(බස් රේඩියෝ සාමාජිකයෙක් ලෙස බස් රේඩියෝව වෙනුවෙන් මෙය එකතු කර ගත්තා)
මුලින්ම ලැබුවා වු සිංහල හින්දු අලුත් අවුරුද්ද සියලුම දෙනාට වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්රාර්ථනා කරනවා.ඒ එක්කම අද මගේ බ්ලොගේ 4 වෙනි උපන් දිනෙත් වෙනවා,,මෙච්චර කාලයක් නිකමට හරි මගේ බ්ලොගට ගොඩ වුනු සියලු දෙනාට ස්තූතීය පුද කරනවා.
මගේ බ්ලොගට ආපු පරන අය දන්නවා ඇති මට තියනවා විනෝදාංශයක් ලෝකෙ මුදල් නෝට්ටු එකතු කිරීම,,ඉතින් ඒ එක්කම ලංකාවෙ මුදල් නෝට්ටුත් එකතු කරනවා,ඒ අතරින් මම ආසා කරන දෙයක් තමා අපේ රටේ පැරනි මුදල් නෝට්ටු එකතු කිරීම,කොටින්ම යම් යම් අවස්තා වල මුදලට මිලද ගැනීම් පවා කරනවා,යම් මුදල් නෝට්ටු විකුනන තැනක් ඇස ගැටුනොත්.
ලගදී මට අහම්බෙන් අන්තර්ජාලෙන් සහ මුදල් නෝට්ටු විකුනන්නෙක්ගෙන් ලංකාවෙ පැරනි මුදල් නෝට්ටු 3ක් මිලදී ගන්න පුලුවන් උනා,මේ මුදල් නෝට්ටු 3 තිබුනේ ඉතාලි ජාතිකයන් සන්තකයේ,යම් සාධාරන මිලකට මේ නෝට්ටු මිලදී ගන්න පුලුවන් උනා.ලංකවෙදිවත් මිලදී ගන්න අමාරු වෙන මුදල් නෝට්ටු දෙකක් අහු උනා ඒ 1949 නිකුත් කරපු රුපියලේ සහ සත 25 නෝට්ටු දෙක.ඉතින් මේ අවුරුදු දවසේ මම මේ මිලදී ගත්තු මුදල් නෝට්ටු 3 මගේ බ්ලොගට දාන්න හිතුවා.මේ තියෙන්නෙ ඒවා

(රුපියලේ ඉදිරිපස ඉන්නෙ 6 ජෝර්ජ් උත්තමයා,48 අපිට නිදහස හම්බුනා කිවුවට 49 ජෝර්ජ් උත්තමයා මුදල් නෝට්ටු වල ඉදලා තියෙන්නෙ)
(පසුපසට නම් ඇත්ගොව්වෙක් එක්ක අලියෙක් ඉන්නවා)
(මේ සත 25 මේකෙත් තියෙන්නෙ ජෝර්ජ් උත්තමයගේ මූනත් තහඩුවම තමා,,මේ නෝට්ටුවේ විශේසත්වය පසු පස නෝට්ටුවේ අxකය පමනයි තියෙන්නේ,සුදු පසුබිමේ)
මේ මුදල් නෝට්ටු දෙකම ඉතාමත් හොද තත්වයේ තියෙනවා,අපේ අයගේ මුදල් පරිහරනය ගැන දුක හිතෙනවා ඒවා විනාශ වෙන හෑටි බලනකොට,,ඒ අතින් යුරෝපා ජාතිකයන්ගේ මුදල් නෝට්ටු පරිහරනය ඉතා සුරක්ශිතයි,නෝට්ටු විනාශවීම ඉතා අවම මට්ටමක තියෙන්නේ,,ඔයාලගෙන් පොඩි ඉල්ලීමක් කරනවා අවසන් වශයෙන්,මුදල් නෝට්ටු පාවිච්චි කරනකොට පරිසමින් නවන්නේ නැතුව පිලිවෙලකට පාවිච්චි කරන්න පුරුදු වෙන්න.
අවසන් නෝට්ටුව නම් ඔයාලා දැකලා ඇත්හි ගොඩක් අය