Pages

Sunday, September 21, 2014

#‎SLAmuMirisChallenge අමු මිරිස් චැලේන්ජ්...

ඔයාලා සේරම දන්නවා ඇති මේ වෙනකොටත්,බ්ලොග් අවකාශයේ,පේස්බුක් හරහාත් ඉතා කෙටි කාලෙකදී ජනප්‍රිය උනු අමු මිරිස් අභියෝගය.
අමු මිරිස් අභියෝගය ගැන මගේ බ්ලොග් එකෙත් පෝස්ට් එකක් වෙන් කලා,,මෙහි අඩංගු කරුනු කීපයක් අමිල චතුරංගගේ අවසරය ඇතුව ඔහුගේ බ්ලොග් අඩවියෙන් උපුටා ගත්තා..ඇත්තෙන්ම මම මෙම පෝස්ට් එක පලකිරීමේ අරමුන බ්ලොග් අවකාශයට එන ඉතාලියේ පදිංචි ඔබගේ සහයෝගය අමු මිරිස් චැලේන්ජ් එකට ලබා දෙන ලෙස පොඩි ඉල්ල්ලිමක් කරන්න.

 අමු මිරිස් චැලෙන්ජ් එකෙන් වකුගඩු රෝගීන්ට මොකක්ද ඇත්තටම කරන්න යන්නෙ? 


පොලොන්නරුව මහ රෝහලට අවශ්‍ය Reverse Osmosis (RO) ඒකකයක් පරිත්‍යාග කිරීම.ඒ යන්ත්‍රයක මිල රුපියල් ලක්ෂ 30කට අධිකයි. 

දැන් වකුගඩු රෝගීන්ට ඕකෙන් වෙන සෙතේ මොකද්ද?
වකුගඩු වල ආබාධයක් තිබෙන අවස්ථාවෙදි රෝගීන්ගේ ලේ නිසියාකාරව පිරිසිදු වීම සිද්ද වන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවක ඒ කාර්යය බාහිරින් කරන්න යම් යම් යන්ත්‍රෝපකරණ භාවිත වෙනවා. වකුගඩු රෝගය වැළඳුන රෝගින් ඉස්පිරිතාලෙට ඇවිත් සතියට දෙතුන් පාරක් මේ ප්‍රතිකාරය ලබාගන්නවා. ඒ හරහා රෝගීන්ට තවත් කාලයක් මේ ලෝකෙ ජීවත් වීම් වාසනාව ලැබෙනවා.  අමු මිරිස් චැලෙන්ජ් එකෙන්, SL AID අරන් දෙන්න යන මැෂිමෙන් ඒ වගේ සැලකිය යුතු රෝගීන් ප්‍රමාණයකට සතියක් තුල ලේ පිරිසිදු කරගැනීමේ අවස්ථාව ලැබෙනවා. 
පිංකමක් විදියට ගත්තොත් මේක විශාල පිංකමක්. පාර තොටේදි හමුවෙන හිගන්නෙකුට රුපියල් සියක් දීල හිගන්නාගේ ජීවිතය සාර්ථක වෙනවාට වඩා මහත්ඵල මහානිසංස ලැබෙන එකක්.  මොකද අමු මිරිස් චැලෙන්ජ් හරහා අරන් දෙන්නට යන මැසිමෙන් ජීවිතවලට සහනයක් ලබාගන්නෙ එක අයකු දෙන්නෙකු නෙමෙයි..දහස් ගානක් ගොවිජනතාවගේ අසරණ ජීවිත වලට ජීවත් වීමේ අවස්ථාව ලැබෙනවා. 
                                           
                 වකුගඩු රෝගියෙක් මේ යන්තරයක් උපයෝගි කරගෙන ලේ පිරිසිදු කරන අයුරු
 පහල තවත් විස්තර අඩංගු ජායාරූප තියනවා,,ඒ එක්කම මම අමු මිරිස් කාපු හැටිත් තියනවා,,,අමු මිරිස්ම තමා කෑවේ කියලා මට සුවර්,,එහෙනම් ඔයාලටත් ආරාධනා කරනවා අපත් සමග එකතු වන්න කියලා---



5 comments:

  1. ම්ම්ම්..... අපි දෙමු සහයක්.....මල්ලියා.....

    ReplyDelete
  2. නරක දෙයක් හොඳ වැඩක් වෙනුවෙන් යොදා ගැනීම.

    බ්ලොග් එකේ ටෙම්ප්ලීට් එක වෙනස් කරාද?

    ReplyDelete
    Replies
    1. දැන් ටික දවසක් ටෙම්ප්ලේට් එක වෙනස් කරලා ඉන්දික අයියා,,ඔයාලා ඉතින් දැනටමත් අමු මිරිස් කේස් එක ගැන දන්නවා නේ

      Delete
  3. You can get a VAT exemption for this machine. Make a request through Ministry of finance (department of Fiscal Policy)

    ReplyDelete