙනෙක්... කෙනෙක්...
    එයාට අපි කියන්නෙ කැන්ඩි සකිවිති කියලා... මිනිහත් මේ වගේම සීට්ටු දාලා පොලු තියලා ලංකාවට පැන්නා... දැන් මිනිහා තට්ටු 4 ක ගේක සුපෝඛබෝගී ජීවිතයක් ගත කරනවා මිනිහගෙ ලමයි ඉස්කෝඉලෙ යන්නෙ ත්‍රී වීලර් එකෙන් ඉන්ටනැශනල් ස්කූල්... මිනිහගෙ ගෙදර හැම කාමරේකටම L.C.D ටී වී හයි කරලා... මුන් වගේ හොරුන්ව එල්ලලා මරන්න ඕනෙ....

    ReplyDelete